Monday, September 16, 2019

සුද්දගේ කෙරුවාව... (තුන්වන දිගහැරුම)

තුන්වන දිගහැරුම

සුද්දගේ කෙරුවාව...

අපිට කෙලවිච්ච තැන පටන් ගන්නෙ ඇත්තටම කොතනින්ද කියල හොයල බලනකොට අපිට වැඩි හරියක්ම කෙලවිලා තියෙන්නෙ ප්තුගීසි ලන්දේසින්ට වඩා ඉංග්රීසින්ගේන් කියන එක නම් කියන්න ඕනෙ.අනික් හැමොටම ඕන උනේ ලංකාවෙ වෙලඳ ආර්ථිකය අත්පත් කරගන්න විතරයි. ඒත් සුද්දට ඊට වඩා දෙයක් ඕන උනා.උන් අපිට නොකරපු දෙයක් නෑ. අපිව සුන්නත්දුලි කරල දැම්ම.උන් උන්ගෙ මතය කැවුව අපේ මොලවලට.අදත් ඒ නිසා අපි දුක් විදිනව කියල හිතෙනව. රටේ තිබ්බ දේශිය වෙදකම. ඒ වෙනුවට ඔවුන් රට රටවල් වලින් හොරකං කරල හදාගත්ත වෙදකමක් අපිට දුන්න.දසමහ යෝධයො විසි මහ යෝධයො හිටිය රටේ හයිය හත්තිය තියන උන් හිටිය රටේ උන් ආවිත් ගිය දවසට පස්සෙ ඉඳන් පාන්ඩු කාරයෝ වගේ උන් තමා බිහි උනේ..
අපි හැමෝගෙම අත්වල තියනව මොකක්දෝ බෙහෙතක් ගහපු කැලලක්.ඇත්තටම ඒ මොකක්ද කියල හිතල බැලුවහම හිතෙනව තුවාලයක් එන්න තරම් සහ ජිවිත කාලයටම කැලලක් හිටින තුවාලයක් නේද අතේ ඉතිරි උනේ කියල.ඉස්සර මේ දේවල් තිබ්බෙ නෑ.අපි ජාතියක් විදිහට බෙලහින කරන්න මේ දේවල් විද්දද කියල කවුද දන්නෙ.පරිසරයෙන් ඈත් කරන්න පටන් ගත්ත මිනිස්සු.පරිසරය විනාශ කලා අපේ තිබ්බ රටක් වටින බෙහෙත් පැල විනාශ උනා.
අනේ ඉතින් මං ඒ තරම් ඔය දිපු බෙහෙතෙ බලේ ගැන දන්නෙ නෑ.මට හිතෙන දේ ගැනයි කිවුවෙ.මොකද ඕව දන්න වෛද්‍ය වරයෙක් නෙවෙයි මං.දන්න කෙනෙක් ඒ සම්බන්දව කියන්න කියන ආරාධනයත් මෙතන තියනව අපි කතා කරමු.හොඳ නරක.
උන් ඇවිත් අපේ කමට තමයි මුලින්ම ගැහුවෙ ඇත්තටම කිවුවොත් කොටියට වඩා උන් විනාශයක් කරා අපිට.හවස් කොරේ මහනසියට කිතුල් මලක් මැදල ගත්ත තෙලිජ්ජ බිපු අපිට සුද්ද දුන්න බෝතල් වල දාපු හුජ්ජ.අපේ උනුත් ගත්ත ධාතු කරඩුව වගේ ඔලුවට ඒ බෝතල් ධාතුව.මුලදි ඔය බෝතල් දුන්නෙ නිකං උන් අපිට..කට්ටියට පුරුදු කරන්න දුන්නෙ.නිකං දෙනවනම් දෙමල පත්තරෙත් ගන්න හැත්ත එදත් හිටිය අදත් ඉන්නව.
අපේ ඉතිහාසය උන් උන්ගෙ රටට අරන් ගියා.ඇත්තටම කිවුවොත් එංගලන්තෙ රැජිනගෙ ඉඳල මුලු එංගලන්තෙම මේ සිංහලේට ණයයි තවමත්.මොකද උන්ගෙ කටු ගෙවල් වල පිරිල තියෙන්නෙ අපේ ඉතිහාසයෙන්.ඒව ඉල්ලනකොට උන් හුවමාරුවට ඉල්ලන්නෙ වෙන වෙන දේවල්.තාරා දේවි පිලිමය ඉල්ලනකොට උන් අපෙන් ඉල්ලනව ඇත් පහන උන්ට.ඒක දේශිය නිර්මානයක් වගේම ඇත් පහනෙ තියන තාක්ශනය ඉතාමත් ආකර්ශනිය එකක්. 

දැදිගම සූතිඝර කැනීම 1951 දී මෙම ස්තූපයේ කැණීම් කිරිමේ දී ධාතු ගර්භයේ තිබී ලොකඩයෙන් නිපදවු ඇත් පහනක් හමු වී ඇත. මෙම ඇත් පහන සුවිශේෂී වීමට හේතුව නම් තෙල් ඇතාගේ උදරයේ ගබඩා කොට ලිංගය ඔස්සේ පහනට වෑස්සීමට සලසා තිබීමයි. එමෙන්ම පහනේ තෙල් අඩු වූ විට උදරයේ වූ තෙල් පහනට ඉබේම ගලා යයි. ඒ අනුව මෙම ඇත් පහනට ස්ථිති ජල විද්‍යාත්මක මූලධර්මය නම්  විද්‍යාත්මක මූලධර්මය භාවිතා කර ඇත. පරාක්රමභාහු රජුගේ රාජය කාලයට අයත්ය.මෙය පිට රටට දිය හැකිද ?

යටත් විජිත වස්තු කියලයි ඒවට ඔවුන් කියන්නෙ මොන රෙද්දටද ආයිබොවන තාම යටත් විජිත මගුලක් ගාවන්නෙ සිහල රටට.අපි අදත් නිවහල් රටක්.අපිට අයිති දේ අපිට දෙන්න ඕනෙ උන් හරිනම් මොකද තවමත් යටත් විජිතයක නෙවෙයි උන්ගෙ ලංකාව.ඒත් උන් දෙන්නෙ නෑ.නැවු ගනං පුරවන් ගිහින් උන් තියාගෙන ඉන්නව අපේ හොඳම කලා කති. පුරාවිද්‍යා භාන්ඩ.බොහොම වටිනාකමක් තියන ඒව.අපිට ගන්න තරම් හයියක් නෑ ඒව.හදවත දුකින් පිරෙනව අපිට අයිති දේ උන් ගාව තියෙනකොට.අනාගතේ දවසක තොපි මොනවද මෙරට ඉඳන් කලේ කියල ඇහුවහම මතු පරම්පරාව අපිට අදෝ මුඛයේ ඇගිල්ල ගහගෙන තමා ඉන්න වෙන්නෙ.




තවමත් අදුරු සෙවනැල්ල එංගලන්තය වගේ රටවලින් ලංකාවට වැටිල තියෙන්නෙ.උදාහරනයක් දෙන්නම්.70 වන නිදහස් සමරුවට එංගලන්තයෙන් මහ රැජිනයගෙ නියෝජිතය වශයෙන් ආවෙ එඩ්වඩ් කුමරු සහ ආර්යාවයි.එහිදි රාජකියන් ඉදිරියේ පිලි පැදිය යුතු උපදෙස් මාලාවක් ඔවුන් බලන්නට පැමිනි ලාංකිකයන්ට පිරිනමා තිබුන. එය කර තිබුනේ එංගලන්ත රාජකිය පිලිගැනිමේ කමිටුව විසිනි.එම ලිපියද මෙහි ඔබට දැක ගැනීමට හැකිය.කරුණාකර ඔබගේ හදවතට තට්ටු කර අසන්න මෙය ඔබ පිලි ගන්නවද කියා.
අපිට ඔවුන් ඔලුව නැවිය යුතුය ඒ ආයිදැයි කියා පසුව ඔබට ලිපි මාලාව අවසානයේදි තේරෙනු ඇති.තවමත් එංගලන්ත අදුරු සෙවනැල්ල අප රටට වැටි ඇති බව ඔබට පැහැදිලි වනු ඇති.තවද නිතියෙන් පවා එයට අවසර ඇති බව ඔබට වැටහෙනු ඇත.

තවත් දෙයක් මෙහිදි කියන්න ඕනෙ.පෙලක් අය පාරවල් හැදුවා කොච්චි පාර හැදුවා යැයී කීයල සුද්දට කඩේ යනව.ඔවුන් කෙසේවත් එංගලන්තයට බනිනවාට කැමති නැහැ.අපගෙන් සොරා කා ගෙන ගිය දෑ මිල කල නොහැකිය.අපගෙන් උදුරගත් දේ වෙනුවට ඔවුන් සොච්චමක් අපට දීල ගියේ කියල උන් දන්නෑ..අපට ආදරේ නිසා කෝච්චි පාර වත් මහා මාර්ගවත් සැදුනේ නැහැ.ඔවුන් අපෙන් උදුරගත් දේ ගෙනයාම සඳහා ඔවුන් පාර සාදාගත්තා නොවෙදැයි ඔබගෙ මොලයෙන්ම අසන්න..අප සිහලුන්ම පමනි.මුස්ලිම් වේවා දෙමල වේවා අප සියල්ලෝම සිහල රට පුරවැසියන් යැයි නොසිතන තාක් අපට ගොඩ ඒමක් නම් නැහැ.මෙසේ දෙමලුන් මුස්ලිම්මුන් ලෙස සුද්දාගේ සිට බඩ වඩාගන්නා දේශපාලුවා දක්වා කරේ බෙදන එඑකඋන්ට තිබ්බෙ නෑ එකතු කිරීමේ ලකුණ. මොකද ඒක තමා සිහලුන් පරද්දන්න තිබ්බ එකම විදිය.තව එකෙක් අනික් එකා දිහා බැලුවෙ අවිස්වාසයෙන්.ඒ උන්ගෙ ප්‍රතිපත්තිය. සුද්ද එන්න කලින් එහෙම දෙයක් තිබ්බෙ නෑ.උදාහරයක් දෙන්නම් දුටු ගැමුනු රජු එලාර සමඟ යුද වැදී දිනුව ඒත් ඔහු වෙනත් දෙමලෙක් මරා දමන්නට අන කලාද ? නෑ.පිලි ගත්ත අපේම සහෝදරයන් බව. සුද්ද අතුගාල දාන කොටත් සිංහල දෙමල මුස්ලිම් එකා එකට හිටිය.එම නිසා අප එකට ඔවුන් හා යුද වැදුන. මොන රට මොන ජාතිය අප අල්ලන්නට දත කෑවත් අප සියල්ලෝම එකට සිටියා නොවෙදැයි ඔබ අතීතය හාරවුස්සාම බලන්න යැයි මම ආයාචනා කරමි.


ලංකාවේ කැනීම් කල එච්.සී.පි බෙල් මහතා එංගලන්ත ජාතිකයෙකි. ඔහු සීගිරියේ පවා කැනීම් කල බව කියවේ.ඔහු අප රටෙන් ගෙන ගියේ මොනවාද යන්න සොයා බලන්න. 1890 - 1892 දක්වා කාලයේ ඔහු විසින් රටින් පිට කල පුරාවස්තු සංඛ්‍යාව කොතෙක් දැයි සොයා බලන්න.ඔහු විසින් රුවල් නැවු තුනක් සිංහලෙන් ගෙන ගියේ නැද්ද එයින් දෙකක් ලංකාව අවට මුහුදේ මුහුදුබත් වුවේ නැද්ද කියා සොයා බලන්න.රටේ මහා ඉතිහාසය ඔහු කොල්ල කා නොගත්තේද ?ඔහු ගෙන ගිය දෑ ලයිස්තු ගත කර තිබේද යන්න සොයා බලන්න.එසේ ලයිස්තුවක් ඔබ ලඟ තිබේ නම් කරුනාකර මා වෙත එවිමටද කටයුතු කරන්නේ නම් අගය කොට සලකමි.

එංගලන්තයේ කෞතුකාගාරවල ඇත්තේ මොනවාද අපෙන් කොල්ල කා ගිය පුරාවස්තු එහි නැද්ද ? එංගලන්තයේ සිටින ලාංකික පුරවැසියනි ඔබ ගිහින් ඇති කෞතුකාගර වලට එංගන්තයේ අපේ පුරාවස්තු ඒ කෞතුකාගාර වල නැද්ද කියා අපට කියන්න.ලොව වටා කෞතුකාගාර වලට ඔවුන් අපේ ඉතිහාසය දි ඔවුන්ගේ ඉතිහාසය ඔවුන් වෙතට ගත්තේය.එම කෞතුකාගාර වල තිබෙන අපේ දේ පෙන්නිම සඳහා කෙටිකාලිනව දිමටද ඔවුන් මැලි කමක් දක්වන බව ඔබ නොදන්නේද ?

සුරකිමු ශ්‍රී ලංකා පදනම විසින් ආනන්ද සාගර හිමි විසින් ලයිස්තුවක් තනා එංගලන්ත මහ කොමසාරිස් කාර්යාලයට බාර දුන්නෙ නැද්ද යැයි සොයා බලන්න.සුරකිමු  ලංකා පදනම පිට රට ඇති අපේ පුරාවස්තු පිලිබඳව ලයිස්තුවක් තනා දුන්නේ අප රටේ ඉතිහාසය අපිට වටින නිසාය.එහෙත් ඔවුන් එය නොදැක්කා මෙන් අදද සිටින බව පෙනෙන්නට තිබේ. රාජතාන්ත්‍රික සේවය සඳහා දුප්පත් සිහල මිනිසුන්ගේ ධනය යොදවා වැජබෙන දේශපාලන හෝහපුට්ටන් අප රටේ මිල කල නොහැකි පුරාවස්තු නැවත අප රටට ගෙන ඒමට කලේ කුමක්ද යැයි මා ඔවුන්ගෙන් අසන්නේ මෙනිසාය. දේශපාලකයන් රටට මෙතරම් ආදරේ නම් ඔවුන් අප රටේ ඉතිහාසය මෙරටට ගෙන ඒමට කටයුතු නොකරන්නෙ කුමක් නිසාද?අසන්න. මිල කල නොහැකි පුරාවස්තු ගනනාවක් එංගලන්තයේ ලෝකෙ වටේ පුරාවස්තු කෞතුකාගාර වලට දුන්නෙ කුමක් නිසාද ? සිහල රටේ අභිමානය ඔවුන් අත්තනෝමතිකව කෙලෙසන්නෙ ඇයි.අප අතීතය ලෙස බලා සතුටුන්නෙමු.විටෙක ඔබ ඔබේ දරුවන් අතින් අල්ලාගෙන ගොස් ඔවුන්ට අතීතය පෙන්නා ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ වරුනාව ඔවුන්ට කියන්නේය.අපේම ඉතිහාසය අපට අයිති නැත්තම් අප කෙසේ ජිවත් වෙම්ද ? මදකට සිතන්න.රට තුල මහා විනාශයක් වන බව උදම් අනනා අපි ඇස කන වසැගෙන සිටින්නෙ ඇයි.මේ අපේ මතු පරපුරට දායාදකර දිය යුතු අතීතය නොවේද ? සුද්දාට කඩේ යන බත් බැලයන් තවමත් රට තුල ඇත.ඔවුන්ගෙන් අසන්න සිහලදීපයේ අතිතය ඔවුන්ට දෙන්නට පුලුවන්ද කියා නැවත.

අප පොලොවේ සාරවත් පසේ හට ගත් දෑ ඔවුන් රජ මැදුරු තනන්නට ගෙන ගියේය. මාර්ග සදන්නට ගෙන ගියේය. ඔවුන්ගේ රට වැසියා සුකිත මුදිත කරන්නට ගෙන ගියේය.අපේ මිල නොකලහැකි ඉතිහාසයත් ඔවුන් ගෙන ගියේය.අපේ ඉතිහාසය අපිට වටිනවා විනා වෙන රටකට වටින්නෙ නැත.එනිසා අපේ ඉතිහාසය අපට දෙන්න බැරි ඇයි.සැම එංගලන්ත පුරවැසියෙකුම සිහලේට ණය කරුවෙකු නොවන්නේද ? ගෙවිය යුතුය එය අපට.මොකද අප දැන් සිහල ජාතියේ සාඩම්බර හිමිකරුවන්ය.මෙය අපේ රටය.

මා මේ සියල්ල ඔබ වෙතට ගෙන එන්නේ රටක් විදිහට අප එක්විය යුතු නිසාය.ජාන හොරුන් ගැන මා මිට පෙර ඔබට කිවා මතක ඇති.ඒසේම පුරාවස්තු පිලිබඳව මා පවසන්නේ මේ අපිට හිමි දේ නිසාය.පෙලක් කෞතුකාගාර වල ඇති අපට හිමි වස්තු වල රූප පවා දක්නට නැත.ඔවුන් ඒවාද අන්තර්ජාලයෙන් අයින් කොට හමාරය.ලොව වටා සිටින සිහලුනි ඔබ ලඟ තිබෙනවානම් ඒ වස්තු වල චායාරූප මා වෙත එවන්න.මා එම රාප බලා සැනසෙන්නෙමි.මේ මාගේ අතිතයේ විභූතිය ලෙස මා ඒ රූප තුරුලු කර ගන්නෙමි.මොකද මා අතීතයට ගරු කරන්නෙමි.අතීතය දෙස බලා සැනසෙන්නෙමි.අතීත කතාව ගොඩ නගන්නෙමි.

