Sunday, January 12, 2025

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්නට ප්‍රධාන කරුණ වන්නේ ඒ ඒ රටවල් වල තිබෙනා දේශපාලන සමාජීය සංස්කෘතික හර පද්දතීන් තුලින් ජනතාව තුල පවත්නා විශ්වාස භංගත්වය බව පෙනෙන්නට තිබේ.ලංකාව අශ්‍රිතව පවත්නා දේශපාලනික අර්බුද එන්න එන්නම නරක අතට පත් විමක තත්වයක් නැවත උද්ගත වන බව පෙනෙන්නට තිබෙන කරුණක්. රැකියා නොමැති කමත් ගන්නා සොච්චම් මුදලින් තරුණ තරුණියන්ට ලබාගත හැකි බක්කක් නොමැති වීමත් තරුණ තරුණියන්ගේ විශ්වාස භංගත්වයට හේතු වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණක් වී තිබේ.උදාහරණයක් ලෙස දක්වතොත් ඊයේ දින මා හට විදින්නට වූ අවාසනාවන්ත තත්වයක් දක්වන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.එසේම මේ තත්වය එක් ආයතනයකට එක ප්‍රජාවකට එක් ජන සමාජයකට වූ විපතක් නොවන අතර මුළු මහත් ශ්‍රී ලංකික ප්‍රජාවම අකමැත්තෙන් වුවද ඇද වැටුණු ගැටළුවක් බව නොකියාම බැරිය. ඉරිදා දින වූ ඊයේ දින මා සහ මාගේ බිරිද නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය ගැනිම සදහා ලංකාවේ තිබෙනා කාර්ගිල්ස් ෆූඩ් සිටිය වෙත ගොඩ වැදුනේ ඉදිරි සතියට අවශ්‍ය නිවසට අවශ්‍ය අහාර පාන ලබා ගැනීමේ අටියෙන්.මෙහිදී ලංකාවේ ආර්ථිකය කොතරම් හැකිලී ඇද්ද යන්න දැක බලා ගත හැකි වූ අතර ෆූඩ් සිටියේ රාක්ක තුල පලතුරු වේලි වේලි පවතින ස්වාහවයක් දක්නට ලැබුණි.ලංකාව තුල පලතුරු ආහාරයට ගැනීමේ සංස්කෘතියක් නොමැති බව කෙනෙකු තර්කයක් ලෙස කියනු ඇති අතර නමුත් ආර්ථිකය සවිමත් වූවානම් රාක්ක තුල වේලෙමින් පලතුරු නොතිබෙන බව මා දනිමි.අත්‍යවශ්‍ය අහාර රාක්ක හිස්ව තිබු අතර පලතුරු සහ මාළු මස් ඇති තරමට පිරි තිබුණු බව නිරීක්ෂණය විය. පවත්නා ආර්ථික තත්ත්ව හමුවේ රතු මස් හෝ මාළු පලතුරු කෑ හැක්කේ සුල්තන්ලාට මිස ලංකේය මහජනයාට නොවන බව ඔබ දන්නවා ඇතැයි සිතමි.රාක්ක පිරෙන්නට බඩු තිබුනාට ඒ බඩුත් සමග බදුත් තිබෙනා බව දත් මහජනතවෝ අතලොස්සක් සිටින බවද මෙහිදී සදහන් කරමි.එසේම උලා කන්නට තරම් මාසික වේතනයක් ලැබෙන බහුතර ජනයා සිටින රටක රතු මස් හෝ මාළු කෑම හීනයක් පමණක් බවත් කෑ යුතු නම් පිටරට චිත්‍රපටයක් දෙස හෝ කුකරි ප්‍රෝග්‍රෑම් එකක් දෙස බලා සම්බෝලයි බතුයි අනා රුපවාහිනියේ උයනා මස් කැල්ලක් ගෙන මානසික රංගනයක යෙදී හිත සැනසා ගත හැකි බව නම් මෙහිදී ප්‍රකාශ කල යුතුය. බොහෝ පෝෂණ වේදීන්ගේ අදහසට අනුව පලතුරු සේම මස් මලුත් ලබා ගැනීම සමබල ආහාර වේලක පැවතිය යුතු අතර එය ලබා ගැනීමට ලංකාව තුල හැකියාවක් නොමැති බව නිරීක්ෂණය විය.ජනයා එදා වෙලා සොයා ගැනීමේ අභිප්‍රාය මුදුන් පත් කර ගැනීමේ අටියෙන් ඔබ මොබ සැරිසැරූ අතර යම් භාණ්ඩයක් අතට ගෙන අනිමිස ලෝචනයෙන් ඒ දෙස බලා සිට නැවත රාක්ක තිළ සුරක්ෂිතව තබා යන බව නිරීක්ෂණය විය.පලතුරු අතගාමින් සුවද බලමින් සිතින් අනුභව කොට ස්වයං වින්දනයක් ගෙන නැවත රාක්ක තුලම තැම්පත් කරමින් මානසික වින්දනයක් ලබා ගත් ගෙදර යන ගමන් වැසියෝ අසීමිත සතුටක් බුක්ති විදි බව නිරීක්ෂණය විය. එසේම හාල් ඇති බේසම් අසල දෙමල සහෝදරයන් මුහුණ පුළුටු කර ගනිමින් රට හාල් නහයට ලංකර පුළුටු වූ මුහුණින් රතු හාල් නැද්දැයි ෆුඩ් සිටි සේවකයන්ගෙන් අසන අයුරු මා නිරීක්ෂණය කලෙමි.තයිපොංගල් වලට නැති රතු සහල් ගහගනින් පුකේ කියමින් ජනතාව කාටදෝ බැන අඩගසන අයුරුද නිරීක්ෂණය විය.අම්බිකාලා නොදන්නා තෛපොංගල් මහජනයා බුක්ති විදින්නේ එසේය.එසේම ෆූඩ් සිටියේ මදු හල තුල වෙනදාට නැති ශාන්ත භාවයක් ඉසිලීම විශ්වාස කර නොහැකි තරමේ විය.රහමෙර තොල ගා නලාගිරිලා ලෙස ගෙදර ගිය ජනයා ඊස්ට් පදමට සිනි දැමු කසිප්පු නම් රජය ලබා දුන් සලාක පානය බිමේ අටියෙන් කැලෑ පීරන නිසා ගෙදර යන ගමන් පෝලිමේ නොසිට දුවන මහා ජනයා නිරීක්ෂණය විය.රජයේ බදු ප්‍රතිපත්තියට අනුව ඉහල දැමු මදුවිත බෝතල් දෙස බලමින් රස විදිනා ජනතාවද නිරීක්ෂණය වූ බව නොකියම බැරිය. මා පලතුරු ස්වල්පයක් ගත්තේ තුන්වෙලෙන් එක වේලක් අපි පලතුරු අනුභව කරන නිසාය.එසේ මා සහ මගේ බිරිද කරන්නේ අනාගතයේ ඇති වන මුදල් අපගේ ලෙඩ වලට වියදම් වීම අවම කිරීමේ ආයෝජනයක් ලෙස බව ඔබට මතක් කිරිමට මෙය අවස්ථාවක් කර ගනිමි.නැතිනම් වැරදි දෙයක් සමාජ ගත වී මගෙන් සහ බිරිදගෙන් පලතුරු කෑම නිසා බදු අය කරනු ඇත.මුන් හොදට කනවා යන්න රජය දැන ගත්තොත් අනිවාර්යෙන්ම පෝෂණ බද්ද ලෙස නව බදු ක්‍රමයක් උතුරට හැරී ඇති ආණ්ඩුව දමනු නොඅනුමානය.එසේම අප වැන්නවුන්ට පෝෂණ බද්දකුත් ගසනු ඇත. රට අනුරට කියා රට අදුරට දැමීමට චන්දය ප්‍රකාශ කල තරුණ දුපුතුන්ගේ තරුණ අසහනයේ තරමද ෆුඩ් සිටි ගමනින් මා තේරුම් ගත්තෙමි.ගෙදර යන ගමන් අද වන විට හැම නගරයකම වියපත් වී ඇති අතර ඒ සදහා ගන්නා සේවකයන්ද ඉස්සර ඉතාමත් අවදානයෙන් බදවා ගත බව මා දන්නා කරුණකි.කස්ටමර් කෙයාර් දැන් ෆුඩ් සිටියේ නැත.නවමු තරුණ සේවකයෝ පාරිභෝගිකයන් දෙස බලන්නේ ජෙප්පෝ හොරු දෙස බලනා ආකාරයටය.යම් මුදලක් අත ඇති අය සුළුවෙන් හෝ කුමක් හෝ ලබා ගැනීමට යාමේදී ෆුඩ් සිටි සේවකයන් එම ජනතාවට උදව් කල අතර අද වන විට ඒ තත්වය සම්පුර්නයෙන්ම වෙනස් වී ඇති බව නිරීක්ෂණය විය.මා පලතුරු කිරීමට යාමේදී තරාදිය අසල සිටි යුවතිය මල කරදර කාරයෙක් ලෙස මාගේ පලතුරු මල්ල උදුරා දඩස් ගා තරාදියට ගසා කිරා දුන්නේ අද වන විට කස්ටමර් කෙයාර් පිලිබදව නවමු අද්දැකීමක් මාවෙත ලබා දීමෙනි.එසේම තැලුණු පලතුරු වල ප්‍රේෂ් ගතිය එලෙසම රැදී තිබුනේ මා උගුරැස්ස නම් පලතුර ගත නිසාය.එසැනින්ම මා ෆුඩ් සිටි ගැන ලිපියක් ලියමි යැයි මටම සපත කොට පැමිණියෙමි.කුමක් වුවද ලංකාවේ දේශීය යෝජකයෙකුගේ අභිමානවත් වෙළද ජාලයක් වන ෆුඩ් සිටිය ලංකාවේ සමුපකරයකටත් වඩා පහත වැටි ඇති අයුරු දැක මා කම්පනයට පත් වූ බව මෙහිදී නොකියා බැරිය.මා ඊයේ නැවත ෆුඩ් සිටිය වෙත නොයන බව මාගේ බිරිදට පැවසුවේ සල්ලි දීලා පාරිබෝගික තෘප්තිය නැති කර ගැනීමේ අවශ්‍යතාව මට නොමැති නිසා බව මා මෙහිදී පෙන්වා දෙමි.පාරිබෝගික තෘප්තිය කෙසේ වුවද මගේ ඉවසීමේ ගුණය ගැන මම අධික සතුටට පත් වෙමි. බොහෝ ෆුඩ් සිටි තුල තරුණ තරුණයන් සේවය කරන අතර ඒ තුල විශ්වාස බංගත්වය පත් තරුණ මුහුණු පවතින බව නොකියම බැරිය.මේ රටේ වෙනසක් ප්‍රර්ථනා කරමින් තමාගේ කුලුදුල් චන්දය ප්‍රකාශ කරනු ලැබුවේ තරුණ ප්‍රජාව බව නොකියා බැරිය.නමුත් අද වී ඇති තත්වය මුලු අටම ගැටළු සහගත තතවයකට ඇද දැමීමට හේතු වී ඇති බව කිව යුතුමය.ඒ රැකියාව හොද නෑ කියා වෙන රැකියාවක් ලබා ගැනීමට ලංකේය මහජනයාට බැරිය.තියනා ලබ්බේ එල්ලීම තරම් වෙන බක්කක් කරන්නටත් බැරිය.එනිසා මහජනයා සේම තරුණ ප්‍රජාවත් ඉන්නේ වලේ බව නොකියාම බැරිය.ඒ බව මුහුණු වලින් පෙනෙනා අතර කල කම් පලදීමේ ගැටලුවට චන්ද දායකය පත්ව ඇති බව පෙනේ. මහජනතාවෝ නගාසිටුවීමට පැමිණි ආණ්ඩුව නැවත රට අනාත නාත කරනා බව සමාජය දෙස බැලීමේදී පෙනෙන්නේ ඒ නිසා බව නොකියාම බැරිය.කුමන හෝ රැකියාවක් කර කා බී නිවසක් තනා වහනයක් ගෙන වැවුරු කන්නල යන්නට සිටි තරුණ ප්‍රජාව විල්බරෝවක් ගන්නට බැරි තැනට වට්ටන්නට ජෙප්පෝ දරන මහා විරිය දැක උඩ බිම නැතුව සමාජය තුල සිටිනා ජනතාවට පුස් පාට් දමන්නේ අප උන්ගේ අනාගතය විනාශ කරා යයි සිතමින් මෙනි.බොරුව සමාජ ගත කරමින් බොරුව තුල ජිවත් වෙන ජනතාවක් නිර්මාණය කරමින් ක්ලින් කරන්නට දේවල් සොයමින් පරිපාලනය වෙනුවට බොරුවෙන් පරිණාමනය වන ජනතාවක් බිහි කරන්නට ජෙප්පන් ගන්නා වෙහෙස දෙස අප බලා සිටිමු.රෝගාතුර වූ අච්චි පවා උස්සගෙන ගොස් අපිට අනාගතයක් හදපියවූ කියා චන්දය ගැස්සවූ තරුණ ප්‍රජාවම කටමැත දොඩවන ජෙප්පන් ඉදිරියේ හෙළුවැලි වී ඇති අන්දම අපි අද දකින්නෙමු.දුන් උන් වලේ වැටි සමස්ත ජන සමාජයම වලට ඇද දැමීමේ පව තරුණ ප්‍රජාව මානසික පීඩනය කොට තමන්ගේ මෙන්ම අනුන්ගේ හින පවා බොද කරන්නට දුන් චන්දයේ අනුභාවයෙන් බුක්ති විදින බව සමාජය දෙස සහ ජනයා දෙස බැලීමේදී පසක් වනු ඇත. කටින් බැටින් වැඩ ටින් ටින් නාටකයේ ඉදිරි දවසක හමුවෙමු.... දුකා.................... 2025.01.13

Saturday, October 12, 2024

වෙනස් මානයක්............

