Sunday, November 1, 2020

ලංකාවේ ආර්ථික මලගම අත ලඟද ....

ලංකාවේ ආර්ථික මලගම අත ලඟද ....
රට ආර්ථික වශයෙන් ස්ථාවරද? රට ආර්ථික වශයෙන් පොහොසත් ද ? කොවිඩ් වලේන් බැටකෑ රට මේ යන ගමනේ ආර්ථික අගාධයකට ඇද වැටේවිද ? රටේ දේශපාලනය ආර්ථික අගාධයකට රට දක්කනවා ද ? මේ තත්වයට වගකිව යුත්තෝ කවුද ? මෙහෙම ප්‍රශ්න ටිකක් සමාජයේ සාකච්චා වෙමින් පවතින යුගයක් අප පසු කරමින සිටිනනේමු.කෙසේ වෙතත් මේ ලිපිය ලියනා මා මහා ආර්ථික විද්‍යා දැනුමක් ඇත්තෙකු නොවේ.එහෙත් මේ තත්වයට ඔබ මෙන් මාත් ඇද වැටි ඇති තත්වයක මෙසේ වුයේ ඇයි දැයි සොයා බැලිම වටිනා නිසා මා මේ ලිපිය ලියන්නට කරුනු එක්රැස් කලෙමු.එය මාගේ දැනුම වර්ධනය වගේම ඔබේ දැනීමේ පරිධිය වැඩිකිරීම සඳහාත් මා මේ ලිපිය ලියන්නට සිතුවේ මා තනිවම පමනක් මේ තත්වයෙන් ගොඩ එන්නට යත්න දැරීම වැඩකට නැති නිසාය. රටක් ලෙස එකා වන්ව මේ තත්වයෙන් ගොඩ ආ යුතුය.නැතිනම් වන්නේ රට ආර්ථික වශයෙන් පරිහානි තත්වයකට යෑමය. ඇත්තෙන්ම රට ණය උගුලක වැටි අවසානය.එය මොන පක්ෂයකට මුක්කු ගැසුවෙකු වුවද පිලිගත යුතුය.එය පිලි නොගන්නා තාක් ගැටලුව හදුනා ගැනීමටත් පිලිතුර සොයා ගැනීමටත් නොහැකි වනු ඇත. එක් එක් දේශපාලන පක්ශ වලට බැන අඬ ගසමින් ශේප් විම මෙහිදී මා නොකරන්නේ මේ තත්වයට රිජු ධායකත්වයක් ඔබ හෝ මා යන දෙදෙනාම දී ඇති නිසාය.රට කරවන පක්ශ දෙකක් ඇත.මොන පාට මොන ලකුණු තිබුනත් නිදහසින් පසු මේ රට පාලනය කරේ පක්ශ දෙකක් බව ඔබට මා අමුතුවෙන් කිව යුතු නැත.සුලු පක්ෂ කලේ හැමකාලයේම පවතින රජයට මුක්කු ගසා ඔවුන්ගේ හිතලු ජය ගැනීමට කතීකා කිරීම පමනි.දේශානුරාගී පක්ෂ ලෙස හංවඩු ගසා ජත් භේ සුලෝ පක්ෂ කලේද මහ පක්ෂ දෙකේ එල්ලී බලි බැලීමය. රටේ මහ උන්ගේ මූනත්තහඩු මාරු වුවද රටට වූ සෙතක් නැත.රටේ මහජනතාව මෙතෙක් කල් දෙපිලකට බෙදී තමාගේ බඩ වඩා ගැනීමේ සහ තමාගේ මනදොල සැපීරීම වෙනුවෙන් පොලිමේ සිට කතිරය ගසා එක් එක් අය පත් කර ගත්තෙමු.චන්දයෙන් පසු ඔවුන් මේ රටේ සාරය උරා බිවු බව ඔබත් මාත් පෙර ලෙස කෑ ගසන්නෙමු.නමුත් අප අපගේ හිතලු ජයග්‍රහනය සඳහා අපගේ රට ලන්සු තබන්නට වක්‍රාකාරව ධායකත්වය සපයා ඇත්තෙමු.එයින් අපට ගැලවිය නොහැක.අද අප අභිමුව තබනා ආර්ථික අගාධයේ හවුල් කරුවන් අපි මිස වෙනකෙකු නොවේ. දෙදහස් විසි එක වන විට ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙන පරිදි රට ආර්ථික වශයෙන් කඩා වැටීමට නියමිත බවට කැට තබන භොහොතක් අප පසු කරමින් සිටින්නේ මේ නිසාය.පවතින ආන්ඩුවට පවා මේ සම්බන්ධව කරන්නට දෙයක් නැත.වියත් මගේ පට්ට පොරවල් වලටත් මේ සම්බන්ධව කල යුතු දේ පැහැදිලි නැත.අංක ගණිතය යොදා මේ තත්වය යට ගසන්නට හැදුවද එයින් ඔවුන් ඇඟ බේරා ගන්නට යත්න දැරුවද ඒක පුද්ගල ආදායම රිසි සේ කඩා වැටීම නවත්වන්නට නොහැකි බව පෙනෙන්නට තිබෙන බව ඔවුන්ටද පෙන්වා දිය යුතුය.අංක ගණිතය හෝ ලොවම ආර්ථික අගාධයකට වැටි ඇත යන තර්කය ගොඩට ඇද එය තෙපලා මහා සාකච්චා වල පොත් පෙරලා මේ තත්වය මඩේ එබීමෙන් සිදු වන්නේ තවත් රට අගාධයට යාම විනා වෙනත් දෙයක් නැත.මහ බැංකු වාර්ථා පරක්කු කිරිම හෝ ජන සංඛ්‍යාලේඛනයේ ඒක පුද්ගල ආදායම, නිෂ්පාධන ආදායම ඒම පරක්කු කිරීමෙන් වෙන්නේ රට ඒවත් අගාධයකට යාම විනා එයින් ලැබෙනා හොඳක් නැති බව පෙනෙන්නට තිිබේ.
රටේ අයිතිකාරයා පාලකයා නොවේ.රටේ සැබෑ අයිතිකරුවෝ ඉපදුන ඉපදෙන පුරවැසියෝය.ඔවුන් වෙනුවෙන් පාලකයෝ වැඩ කල යුතුය.දත්ත වාර්ථා මඩේ ඔබනවාට වඩා නිවැරදි දත්ත ගෙන හැර පෑම රජයක් විසින් කල යුතුය.නැතිනම් රට තවත් අගාධයකට ඇදගෙන යනු ඇත. නිවැරදි දත්ත සමාජ ගත නොකිරීමේ විපාක ලැබෙනු ඇත. දත්ත වටින්නේ බුද්ධිමතුන්ටය ඔවුන් වියදම් කල යුතු ප්‍රමානය පෙන්වා දෙනු ඇත.එය පොදු සමාජය පිලිගෙන තම මුදල් භාවිතය සරේලන ලෙස සකස් කර ගැනීමට වත් රජය නිවැරදි දත්ත ජනතාවට සම්ප්‍රේෂණය ඛල යුතුය.එය හරි හැටි නොවන බව පැහැදිලිය.එයට හේතුව ලෙස පෙනෙන්න්නේ රජයේ නොහැකියාව දත්ත මත පදනම් වේ යැයි සිතනා මරි මොඩයන් රජයේ සිටින නිසා වන්නට ඇත.නමුත් විය යුත්තේ රට ඇදවැටි ඇති සත්‍ය තත්වය රට හමුවේ තැබීමට කටයුතු කිරිමයි.එසේ නොකලහොත් ජනතාව අධි පරිභෝජනය කොට තවත් රට අගාධයකට ඇද දමනු ඇත. අපටත් වඩා අන්ත දුප්පත් රටවල් ආර්ථික වශයෙන් යම් පසුබෑමක් මේ කොවිඩ් අර්බුධය නිසා පෙන්වා තිබුනද ඔවුන්ගේ රාජයේ ආර්ථික තත්වය කඩා වැටීමකට ලක්ව නොමැති බව ඔබට පෙනෙනු ඇත.හොඳම උදාහරනය ආසිත්තික රටකින්ම ගතහොත් වියට්නාමය එයට හොඳම උදාහරනයක් ලෙස දක්වා ලිය හැක.ඔවුනුත් අප ලෙසම තිබු රටකි.යුද්ධය, ගොවිතැන මතින් ගොඩ නැගුනු ආර්ථිකය මේ සියල්ලම අප රට සේම වියට්නාමයටත් එක සේ තිබුනේය.නමුත් පවතින අර්බුධ හමුවේ වියට්නාමය ආරීථික ලෙස මේ කොවිඩ් අර්බුධය හමුවේ වුවද ආර්ථික ස්ථායිතාවක පවතින බව ඔබට පෙනෙනු ඇත.ඒ සම්බන්ධව අප පසුව කතා කරමු.
මේ රට පවතින තත්වය හමුවේ සියලු පක්ශ වලට ඇගිල්ල දික් කිරීමට මා හට සිදු වනු ඇත.ඒ මක්නිසාද යත් මේ කුමන පක්ශයකට වුවද කුමන පුද්ගලයෙකුට වුවද බලය ලබාගැනීමේ කෑදර කම විනා රට ගැන කැක්කුමක් තිබුනේ නැත.ඔවුන් කලේ තම ආන්ඩු කාලයේ ජනතා සේවය ලෙස ඊ ලඟ චන්දයෙන් දිනීමට ගම් දනවු වල වැඩ කිරීම පමනි.ඔවුන්ට රටේ ආර්ථිකය ගැන වගක් නොතිබින.ඔවුන් තම චන්ද බල ප්‍රදේශය සුඛිත මුධිත කරන්නට වෙහෙසුනි. ක්‍රිඩා පිටි සෑදුවේය.බෝල බැට් ලබා දුන්නේය.පෙලක් අය පාරවල් සෑදුවේය.නැතිනම් නුසුදුසු තම හෙන්චයියන්ට රැකියා ලබා දුන්නේය.එමගින් ඔවුන් එන වර එතෙර වීමට චන්දය එක් කලේය.එහෙත් ඔවුන්ට රටේ ආර්ථිකය නගා සිටුවීමට එකදු ප්‍රතිපත්තියක් නොතිබුණේය.ඒ තත්වය නිසා අද අප මේ තත්වය අති විදිමූ.තම චන්ද බල පෙදෙස් වල කුඩා පරිමාන වියාපාරිකයන් බල ගැන්වීම ඔවුන් කර ගියේ නැත.ස්වයං රැකියා සඳහා බල ගැන්වූයේ නැත. අවම වශයෙන් වගා කිරීමට හැකි ඉඩම් පිලිබඳ වාර්ථාවක් වත් ගත්තේ නැත.ඔවුන් සිදු කලේ රෙද්දක් පන්දාහක් දී තම චන්දය රැක ගැනීමට ජනතාවට කැරට් කැවීම පමනකි. රටේ ආර්ථිකයට කිසිදු මුදලක් එක් කිරීමට රටේ දේශපාලකයා කටයුතු කලේ නැත.ඔවුන් සුභසාධනය පෙර දැරි කොට තම ආර්ථික ප්‍රතිපත්ති සකස් කලේය. ලංකාව සේවා ආරිථිකය පසු පස ගොස් ඇන ගන්නා බව ලෝකයා කිවද රටේ බුද්ධිමතුන් පවා ඇස කන නාසා වසාගෙන මුනිවත රැක්කෝය. දේශපාලකයන්ගේ උපදේශකයෝ වුයේ මරි මෝඩයන්ය.නැතිනම් උපදේශකයා වුයේ ඇමතිගේ නොනා හෝ මෝඩ පුතාලාය.නැතිනම් හඳ තරු කොට්ටයට තබා නිදිය ගන්නා කට්ටඬියෝය.නැතිනම් හොර හඳහන් කාරයෝය.රටේ බුද්ධිමතුන් ඔවුන් සේවයට පත් කර ගත්තේ නැත.ඔවුන් මේ රටේ තම දැනුමට තැනක් නැති බව සිතා කට වහ ගත්තෝය.නැතිනම් වෙන රටක් ඔවුන් ගැන දැනගෙන ඔවුන් රතු පලස මතින් ඔවුන්ගේ රටට කැන්දාගෙන ගියෝය.උදාහරණයක් ලෙස මැලේශියාව අද ඉන්නා තත්වයට ආර්ථික වර්ධනයට මුලික වූයේ කවුදැයි සොයන්න.මේ රටේ සිටිය නොහැකි වු බොහෝ බුද්ධිමතුන් ඔවුන්ගේ දැනුම ගෙන ගියේ මැලේශියාවටය.අද වන විට මැලේශියාවේ ආර්ථිකයේ ප්‍රධාන කුලුනු දරාගෙන සිටින්නේ ලංකා භූමියෙන් අප පන්නා දැමු බුද්ධිමතුන් නිසාය.ඔවුන් මෙරටට වැදගත් වූයේ නැත ඔවුන්ගේ දැනුම අප රටේ දේශපාලකයාට යල් පැන ගිය දැනුම වුයේය. අපේ රටේ මහ ජනයාට ඔවුන් කියනා දේ හිනා වෙන්නට නිමිත්තක් විය.එනිසා ඔවුන්ගේ දැනුමට නිසි වටිනා කමක් දෙන තැනකට ඔවුන් විතැන් විය.මැලේශියාවේ ආර්ථික විශේෂඥයන් බොහෝ දෙනා ලංකාවේ බුද්ධිමතුන්ය.එසේම විස්ථා සම්පාධන ආයතන වල මහ පුටුවේ සිටින්නේද ලංකාවේ බුද්ධිමතෙකු බව ඔබ සොයන්නෙක් නම් බලන්නෙක් නම් කරුනු එක්රැස් කරන්නෙක් නම් වැටහෙනු ඇත. පාලකයා උගතෙකු නොවුනාට කම් නැත.එහෙත් පාලකයා තමාට හැකි දේ නොහැකි දේ පිලිබඳව දැනගෙන සිටිය යුතුය.ඔහුට හෝ ඇයට බැරි දේ පිලිබඳව කියාඒ සම්බන්ධව උගත් බුද්ධිමත් අයගෙන් ඔවුන් උදවු ඉල්ලිමට මැලි නොවිය යුතුය.තමාගේ උපදේශක මන්ඩලය ලෙස තෝරා ගත යුත්තේ නොනලා පුතාලා හෝ කට්ටඩියෝ නොවේ රට තුල සිටිනා බුද්ධිමතුන්ය.වියත් මගේ පොරවල් වලට චන්දය දී ඒ මඩ ගොහෝරෝවටම හෙලා අප ඔවුන් කරනා දේ බලා සිටිමු.එහෙත් සිදුවී තිබෙන බව පැහැදිලිය.මරි මොඩයන් සමඟ වියතුන් සභා මැද පිස්සු කෙලින්නේ ඔවුනුත් මරි මොඩයන්ගේ ලනු කා කට වසා ගෙන පැත්තකට වී සිටිම නිසා බව පෙනෙන්නට තිබේ.අනෙක් අය විසින් වියතුන්ගේ අත් බැඳ ඇත.