ඇත් දල වලින් කෙරූ විශිෂ්ඨ කැමයම් සහිත පෙට්ටගම් අපේ ඉතිහාසය පිලිබඳව කතාව   කැටයම් කොට පෙන්නා ඇත.අතීතයේ කතාවෙහි හිස් තැන් ඒ රූප අධ්‍යයනය කොට ගොඩ නැගීමට හැකිය.ඒ අතීතය අපට වටින්නේය.එය අන් ජාතියකට වටින්නෙ නැත.ඒ දෙස බලා මා අතීතයට යන්නෙමි.එහි සැරි සරන්නෙමි.කතාව ගොඩ නගන්නෙමි.මා හට ඇති එකම සතුට එයයි.එනිසා ඔබ ලඟ තිබේ නම් එවන් රූප නොපමාව මා වෙත එවන්න මෙන් මා කාරුණිකව නැවත නැවතත් ඉල්ලා සිටිමි.

 අපිට අයිති දෑ අපට නැත.මේ ඒ පිලිබඳව සොයා බැලීමකි.ඇස් වලින් බලන්න ඔබගේ හදවත මදකට නතර වනු ඇති.විටෙක හින් රිදුමක් ඇති වි ඔබේ මුලු සර්වංගයම රිදිල්ලෙන් කම්පිත වනු ඇති.ඒ අපිට අයිති දේය.ඒත් ඇත්තේ පිට රටකය.


"දෙවැනි රාජසිංහ රජු කස්තාන කඩුවක් පැළඳ සිටින ආකාරය රොබට් නොක්ස්ගේ An Historical Relation of Ceylon කෘතියේ දැක්වේ. විමලධර්ම සූරිය රජු කස්තාන කඩු පැළඳ සිටින ආකාරය සහිත චිත්‍ර ඕලන්ද ජාතිකයන් ලියූ කෘතිවල හමුවේ. අපේ රජවරු කස්තාන භාවිත කළත් ජාතික කෞතුකාගාරයේ ඇත්තේ එක් රජකුගේ කස්තානයක් පමණි. ඒ 1 වන බුවනෙකබාහු (1272 - 1284) රජුගේය. හතරවන විජයබාහු රජුගේ සොයුරා වූ ඔහු යාපහුව රාජධානිය කරගත්තේය. දෙවන රාජසිංහ (1635 – 1687) සහ කීර්ති ශ්‍රී රාජසිංහ (1742 – 1781) යන රජවරැන්ගේ කස්තාන කඩු ලන්දේසි පාලන සමයේදී රැගෙන ගොස් තිබේ. ඒවා අද ඕලන්ද කෞතුකාගාර සරසන පුරාවස්තු බවට පත්ව ඇත." ( පුවතක් :-දේශය 2017 අගෝස්තු 5 )

රුසියාවෙන් අපේ කඩු කසථානයක් හමුවි ඇත.මෙයයි ඒ.


ඉන්දියාවේ තරුව ලංකාවේ මැනිකක් කියල දන්නවද ?


ඉන්දියාවේ තරුව කැරට් 563.35 (ග්රෑම් 112.67) තරු මැණික් වර්ගයකි, එය ලොව විශාලතම මැණික් වලින් එකකි. [1] [අ] එය පාහේ දෝෂ රහිත වන අතර ගල දෙපස තරු ඇති බැවින් එය අසාමාන්‍යය.  .  අළු පැහැති නිල් මැණික ශ්‍රී ලංකාවේ හෑරූ අතර එය නිව්යෝර්ක් නගරයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

ගලෙහි කිරි ගුණය ඇති වන්නේ තාරකා ආචරණයට වගකිව යුතු රූටයිල් නම් ඛනිජමය ඛනිජ ලවණ නිසා ය.  ඛනිජයේ ඉතා කුඩා තන්තු, මැණික් තුළ තුන් ගුණයක රටාවකට පෙලගැසී ඇති අතර, එන ආලෝකය තාරකා රටාවට පිළිබිඹු කරයි..
මෙම මැනික මිල කල නොහැකිය.ඔබට දැක බලා ගැනිමට ඒ මැනික් පාශානයෙත් ඡායා රූපයක් මෙහි දමමි.


වියානා කෞතුකාගාරයේ අපට අයිති ඇත් දල වලින් නිමවු පෙට්ටගමක් ඇත.එය මිල කල නොහැක.පසාරු කැටයමින් කල එය ලාංකිය කලා නිර්මාන කරුවාගේ අගනා නිර්මානයකි.


බුද්ධ ප්‍රතිමාවක් ජර්මන් කෞතුකාගායේ ඇත.කාල වකවානු පිලිබඳව මෙහිදි සඳහන් නොකරන අතර පසු ලිපියකින් ඒ පිලිබඳව ඔබට මා ගෙනෙන්නට කටයුතු කරන්නෙමු.


ලන්ඩන් වේක්ටෝරියා කෞතුකාගාරයේ හා ඇල්බට් කෞතුකාගාරයේ ඇත් දල කැබිනට්ටු ඔබට දක්නට ලැබෙනු ඇත.ඒ ලාංකිය උරුමයයි.හදවත ඔබගේ ගිනි ගනු ඇත ඒ කලා නිර්මාන දකින විට.

1745 නුවර රජුට අයත් කාලතුවකකුව.ලංකාවේ නිර්මානයක් ලෙස ලංකාවේ යුද්ද භාන්ඩයක් ලෙසත් මේඩ් ඉන් ශ්‍රි ලංකා ලෙසත් මෙය මා ඔබට හදුන්වා දෙන්නෙමු.අද නෙදර්ලන්ත ඇමැස්ටර්ඩෑම් හි කෞතුකාගාරයක දක්නට ලැබේ.

තවත් පැරිසියේ කිරිති ශ්‍රී රාජසිඅංහ රජුට අයත් තල් පත් කුඩයක් දක්නට ලැබෙන බව කියවේ.නමුත් ඒ සම්බන්ධ කිසිදු රුපයක් මා හට අන්තර්ජාලයෙන් සොයා ගැනිමට නොහැකි විය.පැරිසියේ වෙසෙන ලංකිකයනි එහි රූපයක් වෙතොත් එවන්න යැයි ආරාධනා කරමු.


තාරා දේවි ප්‍රතිමාව බ්‍රිතාන්‍ය කෞතුකාගාරය.




මේ සියල්ලට වඩා විශාල සංඛ්‍යාවක් විවිධ දේශයන්හි අපේ කෞතුක භාන්ඩ දක්නට ලැබේ.ඒ පිලිබඳව ඔබ වෙත පසු ලිපියකින් ගෙන එන්නට කටයුතු කරන්නෙමු.ඔබ මේ ලිපිය අතින් අත යවන්න. සමාජය දැනුවත් කරන්න.මා වැරදි නම් මාද දැනුවත් කරන්න.මෙසේ විශාල කෞතුක භාන්ඩ රැසක් වෙන රටවල් වල කුණු කොල්ලයට විකිනෙනු ඇත.තවද අවු වැසි වලට ලක්ව විනාශ වනු ඇත.ලිපි ලේඛන විශාල ප්‍රමානයක් කාවන්ට බිලි වනු ඇත.ඒ සියල්ලෙහිම ඇත්තෙ සිහල දැනුමයි.අපේ දේයි.කරුනාකර එය අප හට ලබා ගන්න බලපෑම් කරන්න.ඔබ සේහල දීපයට ආදරය කරන්න.අතීතයට මුතුන් මිත්තන්ට ආදරය කරන්න.
අතීත මුතුන් මිත්තන් මෙවන් නිර්මාන කලේ බයෙන් සලිත වි නොවේ."අවශය තාවයක් එන්නම ඕනෙ නිපයුමක් බිහිවෙන්න" ඔවුන් කලේ එයයි අප එය රැක රැක ගත යුතුයි.ඔවුන්ගේ කලාව දාඩිය මහන්සිය තාක්ශනය ඒ සියල්ලම මේ මිල කල නොහැකි කලා නිර්මාන පුරාවස්තු වල ගැබ්ව ඇත.සිහලදීපයට ආදරය කරන්න.රටක් ලෑස ඉදිරියට යනවා විනා එකෙක් ලෙස ඉදිරියට යා නොහැකි බව ඔබේ දරුවාට දැන් දැන්ම කියා දෙන්න.



සිවුවන ලිපියෙන් මූන ගැසෙමු.විජය ගෙන් පැවත එනවාද මාගේ සිවුවන ලිපිය වනු ඇත.සිහලදීපයට ජය.
(රූප අනුග්‍රහය ගූගල්)


....ඉශාන් වත්තේගම ( දුකා) ...    
2019/09/16
achinthaishanwaththegama@gmail.com


Wednesday, September 11, 2019

සුදුසුකම්.......දෙවන දිගහැරුම

දෙවන දිගහැරුම

සුදුසුකම්.......



මුලින්ම කියන්න ඕනෙ මං සිහල රටේ පුරවැසියෙක්.මට හිමි වගකිම තමා මං මේ ඉටු කරන්නෙ.මං වගේ තව බොහො දෙනෙක් ඉන්නව.නොදන්න දේ හොයන කියන.ඒ අයගෙන් මං එක් අයෙක් පමනයි.මට තිබ්බ උනක්.දරුනුවට වැලදුනු උනක්.ඉතිහාසය පිලිබඳව.අපේ ඉතිහාසය පිලිබඳව හදාරන්න උනක්.අපේ අක්මුල් හොයාගෙන යන්න තියෙන උනක්.ඔයාලටත් තියන නිසා තමා මං ගැන මේ ඉස්සෙල්ල කියපු කරුනු ගැන ඔයාල හොයන්න මහන්සි උනේ.මෙතනදි තව දෙයක් කියන්න ඕනෙ අපි හැමෝටම තියනව අතීතය ගැන හොයන්න උනක්.පෙලක් අය තාප්පෙට කන තියාන එහා ගෙදර වෙන්නෙ මොනවද කියල හොයනව වගේ රබර් ඇහැ දානව වගේ ඔයාලටත් තියනව හොයන්න උනක්.ඒ අපේ හැටි.මොකද අපි ඒ කාලෙ ඉඳන්ම හොයන උන් නැත්තම් තාම අපි කැලේ.ගල්ලෙන් වල.ගල්ලෙනෙන් එලියට ඇවිත් මේ තරම් දියුනු සමාජයක් බිහි කර ගත්තෙත් වැඩ ලේසි කර ගන්න එක එක උපකරන සොයා ගත්තෙත් අපිට තියන වෙනස් විමේ ආශාව වගේම අධික හෙවිල්ල නිසාම තමා.ඒ වගේ තමා මටත් පොඩි කාලෙ තිබ්බ හොයන්න අතීතය.දැන් කියාවි ඉතිහාසය කන්නද කියල.ඔවු ඉතිහාසය කන්නත් පුලුවන්.කාල හොඳට දිරව ගත්ත නම් ඔයාල හැදිල මේ වෙනකොට.පිට රටවල් වල ඉතිහාසය කීයන විශය පිලිබඳව ලොකු තැනක් දීල තියනව රජයන් වලින්. ඒකට හේතුවක් තියනව රටේ ජනතාවට ඉන්න හිතෙන රටක් හදන්නෙ මේ ඉතිහාසයෙන්.ඒ වගේම පොඩි මොරාල් එකක් එනව අතීත මුතුන් මිත්තන් කරපු වැඩ ගැන හිතුවම ඇහුවහම. ඕන කෙනෙක්ට.අනික තමා ආත්ම අභිමානය.ඒක නැතුව රටට ආදරේ කරන පුරවැසියො හදන්න බෑ.අතිතය තමා වර්තමනය හැඩ කරන්නෙ කියල කතාවක් තියනව.එහෙම කියන්නෙ අතීතයේ කරපු සමහරක් වැරදි අනාගතේ නොවෙන්න වග බලා ගන්නව කියන කරනාව තමා එයින් කියවෙන්නෙ.
උදාහරනයක් ගත්තොත් සුනාමිය ආව දහස් ගනනක් බිලි උනා මුහුදු රකුසාට. ඒ සුනාමිය දැන් ආවොත් අපි දන්නව කරන්න ඕන දේ.ආරක්ෂන පද්දතියක් සකසල තියනව ජනතාවට දැනුම් දෙන්න.අතීතයෙන් තමා ඒ දැනුම ආවෙ.විහාර මහදේවි කතා පුවත ඔබ අහල ඇති මුහුද ගොඩ ගැලීම අපි හිතුවෙ නෑ ඒක කතාවක් පමනයි කියල පැත්තකට දාල තිබ්බ. ඒත් ඒක උනා.විහාර මහදේවිය මුහුදට බිලි කිරිම කියල දෙයක් අපි දැනගන හිටියෙ ඒත් කැලණිතිස්ස රජතුමා තම දුවනියට අපමන ආදරය කල නිසා ගොඩබිමේ නොතියා නැවු නංවා දියඹට පිටත් කරා කියන එක හිතන්න බැරිද..අනේ දැන් ඉතින් කියාවි සත් සිතින් කල දේට මූ වෙනම අර්ථකතනයක් දෙන්න දඟලනව කියල.හිතේ උපදින දේ ලියල තියන එක තමා මගෙ වැඩේ.මොකද කවද හරි සෙල්ලිපියක් මතු උනොත් මහ පොලොවෙන්."කැලණිතිස්ස රජතෙම තම දෝනිය ඌ විහාරමහදේවියට ඇති අධික ආදරය නිසා මුහුද ගොඩ ගැලීම නිසා විනාශය දැක දෝනියවූ ඈ මහ මුහුදට පිටත් කල බව...."ගොඩබිමට වඩා ආරක්ශිතයිලු සුනාමි එනකොට මුහුද ඒක නොදැන සිටියා කියල හිතන්න පුලුවන්ද අතීත මුතුන් මිත්තන්.