ලාංකිකයාගේ වර්තමාන කතාව.............. මම ලාංකිකයෙක්.මම බ්ලොග් එක පටන් ගත්තෙම මම සමාජයේ රටෙ දේශපාලනයෙ දැකපු වැරදි සමාජ ගත් කරන්න වගෙම වැරදි විවෙචනය කරන්න.මට අද හිතුනා අපිම නේද අපෙ රට ලොකය ඉදිරියෙ හෑල්ලු කරන්නෙ කියලා. ඒ නිසා මම හිතුව මා තුලින් වෙනසක් ඇති කර ගන්න. මාධ්‍ය වෙදියෙකු ලෙස මා ආ ගමන මම වෙනස් විදියට හිතන මාධ්‍ය කරුවෙකු ලෙස වෙනස් වෙන්න මා අද සිට තීරණය කරා...මම හිතනවා මම රට වෙනුවෙන් කරන්න ඔනෙ ඒක කියලා.මම වෙනස් වෙනවා...සමහර විට රට වෙනස් වෙයි. ඇත්ත ඇති සැටියෙන් දකින එක වගෙම විවේචන පසෙක දාල අමුතු විදියට හිතන්න වගෙම බ්ලොග් අඩවියෙ අකුරු කරන්නත් මම හිතා ගත්තා.ඉතින් පාඨකයනි අපි වෙනස රස විදිමු.... පවත්නා දෙශපාලනය පිලිබඳ හැදින්වීමක්.... ගොඩාක් අය හිතන් විදියට සමාජවාදී රාජ්‍යක් අපෙ රටේ ඇති වෙලා තියනවා කියල කිවුවට ඇත්තටම මට ගැටලුවක් තියනවා පවත්නා රජය සමාජවාදීන්මද කියලා.ජනාධිපති තම ජාතිය ඇමතීමෙ කතාවෙ සමාජවාදි රාජ්‍යක් කියල කියපු නැති එක අවුලක් දො කියලත් වෙලාවකට හිතෙනවා.මෙතනදි අනරල සමාජවාදී මත තිබුණු කට්ටිය නමුත් රට රටවල් වලට යෑමත් සමග අනුර ගෙ දෙශපාලනය පරිනාමය වෙලාද කියන එකත් මොන කදවුරක් ද එතුමාගෙ පැතම කියලත් ඔහු කිව යුතුව තිබුනා.පෙඩරල්ද නව ලිබරල්වාදී ද සමාජවාදිද ඔහුට කියන්න තිබ්බා.මෙහෙම කියන එක වැදගත් වෙන්නෙ රටට එන ආයොජකයන්ට මොකද ඔවුන් මෙ රට වෙනුවෙන් ඈයොජනය කරන්නෙ ඔවුන්ගෙ වගෙම තවත් ඔහු පිලිබඳ ව විස්වාසය කරන ශෙයා හොල්ඩර්ස්ලගෙ සල්ලි.ආයොජකයා බැසිල් ඉන්නවා ශෙයා හොල්ඩර්ස්ලා සංතර්පනය කරන්න.අන්න එතනදි අපෙ රට පිලිගත් මගක යනවා කියන දෙය ප්‍රකාශ කරන්න ඔනෙ.ඒක කියන්න ඔනෙ අනුර සහොදරයම තමයි. අනුර කූමාර තමයි ඉතින් අපි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ජනාධිපතිවරයා. ඒ නිසා රටක් විදියට එහි පුරවැසියො විදියට අපි පවත්නා රජයට සෙවිය කල යුතුයි.ඒ වගෙම මෙක අපි කාගෙත් රට.මම හිතනවා එහෙම වෙන්න ඔනෙ කියලා.ඇයි මම එහෙම කියන්නෙ ඔහුට තියෙන්නෙ සුලු බහුතරයක් කියලා කෙනෙක් තර්ක කරාවි නමුත් සහොදරයා සුළුතර උනත් ඔහු තමා මෙ මොහොතෙ ජනාධිපති.ඔවු මම පිළිගත්තා ඔහු ජනාධිපතිවරයා.ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදි ජනරජයේ ජනාධිපති අනුර මම ඔහු පිලි ගත්තා. අනුර ප්‍රමුඛ පිරිස පිං ජනාධිපති ගෙදර යැවුවා...පෙලක් අය පිං ජනාධිපතිට නොසෑහෙන දොස් කිවුවත් මම හිතනවා ඔහු වැල් පාලමෙ ලංකික නම් දරුවා නිරුපද්‍රිතව රැගෙන ආවා.දැන් අයිති අනුර සහොදරයාගෙ සුරතට.මතවාදී ලෙස වෙනස් කම් ඇති.ඔහු සමහර විට හොරු යැයි පෙන්වා දුන් අයවලුන් ආරක්ෂා කරන්න ඇති ඒ නිසා ජනතාව ඔහු ප්‍රතික්ෂේප කරල තියනවා.දැන් කාටත්පකියන්න බැ නිතිය හමුවට ගෙනියන්න බෑ කියලා මොකද සුවහසක් ජනතාව බලපාන ඉන්නවා වෙනස් කම් කරනකම් නව ආණ්ඩුව.. අනුර ආ ගමන් මගෙ අමුත්ත... ඇත්තටම පාරම්පරික දෙශපාලනය මතය ජනතාවට පොඩ්ඩක් නුරුසුසන ගතියක් ඇති වෙලා තිබුනෙ..දෙසිය විසි පහම එපා කියන මතයක් තමයි ජනතාවගෙ වෙනසටත් හෙතුව.හරි වෙනස් වෙන්න ඔනෙ කාලයක් මුල් බැසගෙන තිබු ලංකෙය දෙශපාලනය වෙනුවට ජනතාව මෙ සැරෙ වමට බලය දුන්නා.ඇත්තටම කියුවොත් අනුර ජනාධිපති විම ඉක්මන් වෙන්න හෙතුව මූලික වශයෙන්ම ඉහත ඇති තත්වය කියල මට හිතෙනවා. අනික් තමයි සිටි දෙශපාලකයො දැනෙන වැඩක් නොකිරිම...නැත්තම් කලා මාර්කටින් කරන්න බැරි වීම. සමහර විට මාධ්‍ය ඒ දෙශපාලන පක්ෂයට පුද්ගල චරිතයට කැමති නොවීම.නැතිනම් ජනතාවගෙ දෙශපාලනික පරිකල්පනය අවම වීම.මෙ මොනදෙ උනත් වෙන්න පුලූවන් දෙවල්..මෙ අකමැත්ත සමහර විට වෙනත් රටකින් වෙන්නත් පුලුවන් සමහර විට අසල් වැසි සමහර විට බලවත්.නමුත් මෙ එපා කිරිල්ල උන්ට දැනුනු බය නිසා වෙන්නත් පුලුවන්.උන්ට වැඩිය අපි උඩ ගියොත් එහෙම. සීයා ආපු මග.... සීයා ඉක්මන් උනාදො කියලත් හිතෙනවා.රට පොඩ්ඩ පොඩ්ඩ නොදැනී ගොඩ ගත්තනම් එක අර ඉහත රටවල් වලට නොදැනෙන්න තිබ්බා.ඔය එක එක්කෙනා කියන විදියට ප්ලාන්ට් කරපු අයියල ජනාධිපතිවරනයට ඉල්ලන්න දාලා උන්ට වැඩිය අපෙ ජාතිය බලවත් කියන්න හදන නාඩගමක ප්‍රතිපලයක් විදියට සීයාට ගෙදර යාම ඉක්මන් කරා වගෙ දො කියලත් හිතෙනවා.මොනව උනත් ඉසෙඩ් ජෙන් එකත් රට පොඩ්ඩක් හරවන්න කටයුතු කලාය කියලත් හිතෙනවා.මුලින් අරගලය නිර්මානය කරන්ඩත් ඔය බලවත් රටක සල්ලි මලු හෙලවුනා කියලත් කියනවානෙ. මොනව උනත් මෙ අරගලෙට වගෙම සුළුතර බලයක් සහිත වීරයෙක් හදන්නත් සමාජ මාධ්‍ය කල මෙහෙවරත් අපූරු වැඩක් උනා.මොකද අරගලෙයි සුලුතරෙයි වැඩ කලෙ සමාජ මාධ්‍ය උපයොගී කර ගනිමින්.සමහර විට හිතලු වෙන්නත් පුලුවන්.ඒත සිතීමෙ නිදහස අකුරු කිරීමක් විතරයි මෙතන වෙන්නෙ.ඇත්තටම ලොක භාවිතාව පිළිබඳව සොයා බැලිමෙදී සමාජ මාධ්‍ය රටක් වට්ටන්න වගෙම රටක් නැගිට්ටුවන්නත් භාවිතා කරන අපූරු ටූල් එකක් වෙලා. ජෙප්පෝ සහ අනුගාමිකයො.... සාමාන්‍යයෙන් බලය පවතින හො බලවත් වීම් කියන්නෙම අනුගිමිකයන් නිර්මානය කිරිම.අපි කැපුවත් කොල අපි කැපවත් නිල් අපි කැපුවත් රතු කියන මානසිකත්වය නම් තියෙන්නෙ ජනතාවගෙ මම හිතන්නෙ එක ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන්නෙ නෑ.මුලිකව රට ගැන අනාගතය ගැන හිතලා තාර්කිකව හිතලා කටයුතු කරන සමාජයක් තමයි ඕන වෙන්නෙ. නමුත් පැවතුන ක්‍රමය වෙනස් කිරීම තමයි වෙනස් උනෙ.පුද්ගල ප්‍රතිරූපය පදනම් වු කාරනා වලින් ඔබ්බට කොන්ක්‍රීට් කරපු රටට හිතකර ප්‍රතිපත්ති මත රට තියන තැන මෙතන රට ගමන් කල යුතුතේ මෙතනට කියන පොදු ඉලක්කයකට තමයි පක්ශ ප්‍රතිපත්ති තමයි නිර්මානය කල යුත්තේ.මෙතනදි ජනතාව වගෙම පකිශ ක්‍රයාකාරින් පවා එක මිටකට එන්න ඕනෙ.අන්න එතකොට තමයි රටක් උනත් දිශානතියකට ගෙන යන්න පුළුවන්. රට විරුවෝ සහ රට හැදීමෙ ඇම්ම... ගොඩක් පොඩ්ඩො වැඩ්ඩො අරගලයෙන් පස්සෙ රට හැරදා ගියා.ඉන්න හිතෙන් රටක් හදන්න ආපු අය ඉන්න බැරි වෙනකම්ම හපයක් කරාට පස්සෙ මේ රටෙ මොන යකෙකුටවත් ඉන්න බෑ කියන මතය ඇති කරපු සමාජයම ගොඩාකං රට විරුවො කරල රට පටවන්න උදවු කරා.මෙ රටෙ හිටියොත් අනාගතයක් නෑ කියන මතය තමයි සමාජයෙ මෙන්න මෙ හැරවුම් ලක්ෂ්‍යයට හෙතුව සාධක උනෙ. මෙන්න මෙ ගිය පොරවල් ඒ රටවල් දෙස බලා මෙ රටවල් හැදෙන්න ඔනෙ විදිය ගැන සමාජ මාධ්‍ය හරහා ලොරි ටොක් දෙනකොට අපෙ පෙලක් උන් එහෙම වෙනස මෙහෙ ඇති කරන්න උත්සහ කරා. එතනදි යම් යම් ගැටීම් නොතිබුණාම නෙවෙයි. තවත් රට විරුවො සෙට් එකක් ලංකාවෙ උන්ට තිබ්බ තැන ඒ ඒ රටවල් වලට නැති වෙනකොට උන්ට සංක්‍රමණික ලෙබලය වදිනකොට උන් හිතින් වැටිලා හිටියා.මෙන්න මෙ සෙට් එක මුහුණු පොතෙ රට හදන හැටි පන්ති කරෙ ඒ ඒ රටවල් වලට වඩා වෙගෙන් මෙ රට වෙනස් වෙන අපූරුව ඉවසන්න බැරිම තැන.උන්ට හිටපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ කියන මානසිකත්වය ගිහින් තිබ්බෙ...මෙවා තිත්ත ඇත්ත පොඩ්ඩක් හිතල මං බලන්න. මාලිමා අතීතය සහ වර්තමානය.... මේ රට වෙනස් වෙන්න ඔනෙ දිශානතිය පෙන්නපු උන්දැල හැමදාම මයික් පලලා මිනිස්සු පාරට බස්සල දුප්පතා ගෙ හිතවතා වෙලා දුද අහල ලොරි ටොන් දුන්න පිරිසක් කියල සමාජයෙ කවුරු හරි කිවුවෙ නම් ඔන්න දැන් ඔවුන්ට බලය ගිහින් තියනවා රට වෙනත් දිශානතියකට වෙනස් කරන්න.ආර්ථික ඔස්තාර්ල දෙශපාලන ඔස්තාර්ලා මෙ ඔක්කොටම වැටිලා ඇඹරිලා තියන රට හරි ආකාරයෙන් වෙනස් කරන්න බලය ලැබීමම ප්‍රජාතන්ත්‍රවාදී හොද තත්වටක්.උගුර ලේ රහ වෙනකං මිනිසුන් ඉදිරියෙ රට අපිට දීපියො රට අපි හදලා පෙන්නනො කියල ඔවුන්ට පුලුවන් දෙ ඔවුන් කිවුවාට වගෙම කරන්න කාලෙත් දැන් ඔවුන්ට ඇවිත් කරලම පෙන්නන එක දිහා හුදී ජනයා බලන් ඉන්නවා...ණය නොවිය රට කරන අපූරුව වගෙම රට සුරපුරයක් කිරිමෙ වගකීමත් ඔවුන් මත පැටවිලා තියනවා.ඉදිරි පැය විසි හතර තුල කරනවා කියපු වෙනස් කම් නම් ඔවුන් මෙ වෙනකොට කරමින් යනවා. අපිට එක දැනෙමින් පවතිනවා.බිත්තරෙ ගැනවත් මුද්දරෙ ගැනවත් නෙවෙයි අපි හොයන්න ඕනෙ ඒව සීල්ලර වැඩ ඊට වඩා ටොන් දුන්න සහොදරයො මෙ රට ඒ විදියට හදාවි කියන විශ්වාසය තාම තඹ දොයිතුවකට වත් වෙනස් වෙලා නෑ. බුරන බල්ලන් හීලෑ කර ගැනීම... මාධ්‍ය තුලින් හෝ වෙවා කතිකාවක් තුලින් හෝ වෙවා අතීතයෙ පීඩිත පන්තියෙ ජනතාවගෙ මතවාද තමයි ඉහල පුටු වලට ගෙනිච්චෙ නමුත් දැන් වන විට සමාජ මාධ්‍ය තුලින් ඒ මත ඉතා වෙගයෙන් අවශ්‍ය තැන් වලට ජනතා මතවාද වෙනස් විය යුතු තැන් පිලිබඳව ගමන් කරන වටපිටාවක් ඇති වෙලා තියනවා. නමුත් අපෙ රටෙ ඒ මාධ්‍ය සදාචාරය කෙලෙසී යන ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවකි මෙහි කිව යුතුමයි. හැමොම තමන්ගෙ ගැටලු ප්‍රකාශ කිරිමට පොදු මාධ්‍යක් ලෙස සමාජ මාධ්‍යවල ඉඩකඩ තිබුනත් දෙශපාලන බත් බැලයන්ගෙ උඩු බිරිම නිසා ඒ මත යටපත් වී යනවා. පවත්නා රජය යන ගමන් මග විවෙචනය කිරිම ඒ ගමන්මගක් සාධනීය හැරවුමක් ඇති කිරිමට ගන්නා වෙහෙස එක තැන ලොප් වීම දෙශපාලන බත් බැලයන් අතින් සිදුවෙනන බලවත් වැරැද්දක්.සමහර විට රට වෙනස් කරන්න ඕන තැන් පිලිබදව අදහස් පවත්නා ගැටලු වලට විසදුම් මෙ සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා.නමුත් වෙන්නෙ රජය අපහසුතාවට පත් කරන හරි මොඩයෙකු තත්වයට අර මම ඉහත කියු දෙශපාලන බත් බැලයන් ගෙ ලෙබල් කිරිම් වලට ඒ අය ගොදුරු වන එක.මෙතනසි වෙන්නෙ තිබිරි ගෙය තුලම අදහස මරමුවට පත් වීම.එතනදි දෙශපාලන පක්ෂ තම අනුගාමික ප්‍රජාව ජනතා මතයට රු කරනා දෙශපාලන ජිවින් කොටසක් ලෙස බල ගැන්වීම තමයි කල යුත්තෙ නමුත් ලංකාවෙ තත්වය එයට වෙනස් මාර්ගයක තමයි ගමන් කරන්නෙ.එය මොන ආන්ඩුවක් උනත් ගමන කෙටි කිරිමෙ අවියක් ලෙසම එන්නත් පුලුවන්..... 2024.10.12 දුකා....

Saturday, October 5, 2024

මයික් කන්නන්ගේ රටේ මොළ බද්ධ කිරීම

ලංකාවේ ජනතාවගේ දේශපාලන කියවීම පිලිබදව නැවත නැවතත් කියවිය යුතු වෙනස් වන සුළු එකක් බව මේ මොහොතේදී නොකියම බැරිය.නව වැඩ පිළිවෙලවල් ගණනාවක් ගැන ජනාදිපති පොර පිටියේ බොහෝ පාක්ෂිකයන් ජනතාවට ප්‍රකාශ කල ද ලංකේය ජනතාව ඒ කතා බහ පයිසේකට වත් මායිම් නොකල බව චන්ද ප්‍රතිපල වලින් පැහැදිලි වන කරුණක් වී තිබේ.මිට වසර කිහිපයකට පෙර රට බේරා ගැනීමේ අවසන් සටන මතින් ජාතික ආරක්ෂාව යන තේමාව යටතේ තරග කල ගොටාභය රාජපක්ෂ මහතාට බලය ලබා දුන් බොහෝ ජනයා මෙවර මැතිවරණය තුල හොරුන්ට එරෙහිව ජනතා මතය පෙළ ගස්වන්නට තීරණය කල බව පෙනෙන්නට තිබේ. එහිදී 225 ම එපා සහ දුෂිත හොරුන් පන්නමු දේශපාලන වියාපාරය වන මාලිමාව තම බලය තහවුරු කර ගන්නට හැකි වූ අතර ජනතාව දේශපාලන ඇරියස් එකක් කවර් කල බව පෙනෙන්නට තිබුණි. නමුත් පිටින් සිට සංයමයකින් ලංකාවේ දේශපාලනය පිලිබදව බලන්නෙකුට රටට කෙලවූනත් කමක් නැත අපිට හරියනවනම් යන මතය ලංකාවේ සමාජය තුල පෙනෙන්නට තිබු අතර මයික් කන්නන් අතරට බලය විතැන්වීමක් දක්නට ලැබුණු බව පෙනෙන්නට තිබුණි.රජයේ සේවකයන්ගේ බහුතර ඇරියස් කවර කිරීමක්ද දේශපාලන පොර පිටිය තුල පැහැදිලි වෙනසක් සිදු කිරීමට මෙම මැතිවරණය උදාහරණයක් ලෙසද දක්වා ලිය හැකි බව ලියා තබමි. එසේම මේ ජයක් ග්‍රහණයට එතෙර විරුවෝ ඒරොප්පෙ සිට සමාජ මාද්‍ය තුල කරනම් ගැසූ අතර මොලය පරදවා කයිවාරු දේශපාලනය කරලියට ගෙන ඒමට ඔවුන් ක්‍රියා කල බව පෙනෙන්නට තිබුණි.බල පෙරළියෙන් පසුව නිලදාරීන් භාවිතා කල වාහන ගෙනවිත් සංදර්ශන ඉදිරිපත් කිරීම මහ ගෙදර කෑම සම්බන්දව පාලකයාගේ මානුෂිය ගුණාංග පොලොවේ පය ගැසීම පිලිබදව ගුණ වර්ණා සිදු කිරීම පැරණි යටත් විජිත දේශපාලන ගුණාංග මේ කාලයේ ප්‍රචලිත වූ අතර හොරු ඇල්ලීම මහා බැංකු බැදුම් කර හොර පිලිබදව කතිකාවක් පමණක් වූ අතර තුනෙන් දෙකක ජනතා බලය ලබා ගෙන මේ සියල්ල කල යුතු බව පවතින ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ලෙස වෙනස් වීමක් දැකිය හැකි විය. නමුත් රනිල් වික්‍රම සිංහ නම් පරිනත දේශපාලකයට මේ කිසිවක් නොතිබූ අවදියේ ඔහු රට ගොඩ ගත් හැටි මෙන්ම ජනතාවට යම් සහනයක් මෙන්ම පඩි වැඩි කිරීම් පවා ලබා දුන් හැටි මෙහිදී අතීත දේශපාලනය ඉගෙන ගන්නා ජනතාව වෙනුවෙන් ලිය තබන්නට මෙහිදී මා තීරණය කලෙමි.රනිල් නැවත දේශපාලනයට නොවෙන්නට ගත තීරණය පිලිබදව දුකක් ඇති මුත් පුද්ගලිකව ඔහුගේ තීරණය පිලිබදව මා සතුටු වන්නේ මහින්ද මහතාගේ දේශපාලනය ඔහු නොකරන නිසා බව පමණක් ලියා තබමි. ලංකේය ජනතාව අදට වැඩා හෙටක් සොයා යාම අතීතයේ සිට කල දෙයක් නිසා ලංකේය සමාජය සැමදා දෙවන ලෝකයේ රටක් ලෙස පැවතීමට හේත් සදක වූ බව පෙනේ.දේශපාලනික ලෙස ගොබ්බයෝ ලෙස ලංකේය ජනතාව හංවඩු ගැසී ඇති අවදියක ජපානය තම රට ඔසවා තැබීමට අද ගත් වෙහෙස මත ඔවුන්ගේ හෙට දවස සාර්ථක වීම ලෝක දේශපාලනය තුල කියවිය යුතු බව නිර්දේශ කරමි.මොන දේශපාලනය ආවද ජපනා වැඩ කලේ අදට වඩා හෙට හොද කර ගන්නටය.වෙනත් රටවල් ගැන සොයා බලනවට වඩා ථෙරවාදී රටක ජනයා තම සියල්ල හෙට ජනතාව වෙනුවෙන් කැප කලේ අද අප දකිනා ජපන් සමාජය දැකීමට බව මෙහිදී ලිය තබමි. මයික් කන්නන්ගේ රටේ මොළ බද්ද කිරීම ජපනගෙන් ඉගන ගත යුතු බව පමණක් මෙහිදී නිර්දේශ කරන්නේ එබැවිනි.වෙනසට ජය.