වදින්න ගිය දේවාලය ඉහේ කඩා වැටිම වැනි දේකට වියතුන් වැටි ඇති බවද පෙනෙන්නේ ඒ නිසාය. දෙදාස් විසි එක ගැන කතා කරන්නට කලින් ආරීථික වශයෙන් රට කොතරම් ආගාධයකට වැටී ඇති දැයි සොයා බැලීම වටී.එයට මා ගණිතය යොදා නොගන්නේ ලංකාවේ මේ අංක දවසින් දවස එහෙ මෙහෙ වන නිසාය.මහ බැංකු වාර්ථාවේ එකකුත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවේ තව අංකයකුත් තිබෙනා නිසාත් මා ආර්ථික විද්‍යාඥයෙකු නොවන නිසාත් මා අංක ගණිත තර්ක ගේන්නට යන්නේ නැත.එහෙත් ඔබට තේරුම් කර දිය යුතු නිසා උදාහරණ කිහිපයක් මා ගෙන එන්නට වැයම් කරන්නෙමි. ඔබ ගන්නා වේතනය මාසයක් ජිවත් වන්නට ප්‍රමාණවත්ද ? ඔබ කන්නේ සමබල ආහාර වේලක්ද ? ඔබ වියදමට අමතරව යම් මුදලක් හදිස්සියට ගන්නට තබා තිබෙනවාද ? ඔබ යම් මුදල් කොටසක් ආයෝජනය කරනවාද ? ඔබ යම් මුදල් කොටසක් තැම්පත් කරනවාද ? ඔබ ආර්ථික වශයෙන් ස්ථාවරද ? මේ ප්‍රශ්න වලට සිතට එකඟව උත්තර සිතන්න.ඔබට වැටහෙනු ඇති මේ ආර්ථික කඩා වැටිමේ අවුල නිසා ඔබ දැන් වැටී ඇති තත්වය.මෙයට විසදුම් ඔබ මා සෙවිය යුතු කාලය එලඹ ඇත යන්න මා කියන්නේ නැත.ඒ මක්නිසාද යත් අප මේ ගැන සිතන්නට පරක්කු වැඩිය.වියත් මග හෝ දැනට පවතින රජය හෝ මේ තත්වයට විසදුම් සොයන්නට ගොස් ඔබට වසරක් පටි තද කර ගන්න කිවොත් මේ ආර්ථික අගාධයෙන් ගොඩ එන්න ඔබ ඒක කරනවාද ? නෑ ඔබ දැඩි ලෙස දෝශාරෝපනය කරනු ඇති. නැත්තම් පවතින රජයම එය අකුලා ගනීවි.එයට හේතුව ජනතාවට එය කීවොත් ඔබ ඔවුන් ජඩයන් ලෙස සිතාවි.නැතිනම් ඔබ බැන බැන පාරට බසීවි.නැති නම් ඔබ එන චන්දයේදී ඔවුන්ට පාඩමක් උගන්වාවි.එහෙයින් මේ රජයත් එසේ පටි තද කරගන්න යැයි නොකියනු ඇති. එහෙත් රටේ අනාගතය ගැන සිතා කවුරුන් හෝ මේ ප්‍රතිපත්තිය ගතහොත් බිය නොවි රටේ අනාගතය බබලාවි.ඔබේ දුවා දරුවන් අප විදි දුක නොවිදීවි.එසේ තමා රට වෙනුවෙන් සිතා අප පටි තද කරගන්නේය යැයි නොකියන්නේ රට ගැන හෝ අනාගතය ගැන කැක්කුමක් නොමැති නිසා බව දනිමි.චන්දය දුන්නා දැන් කරලා පෙන්නපල්ලා යැයි කියා පාලකයන් කරනා තුරු ජනතාව උඩ බලා සිටී.තමාටත් වගකීමක් ඇත කියා මහජනතාව නොසිතනා තාක් රට මේ තත්වයේම පවතීවි. ජනතාව ඉල්ලීම් ඉල්ලති නමුතී වගකීම නොකරති.පෙලක් රටවල ඉල්ලීම් ඉල්ලන්නේ තම වගකීම් කරමින්ය.එහෙත් අපේ රටේ කිසිත් නොකර ඉල්ලීම් ඉල්ලති.එම මනෝභාවය ඇති කලේ එක්කො මාධයයි නැතිනම් පාලකයායි.එම නිසා මේ මොහොතේ ආර්ථික වශයෙන් අප මෙතැනට වැටීමට එවන් සමාජ කාරනාත් බලපා තිබෙන බව කිව යුතුය.සිංහලයා වලියේදි සිංහයෝය.වැඩ කිරීමේදී අලසයෝය.එය වෙනස් නොකර ගන්නා තාක් රට එක තැන පල් වනු ඇත. මෛත්‍රීපාල ජනාධිපති තුමා කොතරම් හෑල්ලුවට ලක් වුවද ඔහු කියු දේ කල නායකයෙක් ලෙස හදවත් තුල සිටිනු ඇත.එහෙත් ඔබගේ හෝ මාගේ හදවත එය පිලි නොගන්නා බවද මා දනිමි.නමුත් ඇත්ත එයයි.තම අසිමිත බලය නම් වූ ඒකාධිපති බලය ඔහුම අත් හැරියේය.ඔහු එසේ කලේය.තමාට හිමි බලය තමා විසින්ම නැති කර ගත් එකම නායකයා ඔහුය.එය අපේ රටේ ජනතාව මොඩකමක් ලෙස දැක්කේය.ඔහුට පරිභව කලේය.අපේ රටේ ජනයාට අවැසී වුයේ යල් පැන ගිය දේශපාලන නියායයන්ය.තම චන්ද පොරොන්දුව ඔහු රැක්කේය.එය මතක් කරන්නේ අපගේ කුහක මොල හරස් කඩක් පෙන්වීමට පමනි.ඔහු කල සියලු දේ හරි කියන්නේ නැත. රජුන්ගේ බැල මෙහෙවර කල අප අදටත් යටත් වැසියෝ ලෙස ඉන්නට සිත සදා ගනිති.අපගේ කොදු කොතරම් කෙලින් කරන්නට හැදුවත් අප සියල්ලන්ගේම කොදු නැවිලාය. වෙනත් රටවල් කැලෑවෙන් එලියට පැමින දියුනුව කරා යන්නට කෙලින් ගමනක් යන විට අප හෝමෝ සේපියන් ලෙස සිට ලුසි මානවයා දක්වා ආපසු ගමනක් යන බව පෙනෙන්නට තිබේ.අප රටේ ජනයා නැවත කැලෑ වදින්නට සුදානම්ය.වහලා හා වහල් හිමියා තත්වයේ දැන් සිටින තත්වය බව මා මේ මොහොතේ සඳහක් කල යුතුය. දෙදාස් විසි එක වන විට ආර්ථික කඩා වැටිමත් සමඟ අප නැවත කැලෑ වැදෙනු නොඅනුමානය. සුපර් මාකට් වලට ගිය අප කර කොල සොයනු ඇත.කෑම සොයමින් සිමිත කැලෑ වල ඔහේ ඇවිදීනු ඇත.එය අත ලඟය. සේවා ආර්ථිකය තිබෙනා තාක් මේ රටේ තත්වය එසේ වනු ඇත.පුජකයා සහ දේශපාලකයා නොනැසී පවතිනු ඇත.එහෙත් ජනයා නැසෙනු ඇත. අප පරිබෝජන ආර්ථිකය මත යැපෙන නිසා මෙවන් තත්වයක් උද්ගත වූ බව පෙනෙන්නට තිබේ. ලංකාවේ ජනතාව අධික පරිබෝජනය කරනා ජනතාවකි.ඔවුන් තමාට අවැසි දේ සාදා ගන්නේ නැත.ඔවුන් අහසට දත නියවමින් උඩින් වැටෙන තුරු බලා සිටින ජාතියක් වී හමාරය. උදාහරණ ලෙස මගේ විශය තුලින්ම මා උදාහරණ ගන්නේ මා ඒ විශය පථය හදාරා ඇති නිසා පමනක් නොවේ එය ඔබටත් පැහැදිලි කිරීමට තරම් හොඳ උදාහරණයක් වන නිසා බව මට සිතේ. පරිබෝජන ආර්ථිකය නැතිනම් සේවා ආර්ථිකය පිලිබද කතාවේදි දක්වා ලිය හැකි හොඳම උදාහරණය වන්නේ වෙලඳ දැන්විම්ය. මෙහිදී පරිභෝජනය අධික කිරීමට රිජු ලෙස දායකත්වය දක්වන්නේ ජනමාධ්‍යය යි.එය ජන මනසට කතා කරන්නට පටන් ගත් දා සිට අධික පරිබෝජනයක් පෙන්වන්නට පටන් ගත්තේය. ඔබ දකින වෙලඳ දැන්වීම් ඔබගේ අවශ්‍යතාවයට වඩා කතා කරන්නේ ආශාව වැඩි කිරිමට නොවේද ? සිතා බලන්න. ඔබ පොදු වෙලඳ සැලකට සුපිරි වෙලඳසැලකට ගියහොත් ගන්නේ ඔබට අවශ්‍යය දේද නැතිනම් අනවශ්‍යය දේද ? ඔබ ආශාවෙන් අවුලවන්නේ කුමක්කද ? ඔන්ලයින් බිස්නස් සමාජ මාධය තුල ප්‍රචලිත වන්නේ ඇයි ? එයත් අප වන් රටවල් වල වෙලඳපොල තුලටම රින්ගන්නට මාන බලන්නේ ඇයි.සිතා බලන්න සොයා බලන්න. විවෘත ආර්ථිකයට බැන බැන අප අවුරුදු ගනනාවක් කලය කෑවෙමු.පෙලක් රටවල් විවෘත ආර්ථිකය නිසා ගොඩ ගියේය.ආර්ථිකය ඉහල ගියේය.ඒක පුද්ගල ආදායම ඉහල නැන්වුයේය.එයට හේතුව ලෙස පෙනෙන්නට තිබෙන්නේ රටේ විවත ආර්ථිකය හැසියවිමට සමත් බුද්ධිමතුන් සහ නිති සම්පාධනය වෙනුවෙන් එම රාජය කටයුතු කිරිමය.මෙරට තත්වය විවෘත ආර්ථිකය නිසා අපාගත වූ බව පවසන ඇතමුන් ඇතැම් ආන්ඩු ඔවුන්ගේ නොහැකියාව වසා ගැන්මට විවෘත ආර්ථිකය නම් හමස්කඩයට තඩි බානා බව පෙනෙන්නට තිබේ. දැන් වත් මේ තත්වයෙන් රට මුදවා ගැනීමට රජයකට අවැසි නම් කල යුත්තේ විවෘත ආර්ථිකයට යම් යම් සම්භාධක දැමීම නොවේද ? අප රට වෙනත් රටවල් වලට වෙලඳ පොලකි.ඉනදියාව චිනය වගේ රටවල් අපේ රට වෙනුවෙන් පොර කන්නේ මේ නිසාය.ඒවාට උඩගෙඩි දෙන්නේ ජනමාධ්‍යය යි.එය යම් කලුකඩ ස්වභාවක් ගන්නා බව සියුම්ව කල්පනා කරනා විට පෙනෙන්නට තිබේ.දෙදාස් විසි එක වන විට සුභසාධනය පිලිබඳ අදහස අතුගා යනු ඇත.එසේ වන්නේ සුභ සාධනය වෙනුවෙන් වත් රජයට මුදල් නොමැති කමය.එය සමතයකට පත් කරන්නට රජය නැවත නැවතත් නය ලබාගැන්මට යාමෙන් තව තවතී රට ණය උගුලකට හිරවනු නොඅනුමානය. එන්ගල්ස් මාක්ස් කි ලෙස අප අවශයතාව උවමනාව අතර ගැටලුවකට මැදිවී ඇති බව පෙනෙන්නට තිබේ. ලංකාව මේ ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට නම් මේ අවුල මුලිකව ලිහා ගත යුතුය.පරිභෝජන ආර්ථිකය අමතක කල යුතුය.ආනයන පරිබෝජන රටාව නතර කල යුතුය.නිශ්පාධන ප්‍රමුඛ ආර්ථිකයකට යා යුතුය.එය ඉත් ඉක්මනින විය යුතු කාලය එලඹ ඇත. වියට්නාමය අද වන විට නිශ්පාධන ආර්ථිකය නිසා ලංකාවට වඩා ආර්ථික වර්ධනයක් ලබා ඇති බව පෙනේ.දැන් දැන්ම එසේ නොකලහොත් සිදු වන්නේ ලංකාව ලෝක සිතියමින් මැකි යාම බව පෙනෙන්නට තිබේ. මුල් කාලිනව නිශ්පාධන ආර්ථිකයට යැමේ තත්වය ජන සමාජයට විශාල අමාරුකම් ඇති කරනු ඇත.නමුත් එය ඉක්මනින්ම විය යුතු කාලය එලඹ ඇත.රට ආර්ථික වශයෙන් අනාත වන්නට වන්නට පෙලක් රටවල් මේ රට ගිල ගන්නට මාන බලනු ඇත.එය දැන් දැන් වෙමින් පවතිනා බවත් ඔබට පෙනෙනු ඇත.එය ස්වභාවයයි.රටවල් අල්ලා ගැනීම දැන් යුද්ධය ලෙසම පැමිනෙන්නේ නැත.අශෝක රජු යුද්ධයෙන් බැරි තැන ධර්මයෙන් බුද්ධ රාජය ගොඩ නගා සතුටු වුයේය. එසේම ආර්ථික වශයෙන් වැටි ඇති රටකට ඔන තරම් ණය දෙන රටවල් ඇත.ඔවුන් ඇති තරම් අප හට නය දෙනු ඇත.ඔවුන්ට අපසු ගෙවිමේ සම්භාවිතාව අප වගේ රටවලට නැති බව ඔවුන් දන්නේය.ඒ නිසා ඔවුන් එක් එක් ඉල්ලීම් ලංකාවෙන් ඉල්ලනු ඇත.භුමියෙන් කොටසක් ඔවුන් ඉල්ලනු ඇත.යුද අභ්‍යාස කර ගෙන යන්නට මුහුදක් ඔවුන් ඉල්ලනු ඇත.එසේ වන්නේ ඔවුන් ආර්ථික වශයෙන් පොහෝසත් නිසාය.අපේ පාලකයන් හා ජනතාව බුද්ධිමත් විය යුතු කාලය එලඹ ඇත. එසේ නොකර තව තවත් නය ගෙන සුභසාධන ආර්ථිකය තර කන්නට යෑමෙන් රට තව තවත් ණය උගුලක පැටලී ආර්ථිකමය ලෙස ආතුගා යනු ඇත.මහා ඉහලින් වර්ණනා කරනා අපේ රට තව කාගේ හෝ අනසකට යට වනු ඇත.එයින් බේරීමට නුවනැස පෑදේවා යන්න මගේ පැතුමයි.රටක් වශයෙන් එක් වි වැඩ නොකරන තාක් අපට පුලුවන් පැතුම් පතන්නට පමනි..... දුකා..........