කලා උපාධියට මං හැදෑරුවෙ පුරාවිද්‍යාව, සමාජ විදයාව හා ජනසන්නිවේදනය.වැඩිදුර පුරාවිදයා උරුමය පිලිබඳව ඩිප්ලෝමාවකුත් හැදෑරුව. මගේ මූලික විශය වන්නෙ පුරා විදයාව අනෙකුත් විශයන් ඒකට සමගාමිව යන විශයන් කිහිපයක්. මොකද සමාජ විද්‍යාව තමා විද්‍යාවන්ගේ රජු.ඒ කියන්නෙ යාන්ත්‍ර විද්‍යාවත් ඒකට යටත්.මිනිසා වෙනුවෙන් තමා මේ විද්‍යා සියල්ල බිහි වෙලා තියෙන්නෙ.සමාජය පිලිබඳව හැදෑරිම තමා සමාජ විද්‍යාවෙන් කරන්නෙ.අතීත සමාජය කෙසේ විද වර්තමාන සමාජය කෙසේ විද අනාගත සමාජය කෙසේ වෙයිද යන්න තමා සමාජ විද්‍යාවෙන් නිර්ණය කරන්නෙ.මේ විශය හදාරන අය පිලිබඳව රටේ තැනක් නෑ.මොකද හුදු විශයක් විදිහට තමා සමාජ විදයාව හදුන්වන්නෙ ඒත් ඒකෙන් වෙන සේවය ඉතා විශාලයි.ඔය ප්රතිපත්ති තීරන ගන්න පාර්ලිමේන්තුව වගේ ආයතන වල ඇත්තටම සමාජ විදයාව ඉගනගත් පිරිසක් ඉන්න ඕනෙ කියන එකයි මගෙ මතය.අවුලක් ආවම නීති හදන්න දඟලන ඒ ආයතන අවුලට මුක්කුව කියල නිති හදන්නෙ ඒත් සමාජ විදයාව හදාරන කෙනා අතිතයේ මෙසේ විද වර්ථමානයේ මෙසේ වුයේ ඇයි අනාගතේ මේ අවුල කොතෙක් දුරට වෙනස් ස්වරූපයකින් පෙනෙයිද කියල බලල වාර්ථාවක් දුන්නෙත් අනාගතයටත් සරිලන නිතියක් කෙටුම්පතක් හදාගන්න පුලුවන් වේවි කියන අදහස මට තියනව.සමාජයේ වෙනස් කම තමයි ෂමාජ විදයාව විශයෙන් පිලිබිබු කරන්නෙ.ඉතින් පුරා විද්‍යාව සමාජයේ අතීතය සොයන විශයක් ඒක ලිඛිත ශාක්ෂි මත,අලිඛිත ශාක්ෂි මත ඒ කියන්නෙ කට කතා ජන කතා වගේ දේවල් වගේම ද්‍රව්‍යය මය සාක්ෂි මත පදනම් වු විශයක්.ඒ කියන්නෙ නානක විද්‍යාව ඒ කියන්නෙ කාසි විද්‍යාව මත සෙල්ලිපි ශාක්ෂි මත හා මිනිසා නිර්මානය කෙරු දේ මත වගේම ශාක විද්‍යාව මත වගේම නොයෙක් නූතන විද්‍යාවන් මත පදනම් වු විශයක්. ඒ කියන්නෙ විද්‍යාවන් ගනනාවක් පුරා විද්‍යාව සමග සම්බන්ධයි කියන්න පුලුවන්.පුරා විදයාව කියන්නෙ විදයාවන්ගෙ එකතුවක්.ඉතින් ඒ වගේම මං ආස කරා ජන සන්නිවේදනයට.පුරා විද්‍යාව මගේ මූලික විශය නම් ඒව මිනිස්සුන්ට ගෙන යාමේ වාහකය තමා ජන සන්නිවේදනය ඒව අපි ලඟ පමනක් තිබුනාට වැඩක් නෑ.ජන ගත කරන්න ඕනෙ.නවමු දැනුම සම්පාදනය වගේම ඒව සාමාන්‍ය මිනිසාත් දැනගත යුතුයි.එතකොට තමා ශක්තිමත් හා බුද්ධිමත් ජනතාවක් ගොඩ නගන්න පුලුවන්.රටට ආදරය කරන දරු පරපුරක් හදන්න පුලුවන්.එතකොටයි අනාගතය ලස්සන කරන්න පුලුවන්. මේ කර කර ඉන්නෙත් ඒ වැඩේ.ඇත්තටම මං රැකියාව විදිහට ජනමාධ්‍යය හා සම්බන්ධයි.ඒත් අද පවතින ජනමාධ්‍යය භාවිතය ගැන සලකතොත් ඉතිහාසය පුරා විද්‍යා විශයේ සොයාගත් නව දැනුම ජනමාධ්‍යය ආයතන වලට එතරම් වැඩක් නෑ.ඔවුන්ට තියනව රට කොටවන වැඩ දේශපාලන පොර පිටි පෞද්ගලික ඕනෑ එපාකම්.රටට හෙන ගැහුවත් ඔවුන්ගේ මඩි පිරවෙනවා නම් එතනින් එහාට ඔවුන්ගේ කාර්යභාරය එච්චරයි.ඒත් මා ඉගන ගත් ජනමාධ්‍යය එසේ නොවුනත් මා හට තර්ක කල නොහැකියි.මා මුල් කාලයේ කොතරම් අතීතය පිලිබඳ යම් වැඩසටහනක් කරමු යැයි ඇවිටිලි කරත් ඒව ගඟට දැමූ ඉනි වලටත් වඩා වේගයෙන් ගඟ පහලට ගසා ගියේ රට ජනයා ඔවුන්ට එතරම් වැඩක් නැති නිසා වන්නට ඇති.ඒත් මා ඉගෙනගත් දෙය ජනයාට පෙන්විමට දැනුවත් කිරිමට මේ ක්රමය සොයා ගැනීම මාගේ හිතේ පවතින ජාතික වගකීම ඉටුකොට රටට ආදරය කරනා පුර වැසියෙක් ලෙස සිහලරට මහ පොලොවට පස් විමට මා හට රුකුලක් වනු ඇති.මා දුප්පත් මිනිසුන්ගේ බදු මුදලින් ඉගන ගත් නිසා මා ඔවුන්ට කල යුතු කාර්යභාරයක් ඇති බව තදින්ම විශ්වාස කරමි.තවද මා ඉගනගත් දේවලින් පිට රට ගොස් දැනුම ඔවුන්ට විකුනනවාට වඩා මා වෙනුවෙන් දහඩිය කදුලු වැපිරු සිහලරට පුරවැසියාට මා උකහා ගත් දැනුම දෙන්නෙමු. මා පොත පත කියවා විටෙක පුස්තකාල වල පැය ගනන් වෙහෙස වී සොයා ගත් දැනුම මහාචාර්ය වරුන්ගේ නොයෙක් දේශකයන්ගේ කතිකා අසා දැනගත් දැනුමත් විටෙක අන්තර්ජාලය ඔස්සේ හොයා ගත් දැනුමත් එක්කොට යම් කතිකාවතක් ගොඩ නැගිය හැකිනම් එය මා ලැබු ජයග්‍රහනයක් වනු ඇත.එය ජාතික වගකිමක් ලෙස මා සිතන්නෙ නොදානුවත් පිරිස දැනුමෙන් පරිපුරනත්වයට පත් කල හොත් මේ සියල්ලට විසදුම විනය ජාතික හැගිම ඔස්සේ රට ඉදිරියට යයි යන්න මා දැඩිලෙස එල්බගත් කරුනක් නිසාය.


පෙලක් ඉතිහාසගත කරුනු අප ඉගෙනගත් පොත පත තුල තියනව.තවත් දේවල් තියනව අපි ඉගනගන්නා ආගම මත ඒ වගේම කට කතා ජන කතා ගත තොරතුරුත් තියනව.අපි කොහොමද මේ තොරතුරුත් සමඟ ශාක්ෂිගත ඉතිහාසයක් සකසන්නෙ ඒ ඉතිහස ගත තොරතුරු වල නිවැරදි තාව සකසන්නෙ ඒක තමා මේ කරන්නෙ. අන්න එතනදි තමා පුරාවිද්‍යා විශය අවශ්‍ය වෙන්නෙ.නිවැරදි අතීතයක් ගොඩ නැගීම.ලොවක් පිලිගත් ශාක්ෂි ගත ඉතිහාසයක් ගොඩ නැගීම තමා මුලික පරමාර්ථ වෙන්නෙ.ඒකයි මේ කරන්න හදන්නෙ.

විටෙක පැරනි ඉතිහාසය පුරා විද්‍යාත්මක ශාක්ෂි මාන සමාජය තුල සමාජ විද්‍යාව ඔස්සේ තිබේද යන්න සොයා බලමින් මා කල පරේක්ශන මෙහිදි වැදගත් වන බවත් එය ලියා තබන බවත් මෙහිදි සඳහන් කල යුතුය. නොයෙක් නොයෙක් සමාජ ක්‍රම තුල ජනයා තුල අදද පෙලක් සිහල රටේ සිරිත් විරිත් යාතු කර්ම පිලිබඳ තොරතුරු මෙහිදි ශාක්ශි වශයෙන් මා ලිපි මාලාව තුල ඇතුලත් කරන්නට පුලුවන්.එයට උදාහරනයක් දෙන්නම්


 බුලත් විට අතීතයේ සිට පැවතගෙන එන කෑමක්.රජ දවස බුලත් සපයන්න පවා කට්ටිය ඉඳල තියනව බුලත් යෝධයාගේ කතාව හොයල බලන්න.අද වන විට තරුන අයත් කනව.මුලදි හුනු දුංකල මේ විට සඳහා නැති දෙයක්.බුලත් පුවක් සාදික්කා වසාවාසි ඉගුරුපියලි කොත්තමල්ලි සූදුරු කරාබු නැටි  තමා විට භාවිතා කරල තියෙන්නෙ.ඇත්තටම විට කෑවෙ ඇයි.දැන් උන් චුයින්ගම් කන්නෙ ඇයි.ඔය වැඩ කරන අය සහ ක්‍රිඩකයන් තමා විශාල වශයෙන් ඕව කන්නෙ.ඔවුන් කරන වැඩ වලට අවශ්‍යය ඔක්සිජන් වැඩි ප්‍රමානයක් ලබා ගැනිම තමා චුයින්ගම් හැපීමෙන් කරන්නෙ ඒ වගේ තමා විටත්.හෙළයා මේ විටෙකත් කන්නෙ ගොවිතැනේදී අධික ලෙස ඔක්සිජන් අවශ්‍යය නිසා. තව කාරනාවක් තිබ්බ ඔවුන්ගේ කට ගොරෝසු කර ගන්නත් විට භාවිතා කරා සකලයන් හැඹිම ඒ කියන්නෙ ගොවි තැනකදි එන කුරුල්ලන් එලවන්න වන සතුන් එලවන්න ඔවුන්ට කෑ ගසන්න ඕන උනා මේ විට වලින් කට හඬ ගොරෝසු කරන ශබ්දය පිට කරන ගතියක් වර්ධනය කරන්න පුලුවන් උනා.මෙහෙම හිතේ පවතින දේකුත් විට සම්බන්ධව තියනව.ඒකත් කියන්නම් ඉස්සර මිනිසා උනත් පොතු කොල කාල තියනව සභහර විට මේ පොතු කොල කන්නට ඇති රෝග සඳහා තවත් විටක මේ කොල පොතු කන්නට ඇති භාශනයේ පහසුව සඳහා.ස්වරාලය සමනය කිරිම සඳහා.සූකිරි,ඉගුරු, මි පැනි පිලේබඳව සලකල බලතොත් ඒකම තමා මිනිස්සු කන්නෙ.ඔය විට හාමුදුරු වරු කනව සියල්ල දාල ශබ්ධය හදා ගන්න පාලි ගාථා නිසි ඝන පේහිටවා උච්චාරනයට තමා ඒව කන්නෙ.ඉංග්රිසි කියන්න බැරි වෙයි විට කෑවොත් අපේ පැරැන්නො කියපු කතාවක්.දියාරු ශබ්ධය සහ ලෙහෙසි භාශාවක් ඉංග්රිසි හැමෝටම අල්ලගන්න පුලුවන්. ඒත් සිහල බස එහෙම නෑ ඉතින් විට කාල හදා ගත්තු කටට සිහල බස මුමුනන්න පුලුවන් උනා ඒත් වෙනස හොඳටම තේරුනා වන්නට පුලුවන් ඉංග්රිසි බස හසුරනකොට.ඒ වගේම කට තමා බලපාන්නෙ ශරීර සෞඛ්‍ය හරි මගට ගන්න.අපි අදත් කන දේ තමා පරහට හිටින්නේ ගොඩක් රෝග වලට මේ කුළුබඩු දාල කනකොට කට තුල තියන විෂබීජ හරණය කරන හැකියාවක් තිබ්බ.අනික ඔය අපි දැන් පාවිචිචි කරන දත් බෙහෙත් වල තියනව නේද කැල්සියම් ඇවිත් දතේ කුහර පුරවනවා කියල පෙන්නන රූප.ඇත්තටම ඒක වෙනවද කියල හොයල බලන්න එක තමා ඔයා මුලින්ම කරන්න ඕනෙ.එලියෙන් එන කැල්සියම් වලින් දත් වලි හිල් පිරෙන්නට නෑ කියල තමා ඉතින් කියන්න තියෙන්නෙ.දත් වල කුහර පිරෙන්නට ඇඟ ඇතුලෙන් කැල්සියම් එන්න ඕනෙ.හැබැයි මේ විට වලදි කුහර හැදිල තියනවනම් කහට නිසා කටේ කුහර වලට පැලැස්තරයක් දානව.මෙතනදි ඉස්සර පොඩි කාලෙදි තුවාල කර ගත්තම අච්චි අම්ම කියනව කොපි දලුයි අමු කහයි තලල තිබ්බනම් හරි කියල.කහ හොඳ විශබීජ නාශකයක් ඒ වගේම කෝපි දල්ලෙ කහට අධිකයි.මෙතනදි වෙන්නෙ කහ වලින් තුවාල තුල ඇති විශබීජ හරනය කරන එක ඒ වගේම කෝපි දල්ල කහට පිපිල පැලැස්තරයක් දානව.දැන් ඈයො බයයි ඕව කරන්න.ඒත් අතීතයේ මිනිස්සු අත් බෙහෙත් දැනන් හිටිය.ඒව කටින් කට ආපු දේවල්.අපි එක පාරම ඒව අපෙන් ඈත් කරා.ඒ වගේ දෙයක් විට කහට වලින් වෙනව ඇති.

ඒ වගේම සැපිම නිසා දත් විදුරු මස හයි වෙනව. මෙතනදි ආදි මානව දත් වලත් කහට ගස් කෑව කියල ඛතාවක් තියනව මුඛ සෞඛය සඳහා.පිකින් මානව උදාහරනයක් විදිහට ගන්න පුලුවන්.එතනදි තවත් ලොකු වෙන්නෙ නෑ කුහර විෂබීජ නසන ගුණයක් සහ කට සුවඳ කරන ගුණයක් තියනව එනසාල් කරාබු නැටි වල.මෙතනදි කියන්න දෙයක් තියනව තවත් ඕනවට වඩා ඕනම දෙයක් ඕනෙ නෑ කියල.මොකද විට ගොඩක් කනව නම් ඒකෙන් පිලිකා වගේ දේවල් එන්න පුලුවන් කියන අදහසත් මෙහිදී පෙන්වා දෙන්න ඕනෙ.මොකද ඒක නවින වෙදකමේ තියනව.ඒ ගැනත් සැලකිලිමත් වන්න.

බුලත් වල වටිනාකම .......



උපුටා ගැනීමක් මේ ........(පහල කොටස )

(බුලත් කොළවල ඇස්පාටික් අම්ලය, ලයිසීන්, ග්ලූටමික් අම්ලය, ප්‍රෝලින්, වේලින්, ලියුසීන්, අයිසො ලියුසීන් මෙතියොනින්, ත්‍රියෝනින් යන ඇමයිනෝ අම්ල ද පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, මැංගනීස්, කොපර්, සින්ක් සහ යකඩ ද අඩංගුය. එසේම බුලත්වල අඩංගු ඉයුජිනෝල්, චවි බිටෝල්, පීනෝල් නිසා බුලත් කොළවල ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති වේ. මේවා බුලත් කොළවල ඇති ප්‍රධාන ක්‍රියාකාරී රසායනික සංයෝග වේ.

ඒ නිසා ශරීරයේ නිපදවෙන ඔක්සිකාරක මුක්ත ඛණ්ඩ ඉවත් කර ශරීරය නිරෝගී කිරීමේ හැකියාව බුලත් කොළවල ඇත. ඒ නිසා පිළිකා වැළැක්වීම, දියවැඩියාව වැළැක්වීම, හෘද වස්තුව ආරක්ෂා කිරීම, අක්මාව සහ ආහාර මාර්ග පද්ධතිය ආරක්ෂා කිරීම, මුත්‍රා ආබාධ සුව කිරීම, විෂබීජ නාශනය, ප්‍රතිප්‍රදාහ ගුණය සහ කැස්ස සමනය කිරීම වැනි ඖෂධීය ගුණාංග රාශියක් බුලත් කොළවල අඩංගු වේ.

ඉහත රසායනික සංයුතිය සැලකූ විට පෙනී යන ප්‍රධාන කාරණය වන්නේ බුලත් කොළවල පිළිකා කාරක කිසිවක් අඩංගු වී නැති බවය. බුලත්වල අඩංගු වන්නේ පිළිකා නාශකය‍. නමුත් දුම්කොළවල රසායනික සංයුතිය සැලකීමේදී පෙනී යන්නේ එහි පිළිකා කාරක අඩංගු වන බවයි.( මේ දුම්කොල සහ හුනු ආවෙ සුද්දගෙ කාලෙ කියලයි කියන්න තියෙන්නෙ )

දුම්කොළවල පිළිකා කාරක නයිට්‍රෝ සංයෝග බොහෝමයක් අඩංගුය. එනම් නයිට්‍රෝයෝ පිපෙරතීන්, නයිට්‍රෝසෝ නිකොටීන්, නයිට්‍රෝසෝ ප්‍රෝලීන්, නයිට්‍රෝසෝ ඩයිඑතැනොනලැමීන් යන නයිට්‍රෝ සංයෝග දුම්කොළවල අන්තර්ගත ය. මේවා පූර්ව පිළිකා සංයෝග වේ.

බුලත්වල අඩංගු Piper betol, Piperol A, Piperol B වැනි සංයෝග රුධිර පට්ටිකාවල Platelet aggregation නම් ක්‍රියාවලිය නිෂේධනය කරයි. එයින් රුධිර කැටි ඇති වීම වළක්වයි. ඒ නිසා හෘදයාබාධ ඇති වීම වළක්වයි. බුලත්වල ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ හැකියාව ඇත.

අක්මාව ආරක්ෂා කිරීමේ හැකියාව ඇත. ශරීර උෂ්ණත්වය පාලනය කරයි. බුලත්වල නිර්වින්දන ගුණ ඇත. බුලත් නිසා මානසික පීඩනය අඩු කෙරේ. මේ අනුව බුලත් යනු මහඟු ඖෂධයකි.