Friday, August 30, 2024

පාලනය

ලංකාවෙ දේශපාලන වටපිටාව එන්න එන්න උනූසූම් මුහුනුවරක් ගන්නවා.පෙලක් අය රැල්ල ඇති පැත්ත හොයනවා.තවත් කට්ටියක් මිනිසුන් වැඩි පැත්තට හෙත්තු වෙනවා.තවත් අය රස වෑහෙන කතා කියනවා.පක්ශ තම තමන්ගෙ රට හදන ක්‍රම සම්බන්දව ප්‍රතිපත්ති ප්‍රකාශන එලි දක්වනවා. නමුත් ඇත්ත දෙශපාලන ප්‍රවාහය ඔයිට වඩා වෙනස් බව තමයි දුකාට නම් පෙන්නෙ.මීට වසර ගනනාවකට පෙර මම දුකාගෙ කොලමෙ හිස නැති කවන්දයක් කියලා ලිපියක් ලිවුවා මතක ඇති.අරගලය හිසක් නැති බලවෙගයක් උනා ඒ අරගලය රට එවකට තිබුනු දෙශපාලන මතවාද පරාද කරලා රට වෙනත් මාවතකට ගෙනිච්චා.මෙක එවකට තිබ්බ ලොක ප්‍රවාහයක ප්‍රතිපලයක් විසියට තමයි පෙනෙනන්නට තියෙන්නෙ. facebook revolution නැතිනම් සමාජ මාධ්‍ය නැගිටිම තුල ඇතිවු සීතල යුද්ධයක ප්‍රතිපලයක් ලෙස තමයි ලංකාවෙත් අරගලය පටන් ගත්තෙ.ඊජිප්තුව,අරාබි ලීගය,ඉන්දියාව ලංකාව වර්තමානයේ බංග්ලාදේශය තුල ඇවිලෙන්නෙ මෙ අරාබි වසන්තයෙ දෙශපාලන ලක්ශන.මෙ කන්සෙප්ට් එක ඒ ඒ රටවල් වල ආර්ථිකය වසර ගනනාවක් ආපස්සට ගෙනියන්න තරම් ශක්තිමත් වූ දෙශපාලන බල පෙරලි කියල නම් කියන්න පුලුවන්.
නමුත් මෙ අරගල තුල සංවිධානය අතින් මුලින් ජනතා ප්‍රසාදය තිබුනත් පසුව මෙම අරගලයෙ කූඩාරමට රින්ගන දෙශපාලන ප්‍රවාහන විසින් මෙ සමාජ අරගල තම දෙශපාලන තුරුම්බු බවට පත් කර ගත්තා.
මෙ අරගල තුල ගත නැති කවන්ද ස්වරූපයක් තමයි තිබුනෙ.ඒ කියන්නෙ එක් නායකයෙකු හො කන්ඩායමක් මෙ අරගල වලට නායකත්වය දුන්නෙ නෑ. මෙන්න මෙ කවන්ද ස්වරූපය තමයි පවතින දෙශපාලන ප්‍රවාහ තම බලල් අත කරගත්තෙ.මෙ දරුවට උප්පැන්නෙ දෙන්න හැම දෙශපාලන පක්ශයක්ම පොරකන කොට අරලයට උර දුන්නු දර දිය ඇදපු මිනිස්සු එකිනෙකා ගැලවිලා ගිහින් ඉවරයි.අරගලෙ කුල්ල කුජිත වෙන්න පටන් ගත්තෙ ඔන්න ඔහොම.මෙතනදි දිශාවක් නොමැති අසරන අරගල කරුවො දෙශපාලන අනාතයො වෙන එක නවත්ත ගන්න එවකට තමන්ගෙ හද ගැස්මට දැනෙන පක්ශයකට හෙත්තු විම තමයි අරගලෙ අවසානය වෙන්නෙ. ලංකාවෙ මෙ තත්වයෙන් බඩ වඩා ගත්තෙ වාමවාදි පක්ශ ඇත්තටම කිවුවොත් අරගලෙකින් රටෙ බලය ලබා ගන්න දගලපු පෙරටුගාමී සමාජවාදීන් ජෙවීපී වගෙ පක්ෂ වල නැගිටිම වෙනදාටත් වඩා වර්ධනය වෙන්නෙ මෙන්න මෙ තත්වය මත තමයි.මොකද ඇරගලයට දර දිය ඇදපු මිනිසූන්ට එල්ලෙන්න වැලක් තිබ්බෙ නෑ.
අද වන විට ආර්ථිකය හසුරවන්න වගෙම රටෙ ආර්ථික අගාධයෙන් රට ගොඩ ගන්න සුරංගනා කතා කියන්නෙ ඔන්න ඔය පක්ශම තමා.නමුත් සමාජවාදී කියන්නෙම අද පවත්නා ලොක ස්වභාව ආර්ථික ධනවාදි රාමුවෙන් පරිබාහිර බලවෙගයක්.ආර්තීකව වැටුනු රටක් ගොඩ ගන්න සමාජවාදය ලංකීය දෙශපාලනයට එන්නත් කිරීම මම දකින විදියට මරි මොඩ වැඩක් විසියට තමයි මම නම දකින්නෙ.ලොක දෙශපාලනික අතීතය වගෙම දෙශපාලන ශාක්‍යතාවක් තියන බොහො දෙනා දත යුතු දෙයක් තමයි සමාජවාදී ආර්ථික ක්‍රමයක් තුල පවත්නා ආර්ථික ගැටලුවට විසදුම් සෙවීමට නොහැකි බව.රුසියාව චීනට වියට්නාමය වගෙ රටවල් ඉදිරියට එන්නෙ මෙ සමාජවාදී ආර්ථික ක්‍රමයෙන් පිටමන්ව රැඩිකල් ධනවාදී ක්‍රමයකට රට දිශාගත කිරීමෙන් පමනක් බව පෙනෙන්නට තිබෙන කරුනක්. ඇයි මම මෙහෙම කියන්නෙ සමාජවාදී බල කදවුරු කියන්නෙ ලොක ආර්ථික ප්‍රවාහය තුලට රටෙ ආර්ථිකය විවෘත කිරීම නොවෙ රට තුලම තමන්ට අවැසි දෙ නිර්මානය කිරිම කියන කන්සෙප්ට් එක."අපි හම්බ කරොත් අපි කනවා" කියල මිනිස්සු කෘයන්න පුරුදු වෙලානෙ දැන් අන්න ඒ කන්සෙප්ට් එකට මෙන්න මෙ සමාජවාදී ක්‍රමය ගැලපෙනවා.මෙ වනවිටත් රටෙ ආර්ථික හැකිලිලා ඉවරයි. සමාජවාදය ආවොත් රටෙ මිනිස්සුන්ට රට තුල තමන්ට අවැසි දෙ නිර්මානය කර ගන්න පුලුවන් එහෙම උනොත් සමහර විට අතිරික්තයක් නිපදවීමට හැකියාව ලැබෙයි.ගොවියො ගොවිතැන් කරයි සන්නාලියො මහයි.මාලු අල්ලන මහත්තුරු මාලු අල්ලයි.අලපමිරිස් වවන උදවිය අල මිරිස් වවයි.අතිරික්තයක් නිර්මාණය වෙයි.මින්ස්සුන්ට සුරංගනා ලොක නෑ.ඒ රටෙ විදියට අපිත් හැදෙන්න ඔනෙ අර රටෙ ජනතාව විදියට අපි ඉන්න ඔනෙ ඒවා සුරංගනා කතා වල නිම්ත්තක් පමනක්ම වෙයි. ආර්ථික ලෙස කඩා වැටුනු රටක සමාජවාදී ආර්ථික කියන්නෙම පටි තද කරගන්නට කියන දෙශපාලන ප්‍රවාහයක් බව ජනතාව තෙරුමු ගත යුතුයි.මෙනින මෙ නිසා තමයි සමාජවාදය දිරවගන්න ජනතාවට අමාරු වෙන්නෙ.ආශාවන්ගෙනි බරිතවූ මිනිසුන් සිටින සමාජ ක්‍රමයක ඔන්න ඔය සමාජ වාදි ඇටය පැල කිරිම ඉතා අමාරු දෙයක් බව තමයි කියන්න වෙන්නෙ.මෙ වන විට රැල්ල ජවිපෙට බර විදියට තමයි ලංකෙය දෙශපාලනය හැසිරෙන්නෙ.නමුත් දෙශපාලනික ලෙස බරයි කියන්නෙ ඔවුන්ගෙ කැම්පෙන් එක තුල සිටින හිස් ගෙඩි ගනන මත බව මෙහිදී කිව යුතුයි. බොහො විට චන්දය දිනය වන වීට ජනතාව තම මොල ගෙඩි භාවිත කරාවි.මෙන්න මෙතනදි ලංකෙය දෙශපාලන පරිකල්පනය වැඩ කරාවි.දෙශපාලන පරිචයන් භාවිතා කරාවි.බොහොවිට ඉව අනුව යාවි.සමාජවාදි මතය නව ලිබරල් සමාජවාදි වූ මාලිමාව ඩැහැගැනිමට මාන බැලිම බොහො විට දක්නට ලැබෙන්නෙ සමාජ මාධ්‍ය තුල වුවද එය ගමට ගෙනයාම එතරම් ආකර්ෂණීය නොවන බව මෙහිදී දකින්නට ලැබෙන්නක්.ඔවුනෆගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල ඔහෙ වැනීමක් පෙනෙන්නට තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නෙ. නමුත් මා පෙර කියු ලෙස ආර්ථිකය රටෙ නිර්මානය කිරිමට නම් රට වසා සිටිමට වඩා විය යුත්තෙ රට ලෙකයට විවෘත කිරිම සමග බව මාගෙ මතය ලෙස මෙහිදි ප්‍රකාශ කරමි. ආන්ඩුව සමාජ වාදී වුවහොත් ආයොජකයන්ගෙ අඩු විමක් දකින්නට ලැබෙනු ඇත.එසෙම පාඩු ලබන ආයතන තුලට ආයොජකයන්ගෙ අත පෙවිම නවතිනු ඇත.මෙසෙ වන්නෙ ලාභ අපෙක්ශාවෙන් කරනා ආයොජන සමාජ වාදී ප්‍රවාහයක් තුල පහල පන්තියට ප්‍ර්රනය විම වෙ.මෙමගින් ලාභ ඉපයිම උගහට වනු ඇත.මීයක්පකඩන්නෙ අත ලෙව කන්නට නොවෙ එසෙම ආයොජකයාද සිතනු නොවනුමානය. රට හිගපතට වැටිම වලක්වන්නට රනිල් ගත් වෙහෙස දෑන් ජනතාවට නොපෙනෙන ඇත.ඔහු ඒකාධිපති පාලනයක් කිසි විටහගක ගෙන ගියෙ නැත.ඔහ ගත් පියවරයන් ළතුල මා දකිනුනෙ නොදැනෙන්නට කරන විප්ලවිය අරගලයක මහුනුවරක් එහි ගැබ්ව තිබෙන බවය. ඔහුගෙ දෙශපාලනික ගමනෙ ඔහු එය ක්‍රියාවෙන් ඔප්පු කර ඇත.88 -89 අරගලය ආවෙ තරුණ නැගිටීමක් ලෙස බව පෙනෙ තරුණයාට රැකියා නැත තැනක් නැත.එයින් උපන් විශ්වාස භංගත්වය අරගලයකින් 88-89 එලියට ආවෙ විප්ලවයක් ලෙසය.රනිල් එයට නිසි උත්තරය දුනුනෙය.වෙලද කලාප නිර්මානය විය අවිස්වාසයෙන් සිටි තරුනයාට අභිමානය ගෙනාවෙය.දැනුමින් පොශනය නොවුනු තැනැත්තාට තරුනසෙවා සභාව ආරම්භ කොට රැකියා සදහා පුහුනුව ලබා දුන්නෙය.කර්මික විදයාල ඇතිභවිය එකල්හි තිබෙන රැකියා වෙළද පොල උදෙසා තරුනයා නිර්මානය වුවෙ එලෙසය.නමුත් අද වන විට ඒ පිලිබඳව ජනතාවගෙ අප්‍රසාදය වර්ධනය වන බව පෙනෙ.එයට හෙතුව රනිල්ගෙ ක්‍රයා කලාපය නොවෙ එක් එක් දෙශපාලන බල පෙරලි තුල ඒ ආයතන දොලනය වීමයි.පවත්නා වෙළද පොලට වෙනසට කාර්මික විද්‍යාලය ආනගත නොවිම එම ආයතන වල පල්ලට යැවිමට හෙතු විය.දර්ශනය එක් අයෙකුගෙ වූ අතර එය අකන්ඩව ක්‍රියාත්මක නොවිම මෙම ගැටලුවට රට සග තරුනයා මැදිවිමට හෙතු විය. කෙසෙ වුවද මෙම මැතිවරනය තුල ජනතාවගෙ දෆශපාලන ශාක්ෂරතාවය උරගා මනිනු ඇත.වමද දකුනද ඔබගෙ කතිරය තීරනය කරනු ඇත.ඒකිය රටෙ හිරකුරුවන් බදු ආර්ථික ප්‍රතිපත්තියද ලොකය සමග එක්ව යන ආර්ථික ප්‍රතිපත්තියද යන්න ඔබම තීරනය කරනු ඇත.
රටෙ පැවැත්මට හො රටෙ අරාජිකත්වයට ඔබගෙ මනාපය මනසින් සිතා ලකුනු කරනු ඇති බව පමනක් මා විශ්වාස කරමි. දුකා 2024/08/31

Friday, March 17, 2023

ලෝක පොලිටික් සහ අපේ පොලිටික්

ලෝක දේශපාලන බල තුලනය සදහා ලෝක බලවතුන් සිතල යුද්දයක යෙදෙන්නේ අද ඊයේ සිට නොවේ.එසේම පලවන සහ දෙවන ලෝක යුද්ද ඇති වුයේද බල තුලනය සහ තම රටේ තැන නිර්මාණය කිරීම සදහා බව ගැටළු අද්යනයේද පෙනෙන්නට තිබෙන කරුණකි. රුසියානු යුක්රේන යුද්දය ලෝකයේ සියලු රටවල්ම ආර්ථික සාමාජික සංස්කෘතික ලෙස උඩු යටිකුරු කරනා කාරණාවක් වුවද එයට එහා ගිය යටගිය සැලැස්මක් ඇති බව පෙනෙන්නට තිබේ.රුසියාව සහ පුටින් සම්බන්දව ලෝකයේ අවදානය දිනාගෙන සිටින අතර නේටෝ සංවිදානය රුසියාවට සම්බාදක දමමින් සිටි.
යුද්දය කොතරම් කුරිරුද යන්න සමාජයේ කතිකාවක් වුවද ඊට එහා ගිය දේශපාලන බල අරගලයක් පවතින බව පෙනෙන්නට තිබේ . චීනය ආර්ථික වශයෙන් ලෝකයේ පළමු තැන ගන්නට නොයෙක් අයුරින් ක්‍රියා කරන බව පෙනෙන්නට තිබේ.දැනට ලෝක බලවතුන් ලෙස සිටින ඇමරිකාව සමග චීනය සිතල යුද්දයක පැටලී සිටින බව දක්නට ලැබෙන කරුණක් වී තිබේ. 2020 වසර වන විට ලෝකය වෙලා ගත කොවිඩ් අර්භුදය සමග ලෝක ආර්ථිකය සෘණ අගයක් ගත අතර ලෝක බලවතුන්ගේ ලැයිස්තුව උච්චාවචනය වෙනු ඇති බව බොහෝ ආර්ථික විද්‍යාර්ථයන් මත පල කරන ලදී.ඇමරිකාව ප්‍රමුක යුරෝපය චීනය වෙත ඇගිල්ල දික් කලේ මේ කොවිඩ් අර්බුදය චීනය අනෙක් රටවල් වලට ප්‍රහාර එල්ල කරන්නට යෙදු ජීව ප්‍රහාරයක් ලෙස බව පෙන්වා දේ. කොවිඩ් යනු ලෝක බලවතුන් වෙන්නට චීනය ගත් වෑයමක කුටප්ප්‍රප්තියද යන්න තවමත් නොවිසිදුනු ගැටළුවක් වී හමාරය.කෙසේ වූවද කොවිඩ් අර්බුදය නිසා බොහෝ දනවාදී රටවල ආර්ථික වර්ධනය පහල බසින්නට හේතු වූ අතර ඇමරිකාව සම්පුර්ණයෙන් වසා දැමීමට පවා සිදු විය .එසේම යුරෝපා රටවල් ගණනාවක් ආර්ථික ලෙස කඩා වැටීමට හේතු විය.එසේම වැඩ කල හැකි ජනතාවක් නිකරුනේ විනාශ වී ගිය අතර රටවල් වල අනාගත සංවර්දනයට උර දිය හැකි ජනතාවක් විනාහ වූ අතර කොවිඩ් සදහා එන්නත් කරණය සදහා අනාගත සංවර්දනයට ධායක කර ගත හැකි විශාල මුදලක් විඅනාශ වී ගියේය.ඇමරිකාව එංගලන්තය තම රටවලම එන්නත් නිර්මාණය කර ගන්නට වෙහෙසුනේ චීන එන්නත ගැනීමට යොදවන ඩොලර් රටින් පිටට යාම වැලක් වීමට වන්නට ඇත.චීනය කොවිඩ් සදහා ඉක්මනින් එන්නතක් නිර්මාණය කරේ ඒ එන්නත විකුණා තම රටේ ඩොලර් සංචිත තර කර ගැනීමටද වන්නට පුළුවන. ඒ කෙසේ වුවත් මේ සියලු ආකාරයකින්ම තැලෙන්නේ ජනතාව බව නොකියාම බැරිය.එසේම ආර්ථිකව ස්ථාවරත්වයක් කරා ගමන් කරනා දෙවන ලෝකයේ රටවල් සේම තුන්වන ලෝකයේ රටවල් ආර්ථික වශයෙන් අස්ථාවර වූ බව පෙනෙන්නට තිබේ. කලින් කලට මේ සිදු වන්නේ ලෝක බලවතුන්ගේ බල තුලනය කර ගැනීමේ ගැටුමදැයි විටෙක සැක උපදී.
කොවිඩ් චීනයේ නිර්මාණයක් නම් සේම එමගින් යුරෝපය ප්‍රමුක රටවල් වලට සැර ප්‍රහාරයක් වුවා නම් එම රටවල් අනිවාර්යෙන් චීනයට ප්‍රතිප්‍රහාර දෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය විය.එය කුමන ආකාරයකින් සිදු වේද යන්න ගැටළුවක් සේම කුහුල දනවන කාරනාවක් විය. වර්තමානය වන විට ඒ කුමන අකරයින්ද යන්න පැහැදිලි වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. යුක්රේන සහ රුසියා යුද්දයේ අරම්භ ගිනි පුපුරා නිර්මාණය කළෝ කවූරුන්ද යන්න මේ වන විට සන්නිවේදන ආයතන මත පල කොට ඇත.
යුක්රේනය සහ රුසියාවේ අළු යට ගිනි පුපුරු උඩට ඇද්දේ කවූරුන්ද යන්න සොයා බැලීමේදී බලවත් රටවල් තම යටතේ අන් රටවල් තබා ගැනීමට වෙහෙසේ.අතීත 2004 වසරේ යුක්රේන මහ මැතිවරණයේ වික්ටර්ට එරෙහිව වික්ටර් ගැටලුව නිමවුවේ යුරෝපයයි.එහිදී එක්‌ වික්ටර් කෙනෙකු යුරෝපයට පක්ෂපාති වූ අතර අනෙක් වික්ටර් රුසියාවට ඇති විය.මෙහිදී දේශපාලනික ලෙස යුරෝපා මතවාදය සහ රුසියානු මතවාදය ජන ගත කිරීමට දේශපාලන පිබුරුපත් යුරෝපය යුක්රේන භුමියේ මුල් වරට පල කරන ලදී.එමගින් රටේ ජන කොටස් මතවාදී ලෙස වෙනස් වීම දක්නට ලැබිණි එසේම 2008 වසරේදී යුක්රේනය සහ ජෝර්ජියාවට නේටෝ රාජයන් ලෙස නම් කරන බව නේටෝව විසින් ජන ගත කරන ලදී.එම තොරතුරත් සමග රුසියාව ගිනි ගත්තේය.එයට මුලික හේතුව වන්නේ ඇමරිකාව සහ රුසියාව අතර අතීතයේ සිට පවතී ගැටුමයි.නේටෝ රාජ්‍යයක් ලෙස යුක්රේනය සහ ජෝර්ජියාව නම් වුවොත් රුසියාව ඇමරිකානු රාජ්‍යයන්ගෙන් වට වන්නේය .මෙය රුසියාවට රාජතන්තරික ලෙස සම්බාදක පැනවීමක් වන්නේය .එය රුසියාවේ ස්වෛරීත්වයට ගැටළුවක් වන්නේය.
2010 වසරේ යුක්රේනය සහ රුසියාව අතර ගෑස් පිලිබදව ගිවිසුමක් ඇති විය.එමෙන්ම කළු මුහුද අවට ගෑස් නල ආරක්ෂාවට රුසියානු සිල් බට කණ්ඩායම් රදවා තබා ගැනීම සම්බන්දව කතිකාවක් ඇති වූ බව කියවේ. 2013 වසරේ යුක්රේන ජනාධිපති රුසියානු ගති පුද්ගලයකු බව ප්‍රකාශ කරමි ජනතාව විදි බැස උද්ගෝෂණ සිදු කරයි. 2014 වසරේ යුක්රේන ජනපතිට විරුද්දව ජනතාව කැරලි ගසනු ලබයි.මෙහිදී විධායක බලතල ඇති ජනාධිපති කැරලි මර්ධනය කිරීම සදහා පොලිසිය කැදවනු ලබයි.මෙහිදී ජීව අවි මගින් කැරලි කරුවන්ට ප්‍රහාර එල්ල කරයි.ජනතාව කුපිත වී කිවි නගරය කේන්ද්‍ර කොට ගෙන කැරැල්ලක් ආරම්භ වේ.මෙම කැරැල්ල සමග එවකට යුක්රේනයේ ජනාධිපති රුසියාවට පලා යයි. මේ සියල්ලත් සමග G 8 සමුළුවෙන් රුසියාව ඉවත් කෙරේ . 2014 අප්‍රේල් මස යුක්රේනයේ දොන්බාස් ප්‍රදේශයේ බලය රුසියානු හිතවාදී කැරලි කරුවන් අතට පත් වේ.මේ කැරලි කරුවන්ට සෘජු ආධාර ලබා දීම රුසියානුවන් විසින් සිදු කරනු ලබන බව චෝදනා එල්ල කරයි.එය රුසියාව තරයේ ප්‍රතිෂේප කරනු ලබයි. 2014 දෙසැම්බර් මස වන විට රුසියාවට විරුද්දව සම්බාදක පැනවීම පිලිබදව කතිකාවක් ඇති වේ.මෙහි ප්‍රතිපලයක් ලෙස සහ එකට එක කිරීමක් ලෙස කැනේඩියානු නීතිවේදීන්ට රුසියාවට ඇතුල් වීමට නොහැකි ලෙස සම්භාදක පනවනු ලබයි. 2015 වසරේ සිට යුක්රේනයට ආධාර ලෙස කැනේඩියානු හමුදා භටයන් 200 ක් මස 06 කට වරක් යැවීමට කැනේඩියානු රජය තීරණය කරනු ලබයි. 2016 සිට 2021 දක්වා රුසියාව ට සම්බාදක පැනවීමට කැනඩාව තිරණය කරනු ලබයි.එසේම කැනඩාව යුක්රේනය සමග නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් තබයි. 2021 වසරේ රුසියාව යුක්රේන දේශසීමාවේ තම බට කණ්ඩායම් ස්ථාන ගත කරන දර්ශන චන්ද්‍රික ආදරයෙන් ලබා ගෙන ජන ගත කරයි.එසේම යුක්රේනයද තම දේශ සිමා සදහා අමතර බට කණ්ඩායම් රදවලයි. 2022 වසරේ මුල් භාගයේ යුක්රේන ජනාධිපති සමග ජෝ බයිඩන් ජනාධිපති වරයා දුරකථන සංවාදයක යෙදෙමින් රුසියාව ආක්‍රමණය සිදු වුවහොත් ඇමරිකානු රජය යුක්රේනයට ආධාර සපයන බව පවසයි. 2022 වසරේම කැනඩාව යුක්රේනයට ඩොලර් මිලියන 120 ක ආධාර ලබා දෙයි. ඇමරිකාව යුක්රේනය අවට රටවල් වලට ඇමරිකානු හමුදා බටයන් රදාවාලයි. 2022. වසරේම මුල් භාගයේ ලෝක නායකයන් එක්ව යුක්රේන අර්බුදය පිලිබදව කතිකා කරයි.එසේම කැනඩාව යුක්රේනයේ සිටින සියලු කැනේඩියානු ජනයාට රටින් ඉවත්වෙන ලෙස එන කරයි.එසේම රුසියාව යුක්රේන දේශ සිමාවේ යුද හමුදා අබ්යසයක යෙදෙන බව ප්‍රකාශ කරයි. 2022.02.21 රුසියානු ජනාධිපති ජාතිය අමතමින් ජාතික ආරක්ෂාව සදහා යුක්රේනයට විරුද්දව යුද සෙබළු මෙහෙයවන බව ප්‍රකාශ කරයි.එසේම ඇමරිකාව කැනඩාව ඇතුළු රටවල් රැසකට රුසියාව විසින් සම්භාදක පනවනු ලැබේ.එසේම යුක්රේන පාර්ලිමේන්තුව හදිසියේ කැදවා හදිසි අවස්ථාව වැඩි චන්දයෙන් සම්මත කර ගනී. 2022 පෙබරවාරි 22 වන දින රුසියාව යුක්රේනය ආක්‍රමණය කරයි. මේ යුද්දයේ ඇතුල් පැත්ත කෙසේදැයි දැන් ඔබට වැටහෙනු ඇත ඇමරිකාව ප්‍රමුක යුරෝපා රටවලට අවශ්‍ය වුනේ රුසියාව සදහා සම්බාදක පනවා නැගී සිටිමට වෙහෙසෙන චීනය අකර්මන්‍ය කිරීමට බව පෙනේ.රුසියාව අකර්මන්‍ය වුවහොත් ආසියාතික කලාප ආර්ථිකය තවත් පහලට යනු ඇති බව පෙනෙන්නට තිබේ.ගල් අගුරු සහ බොර තෙල් චීනයට සම්පාදනය කරන්නේ රුසියාවයි.මේ යුද්දය නිසා ඒ ඇනවුම් පවා අකර්මන්‍ය කිරීමට යුරෝපය ගැසූ ගැටය යුක්රේන රුසියානු යුද්දයයි.එසේම ඇමරිකාව සහ එංගලන්තය යුද අවි සම්පාදනය කොට යුක්රේන ආර්ථිකය බින්දුවට බස්සනු ඇත.එයින් පසු යුක්රේන භුමිය යුරෝපයට අයිති වනු ඇත.ණය බරින් මිරිකී සිටිනා යුක්රේනය ඇමරකානු රූකඩයක් වීම නොබෝ කලකින් දැකිය හැකි වනු ඇත. රටක රජතාන්ත්‍රික සේවා අතිශය භුද්දීමත්ව කටයුතු කල යුතුය.බලවත් රටවල් සාමාන්‍ය රටවල් ගිල ගන්නේ විනාඩියෙන් දෙකෙන් නොවන බව මතක තබා ගත යුතුය.ලෝකයේ සැම රටක්ම මානසික වශයෙන් ආක්‍රමණය කිරීමට බලවත් රටවල් කෙටුම් පත් සකසා අවසානය. චීනය සහ ඉන්න්දියාවත් යුරෝපා රටවලුත් ලංකාව පිලිබදව සිතන්නේ මෙසේ විය හැකිය.වසර 32 යුද්දයේදී LTTE සන්විදනයට සහ ලංකාවේ රජයට අවි ලබා දුන්නේ යුද්දය පවතී නම් යුරෝපා රටවල අවි වෙළදාම සරු වන නිසාය.යුද්දය ඒ සියල්ලන්ටම වෙළදාමක් පමණි.ඒ තත්ව මතක තබා දෙන රජතාන්ත්‍රික ලෙස තම ප්‍රතිපත්ති සම්පාදනය කර ගත යුතුය.IMF හරහාද සිදු වන්නේ ආර්ථිකය නගාසිටුවීමට යම් රුකුලක් වීම පමණි.එමගින් ලංකාවේ රිණ අගයක පවතින විදේශ සංචිත සදහා imf හරහා ඩොලර් යොදවනු ඇත.එමගින් ලංකාවේ සංචිත තරවී විදේශ රටවල් ලංකාව පිලිබදව තිබෙනා ප්‍රතිරූපය වර්ධනය වනු ඇත.එමගින් ලංකාවට වෙනත් රටවලින් ලැබෙනා ණය පහසුකම් සදහා imf ශ්‍රී ලංකා රජයට පිරිනමන සහතිකයක් පමණක් වනු ඇත.
බොහෝ දෙනෙකු සිතන්නේ imf හරහා ලැබෙන ඩොලර් සෘජුවම ජනතාවගේ පරිහරණය වෙනුවෙන් ලැබෙන මුදලක් ලෙස වුවද එසේ නොවන බව ජනතාව තේරුම් ගත යුතුය.එසේම පෙර පැවසු කරුණට අදාලව වෙනත් රටවලින් ආධාර හෝ නය ලබා ගැනීමට නම් imf හා සමගාමිව රාජතාන්ත්‍රික ලෙස සම්භන්ද වීමට විශේෂ වැඩපිළිවෙලක් නිර්මාණය කල යුතුය.එසේ නොකළහොත් ආර්ථික වශයෙන් ලංකාව තවත් පහලට ඇද වැටෙනු ඇත. රාජ්‍ය ආරක්ෂාව සදහාද මීට වඩා ආසියා කලාපිය රටක් ලෙස ශ්‍රී ලංකාව තම රටේ ශක්‍යතාව මෙහෙයවා කටයුතු කල යුතුය.ආසියාතික කලාපයේ ලෝක යුද්දයක ආරම්භය පිලිබදව කතිකාව අවේ අද ඊයේ නොවේ.චීනය සහ යුරෝපය අතර මත ගැටුම් පැවතියේ අද ඊයේ සිට නොවේ.මෙය සිතල යුද්දයක් ලෙස අදටත් පවතී.අළු යට ගින්දර කොයි වෙලේ හෝ ඇවිලෙනු ඇත.ලොකු සත්තු මරා ගන්නා විට අප වන් කුහුබු රාජ්‍යටද ඒ රස්නය දැනෙනු ඇත.වහ වහා ඒ සදහා ලංකාවේ රාජතාන්ත්‍රික මෙන්ම ජාතික ආරක්ෂාව සදහා ලංකාවේ ප්‍රතිපත්ති වෙනස් විය යුතුය.එසේම සැමට එක නිතියක් ක්‍රියාත්මක විය යුතුය.අනාගතයේ සිදු විය හැකි බලපෑම් මෙන්ම ආර්ථික කඩා වැටීම් පිලිබදව අද්‍යනය කොට ජනතාව ඒ සදහා අද්යත්මිකව ඒ සදහා සුදානම් කිරීමේ වගකීමද රජයක් ලෙස එකට එකතු වී ගැටළු වලට මුහුණ දීමට විශාල රුකුලක් වනු ඇත.එසේ නොවුවහොත් රට මෙයට වඩා ගැටළු වලට මුහුණ දෙනු ඇත. දුකා............ 2023.03.17