Saturday, October 31, 2020

ගාන්ධි නියාය .......

ගාන්ධි නියාය .......
ලෝකේ ගොඩක් පොරවල් කියල හිතන ජිවිත කතා වල යටි පැත්තේ කතාව හෙන මෙගා නාටකයක් වගේ.ඒක පොදු සාමාන්‍ය මහජනතාවගේ දුශ්ථි පථයෙන් වැහිල තිබීම තමා මේකට හරිම හේතුව.ඒත් මේ ලිපියෙන් බලාපොයොත්තු වෙන්නේ ඔබගේ බුද්ධිය පොඩ්ඩක් හරි වෙනස් කරන්නම නෙවෙයි හිතන පතන විදිය වෙනස් කරන්න.දකින විදිය බලන විදිය වෙනස් කරන්න.ඒක කොයි තරම් ප්‍රායෝගික වේවිද කියල නම් දන්නේ නෑ.ඒත් මගේ කොටස මං කරනවා.ඔබේ කොටස කරයි කියල බලාපොරොත්තුවෙන්. හරි අපි කතාව පටන් ගමු.ඊට කලින් කියන්න ඔනේ ඔබට මම කියන දේ එහෙන් පිටින්ම පිලිගන්න ඔනේ නෑ කියන එකත්.. හොයා බලන්න.එතකොට ඔබට තේරෙන්න පටන් ගනීවි මේ කතාවේ ඇත්ත නැත්ත. මා ඔබව අතීතයට ගෙන යන්නම්.ඉන්දියාව මිට දශක ගානකට එපිට සුදු ජාතිකයන්ට විරුද්ධව නිර්මානය කරනවා අපුරු පුද්ගලයෙක්. ඒක දේශපාලනික කොණයකින් බලන කෙනෙක්ට හෝ ඉන්දියානුවන්ට මේ කියන කතාවට රිදෙයි.හැබැයි ජිවිත කතාව ගැන හොයා බලන්නෙකුට වැටහෙන්න පටන් ගනීවි මේ කියන දේ ඇත්තක්ද නැත්තක්ද කියල. මහත්මා ගාන්ධි තමා චරිතය.ඔහු නිර්මාණය කරන්නේ දුප්පතා වෙනුවෙන් හඬ නගන ආධ්‍යාත්මික නායකයෙක් විදියට වගේම ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමිම චරිතය විදියට.ඇත්තෙන්ම කිවුවොත් ඔහු අසහාය ඉන්දියානු බිමේ පාදම.ඔහු නිර්මානය කිරීම තමා මේ වන තෙක් ඉන්දියාවේ සාර්ථකත්වයට සහ විවිධ ආගම්, ආකල්ප එක් තැන් කිරීමේ බැඳ තබා ගැනීමේ හුය.ඒක ගැන කිසි සැකයක් නෑ. ඔහු නිර්මාණය කලා කිවුවොත් දැන් ඔබ පැටලේවි.ඔබ මට බනීවි.ඒත් මුලින්ම කිවුව වගේ මේක අතීත මහත්මා ගාන්ධි ජිවිත කතාව පිලිබඳ සොයා බැලීමක් වගේම මා කියවු පොත පත ආශ්‍රයෙන් උකහා ගත්ත පරිකල්පන නියමයක් විදිහටත් ඔබට ගන්න පුලුවන්.ලෝකයේ මං විතරක් නෙවෙයි කියන්නේ මේ මහත්මා ගාන්ධි නිර්මාණය කල අයෙක් කියල.තව බුද්ධිමතුන් කියන කතාවක්.සරෝජිනී නායිදු, ඔශෝ වගේ පුද්ගලයන් මේ කතාවභ කියල තියනවා. කෙසේ වුවත් ගාන්ධිජී නිර්මාණය කල අපුරු පිටපතක්.මුලිනම මේ නිදහස් සටනට උරදෙන්න වගේම ජනතාව අතරට යන්න ගාන්ධි චරිතය නිර්මානය කරනවා.මොහු නිතිවේදියෙකු ලෙස ඉගනීම ලබන කාලයේ මොහු රටවල් කිහිපයකට යනවා.එහිදී මොහු ඉගන ගන්නවා ජනතාවගේ හිස්ගෙඩි තුල ජිවත් විමෙන් තමා ඉන්දියාවේ මේ තත්වය නැති කරන්න පුලුවන් වන්නේ කියල.කපු පිලි ඇදීම හා අල්පේච්ච ජිවිතයක් ගත කිරීම කියන තත්වය ඔහු මේන්ටේන් කරන්න සහ මාකට් කරන්න පටන් ගන්නවා.දුප්පතාගේ නායකයා කියන අදහස දුප්පතුනාට කා වද්දන්න මොහු උත්සහ කරනවා.මොහු කපු කැටීමේ යන්ත්‍රයක් ඉදිරියේ ඉඳ ගන්නවා.
මොහු ඉන්දියානු සමාජය තුල පරිකල්පනයක් නිර්මානය කරනවා "මේඩ් ඉන් ඉන්දියා" කියල. ඒ වගේම මේ ගාන්ධිගේ එක් එක් තැන් දැන සිටි එක් අයෙක් තමා සරෝජිනී නායිදු.ඇය ඔහුගේ හැම දෙයක් ගැනම දැන සිටියා.ඔහුගේ කපු පිලි වල වටිනාකම ඈ දැන සිටියා.කපු පිලි වල වටිනාකම ඒ කාලෙත් ඉතා විශාලයි. ඔහු ගෙවනා සුපිරි ජිවිතය ඈ දැන සිටියා.ගාන්ධි ජී කොච්චියක ගමනක් යන විට තුන්වන පන්තියේ ගමන් කරා.ඒ දුප්පතාගේ මිනිසා කියල පෙන්නන්න.ඒත් ගොඩක් දෙනෙක් දැනගෙන සිටියේ නෑ තුන්වන පන්තියේ කොච්චි පෙට්ටියක්ම ඔහුගේ පරිහරණය සඳහා වෙන් කර තිබෙන බව.ගාන්ධි තුන්වන පන්තියේ ගියා. ඔහු සුපිරි කොචිචි ගමනක් අත් වින්දා.ඒකට සාමාන්‍ය ජනතාව පටවා ගත්තේ නෑ.ඔහු පලමු පන්තියේ කෝච්චි ගමනක් තුන්වන පන්තියේ ඔහු වෙනුවෙන් නිර්මානය කර ගත්තා.ඔබ දැන් කියාවි ඔහු නායකයෙක් නිසා එසේ විය යුතු බව එහෙත් නායකයා නමින් ලේබල් ගසා ගත්ත නායකයෙක් ලෙස මා කිවුවොත් ඔබ මට බනීවි.මං කියනවා එසේමයි ඔහු මුව හම පොරවාගෙන සිටි රදලයෙක්.ඔහු ඔහුගේ තත්වය මේන්ටේන් කරගන්න තමා තුන්වන පන්තියේ ගියේ.ඔහුගේ ප්‍රතිපත්තිය ඔහු සමාජ ගත කලා ජනතාවත් එය පිලි ගත්තා.ඒත් ඔහු ගත කරේ අපූරු රදල දිවියක්. සරෝජිනි නායිදු ඔහු ගැන මෙසේ කියනවා.එලකිරි රදළයන් ඉන්දියාවේ බොන්නට උනා.ඒත් ගාන්ධි ජී දුප්පතා බොන එලු කිරි බොන්න පටන් ගත්තා. ඔබ නොදන්නවා ඇති ඔහු තමා කිරි බොන එළුවා හැමදාම නාවන්න අන කලා.ලක්ස් කැටයක් රුපියල් දහයක් උනා.ඔහු කිරි බොන එළුවා නෑවූවේ රුපියල් දහයක් දීල ගත්තු ලක්ස් කැටයකින් ඒ රුපියල් දහය ගුරුවරයෙකුගේ මාසික වේතනය හා සමාන මුදලක් එවකට ඉන්දියාවේ. ඔහුගේ එළුවා නාවන්න ඔහු දින පතා ලක්ස් කැටයක් භාවිතා කරා.ඒ කාලේත් ලක්ස් තිබබා.ලක්ස් වල උපත ඉන්දියාව.හරියට අපේ රානී සබන් කැටේ වගේ.ඒත් පොදු සමාජය දැනගෙන සිටියේ ඔහු දුප්පතාගේ මිනිසා ලෙස.ඒත් ඔහු අපූරු ජිවිතයක් ගත කලා.ඔහුට මන්දිර තිබ්බා.ඔහු ඒ මන්දිර ඉදිරියේ සාමාන්‍ය ජනයා ජිවත් වෙන පැලක ආකාරයට නිර්මානය කර ගත්තා.එහි ඔහු කපු කටින යන්තරය තබා ගත්තා.උදේට ඔහු කපු කටිනවා මිනිසුන් දකිනවා. මේඩ් ඉන් ඉන්දියා ඔහු ගෙනාපු සන්නාමයක් කයලයි බොහෝ ඉන්දියානුවන් හිතන්නේ.ඒත් ගාන්ධි ජී නිර්මානය කරල තියෙන්නෙත් එවකට හිටපු බොහෝ දෙනෙක් එකතු වෙලා.හොයලාම බලන්න. මේ ගාන්ධි ජනතාවගේ මනසෙහි පැලපදියම් වූ ආකාරය.ඔහුගේ ක්‍රමය හරි ගියා. ඉන්දියාව අද ගරු කරන අසහාය නායකයා ගාන්ධි.ඒක දෙකක නෑ ඔහු තමා.ඒත් ඔහු ජන භනසට කතා කල අන්දම බොහෝ විට ඉන්දියාව ගොඩ ගන්න හේතුවක් උනා.ඒත් අද රටේ මෙහෙම මෙගා නාටක පෙන්නන උන්ගේ ඇත්තම ආශාව රට ගොඩ නැගිමද ගාන්දි වගේ....නෑ..... ඔබ සිතිය යුතුයි නැවත නැවතත් සොයා බැලිය යුතුයි ඇත්තෙන්ම අදත් අපි ලේබල් ගසාගෙන සිටින ජනතා සේවකයන්ගේ තත්වය එසේම නේද ? අපි බොහෝ දුරට කවුරුන් හෝ නිර්මානය කරන චරිතයකට රැවටිලා.ඔවුන් අපිව අන්දලා.ඔවුන් අපි වෙනුවෙන් දුක් විදීම කියල පෙන්නුවට ඔවුන්ගේ උපාය වන්නේ ජනතා මනසේ පැල පදියම් විම.ඔවුන් දැනගෙන සිටියා ජනතාවගේ සිත් තුල පැල පදියම් උනාම ඔහු වටා ධනය බලය රැදෙනවා කියල.ඔහු ප්‍රතිරූපයක් නිර්මානය කර ගත්තා. සන්නාමයක් වෙනවා වගේම ඔහු ඔහුවම මාකට් කර ගත්තා ඒක අද විතරක් නෙවෙයි අතීතයෙත් උනා.තමන්ගෙම ජිවිතය මාකට් කර ගත්තු උදවිය ඉතින් ගොඩක් ඉන්නවා.ගරු කිරිල්ල වගේම තව කෙනෙකුගේ මනසේ පැල කිරීම නිසා තමයි සත්‍ය යට ගිහින් ඔවුන්ගේ වහලුන් වෙන්නේ ගොඩක් අය.මේක තේරුන් ගත්ත අයට සිංහ වෙස් ගත්තු නරියන් පේන්න පටන් ගනීවි... අද කාලේ දේශපාලකයාගේ තත්වය පුජකයාගේ තත්වයත් අතීතයට වඩා වෙනස් නම් නෑ වෙනස් වන්නේ නෑ.ඔවුන් ඉතා විශිෂ්ඨ රංගනයක් අප ඉදිරියේ කරනවා අප එයින් අන්ධ වෙනවා.අපේ මනස පිලිගන්න පටන් ගන්නවා ඔහු ජනතාව වෙනුවෙන් මේ දුක් විදින්නේ කියල.මේක ඔවුන්ගේ රැකියාව.මදක් සිතා බලන්න.එයම නොවේද ඇත්ත කියල. ඔබ මම ජිවත් වෙන සමාජය දිහා හොඳට හොයලා බැලුවොත් තේරෙන්න පටන් ගනීවි.බොහෝ දෙනෙක්ට එදා වෙල කන්න සල්ලි නෑ ඒත් පුජකයන්ට අපි ලුනුත් බලන් නැතුව ඉස්තරම්ම විදියට දානය පිලියෙල කරනවා.ඉදුල් නොකර අපි ඔවුන් පිලිබඳ ගෞරවයකින් පුජා කරනවා.ඒ පුජා කරන්න අපේ හිත හදන්න අද කාලේ පූජකයන් කොතරම් කට්ටක් කනවා ඇද්ද ? නිකමට හිතල බලන්න.ඔවුන් ධර්මයේ හැසිරෙන ගෞරවනීය පුද්ගලයන් විදියට තම ජිවිත කතා මේන්ටේන් කරනවා.ඒ වගේම ඔවුන්ගේ වචනය පිලි ගන්න තැනට අපේ මනස පුරුදු පුහුනු කරනවා. බුදුන් වහන්සේ කියල නෑ මා කියනා වචනය ඇත්ත ඒක පිලිගන්න කියල.එතුමා කිවුවේ මනස කියන දේ අහන්න කියල.ඒත් අද තත්වය ඊට ගොඩක් වෙනස් මමයි ධර්මය දන්නේ මං කියන දේ අහපල්ලා නැත්තම් පලයල්ලා ඔක තමා කියන්නේ.අපි ඔවුන්ට බය වෙලා.එදත් එහෙමයි අදත් එහෙමයි වෙනසක් නෑ.ඔවුන් අපිව මානසික වහලුන් කරලා නෑ කියල කාට හරි කියන්න පුලුවන්ද ?චන්දය දෙන්න ජනතාව කැමති කරගන්න දේශපාලකයන් අල්ල ගන්නේ පූජකයන්ව.මොකද කපටි දේශපාලකයා දන්නවා තමන් ගොඩ යන්න ගහන්න ඔන ගේම.අල්ල ගන්න ඔන මිනිස්සු. එදා සහ අද පිලිබඳ හරියට හොයල බැලුවොත් බොහෝ දෙනෙක්ට තේරුම් යාවි අපි රූකඩ කියල.ඒ නුල් තියෙන්නේ පුජකයන්ගේ අතේ.ඒක හිමිට චන්දෙන් පස්සෙ දේශපාලකයන්ට කොටසකුත් පුජකයන්ට කොටසකුත් වගේ මාරු වෙනවා. දේශපාලකයන්ට ඔන විදියට අපිව නටවන කොට පුජකයන්ට රිදෙනවා නම් ඔවුන් අත ඇති නූලෙන් ඇදල ගන්නවා තමන් ලඟට. සංස්කෘතිය ,සභ්‍යත්වය ,ආගම කියල අපිව නවා ගන්න ඔවුන් දන්නවා.මේක තනිකර මේගා නාටකයක්.ඒක තේරුන් ගත්ත උන් කියාවි ඇත්ත කියල නැති උන් බනීවි. අපි ඉදිරියට යන ජාතියක් කියන්නේ දේශපාලකයන් හා පූජකයන් විතරයි ඒත් ඇත්තටම බැලුවොත් අපි පසු පසට යන ජාතියක්.දේවදර්ම වාදය විසින් කොටසකුත් දේශපාලනික වපසරියකින් තව කොටසකුත් ලෙස අපි පසුපසට අදිනවා.ඒක නොතේරුනොත් අපේ රට තිබෙන එකක් නෑ. පිලිගත යුත්තේ හෝ නොපිලිගත යුත්තේ තම තම දැනුම බුද්ධිය අනුවම තමා.තිත්ත ඇත්ත ඔක.ඒත් බොහෝ දෙනාට තේරුනාට පව පින නිසා පුජකයන්ට කියන්නේ නෑ මුහුනට.ඒ වගේම දේශපාලනික පොරවල් නිසා කියන්නේ නෑ බයට.නැත්තම් උන්ම අපේ හිතට කා වද්දල තියන ගෞරවය කියන මායාවට අහු වෙලා...... අපේ රටේ දේශපාලකයනුත් තම සන්නාමය නිර්මානය කරන්නේ මාකට් කර ගන්නේ මේ නියාය උපයෝගි කොටගෙන.මේ සන්නාම නිර්මාණයේ මුලික හැඩය නිර්මානය කර ගන්නේ මාධය.දේශපාලකයා චන්දෙ ඉල්ලන්නේ ජනතා හදවත දිනාගැනීමෙන් ඔවුන් එයට භාවිතා කරන්නේ ගාන්ධි නියාය. කම්කරු අරගල වලට යනවා දුක අහනවා ඔවුන් සමඟ පාරට බැහැල උගුර ලේ හර වෙනකං කෑ ගහනවා.කවුරු වෙනුවෙන්ද අපි වෙනුවෙන් අපි හිතනවා.මර උගුල රට උගුල කියලා බිල්ලෝ මවනවා. මාධය ඒකට පෝර දානවා.විනාඩි පහෙන් පහට කියනවා මනසට කා වද්දනවා.ඉස්සර ගාන්ධි ජී චරිතය මුලිකව කට කතාවක් විදියට යන්න ඇති.දුප්පත් අපි වගේ සිටින මනුස්සයෙක්.රට රටවල් වල ඇවිද්ද උගතෙක් දුප්පත් අපි ගැන කතා කරනවා.කටකතාව පසුව නව කතාවක් වෙන්න පටන් ගන්නවා. පිට රට බිල්ලෝ මවලා ගහපු ගේම් ඔබට මතක ඇති ඒ වගේම ඒ පක්ෂය බලයට ආවහම කර ගන්න දෙයක් නැති වෙනකොට සිංහ හම පෙරෝගෙන ඉන්න නරියව පේන්න පටන් ගත්තත් ජනතාව මොනවත් කියනවද නෑ.බයයි.මොකද ඔවුන්ට බලය තියනවා ධනය තියනවා.ගාන්ධි ජී වැරදි කරලත් ඇති.කරන්නත් ඇති.එක් පොතක තිබුනා ගාන්ධිට හිටියලු නොනල ටිකක්.රජෙක් උනාම අන්තඃපුර ඔනේනේ.ඒත් ඉතින් ගමේ කවුරු හරි කොටුවක් පැන්නොත් කඩ පොලේ රට වටේ ගේ වටේ ඔක්කොම කතා කරාවි. රජුන්ට ඒව අවුලක් නෑ. රාජ්‍යත්වයේ එක් කොටසක් අන්තඃපුරය. ඒ වගේ ගාන්ධි ජීට හිටපු ගෑනු අවුලක් නෑ.ඔහුත් සාමාන්‍ය මිනිසෙක් කියල පෙන්නුව නම් ඇයි බැරි ඔහුට ඇඟිල්ල දික් කරන්න.කරේ නෑ.බය,ආදරය,විරයා... දේශපාලකයෙක්ට ගෑනු හිටියත් ඔය ටිකම තමා දවසක් දෙකක් කතා කරාවි.අමතක කරාවි.අපේ චන්දයෙන් නම් ගියේ අපි නම් උස්සල මහ පුටුවේ තිබ්බේ ඇයි අපිට බැරි කියන්න.උඹ අපේ පනිවිඩ කරු විතරයි අපේ නියෝජිතයන් විතරයි අපි ජරා වැඩ කරන්නේ නෑ ඇයි උඹටත් එහෙම ඉනන බැරි කියල ඇයි අහන්න බැරි. බයයි,ආදරේ,වීරය.. කාමෙහි වරදවා හැසිරීම සම්බන්ධව බන කියන උතුමන් ගමේ සිරිපාල කොටුවක් පැන්නොත් මතක බනේදිත් සිරිපාල හංවඩු ගහනවා.සිරිපාල නිමිත්තක් කර ගන්නවා.ඒත් දේශපාලකයෙක් කොටු පැනල හත් පොලේ ගා ගත්තොත් බන නිමිත්තක් කර ගනීද නෑ.හරකා පිටේ සිටින මැක්කා වගේ හරක මැරුනොත් මැක්කාට යන එනමක් නැති වෙනවා.ඒ වගේ තමා. ඔකයි තිත්ත උනත් ඇත්ත.වෙනත් රටවල් ගත්තොත් ජපානය ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල දේශපාලකයෝ ෂිශ්ඨයි.ලැජ්ජාව බය තියනවා.පොඩි වැරැද්දක් උනොත් ඉල්ලා අස් වෙනවා.වැරැද්ද පිලි ගන්නවා.නැත්තම් ජපානේ නම් කොන්ද නවාගෙන පැයක් ඉන්නවා.ඒ තත්වය ආවේ කොහෙන්ද ජනතාව මතින්ම තමා.ජනතා හඬින්ම තමා. ඒක අපේ රටේ නෑ.ඒකයි අපි තාමත් වලේ. ගාන්ධිට ගෑනු හිටියත් ඔහු තම රටට මොකක් හෝ දෙයක් කරා.ඒත් අපේ දේශපාලකයන් කරපු දේ රට කැලෑවට ඇදගෙන ගියා. ජනතාවගේ හිත් තුල පැලපදියම් වීමට ඔවුන් නොයෙක් උපක්‍රමය නිර්මානය කර ගන්නවා. එක් කාලයක ජනතාව වෙනුවෙන් සත්‍යග්‍රහය කරනවා නොකා නොබි ඉන්නවා.පසුව ජනතාවගේ ඉහ මොල කනවා.ගාන්ධි භූමිකාව වගේ ඉන්දියාව තුල ගාන්ධිගේ පවුල චිරාත් කාලයක් ජිවත් වන්නේ මේ ගාන්ධි නම නිසා.ඒ වගේ ලංකාවේ දේශපාලකයන්ගේ පවුල් ජිවත් වෙනවා එක් අයකෙගේ නම උපයෝගි කොට ගෙන පියා පුතා දුව දේශපාලනයට එනවා. ඉන්දියාවත් ගාන්ධි පවුල අදත් යෙහෙන් වැජබෙනවා.මේ ගාන්ධි නියාය අපේ රටේ දේශපාලකයන්ට ආදේශ කරන්න.ඔබ විශ්මිත දේ දකීවි.ඔබගේ අදහස් පක්ෂව හෝ විපක්ෂව පල කරන්න.එය අපටත් ඉගන ගන්නට උදවු වේවි.... දුකා.....