( මෙහෙම තිබ්බ එක්තරා ලිපියක සොයා බලා තීරනය කරන්න.උපුටා ගැනීම අවසානයි)

අදත් කරාබු නැටි දත් බෙහෙත් වලට දාන්නෙ ඒකයි.අපේ උන්ට වටීන්නෙ රටින් එන ලොකු ලොකු නම්නෙ.ක්ලෝරයීඩ් තියන ඒව කියල කියායි නැති ඒව කියයි.ඔය දත් බෙහෙත් කනවනම් ඔය කැල්සියම් ක්ලෝරයිඩ් උරා ගනී.නැතුව ඒවයෙන් දත් මැද්දට වැඩක් වෙයි කියල නම් ඉතින් කියන්න දන්නෙ නෑ මං.අනේක ආසාධනය හරණය කරනව මේ ස්වභාවිකව බෙහෙත් නිසා.කට පරිස්සං කර ගන්න තමා අතීතයේ මිනිස්සු බලුවෙ.මොකද හොඳටත් කට නරකටත් කට කියල ඔවුන් දැනගෙන හිටිය. ඔයාල දැන් දත්ත මදින දත් බෙහෙත් කෑවොත් නම් කැල්සියම් උරාගෙන දත්ත කුහරය සනීප වෙයි.අනික තමා බුලත් තියන චර්ම රෝග නසන ගුණය.මෙහිදි කැලේ කොලේ ඇවිදින අතිත හෙළයා වෙලාවකට කටු පදුරු වලට කපා ගත්ත විසබීජ හරනය කරන ගුනයක් බුලත් වල ඇති නිසා සහ චර්ම රෝග වලට හොඳ නිසා ඒ චර්ම ප්‍රකුර්ති කරන්න එය උදවු උනා.මෙතනදි කොටල වන දද කුශ්ඨ වලට ගාන්නට ඇති බුලත්.අද වන විට අපිට බුලත් අගය නැති උනත් පිට රටවල් වලින් එන චර්මය සඳහා ආලේපන වල බුලත් යුශ අන්තර් ගත වෙලා තියනව කියල ඔබ නොදන්නවා ඇති.අපිට නැති උන දේ ඕව.අපේ දේ අපි පිට රටට දුන්න.



අපි උන්ගෙන් සල්ලි වලට ගත්ත අපේම දේ.මේ තත්වය නැති කරන්න තමා මේ ලිපි ලියන්නෙ.

විටෙක ජන සන්නිවේදන ගත තොරතුරුත් ප්‍රාදේශිය භාශාවෙහි නොනැසි පවතින පැරනි ජන වහරද මෙහිදි පෙන්වා දෙන්නනෙ සිහල රට සිහලුන් එක ජාතියක එක රටක අයවලුන් යැයි පෙන්නීමටයි.

තවත් කරුනක් නම් කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වරුන් වන මාලිංග අමරසේකර, උදාහෙට්ටිගේ මහාචාර්ය තුමියත් ප්‍රිශාන්ත ගුනවර්ධන මහාචාර්ය තුමාත්, මහාචාර්ය අමරසේකර මහතාත්   පශ්චාත් උපාධි අංශයේ රාජ් සෝමදේව මහාචාර්ය තුමාත් මෙහිදි මගේ ඇස් පෑදූ බව සඳහන් කල යුතුයි.තවද ඔවුන් අදත් තම ජාතික කර්තව්‍යය කෑලෑ කොලේ ඇවිදිමින් පස පෙරලමින් කරනු ලබන්නේ වැලලුනු ඉතිහාසයේ නිම් වලලු පුලුල් කිරිමේ අදහසිනි.එසේම සිහලරට ප්‍රෞඩ උරුමයක් අපහට දායාද කිරිමේ අදහසිනි.තවද මා හට නියත විවරන දුන් පොඩ් සර් සහ ලොකු සර් මා ආදරයෙන් මතක් කරන්නේය.ඔවුන්ගේ නම ලොකු සර් සහ පොඩි සර්ය.තවත් මට ලොකු සර් ලා හමුවෙනු ඇත පොඩි සර්ලාද හමුවනු ඇත.ඔබද මා නොදන්නා කරුනු කියනු ඇත ඔබත් ලොකු හෝ පොඩි සර්ලාය.ඔවුන් මාගේ ඇස් නොපෑදුවා නම් මටත් රට ජාතිය ගැන කැක්කුමක් නොතිබෙන්නට තිබිනි.අවසන් වශයෙන් මා හා සැමදා එකට සිටි මගේ පුරාවිද්‍යා සනුහරය වු වලන් කට්ටන්ද මෙහිදි මතක් කල යුතුය.වල බහින විට මා හට නෝට් දුන්නේ ඔවුන්ය.මා වැටෙන විට අත දුන්නේ ඔවුන්ය.මා මාගේ ජාතික වගකිම හා මගේ වගකීම ඉටුකල යුතුය.සදොස් තැන් නිවාරදි කරන්නටත් නව දැනුම් පිපාසාවෙන් සිටින මා හට නවමු දැනුම ඔබ දත් දැනුම දෙන්නටත් මෙහිදි මම ඔබට ආරාධනා කරමි.තවද මා වැරදි නම් සෑදීමටත් යුතුකමක් ඔබට ඇත.ඒ ඔබ මහ සමාජය වන නිසාය.මම දන්නා දේට වඩා නොදන්නා දේ ඇති බව මා දනිමි.කතිකාවක් නිර්මානය කොට සමාජය දැනුමෙන් පෝෂනය වූ කල විනය සැදෙනු ඇත.සිහල රටේ අප සියල්ලෝම එකා වන්ව සිහල රටට ආදරය කල යුතු කාලය එලඹ ඇත.මෙහිදි මා වැරදි නම් නිවැරදි කිරිමටත් නව දැනුම ඇත්නම් මා දැනුවත් කරන්නටත් ඔබට හැකිය.
තවත් දෙයක් කීමට තිබේ මා කිසිදු සංගමයක නැත සේනා සංවිධාන මට අවශය නැත ආගමික සංවිධාන මට අවශ්‍යයය නැත.දේශපාලන පක්ශ අවශ්‍යයය නැත.ලේ යැයි කියාගත් සංවිධාන වලට මම නැත.පොත් පිලියල කොට විකුනන්නේද නැත.මා ඉගෙනගත් දෙය රැකියාවකට සුදුසුකමක් ලෙසම පමනක් මා සිතන්නේ නැත.මම තවත් අයෙකුගේ ඇස පෑදිය යුතුය.එය මගේ වගකීමද වනු ඇත.සිහල රට පුරවැසියෙක් ලෙස මාගේ යුතුකම පමනක් මා කරනු ඇත.

   achinthaishanwaththegama@gmail.com යන විද්‍යුත් ලිපිනයට ඔබගේ අදහස් දක්වන්නේ නම් එය අගය කොට සලකන අතරම.මාගේ දුකාගේ අඩවිය https://dukagekolama.blogspot.com/?m=1බ්ලෝග් ලිපිනයට මෙන්ම ishan wattagama මුහුනු පොතටත් තම අදහස් උදහස් පල කර හැකිය.තවද මේ ලිපි සියල්ල තවත් අයෙකු දානුමෙන් පෝශනය කරීම උදෙසා බෙදා හරින්නේ නම් එය ඔබ කරනා ජාතික වගකිමක් ලෙසත් ඔබගේ යුතුකම ලෙසත් මා සලකන්නේය. සිහල රටේ අප ජාති බේද ආගම් බේද නොමැති සිහලරට තනමු.අතිත සිහල රට නැවත නිර්මානය කොට අපගේ වගකීම අපි නිසි ලෙස ඉටු කරමු.උප නුපන් ජනයාට මෙය උපහාරයක්ම වේවා.


සිහල රටේ අපිට අතීත දැනුම අහිමි කලේ කවුද ඒ ගැන තෙවනි ලිපිය පසුවට කතා කරමු.

......දුකා.....
2019.09.11



Friday, September 6, 2019

සීහල දීප... (1 කොටස)

පලවන කොටස



සීහල දීප.....
"සීහල දීප" කියන නම ගැන කතා කරලම වැඩේ පටන් ගන්න හිතුව.ඇත්තටම සීහලදීප කියන්නෙ "සිලෝන්" කියන නමම තමා.ලංකාවේ ඇත්තටම ඉස්සර පාවිචිචි කරේ සිහල දීප.ඒක තමා සුද්ද "සිලෝන්" කියල කිවුවෙ.උන්ට කියවන්න බෑ දීප ඒ නිසා "සිලෝන්" කියන්න ඇති.සීහල රට්ට,සිංහලීස්, සේලාන්, සෙරන්ඩිප් ඔය නම් ඔක්කොම ඒ ඈයොන් කියවන්න ශබ්ධ කරන්න බැරි නිසා ඒගොල්ලො හදා ගත්තු නම්නඇත්තටම රට රටවල් වල මිනිස්සු ශබ්ද කරන විදිය වෙනස්.මොනව උනත් ඒ සිහල දීප කියන වචනෙ මේ කතාවට මාත්රුකාව කර ගත්ත.මොකද ඒක තමා අපට හිමි නම.ඉස්සර ඉඳන්ම පැවත ආ නම.ඇත්තටම මේ පිලිබඳව විදේශ පැරනි ග්‍රන්ත පරිශීලනය කරන කොටත් සෙල්ලිපි පරිශිලනයේදිත් තියන කරුනක්.ඇත්තටම කිවුවොත් මෙරට පමනක් නෙවෙයි ඉන්දියාවෙත් "සීහල රට්ට" කියල තමා අපේ රට හැදින්වුවෙ ඒ පිලිබඳව පුරාවිද්‍යාත්මක ශාක්ෂි මං පසුවට පවසන්න තියන්නම්.මොකද මේ ටික මම කිවුවෙ කාරනා කාරනා කියල ඒ පිලිබඳව තවත් අදහස් ලබා ගන්න මං කැමතියි.මොනව උනත් මෙතැන් පටන් මේ හැම කරුණක්ම සාකච්චාවට බදුන් වෙන්න ඕන කාරනා.



මම මේ ලිපි සමුදාය ලියන්නෙ රට ගැන කතා කරන්න වගේම මිනිස්සු ගැනත් කතා කරන්න.ඇත්තටම කිවුවොත් මේක ලිපි මාලාවක මුල් කොටස කිවුවොත් නිවැරදී.සමහර කරුනු ඔබලා අසා බලා ඇති නොදන්න කරුනුත් ඇති.ඒත් රට ගැන ජාතිය ගැන සීහලයා ගැන කතාකරන්න කලින් දේවල් ටිකක් තියනව කියන්න.හිමිට හිමිට එකින් එක සාකච්චා කරමු.ඇත්තටම කිවුවොත් රට ගැන ඔබලාට තියන හැගීම මොකක්ද ? රට බල්ලට ගිහිනද ?අපි මොක්කුන්ගෙන්ද පැවත එන්නෙ ? රට ගම දාල යන්න හිතෙනවද ? දෙදාස් පන්සිය ගනනාවක ඉතිහාසය බල බලා ඇවිදිනවද ? රටින් එනකං බලන් ඉන්නවද ? රස්සාව හරියට කරනවද ? රට ගැන දුකද ? දේශපාලනේ ගැන අවුලෙන්ද ? වර්ගවාදීද ? ජාති වාදිද ? ආගම් වාදීද ? පිට රට උන්ට අපේ ඉතිහාසය විකුනනවද ? ජාන හොරකමේ යෙදෙනවද ? පිට රට වල් වල උන් පොරවල්ද ? නිතිය බල්ලට ගිහින්ද  මේ එකි මෙකී නොකි කාරනා අපි කතා කරමු කතිකාවක් ගොඩ නගමු.ලිපි මාලාව හිමිට කියවන්න වෙලා තියෙන කොට පොඩ්ඩ පොඩ්ඩරථටට ආදරේ කරන්න පුරුදු කරන්න හදන්නෙ.ඔබ නොදන්න කරුනු කියල දීල.ඇත්තද කියන්නෙ කියල හිතල බලන්න.මුලින්ම මේ ටිකත් කියන්න ඕනෙ.මං මේ ලියන්නෙ දේශපාලන පක්ශයකට හේත්තු වෙලා එහෙම නෙවෙයි.මට ඔයාල බැලුවත් නොබැලුවත් එකයි.අනික මේව ලිවුව කියල මට දෙයක් ලැබෙන්නෙ නෑ.මට ලයික් වැසි ඕනෙත් නෑ.ඉගන ගත් දේ කියල දිල මගේ යුතුකම ඉටු කිරිල්ලක් තමා මෙතන තියෙන්නෙ.හැදෙන උන් හැදේවි.බොදු බල සේනා,රාවනා බලේ අර බලේ මේ බලේට කඩේ යන්නෙත් නෑ.සිහල දීපයේ රටේ ජනතා මුදලින් ඉගන ගත් දැනුම මහ ජනයාට කියන එක යුතුකම කියල හිතුන නිසයි මේ දේ මම කරන්නෙ.නැතුව දේශන තිය තියා පොරක් වෙන්න සල්ලි වලට ටිකක් ගහ ගහ විකුනන්න පොත් පත් ලියල පල කරන්න මගේ අදහකරන්නෙඅනික මට ඒකට ඒ තරම් ධනයකුත් නෑ..හැමදේම මුදලට යට උන කාලෙ මගේ දැනුම ඒ තරම් හැල්ලුට ලක් නොකර මගේ යුතුකම කිරිල්ල පමනයි මෙතන වෙන්නෙ.අත පය හතර තියනව හම්බු කරන් කන්න.වැරදි වැටහිමෙන් බලන්න එපා මූ මොකටද එන්නෙ කියල.බලල තීරනය කරල හැදෙන්නයි ඕනෙ.මං දන්න දේ මෙතන ඉඳන් කියනව.බලන එකෙක් බලාපල්ලා කියල හිතල.අනික වෙලාවක් කලාවක් නෑ ලිපි දාන මට හිතුන වෙලාවට නිදහස් වෙලාවට දානව.මගේ යුතුකම කරනව ඔයාලට දැනුන නම් තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.ඒක ලොකු උදවුවක් වේවි තව කෙනෙක්ටටතව දෙයක් කියන්න ඕනෙ මගේ වැරදි තියනවනම් හදාගන්න මම කැමතීයි.කරුනු කාරනා පහල ඊමේල් එකට එවන්න පුලුවන්.එතකොට මගෙත් දැනුම් පරාසය පුලුල් වේවි.ඔබ මට වඩා දැනුම ඇත්තවුන් වන්නට පුලුවන් ඒක නිසා ඒව එවන්න.හරි වැරැද්ද පෙන්නන ගමන් ගමනක් යමු.සිහල රටට ආදරය කරන මිනිසුන් හදමු.

ඇත්තටම මේ ලිපි ටික ලියන්න හේතු භූත වූ කාරනා මොනවාද ?

මේ ඉහත කාරනාව ගැන ඔබලාට කුකුසක් ඇති ඒ ගැන තමා මේ කියන්නෙ. ඉස්සෙල්ල අපි දන්න නොදන්න දේවල් වලින්ම කතාව පටන් ගමු.සීහලදීපය ඉනදියානු සාගරයෙන් වටවු භූමි භාගයක්.දූපත වර්ග සැතපුම්....... ගනනාවක හිමි රටක්.ඇත්තටම කිවුවොත් කාටත් යට නොවුනු රටක්.භූ විශමතාව පිලිබඳව සලකා බලනකොට රට අභන්තරයෙන් ගලන ගංගා සමුදායක් මේ පුංචි දිවයිනට හිමියි.ඇත්තෙන්ම කිවුවොත් ලෝකයේ පිරිසිදුම බිමට හැකි ජලය තියන රටවලින් එකක් විදිහම තමා ගනන් ගැනෙන්නෙ දැන් වෙනකොට.ඒක නිසා අපේ රට වතුර විකුණලා උනත් විදේශ විනිමය උත්පාදනය කල රටක්.ඒක ඉතිහාසයෙත් එසේමයි දැනුත් එසේමයි.මොකද ඕන තරම් ශාක්ෂි තියනව ඉතිහාසයේ අපේ රටට සේද මාවතේ විශේෂ තැනක් හිමි උනා කියල කියන.ඒ එකක් තමා නැවු වලට අවශ්‍යයය ජල පහසුකම ලබා ගැනීමට ලංකාවට ගොඩ බැස්ස කියන කාරනාව.අදත් එහෙමයි.බීමට අවශය ජලය ලබා ගැනීමට නැවු එනව කියල තමා කියන්න තියෙන්නෙ.ඕන කෙනෙකුගෙන් ඇහුවොත් ඒ කාරනාව කියයි.එතකොට ජලය විකුනා ධනය උපයාගන්නා රටවල් වලින් එකක් තමා මේ මුහුදෙන් වට වූ ගොඩබිම. වරායන් කිහිපයක් අපේ රටට හිමි ඒ වගේම දූපත් කිහිපයකුත් අපේ රටට හිමි.මේ වරායන් ගැන කියන කොට පලවන ලෝකයේ රටවල් ඇස ගහගෙන සිටින්නෙ ත්‍රිකුණාමල වරායට. ඒක ස්වභාවික වරායක් ඕනම මට්ටමේ යුධ නැවක් පිවිසීමේ හැකියාවත් ස්වාභාවිකව සෑදුනු ගැබුරු ජල පරිමාවකුත් ඒ වගේම ස්වාභාවික දිය කඩනයකුත් මේ ත්‍රිකුණාමල වරායට හිමියි. තවත් කාරනාවක් තියනව වැඩිය කවුරුත් නොදන්න.ඒ තමා ඕනෑම රොකට් එකක් සියලුම රටවල් වලට එල්ල කරන්න පුලුවන් පිහිටීමක තමා ත්‍රිකුණාමල වරාය පිහිටල තියෙන්නෙ.ශාක්ෂි අවශය නෑ ඔබ ගෙදර තියන ලෝක සිතියම අරගෙන බලන්න.කොහොමද කියල.වෙන කිසිම රටකට නැති ගුණයක් තමා ත්‍රිකුණාමල නැවු තටාකාන්ගනේ තියෙන්නෙ.ඒක ගොඩක් ප්‍රසිද්ධ නොකරන කාරනයක් උනාට ඒක ඇමරිකාව, චිනය වගේ රටවල් දන්නව.ලෝකයක් පාලනය කිරිමේ හැකියාව මේ වරාය සතුයි කියල තමා කියන්නෙ.අපිට කැරට් අල දීල ඒ අය දත කන්නෙ ත්‍රිකුණාමල වරාය අත්පත් කර ගන්න.ඊලාම් දේශය කොටින්ගෙ ඔය වරායත් එකතු කරල තමා ඇඳල තිබ්බෙ.දුන්නනම් කොහොමද කියල හිතල බලන්න.