Tuesday, March 7, 2023

IMF සහ ලංකාවේ අනාගතය.........................

ප්‍රියමාලිලාගේ ගේම ගැන ඉස්සර කතා උනාට දැන් වැඩි කතාවක් නැ. ඊ නිවුසියේ පොලිටිකල් අනලයිස් මාරු බඩුවක් ලොකු අනාවරණයක් කරලා තිබ්බ මේ කෙස් එක ගැන යුටියුබ් එකේ.වැඩේ කියන්නේ පක්ෂ විපක්ෂ හැමෝම ගැහැණියෙක්ගේ උගුලට හසු වීම.මේක මෙහෙයවපු සෙට් එක අත්ලේ ඉන්නේ ගැහැණු දෙන්නෙක් කියන එක නම් ඒ තරම් මම විශ්වාස කරන්නේ නෑ.එකට ඔය ගැහැනියකගේ ලේ නෑකම තියන දේශපාලනය සම්බන්දද කියලත් වෙලාවකට හිතෙනවා මේ ගේම් එක පිටි පස්සේ.මේ හිතෙන දෙයක් කිවූවේ.
මොකද ඔය පක්සේට එහෙම අතිතයකුත් නැතුවම නෙවයි මොකද ගම් ගොඩේ ඔය පන්ති පහට ගිහින් රැට රැට හොරකමේ ගියපු උදවියත් කැරැල්ල අකා මකා ගිහාම ආයි ගම රට ඇවිත් දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනල හම්බු කරගත්තු සල්ලි අත දිග ඇරලා වියදම් කරලා පක්ෂෙට පින්සිද්ද වෙන්න අපේ ගැ වලත් තුන්වේල කාල අදාල පොසත්තු බලවත්තු වගේ දැන් ඉන්නවා.
සහෝදරයා කියල හැමෝටම ඇමතුව මේ සහෝදරවරු ඇත්තටම සහෝදරයෝද කියල හිතෙන තරමට ඒ අයගේ දේශපාලනයත් දැන් දනවාදය පෙරෝගෙන විත්තිය ඔය ය කරන කතා වලින් පෙන්වා.මලිමාවේ සෙට් එක ආර්ථික මොඩලය දනවාදී කර ගන්න දගලනකොට මහා පක්ෂේ මහා සහෝදරයා සමාජ වාදය වැදගත් බව කියනවා.කටින් එකයි පුකින් එකයි කියල එතකොට නම් ලියුම් කරුට හිතෙනවා.එහෙම හිතෙන එක සාදාරනයි සහෝදර වරුනි ඔන්න. ඔයාලම කියන ඒවා තමයි අපිත් අහුලගන්නේ.මට හිතෙන විදිහට මහා පක්ෂ දෙක පොහොට්ටුව ප්‍රමුක අලියෝ සහ පියාණන්ගේ පක්ෂ දෙක සමාජ වදයට බය වෙලා වගේ හැගීමකුත් එනවා.මොකද ගම වල තියන චන්ද ගොඩක් දැන් මහා පක්ෂ දෙකෙන් ගැලවිලා ගිහින් කියල තමයි පෙන්න තියෙන්නේ.ජෙප්පෝ චන්දයක් ඕනෙමයි කියල ක ගහනකොට පියානෝ පක්ෂය කෝන් වෙයි කියල හිතල පොඩි සද්දයක් දානවා අලි නම් හ්ම් නෑ.මොකද මහා පක්ෂ දෙක කැමති චන්දයක් දැන් දැන් නොතියන එකට මයේ හිතේ.ජනතාව තරුණ තරුණියන්ගේ මතයට එක් වෙලා.88 සහ 89 වසර වල අතීතය ඒ මහත්ම මහත්මීන් දන්නේ නැ.එක සාදාරනයි.අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවයක් නෑ කියනවනේ.සමහර විට ඒ පක්ෂයත් හිතනවා ඇති සමාජවාදය යල් පන ගිය මතයක් කියල.
හැබැයි මොන පක්සේ අවත් උන් උන් යාලුවෝ කියන එක මතක තිය ගන්නම ඕනේ කාරණාවක්.චන්දය කටු ගානවා කියල හිතාගෙන ඉන්න උදවියත් මොකක් හෝ පක්ෂයකට කතිරය ගහල එවි.මොකද ඒ ඒ වනකොට රේටින් තියන අප් වෙලා තියන පක්ෂයකට කතිරේ ගණහ එකත් ට්‍රාන්ඩ් එකක් වෙලා රටට ජාතියට හෙන ගැහුවත් ජයක්ග්‍රාහී මනසිකත්වය තමයි දැන් මිනිහට ඕනේ.පරාජිත මානසිකත්වය සහ ජය පැරදුම එකයි කියල මිනිස්සු හිතැන්නේ ක්‍රීඩාවේ විතරයි.ඇත්ත ජිවිතේ රටේ අනාගතය පිලිබදව කාරණාවේදී මිනිස්සු හරි වෙනස් මහත්තයෝ.
IMF ගෙමත් ගැහුවා කියල තමා ආරංචිය තියෙන්නේ.ජෙප්පෝ,සමගියේ උන්ට මේ චන්දයත් හීනයක් වෙන ලකුණු තමා එහෙමනම්.අන්තරේ කොලබට බැහැලා ජෙප්පොන්ට කත් අදිනවා මෙහෙම ගියොත්.සාමකාමී රැල්ල වෙනුවට ජෙප්පෝ තරුණ ලේ රත් කරවල මේ වෙලාවේ බොරදියේ මලු බානවා ෂුවර්.මොකද මේ වෙලාවේ චන්දෙ තිබ්බොත් තමයි ජෙප්පොන්ට හොද ඒ නිසා මේ පාලනය අවුල් කියල කියන්න උන් මාන බලනවා සත්තයි.
මේ වෙලාවේ IMF ගෙමත් ගහපු නිසා රනිල් චන්දෙට තව කල ගනීවි.මොකද වද වෙලා ගත්තු IMF අවසරය මේ මොහොතේ රනිල් වෙනත් පක්ෂයකට නොදේවි.චීනාටත් ඔන්න ඔහේ IMF දීපන් කියන ටත්වයටම අවා එක රටක් විදිහට අපි ලබපු ජයක් කියලත් වෙලාවකට හිතෙනවා.නැත්තම් ගොටල කරපු විදිහට කරා නම් චීන කොලනියක් වෙනවා මේ රට.ඇමරිකන් ප්‍රමුක යුරෝපා හවුලක් වෙච්චි IMF අරමුදල රට වැටිච්චි තත්වයෙන් ගොඩ එන්න සප් එකක් දෙනවා කියන්නේ මේ වෙලාවේ ලොකු දෙයක්.චීනා හැදුවේ හුස්ම ගන්න බැරි වෙනකන් ඉදල සත්ව කරුණාව පාල රටෙන් තව කුට්ටියකට වැඩේ දෙන්න.එහෙම යාලු කම් වැඩක් නෑ අප්පා. ලස්සනට රනිල්ලා මහ බැංකුව ඒ අතින් රට හරිමගට ගෙන්වා.එක වටිනවා.දැන්වත් මහා බැංකු අදිපති තුමා කියපු වහනය හෙළ වෙත ගමන් කිරීම නතර වේවිනෙ.අන්න එක මොන දෙ උනත් රට දාල නොයන දේශ හිතයිශි බුවාලට වැදගත් වේවි... අපි බලමු .....රනිල්ලා රට ගොඩ දාල දෙයි ද කියල .... දුකා........... 2023/03/07

Monday, March 6, 2023

දේශපාලනය ලියා අවසානය....... ඔබ එහි නළුවෙක් පමණි

පාස්කු ප්‍රහාරය,කොවිඩ් අර්බුදය, අරගලය මෙන්ම නිදහසින් පසු බිහිවූ පක්ෂ දේශපලයන නිසා රටේ ජනතාවට යන එනමන් නැතිවී ඇති බව පෙනෙන්නට තිබේ. කුසට අහරක් සොයමින් අනාගත බලා පොරොත්තු කිසිවක් නොමැති ජනතාවෝ ඔබ මොබ හිස් අහස දෙස බලා සිටිමින් හුල්ලනු පෙනේ.ඇත්තෝ සහ නැත්තෝ යන දෙකොටස නැතිවී සියල් ජනතාවෝ නැත්තෝ තත්වයට පත්ව ඇති බව පෙනේ.
කෙසේ උවත් මේ අද පවතිර තත්වයට වග කිව යුත්තෝ පක්ෂ දේශපාලනය බව නොරහසක් බව පෙනේ.ඒ පක්ෂ දේශපාලනය හෙම්බත් වූ ජනතාව එක්ව අරගල කොට නැවත තමා ලබා දුන් බලය තමා සන්තකයට ගෙන ජනතාවාදී රජයක් බිහි කිරීම සදහා අරගලයට සහයෝගය දැක්වුවන්ගේ ඒකායන පරමාර්ථය විය.එසේ එක් වූ සුජාත ජනතාව අරගලයක් කොට සමාජ වෙනසක් ඉල්ලු ජනතාව අරගලය සමග එක් තැන් කර ගන්නට මහත් වෑයමක නියලුන් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිණි.
බොහෝ ජනතාවක් එල්ලුවේ ඒ වෙනසයි.බොහෝ දෙනෙකු බලා පොරොත්තු වුයේ එවන් ලංකාවක් නිර්මාණය වනු දැකීමටයි.ජනතාවගේ හදවත් තුල කකරෙන රාජ්‍ය එය විය.දේශපාලකයන් සැමදා පාරම්බාන බාපු පොරොන්දු දේශය එය විය.බල මහලු සියල්ල බලාපොරොත්තු වූ මොඩලය ගෝල්පේස් අරගල බිමේ නිර්මාණය විය.වේදකා නාට්‍ය,අද්යාපන කේන්ද්‍ර මුලික සමාජය,සුදුස්සාට සුදුසු තැන,සිනාව,තරුණ අසහනයට නිමාව,පුස්තකාල පහසුකම්,එකී මෙකි නොකී සැම ජන මනසක් ඉල්ලන සමාජ ක්‍රමය ගෝල්පේස් අරගල බිමේ දක්නට ලැබිණි.සංවර්දනය වූ රටක සමාජ ක්‍රමයක් ඒ අරගල භුමියේ නිර්මාණය විය.එමගින් ජනතාවගේ ආකර්ෂණය අරගලය සදහා මෙන්ම පවත්නා ආණ්ඩුව පන්නා දමනා ප්‍රධාන අවිය විය. අදටත් මා මෙය සුජාත අරගල භූමියක් බව කියන්නට වෑයම් නොකරමි.මේ කවූරුන් හෝ නිමවා තම දේශපාලන අරමුණු සපල කර ගැනීමේ සුක්ෂම උපායක් බව පමණක් මා දනිමි.රට රටවල් වල වියාපාර වලින් මුදල් පොම්ප කිරීම මෙන්ම අරගලය මතින් තම හින කරා පිය මැනීම සදහා සුක්ෂම උපායක සුලමුල දැන් දැන් එලියට පැමිනෙන බව පෙනෙන්නට තිබේ.චීනය සහ ඉන්දියාව කලාපයේ අනෙක් රටවලට කල බලපෑම ගැන කතා කරනා දේශපාලන විචාරකයන් තම දේශපාලන පරිචය තවත් පුළුල් කර ගත යුතු බව පෙනේ.ඒ මක් නිසාද යත් බොහෝ යුරෝපානු රටවල් ලංකාව දෙස බලා සිට ඇති බව මේ අරගලය නිසා පෙනෙන්නට තිබු කරුණක් වී තිබේ.නොයෙක් සංවිධාන මෙහිදී අරගලයක් වනවාට උදවූ කල බව අද්යන තුලින් පෙනෙන්නට තිබෙන කාරණාවක් වී තිබේ. මෙහිදී ලංකාවේ එක් දේශපාලන පවුලකට අයත් ලංකාවේ කිරීටයට හිමිකම් කියූ ගැහැනියක් සහ අගමැති හීනයට එහා නොගිය තැනැත්තෙක් ගෝටා ගෝ ගම අරගල භුමිය පිටුපස විශාල රාජතාන්ත්‍රික කාර්යක නියැලී ඇති බව මත පල කරන්නෝ පෙන්වා දෙන මතයක් වී තිබේ.අද වන විට මේ තත්වය සැබෑවක් බව පෙනෙන්නට තිබෙනා කරුණක් වී තිබේ.ජනාදිපති සිහිනය ඔහුට තවත් සිහිනයක් නොවූ බව අනාගතය දෙස බැලීමේදී දක්නට ලැබෙන බව නොරහසක් නොවන බව මෙය කියවන ඔබ නොදන්නවා නොවේ.
දේශපාලනය යන ගේම් එක ජනතා මතය නොමැතිව කරගෙන යා හැකි බව තවත් කලක් යන විට ජනතාවත තේරුම් යනු ඇත.මහ මොළ කරුවන් ශ්‍රී ලංකික ජනතාව තම හස්තයට ගොදුරු කරගෙන අවසාන බව පමණක් මෙහිදී මතක් කර දෙමි.ඔබට ඇත්තේ ඔවුන් නිමවන ලද හීනයේ ගිලෙමින් රග පෑම පමණක් බව ඔබට වැටහෙන විට ඔබ පරක්කු වන්නට පුළුවන් බව පමණක් මෙහිදී මතක් කරමි. කිසිදු පාර්ලිමේන්තු බලයක් නැති පක්ෂයක ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු මෙරට ඉහල පුටුවට යාම මා වීර කමක් ලෙස දකිමි.ඒ ගමනට මෙන්ම ඉලක්ක ගත ගමනට මෙන්ම ලංකාවේ බහුතර ජනයා වෙනුවෙන් තම දේශපාලන අනාගතය උගසට තිබු නායකත්වයක ලකුණු මා ඒ චරිතය මතින් දකිමි.ඒ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා මාතාව වැටි තිබු තැනින් නැගිටීම වෙනත් නායකයන් පසු බැස පලා ගිය අවස්ථාවක ඒ වගකීම ගැනීම බොහෝ දෙනෙකු සේම මා වැදගත් කොට සලකමි. සමගිය ලොක්කෝ වාසනාව දොර අරගෙන බලනවා දුටිමි.ජෙප්පෝ බන්දේසියක තබා රට තම අතට දෙනු ඇති බව සිතා එකල්හි කටයුතු කල බව දනිමි.වියවස්තව මෙන්ම රට ගැන ඔව්න් සිතන්නේ නම් රට එවිට ථිබුඉ තත්වය ගැන සිතා එක්වීම සිදු විය යුත්තක් උවද එය මේ කිසිදු දේශාභිමානයෙන් මොර දෙන පක්ෂයකට නොතිබූ බව දක්නට ලැබුණි.නායකත්ව ලක්ෂණ ජෙප්පෝ සජ්ජෝ ලග නොතිබූ බව දකිමි.එසේම අරගලය විය යුත්තේ කෙසේද යන්න පවා අරගල වල කෙල පැමිණි ජෙප්පෝ පවා නොදන්නේ මන් දැයි ගැටළුවක් මතුවන්නේ ගෝල්පේස් අරගලය දියාරු වී ගිය අයුරු දැකීමෙන් බව කිව යුතුය. වැස්සත් පාලකයාට බනිනා රටක,මේ රට මගේ රට මා ඉපදුනු රට කියනා බොරු දේශ ප්රෙමින්ටත්,සිංහ ලේ තිබෙනා පුතුන් රටට කෙළවෙන මොහොතේදී රට හැර යන අවස්ථාවාදී ජනතාව සිටිනා රටක පම්පෝරි මිස වෙන දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව පෙනෙන්නට තිබේ.රජයේ කාර්යාල ,බැංකු සේවකයන් අත්තන ඇට කෑව මෙන් සිටිනා රටක මහා බ්‍රක්මයා ජනපති වුවත් බැස්මක් මිස නැග්මක් නැති බව නම් කිව යුතුය.
අරගලය විය යුත්තේ තම හදවතේ විනා පාරේදී නොවන බව පැහැදිලිය.රනිල් ඉල්ලුවේ ජනතාව බව දන්මි.ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සුදුසුම නායකයා රනිල් බව සියල්ලෝම කිවා මතකය.එසේනම් ඔබ රනිල් ඒ තැන තබා ඇත.එක්කෝ එකම බලාපොරොත්තුව රනිල් බව ඔබට ඒත්තු ගන්වන්නට කුමන හෝ බලවේගයක් ක්‍රියා කොට ඇත.සන්නිවේදනය සමාජ ජාල වෙනත් ක්‍රම ඔබ තම මතය යට කොට වෙනත් මතයක් ඔස්සේ ක්‍රියා කිරීමට උත්සහා දරනවා වන්නට පුළුවන.ඔබ ඔබම දැයි මදක් සිතන්න මේ කාලය නොවේද ? අනාගත දේශපාලනය ලියා අවසානය....... ඔබ එහි නළුවෙක් පමණි.....මා ඒ දෙස බලා සිටිමි....මොකා මොක කිවත් මතය යට කොට පුද්ගලික මතයක් අනුව රටත් ජනතාවත් සුදානම් කොට අවසානය...... 2023.03.06 දුකා...............