Thursday, December 5, 2019

අතීත සැමරුම් සහ අනාගතය

අතිත සැමරුම් සහ අනාගතය......

කාවන්තිස්ස යුගය ඔබ කියවා ඇතැයි සිතමි.ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුන යුගයක් ලෙස පසුව දුටුගැමුණු යුගය පටන් ගැනෙන්නේ මේ කාල වකවානුවෙන් පසුවය.

අප අසා ඇති ලෙස දුටුගැමුණුගේ ක්‍රියා  කලාපය ලෙස සලකා බැලුමේදි කට කතා පිලිබඳව ද සාහිත්‍ය කතා පිලිබඳව ද අප හොදින් අසා ඇති බවද දනිමි.දුටුගැමුණු තම පියා වූ කාවන්තිස්ස රජුට ගැහැනු ආභරන පිලි යවා තම පියා ගැහැනියක්ය කිසි එඩිතර භාවයක් නැතැයි යන්න පෙලක් කට කතා හා සාහිත්‍ය කතා වල අප දැක ඇත්තෙමු.එය අතින් දෑමූ අසත්‍ය වන්නට ඇති බවද විටෙක සිතේ.

නමුත් කාවන්තිස්ස චරිතය දේශපාලනික ලෙස ඉතා ප්‍රභලම චරිතයක් බව පසක් වන්නේ ඒ පිලිබඳව පුරාවිද්‍යාව හා ඉතිහාසය යන විශය යන විශයන් දෙකම එක් කොට බැලීමෙන් බව පෙනී යයි.

මෙහිදී ඉතිහාස කතාව අප හට වටින්නෙ දේශපාලනික ලෙස අද දවස කියවීම සඳහාද ඉතා වැදගත් කමක් උසුලන නිසා වන්නට ඇත.මේ ලිපිය කියවන විට අද පවතිනා දේශපාලන ප්රවාහයේ මූලාරම්භය සඳහා ඉගියක් ඒ මතින් ගොඩ නැගෙන බව ඔබට පෙනී යනු ඇත.ඉතිහාසය ඉතිහාසයක්ම නොව එමගින් වර්ථමාන තත්වයත් නිර්නය කල හැකි බව මේ ලිපිය කියවන ඔබට පෙනෙනු ඇත.

එලාර නම් දමිල පාලකයා අවුරුදු ගනනාවක් පාලනය කල බව අප අසා ඇත.එලාර පරාද කරේ දුටුගැමුනු බවද මහා වංශය ශාක්ශි දරයි.නමුත් ඔහුට එම යුද්ධයෙන් ජය ගන්නට අත දුන්නේ කවුද යන්න සොයා බැලුමේදී විහාරමහාදේවී චරිතය කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමින ඇති බව පෙනේ. වීර කාන්තාවකගේ භූමිකාව ඈ වෙතින් නිරුපනය වන බව නොරහසකි.නමුත් මා මේ පවසන්නේ ඊටත් වඩා හත්පසින්ම වෙනස් බල අරගලයේ මුලාරම්භයයි.

මේ කාලය වන විට කාවන්තිස්ස රජුට තිබුනේ ඉතා සීමිත බිම් කඩක පිහිටි රාජධානියක් බව ඒ පැරනි සීමා නිර්නයන් දෙස බැලීමෙන් පෙනී යයි.එලාරට විශාල භූමියක් පැවතුනේය.මහවැලි ගංගාව මේ රටවල් දෙකේ දේශසීමාවන් වන්නට ඇත.තවත් ප්රාදේශීය රාජය ගනනාවකුත් මේ සිහල දීපයේ තිබු බව සඳහන්ය.එහිද රජවරුන් සිට ඇත.ඔවුන්ට අපි ප්රාදේශීය පාලකයන් බව කියන්නෙමු.කැලණිතිස්ස රජු කැලණිය රජකම් කලා නම් මුහුද ගොඩ ගලා  විහාර මහදේවිය බිලි දුන්නා නම් කැලණියත් මෙසේ එකල් හි රජයයක් විය හැකිය. භූමිය ගැන දැන් ඔබට යම් වැටහීමක් ඇති බව දනිමු.

නමුත් මා මේ කතා කරනා කාවන්තිස්ස රජුගේ කතාව මෙතැන් සිට මා පටන් ගන්නේ මෙය මීට පෙර කිවු ආකාරයට එලාර විනාශ කිරීමේ මූලාරම්භය ලෙස ඔබට පෙනෙනු ඇත.කාවන්තිස්ස රජු ආගමානුකූල දිවියක් ගත කල බව ඔබට ගෙන එන ශාක්ෂිය වන්නේ කාවන්තිස්ස රජු හා විහාරමහාදේවියගේ මගුල කෙරූ බිම මගුල් මහා විහාරය වූ නිසාය.පානම්පත්තුව බිම් කඩේ පිහිටි මේ මගුල් මහා විහාරය තුල කාවන්තිස්ස හා විහාරමහාදේවිය අතිනත ගත් මගුල් පොරුව අදටත් දක්නට ඇත.එසේනම් එකල් හි රජුගේ ආගම් භක්තිය කෙසේ විද යන්න ඔබට වැටහෙනු ඇතැයි සිතමි.