අපේ ජනයාට මේක කිවුවට අවුලක් නැති වේවි.මොකද මේ ලිපි වලින් හදන්න දඟලන්නෙ රටට ආදරය කරන මිනිසුන් හදන්න නිසා.ඇත්ටම කිවුවොත් අපේ රට ගැන යම්කිසි ආඩම්බරයක් දැනටත් ඔබට ඇති.ඒ අඩම්බරේ තමා රටට ආදරේ කරන මිනිසුන් බිහි කරන්නෙ.
දැන් මම මාත්රුකාවට බහින්නම් මේ රටට දෙදාස් පන්සිය පනහක අතීතයක් තියනව ලිඛිත අතිතයක්.ඒ කියන්නෙ මහ වංදඟලන්නෙ, බෝධි වංශය, ථූප වංශය ,මහා වංශය කියන පොත් පත් වල වගේම විදේශියවත් ලංකාව ගැන ලියවුනු දීර්ඝ ඉතිහාසයක් අපට තියනව.එහෙම දැනට හිතමුකො පස්සෙ වෙනස් වෙන්නත් පුලුවන් ඒක.ඒ ගැන දැන්ම කතා කරන්න යන්නෙ නෑ මං.
තෙත් කලාපිය වනාන්තර , සත්ව ප්‍රජාවක්,කටු පදුරු සහිත ලදු කැලෑ,පතන බිම් ඇදී නොයක් දේ අපි රටට හිමියි.ඒ වගේම ස්වාභාවික සම්පත් වගේම මැනික් මුතු ආදියටත් ලංකාව ප්‍රසිද්ධයි.පස්සෙ කාලෙක තේ, රබර්, කෝපි, කුරුදු වලට විතරනෙ ලංකාව ප්‍රසිද්ධ උනේ.අද දරුවන්ගෙන් ඇහුවත් ඒක කියයි.සුද්දෙක්ගෙන් ඇහුවත් ඔය ටිකම කියයි.ඒ ටික විතරයි ලංකාවෙ අදට අපිට ඉතිරි වෙලා තියෙන්නෙ.
ආගම් ගත්තොත් බුද්ධාගම, හින්දු ආගම, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී ආගම් පවතින ලංකාවෙ ජාති විදිහට සිංහල, දෙමල, මුස්ලිම් බරීගර් මැලේ විදිහට ජාති බෙදල දිල තියනව.ඒකත් ඉතින් බෙදිල තියෙන්නෙ අදහන ආගමට අනුව.ඒක ඉතින් කරේ රටේ මිනිස්සු කොටවන්න කියලත් හිතෙනව.සිහල රටේ සිටි මිනිසුන් කුලල් කා ගත්තහම ඒකෙ වාසිය ගන්න පුලුවන් ඉතින් පිට රටවල උන්ට.වන්නි මෙහෙයුම ඉවර කරන්න හදනකොට ඉන්දියාවෙන් මිට වසර ගනනාවකට කලින් උඩින් වියලි ආධාර දැම්ම කොටි පාලන ප්රදේශ වලට.ඉන්දියාව අනතුරු ඇඟවිමක් කලේ යුද්දෙ කරොත් අපි දානව මේ විදිහට බෝම්බ කියනව වගේ.එහෙම ස්වයිරී රටක දේශ සිමාවක් තරනය කරන්න පුලුවන් හයියක් තියනවද කියන අවුල එදා තිබ්බ.පලවන ලෝකයේ රටවල් යුද්ධයට කැමතීයි.ඒ උන්ගෙ අවි දෙපැත්තටම විකුනන්න පුලුවන් නිසා යුද්ධෙ උන්ට වෙලඳපොලක් නිර්මානය කරා අපේ රට ඇතුලෙ.ඒ නිසා තමයි යුද්ධෙට උන් කැමති.ඒක තමා උන් එදා ඉඳලම කරේ.ඒත් මොන දේශපාලන පක්ශයක් වත් සංවිධානයක් වත් ඒ පිලිබඳව කතා කරේ නෑ.මොකද බෙදිල්ල පෞද්ගලිකව උන්ට හොඳ නිසා.දේශපාලනේ බෙදිල්ල තියනකං චන්දය හම්බු වෙනව.තරහට චන්දෙ දානව ඌ එන්න හොඳ නෑ ඌ දෙමල ඒ නිසා සිංහලයට දෙනව කියල දෙනව ඌ හොඳ උනත් නැති උනත්.ජාතියේ චන්ද ටික උන්ට කොහොමත් තියනව කුලල් කා ගැනීමෙන්.ඒක තේරුම් ගන්න බැරි උන් අදටත් වැරදි තීරන ගන්නව.රට අරාජික වෙනව.රට උගස් කරන්න අනුබල දෙනව.ඒක නිසාම තමා සිහල රට කියන එක ඉදිරියට දාන්න ඕනෙ.රටක් විදියට එකා වගේ.මොනව නැතත් මොන ආගම තිබුනත් අපේ ජාතිය කුමක් උවත් අපි වැටිල ඉන්නං පොලවට පස් වෙන්නෙ සිහලරට කියන අපේ නිවසෙ.අපිට වෙන රටකට ගිහෑකි ඒත් ඒක උන්ගෙ රට.මෙරට ඉපදුනා නම් ඒක අපේ මවු රට සිහල රට.මේ රට තුල තමා හැමදේම වෙන්න ඕනෙ.රට තමා හැමෝටම වඩා උතුම්.ඒ නිසා තමයි මේ ලිපි ටික ටිකක් දීර්ග වන්නෙ.මොකද ලිපියකින් දෙකකින් මේ පිලිබඳව කතා කරල වැඩක් නෑ.ගොඩාක් දේවල් තියනව කතා කරන්න.මේ දෙන දැනුම තමා මේ රටේ අරාජිකත්වය මුලිනුපුටා දාන්නෙ. ඉගනුම ශික්ෂණයක් හදනව විනය හදනව.ඒක තමා ඕනෙ.මට කරන්න ඕනෙ ඒක.ශික්ෂණයක් හිමි මිනිසුන් බිහි කරන්න තමා මේ සියල්ල එලියට එන්නෙ කෙමෙන් කෙමෙන්.



ආර්ථිකය ගැන කතා කරොත් ඉස්සර තේ, පොල්, රබර් පිටරට යවල විදේශ විනිමය උපයගත්ත අපේ රට.ඊටත් කලින් ඉතින් රට යැවුවලු අතිරික්ත වි.මහා පරාක්‍රමබාහු රජතුමන්ගෙ කාලෙ.විදේශියො මෙරටට ආව කියන්නෙ කුරමෙට, කරාබු නැටි, සාදික්ක වගේ කුලුබඩු ගන්නලු.



පස්සෙ මුතු මැනික් ඇත් දලත් ගෙන ගියා කියල තමා පොත පතේ සඳහන් වෙන්නෙ.ඔබ නොදන්න කාරනාවකුත් කියන්න අවසර දෙන්න.සමහර විට මේ දේවල් දන්නව වෙන්නත් පුලුවන්. ඔය ඊජිප්තුවේ ගිසා පිරමිඩ් වල තිබුනලු ලංකාවෙන් ගෙනිච්ච කරාබු නැටිවලින් නිස්සාරනය කෙරූ තෙල්.ඇත්තටම කිවුවොත් "මාස්ටර් බාද්" කියල තමා ඒවට කියන්නෙ මල මිනි කල් තබා ගැනීමට නැතිනම් එම්බාම් කරන්න සිහල රටේ වැවුනු කුලුබඩු පාවිච්චි කරල තියනව.ඔය මාසිටර් බා වල ඇඟ ඇතුලෙ තියන අවයව ගලෝල ඒවට ලංකාවේන් ගෙන ගිය කුලුබඩු පිරෙවුව කියල තමා කියන්නෙ.මමි කරනය කරනකොට එහෙම තමා.ඔන දයක් කල් තබා ගන්න කුලුබඩු ටිකක් වැඩිපුර දානව ඒක අම්මලගෙන් අහල දැන ගන්න පුලුවන්. ඒ කාලෙ එතකොට වසර ගනනාවක් පැරනි ඊජිප්තුවට කුලුබඩු ගෙන ගියේ සිහල රටෙන් නම් ඒ කාලෙත් සිහල රට ප්‍රසිද්ධ වන්නට ඇති ලෝකෙම.දෙවනි ශිශ්ඨාචාරය තමා ඊජිපතුව.දැන් නම් ඊජිප්තු වැසියෝ නෑ.ඒක වෙම කතාවක්.පොඩියට සතුටක් එනව නේද හිතට අපි කුලුබඩු සම්භන්ධව මුල් තැන හිටපු එක.
ඔන්න ඉතින් දැන් නම් විදේශ විනිමය ගේන්නෙ අපේ රටේ කොල්ලො කෙල්ලො.කට්ටියක් නිමි ඇදුම් කර්මාන්තයේ නියලිලා ඉන්නව ඒකෙන් රටට විශාල විදේශ විනිමයක් රට තුලට ගලා එනව.අනික් කාරනාව තමා සේවක සේවිකාවො.රට ගිහින් වැඩ කරල හම්බු කරල රටට එවන විදේශ විනිමය.ඉස්සර රට තිබ්බ තැන සහ අද රට පවතින තැන.සුද්ධ වැද්ද කාලෙ අපි රෙදි ඇන්ද.ඒ පිලිබඳව ශාක්ෂි තියනව ලිඛිතව.කි.පූ හයවන සියවසේ බුද්ධ පරිනිර්වානයට පසු විජය රජු තම්බපන්නියට ගොඩ බහිනව එතකොට දකිනව කුවේනිය කපු කටිමින් ඉන්නව.කපු කටිනව කියන්නෙ කපු නූලෙන් රෙදි වියනව.අද අපි රටකට ගිය කලක් නේද? දුකද...? තව කාරනා ඉදිරියට තියනව දුක් වන්නට.මේ මොන අපරාධයක්ද කියල ඔබ ඔබටම ගසා ගනිවි.මේ දේශපාලුවො කරපු දෙයක් විතරක්ම නෙවෙයි.අපිත් වගකිව යුතු දෙයක්.කාටවත් ඇගිල්ල දික් කරල අහක බලන්න බෑ.ඔබත් මේ සියල්ලටම හවුල්.විය යුත්තේ එය හදා ගැනීමයි ඒ නිසා තමයි කුලය මිඩංගු කරමින් මේ ලියන්නෙ..

ඔබ හිතාවි මට තියන සුදුසුකම මොකක්ද කියල මේව ඔයාලට කියන්න ඊ ලඟ පරිච්චේදයෙන් මං ගැන කතා කරමු.මට මොනවද මේ ලියන්න තියන සුදුසුකම් කියල.


ඉශාන් වත්තේගම..
2019 - 09 -06
achinthaishanwaththegama@gmail.com


Friday, August 30, 2019

මනාපේ....

මනාපේ....