Saturday, July 23, 2022

අරගලයෙන් උපන් වියමනක සන්නාලියෝ.......

රෝසා :- බලපන් බං .....අපේ ලේ වලින් පන ගහල අපු හමුදාවේ උන් අපිටම කෙලිනවා බං.අර බලපන් ජාත්‍යන්තර මාද්‍ය සෙට් එකටත් ගහල.... උබල අහගෙනද ඉන්නේ.... සේනා :- අනේ හුකේ ....අපේ අම්මල ගමේ පන්සලේ බෝධි පුජා පවා තිබ්බ බං ඒ කලේ...අපේම කුලකේ උන් නේද කියල හිතල.රෙද්ද.....මන් දැක්ක ගහන හැටි 12 නිවූස් වල ඒ විදිහ නම් තුච්චයි බං....උන් අරගල කරේ අපි වෙනුවෙන් අන්න එක තේරෙන්නේ නෑ මුන්ට.....හිතන්නේ තුවක්කුවක් ගත්තහම උන් තමා ලොක්කෝ කියල. රෝසා :- ලොක්කන්ගේ දන්කුඩ කන උන් බං ඔය.....දේශපාලකයෝ බේර ගන්න හදනවා. ඒ දුකා උබට මොකෝ බං වෙලා තියෙන්නේ...උබට දුක නැද්ද බං අපි වෙනුවෙන් අරුන් ගුටි කන එකට .....යකෝ උන් අපිට රටක් ඕනේ නිසා බං අර ගුටි කන්නේ....ඇස් ඇරලා බලපන්කො.... බෝඩිමේ උන් කියන විදිහට මම අද වෙන තුරු ඇස වසාගෙන සිටියේ නැති බව මා දනිමි.එසේම මේ සියලු ප්‍රශ්න දෙසම මා බලනා කෝණය වෙනස් බව උන්ට වඩා ඔබ දන්නා බව මා දනිමි.සමාජයෙන් කොන් වේ යැයි බයේ මා මුහුණු පොතේද ඉන්නා බව ඇත්තය.නමුත් මා මුහුණු පොත් වාසින් මෙන් අරගලයට ඍජු ලෙස දායකත්වය දක්වා නැත.අදද මා අරගල කලයුතු යැයි සිතන්නේ තම තම මනෝභාවය තුල බව මා විශ්වාස කරමි. පුද්ගලිකව මා මා සමග අරගල කොට පසුව මා සොයා ගත දෙය ලියා තබමි.මා අනුගාමිකයන් නිමවන්නෙකු නොවේ.තම තම නැන පමණින් තමා තුල අරගල කොට සමාජයේ තවත් අයෙකුට එය ප්‍රේරණය කර හැකි නම් ඒ අරගලය ලෙසා මා දකිමි.වෙනත් රටවල් වෙනස් වුයේ තම අතුලන්තයෙන්ම අරගල කොට තමාට හැකි දේ සමාජයට කොට පමණක් බව මා දනිමි.සාමුහික අරගලයක ශක්තිමත් බව රැදෙන්නේ අතුලන්තයෙන්ම අරගල කෙරු මිනිසුන් නිසා බව මා දනිමි.එසේම අරගලයකට හැගීම් පමනක් නොව දැනීම් සේම මොලයක් තිබිය යුතු යැයි මා විශ්වාස කරමි.එසේම ඉවසීම සේම ඉල්ලක්ක ගත සැලසුමක් අරගලයට තිබිය යුතු යැයි මා විශ්වාස කරමි.
ලංකාවේ අරගලය මුහුණු පොතේ අරගලයක් වී සබුද්දික සාමාජිකයන්ගේ සහ බුද්දීමතුන්ගේ එකමුතුවකින් කිසිදු පක්ෂයක් හෝ පාටක් නැති නිර්පාක්ෂික අරගලයක් ලෙස උද්දීපනය වී අවද පසුව ඒ සුවන්ජතවාදය කෙලෙසීමක් පෙනෙන බව නොරහසක් බව සිතමි.අවිහිංසාවෙන් දයාබරිත හදවත් තුල වෛරයේ විස පැල කලේද දේශපාලන පක්ෂ මිස වෙන කෙනෙකු නොවන බව දිනක ඔබට වැටහෙනු ඇත.පෙරැට්ටෝ හෝ ජෙප්පෝ අතීතයේ සියල්ලන්ටම සහෝදරයෝ ලෙස පෙන්වා දෙමින් ධනවාදී කදවුරු කඩා බිද දැමීමේ සරදියල් ගෙමක මුල් හිමිකරුවන් බව මෙහිදී නොකියාම බැරිය.ඔවුන්ගේ මානසික තත්වය තුල මා සමාජයේ ඔවුන් හා එකට සිටින විට දැක්කේ තමාට ලගා විය නොහැකි තත්වයන් තුල සිටිනා සියල්ලන්ටම ඔවුන් හිත ඇතුලෙන් වෛර කරා විනා වෙන දෙයක් නොවේ.ලංකාවේ සමාජ වාදය නැවත ඔසවන්නට කොතරම් උත්සහ කලද ඒ සමාජවාදී මතවාදය බිමේ පැල කිරීමට නොහැකි බව මා සේම ජෙප්පෝ මෙන්ම පෙරට්ටෝද දන්නා බව මා දනිමි. සැමදා ඔවුන්ට අවැසි වුයේ කොරහේ කිබුලන් ඇතිබව සමාජ ගත කිරීමට බව මා දනිමි.එසේ නොමැති නම් ඔවුන්ගේ දේශපලනය එතැනින්ම ජනතාවන්ට අමතක වී යනු ඇති බව මා දනිමි.කිසිදු ගැටළුවක් නොමැති සමාජයක් නිමවුනොත් ජෙප්පෝ සේම පෙරට්ටෝ වැනසී ගොස් රතු දත්ත පොතෙනුත් වියකි යනු ඇත. ජෙප්පන්ට සහ පෙරට්ටන්ට ජිවත් වන්නට සමාජ විකුර්තියක් අවශ්‍යය.කුණු මස තුල නලියන ඉහද පනුවන් මෙන් ජෙප්පෝ මෙන්ම පෙරට්ටෝද ඒ කුණු වූ මස තුල ජිවත් වෙති.කුණු මස් නොමැති තැන ජෙප්පෝ සහ පෙරට්ටෝ වියකි යනු ඇත.මේ සරල තර්කය තේරුම් නොගත හොත් අරගලයේ සුජාත භාවය වියකි යනු ඇත.
සුජාත අරගලය නමැති කුඩාරමට ජෙප්පෝ සහ පෙරට්ටෝ යන ඔටුවන්ගේ පැමිණීම අරගලයේ සුජාත භාවය දියකර හරිනා බව පැහැදිලිය.සිටින්නේ තරුණයෝය ලේ රත් වූ දරුවන්ය.මිලේනියම් නලාගිරිලාය.මේ මොහොත වන විට ඒ මිලේනියම් නලාගිරිලාට ජෙප්පෝ සහ පෙරට්ටෝ රා පොවනා බව පැහැදිලිය.අරගලයේ පෙර තිබු හිස මේ දේශපාලනය කුරුවල් කරනා බව පැහැදිලිය.ලංකික සමාජ පීඩනය මත බිහි වූ අරගලය දේශපාලන ගණිකාවන්ගේ අරගලයක් වී ඇති බව පෙනෙන්නේ ඒ නිසා බව මා කියන්නේ ඒ නිසාය. රටේ ආර්ථික තත්වය අඩියට වැටි ඇති බව කියනා මහා බැංකුව දේශපාලන ස්ථාවරයක් නොමැති රටකට ජාත්‍යන්තර ආධර නොදෙන බව පුල පුලා කීවද ඒ ස්ථාවරත්වය ඇති කිරීමට ඉඩ නොදෙන වර්තමාන අරගල කරුවන්ට සංයමයක් හෝ ඉවසීමක් නොමැති බව පෙනෙන්නට තිබේ.මේ තත්වයට වඩා තවත් රටේ ආර්ථිකය කඩා වැටුනොත් දුප්පත්ම මිනිසාගේ ඉරණම බාල්කයක හෝ කනේරු අලයකින් විසදෙනු ඇත.අරමුණකට යාමේදී අරගල කරුවන්ට සංයමයක් නැත.වසර තිහක යුද්දය කල අට පාස් සොල්දාදුවාට අවි දරා සිටියද සංයමයක් සහ විනයක් තිබු බව කිව යුතුය.සරසවියට ගිය පමණින් සකල කළා වල්ලභලා වෙන්නෙයැයි සිතනා පොරවල් සිටිනා අරගලයේ සමහර බුවාලා සකල කලා කෙසේ වෙතත් වල්ලභයෝ බව නම් කිව යුතුය .
රටේ හමුදාව පෙන්වා අරගලයේ මුල අරගලය මාකට් කල අරගල කරුවන් කාපු බතේ පහරන අමනයන් ලෙස සමාජ මාද්‍ය හරහා රණවිරුවන්ටම ගරහන අපුරුව දකින විට පෙනෙන්නේ අක්මුල් සිද ගත් දෙල් කොල ගොඩේ දුවනා මීහරක් ලෙස බව කීමට මා මාලි නොවෙමි.අරගල කරුවන්ගේ “අරගලේ go home” යැයි කියනා දින වැඩි අතක නොවන බව කිව යුතුය. සෑමැ දෙයක්ම අරගලයෙන් විසදිය නොහැක සංමුතියද අරගල කරුවන් රැකියා යුතුය.එසේම අරගල කරුවන් ඔතරම් මහත්මා නම් රටේ පොදු නීතියට මෙන්ම වීවස්ථවටද ගරු කල යුතුය.ත්‍රිවිද හනුදවෝ නිතිය හා සාමය මෙන්ම මහජන මුදලින් නඩත්තු කරනා වත්කම්ද රකින බව සපත කර දියුරුම් දී ඇති අට පාස් උන්ය.කොටින්ට රටේ එක බිම් අගලක් නොදී දියුරුම රැකි උන්ය.අරගල කොට මහා දෙයක් ලෙස කුණු අතුගෑමෙන් හොද හිත දිනා ගැනීමට වඩා අරගල කරුවන් තම පපු කුහර වල අරගලය ඇති කර ගත යුතුය.චීනයේ රතු හමුදාව සේ අරගල කරුවා අරගල බිමේ ද ගමේ ද තම නිවසේද ප්‍රතිපත්ති රැකියා යුතු උන් විය යුතුය.ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ප්‍රතිපත්ති අරගල කරුවෙකුගෙන් සමාජයට ඇති වැඩක් නොමැති බව කිව යුතුය. සමාජ සරදර්ම පිළිබද කතා කරන්නවුන් මවු කෑවාදැයි නොසොයන්නේ නම් ,රාජකාරිය නිසි ලෙස නොකොට වගකීම නොකොට ඓතිවාසිකම් වෙනුවෙන් අරගලය කරන්නේ නම් ඒ අරගල කරුවගෙන් ඇති වැඩය කුමක්දැයි කෙනෙකු ප්‍රශ්න කරනු ඇත.වුර්තිය සමිති වියාපාරය කරනා සමහර අරගල කරුවන් තම වගකීම නොකොට ඉල්ලීම් ඉල්ලන්නට අරගල කරයි නම් ඒ රටේ අනාගතය ගැන කතිකාව එතනිම්ම ලොප් වනු ඇත.වගකීම් යුතුකම් කොට ඉල්ලීම් ලබා ගැනීමට සියල්ලන්ටම අයිතියක් ඇත.එහෙත් මුල නොකොට අග පමණක් ලබා ගැනීමට අරගල කිරීම පෞත්ගලික යුද්දයක් මිස සාමුහික අරගලයක් නොවනු ඇත. දැනට පවතින අරගලේ අරගල කරුවන් වන්නේ එක්කෝ එක දිනක් දරුවන්ගේ නෙත් පාදන්නට දායක නොවූ මහල්ලන්ය,කොරහේ කිබුලන් දකිනා රටේ අනාගතය ගැන නොසොයනා නරියන්ය.දේශපාලන බඩගෝස්තරවාදී මි හරකුන්ය,ගෙදරට මෙන්ම වැඩ කරනා තැනට බරක් වූ බරවා කාරයන්ය. අරගලය සැරසෙන්නේ වගකීම් ඉටුකොට යුතුකම් ඉටුකොට අත්ලේ කර ගැට ඇත්තවුන් මෙන්ම හදවත් වල තෙත් හිත් ඇත්ත්වුන් නිසා බව දිනක ඔබට වැටහෙනු ඇත.එවන් දිනක එවන්නුන් සමග අරගලය රටක් සේම සමාජයක් වෙනස් කරනු ඇත.එවන් අරගලයක් රටේ දිශානතිය වෙනස් කරනු ඇත.එවන් අරගලයක් සදා නොමියෙන සමාජ අරගලයක් වනු ඇත.
එසේම මේ අරගලයට පහර දීම ඔබ සිතනා ලෙස අරගල කරුවන් ගැන තිබෙනා පිළිකුල නිසා දේශපාලකයන්ගේ පළිගැනීමේ චේතනාවේ ප්‍රතිපලයක් නිසා සිදු වුවක් ලෙස මා නොදකිමි.එය දේශපාලන වාසි තකා කල පහර දීමක් ලෙස සිතේ.මේ ප්‍රහාරයේ මාස්ටර් පැලෑන ඔබ නොදකින අනන්තයකට ගෙන යන බව නම් දනිමු. රනිල් නම් වූ ඔහු මේ අරගලයෙන් පැමිණි නායකයෙකු ලෙසත් මේ අරගලය ඔහුගේ ඉදිරි අනාගතය රට වෙනත් මාවතකට ගෙන යනු ඇති බව සිතමි. අරගලය තිබිය යුතු බව පමණක් දනිමි.ඔහුටත් මටත් අරගලය තිබිය යුත්තේ මගේ ගේම මෙන් ඔහුගේ ගේමේ පරිධිය අරගලය වටා බැදී තිබෙනා නිසා පමණක් බව ලියා තබමි. නුවනැත්තො වටහා ගනිත්වා ..............යැයි මගේ පැතුමයි................ දුකා 2022.07.23

Friday, July 22, 2022

වියමනක පැටලුනු මිනිස් කම.......