එලාර විනාශ කිරීමට කාවන්තිස්ස රජුට දැඩි උවමනාවක් තිබු බව පෙනෙන්නෙ ඔහු දසමහ යෝදයන් එක්කාසු කෙරූ ආකාරය දෑකීමෙනි. එක් එක් පලාත් වල විසිරී පැතිරී සිටි විශේෂ හැකියා ඇත්තවුන් රජු වෙත ගියේ මොහුගේ කුමන කාරනාවක් නිසාද යන්න සොයා බැලිය යුතු කරුනකි.
ඔහු යුද්ධයට පෙර අටුකොටු පිරෙවුවා පමනක් නොව මහා සංඝරත්නය සමග එක්ව දිගුකලක් යුද්ධයට අවැසි දේ පවා එක් එක් කාලවල කල බව මේ කතාව අවසන් වන විට පසක් වනු ඇත. ධර්ම ප්‍රචාරය සඳහා යන පැවදී උතුමන් ඔහු මේ සඳහා යොදා ගත් බව පෙනෙන්නට තිබේ.රටක යුද්ධයක් කිරිමට නම් තමා වටා තිබෙනා ප්‍රාදේශිය රාජ්‍යයන් එකකාසු කල යුතු බවත් ඔහු දැන සිටියේය.නැතිනම් යුද්ධයට අවැසි අවි, සේනාව සොයා ගැනීමට අපහසු වි යුද්ධය අතර මග ඇනහිටින බව ඔහු දැන සිටියේය.ඒ සඳහා තමා වෙතට ප්‍රාදේශිය රාජ්‍යයන් අවනත කර ගැනීමේ උවමනාව ඔහුට අවශය විය.මේ සඳහා ඔහු යොදා ගත්තේ අපුරු සැලැස්මකි.මේ සැලැස්ම අද ඔබ පසු කර යන සැලැස්ම ආකාරයේම එකක් බව මා මෙහිදී සඳහන් කල යුතුය.හොදින් සාවධානව මෙය කියවා සිතා බලන ලෙස මා මි සමඟම ඔබට ආයාචනා කරමි.එසේම මේ සංඝරත්නය සමඟ සිටිම ජාති වාදය නොව ආගම්වාදය නොව හුදු රට එක කොඩියක් සෙවනට ගෙන ට දරන වෙහෙසෙහි ප්‍රතිපලයක් ලෙස මා හුවා දැක්විය යුතුමය.බල අරගලයක් එහි තිබුනේ නැත.නමුත් ඔහු උපක්‍රමික ලෙස මේ සටන දියත් කල ආකාරය විශ්මය දනවන සුලු ලෙස අපේ හදවත් තුල බැදී පවතී.අද දවස ඒ උපක්‍රමයම වෙන ආකාරයකින් වෙනස් ස්වරූපයකින් පැමින ඇති බව ඔබට පෙනෙනු ඇත.    

කාවන්තිස්ස රජුගේ උපායේ දුතයන් වූයේ ධර්ම යාත්‍රාවේ තැන තැන වඩින රාජය වලට ඇතුල් විය හැකි පැවදි උතුමන්ය.ඔවුන් ධර්ම දේශනාවේදී පවසන්නේ මෙසේය...බුදුන්ගේ ලලාට ධාතුව ගෙන පැමිනෙන රජෙකු ස්තූපයක් සාදනා බවත් ඔහු රට එක්සේසත් කරන බව ඔවුන් තම දේශනා වලදී ප්‍රචාරය කලේය.මේසේ ගමින් ගමට නගරයෙන් නගරයට දනවුවෙන් දනවුවට රාජ්‍යයෙන් රාජ්‍යයට පැවදි උතුමන් මේ කතාව පැතිරවුයේය.එය බොරුවක් ලෙස කෙනෙකුට පෙනුනත් එය එසේ නොවන බව ඔබට පෙනෙනු ඇත.ඒ සියල්ල කරේ රට එක කොඩියක සෙවනට ගැනීමේ ඒකායන බලාපොරොත්තුවෙන් බව ඔබට පෙනී යනු ඇත.මේසේ ධර්මය ප්‍රචාරය කොට මාස ගනනක් ගිය තැන කාවන් තිස්ස රජු තම වැඩ කටයුත්ත පටන් ගත්තේය.

ඔහු හේවිසි හොර නෑ අලි ඇත් ප්‍රමුක පෙර හැරකින් ලලාට දාතුව සහ විහාර මහදේවිය ආන්පත් කෙරූ කේශ ධාතු තැන්පත් කෙරූ බුද්ධ ප්‍රතිමාව   රැගෙන දනවුවෙන් දනවුවට ප්‍රාදේශිය රාජ්‍යයෙන් රාජයට ගමන් කරන්නට පිට වුවේය.ඒ පෙරහැර පසු පස ප්‍රාදේශිය රාජ්‍යයට ඇතුල් වන්නට නොහැකි වුවහොත් බලෙන් ඇතුල් විමට කඩු තෝමර අලි අස් ප්‍රමුඛ හේවායන්ද යොදවා තිබිනි.ධර්මයෙන් නැතිනම් අධර්මයෙන් මේ කාවන්තිස්ස රජ  දක්වා කේශ ධාතු සහ ලලාට ධාතුන් තැන්පත් කෙරූ බුද්ධ ප්‍රතිමාව  ගෙන ගියේය.එවිට ප්‍රාදේශීය රජවරුන් පවා රට එක්සේසත් කරනා කාවන්තිස්ස රජුට අවනත වූ බව කියවේ.තවද මහ ජනයා පවා මේ පුවත හිස් මුදුනෙන්ම පිලි ගන්නට ඇත. යුද්ධයට සහය දීමට ඔවුන්ද මේ කතාව ඇසීමෙන් හා දැකීමෙන් රජු හා එක්වන්නට ඇත.එය රටේ අභිවෘද්ධියට විශාල ලෙස බලපෑමක් ඇති කල කාරනාවක් විතැමේ හෙයින් රජුට ඇති භක්තිය වැඩි වන්නට ඇත.දසමහ යෝදයෝ පවා රජුහා සමඟ එක් වුයේ මේ නිසා වන්නට ඇත.මේ ලලට ධාතුව සහ චේශ ධාතු තැන්පත් කෙරූ। බුද්ධ ප්‍රතිමාව සේරු නුවර මංගල මහා සෑය තැනවු බව කියවේ.
මෙසේ නොවුයේ නම් දුටු ගැමුනු රජුට එලාර පැරදවීමේ සටන කරගත නොහැකි වනු ඇත.නොයෙක් කතා මේ සම්බන්ධව ආරුඬ කොට ඇති අතර නමුත් පැරනි පෙරහැර ගමන් ගත් ගමන් මාර්ගය සලකා බැලීමේදි එසේ වුවේය යන්නට නිදසුන් සපයන බව පෙනෙන්නට තිබේ.

ඒ සඳහා විශාල කාර්යභාරයක් එකල් හී කලේද බෞද්ධ හිමිවරුන්ය.ඔවුන් එක්ව රට එලාරගෙන් මුදවා ගත්තේ මෙසේය.ඒ කුලුපග භාවය නිසාම දුටුගැමුනු රජු හිමිවරුන්ට දන් පිලි නොගන්වා නොකෑ බව අලිඛිත ශාක්ෂි පෙන්වා දෙයි.මිරිස් මාලුවක් තනියම කෑ නිසා එම පව මකා ගැනීමට මිරසවැටි දාගැබ නිර්මානය කෙරු බව කටකතාවක් ලෙස තුඩ තුඩ රැවු දෙන්නෙ ඒ නිසා වන්නට ඇත.

කුමක් වුවද එකල් හි පවා ආගම මුල් කොට ගෙන රාජය පාලනය කල බව මෙයින් පෙනී යයි.

නමුත් එය දේශපාලන මුහුනුවරක් නොගත්තේය.එසේම තවත් ජන කොටසක් අමාරුවේ දා හෝ සමූල ගාතනය කරන්නට ආගම එදා භාවිතා නොකල බව පෙනී යයි.ඔවුන් එකල් හි ධර්මානුකූල පාලණයක් ගෙන ගිය බව පෙනෙන්නට තිබේ.

නමුත් ඒ නියායම මෙකලත් එසේම දේශපාලන බලය ලබා ගැනීමට භාවිතා කල බව පෙනෙන්නට තිබේ.පන්සල මූලික කරගෙන ඇති කරගත් දේශපාලනය විටෙක ආගමට වඩා මුල් තැනක් ගත් බව පෙනෙන්නට තිබේ.ආගමෙ ඇති සාරධර්ම පසෙක දමා විටෙක මොවුන් රඟ දක්වන නාටකය එතරම් සිහල රටට සුභ ධායක නොවන බව පෙනෙන්නට තිබේ.එපමනක් නොව අවුරුදු තිස් දෙකක කාල පරිච්චේදයක් පැවති යුද්ධය අවසන් වී පැරනි තුවාල හොඳ වන මොහොතේ මෙලෙස ආගම් හෝ ජාති අතර බෙදීමක් හට ගැනීම රටක් වශයෙන් ඉදිරියට යන විට එතරම් සුභ නොවන බව කිව යුතුය.

ඇඩල්ප් හිට්ලර් පවා ජාතිවාදය පෙරටු කොට පැමිනි නායකයෙක් බව පෙනෙන්නට තිබේ. යුදෙවු සංහාරය ඔහු කරන්නේද මෙසේ ජාතිවාදය පදනම් කොටගෙන බව පෙනෙන්නට තිබේ.යුදෙවුවා ජේසුස් වහන්සේට ඇන ගසා මරනයට පත් කලේය යන සටන් පාථය ගෙන ඇවිද ආ හිට්ලර් තම ජාතියේ වෛරයට යුදෙව්වන් පත් කොට බලයට පැමින මහා යුදෙවු සංහාරයක් කල බව අතීත ශාක්ෂි දරයි.
මෙම කාලයට පැමිනෙන විට ට්රම්ප් ජනාධිපති වරයා ජාතිවාදි සටන් පාට ඔස්සේ බලයට පැමිනි නායකයෙක් බව ලෝක ලේශපාලන තතු දන්නෝද පවසති.ඔහු මුස්ලිම් විරෝධී මත ඉදිරිපත් කලේය.බලයට පැමිනි පසු මුස්ලිම් රාජයන්ට සහය නොදැක්වීමත් ඒ හා සමගාමීව මුස්ලිම් ජනයාට වීසා ප්‍රධානය නොකිරීමටත් ඔහු කටයුතු කලේය.
එසේම රුසියාවේ අගමැති වන පූටින් පවා ජන මනසට ජාතිකත්වය වපුරා බලයට පැමිනි කෙනෙක් ලෙස පෙනෙන්නට තිබේ.ඔහුද පාර්ලිමේන්තු කතාවේදී ප්‍රකාශ කලේ රුසියානුවන් මහ ජාතිය බවත් එම රටේ තිබෙන්නෙ රුසියානු නිතිය බවත් එය පිලි ගැනීමට නොහැකි නම් සුලුජාතිය තමන්ගේ රටකට යන ලෙසත් පෙන්වා දුන්නේය.මෙය වැරදි නැත.රටකට තිබිය යුතු වන්නේ එක පොදු නීතියක් පමනි.ඔවුන් ඒ දේශපාලන පරිදිය දන්නා නිසා එතරම් භිශනයක් නොවු බව පෙනෙන්නට තිබේ.

තවද ඉන්දියාවේ මෝදි මහතා පවා හින්දු ජාතිය පිලිබඳව කතිකා කොට බලයට පැමිනි කෙනෙකු ලෙස පෙනෙන්නට තිබේ.එයද එතරම් දරුණුවට නො ආවේ ඉන්දියාවේ මේ ජාතිවාදී ආගම් වාදි සටන් පාටය ජනයා අතර මුල් බැසගන ඇති නිසා වන්නට ඇත.ඉනදු පකිස්ථාන් යුද්ධය හා රට දෙකඩවීමට මුලික වුයේද මේ තත්වය බව ඔවුන් අත්විඳ ඇති නිසා ඔවුන් ඒ තත්වයහි බරපතල කම නොදන්නවා නොවේ.එකල් හි සිටම ඔවුන් ඒ ආගම් වාදයට ජාති වාදයට නිති මගින් කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබේ.එසේ හෙයින් රට තල බෙදුම් වාදයක් ඇති උවද නිතියේ ස්වාධිපත්‍යය එය මර්ධනය කිරිමට සමත් වි ඇති බව පෙනෙන්නට තිබේ.
මෙහිදි ඒ නියායම අපේ රටට ගැලපේද යන්න පිලිබඳව ප්‍රශ්නයක් මතුවෙමින් ඇත.සිහල බෞද්ධ ආකල්ප වලට පටහැනි වීමක් මේ තුල ඇත්තේද යන්න සොයා බැලිය යුතු කාරනාවක් ලෙස මෙහිදී පෙනෙන්නට ඇත්තේ ඒ නිසාය. අපට ජතිවාදය හා ආගම්වාදය දේශපාලනික පොර පිටියට පැමිනිම සහ විනාශයේ බීජය ජන මනස් වල රෝපනය කිරිම පිලිගත නොහැකි වන්නේ ඒ නිසාය.අපගේ නිතිය මේ තත්ව වලට අවැසේ නිති සම්පාදනය කර නැත.එනිසා මේ තත්වය එතරම් සුභ නොවන බව පෙනෙන්නට තිබේ.

සිහල අපට ඇත්තේ මේ සිහල දීපය යනු ඇත්තක් බව කිව යුතුය.නමුත් අපගේ ආගමෙන් ජාතිවාදයට හෝ ආගම්වාදය යන දේ මුලිනුපුටා දමා ඇති බව ඔබට පෙනෙනු ඇත.ලේ හෙල්ලිම විනා හිත රිදවිම පවා ආගමේ ධර්මය නොවේ.වෛරයන් වෛරය නොසන්සිදේ යන්න මුල් කරගත් ධර්මතාවක් ලෙස බුද්ධ ධර්මය තිබෙන්නේ ඒ නිසාය.

සෑම කල්හිම බුද්ධ රාජය දේශපාලනයෙන් උසවූ තැනක පිහිටියේය.තවද චිවරධාරියා රජුජේ වැරදි නිවැරදි කරන්නට දෙසනවා විනා දේශපාලකයාගේ මතයට ගරු කරන්නකු නොවන ලෙස බුද්ධ රාජය ගොඩ නැගුවේ ඒ නිසා බව පෙනෙන්නට තිබේ.විනය පවත්වා ගැනිමට බෞද්ධ භික්ෂුවට විනය නිතී මාලාවක් පනවා ඇත්තේ ඒ නිසාය.