"මම හිතන විදියට" කියල මුලින්ම මේ කතාව පටන් ගන්න එක ඇඟට ගුණයි කියල හිතෙනව. මොකද මේ කාලෙ අපි වගේ උන්ට ඒ තරම් හොඳ කාලයක් නෙවෙන නිසා.මේ ලිපිය ටිකක් කියවනකොට හිතෙන්න පුලුවන් මූ මොකක් හරි පක්ෂයකට කඩේ යනව කියලත්.ඒත් ඉතින් කියන්න ඔනේ මට පක්ෂයක් නෑ.මොකද පාට පාට කන්නාඩි දාල ලෝකෙ බලන වහල් මානසිකත්වය මට නෑ.
ඔන්න මං පටන් ගන්නම් "මට හිතෙන විදිහ" කියන්න. හිතන විදිහ ඔයාලට වැඩක් නැති වෙන්න පුලුවන් ඒත් ඒක තමා මට හිතෙන විදිහ.
ඇත්තටම ඔයාල හිතනවද දේශපාලන නායකයො පත්වෙන්නෙ ඔයාලගෙ අපේ මහ ලොකු චන්දයෙන් කියල.වැරදි සම්පූර්නයෙන්ම වැරදියි.දැන් ඉතින් බනී යකෝ අපි ගාව තමා තියෙන්නෙ බලය කියල.සර්වජන චන්දෙ ගැනත් කියයි.හරි හරි ඔයාලට එක දවසකට ඔය සර්වජන චන්ද බලය හම්බු වෙනව තමයි.එක දවසකට නෙවෙයි පැය කිහිපයකට.ඔය පැය කිහිපය තමයි රටේ අනාගතේ තීරනය කරන මහ පොදු සාධකය හදන්නෙ.හරිද මං කිවුව.ඔයා ගහන කතිරෙ ඔයා පෝලිමේ ඉඳල වියදම් කරල ගහල එනව මොකටද ? කාගෙවත් පවුලක් නඩත්තු කරගන්න උන්ගෙ ආතල් ජිවිතේට.ඔයා දෙන චන්දෙ දුන්නෙ හරිම කෙනාටද කියල ඔයාට තිරෙනකොට සර්වජන චන්ද බලය කියන මහ නිදහස ඔයාට නැතිවෙලාම ගිහින් ආයෙ අවුරුදු ගානක් බලන් ඉන්න ඕනෙ සර්වජන චන්දෙ පාවිච්චි කරන්න.මං හරිනෙ.අපි ඔය සර්වජන චන්දෙ හම්බු වෙලා මේ වෙනකම්ම එක එක පාට වල එක එක අය පත් කරා.හාමුල, පොරවල්, විරයො ඔය හැමෝම චන්දෙන් පත් කර ගත්ත උන්ගෙන් රටට උන සේවය ගැන හිතුවොත් මහ දෙයක් වෙලා නෑ ආපහු බැලුවහම.බැංකු පොතක් වත් නැති එකා බැංකුවල සල්ලි මලු පුරෝගන්න ගියේ සතියයි දෙකයි මහ පුටුවලට නැගල.ඇත්තටම කිවුවොත් ලක්ශයක් දෙකක්වත් පඩිය ගන්නෙ නැති උන් මිලියන ගානක් හම්බු කරනව.එහෙම හම්බුකරේ අපේට ඒ කාලෙ ඉඳලම පරම්පරාගත භූදලයක් තිබුනු නිසා කියල ප්‍රශ්න කරන්න ගිහාම කියනව.ඒත් ඉතින් දන්න එකා දන්නව අත්ත, මුත්ත, කිරිකිත්ත කාලෙ ඉඳල අල්ලට සිඟා තමා උන්නෙ කියල මේ මහා පරම්පරාව.පෙලක් උන් මහ පුටු වලට ආවහම ගේ වලවුව වගේ හදල ඉතිහාසෙ තමන්ගේ පරම්පරාව රජුගේ ලඟම හිටිය විර වරයො කියල තමන්ම ලියපු පොත්වල ලියා ගන්නව.ඔය රටේ රාල කම් උනත් ගන්න පුලුවන්නෙ සල්ලි තියනවනම්.ආචාර්ය පට්ටම් උනත් ගිය ආන්ඩු සමයෙ අට පහ නොදත් ඇමති වරුන්ට දුන්නෙ සල්ලි වලට ඒ වගේ තමා.
  තැබිලි කපපු එකා චන්දෙ ඉල්ලල මහ මැදුරක් ගහල.කසිප්පු කාරය බාර් ලයිශන් තුන හතරක් අරන් සැප බාර් එකක් දාල. නැත්තම් ගිනි පොලි කාරය බැංකුවක්ම අරන්.නැතිම එකා උනත් හැදුන.කාගෙ චන්දෙන්ද අපේ චන්දෙන්.ඉතින් ඒ අතින් අපි අමා පිනක් කරන් තියෙන්නෙ.තවුතිසාවට යන පිනක්.ආයි අප්පෙ මොකවත් නැති එකා ලොකු පොසතෙක් කරල දන කුවේරයෙක් කරල.
ඔන්න සති මාස ගනං ගිහින් උන් හැදෙනව රට කනව විකුණනව උන් හැදෙනව චන්දෙ දිපු අපි හිගා නොකා හිගා කනව.දිපු පොරොන්දු මලු ගනං හමස් පෙට්ටියට දාල වහනව. වෙලාව ආවම හමස් පෙට්ටිය ඇරල  මස් කට්ට දෙනව අපිට ලෙවකන්න අපි හැදුනද ?රට හැදුනද ? නෑ අපි කරේ ලෙව කෑම.
හරි එකා කියල අපි හිතල කතිරෙ ගැහුවෙම වැරදි උන්ට. පොරවල් හොයපු අපි මනුස්ස කම තියන මිනිස්සු පරාදකරා.උගත් බුද්ධිමත් මිනිස්සුන්ට අපේ කතිරෙ අපි ගහන්න බය උනා.ජාතියේ අවුල නෙවෙයි පොරක් හොයපු එක උනේ.පොර වගේ හිටපු උන්ව අපි පාරිලිමේන්තු යැවුව.උන් පොර පාට් එතනදි මැර පාට් වෙලා අන්තිමට බලු පාට් එකටම ඇදගෙන වැටුන.අපි කම්මුලේ අත තියාන අනේ අපොයි අපිට වෙච්ච දේ කියල මුලදි හිතල පස්සෙ රටට වෙච්ච විනාශයක් කියල බලාගත්තු අත බලාන උන්න.ඔන්න ඊලඟ චන්දෙ ආව ආයෙ අපි වෙනස් උනා කියල රටට අඬබෙර ගහල පොරක් හොයල පොරකට චන්දෙ දුන්න.ඉස්සෙල්ල හිටපු පොර ටිකක් අවුල් ඒත් ටිකක් හොඳයි.දැන් දීපු උන්දැ අපෙ අප්පේ රට කරනව කෙසේ වෙතත් ඌට කොර ගන්නවත් බැරි හාදයෙක්.පොලො තලේ සුවඳ හදුනන කෙතේ කමතේ දුව පැනපු මේ පොර රට කොරන්න පටන් ගත්තම තමා තේරුනේ රට කරනව තියා සකලයන් හඹාලවත් නෑ කියල ආයිබොවන්.
තව පොරවල් මේ රටේ එක එක කාලෙට පහල උනා.ජාතියේ පිනටද මන්ද උන්ගෙ පිනටද මන්ද ? කුරහන් තලපෙ කාල නව වදුලු වල කරක් ගහපු උඩු රුවුල් කාරයෝ උනත් රට කරා. අනුන්ට කෙසේ වෙතත් තමන්ට නම් කර ගත්ත.වපුරපු බිජ අස්වැන්න තමාම කපාලා පාගලා තම අටුකොටු පුරෝ ගත්ත මේ හදය මුලු පවුල් සනුහරේම ගොඩ ගත්තු ජාතික විරයෙක් කියල නම් කියන්න ඕනෙ.නව නලු රස උපරිම තිබ්බ මේ හාදය රැගුමට හපනා.වෙලාවකට ලමයි ඉඹිනව ගෑනුනගෙ අත අල්ලනව ජාතියේ පියතුමා වෙලා උන්න.ඊට පස්සෙ තමන්ගෙම පැත්තෙ එකෙක් පනපිටින් ඒ උත්තමයව වැලලුව අප්පච්චි මලා කියල.
මේ චන්ද කාලෙ ආයෙ ඇවිත් පොරවල් බිහිවෙන කාලෙ.කෙතේ කමතේ ඇලේ දොලේ මඩකරි අල්ලපු උන්දැලට ආයෙ දීල වරේගෙ නහ ගන්න නම් ඕන් ආයිබෝවන් මං කැමති නෑ.පොරවල් හදපු හදන පවුලට බෙදන හැදි තමන්ගෙ සාක්කුවේ දාල මේ හිඟා කාගෙන ගෙදරට එන බයිල වෙද්දුන්ට ආයෙ ඔන්න මං නම් චන්දෙ දෙන්නෙ නෑ.
එක එක රජවරුන්ට දාව උපන් යකඩ දෝලි රන්දෝලි දරු මුනුපුරෝ කියල එන පොරවල් වලට නම් මං චන්දෙ දෙන්නෙ නෑ.මොකද උන් රජ්ජුරුවන්ට දාව ඉපදුනාට මහ හොරු නැත්තම් අපිටත් වඩා හිඟන හැත්ත.
රවනාගෙන් පැවතගෙන එන ලන්දේසි ඉන්ග්රීසේ නම් දාගත්තු උන්දැල උනත් දසරාජ ධර්මයෙන් පාලනේ කරනව කියල අඬබෙර පලල පස්සෙ එකාධිපතියටත් එහා ගිය පිස්සු වැඩ කරන කොට හිතෙනව ආපි පත් කර ගත්තු ගන්ධබ්බ ප්‍රානිය උනහපුලුවෙක් කියල.
මොනව නැතත් ඉස්සර ජනාධිපති වෙන්න යම් යම් සුදුසුකම් සපුරන්න ඕන සින් එකක් තිබ්බ.රජ වෙන්නත් ඉස්සර පොඩි පරීක්ශන තිබ්බලු.ඒව දැන් අදාලම නෑ.මොකද නාට්ටාමිල මස් කඩ කාරයො කසිප්පු කාරයො කුඩු කාරයො මහ මොල කරුවො වගේ රඟල රඟල බාල්දුම කරනව ඒ ජනාධිපති කම.
පෙලක් උන්දැල එන්නෙ රට හදන්න.පෙලක් උන්දැල කොල්ලො කුරුට්ටො අන්දල එවනව රට හදන්න.රට පැනල හැංගිලා ඉඳල චන්ද කාලෙට එලි බහින සමහර ජාතික විරයො දියසෙන් මහසෙන් රජවරුන්ගෙත් නම් පාවිච්චි කරල රජ වෙන්න දඟලන අපුරුව මහජන වෙච්ච අපිට හිනා යන කාරනයක් වෙලා ඉතින්.ජනපති කෝලම උනත් අනුන්ගෙ කේලමට රුවටිච්ච තරමටම පහලට බැහැපු එක රටේ අවාසනාවද වාසනාවද කියල හිතල බලන්න ඕන කාරනාවක් වෙලා.චන්ද දායකය ගොනාට අන්දල චන්ද ගන්න දඟලන පෙලක් ඈයො හිතන්නෙ මහජනය අමූ මැට්ටො කියල.අහුවෙනවද අහුවෙලාද කියල ඔය බුකියෙ උන්දැලට කඩේ යන අය තමන්ගෙන්ම අහ ගත්තොත් තමා හොඳ..ඔය පෝස්ට් දාන්න කලින්...මං මොඩය නම් උන් හිතන් ඉන්නව අනික් උනුත් මෝඩයො කියල.උන් චන්දෙ අරන් උන්ට කර ගන්නව අපිට වෙච්ච ලබ්බක් නෑ.ඒ නිසා අපේ වැඩක් බලාගෙන ඉන්න එක තමා හොඳ.මේ සැරේ හරියට හිතල දෙපාරක් තුන්පාරක් නෙවෙයි සියපාරක් කතිරෙ ගැහුවොත් තමා රට ඉස්සරහට යනවද මෙතනම තියනවද පස්සට යනවද කියල තීරනය කරන්න වෙන්නෙ.විර ධීර මාර පුරුශයන් පුම්බන පිම්බිල්ල කොහෙන් කෙලවර වෙයිද දන්නෑ.හැබැයේ ඒ විර ධීර මාර පුරුශයෝ මහ පුටුවට පත් කරන එක නම් හිතල බලල තිරනය කරල හරිම තීරනේ අරන් කරන එක තමා වඩා හොඳ....






......දුකා..........

Wednesday, July 31, 2019

යල් පැන ගිය දැනුම හා උපාධිධාරියාගේ ඉරණම..

යල් පැන ගිය දැනුම හා උපාධිධාරියාගේ ඉරණම..



පෙලක් බුද්ධිමත් අය ගේන තර්කයක් තමා පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් එන අය හොඳ බුද්ධිමත් ප්‍රජාවක් කියන එක.පෙලක් අය කියනව රටේ රැකියා ඉල්ලුම වෙනස් වෙලා ඒත් උපාධිධාරින්ගේ තත්වය හැටේ දශකයේ උගත් කමක් තියෙන්නෙ කියන එක.ඒ කියන්නෙ යල් පැන ගිය බුද්ධියක් තියෙන්නෙ කියල තමා ඒ අය තර්ක කරන්නෙ.පෙලක් අය කියනව උපාධිධාරිය පාරට බැහැල රස්සා දියවු දියවු කියල රජයේ බෙල්ලෙ එල්ලෙනව කියන එක.ඇත්තටම මේව ඇත්තද වහ වහා හොයා බැලිය යුතු කාරනාවක් වගේම කතිකාවට ලක් විය යුතු මාතෘකා මේව.
ඇත්තටම විශ්ව විද්‍යාල මොකටද ?

ඒ ලෙවල් පාස් වෙන අතලොස්සක් රජයේ විශ්ව විද්‍යාල වලට යන්න වරම් ලබනව හැම අවුරුද්දකම.උසස් අධ්‍යාපන වරම් කියල තමා ඒකට කියන්නෙ.මොන රටක උනත් බුද්ධිය තමා රටක අඩිතාලම වෙන්නෙ.ඒ වගේම රටක් ඉදිරියට යන්නෙත් ඒ බුද්ධියේ බල මහිමය නිසාම තමා.රටකට ඉන්න පුලුවන් කමක් නෑ තනි වෙලා අනෙක් රටවල් සමගත් පොඩි අන්තර් ගනුදෙනුවක් තියෙන්න ඕනෙ නැත්තම් එක තැන.ඒ වගේ තමා අධ්‍යාපනයත් අධ්‍යාපනය ගත් අය නිසා තමා රටවල් ඉදිරියට යන්නෙ නව දැනුම තමා රටක් ඉදිරියට යවන්නෙ.අනික වැස්සටවත් පාසල් නොගිය ඇමතිවරු ඉන්න රටක අධ්‍යාපනයට හිමි තැන පේන්නෙ නෑ.මොකද රටේ තීන්දු තීරන ගන්නෙ අධ්‍යාපනය නැති අය.ඒ වගේම දැනුම ඔවුන්ට අවශය නෑ පාලනය කරන්න.ඔවුන්ට අවශය බලය.දැනුමේ බලය ඔවුන්ට තේරෙන්නෙ නෑ.රූකඩ වගේ මිනිස්සු ඉන්නවනම් දේශපාලන බල අධිකාරියට ඒ අය ඕන වෙලාවක නටවන්න පුලුවන්.ඒත් අධ්‍යාපනය ලද  අකුරක් කියවන්න පුලුවන් කෙනෙක් එහෙම නටවන්න අමාරුයි.මොකද ඔවුන් පොතක් පත්තරයක් කියවනව.රට තොට වෙනත් රටවල දැනුම උකහා ගන්නව.ඒ නිසා ඒ අය තම තමන්ගෙ හිත ඇතුලෙන් නව දැනුමත් එක්ක තර්ක කරල තමා තීන්දු තීරන ගන්නෙ.එහෙම අය මේ වගේ දේශපාලුවන්ට හිසරදයක්. ඒ නිසා ඒ අයගෙ අනාගතයට මේ වගේ අය විශාල බලපෑමක් කරන බව නම් පෙනෙන්නට තියනව.මෙතනදි මං කියන්න අදහස් කරන්නෙ නෑ විශ්ව විද්‍යාලෙ යන්නම ඕනෙ කියල උගතෙක් වෙන්න බුද්ධිමතෙක් වෙන්න වෙනත් ක්‍රමත් තියනව.ඒත් දුප්පතාගේ පාර තමා ඕක.කාටත් මහ ධනයක් නෑනෙ.
 
නව දැනුම විශ්ව විද්‍යාල වල නෑ කියල පෙලක් විද්වත් අය තර්ක කරාට ඒ අය දරන මතයට මං ඒ තරම් හිස නවන් නෑ.මොකද නව දැනුම සම්පාදනය කර ගන්න ඕනෙ අපිමයි.නැතුව වෙන රටක දැනුමක් මේ රටට ඒ ආකාරයෙන්ම දාල හරි යන්නෙ නෑ.නිකමට හිතන්න අපේ තියන නීතිය.වෙනස් වෙන්න ඕන තැන් තියනව එමට.උදාහරනයක් දෙන්නද අතුරු පාරක සිට මහාමාර්ගයට වාහනයක් රිවස් කරනකොට ගොඩාක් අවුල් ඇති වෙනවලු මොකද රියදුරාට පේන්නෙ නෑනෙ මහ මාර්ගයේ එන වාහන.ඒකට දඩය කීයද කියල හොයල බලන්න.පොදු තැනක රහස් අවයව පෙන්නුවොත් දඩයක් පනවන්න පුලුවන් ඒ දඩේ කියද කියල හොයල බලන්න.පොඩි ගානයි ඒත් එහෙම පෙන්නල තමා ලොකු ලොකු අසහන කාරයො බිහි වෙන්නෙ.වෙනස් වෙන්න ඕනෙ නැද්ද මේව.නෑ වෙනස් කරන්නෑ.මොකද නිතියෙ හිල් ලොකු උන්ට රින්ගන්න තරම් විශාලයි.මහ බැංකු අවුල උනත් ඔප්පු කරගන්න බැරුව ඉන්නෙ.මොකද නිති නෑ අපේ රටේ ඒ සම්බන්ධව ක්‍රියා මාර්ග ගන්න.

පිට රට අප හා පරිසරය පෙල පොත ගෙනාව කියල අපේ රටට ඒ දැනුම ගැලපෙනවද ?    අනික ඒ දැනුම ගෙනාව කියල රැකියා නිපදවෙන්නෙ නෑ.ඒකට බලන් ඉන්න සිද්දවේවි ගොඩ කාලයක්.මොකද දැනුම තිබ්බට ඒව පිලිගන්න අය මෙරට නෑ.පොඩි උදාහරනයක් දෙන්නම්.පාර්ලිමේන්තුවේ ගන්න තීන්දු තීරන බිම් මට්ටමේ ක්‍රියාත්මක කරන්න කොච්චර කාලයක් යනවද  කියල හොයල බලන්න.පෙලක් වෙලාවට මාස ගානක් යනව.ඒ ඇයි චක්‍රලේඛනය එනකං බලං ඉන්නව.ඒව ටයිප් කරල ආයතනයෙන් ආයතනයට ඇවිත් සිල් ගහල අතින් අත ඇවිත් රෙජිස්ටර් පෝස්ට් එකේ එනකං බලන් ඉන්නකොට කාලෙ හරි.එතකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.අර අප්‍රේල් මාසෙ මහා බෝම්බ පිපිරීම් වලටත් මුල ඕක.එකිනෙකා අත මාරු වන ලියුම් ගනුදෙනු.දකින්න ඇතිනෙ සිල් ගොඩයි අස්සන් ගොඩයි.මාස ගානක ක්‍රියාකාරකමක්.මහ වෙලාවක් ගිහින්.වෙන්න ඕන දේ වෙලා.ඉන්ටනෙට් පොදු තැන් වල එල්ලුවට වැඩක් නෑ ඒව පිලිබඳ දැනුම රජයේ ආයතන වලටත් දෙන්න ඕනෙ ඒවයෙන් වැඩ කර ගන්න විදිය.ඊමේල් දන්නෙ කියෙන් කි දෙනාද ? ලියුමක් ටයිප් කර ගන්න දන්නෙ කියෙන් කි දෙනෙක්ද ? ඒක දැනුම පිලිබඳ අවුලක් කියල කිවුවට ඒ පිලිබඳව තින්දු තීරන උඩින් ගන්නෙ නැත්තම් කොහොමද පහල හැදෙන්නෙ.එතනයි වෙනස් වෙන්න ඕනෙ. චක්‍රලේඛනය ක්‍රියාත්ම කරන්න පහල සේවකයා බයයි.ඒත් පොදු ජනතාව එහෙම චක්‍රලේඛනයක් තියනව කියල දන්නව.මොකද තීන්දුව ගත්තු හැටියෙම ඒක මාධය හරහා ප්‍රචාරය වෙනව.ඒත් ඒව ක්‍රියාත්මක කරන්න බෑ.රජයේ ප්‍රතිපත්ති තීන්දු තීරන එන යල් පැන ගිය ක්‍රමයක් තියනව.ඉතින් ඒ කොලය එනකං පහල සේවකයා අත් බැඳගෙන බලන් ඉන්නව.බැනුම් අහ අහ.මිනිස්සු කියන්නෙ රාජය සේවය වැඩක් නෑ කියල.ඒත් හැදෙන්න ඕන තැන එහෙමමයි.නව දැනුම හොයන් ආවට වැඩක් නෑ.ඒව පිලි ගන්න කැමති නෑ.උපාධියට එහා ගිහින් නව දැනුම සම්පාදනය කරන මාස්ටර් උපාධියට ලියන පොතේ තියෙන්නෙ නව දැනුම.phd එකට පරීක්ශන කරල නිරීක්ෂනය කරල නිගමන වලට එලඹිලා පොත් පුරෝල තියෙන්නෙ නව දැනුමෙන්.ඒව කවුද බලල හැදුනෙ නව දැනුම උකහා ගත්තෙ.කවුරුත් නෑ.ඒත් ඇඟ බේරගන්න කියනව යල් පැන ගිය අධ්‍යාපනයක් රජයේ විශ්ව විද්‍යාල වල තියෙන්නෙ කියල. එහෙම කියන අය නව දැනුම ගැන දන්නෙ නෑ.ඒ අය ඉන්නෙ තාමත් ගල් යුගේ.මාස්ටර් , phd කරල නව දැනුම ලොවට කියන දුක් විඳගෙන පරීක්ශන කරල නොකා නොබි දුක් විඳල කරන නිබන්ධනය පිලිබඳ ඒ අය දරන මතය මේක නම් නව දැනුම කියල කියන්නෙ රටින් එන කවුරු හරි කියපු දේද කියල මෙතනදි අහන්න ඕනෙ.