චන්න :- මචන් ඊයේ ජනාදිපති දිඋරුම් දෙනකොට විදුලිය විසන්දිවෙලාලු live එකට කෙලවුනේ උබලාට අරන්චිද සින් එක බෙල්ටා. රෝසා:- මතක් කරන්න එපා ජනාදිපති ගැන මේ චමරියේ.යකෝ අපේ වුන් දුක් විදිනවා අරෙහෙ අරගල කර කර යකෝ උන් රට කනවා බන්. බෙල්ටා :- යකෝ උබල දෙන්න මරා ගන්න එපා බන් සමහර විට ඔය live එකට කෙලවිච්චි එක අරගලේට පට්ට ලවූ මාද්‍ය සෙට් එක කරාද දන්නේ න බං කවූද දන්නේ..... එක අතකට බලපුවහම එකත් ජයක් බං අරගලේ ...නැද්ද මන් අහන්නේ ... අරගලේ ලේ වලටම කිදා බැහැල බං ...අන්න ඒ ගැන හිතල සතුටු වෙයන් උබලා. සත්‍යා :- ඒ දැන් අප්ඩේට් එක අවේ අන්න අරගලේ උන්ට හමුදාවේ උන් ගහනවලු යකෝ.ජනාදිපති කාර්යාලය ගාව මරා ගන්නවලු.මේ බලපන් fb ලීවේ එකක් ගහනවා අපේ එකෙක්. රෝසා :- මං හිතුවා එහෙම දෙයක් වෙයි කියල මචන් ලොක්ක තනිකර ලේ පිපාසෙන් හිටපු එකෙක්.තුක් ජරා සත්තු...කෝ පෙන්නපන් ඔය ෆෝන් එක පොඩ්ඩක්.බලපන් රාජ්‍ය ත්රස්තවාදය වැඩ පටන් අරන් මචන්....යකෝ මෙච්චර දෙයක් වෙනවා රටේ අර බලපන් දුකා ඔලුවේ ඉදන් පෙරෝගෙන බුදියන් ඉන්න හැටි.මේ උගේ රට නෙවෙද බං...නැගිටපන් දුකා අරගලේ උන්ට ගහනවලු. ඔන්න ඔහොම රෝසා ක ගහනකොට තමා මට ඇහැරුනේ...අරගලේ ගුටි කෙලි, ජනාදිපති පත්වෙනකොට විදුලිය විසන්දි විම,ඇමති මණ්ඩලය පත් කිරිම. මට හිතෙනවා මේ ඔක්කොම එකම ගෙමක එකම දම්වැලක පුරුක් කියල.මන් වැරදි ඇති.එත් මේ මට හිතෙන දෙ.මගේ අවකාශේ මන් ලියනවා. මට හිතෙන දෙ කියල හිතල මන් උදේ දෙකට ලැප් එක ඕපන් කරගත්තා. මට හිතෙන දෙ පැටලුනු නුල් බෝලය මං හිමිට හිත ඇතුලෙන් ලෙහන්න පටන් ගත්තා. අරගලය දේශපාලුවන්ට මහා විනාශයක් ගෙනාපු එකක් උනා. පාලක පක්ෂයේ ඇමති වරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා.පෙළක් ඇමති වරුන්ගේ ජිවිත අහිමි උනා.කවූද ඒ ඇමති මට නම මතක නැ.....මොකක්ද නම......මතක නෑ.ඔහුගේ නම මතක ඔහුගේ පවූලේ උදවියට විතරක් වෙන්න ඇති.ඔහුගේ නම පාක්ෂිකයන්ට මෙන්ම ඔහුගේ දේශපාලන සගයන්ටද අමතක ඇති. පවූලක් වටා ඇති වූ පිළිකුලෙ ගිනි දැල් ඔහුගේ මරණයට පාර කපන්නට ඇති.පවුල ගැන තිබු පිළිකුල සහ තරහව ඇමති කෙනෙකුගේ දිවියට වඩා මිනිස් දිවියක් ලෙස බැලුවද ජිවත් වීමේ අයිතිය නැති කිරීම අපරාදයකි.අරගලය මිනිස් කම් නැති කරන්නක් ලෙස පෙනුනද වැරදි නැති බව මා හට සිතේ.එහෙත් චමරියේ උන්ට මගේ මතය කිවුවොත් උන් මා මේ මොහොතේ රටට ආදරේ නැති පාප තරයකු කරනවා නොවනුමාන බව මන් දනිමි.
තෙල් පෝලිමේ සිට මිය ගිය සහෝදරයාද මිනිසෙකි.වෙඩි කා මියැදුණු ඇමති ද මිනිසෙකි.අරගලයේ ගුටි කන්නෝද මිනිසුන්ය.සියල්ලන්ටම ජිවත් වීමේ අයිතිය ඇත්තේය. වෙඩි කා මැරුණු අමති නරුමයෙකු වී ඇති සමාජයක තෙල් පෝලිමේ මිය යන්නා ගැන කව් පද ලියන සමාජයක අරගලේ පා පහර කන්නෝ වීරයෝ කියන සමාජයක මම හා උබ ජිවිතේ යදීති.ජිවත් වීමේ අයිතිය සීයල්ලොම හිස් මුදුනින් පිළිගන්නා ජනතාවෝ සිටින රටක මා එන ආත්මයේවත් ඉපදෙන්නට ප්‍රර්ථනා කරමි. මිනි මැරීම පසසන සමාජයක විටෙක තවත් මරණයක් පසසන ජනතවෝම දුක් වෙන සමාජයක අරගලය ඇතිවිය යුත්තේ තම තම හදවත් තුලම බව මා දනිමි.එහෙව් සමාජයක ඔව්නොවුන් එක්වී ලොවට පෙන්නන්නට දරන අරගලය තුලින් රටේ විලි සිදෙන බව දන්නේ අතලොස්සක් පමණි. මුහුණු පොතේ අරගල කරුවන්ට පහර දුන් හමුදාවන්ගේ හෙළුව පෙන්නන්න දගලන මහා ජනතවොම එක්තරා සමයක යුද විරුවන් ලෙස මලින් සරසා පුජසනේ හමුදාවෝ තැබුවා මතකය.ඒ හමුදාවොම දැන් වහ කදුරු වූ ලක්මාතාවේ පුතුන් නෙක නෙක කතා මුහුණු පොතේ වපුරත්....... ඒ වියමන ....දිනක කොදුරමු..... දුකා 2022.07.22

Thursday, July 21, 2022

ගෙත්තම් කෙරු වියමනක්... මිනිස් කම පැටලෙන ......

පළමු වියමන ..... මනස පැටලෙන ...... පෙළක් දේවල් තේරුම් ගන්න අපි උත්සහ කරන්නේ නැහැ.පෙළක් වෙලාවට උත්සහ ගන්න ඕන කමකුත් නැහැ.එත් අපි අතරේ සිටින අතලොස්සක් දෙනා ඒවා තේරුම් ගන්නවා.කොටියකගෙන් එකෙක් එහෙමත් ඉන්නේ.එත් ඒ ඇත්ත තම හිස තුලම තබා ගන්න ඒ අය පරිස්සම් වෙනවා.ඒ අයට පෙන්නන්න ශාක්ෂි නොමැති කම නිසා ඒ අයට තමන් හිතන දේ දන්න බැ සමාජය ඉදිරියේ තම මතය විහිළුවක් වෙනවා කියලා ඔවූන් දන්නවා.අනික ඔය මනස්ගාත අහන්න කාටද වෙලාව තියෙන්නේ කියල හිතල ඒ මිනිස්සු ඒවා ඔලු ඇතුලෙම මරල දානවා.එකට කියන්නේ තමන්ගේ මතය තමන්ගේ හිස තුලම මරනවා කියල. පෙළක් මිනිස්සු තමන්ට හිතුනු දේ පසු පස යනවා හරියට ගොදුරක් සොයන දිවියෙක් වගේ.වෙලාවකට ඔවූන් හිස තුල ඉපදිච්චි හැගීම පස්සේ ගිහින් සත්‍ය සොයා ගන්නවා.තමන් දැක්ක සත්‍ය සමාජ ගත කරන්නට යාමෙන් ඒ මිනිස්සුම ගොදුරක් වෙනවා ඕනවට වඩා දේවල් දෑන ගැනීමත් එක්තරා කොටසකට වදයක් වගේම තම ජිවිකාවට තර්ජනයක් කියල අපිට වැඩිය ඉහලින් ඉන්න කෙනා දන්නවා. දැන් ඔබට හිතෙනවා ඇති මන් මේ කියන්නේ දෙවියෝ ගැන කියල.ඔබ ඔහුට දෙවියන් කියන්න මොකද ඔබ ඉදිරියේ ඔවුන් රග පාන්නේ දෙවියන් වගේ තමයි.මනසක් නැති මිනිසුන්ට ඔවුන් දෙවියන් ලෙස පේනවා කියල මන් දන්නවා.ඔබට දෙවියෝ උනාට මට ....... ඔබ කැමති වචනයක් හිස්තැනට දාගන්න.ඉල්ලීමක් කරනවා දැන්ම හිස්තැනට දාන වචනය ගැන හිතන්න එපා. ලිපි පෙළ අවසානයේ ඔබ මෙතැනට වචනයක් දා ගන්න. නැවත කතාවට එන්නම්.ඔබ දන්නවද ඔබටත් නොදනී ඔබ හසුරුවන අය මේ ලෝකේ ඉන්නවා අපි වගේම අපේම ලග.පිෂචයන්තත් වඩා භයානක.ඔවුන්ගේ වැරදි වහ ගන්න ඔවුන්ට මිල මුදල් තියනවා.වෙලාවකට ඔවුන් ඔබව මිලට ගන්නවා ඔබතත් නොදෑනි.සාදාරන අය වෙනුවෙන් සිටින නිතිය ඔවුන්ගේ බලය ඉදිරියේ නැවෙනවා.ඒ වගේම ඔවුන් රකින්නත් නීතියේ දෙවගන සැදී පැහැදී ඉන්නවා සාදාරන ය වෙනුවෙන් නැගී සිටිය යුතු නිතිය ඔවුන් ඉදිරියේ නිරුවත් වෙනවා අපි නීතියේ පිහිට යදින අය වුවාට නිතිය ඔවුන් ඉදිරියේ පිහිට පතනවා.එක තමා මේ ලෝකේ විදිය. ඔබ නොහිතා ගත්ත තීරණ නිසා ඔවුන් බිහිවෙනවා සේම ඔවුන් ඔබගේ සියලු සම්පත් මෙන්ම අනාගතයත් ඔවුන්ගේ දෙපතුල අසලට ගන්නවා.මේ සත්‍ය ඔබට වැටහෙන විට ඔබ බිය වේවි.ඔබේ අදරනියන් ගැන බිය වේවි.ඔබේ අනාගතය ගැන ඔබ බිය වේවි.නමුත් මතක තිය ගනිල්ලා එකෙකු මේ සත්‍ය මතින් නැගිට්ටෝත් ඔවුන්ව විනාශ කරන්නත් ඔවුන් පසුබට නොවන විත්තිය.මොකද උන් ඔබටත් මටත් වඩා බලවත්.ඒ බලය දුන්නේ අපිම බව ඇත්ත වුවාට ඔබ දැන් පරක්කු වැඩි.දහස් ගණනක් නගිට්ටත් ඔවුන් අපට වඩා බලවත්.අන්න එක මතක තියා ගනිල්ලා.
සමාජවාදය ප්‍රජාතන්ත්‍ර වාදය මාක්ස් වාදය ලිබරල් වාදය පැසිස්ට් වාදය කියන ලේබල් ගහ ගත්තු පක්ෂ පාට ඔබ සහ මම කුලියට අරගෙන ඉවරයි ඔබ ගහපු කතිරේම ඔබව වහලෙක් කොට ඉවරයි. උබව බෙදපු උබව මිරිකපු උබව හප කරපු ක්‍රමය උබම හදා ගත්තු දෙයක් විනා වෙන අයෙක් කරපු දෙයක් නොවෙන බව ලිපියෙන් ලිපිය කියෝනකොට ඔබට තේරේවි. දන හෝ නොදැන ඔබ ඇදගත්තු හැටි කපල මහලම ඔබට තේරේවි. දිනයක් වෙලාවක් කියන්න මම දන්නේ නැ.කොටසින් කොටස කිනම් හෝ වෙලාවක මම අඩවියේ පල කරාවී.එතෙක් ඉවසන්න වේවි.නමුත් මේ ඔබේ කතාව වේවි.නැවතත් ඔබ දුක් වේවි.ලජ්ජාවට පත් වේවි.නමුත් මේ ඔබේ කතාව වේවි. අවසාන එක් දෙයක් මතක් කරන්නම් සියල්ලෝම දිනක එකා මෙන් සිතා ඔබගේ චන්දය වලංගු චාන්දයක් කළහොත් ඔබ දිනවී.ඔවුන් පරදීවි...ඔබ එදිනට නිදහස් වේවි.එතෙක් ඔබ ......තවත් එකෙකුගේ වහලෙකුම වේවි. ඔබ නොදුටු ඔවුන්ගේ ලෝකය මෝඩ කම් මතින් ලෙයින් පිරුණු පොලොව මතීන් මිනි විසිරුණු වලවල් මතින් සුරලොවක් ලෙස ඔබ දකිනා මිරිගුවේ නාස් පුඩු හකුලවාගෙන ඇවිදින්න ඇහැකි නම් ගෙනියන්නම් මා දකින ඇත්තේ ගැබුරට. ඊලග වියමනෙන් හමුවෙමු........ දුකා 2022/07/22