සමාජ විද්‍යාත්මක මිනිතයකින් මේ අවුල පිලිබඳව සලකා බලන කල මේ දේශපාලන බෙදුම්වාදය රටට එතරම් හිතකර නොවන බව කිව යුතු බව පෙනි යයි.වෛරය වැපිරීම සහ මිනිස් සිත් සතන් වලට එය පහර දීම මත මේ අවුල පිලිබඳව මීටත් වඩා ගැබුරින් කල්පනා කර බැලිය යුතු කාරනාවක් බව පෙනෙන්නට තිබේ.

නියදි පරික්ශා කිරීමේදි සහරාන් පිපිරු බෝම්බ වලින් ඔහු ඉලක්ක කොට ගත්තේ පාස්කු දිනයේ කතෝලික ජනතාවය.එහිදි පෙලක් නියදි පලකලේ ජාතිවාදි අදහස් බව පෙනෙන්නට තිබේ.බෞද්ධයන් මැරිල නෑනෙ.කතෝලික උඩ පනිනව වැඩි.උන් මැරුවට අපිට මොකෝ වැනි මත පවා විටක මුමුනන්නේ ඒ නිසා විම මේ බෙදුම්වාදය හා අවුල පිලිබඳ සාක්ශි සපයයි.මෙහිදි නැවත බෝම්බ පිපිරේ යන්න සහ මරන බය ගෙනෙන්නට හැකි වන්නේ සිහල බෞද්ධ මනස් වල පමනක් නොවේ.එය මුලුමහත් ජාතියක්ම අඩපන කරන්නට හැකිවු මාරකයක් වුයේ ඒ නිසාය.රට තුල නැති අවුලක් මවා පා බයලට පත්වීම දේශපාලනික මෙවලමක වූ එකම රට ලංකාව නොවන බව ලෝක දේශපාලනික ඉතිහාසය තුල දක්නට ඇති නියදි පරික්ශාවෙන් පෙනී යයි.ඒ පිලිබඳව නිදර්ශක ලතින් රිකානු රාජය තුලද දක්නට ඇත.සොයා බලන්න.

මෙහිදී එක් විශේෂ කරුනක් පෙන්නට තිබෙන බව සමාජ විශ්ලේෂණයේදී පෙනෙන්නට තිබේ.එය නම් ආගමික නායකයන් දේශපාලනය කරන්නට යෑමයි.ජන මනස අවුලවාලනු වෙනුවට ඔවුන්ට කරන්නට තිබුනේ මනසට ආගමානුකුලව ප්‍රතිකර්ම සැපයිමයි.නමුත් ඔවුන් එසේ නොකල බව පෙනෙන්නට තිබේ.කතෝලික ආගමේ කාදිනල් තුමා පවා එකල්හි දැරු මතය සමාජයක් විවේචනය කලේ ඒ නිසා බව පෙනෙන්නට තිබේ.ඔහු කෙරූ පෙලක් අදහස් බහුතර වූ සිහල ජනයා වැලඳගත්තේ ඉතා වෙනස් ලෙස බව පෙනෙන්නට තිබේ.පාස්කු ප්‍රහාරයේ කිතුනු බැතිමතුන්ට වූ හානිය පිලිබඳව ඔහු කතා කලා විනා රටක් ලෙස කොතරම් දරුනු කේදවාචකයකට තල්ලු වූවේද යන්න එතුමා සලකා බලා නැති බව පෙනෙන්නට තිබේ.  

බුද්ධ කාලයේ සුනීත සෝපාක කතා මදකට නැවත බැලීමේ කාලය නැවත නැවතත් පැමින ඇති බවද මෙහිදී සඳහන් කල යුතුය.පෙලක් භික්ෂූන් පවා යුද්ධයෙන් පසු කල කී දෑ පිලිබඳව සොයා බැලීමේදී මේ බව පෙනෙන්නට තිබේ.පෙරකල සිටම භික්ෂුන්ට පැවරී තිබු කාරනයෙන් මදකට වෙනස් වූ කාරනා දැන් දැන් පවතින බව පෙනෙන්නට තිබේ.විටෙක මේ විවේචනය කෙරේ මා හට පොදු මහජනතාව දෝස සහිත බව පවසා බනිනු ඇත.නමුත් මා සිතනා ආකාරයට බුද්ධ ධර්මයේ පලමු රීතිය ලෙස ආගම තුල පක්ෂ පාට කුලමල ජාති බේද තිබිය නොහැකි බව දක්වාලිය යුතුය.ගිහියා දමනය කිරිම බෞද්ධ භික්ශූවකගේ කාර්ය විනා දැඩි ආගම් මතධාරී විදි නොතිබිය යුතු බව පෞද්ගලිකව මාගේ මයය වී තිබේ.ධර්ම සංගායනාවක් පවත්වා නැවත ධර්මය මෙය බව පෙන්වා දිය යුතු කාලය එලඹ ඇති බව පෙනෙන්නට තිබේ.
මෙයට හොඳම උදාහරනය ලෙස සැලකිය හැක්කේ බෞද්ධ යැයි පිලි ගැනීමක් නොමැති එන්.ජී.ඕ කාරනා මේ බෞද්ධ දහම තුල පැල පදියම් කිරිමට ඇතමුන් උත්සාහ කිරීම බව පෙනෙන්නට තිබේ. අසපු තනා බුදුන් වන්දනාවට ආමිසය පමනක් ඉදිරියට තබා ක්‍රියා කිරිම කොතරම් යුක්ති සහගතද යන්න තව දුරටත් සොයා බැලිය යුතුය.මහා පලතුරු පූජා මල් පූජා කොට බුදුන් දෙවියන් යැයි සිතා කටයුතු කිරීමට යැම බුද්ධ ධර්මයේ පාදමට විශාල හානියක් බව පෙනෙන්නට තිබේ. ප්‍රතිපත්ති පූජාවට මුල් තැනක් දුන් ආගම් අතර දර්ශනයක් වූ බුදු දහමේ පෙලක් දේවල් වෙනස් කොට පවත්වාගෙන යාම මේ තත්වය උදාවිමට මුලපුරා ඇති බව පෙනෙන්නට තිබේ.විටෙක පන්සිල් පද පහෙන් එකක් හෝ කඩ කිරිමට මාන බලනා අයද මෙසේ සිටින බව පෙනෙන්නට තිබේ.බෞද්ධයෙකු වූ විට පංචශීල ප්‍රතිපදාව රැකිය යුතු විනා එයින් එකක් හෝ බිඳ හෙලා කටයුතු කිරිම කොතරම් යුක්ති සහගතද යන්න ඔබ මනසින්ම ඇසිය යුතු ප්‍රශ්නයක් බව මතක් කරන්නේ මේ නිසාය.

පර පන නැසීම බෞද්ධ දහමේ නොකියනා දෙයක් බවද මෙහිදී සඳහන් කල යුතුය.එසේම තම පන නසා ගන්නටද වරම් බෞද්ධ ආගමේ නැති බව පෙන්වා දිය යුතුය.එසේ නම් දිවි තොර කරගන්නා සත්‍යයක් ග්‍රහ පවා අකැප බව පෙනෙන්න තිබේ. මෙහිදී බෞද්ධ භික්ෂුවක් උපසම්පදා විනය කර්මය කරන විට එහි ඇති පෙලක් ධර්මතා මේ ඔස්සේ බිඳ හෙලන්නට කටයුතු කොට ඇති බවද පෙනෙන්නට තිබේ.ගසක කොලයක් කැඩිම පවා නොකල යුතුය යන්න එහි කියවේ.නමුත් එසේ සිටියානම් රටක් ඉතිරි නොවන බව කෙනෙක් කියනු ඇත.නමුත් පටු වාසි තකා යහ මග පෙන්වීම මදකට වෙනස් කොට ආගම භාවිතා කිරිම හා ආගමේ යම් යම් ධර්මතා වෙනස් කිරීම නොකල යුතු බව කිව යුතුය.සිහල දීපයේ මුලික පාදම වන්නේ බුදුදහම බව කිව යුතුය.එයට යම් යම් වෙනස් කම් කලොත් එය විශාල වශතෙන් අනිසි ප්‍රතිපල ගෙනෙනු ඇති බව කිව යුතුය.අද නොවුවත් අනාගතයේදී මේ වෙනස ඔබට දැනෙනු ඇත.

මනස නම් රෝපණ මාධ්‍යයේ විනාශයේ බිජය වැපිරිය හැකි බව පටු දේශපාලන වාසි වෙනුවෙන් කැපවූ අය දැන සිටියේය.මෙයට හොඳම උදාහරනය ලෙස සැලකිය හැක්කේ හිට්ලර් නම් පාලකයාගේ කතාවයි.ඔහුගේ කතාවේ ජේසුස් වහන්සේට ඇනගැසීම ඉදිරියට පැමින එය අවිය කරගත් මොහු තවත් ජාතියක් සමඟ යුද්ධය ප්රකාශ කල බවත් ඒ මතින් මිනි කදු ගොඩ නැගුනු බවත් මා පෙන්වා දෙන්නේ ඒ නිසා බව කිව යුතුය.තම රටේම තවත් ජාතිතක් වනසමින් ඔහු ගෙන ගිය දේශපාලනය තම ජාතියටම තේරෙන්නට විශාල කාලයක් ගිය බව පෙනෙන්නට තිබේ.යුරෝපය පවා එම ජාතිය ඔවුන්ගේ එලි පත්තට වද්දා ගැනීම පවා ප්‍රතික්ශේප කල බව අතීතය හාරා ඇවිස්සීමේදී පෙනෙන්නට තිබේ.තමාට නොවන තාක් එය ප්‍රශ්නයක් නොවේ යන ධර්මතාව පදනම් කොට ගෙන අපට වූ කල ජාතියක් ලෙස අප මෙයට වඩා කොන් වෙනු ඇති බව පෙනෙනනට තිබේ.එයත් ඔබ මනසින් සිතා කටයුතු කල යුතු කාරනයක් බව පෙනෙන්නට තිබේ.එකල් හි හිට්ලර් මොන දේ කලත් එම ජාතිය උතුම් වූ බව මුල් කාලයේ පෙනෙනනට තිබුනේය.තම නායකයා අතක් එසවූ කල හූදී ජනයාත් එසේ කල බව පෙනෙන්නට තිබුනේය.තම නායකයාගේ රැසෙන් ජනයාද මත් වී නිලංකාර වූ බව එකල් හි පෙනෙනනට තිබුනේය.මේ කරන වැඩේ වැරදීයි යැයි පෙන්වා දීමට හිට්ලර්ට කවුරුන්වත් සිටියේ නැත.එනිසා ඔහු රිසි සේ කටයුතු කරන්නට වන්නේය.පසුව ඔහු නැවතුනේ ඒකාධිපතියෙකු ලෙසය.මෙහිදි අන් ජාතියට මෙන්ම තම ජාතියටද පිලිලයක් වූ බව මෙහිදී පෙනෙන්නට තිබේ.

නැති අර්බුදයක් රෝපන කොට බලයට පැමිනි ඔහු ජාතියක් වනසමින් ගෙන ගිය විනාශය ලෝකය හෙල්ලුම් කෑ සහ කලු අකුරින් ලියවෙන අතීතයක් හිමිකර දුන් බව පෙනෙන්නට තිබේ.ඒ පිලිබඳව ලියවුන පොත පත පරිශීලනය තුලින් ඒ පිලිබඳව යම් අදහසක් ඔබට ගතහැකි වනු ඇත.

අද රටද මේ තත්වය කෙරේ ඇදගෙන යන්නට උදාහරන මේ මොහොත දක්වා අහන දකින තත්ව යටතේ මහ ජනයාට නොතේරෙන බැවු පෙනෙන්නට තිබේ.ඔවුන් බලයෙන් ඇස් නිලංකාර කොට ගෙන හමාර.සියලු රාජය සේවකයන්ට පිට රට යැම තහනම් යන දේ පවා මිනිස් නිදහස වෙනතකට හැරවිමේ මතයක් බව මෙහිදි සඳහන් කල යුතුය.මෙය මූලික අයිතිවාසිකමක් කඩ විමක් බවද පෙන්වා දිය යුතුය.එනමුත් පෙර කල මෙන් ජනයා උදම් අනා එක පයින් කැමැත්ත ප්රකාශ කිරීම මේ තත්වයට උල්පන්දම් දීමක් විය හැක.  

මෙහිදි පොඩ්ඩක් අප වෙනස් විය යුතු කාලය එලෙබෙමින් පවතී.කොටුව තුල සිට ඕනෑම අයෙකුට කෑ ගැසිය හැක එහෙත් ඔබ කොටුව තුල සිටින තාක් ඔබ දකින්නෙ කොටුව ඇතුලේ පමනි නමත් කොටුවෙන් පිට පනින්නා විශ්වය දකිනු ඇත.අප ඉල්ලුවේ මුලින්ම වෙනසය.එය අප ලඟා කර ගත්තෙමු එයින් අපට ලැබුනු නිදහස අප පාවිච්චි කරන්නට නොදත් නිසා එය ඉක්මනින් එපා වුයේ වෙනස නිසා නොවේ. අපේ මනස් පරිදිය පුලුල් නොවන නිසා බව පෙනෙන්නට තිබේ.උදාහරනයක් දක්වතොත් මාධය නිදහස සලකා බැලිය හැකිය.අපට මාධය නිදහස ලැබුනි.නමුත් නිදහස සභ ස්වයං වාරනයක් මාධය කරුවාට තිබෙන බව අප මදකට අමතක කලෙමු.මාධය නිදහස ලැබීමටත් එය පවත්වා ගැනීමටත් අප අපහොසත් වුවේ ඒ නිසාමේමෙයට උදාහරනයක් දෙතොත් සරලම උදාහරනය වන්නේ යුතුකම් හා වගකිම් සහ අයිතිවාසිකම්ය.තම යුතුකම් නොකර අයිතීන් දිනා ගත නොහැක. තම වගකීම් පැහැර හැර අයිතිවාසිකම් දිනා ගත නොහැක.තම රැකියාව හරියට නොකර පඩි වැඩි කරන ලෙස ඉල්ලිම යුක්ති සහගත නැත.අයිතිවාසිකම් රැකෙනුයේ යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු කරන පුත්ගලයාට විනා අයිස් පප්පන්ට නොවේ.මේ ධර්මතාවත් මාධය නිදහසත් අතර අප දිනාගත් මාධය නිදසහ හා භාවිතය පිලිබඳවත් සොයා බලන ලෙස මා ආයාචනා කරමු.ලැබු මාධය නිදහස රකින්නට නම් ස්වයං වාරනයක් තිබිය යුතුය.සිතන සිතන දේ ලිවිම හෝ ඇසෙන බලන දේ ලිවිම කොතරම් යුක්ති සහගතද යන්න තම තමාම මැන බැලිය යුතු කාලය එලඹ ඇත.