වෙනත් රටවලින් එන දැනුම සහ අපේ රටේ ඉපදෙන දැනුම අතර පරතරය දන්නෙ නැතිනම් ඒ පාලකයන්ගෙන් ඇති වටිනාකම කුමක්ද.? අපෙන් වැවු අමුනු හදන හැටි විදේශික රටවල් අහන් ගිය අතීතයක් අපිට තිබ්බ.අපිට තිබ්බ උන් ගල් ගුහා අස්සෙ ඉන්නකොට තට්ටු නිවාස.ලෝවාමහපාය වගේ.අපි අද නව දැනුම කියල අපේ දැනුම් සම්භාරයක් අහක දාල මුහුදට දත නියවගෙන ඉන්නව.නව දැනුම එනකං.

සමාජ විද්‍යා විශය සරසවියෙ උගන්නනව.ඒකෙන් කරන්නෙ සමාජයේ වෙනස් විම මනින එක.අතීතය හා වර්ථමානය අතර වෙනස් විම වගේම අනාගතයේ විය හැකීයි කියල හිතන සමාජ වෙනස් විමත් ගනනය කරනව ඒ විශයෙන්.සමාජ අවුල්, වියවුල් ,විසදුම් ඒ විශයෙදී කතා කරනව.ඒ විශය ලංකාවට අවශ්‍යද? ඔබම සිතා බලන්න.ඒ රටේ මෙහෙම නීතියක් ගෙනත් අපේ රටෙත් එහෙම නීතියක් ගේන්න ඕනෙ පාලකයන් කියනව.සමලිංගික විවාහ පිලිබඳ නිතිය ඒකට හොඳ උදාහරනයක්.ඒත් සමාජ විද්‍යාව හදාරපු කෙනෙක් ගෙන් ඇසුවහොත් ඔවුන් දරන මතය වෙනස් වන්නට පුලුවන්.පිට රට තිබ්බ පලියට මෙරට ඒක එහෙම කරන්න ඕනෙද ? සොයා බලන්න ඒ පිලිබඳව.උදාහරනයක් දෙන්නම්.ඇමරිකානු සොල්දාදුවො ගොඩක් හිටියෙ රටින් පිට ඒ අය යුද්ධ කරා ඉරාකෙ ඉරානෙ.අවුරුදු ගානක් ගෙදර නෑ.ඔවුන්ගේ දරුවො හැදුනෙ මව ලඟ.ඒ දරුවන් තාත්ත දැකල නෑ.ඉතින් දරුවන්ගෙ පෞර්ෂත්වයට ඒක වෙනස්ම විදිහකට බලපෑව.පිරිමි දරුවන් අම්ම වගේ උනා.ගැහැනු ගති වැඩි.ඉතින් මේක පොඩි උදාහරනයක් විතරයි.
සහරාන්ලා ඇති උනේ ඇයි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද ?ඒ පිලිබඳව සමාජ විද්‍යාත්මක මතය වෙනස් විය හැකියි. නැවත එවන් සහරාන් පරපුරක් ඇති නොවන්නට ඔවුන් සමාජ විද්‍යාව හරහා විසදුම් සොයාවි.
මෙයින් මා කියන්නට අදහස් කලේ නව දැනුම රට තුල ඇති බවයි.නමුත් පාලකයන් ඒ නව දැනුම ක්‍රියාත්මක කිරිමට දක්වන මතය වෙනස්.

ඉතිහාසය හා පුරාවිද්‍යා විශය පිලිබඳව සලකා බලමු.ඉතිහාසය නම් විශය නිර්මානය වන්නෙ  ලිඛිත මෙන්ම නොලියු සාක්ශි ප්‍රමාන කරමින්.නමුත් පුරාවිද්‍යාව විද්‍යාත්මක ශාක්ෂි මත පදනම් වුවක්.විටෙක ඉතිහාස ගත කරුනු පුරාවිද්‍යාව ඔස්සේ පරීක්ශන කර බලන විට වෙනස් මතයක් ගන්නට පුලුවන්.කාල නිර්නයන් පවා වෙනස් වන්නට පුලුවන්.එහිදි පාලකයන්ට ඒ පිලිබඳව කිවද ඔවුන් ඉතිහාස පෙල පොත් වෙනස් කරන්නට සූදානම් නැති නම් කුමක් කරන්නද.? පැරනි දැනුම හා නව දැනුම යන අංගය තවත් දීර්ඝ කාලයක් තවත් කතා බහට ලක්වේව්.උදාහරනයක් දෙන්නම්. ක්‍රි.පූ 6 වන සියවසෙ ලංකාවට පැමිනි විජය ඇතුලු පිරිස නිසා ලංකාව ජනවාස උනා.ඔවුන්ගෙ හිස් එක් පැත්තක් මුඩු කොට තිබ්බා.ඒ ඔවුන් ඉන්දියාවෙන් වැරැද්දකට පිටුවහල් කොට තිබිම නිසා.ඒත් අනුරාධපුර ඇතුල් නුවර කැනීමෙන් හමු වෙනව ක්‍රි.පු 6 පෙර විධිමත් ජනාවාස ලක්ශන.ඒ සියල්ල පුරාවිද්‍යාත්මක ශාක්ශි.එහෙම වෙන්නෙ කොහොමද ? එසේ නම් ක්‍රි.පු 6 ට පෙර මෙරට සංවර්ධිත ජනාවාස ක්‍රමයක් පවතින්නට ඇති.මහානාම හිමියන් ලියු මහාවංශය එතෙනදී බොරු වෙනව.ඒ පිලිබඳව දැන දැනත් තවම පෙල පොතේ විජය රජු වැජබෙනව.    
මෙයන් පෙනි යන්නෙ නව දැනුම යන්න රට තුල තිබුනද ඒ පිලිබඳව වෙනත් පාලකයන් දක්වන මතය සමඟ එය සැමදා ගැටෙන බව නොවේද ?
එය එසේ වුවද ඒ පිලිබඳව දක්වන මතය මෙසේ නම් රට කොයිබට යයිද ? ගැටලුව ඇත්තේ එතනයි.

රටේ අධ්‍යාපන මට්ටමේ අවුල නිර්මානය කරන්නෙද මොවුන්මය. ඒ ඔවුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් ඒ අවුලද දඩ මිමා කර ගැනිමට හැකි හෙයිනි.නමුත් මේ පිලිබඳව කොතෙකුත් කතා කලත් තීන්දු තීරන ගන්නාවුන් ඒ තීන්දු තීරන නොගන්නා තාක් අධ්‍යාපනය හා නව දැනුම යන අංශ පාලකයන්ට හිඟන්නාගේ තුවාලය ලෙස   එදා වේල හම්බු කරනා කාරනා කාරනා  බව නම් නොරහසකි.ඔවුන්ට නිදිවැදිමට මේ කාරනා වටින්නේය.ඔවුන්ගේ බලය පෙන්විමට මේ කාරනා දඩමිමා කර ගන්නේය.නැතිව කවදාවත් මේ අධයාපනය සම්බන්ධව නිසි ක්‍රියාමාර්ගයක් ඔවුන් නොගන්නේය.ඒ තරම් පාලකයන් මෝඩය.ඔවුන්ට මේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කිරිමට තරම් මොලයක් නැත. අධ්‍යාපන  ඇමති උසස් අධ්‍යාපන ඇමති මේ කිසිත් දන්නෙ නැත. සුදුස්සාට සුදුසු තැන නොදෙන තාක් මේ අවුල් එසේම තිබෙනු ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාල යන්නවුන් රස්සා ඉල්ලන්නෙ නැත.ඒ ඔවුන්ගේ දැනුම ඉහල තැනක පිහිටන නිසා නොව ඔවුන් ධනවත් නිසාය.යමක් කමක් හිමි උන්ගේ ශුක්‍රාණු නිසාය.ඔවුන් මෙරට දමා පිටරට යද්දි දුප්පත් මවු පියන්ගේ පුතුන් මෙරට සුර පුරයක් කරන්නට වෙහෙසෙන්නෙ තම අධ්‍යාපනය   දහදුක් විදින මිනිසුන්ගෙන් උකහා ගත් බද්දෙන් ණයට ගත් දෙයක් බව දන්නා නිසාය.

මුට්ට කර ගහන ශාන්තයා අප වෙනුවෙන් බදු ගෙවුවේය. ලිලා උගුර ලේ රස වැටෙනකං කෑ ගසා ගත් මුදලින් ඔවුන්ගේ දරුවන්ට නොව අනුන්ගේ දරුවන්ගේ ඇස පෑදීමට තම දායකත්වය සැපයුවේය.මිනා රට වටේ ගොස් පලා කඩාගෙන විත් ඒ කදුලු විකුනා උසස් අධ්‍යාපනය වෙනුවෙන් තම යුතුකම ඉටු කලේය.සෝම්බු නානා රට වටේ කරත්තය තල්ලු කරගෙ යකඩ පත්තර එකතු කර ඒ මුදල් දහක් දූ පුතුන්ගේ ඇස පෑදිමට යෙදෙවුවේය.ඒ මුදලින් ඉගනගත් අප රට අතැර වෙන රටකට ගොස් අප ලැබු දැනුම වෙන රටකට වික්කා නම් මෙරට උන් හෙටත් දෙවන ලෝකෙ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසම පෙල පොත් වල බැබලෙනු ඇත.උගතුන් බුද්ධිමතුන් බිහි වන්නේ  මුදලේ බලයෙන් නොවන බවත් මෙහිදි සඳහන් කර යුතුය.ඉහල ස්තරය වෙනස් විය යුතුය.කසිප්පු කාරයා ගංජා කාරයා ලොකු පුටු වල දපන තාක් ජාතික ප්‍රතිපත්ති හිනයක් වනු ඇත.උපනූපන් පරපුර වෙනුවෙන් අප අනාගතයක් ඉතරි කල යුතුය.මහපොල, නිදහස් අධ්‍යාපනය දුපපත් දුවා දරුවන්ට ඉතිරි කල යුතුය.එයට විටෙක අරගල කල යුතුය.විටෙක පාරට බැසිය යුතුය.විටෙක මැදුරු සඳලුතල වලට ජනෙල් අරින තුරු කෑ ගැසිය යුතුය.එවිට අපි වින්දනය කලාවූ අධ්‍යාපනය මතු පරපුරටත් රැකෙනු ඇත.කටවුට් මාක් දානකොට ඒහා සමගාමිව නවක වදය පැමිණෙන්නේය.සරසවි තේරි පත්වු තරුන තරුණියන් ඒ ඇසූ සැනින් බයෙන් ගැහෙන්නේය.සල්ලි ඇති වුන් නැති වුන් ණය වී හරි පෞද්ගලික විශ්ව විද්‍යාල තෝරා ගන්නේ මේ බය නිසා වන්නටද පුලුවන.ඔවුන්ට ඕනෙද එයයි.මේ සියලු කාරනා එකිනෙක සම්බන්ද දැයි සිතේ.බුද්ධිය මනිනා උසස්පෙල ඉහලින්ම සමත් වන දරුවා රජයේ විශ්වවිද්‍යාල වලට නොගොස් පෞද්ගලික විශ්ව විද්‍යාල තෝරාගත හොත් එයින් ලැබෙන වාසිය අතිමහත් වන්නට පුලුවන.මේ පිලිබඳව කූට ලෙස සිතන උන් මේ විදි ක්‍රම දමන්නේද එසේ බිලි බා ගැනිමේ අදිටනින් වන්නට පුලුවන.සමාජයේ බිල්ලා මවා.රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල දැනුම පරන බව පෙන්නා තම විශ්ව විද්‍යාල වල දැනුම උනු උනුවේ යැයි පවසා  බඩ වඩා ගැනිමේ කුට විදි ක්‍රමත් ඇති බව කියන්නට අපි මැලි නොවන්නෙ ඒ නිසාය.      
අප රටේ අධ්‍යාපනයෙන් බිහිවූ  උගතා බුද්ධිමතා පලවන ලෝකයේ රටවල පාවඩ දමා පිලි ගනිද්දි අප ඉපද හැදි වැඩි අපගේම දිවයිනේ පිලි නොගනනේ නම් එයටත් වඩා තවත් දුකක් නොමැති බව මෙහිදි සඳහන්කල යුත්තේමය.


....දුකා.....

චායාරූපය ලංකාදීප වෙබ් පිටුවෙනි

Thursday, May 2, 2019

උඩ ගෙඩි දෙන්නෝ.....

උඩ ගෙඩි දෙන්නෝ.....
හිට්ලර් හැදුවෙ කවුද කියල ඇහුවොත් ඔබ දෙන උත්තරේ මොකක්ද ?ඒ ලේ පිපාසිත දරදඩු පාලකය හැදුවෙ උන්ගෙ අම්මයි තාත්තයි එකතු වෙලා කියල ඔබ කියාවි මට ඔච්චමට වගේ නේ.හරි ඒක ඇත්ත ඒත් ඔහුව මේ තත්වෙට පත් කලේ කවුද කියල ඇහුවොත් ඔබ දූන උත්තරේ මොකක්ද ?පොඩ්ඩක් මොලේ රිදෙනව නේ.හරි හරි බය වෙන්න එපා කියවන් යනකොට උත්තරේ දැනගනී.පොත පත බලල හොයා ගත්ත කරුනු ඉතින් මේව.හිට්ලර් ගැන කතා ඔබ ඕන තරම් අහල ඇති පොත පත කියෝල ඇති. චිත්‍රපට බලල ඇති.ඒත් මේ කියන්න යන දේ ටිකක් වෙනස්.
ඇඩොල්ප් හිට්ලර් කියන පොත ඔහුව මේ තත්වෙට හදපු හැටි ගැන පොඩි පරිච්චේද කිහිපයකින් පෙනනල දීල තියනව.ලෝකෙ හිටපු බුද්ධිමතුන් පිරිසක් එකතු වෙලා හදපු දීර්ඝකාලීන සැලැස්මක ප්‍රතිපලයක් තමා ඔය හිට්ලර් කියල කියන්නෙ.මෙතනදි රජුන් තනන එක විතරක් නෙවෙයි යුදධ තත්වයක් ඇති කරල අනෙක් රටවල් වල සකලවිද ධනය  හොරකං කරන්න ගහපු මාස්ටර් ප්ලැන් එකක් තමා තියෙන්නෙ.ඇමරිකාව මහා බලවතා මේ ගේම අස්සෙ ඉන්නව කිවුවොත් ඔබ පුදුම වේවි.ඔවුන්ට ඕන ලෝක බලවතුන්ගේ රේට් එක එහෙමම තියා ගන්න. අනික් රටවල් ඒ අයට වැඩක් නෑ.තවත් රටවල් තුනක් මේ සීන් එකේ ඉන්නව.ඒ අයත් ඉතින් බලවත්තු තමා.මේ අය අතරෙ තියෙන්නෙ යුද්ධයක්. බලය පිලිබඳ යුද්ධයක්.මෙහිදී කියන්නම ඔන කාරනයක් තියනව මේ බලවත් රටවල් අනෙක් රටවල් වලට හැදෙන්න දෙන්නෙ නෑ.පොඩ්ඩක් නැගිටිනකොට මර්ධනය කරනව මොන දහං ගැට දාල හරි. මත්ස්‍යය නියාය දන්නවද ?
"ලොකු මාලු විසින් පොඩි මාලු ගිල දැමීම" අන්න ඒ විදියට තමා රටවල් එයාලගෙ කීම් බහට නතු කරගන්නෙ.දේශපාලන  බල අධිකාරිය ගොඩ නැගීමත් තම රට ඉහලින් තබා ගැනීමටත් ඔවුන් ක්‍රියා කරන්නෙ එහෙම.
හරි දැන් හිට්ලර්ට නම් පාලකයාගේ තැනීම වෙත යමු.