Wednesday, July 13, 2022

ගත පමණි ........ හිස නොමැති

පැවති අරගලයට ඉලක්කයක් තිබුනේ අරගලයේ මුලික අවධියේ බව පෙනෙන්නට තිබේ.ලංකේය සියල් ජනතාවගේ හදවත් වලට කතා කරමින් අරගලය පැවති අදුරදර්ශී පාලනයට විරුද්ධව සාමුහික හඩ ඉදිරිපත් කරනු ලැබිය.පසුව ඒ තත්වය දේශපාලනික මුහුණුවරක් දක්වා වර්ධනය වීම පෙනෙන්නට ලැබුණි.ආගමික නායකයන්ගෙන් පටන් ගත් මේ දේශපාලන අරගලය පසුව සෞන්දර්ය රජයන හදවතට කතිකා කරන අරගලයක් විය.මහින්ද මහතාගේ බලය අත් හැරීමේ කටයුත්තේදී කුපිත වූ පාක්ෂිකයන්ගේ හැසිරීම නිසා ආදරයේ අරගලයේ නිරමික ජනතාවන්ට ප්‍රහාරයක් එල්ල වීමත් සමග අරගලයේ දිශානතිය වෙනස් වූ බව නිරීක්ෂණය විය. ඒ ප්‍රහාරයෙන් පසුව අරගලයට දේශපාලන බලයක් ආරූඩ වීමක් දක්නට ලැබෙන බව පෙනේ. අන්තරය ,සහ පෙරටුගමින් ද 43 සේනාංකයද තවත් දේශපාලන අදුරු බලවේගත් මේ අරගලය තම දේශපාලන අතකොළුවක් බවට පත් කර ගැනීමට අරගල කරුවන් සමග එක්වීම කපිපෙනෙන බව පෙනෙන්නට තිබේ.මේ සදහා නීති සහය නීති සංගම් ලබා දීම දක්නට ලැබිණි. රට යන අත හරි මගට ගැන්මට උර දෙන්නාවූ අරගලය දැන් ගමන් කරනා දිශානතිය අවෙගකාරී කුපිත ජන පෙරලියක් ලෙස තරුණ තරුණියන්ගේ ලේ කකියවන අරගලයක් ලෙස දැන් දැන් පෙනෙන්නට තිබේ.රාජ්‍ය දේපල තමන් සතු කර ගනිමින් ඒ සම්පත් විනාශ කරමින් ජන ජීවිතය කඩා ඉහරවන්නට තරම් මේ ජන බලය යැයි කියා ගන්නා අරගලය නොපෙනේන බලවේගයක උවමනාවට නැටවෙන රූකඩයක් දැයි ප්‍රශ්නයක් මතු කිරීමට තරම් සැඩ වී ඇති අයුරක් දක්නට ලැබේ.පවත්නා ආණ්ඩුක්‍රම විවස්තාව පවා නොතකමින් මේ අරගලය හිස නොමැති අරගලයක් වී හමාරය.එක්කෝ රට තවත් අගාදයකට ගෙන යාමට මේ අරගලයට හැකිවනු ඇත,නැතිනම් මේ අරගලය ඔස්සේ රට සශ්‍රික වනු ඇත.නමුත් මේ අරගලය නොපෙනෙන බලවේගයක අතකොළුවක් වී ඇතිද යන්න සැකයක් සැමැ හදවත් තුලම තිබෙනා බවට පෙනෙන්නට තිබේ. වෙනත් රටක ඕනා එපා කම් නිසා රට අස්ථාවර කිරීමක් මේ අරගලය පසු පස ඇත් නම් හෝ දේශපාලන බල අධිකාරියකට අරගලය නතු වී තිබේ නම් අරගලයේ සුජාත භාවය සම්බන්ද ඍජු ගැටළුවක් මේ ඔස්සේ පෙනෙන්නට තිබේ.ගොටාභය රටේ ජනාධිපති ලෙස 69 ලක්ෂයකගේ ජනවරමින් තෝරා පත් කරගෙන ඇත එසේම තුනෙන් දෙකක බලයක් තම ආණ්ඩුවට ලබා දී ඇත.ඔහුට තම ජනතාව වෙනුවෙන් කිරීමට රාජකාරියක් ඇත.එය ඔහු ඉටුකිරීමට ඔහු බැදී තිබෙන බව දනිමු.ප්‍රශ්නයක් පැමිණියත් ඒ ප්‍රශ්නය වෙනුවෙන් ඔහු ගත යුතු කුමක්ද යන්න මුලින්ම ඔහු වැටහ ගත යුතුය .එම නිසා ඔහු ඒ ප්‍රශ්න වලට උත්තර ලබා දිය යුතුය.එයින් ඔහුට ගැලවී යා නොහැකිය.එසේම අරගල කරුවන්ද නම්‍ය ශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කල යුතුය.සමාජ මාද්‍ය හරහා සියල්ලට උත්තර සෙවිය හැකි යැයි සිතෙන සමාජයක් නිමවීම මේ ප්‍රශ්නයට මුලික අඩිතාලම දැම්මද යන්න සැකයට තුඩු දෙන්නක් වූවද නම්‍ය ශීලි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම නුවනට හුරු හොදම විසදුම බව පෙනේ. සමාජ මාද්‍ය නිසා විනාශ වූ රටවල් අපි අතීතයේ දැක ඇත්තෙමු.අරගලය නිසා විනාශ වූ රටවල්ද අප දැක ඇත්තෙමු.ලංකාව එසේ වූ රටක් ලෙස හංවඩු ගැසීම නොවෙන තැනට අරගලය ගෙන යාම අරගල කරනා ජනතාව සතු බව තරයේ කියන්නට මෙය අවස්ථාවක් ද කර ගනිමි.බොර දියේ මාළු බාන දේශපාලකයෝ තම පුද්ගලික ලාභ තකා අරගලය භාවිතයට ගන්නා බවද අරගල කරුවන්ට කිව යුතුය.අරගලයේ සුජාත භාවය රැකීමට අරගල කරුවන්ද කටයුතු කර යුතුය.නැතිනම් අරගලයේ මුක්‍ය පරමාර්ථය අරගල කරුවන්ගෙන් ගිලිහි යනු ඇත. වැටුණු රට නගා සිටුවන්නට අරගල කරුවන් හදවතින්ම ප්‍රර්ථනා කරන්නේ නම් එයට ජාතිය එක් හඩින් එක්වනු ඇත.නැවත වට්ටන්නට අරගලය මෙහෙයවනවා නම් එය අරගලය නම් නාමයටත් කැළලක් බව මෙහිදී කියන්නට මැලි නොවන්නේමු.
පැසිස්ට් වාදය වසර ගණනාවකට පෙර ලොවෙන් අතුගා දැමු දේශපාලන මතවාදයක් ලෙසද අරගල කරුවන්ට ඒත්තු ගැන්විය යුතුය.රාජ්‍ය මාද්‍ය තුලට පැමිණ මෙතැන් පසු අරගලයේ පුවත් පමණක් විකාශය කරන ලෙස මොර ගාද්දී සමබල පුවත් විකාශය සම්බන්දව අරගල කරුවන්ගේ පෙර පැවති මතවාදී ආකල්පය අරගලයෙන් ඇත්වී පැසිස්ට් වුවාද යන්න පිලිබදව ගැටළුවක් පවතී.පළමු ලෝක යුද්දයෙන් පසු ඇතිවූ ආර්ථික බංකොලොත් බවය සමග ඇති වූ අවස්ථාවාදී දේශපාලන ප්‍රවාහයක් වූ පැසිස්ට් වාදය අරගලය තුලද වර්ධනය වීම පෙනෙන්නට තිබෙන බව අරගලය දෙස නෙත් යොමා සිටීමෙන් පෙනෙන්නට තිබේ. එසේම රනිල් නම් වූ දේශපාලක ජීවියා මේ පවතින තත්වය හමුවේ ගන්නා තීන්දු තීරණ අරගලය දෙකඩ කිරීමටත් පවතින තත්වය සමනය කිරීමට ගන්නා ක්‍රියා කලාපය ගැනත් උඩු ගම් බලා යමකට අර අදින්නේද යන්නත් රටවාසීහු බලා හිදිනු ඇත.පරිනත දේශපාලන දැනුම පවතින ගැටළු වලට විසදුමක් ලෙස ගෙනෙනා පිළිතුර සම්බන්දව රනිල් ගන්නා ක්‍රියාකලාප ලංකා දේශපාලන පරිචය ගෙන යන්නේ කොතනටද යන්න සෙවිල්ලෙන් සිටිය යුතු කාරනාවක් මෙන්ම දේශපාලනය විෂය කරගත් අයවලුන්ටද තම දේශපාලන දැනුම වර්ධනය කරගන්නට අවස්ථාවක් වනු නොඅනුමානය..... දුකා..... 2022/07/13
නව වෙනිදා ලියමි........... මේ වන විටත් අරගල කරුවන් ලංකාවේ හැඩය වෙනස් කරමින් පවතින බව පෙනෙන්නට තිබේ. තුනෙන් දෙක ලබා ගත් ආණ්ඩුව තම පුටු දෙයතින්ම බදාගෙන යන්නට බැරි බව කියමින් කෑමොර දෙමින් සිටිනු පෙනේ.අරගලය රටේ සියලු ජනතාවගේ එකම පැතුම නම් දේශපාලකයන් තම පුටු වලින් සියලු ජනතාවට කන් දෙමින් බැස යා යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන් සිටි නම් තීරණය කල යුතුය.නමුත් මෙසේ වීමෙන් සිදුවන ගැටළු කිහිපයක් ඇති විය හැකි බවත් එය රටක් ලෙස නැවතත් පසු පසට ඇදීමේ හැකියාවක් ඇති බවත් සියල්ලෝම තේරුම් ගත යුතුය.පක්ෂ තම අරමුණු වෙනුවෙන් අරගල කරුවන් සමග අත්වැල් බද ගෙන ඇත්තේ තම දේශපාලන අනාගතය වර්ණවත් කර ගන්නට වන්නට ඇත. මේ සියලුම පක්ෂ රටට හෝ සිහලුන්ට සෙනෙහයක් දක්වන බව පෙනෙන්නට තිබුනද ඇත්තෙන්ම ඒ පක්ෂ ක්‍රියා කරන්නේ ජනතාවගේ සුභ සිද්ධිය සදහාදැයි සොයා බැලිය යුතුය. අතීතය ඒ සදහා පිළිතුරු සොයා දෙනු ඇත. අරගලයේ මුලට යමු....... රාජපක්ෂ රෙජීමයේ සහ එවකට පවතී ආණ්ඩුවේ වැරදි මුල්‍ය ප්‍රති පතති නිසාත් ලංකාවේ ස්ව්රි භාවය කෙලෙසීමට ගත් තීරණත් නොයෙක් නොයෙක් පාලන කණ්ඩායම් ගත තීරණ නිසාත් ජනතාව විසින්ම ගෝටා ගෝ ගම බිහි කර ගෙන සාමකාමී අරගල භූමියක් නිර්මාණය කළේය.කපුටෝ හෝ මයිනෝ ලෙස කෑ ගසමින් අරගල කල අරගල කරුවෝ සත්‍ය ලෙසම නිවැරදි දිශාවකට රට ගෙන යාමේ වැඩ පිලිවලකට උර දෙමින් ක්‍රියා කරනු ලැබිය.බුද්ධිමත් ජනතාවෝ චින්තකයෝ දර්ශනිකයෝ මේ පසු පස රට වෙනුවෙන් තම දැනුම බෙදා දීමට මෙන්ම සාමකාමිව ආදරේ අරගලය ක්‍රියාත්මක කරනු ලැබිය. අරගල භුමිය යම් කිසි ජාත්‍යන්තර ප්‍රමිතියකින් නිර්මාණය කිරීමට ඔවූන්ට හැකි විය.ජාත්‍යන්තරය පවා අරගලයේ ගුණාත්මක පරිපාලනය මෙන්ම ගුණාත්මක භාවය පිලිබදව කතා කළේය.ජාත්‍යන්තර මාද්‍ය පවා ලංකාවේ අරගලයේ ගුණාත්මක භාවය ගැන කතා කළේය. නමුත් ආණ්ඩු පක්ෂයේම යම් යම් ක්‍රියා කලාප නිසා මේ සාමකාමී ආදරයේ අරගලය වෙනත් මාවතකට ඇදගෙන යන්නට මුල පිරු බව පෙනෙන්නට තිබුණි.පාලක පක්ෂයේ පක්ෂ සාමාජිකයන් අරගල භූමියට කඩා වැදී ප්‍රජාතන්ත්‍ර වැඩි ආණ්ඩුවක් කල යුතු විරුද්ද මත දරන්නන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපතිය වෙනස් කරමින් මර්දනකාරී මාරි මෝඩ තීරණය ක්‍රියාත්මක කරමින් ආදරයේ අරගලය දියාරු කිරීමේ ප්‍රති පත්හියක් ක්‍රියාත්මක කරනු ලැබිය. මහින්ද රාජපක්ෂ වසර ගණනාවක දේශපාලන පරිචයක් හිමි පාලකයෙකු වුවද මේ කරණයේ දී රාජපක්ෂ ක්‍රියා කලේ පුහුදුන් දේශපාලකයෙකුගේ ක්‍රියා කලාපයක් ලෙස නොවේ යැයි බොහෝ දේශපාලන චින්තකයන් ප්‍රකශ කලද මහින්දලා ක්‍රියා කලේ යම් යටි අරමුණක් ක්‍රියාවට නැංවීම සදහා බව පෙනේ. ගෝටා ගෝ ගම ලංකාවේ දුක් විදින ජනතාවගේ කැකෑරෙන දුක ප්‍රකාශ කරන මද්යස්ථානයක් ලෙස නිර්මාණය කිරීමට ඉහත බුද්දිමත් සන්විධායකයන් ක්‍රියාත්මක කලද ඒ තත්වය එවකට රාජපක්ෂ පාලනය තේරුම් ගත්තේ තම පවූලට සිදු වූ බලපෑමක් ලෙසය.එසේ වැරදියට වටහා ගත් රාජපක්ෂ වරුන් තම පෞත්ගලික මතය පෙර දැරි කරගෙන ගොල්පෙස් අරගල කරුවන්ට දැඩි ප්‍රහාරයක් එල්ල විය. එසේ වීම තවත් පක්ෂ රැසක් තම මතය ජනතාව සමග බව පෙන්වීමට කටයුතු කරනුද දක්නට ලැබිණි. බොර දියේ මලු බෑම සදහා හඩක් නොමැත ජනතාවට හඩක් වීමට නිමැවූනු මාද්‍ය ආයතනද ගිනිදලු සදහා පිදුරු මාද්‍ය කරණයක නියැලුණු බව පෙනෙන්නට තිබිණි. මේ තත්වය ජනතාව කුපිත කරන අරගලයක් ලෙස නිමවීමට විවිද පක්ෂ ගණනාවක් ජනතාවගේ රත් වූ ලේ කුපිත කිරීමේ කාර්යක නිරත විය.ඒ ටත්වය මදය ඔස්සේද ප්‍රචාරය විය. සබුද්දික බුද්දිමත් ජනතාව තරුම් නොගත් ගැටලුව වනුයේ මේ ගැටලුව දේශපාලන ප්‍රශ්නයකට වඩා තම තම මනස තුලීන් විසදාගත යුතු ගැටළුවක් බවයි.ලංකාවේ දේශපාලන ගැටලුව අද ඊයේ ඇතිවූ ගැටළුවක් නොවන බව තරුම් ගත යුතුය.අප එදා සිට අද දක්වා සිදු කලේ පක්ෂ පාට පුද්ගල චරිත සදහා අපගේ චන්දය ලබා දීමයි. එසේ වූ නිසා අද ලංකාව මෙසේ විනාශ වන්නේ ජනතාවගේ මතවාදී වෙනසක් නොමැති නිසා බව පෙනේ.විය යුත්තේ ප්‍රතිපත්හි මත පිහිටා කටයුතු කරනා පාලකයන් බිහි කිරීමය. අද තත්වය................. තරුණ පිරිස් මේ වන විටත් ගම නියම ගම සිසාරා අග නගරයට පැමිණෙමින් සිටින බව පෙනේ.ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වී ඇත්තේ ජනාදිපති මන්දිරය ඇත පත් කර ගැනීම බව පෙනේ.එසේ මන්දිරයක් ඇත පත් කර ගත පසු රටට ඩොලර් එනවා නම් ලිපිය ලියනා මාද ඒ සදහා දායක වෙන්නේ හදපිරි සතුටින් බව කිව යුතුය .නමුත් මන්දිරයේ ඇති ඩොලරයක් නැති බව මා දනිමි.ජනාදිපති මන්දිරය අරගල කරුවන් අතට පත් වූ පසු පාලනය වෙනස් වන්නේ නැත.ඒ සදහා කුමක් කල යුත්තේද යන්න පක්ෂ නායකයන්ට පවා නිසි චිත්‍රයක් නොමැති බව පෙනේ.රට අරාජිකය.ඒ සදහා අඩු වැඩි වශයෙන් අරගල කරුවන් සේම පක්ෂද වගවිව යුතු බව අනාගතයේ දවසක ජනතාව කියනු ඇති බවනම් දනිමු. රටක් ලෙස එකට නැගිට වැඩ නොකරොත් රට මුදා ගත නොහැකි වනු ඇත.ඒ නිසා වීරයන් සේ ජනාදිපති මන්දිරය අල්ලා ගත අරගල කරුවන් හෙට සිට එක කෙස වැඩ නොකරොත් ලංකා ධරනිතලය මිය යනු ඇත.මානසික චුන් රට තුල කොතෙක් තිබුනද චින්තනයක් නොමැති නම් රටක් අකර්මන්‍ය වනු ඇත. රටේ ගිනි අවූලුවන්නට නොයෙක් නොයෙක් සංවිධාන මාද්‍ය ආයතන පවා තම පෞත්ගලික ලාභය උදෙසා කට යුතු කරන බව පෙනේ.ජනතාව මොලයෙන් සිතා ක්‍රියා කල යුතු වන්නේ මේ තත්ව නිසා බව කිව යුතුය.සාමුහික ලෙස මෙන්ම තම තමන්ම තම මොලයෙන් සිතා කටයුතු කරනා කාලය මෙතැන් සිට අරභන යුගයක් අරම්ඹ නොවුනොත් රටේ අභාග්‍ය අරගලය මුවාවෙන්ම සිදු වනු ඇත. (ලංකාව පෙරට ආ යුත්තේ සාමුහික අරගලයක චින්තන වෙනසකින් බව මා අදද සිතන්නෙමු) ඒ චින්තන වෙනස කරන්නට දුර්වල පාලකයන් ඉවත්විය යුතුය.ජනතාව ප්‍රතිපත්ති වෙනුවෙන් තම චන්දය ලබා දිය යුතුය.පක්ෂ පාට හෝ පුද්ගල ප්‍රතිරූපයට තම චන්දය ප්‍රකාශ නොකරන චින්තන අරගලයක් වන්නේ නම් ඒ අරගලය රටේ අනාගතය මලින් සරසනු ඇත) ඉතිහාසයේ උඩරට ගිවිසුමෙන් පසු ලංකාවේ ඇති වූ දුර්දාන්ත සාමයේ කුන්කුනාවේ හාමුදුරුවන් කියූ කවියක් මතක් වන්නේ අනාගතේ දවසක නැවතත් මෙවන් යුගයක් ඇති වන බව මා හට සිතෙනා නිසාය.එසේ නොමැති අබ්බගාත අනාගතයක් නොමැති රටක් ඇති නොවේ වා යන්න ලියුම් කරුගේ පැතුමයි. අනේ කුබින්නේ ..... තොපටත් රජෙක් ඉන්නේ ... අපට නෑ ඉන්නේ.... ඒ නිසාමයි අපි තැවෙන්නේ ....... දුකා.......................................

Sunday, November 1, 2020

ලංකාවේ ආර්ථික මලගම අත ලඟද ....