මේ පිලිබඳ වෙනත් අදහස් තිබිය හැක.එහෙත් දැනෙන නේ කිවෙමි.චනදයක් හමුවේ මාධය භාවිතා කල ආකරය විටෙක අපුල දනවන කාරනාවක් වුවේ ඒ නිසාය.පක්ශ දෙකකට බෙදී පෞද්ගලික ලාභ ප්‍රයෝජන වලට වහල් වි රටක් මෙහෙයවු ආකාරය අප බලා සිටියෙමු.එය රටකට හොඳ නොවන බව පෙනෙන්නට තිබේ ඔවුන් නිදහස් මාධය භාවිතයෙන් උපරිම ප්රයෝජන ගත්තේ සත්‍ය වසන් කිරීමටය.එයින් පොදු මිනිසා වෙනස් කිරීමට ඔවුන්ට හැකි විය.එය මාධය නිදහස අනිසි ලෙස භාවිතා කිරීමක් බව කිව යුතු නොවන්නේද ? පාට කන්නාඩියකින් බලන කල එසේ නොවන බව ඔබ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනු ඇත. නමුත් ස්වාධිනව සලකා බලන කල වී තිබුනේ එය බවත් වූවේ එසේ බවත් ඔබට පෙනෙනු ඇත.

උදැහරන නම් කොතෙකුත් ඇත.එවා එක ලිපියකට ලඝු කොට දැක්වීම යුක්ති සහගත නැත්තා යැයි සිතේ. නමුත් බුද්ධ කාලයේ කොසොල් රජු දුටු සිහිනය කා හටත් මතක ඇතී බව හැගේ. එයින් අද කතාව ඉවරයක් කරන්නට මා අපේක්ශා කරමු.

කොසෝල් රජු

ස්වාමිනි මේ හිනය අමුතුම ආකාරයේ එකකි. මා දැක්කා සුවඳ හමන සදුන් කොටයක් දුගඳ හමන මොරු කලයකට හුවමාරු කරගන්නවා. ස්වාමිනි ඇයි මට මේ වගේ හිනයක් පෙනුනේ...

බුදුරජානන් වහන්සේ...

රජතුමනි අනාගයයේ මගේ බුද්ධ ශාසනයේ බොහෝ භික්ෂූන් ලාභ සත්කාර  බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස් කම් සැපය උදෙසා සිවුරු දරනවා.මෙසේ සාස්තරුන් වහන්සේලාගේ දහම මුදලට හා ආනෙකුත්
දේවල් වලට පාවා දීම තමා මේ හිනයේ තේරුම

මෙය මාගේ මෙම ලිපියේ අවසානය ලෙස සටහන් කරන්නට කැමතියි.මා සමඟ ඔබ උරන වෙනු ඇත.නමුත් සත්‍ය සත්‍ය ආකාරයෙන්ම මා පැවසිය යුතුය.නැතිනම් උප නූපන් අනාගතය අප වපුරනා විනාශයේ පල නෙලා ගනු ඇත.


.......දුකා.............


                 

Monday, September 16, 2019

සුද්දගේ කෙරුවාව... (තුන්වන දිගහැරුම)

තුන්වන දිගහැරුම

සුද්දගේ කෙරුවාව...

අපිට කෙලවිච්ච තැන පටන් ගන්නෙ ඇත්තටම කොතනින්ද කියල හොයල බලනකොට අපිට වැඩි හරියක්ම කෙලවිලා තියෙන්නෙ ප්තුගීසි ලන්දේසින්ට වඩා ඉංග්රීසින්ගේන් කියන එක නම් කියන්න ඕනෙ.අනික් හැමොටම ඕන උනේ ලංකාවෙ වෙලඳ ආර්ථිකය අත්පත් කරගන්න විතරයි. ඒත් සුද්දට ඊට වඩා දෙයක් ඕන උනා.උන් අපිට නොකරපු දෙයක් නෑ. අපිව සුන්නත්දුලි කරල දැම්ම.උන් උන්ගෙ මතය කැවුව අපේ මොලවලට.අදත් ඒ නිසා අපි දුක් විදිනව කියල හිතෙනව. රටේ තිබ්බ දේශිය වෙදකම. ඒ වෙනුවට ඔවුන් රට රටවල් වලින් හොරකං කරල හදාගත්ත වෙදකමක් අපිට දුන්න.දසමහ යෝධයො විසි මහ යෝධයො හිටිය රටේ හයිය හත්තිය තියන උන් හිටිය රටේ උන් ආවිත් ගිය දවසට පස්සෙ ඉඳන් පාන්ඩු කාරයෝ වගේ උන් තමා බිහි උනේ..
අපි හැමෝගෙම අත්වල තියනව මොකක්දෝ බෙහෙතක් ගහපු කැලලක්.ඇත්තටම ඒ මොකක්ද කියල හිතල බැලුවහම හිතෙනව තුවාලයක් එන්න තරම් සහ ජිවිත කාලයටම කැලලක් හිටින තුවාලයක් නේද අතේ ඉතිරි උනේ කියල.ඉස්සර මේ දේවල් තිබ්බෙ නෑ.අපි ජාතියක් විදිහට බෙලහින කරන්න මේ දේවල් විද්දද කියල කවුද දන්නෙ.පරිසරයෙන් ඈත් කරන්න පටන් ගත්ත මිනිස්සු.පරිසරය විනාශ කලා අපේ තිබ්බ රටක් වටින බෙහෙත් පැල විනාශ උනා.
අනේ ඉතින් මං ඒ තරම් ඔය දිපු බෙහෙතෙ බලේ ගැන දන්නෙ නෑ.මට හිතෙන දේ ගැනයි කිවුවෙ.මොකද ඕව දන්න වෛද්‍ය වරයෙක් නෙවෙයි මං.දන්න කෙනෙක් ඒ සම්බන්දව කියන්න කියන ආරාධනයත් මෙතන තියනව අපි කතා කරමු.හොඳ නරක.
උන් ඇවිත් අපේ කමට තමයි මුලින්ම ගැහුවෙ ඇත්තටම කිවුවොත් කොටියට වඩා උන් විනාශයක් කරා අපිට.හවස් කොරේ මහනසියට කිතුල් මලක් මැදල ගත්ත තෙලිජ්ජ බිපු අපිට සුද්ද දුන්න බෝතල් වල දාපු හුජ්ජ.අපේ උනුත් ගත්ත ධාතු කරඩුව වගේ ඔලුවට ඒ බෝතල් ධාතුව.මුලදි ඔය බෝතල් දුන්නෙ නිකං උන් අපිට..කට්ටියට පුරුදු කරන්න දුන්නෙ.නිකං දෙනවනම් දෙමල පත්තරෙත් ගන්න හැත්ත එදත් හිටිය අදත් ඉන්නව.
අපේ ඉතිහාසය උන් උන්ගෙ රටට අරන් ගියා.ඇත්තටම කිවුවොත් එංගලන්තෙ රැජිනගෙ ඉඳල මුලු එංගලන්තෙම මේ සිංහලේට ණයයි තවමත්.මොකද උන්ගෙ කටු ගෙවල් වල පිරිල තියෙන්නෙ අපේ ඉතිහාසයෙන්.ඒව ඉල්ලනකොට උන් හුවමාරුවට ඉල්ලන්නෙ වෙන වෙන දේවල්.තාරා දේවි පිලිමය ඉල්ලනකොට උන් අපෙන් ඉල්ලනව ඇත් පහන උන්ට.ඒක දේශිය නිර්මානයක් වගේම ඇත් පහනෙ තියන තාක්ශනය ඉතාමත් ආකර්ශනිය එකක්. 

දැදිගම සූතිඝර කැනීම 1951 දී මෙම ස්තූපයේ කැණීම් කිරිමේ දී ධාතු ගර්භයේ තිබී ලොකඩයෙන් නිපදවු ඇත් පහනක් හමු වී ඇත. මෙම ඇත් පහන සුවිශේෂී වීමට හේතුව නම් තෙල් ඇතාගේ උදරයේ ගබඩා කොට ලිංගය ඔස්සේ පහනට වෑස්සීමට සලසා තිබීමයි. එමෙන්ම පහනේ තෙල් අඩු වූ විට උදරයේ වූ තෙල් පහනට ඉබේම ගලා යයි. ඒ අනුව මෙම ඇත් පහනට ස්ථිති ජල විද්‍යාත්මක මූලධර්මය නම්  විද්‍යාත්මක මූලධර්මය භාවිතා කර ඇත. පරාක්රමභාහු රජුගේ රාජය කාලයට අයත්ය.මෙය පිට රටට දිය හැකිද ?

යටත් විජිත වස්තු කියලයි ඒවට ඔවුන් කියන්නෙ මොන රෙද්දටද ආයිබොවන තාම යටත් විජිත මගුලක් ගාවන්නෙ සිහල රටට.අපි අදත් නිවහල් රටක්.අපිට අයිති දේ අපිට දෙන්න ඕනෙ උන් හරිනම් මොකද තවමත් යටත් විජිතයක නෙවෙයි උන්ගෙ ලංකාව.ඒත් උන් දෙන්නෙ නෑ.නැවු ගනං පුරවන් ගිහින් උන් තියාගෙන ඉන්නව අපේ හොඳම කලා කති. පුරාවිද්‍යා භාන්ඩ.බොහොම වටිනාකමක් තියන ඒව.අපිට ගන්න තරම් හයියක් නෑ ඒව.හදවත දුකින් පිරෙනව අපිට අයිති දේ උන් ගාව තියෙනකොට.අනාගතේ දවසක තොපි මොනවද මෙරට ඉඳන් කලේ කියල ඇහුවහම මතු පරම්පරාව අපිට අදෝ මුඛයේ ඇගිල්ල ගහගෙන තමා ඉන්න වෙන්නෙ.




තවමත් අදුරු සෙවනැල්ල එංගලන්තය වගේ රටවලින් ලංකාවට වැටිල තියෙන්නෙ.උදාහරනයක් දෙන්නම්.70 වන නිදහස් සමරුවට එංගලන්තයෙන් මහ රැජිනයගෙ නියෝජිතය වශයෙන් ආවෙ එඩ්වඩ් කුමරු සහ ආර්යාවයි.එහිදි රාජකියන් ඉදිරියේ පිලි පැදිය යුතු උපදෙස් මාලාවක් ඔවුන් බලන්නට පැමිනි ලාංකිකයන්ට පිරිනමා තිබුන. එය කර තිබුනේ එංගලන්ත රාජකිය පිලිගැනිමේ කමිටුව විසිනි.එම ලිපියද මෙහි ඔබට දැක ගැනීමට හැකිය.කරුණාකර ඔබගේ හදවතට තට්ටු කර අසන්න මෙය ඔබ පිලි ගන්නවද කියා.
අපිට ඔවුන් ඔලුව නැවිය යුතුය ඒ ආයිදැයි කියා පසුව ඔබට ලිපි මාලාව අවසානයේදි තේරෙනු ඇති.තවමත් එංගලන්ත අදුරු සෙවනැල්ල අප රටට වැටි ඇති බව ඔබට පැහැදිලි වනු ඇති.තවද නිතියෙන් පවා එයට අවසර ඇති බව ඔබට වැටහෙනු ඇත.

තවත් දෙයක් මෙහිදි කියන්න ඕනෙ.පෙලක් අය පාරවල් හැදුවා කොච්චි පාර හැදුවා යැයී කීයල සුද්දට කඩේ යනව.ඔවුන් කෙසේවත් එංගලන්තයට බනිනවාට කැමති නැහැ.අපගෙන් සොරා කා ගෙන ගිය දෑ මිල කල නොහැකිය.අපගෙන් උදුරගත් දේ වෙනුවට ඔවුන් සොච්චමක් අපට දීල ගියේ කියල උන් දන්නෑ..අපට ආදරේ නිසා කෝච්චි පාර වත් මහා මාර්ගවත් සැදුනේ නැහැ.ඔවුන් අපෙන් උදුරගත් දේ ගෙනයාම සඳහා ඔවුන් පාර සාදාගත්තා නොවෙදැයි ඔබගෙ මොලයෙන්ම අසන්න..අප සිහලුන්ම පමනි.මුස්ලිම් වේවා දෙමල වේවා අප සියල්ලෝම සිහල රට පුරවැසියන් යැයි නොසිතන තාක් අපට ගොඩ ඒමක් නම් නැහැ.මෙසේ දෙමලුන් මුස්ලිම්මුන් ලෙස සුද්දාගේ සිට බඩ වඩාගන්නා දේශපාලුවා දක්වා කරේ බෙදන එඑකඋන්ට තිබ්බෙ නෑ එකතු කිරීමේ ලකුණ. මොකද ඒක තමා සිහලුන් පරද්දන්න තිබ්බ එකම විදිය.තව එකෙක් අනික් එකා දිහා බැලුවෙ අවිස්වාසයෙන්.ඒ උන්ගෙ ප්‍රතිපත්තිය. සුද්ද එන්න කලින් එහෙම දෙයක් තිබ්බෙ නෑ.උදාහරයක් දෙන්නම් දුටු ගැමුනු රජු එලාර සමඟ යුද වැදී දිනුව ඒත් ඔහු වෙනත් දෙමලෙක් මරා දමන්නට අන කලාද ? නෑ.පිලි ගත්ත අපේම සහෝදරයන් බව. සුද්ද අතුගාල දාන කොටත් සිංහල දෙමල මුස්ලිම් එකා එකට හිටිය.එම නිසා අප එකට ඔවුන් හා යුද වැදුන. මොන රට මොන ජාතිය අප අල්ලන්නට දත කෑවත් අප සියල්ලෝම එකට සිටියා නොවෙදැයි ඔබ අතීතය හාරවුස්සාම බලන්න යැයි මම ආයාචනා කරමි.