මෑන් හැටන්" ගිවිසුම
යුරෝපය මත ගොඩ නැගුනු ජර්මන් යුධ ශක්තිය බටහිර ජාතින්ගේ තිබ්බ බිය නිසා මොවුන් මෑන් හැටන් ගිවිසුම ගැහුවේය.ඇමරිකාව කැනඩාව මහා බ්‍රිතාන්‍ය මේ ගිවිසුම හා සම්භන්ධ වුනා.මෙහි මහා මොලකරුවන් වුයේ ලෝක ප්‍රකට රසායනික විදයානයයෙක්.ඔහු නමින් "රොබට් ඕපන් හයිමර්" .දෙවැන්නා ජෙනරාල් වරයෙකු වුයේය.ඔහු නමින් ලෙස්ලි හෝම්ස් විය.මෙහිදී යුදෙවුවන්ද සිටියේය එයින් එක් අයෙකු වූයේ ඔබ කවුරුත් දන්නා ඇල්බට් අයින්ස්ටයින්ය.රිජුව හෝ වක්‍රව තවත් දහස් ගනනක් මේ ගිවිසුම හා සම්භන්ධ අය සිටියේය.බිලියන තුනක මුදලක් මේ සඳහා වියදම් කර තිබු බවද කියවෙයි.මෙම ගිවිසුම තුලින් නැගී එන නාසි වියාපාරය විනාශ කිරීම මුලික අරමුන කර ගත්තේමකතවද ආසියාවේ බල අධිකාරය තමන් කෙරේ නතු කරගත් ජපානයටත් වැඩක් දීම මෑන් හැටන් ගිවිසුමේ එක් අංගයක් ලෙස සලකන ලදී.ඇමරිකාවේ ජනාධිපති වු fරැක්ලින්  ඩී රුස්වේල්ට් මෑන් හැටන් ගිවිසුමේ මහා මොලකරු වුයේය.1942 දිත් මෙම සංගමය සක්‍රියව තිබු බව කිය වේ.කිසිදු ජන මාධ්‍යයක් මේ රහසිගත වියාපාරය නොදැන සිටියේය.ජපානය,ජර්මනිය,ඉතාලිය සතුරු රාජ්‍යය ලෙස ඔවුන් සැලකුයේය.සාමාජිකයන්ට ඔවුන්ගේ භාර්යාවන්ට පවා මේ මෑන් හැටන් පිලිබදව නොකියන ලෙස තරයේ අවවාද කොට තිබු බවද පසුව දැනගන්නට ලැබේ.මොවුන් ආසියාවේ බලය පොලොවට සමතලා කරන්නට සිතා සහ ඔවුන්ගේ රටවල් වලට බලයේ වියරුව ලබා ගැනීම සඳහා ජපානය සමඟ යුද්දයක් ඇති කර ගත්තේය.පරමානු බෝම්බය නිර්මානයත් හිරෝශිමා නාගසාකි පොලවට සමතලා කිරීමේ අරමුනෙන් පරමානු බෝම්භය සෑදුවේද මේ මෑන් හැටන් මුදල් යොදාය.මෙසේ ආසියාව සමග යුද්ධ කිරීම ඇමරිකානු ගැති රටවල් හා ඇමරිකාව ආර්ථික වශයෙන් කඩා වැටිමකට ලක් කර තිබුනි. මෙහිදි ජර්මනියේ දේශපාලන සිතියම හිට්ලර් අධිරාජ්‍යයෙකු කර තිබුනේය.බලවත්ව රුසියාව නැගි සිටියි.එය අනෙක් බලවත් යුරේපා රට වලට විශාල හිස රදයක් ගෙන දුන්නේය.අනෙක් කාරනය නම් රුසියාව නිධානයක් ලෙසද පෙනෙන්නට තිබිනි.ඇමරිකාව ජපානය සමග යුද්ද කොට ඔවුන්ගේ ධනය හීන වෙමින් පැවතියේය.එය ඔවුන් කෙසේ හෝ පිරිමසා ගත යුතුය.ඇමරිකාව ආර්ථිකව වැටිලාය.රැකියා නැත.වෝල් ස්ට්රීට් පිපිරවීම යනුවෙන් හදුන් වන්නේ එයයි.

"වෝල් ස්ට්රිට් පිපිරවිම" නිසා ඇමරිකාව ආර්ථිකව ඇද වැටි තිබුනි.රැකියාවලින් ඇමරිකා රජය මිනිසුන් ඉවතට ඇද දැම්මේය.රට ආර්ථික ලෙස පහලටම ඇද වැටුනි.
එහිදී රුසියාවට වැඩේ දීම තම රටේ සෞභාග්‍ය නැවත ගෙන එන මහා උල්පතක් විය.රටට පැන රටේ සියලු සම්පත් කොල්ල කෑම ඔවුන්ගේ ඒකායන අරමුන වීම මෙහිදී පෙන්වා දිය හැකිය.ඇමරිකාව සහ එංගලන්තය කැනඩාව වැනි රටවල් හිටියේ ලෝක යුද්ධයෙන් හෙම්බත් වී ආර්ථිකය පහල මට්ටමකය. මොනව උනත් ඉතින් මේ සෙල්ලමෙන් කෙල උනේ ආමරිකාව සහ අනෙක් රටවල් වලටම තමා.තමාම කිරි පොවල හදපු නයි පැටිය කිරි පෝපු උන්ටම පෙනේ පුප්පනකොට ටිකක් රිදෙනවනෙ කොහොමත් ඒ වගේ තමා හිට්ලර් උන්නැහැත් වැඩේ දුන්න ඇමරිකාවට. ආර්යය අනාර්යය අවුල තමා ඇමරිකාව විසින් වපුරපු විසබීජය හිට්ලර්ගෙ ඔලුවෙ.රුසියන් බලවත් කොටසක් යුදෙවුවන් ජේසු තුමන් පාවාදුන් කුරුසයේ ඇන ගැසු ජන කොටසක් ලෙසට හන්වඩු ගැසිනි. ඔවුන් ඒ විසබීජය ඔලුවට දාල බලන් හිටිය වෙලාව එනකං.යුදෙවුවා සහ රුසියන් අතර යුද්ධය තමා ඇති කරේ.හිට්ලර් කියන්නෙ පරම්පරාවෙන් ධනවතෙක් නොවෙයි.එහෙම එකෙක් කොහොමද රටේ රජු උනේ.හොයල බලන්න වටින කාරනාවක් නේ.ඒකට මං උඩින් පෙන්නල දීපු රටවල් උදවු කරා ඔයාල විස්වාස කරනවද මන්ද? අධ්‍යාපනය, මිල මුදල් දුන්නෙ කවුද දැනුම ලැබුනෙ කොහෙන්ද කියල බලනකොට ඒක ටික ටික තේරෙයි. ආයුධ පවා දුන්න.මේ සැලසුම් අද හදල හෙට ක්‍රියාත්මක වෙන දේවල් නෙවෙයි.කල් යනව.ඇමරිකාව කැනඩාව එංගලන්තය වගේ රටවලට ඒව පුරුදුයි.ඔවුන්ට තියනව බැකප් ප්ලෑන් ඇති වෙන්න.ඔවුන්ගේ රාජතාන්තත්රිකයෝ බුද්ධිමත්තු අනාගත ඇමරිකාවේ පුරවැසියන්ටත් සැපවත්ව ඉන්න රට නොවැටෙන්න ප්ලෑන් හදල තියෙන්නෙ.දැන් තේරෙනවද ඇමරිකාවෙ නිරීමානයක් කියල හිට්ලර්... ඔවුන්ගේ නායකයන් මේ අගාධයෙන් ගොඩ ඒමට නිසි කල නිසි වෙලාවට පලෑන් සකස් කර තිබුනා.හිට්ලර් ලොව හමුවේ නිරාවරණය කලේද ඇමරිකාවයි. 
   
කුරිරු පාලක හිට්ලර්,අමානුශික ඝාතකයා ඔවුන් කරලියට ගෙනාවා.සියලු ලෝ වැස්සන්ගේ හිත සුව තකා ඇමරිකානු එංගලන්ත කැනඩා ව රුසියාව බේරා ගැනීමේ දෙවන ලෝක යුද්ධය ආරම්භ කලේය.ඒ සියල්ල අප දකින අතරේ මුලු රුසියාවේ ධනයම ඒ රටවල් අත යටින් ඇද ගත්තා.
බලය තමා සන්තක කර ගැනීම සඳහා බලවත් රටවල් එකතුව අනෙක් රටවල් වල ධනය තමා සන්තක කර ගැනීමට ඔවුන් එසේ නොනැවතුනු බව කිව යුතුයි.
අල් කයිඩා සංවිධානයත් එසේ නිර්මානය වු සංවිධානයක් බව නොකියා බැරිය.ආර්ථික සුභ සිද්ධිය සඳහා ඇමරිකාව විසින් කිරි පොවා ලොවට හදුන්වා දුන් නිර්මානයක් ලෙස අල් කයිඩා හා අයි එස් සංවිධාන හදුන්වා දිය හැකිය.එය ඇමරිකාව තෙල් ඉව කරන සමයේ නිර්මානය වු එකක් ලෙස සැලකේ. ඔපෙක් සංවිධානයට අයත් රටවල් වල දේශපාලන ගැටුම් ඇති කර තමාට අවශ්‍යයය දේ ලබා ගැනීමේ ක්‍රියාවලිය මේ ඔස්සේ ඔවුන් සපුරා ගන්නට ඇත.පසුව ඒ නයිත් ආමරිකාවට පෙනේ පුප්පන දශ්ථ කරන අවස්ථාද දක්නට ලැබෙන බව මෙහිදී නොකියාම බැරිය.ලෝක බැංකු ප්‍රහාරය මෙහිදී උදාහරනයක් ලෙස දක්වා ලිය හැකිය.
ඔසාමා බින් ලාඩන් ඇමරිකාවේ පෙර කල ඉගෙන ගත් බව කියවෙන්නෙ එම නිසාය.සමහර විට ඔවුන් ඔසාමා නිර්මානය කරන්නට ඇත.  ඔබ සොයා බලන්න ඇමරිකාව හමුවේ කොතරම් බොර තෙල් සංචිතයක් තිබෙනවාද කියා.ඇමරිකානු භූමිය තුල තෙල් ඇතත් ඒව පොලොව මතුපිටට තවමත් ඔවුන් ගෙන නැත.ඔපෙක් රටවල් අල්ලමින් ඔවුන් ඔවුන්ගේ තෙල් සංචිත තර කරන්නේ මේ ත්‍රස්තවාද නිර්මාන හරහාය.
IsIs සංවිධානයත් ඇමරිකානු නිර්මානයක් බව නෙයෙක් අය පෙන්වා දිය දෙයි. දැන් බොරතෙල් මිල උච්චාවචනය කිරීමට හෙට්ටු කිරිමට ඔපෙක් රටවල් වලට බැරිය.ඇමරිකාව සතු නිර්නායක ඔස්සේ ඔවුන් තෙල් මිල උච්චා වචනය කරන්නේ තම බල පරාක්‍රමය ලොවට විදහා පෑමට මෙනි.
උඩගෙඩි දෙන රටවල් අතර ඇමරිකාව අදී යුරෝපා  ප්‍රසිකද්ධ වන්නේ ඒ අශීතව අනෙක් රට තුල ගිය හැකි Facebook ආදි සමාජ ජාල වල මුල් බිම හා ඒවායේ ප්‍රධාන  මෙහෙයුම් කාර්යාල ඒ බිම් වල ස්ථාන ගත කර තිබීමයි.
"සමාජ ජාල එතරම් දරුනු නැත" යෑයි කෙනෙකු පවසතොත් ඒ හරහා රටක යුද්ධයක් ඇතිවූ අවස්ථාවක් දැක්වෙන බව කිව යුතුමය.ඊජිප්තුව එවන් වියසනයකට උරුම කම් කියු රටක් ලෙස මෙහිදී දැක්විය යුතුමය.ඊජිප්තු ජාතිකයන් හා මුසලිම් ඡාතිකයන් අතර ඇති වු යුද්ධයෙහි ප්‍රධාන වග කිවයුතු අයවලුන් ලෙස සැලකෙන්නෙ ඇමරිකාව ආදී ධනවත් රාජ්‍යයන් බව ඔබ නොදන්නා කරුනක් ලෙස මෙහිදි පෙන්වා දිය යුතුය.සමාජ ජාල හරහා මිනිසුන් කුකුලන් මෙන් කෙටවූයේ ඔවුන් මිස වෙන කවුරුන්ද ? ඊජිප්තුව ඇල්ලීමෙන් ඇති පලය කුමක්ද ? යන්නට හොඳම පිලිතුර වන්නෙ තෙල් සම්පත වන්නට පුලුවන.මෙහිදී තවත් ඊජිපතුවක් නොකර ලංකාව සමාජ ජාල හරි හැටි පරිහරනය නොකල හොත් සිදුවන්නේ දුර්භාගයක් බව මෙහිදී සඳහන් නොකරම බැරිය.
ඔපෙක් රටවල ගිනි ඇවිලවීම ඔවුන්ගේ තෙල් සම්පත ඇදීම මූලික කරගෙන නිර්මානය වු යුද්ධ ඇති කිරීම ඒවා සමතයකට පත් කිරීමට ඔවුන්ම මැදිහත්වීම සාම දූතයන් මෙන් රටට ඇතුල් වීම සමාගම් ඇති කොට ධනවාදී රටට සම්පත් ඇදීම මේ උඩ ගෙඩි සපයන රටවල ප්‍රධාන අරමුන ලෙස සඳහන් කල හැකිය.

තවත් කාරනයක් නම් දෙවන ලෝකයේ රටවලට ණය ආධාර සැපයීමේ ක්‍රමයයි. මේ සම්භන්ධව විකී ලීක්ස් වෙබ් අඩවියේ සඳහන් ලිපි ලේඛන විශාල ප්‍රමානයක් දක්නට ඇත.කුලී ඝාතකයෙකුගේ ඝාපාපොච්චාරනය නම් පොතේද මේ සම්බන්ධ ලිපි ගනනාවක් දක්නට ලැබේ.මෙහිදී දෙවන ලෝකයේ රටවල් කෙරේ බලවත් රටවල් ඇන්ගනා අපුර්ව විස්තර කර තිබේ.මෙහිදී ආර්ථීක විද්‍යාඥයන් ඒ රටවල් වලට රාජ තාන්ත්‍රික සේවයේ යොදවන අතර ඔවුන් එම රට ගැන ඔත්තු බැලීමේ කාර්යයෙහි නියුතු වෙයි.මෙහිදී එම රටේ ආර්ථික තත්වය භාණ්ඩාගාර අරමුදල් සම්බන්ධව පවා සොයයි. ඊට පසු ඔවුන් සුලු පොලී ණයක් ලබා දෙන අතර අවුරුදු ගනනක් නම් කොට ඒ කාලය වන විට ගෙවා නිම කරන ලෙසද මොවුන් රජය සමඟ එකඟතාවකට පැමිනෙයි.නමුත් ආර්ථිකය ඒ කල වන විට ඒ නය වත් ගෙවා ගන්න බැරි බව ඔවුන් දනී.ගෙවා ගැනීමට නොහැකි වුවහොත් ඔවුන් විවිධ යෝජනා එම දෙවන ලෝකයේ රට වෙත එල්ල කරයි.එම භූමියෙන් කොටසක්.ආර්ථික මර්මස්ථානයක්. ධනවත් රටේ නැවූ නැවැත්වීටම නය ගත් රටේ වරායක්.ඔය ආදී ලෙස නය උගුලක රට බැඳ ඔවුන්ගේ රටේ අනාගතය සඳහා ඔවුන් දිගු සැලසුමක් නිර්මානය කර ක්‍රියාවට නැංවීමක් දක්නට ලැබේ.
මේ තත්වය අප රටටද අත්විය හැක.ඔවුන් අප ඔලුව උස්සන්න තතනන මොහොතේ යටි උගුල් අදිනු ඇත.එය දැනගෙන කටයුතු නොකලොත් තවත් ඊජිප්තුවක්,ඉරානයක්, ඉරාකයක් මේ දිවයින වනු ඇත.ඔවුන් දත නියවන්නේ අපේ වරායකට විය හැක.ලංකාව වරාය කේන්ද්‍රස්ථානය වන්නට නැගිටින මොහොතේ ඔවුන් ලංකාව ඇමරිකානු කොලනියක් කර ගතහොත් සියලූම ලාංකික ජනතාව ඔවුන්ගේ වහලුන් වනු ඇත...


....... දුකා ..........

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...