ලංකාවේ ආර්ථික මලගම අත ලඟද ....
රට ආර්ථික වශයෙන් ස්ථාවරද? රට ආර්ථික වශයෙන් පොහොසත් ද ? කොවිඩ් වලේන් බැටකෑ රට මේ යන ගමනේ ආර්ථික අගාධයකට ඇද වැටේවිද ? රටේ දේශපාලනය ආර්ථික අගාධයකට රට දක්කනවා ද ? මේ තත්වයට වගකිව යුත්තෝ කවුද ? මෙහෙම ප්‍රශ්න ටිකක් සමාජයේ සාකච්චා වෙමින් පවතින යුගයක් අප පසු කරමින සිටිනනේමු.කෙසේ වෙතත් මේ ලිපිය ලියනා මා මහා ආර්ථික විද්‍යා දැනුමක් ඇත්තෙකු නොවේ.එහෙත් මේ තත්වයට ඔබ මෙන් මාත් ඇද වැටි ඇති තත්වයක මෙසේ වුයේ ඇයි දැයි සොයා බැලිම වටිනා නිසා මා මේ ලිපිය ලියන්නට කරුනු එක්රැස් කලෙමු.එය මාගේ දැනුම වර්ධනය වගේම ඔබේ දැනීමේ පරිධිය වැඩිකිරීම සඳහාත් මා මේ ලිපිය ලියන්නට සිතුවේ මා තනිවම පමනක් මේ තත්වයෙන් ගොඩ එන්නට යත්න දැරීම වැඩකට නැති නිසාය. රටක් ලෙස එකා වන්ව මේ තත්වයෙන් ගොඩ ආ යුතුය.නැතිනම් වන්නේ රට ආර්ථික වශයෙන් පරිහානි තත්වයකට යෑමය. ඇත්තෙන්ම රට ණය උගුලක වැටි අවසානය.එය මොන පක්ෂයකට මුක්කු ගැසුවෙකු වුවද පිලිගත යුතුය.එය පිලි නොගන්නා තාක් ගැටලුව හදුනා ගැනීමටත් පිලිතුර සොයා ගැනීමටත් නොහැකි වනු ඇත. එක් එක් දේශපාලන පක්ශ වලට බැන අඬ ගසමින් ශේප් විම මෙහිදී මා නොකරන්නේ මේ තත්වයට රිජු ධායකත්වයක් ඔබ හෝ මා යන දෙදෙනාම දී ඇති නිසාය.රට කරවන පක්ශ දෙකක් ඇත.මොන පාට මොන ලකුණු තිබුනත් නිදහසින් පසු මේ රට පාලනය කරේ පක්ශ දෙකක් බව ඔබට මා අමුතුවෙන් කිව යුතු නැත.සුලු පක්ෂ කලේ හැමකාලයේම පවතින රජයට මුක්කු ගසා ඔවුන්ගේ හිතලු ජය ගැනීමට කතීකා කිරීම පමනි.දේශානුරාගී පක්ෂ ලෙස හංවඩු ගසා ජත් භේ සුලෝ පක්ෂ කලේද මහ පක්ෂ දෙකේ එල්ලී බලි බැලීමය. රටේ මහ උන්ගේ මූනත්තහඩු මාරු වුවද රටට වූ සෙතක් නැත.රටේ මහජනතාව මෙතෙක් කල් දෙපිලකට බෙදී තමාගේ බඩ වඩා ගැනීමේ සහ තමාගේ මනදොල සැපීරීම වෙනුවෙන් පොලිමේ සිට කතිරය ගසා එක් එක් අය පත් කර ගත්තෙමු.චන්දයෙන් පසු ඔවුන් මේ රටේ සාරය උරා බිවු බව ඔබත් මාත් පෙර ලෙස කෑ ගසන්නෙමු.නමුත් අප අපගේ හිතලු ජයග්‍රහනය සඳහා අපගේ රට ලන්සු තබන්නට වක්‍රාකාරව ධායකත්වය සපයා ඇත්තෙමු.එයින් අපට ගැලවිය නොහැක.අද අප අභිමුව තබනා ආර්ථික අගාධයේ හවුල් කරුවන් අපි මිස වෙනකෙකු නොවේ. දෙදහස් විසි එක වන විට ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙන පරිදි රට ආර්ථික වශයෙන් කඩා වැටීමට නියමිත බවට කැට තබන භොහොතක් අප පසු කරමින් සිටින්නේ මේ නිසාය.පවතින ආන්ඩුවට පවා මේ සම්බන්ධව කරන්නට දෙයක් නැත.වියත් මගේ පට්ට පොරවල් වලටත් මේ සම්බන්ධව කල යුතු දේ පැහැදිලි නැත.අංක ගණිතය යොදා මේ තත්වය යට ගසන්නට හැදුවද එයින් ඔවුන් ඇඟ බේරා ගන්නට යත්න දැරුවද ඒක පුද්ගල ආදායම රිසි සේ කඩා වැටීම නවත්වන්නට නොහැකි බව පෙනෙන්නට තිබෙන බව ඔවුන්ටද පෙන්වා දිය යුතුය.අංක ගණිතය හෝ ලොවම ආර්ථික අගාධයකට වැටි ඇත යන තර්කය ගොඩට ඇද එය තෙපලා මහා සාකච්චා වල පොත් පෙරලා මේ තත්වය මඩේ එබීමෙන් සිදු වන්නේ තවත් රට අගාධයට යාම විනා වෙනත් දෙයක් නැත.මහ බැංකු වාර්ථා පරක්කු කිරිම හෝ ජන සංඛ්‍යාලේඛනයේ ඒක පුද්ගල ආදායම, නිෂ්පාධන ආදායම ඒම පරක්කු කිරීමෙන් වෙන්නේ රට ඒවත් අගාධයකට යාම විනා එයින් ලැබෙනා හොඳක් නැති බව පෙනෙන්නට තිිබේ.
රටේ අයිතිකාරයා පාලකයා නොවේ.රටේ සැබෑ අයිතිකරුවෝ ඉපදුන ඉපදෙන පුරවැසියෝය.ඔවුන් වෙනුවෙන් පාලකයෝ වැඩ කල යුතුය.දත්ත වාර්ථා මඩේ ඔබනවාට වඩා නිවැරදි දත්ත ගෙන හැර පෑම රජයක් විසින් කල යුතුය.නැතිනම් රට තවත් අගාධයකට ඇදගෙන යනු ඇත. නිවැරදි දත්ත සමාජ ගත නොකිරීමේ විපාක ලැබෙනු ඇත. දත්ත වටින්නේ බුද්ධිමතුන්ටය ඔවුන් වියදම් කල යුතු ප්‍රමානය පෙන්වා දෙනු ඇත.එය පොදු සමාජය පිලිගෙන තම මුදල් භාවිතය සරේලන ලෙස සකස් කර ගැනීමට වත් රජය නිවැරදි දත්ත ජනතාවට සම්ප්‍රේෂණය ඛල යුතුය.එය හරි හැටි නොවන බව පැහැදිලිය.එයට හේතුව ලෙස පෙනෙන්න්නේ රජයේ නොහැකියාව දත්ත මත පදනම් වේ යැයි සිතනා මරි මොඩයන් රජයේ සිටින නිසා වන්නට ඇත.නමුත් විය යුත්තේ රට ඇදවැටි ඇති සත්‍ය තත්වය රට හමුවේ තැබීමට කටයුතු කිරිමයි.එසේ නොකලහොත් ජනතාව අධි පරිභෝජනය කොට තවත් රට අගාධයකට ඇද දමනු ඇත. අපටත් වඩා අන්ත දුප්පත් රටවල් ආර්ථික වශයෙන් යම් පසුබෑමක් මේ කොවිඩ් අර්බුධය නිසා පෙන්වා තිබුනද ඔවුන්ගේ රාජයේ ආර්ථික තත්වය කඩා වැටීමකට ලක්ව නොමැති බව ඔබට පෙනෙනු ඇත.හොඳම උදාහරනය ආසිත්තික රටකින්ම ගතහොත් වියට්නාමය එයට හොඳම උදාහරනයක් ලෙස දක්වා ලිය හැක.ඔවුනුත් අප ලෙසම තිබු රටකි.යුද්ධය, ගොවිතැන මතින් ගොඩ නැගුනු ආර්ථිකය මේ සියල්ලම අප රට සේම වියට්නාමයටත් එක සේ තිබුනේය.නමුත් පවතින අර්බුධ හමුවේ වියට්නාමය ආරීථික ලෙස මේ කොවිඩ් අර්බුධය හමුවේ වුවද ආර්ථික ස්ථායිතාවක පවතින බව ඔබට පෙනෙනු ඇත.ඒ සම්බන්ධව අප පසුව කතා කරමු.
මේ රට පවතින තත්වය හමුවේ සියලු පක්ශ වලට ඇගිල්ල දික් කිරීමට මා හට සිදු වනු ඇත.ඒ මක්නිසාද යත් මේ කුමන පක්ශයකට වුවද කුමන පුද්ගලයෙකුට වුවද බලය ලබාගැනීමේ කෑදර කම විනා රට ගැන කැක්කුමක් තිබුනේ නැත.ඔවුන් කලේ තම ආන්ඩු කාලයේ ජනතා සේවය ලෙස ඊ ලඟ චන්දයෙන් දිනීමට ගම් දනවු වල වැඩ කිරීම පමනි.ඔවුන්ට රටේ ආර්ථිකය ගැන වගක් නොතිබින.ඔවුන් තම චන්ද බල ප්‍රදේශය සුඛිත මුධිත කරන්නට වෙහෙසුනි. ක්‍රිඩා පිටි සෑදුවේය.බෝල බැට් ලබා දුන්නේය.පෙලක් අය පාරවල් සෑදුවේය.නැතිනම් නුසුදුසු තම හෙන්චයියන්ට රැකියා ලබා දුන්නේය.එමගින් ඔවුන් එන වර එතෙර වීමට චන්දය එක් කලේය.එහෙත් ඔවුන්ට රටේ ආර්ථිකය නගා සිටුවීමට එකදු ප්‍රතිපත්තියක් නොතිබුණේය.ඒ තත්වය නිසා අද අප මේ තත්වය අති විදිමූ.තම චන්ද බල පෙදෙස් වල කුඩා පරිමාන වියාපාරිකයන් බල ගැන්වීම ඔවුන් කර ගියේ නැත.ස්වයං රැකියා සඳහා බල ගැන්වූයේ නැත. අවම වශයෙන් වගා කිරීමට හැකි ඉඩම් පිලිබඳ වාර්ථාවක් වත් ගත්තේ නැත.ඔවුන් සිදු කලේ රෙද්දක් පන්දාහක් දී තම චන්දය රැක ගැනීමට ජනතාවට කැරට් කැවීම පමනකි. රටේ ආර්ථිකයට කිසිදු මුදලක් එක් කිරීමට රටේ දේශපාලකයා කටයුතු කලේ නැත.ඔවුන් සුභසාධනය පෙර දැරි කොට තම ආර්ථික ප්‍රතිපත්ති සකස් කලේය. ලංකාව සේවා ආරිථිකය පසු පස ගොස් ඇන ගන්නා බව ලෝකයා කිවද රටේ බුද්ධිමතුන් පවා ඇස කන නාසා වසාගෙන මුනිවත රැක්කෝය. දේශපාලකයන්ගේ උපදේශකයෝ වුයේ මරි මෝඩයන්ය.නැතිනම් උපදේශකයා වුයේ ඇමතිගේ නොනා හෝ මෝඩ පුතාලාය.නැතිනම් හඳ තරු කොට්ටයට තබා නිදිය ගන්නා කට්ටඬියෝය.නැතිනම් හොර හඳහන් කාරයෝය.රටේ බුද්ධිමතුන් ඔවුන් සේවයට පත් කර ගත්තේ නැත.ඔවුන් මේ රටේ තම දැනුමට තැනක් නැති බව සිතා කට වහ ගත්තෝය.නැතිනම් වෙන රටක් ඔවුන් ගැන දැනගෙන ඔවුන් රතු පලස මතින් ඔවුන්ගේ රටට කැන්දාගෙන ගියෝය.උදාහරණයක් ලෙස මැලේශියාව අද ඉන්නා තත්වයට ආර්ථික වර්ධනයට මුලික වූයේ කවුදැයි සොයන්න.මේ රටේ සිටිය නොහැකි වු බොහෝ බුද්ධිමතුන් ඔවුන්ගේ දැනුම ගෙන ගියේ මැලේශියාවටය.අද වන විට මැලේශියාවේ ආර්ථිකයේ ප්‍රධාන කුලුනු දරාගෙන සිටින්නේ ලංකා භූමියෙන් අප පන්නා දැමු බුද්ධිමතුන් නිසාය.ඔවුන් මෙරටට වැදගත් වූයේ නැත ඔවුන්ගේ දැනුම අප රටේ දේශපාලකයාට යල් පැන ගිය දැනුම වුයේය. අපේ රටේ මහ ජනයාට ඔවුන් කියනා දේ හිනා වෙන්නට නිමිත්තක් විය.එනිසා ඔවුන්ගේ දැනුමට නිසි වටිනා කමක් දෙන තැනකට ඔවුන් විතැන් විය.මැලේශියාවේ ආර්ථික විශේෂඥයන් බොහෝ දෙනා ලංකාවේ බුද්ධිමතුන්ය.එසේම විස්ථා සම්පාධන ආයතන වල මහ පුටුවේ සිටින්නේද ලංකාවේ බුද්ධිමතෙකු බව ඔබ සොයන්නෙක් නම් බලන්නෙක් නම් කරුනු එක්රැස් කරන්නෙක් නම් වැටහෙනු ඇත. පාලකයා උගතෙකු නොවුනාට කම් නැත.එහෙත් පාලකයා තමාට හැකි දේ නොහැකි දේ පිලිබඳව දැනගෙන සිටිය යුතුය.ඔහුට හෝ ඇයට බැරි දේ පිලිබඳව කියාඒ සම්බන්ධව උගත් බුද්ධිමත් අයගෙන් ඔවුන් උදවු ඉල්ලිමට මැලි නොවිය යුතුය.තමාගේ උපදේශක මන්ඩලය ලෙස තෝරා ගත යුත්තේ නොනලා පුතාලා හෝ කට්ටඩියෝ නොවේ රට තුල සිටිනා බුද්ධිමතුන්ය.වියත් මගේ පොරවල් වලට චන්දය දී ඒ මඩ ගොහෝරෝවටම හෙලා අප ඔවුන් කරනා දේ බලා සිටිමු.එහෙත් සිදුවී තිබෙන බව පැහැදිලිය.මරි මොඩයන් සමඟ වියතුන් සභා මැද පිස්සු කෙලින්නේ ඔවුනුත් මරි මොඩයන්ගේ ලනු කා කට වසා ගෙන පැත්තකට වී සිටිම නිසා බව පෙනෙන්නට තිබේ.අනෙක් අය විසින් වියතුන්ගේ අත් බැඳ ඇත.වදින්න ගිය දේවාලය ඉහේ කඩා වැටිම වැනි දේකට වියතුන් වැටි ඇති බවද පෙනෙන්නේ ඒ නිසාය. දෙදාස් විසි එක ගැන කතා කරන්නට කලින් ආරීථික වශයෙන් රට කොතරම් ආගාධයකට වැටී ඇති දැයි සොයා බැලීම වටී.එයට මා ගණිතය යොදා නොගන්නේ ලංකාවේ මේ අංක දවසින් දවස එහෙ මෙහෙ වන නිසාය.මහ බැංකු වාර්ථාවේ එකකුත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවේ තව අංකයකුත් තිබෙනා නිසාත් මා ආර්ථික විද්‍යාඥයෙකු නොවන නිසාත් මා අංක ගණිත තර්ක ගේන්නට යන්නේ නැත.එහෙත් ඔබට තේරුම් කර දිය යුතු නිසා උදාහරණ කිහිපයක් මා ගෙන එන්නට වැයම් කරන්නෙමි. ඔබ ගන්නා වේතනය මාසයක් ජිවත් වන්නට ප්‍රමාණවත්ද ? ඔබ කන්නේ සමබල ආහාර වේලක්ද ? ඔබ වියදමට අමතරව යම් මුදලක් හදිස්සියට ගන්නට තබා තිබෙනවාද ? ඔබ යම් මුදල් කොටසක් ආයෝජනය කරනවාද ? ඔබ යම් මුදල් කොටසක් තැම්පත් කරනවාද ? ඔබ ආර්ථික වශයෙන් ස්ථාවරද ? මේ ප්‍රශ්න වලට සිතට එකඟව උත්තර සිතන්න.ඔබට වැටහෙනු ඇති මේ ආර්ථික කඩා වැටිමේ අවුල නිසා ඔබ දැන් වැටී ඇති තත්වය.මෙයට විසදුම් ඔබ මා සෙවිය යුතු කාලය එලඹ ඇත යන්න මා කියන්නේ නැත.ඒ මක්නිසාද යත් අප මේ ගැන සිතන්නට පරක්කු වැඩිය.වියත් මග හෝ දැනට පවතින රජය හෝ මේ තත්වයට විසදුම් සොයන්නට ගොස් ඔබට වසරක් පටි තද කර ගන්න කිවොත් මේ ආර්ථික අගාධයෙන් ගොඩ එන්න ඔබ ඒක කරනවාද ? නෑ ඔබ දැඩි ලෙස දෝශාරෝපනය කරනු ඇති. නැත්තම් පවතින රජයම එය අකුලා ගනීවි.එයට හේතුව ජනතාවට එය කීවොත් ඔබ ඔවුන් ජඩයන් ලෙස සිතාවි.නැතිනම් ඔබ බැන බැන පාරට බසීවි.නැති නම් ඔබ එන චන්දයේදී ඔවුන්ට පාඩමක් උගන්වාවි.එහෙයින් මේ රජයත් එසේ පටි තද කරගන්න යැයි නොකියනු ඇති. එහෙත් රටේ අනාගතය ගැන සිතා කවුරුන් හෝ මේ ප්‍රතිපත්තිය ගතහොත් බිය නොවි රටේ අනාගතය බබලාවි.ඔබේ දුවා දරුවන් අප විදි දුක නොවිදීවි.එසේ තමා රට වෙනුවෙන් සිතා අප පටි තද කරගන්නේය යැයි නොකියන්නේ රට ගැන හෝ අනාගතය ගැන කැක්කුමක් නොමැති නිසා බව දනිමි.චන්දය දුන්නා දැන් කරලා පෙන්නපල්ලා යැයි කියා පාලකයන් කරනා තුරු ජනතාව උඩ බලා සිටී.තමාටත් වගකීමක් ඇත කියා මහජනතාව නොසිතනා තාක් රට මේ තත්වයේම පවතීවි. ජනතාව ඉල්ලීම් ඉල්ලති නමුතී වගකීම නොකරති.පෙලක් රටවල ඉල්ලීම් ඉල්ලන්නේ තම වගකීම් කරමින්ය.එහෙත් අපේ රටේ කිසිත් නොකර ඉල්ලීම් ඉල්ලති.එම මනෝභාවය ඇති කලේ එක්කො මාධයයි නැතිනම් පාලකයායි.එම නිසා මේ මොහොතේ ආර්ථික වශයෙන් අප මෙතැනට වැටීමට එවන් සමාජ කාරනාත් බලපා තිබෙන බව කිව යුතුය.සිංහලයා වලියේදි සිංහයෝය.වැඩ කිරීමේදී අලසයෝය.එය වෙනස් නොකර ගන්නා තාක් රට එක තැන පල් වනු ඇත. මෛත්‍රීපාල ජනාධිපති තුමා කොතරම් හෑල්ලුවට ලක් වුවද ඔහු කියු දේ කල නායකයෙක් ලෙස හදවත් තුල සිටිනු ඇත.එහෙත් ඔබගේ හෝ මාගේ හදවත එය පිලි නොගන්නා බවද මා දනිමි.නමුත් ඇත්ත එයයි.තම අසිමිත බලය නම් වූ ඒකාධිපති බලය ඔහුම අත් හැරියේය.ඔහු එසේ කලේය.තමාට හිමි බලය තමා විසින්ම නැති කර ගත් එකම නායකයා ඔහුය.එය අපේ රටේ ජනතාව මොඩකමක් ලෙස දැක්කේය.ඔහුට පරිභව කලේය.අපේ රටේ ජනයාට අවැසී වුයේ යල් පැන ගිය දේශපාලන නියායයන්ය.තම චන්ද පොරොන්දුව ඔහු රැක්කේය.එය මතක් කරන්නේ අපගේ කුහක මොල හරස් කඩක් පෙන්වීමට පමනි.ඔහු කල සියලු දේ හරි කියන්නේ නැත. රජුන්ගේ බැල මෙහෙවර කල අප අදටත් යටත් වැසියෝ ලෙස ඉන්නට සිත සදා ගනිති.අපගේ කොදු කොතරම් කෙලින් කරන්නට හැදුවත් අප සියල්ලන්ගේම කොදු නැවිලාය. වෙනත් රටවල් කැලෑවෙන් එලියට පැමින දියුනුව කරා යන්නට කෙලින් ගමනක් යන විට අප හෝමෝ සේපියන් ලෙස සිට ලුසි මානවයා දක්වා ආපසු ගමනක් යන බව පෙනෙන්නට තිබේ.අප රටේ ජනයා නැවත කැලෑ වදින්නට සුදානම්ය.වහලා හා වහල් හිමියා තත්වයේ දැන් සිටින තත්වය බව මා මේ මොහොතේ සඳහක් කල යුතුය. දෙදාස් විසි එක වන විට ආර්ථික කඩා වැටිමත් සමඟ අප නැවත කැලෑ වැදෙනු නොඅනුමානය. සුපර් මාකට් වලට ගිය අප කර කොල සොයනු ඇත.කෑම සොයමින් සිමිත කැලෑ වල ඔහේ ඇවිදීනු ඇත.එය අත ලඟය. සේවා ආර්ථිකය තිබෙනා තාක් මේ රටේ තත්වය එසේ වනු ඇත.පුජකයා සහ දේශපාලකයා නොනැසී පවතිනු ඇත.එහෙත් ජනයා නැසෙනු ඇත. අප පරිබෝජන ආර්ථිකය මත යැපෙන නිසා මෙවන් තත්වයක් උද්ගත වූ බව පෙනෙන්නට තිබේ. ලංකාවේ ජනතාව අධික පරිබෝජනය කරනා ජනතාවකි.ඔවුන් තමාට අවැසි දේ සාදා ගන්නේ නැත.ඔවුන් අහසට දත නියවමින් උඩින් වැටෙන තුරු බලා සිටින ජාතියක් වී හමාරය. උදාහරණ ලෙස මගේ විශය තුලින්ම මා උදාහරණ ගන්නේ මා ඒ විශය පථය හදාරා ඇති නිසා පමනක් නොවේ එය ඔබටත් පැහැදිලි කිරීමට තරම් හොඳ උදාහරණයක් වන නිසා බව මට සිතේ. පරිබෝජන ආර්ථිකය නැතිනම් සේවා ආර්ථිකය පිලිබද කතාවේදි දක්වා ලිය හැකි හොඳම උදාහරණය වන්නේ වෙලඳ දැන්විම්ය. මෙහිදී පරිභෝජනය අධික කිරීමට රිජු ලෙස දායකත්වය දක්වන්නේ ජනමාධ්‍යය යි.එය ජන මනසට කතා කරන්නට පටන් ගත් දා සිට අධික පරිබෝජනයක් පෙන්වන්නට පටන් ගත්තේය. ඔබ දකින වෙලඳ දැන්වීම් ඔබගේ අවශ්‍යතාවයට වඩා කතා කරන්නේ ආශාව වැඩි කිරිමට නොවේද ? සිතා බලන්න. ඔබ පොදු වෙලඳ සැලකට සුපිරි වෙලඳසැලකට ගියහොත් ගන්නේ ඔබට අවශ්‍යය දේද නැතිනම් අනවශ්‍යය දේද ? ඔබ ආශාවෙන් අවුලවන්නේ කුමක්කද ? ඔන්ලයින් බිස්නස් සමාජ මාධය තුල ප්‍රචලිත වන්නේ ඇයි ? එයත් අප වන් රටවල් වල වෙලඳපොල තුලටම රින්ගන්නට මාන බලන්නේ ඇයි.සිතා බලන්න සොයා බලන්න. විවෘත ආර්ථිකයට බැන බැන අප අවුරුදු ගනනාවක් කලය කෑවෙමු.පෙලක් රටවල් විවෘත ආර්ථිකය නිසා ගොඩ ගියේය.ආර්ථිකය ඉහල ගියේය.ඒක පුද්ගල ආදායම ඉහල නැන්වුයේය.එයට හේතුව ලෙස පෙනෙන්නට තිබෙන්නේ රටේ විවත ආර්ථිකය හැසියවිමට සමත් බුද්ධිමතුන් සහ නිති සම්පාධනය වෙනුවෙන් එම රාජය කටයුතු කිරිමය.මෙරට තත්වය විවෘත ආර්ථිකය නිසා අපාගත වූ බව පවසන ඇතමුන් ඇතැම් ආන්ඩු ඔවුන්ගේ නොහැකියාව වසා ගැන්මට විවෘත ආර්ථිකය නම් හමස්කඩයට තඩි බානා බව පෙනෙන්නට තිබේ. දැන් වත් මේ තත්වයෙන් රට මුදවා ගැනීමට රජයකට අවැසි නම් කල යුත්තේ විවෘත ආර්ථිකයට යම් යම් සම්භාධක දැමීම නොවේද ? අප රට වෙනත් රටවල් වලට වෙලඳ පොලකි.ඉනදියාව චිනය වගේ රටවල් අපේ රට වෙනුවෙන් පොර කන්නේ මේ නිසාය.ඒවාට උඩගෙඩි දෙන්නේ ජනමාධ්‍යය යි.එය යම් කලුකඩ ස්වභාවක් ගන්නා බව සියුම්ව කල්පනා කරනා විට පෙනෙන්නට තිබේ.දෙදාස් විසි එක වන විට සුභසාධනය පිලිබඳ අදහස අතුගා යනු ඇත.එසේ වන්නේ සුභ සාධනය වෙනුවෙන් වත් රජයට මුදල් නොමැති කමය.එය සමතයකට පත් කරන්නට රජය නැවත නැවතත් නය ලබාගැන්මට යාමෙන් තව තවතී රට ණය උගුලකට හිරවනු නොඅනුමානය. එන්ගල්ස් මාක්ස් කි ලෙස අප අවශයතාව උවමනාව අතර ගැටලුවකට මැදිවී ඇති බව පෙනෙන්නට තිබේ. ලංකාව මේ ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට නම් මේ අවුල මුලිකව ලිහා ගත යුතුය.පරිභෝජන ආර්ථිකය අමතක කල යුතුය.ආනයන පරිබෝජන රටාව නතර කල යුතුය.නිශ්පාධන ප්‍රමුඛ ආර්ථිකයකට යා යුතුය.එය ඉත් ඉක්මනින විය යුතු කාලය එලඹ ඇත. වියට්නාමය අද වන විට නිශ්පාධන ආර්ථිකය නිසා ලංකාවට වඩා ආර්ථික වර්ධනයක් ලබා ඇති බව පෙනේ.දැන් දැන්ම එසේ නොකලහොත් සිදු වන්නේ ලංකාව ලෝක සිතියමින් මැකි යාම බව පෙනෙන්නට තිබේ. මුල් කාලිනව නිශ්පාධන ආර්ථිකයට යැමේ තත්වය ජන සමාජයට විශාල අමාරුකම් ඇති කරනු ඇත.නමුත් එය ඉක්මනින්ම විය යුතු කාලය එලඹ ඇත.රට ආර්ථික වශයෙන් අනාත වන්නට වන්නට පෙලක් රටවල් මේ රට ගිල ගන්නට මාන බලනු ඇත.එය දැන් දැන් වෙමින් පවතිනා බවත් ඔබට පෙනෙනු ඇත.එය ස්වභාවයයි.රටවල් අල්ලා ගැනීම දැන් යුද්ධය ලෙසම පැමිනෙන්නේ නැත.අශෝක රජු යුද්ධයෙන් බැරි තැන ධර්මයෙන් බුද්ධ රාජය ගොඩ නගා සතුටු වුයේය. එසේම ආර්ථික වශයෙන් වැටි ඇති රටකට ඔන තරම් ණය දෙන රටවල් ඇත.ඔවුන් ඇති තරම් අප හට නය දෙනු ඇත.ඔවුන්ට අපසු ගෙවිමේ සම්භාවිතාව අප වගේ රටවලට නැති බව ඔවුන් දන්නේය.ඒ නිසා ඔවුන් එක් එක් ඉල්ලීම් ලංකාවෙන් ඉල්ලනු ඇත.භුමියෙන් කොටසක් ඔවුන් ඉල්ලනු ඇත.යුද අභ්‍යාස කර ගෙන යන්නට මුහුදක් ඔවුන් ඉල්ලනු ඇත.එසේ වන්නේ ඔවුන් ආර්ථික වශයෙන් පොහෝසත් නිසාය.අපේ පාලකයන් හා ජනතාව බුද්ධිමත් විය යුතු කාලය එලඹ ඇත. එසේ නොකර තව තවත් නය ගෙන සුභසාධන ආර්ථිකය තර කන්නට යෑමෙන් රට තව තවත් ණය උගුලක පැටලී ආර්ථිකමය ලෙස ආතුගා යනු ඇත.මහා ඉහලින් වර්ණනා කරනා අපේ රට තව කාගේ හෝ අනසකට යට වනු ඇත.එයින් බේරීමට නුවනැස පෑදේවා යන්න මගේ පැතුමයි.රටක් වශයෙන් එක් වි වැඩ නොකරන තාක් අපට පුලුවන් පැතුම් පතන්නට පමනි..... දුකා..........

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...