ලංකාවේ කැනීම් කල එච්.සී.පි බෙල් මහතා එංගලන්ත ජාතිකයෙකි. ඔහු සීගිරියේ පවා කැනීම් කල බව කියවේ.ඔහු අප රටෙන් ගෙන ගියේ මොනවාද යන්න සොයා බලන්න. 1890 - 1892 දක්වා කාලයේ ඔහු විසින් රටින් පිට කල පුරාවස්තු සංඛ්‍යාව කොතෙක් දැයි සොයා බලන්න.ඔහු විසින් රුවල් නැවු තුනක් සිංහලෙන් ගෙන ගියේ නැද්ද එයින් දෙකක් ලංකාව අවට මුහුදේ මුහුදුබත් වුවේ නැද්ද කියා සොයා බලන්න.රටේ මහා ඉතිහාසය ඔහු කොල්ල කා නොගත්තේද ?ඔහු ගෙන ගිය දෑ ලයිස්තු ගත කර තිබේද යන්න සොයා බලන්න.එසේ ලයිස්තුවක් ඔබ ලඟ තිබේ නම් කරුනාකර මා වෙත එවිමටද කටයුතු කරන්නේ නම් අගය කොට සලකමි.

එංගලන්තයේ කෞතුකාගාරවල ඇත්තේ මොනවාද අපෙන් කොල්ල කා ගිය පුරාවස්තු එහි නැද්ද ? එංගලන්තයේ සිටින ලාංකික පුරවැසියනි ඔබ ගිහින් ඇති කෞතුකාගර වලට එංගන්තයේ අපේ පුරාවස්තු ඒ කෞතුකාගාර වල නැද්ද කියා අපට කියන්න.ලොව වටා කෞතුකාගාර වලට ඔවුන් අපේ ඉතිහාසය දි ඔවුන්ගේ ඉතිහාසය ඔවුන් වෙතට ගත්තේය.එම කෞතුකාගාර වල තිබෙන අපේ දේ පෙන්නිම සඳහා කෙටිකාලිනව දිමටද ඔවුන් මැලි කමක් දක්වන බව ඔබ නොදන්නේද ?

සුරකිමු ශ්‍රී ලංකා පදනම විසින් ආනන්ද සාගර හිමි විසින් ලයිස්තුවක් තනා එංගලන්ත මහ කොමසාරිස් කාර්යාලයට බාර දුන්නෙ නැද්ද යැයි සොයා බලන්න.සුරකිමු  ලංකා පදනම පිට රට ඇති අපේ පුරාවස්තු පිලිබඳව ලයිස්තුවක් තනා දුන්නේ අප රටේ ඉතිහාසය අපිට වටින නිසාය.එහෙත් ඔවුන් එය නොදැක්කා මෙන් අදද සිටින බව පෙනෙන්නට තිබේ. රාජතාන්ත්‍රික සේවය සඳහා දුප්පත් සිහල මිනිසුන්ගේ ධනය යොදවා වැජබෙන දේශපාලන හෝහපුට්ටන් අප රටේ මිල කල නොහැකි පුරාවස්තු නැවත අප රටට ගෙන ඒමට කලේ කුමක්ද යැයි මා ඔවුන්ගෙන් අසන්නේ මෙනිසාය. දේශපාලකයන් රටට මෙතරම් ආදරේ නම් ඔවුන් අප රටේ ඉතිහාසය මෙරටට ගෙන ඒමට කටයුතු නොකරන්නෙ කුමක් නිසාද?අසන්න. මිල කල නොහැකි පුරාවස්තු ගනනාවක් එංගලන්තයේ ලෝකෙ වටේ පුරාවස්තු කෞතුකාගාර වලට දුන්නෙ කුමක් නිසාද ? සිහල රටේ අභිමානය ඔවුන් අත්තනෝමතිකව කෙලෙසන්නෙ ඇයි.අප අතීතය ලෙස බලා සතුටුන්නෙමු.විටෙක ඔබ ඔබේ දරුවන් අතින් අල්ලාගෙන ගොස් ඔවුන්ට අතීතය පෙන්නා ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ වරුනාව ඔවුන්ට කියන්නේය.අපේම ඉතිහාසය අපට අයිති නැත්තම් අප කෙසේ ජිවත් වෙම්ද ? මදකට සිතන්න.රට තුල මහා විනාශයක් වන බව උදම් අනනා අපි ඇස කන වසැගෙන සිටින්නෙ ඇයි.මේ අපේ මතු පරපුරට දායාදකර දිය යුතු අතීතය නොවේද ? සුද්දාට කඩේ යන බත් බැලයන් තවමත් රට තුල ඇත.ඔවුන්ගෙන් අසන්න සිහලදීපයේ අතිතය ඔවුන්ට දෙන්නට පුලුවන්ද කියා නැවත.

අප පොලොවේ සාරවත් පසේ හට ගත් දෑ ඔවුන් රජ මැදුරු තනන්නට ගෙන ගියේය. මාර්ග සදන්නට ගෙන ගියේය. ඔවුන්ගේ රට වැසියා සුකිත මුදිත කරන්නට ගෙන ගියේය.අපේ මිල නොකලහැකි ඉතිහාසයත් ඔවුන් ගෙන ගියේය.අපේ ඉතිහාසය අපිට වටිනවා විනා වෙන රටකට වටින්නෙ නැත.එනිසා අපේ ඉතිහාසය අපට දෙන්න බැරි ඇයි.සැම එංගලන්ත පුරවැසියෙකුම සිහලේට ණය කරුවෙකු නොවන්නේද ? ගෙවිය යුතුය එය අපට.මොකද අප දැන් සිහල ජාතියේ සාඩම්බර හිමිකරුවන්ය.මෙය අපේ රටය.

මා මේ සියල්ල ඔබ වෙතට ගෙන එන්නේ රටක් විදිහට අප එක්විය යුතු නිසාය.ජාන හොරුන් ගැන මා මිට පෙර ඔබට කිවා මතක ඇති.ඒසේම පුරාවස්තු පිලිබඳව මා පවසන්නේ මේ අපිට හිමි දේ නිසාය.පෙලක් කෞතුකාගාර වල ඇති අපට හිමි වස්තු වල රූප පවා දක්නට නැත.ඔවුන් ඒවාද අන්තර්ජාලයෙන් අයින් කොට හමාරය.ලොව වටා සිටින සිහලුනි ඔබ ලඟ තිබෙනවානම් ඒ වස්තු වල චායාරූප මා වෙත එවන්න.මා එම රාප බලා සැනසෙන්නෙමි.මේ මාගේ අතිතයේ විභූතිය ලෙස මා ඒ රූප තුරුලු කර ගන්නෙමි.මොකද මා අතීතයට ගරු කරන්නෙමි.අතීතය දෙස බලා සැනසෙන්නෙමි.අතීත කතාව ගොඩ නගන්නෙමි.

ඇත් දල වලින් කෙරූ විශිෂ්ඨ කැමයම් සහිත පෙට්ටගම් අපේ ඉතිහාසය පිලිබඳව කතාව   කැටයම් කොට පෙන්නා ඇත.අතීතයේ කතාවෙහි හිස් තැන් ඒ රූප අධ්‍යයනය කොට ගොඩ නැගීමට හැකිය.ඒ අතීතය අපට වටින්නේය.එය අන් ජාතියකට වටින්නෙ නැත.ඒ දෙස බලා මා අතීතයට යන්නෙමි.එහි සැරි සරන්නෙමි.කතාව ගොඩ නගන්නෙමි.මා හට ඇති එකම සතුට එයයි.එනිසා ඔබ ලඟ තිබේ නම් එවන් රූප නොපමාව මා වෙත එවන්න මෙන් මා කාරුණිකව නැවත නැවතත් ඉල්ලා සිටිමි.

 අපිට අයිති දෑ අපට නැත.මේ ඒ පිලිබඳව සොයා බැලීමකි.ඇස් වලින් බලන්න ඔබගේ හදවත මදකට නතර වනු ඇති.විටෙක හින් රිදුමක් ඇති වි ඔබේ මුලු සර්වංගයම රිදිල්ලෙන් කම්පිත වනු ඇති.ඒ අපිට අයිති දේය.ඒත් ඇත්තේ පිට රටකය.


"දෙවැනි රාජසිංහ රජු කස්තාන කඩුවක් පැළඳ සිටින ආකාරය රොබට් නොක්ස්ගේ An Historical Relation of Ceylon කෘතියේ දැක්වේ. විමලධර්ම සූරිය රජු කස්තාන කඩු පැළඳ සිටින ආකාරය සහිත චිත්‍ර ඕලන්ද ජාතිකයන් ලියූ කෘතිවල හමුවේ. අපේ රජවරු කස්තාන භාවිත කළත් ජාතික කෞතුකාගාරයේ ඇත්තේ එක් රජකුගේ කස්තානයක් පමණි. ඒ 1 වන බුවනෙකබාහු (1272 - 1284) රජුගේය. හතරවන විජයබාහු රජුගේ සොයුරා වූ ඔහු යාපහුව රාජධානිය කරගත්තේය. දෙවන රාජසිංහ (1635 – 1687) සහ කීර්ති ශ්‍රී රාජසිංහ (1742 – 1781) යන රජවරැන්ගේ කස්තාන කඩු ලන්දේසි පාලන සමයේදී රැගෙන ගොස් තිබේ. ඒවා අද ඕලන්ද කෞතුකාගාර සරසන පුරාවස්තු බවට පත්ව ඇත." ( පුවතක් :-දේශය 2017 අගෝස්තු 5 )

රුසියාවෙන් අපේ කඩු කසථානයක් හමුවි ඇත.මෙයයි ඒ.


ඉන්දියාවේ තරුව ලංකාවේ මැනිකක් කියල දන්නවද ?


ඉන්දියාවේ තරුව කැරට් 563.35 (ග්රෑම් 112.67) තරු මැණික් වර්ගයකි, එය ලොව විශාලතම මැණික් වලින් එකකි. [1] [අ] එය පාහේ දෝෂ රහිත වන අතර ගල දෙපස තරු ඇති බැවින් එය අසාමාන්‍යය.  .  අළු පැහැති නිල් මැණික ශ්‍රී ලංකාවේ හෑරූ අතර එය නිව්යෝර්ක් නගරයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

ගලෙහි කිරි ගුණය ඇති වන්නේ තාරකා ආචරණයට වගකිව යුතු රූටයිල් නම් ඛනිජමය ඛනිජ ලවණ නිසා ය.  ඛනිජයේ ඉතා කුඩා තන්තු, මැණික් තුළ තුන් ගුණයක රටාවකට පෙලගැසී ඇති අතර, එන ආලෝකය තාරකා රටාවට පිළිබිඹු කරයි..
මෙම මැනික මිල කල නොහැකිය.ඔබට දැක බලා ගැනිමට ඒ මැනික් පාශානයෙත් ඡායා රූපයක් මෙහි දමමි.


වියානා කෞතුකාගාරයේ අපට අයිති ඇත් දල වලින් නිමවු පෙට්ටගමක් ඇත.එය මිල කල නොහැක.පසාරු කැටයමින් කල එය ලාංකිය කලා නිර්මාන කරුවාගේ අගනා නිර්මානයකි.


බුද්ධ ප්‍රතිමාවක් ජර්මන් කෞතුකාගායේ ඇත.කාල වකවානු පිලිබඳව මෙහිදි සඳහන් නොකරන අතර පසු ලිපියකින් ඒ පිලිබඳව ඔබට මා ගෙනෙන්නට කටයුතු කරන්නෙමු.


ලන්ඩන් වේක්ටෝරියා කෞතුකාගාරයේ හා ඇල්බට් කෞතුකාගාරයේ ඇත් දල කැබිනට්ටු ඔබට දක්නට ලැබෙනු ඇත.ඒ ලාංකිය උරුමයයි.හදවත ඔබගේ ගිනි ගනු ඇත ඒ කලා නිර්මාන දකින විට.

1745 නුවර රජුට අයත් කාලතුවකකුව.ලංකාවේ නිර්මානයක් ලෙස ලංකාවේ යුද්ද භාන්ඩයක් ලෙසත් මේඩ් ඉන් ශ්‍රි ලංකා ලෙසත් මෙය මා ඔබට හදුන්වා දෙන්නෙමු.අද නෙදර්ලන්ත ඇමැස්ටර්ඩෑම් හි කෞතුකාගාරයක දක්නට ලැබේ.

තවත් පැරිසියේ කිරිති ශ්‍රී රාජසිඅංහ රජුට අයත් තල් පත් කුඩයක් දක්නට ලැබෙන බව කියවේ.නමුත් ඒ සම්බන්ධ කිසිදු රුපයක් මා හට අන්තර්ජාලයෙන් සොයා ගැනිමට නොහැකි විය.පැරිසියේ වෙසෙන ලංකිකයනි එහි රූපයක් වෙතොත් එවන්න යැයි ආරාධනා කරමු.


තාරා දේවි ප්‍රතිමාව බ්‍රිතාන්‍ය කෞතුකාගාරය.




මේ සියල්ලට වඩා විශාල සංඛ්‍යාවක් විවිධ දේශයන්හි අපේ කෞතුක භාන්ඩ දක්නට ලැබේ.ඒ පිලිබඳව ඔබ වෙත පසු ලිපියකින් ගෙන එන්නට කටයුතු කරන්නෙමු.ඔබ මේ ලිපිය අතින් අත යවන්න. සමාජය දැනුවත් කරන්න.මා වැරදි නම් මාද දැනුවත් කරන්න.මෙසේ විශාල කෞතුක භාන්ඩ රැසක් වෙන රටවල් වල කුණු කොල්ලයට විකිනෙනු ඇත.තවද අවු වැසි වලට ලක්ව විනාශ වනු ඇත.ලිපි ලේඛන විශාල ප්‍රමානයක් කාවන්ට බිලි වනු ඇත.ඒ සියල්ලෙහිම ඇත්තෙ සිහල දැනුමයි.අපේ දේයි.කරුනාකර එය අප හට ලබා ගන්න බලපෑම් කරන්න.ඔබ සේහල දීපයට ආදරය කරන්න.අතීතයට මුතුන් මිත්තන්ට ආදරය කරන්න.
අතීත මුතුන් මිත්තන් මෙවන් නිර්මාන කලේ බයෙන් සලිත වි නොවේ."අවශය තාවයක් එන්නම ඕනෙ නිපයුමක් බිහිවෙන්න" ඔවුන් කලේ එයයි අප එය රැක රැක ගත යුතුයි.ඔවුන්ගේ කලාව දාඩිය මහන්සිය තාක්ශනය ඒ සියල්ලම මේ මිල කල නොහැකි කලා නිර්මාන පුරාවස්තු වල ගැබ්ව ඇත.සිහලදීපයට ආදරය කරන්න.රටක් ලෑස ඉදිරියට යනවා විනා එකෙක් ලෙස ඉදිරියට යා නොහැකි බව ඔබේ දරුවාට දැන් දැන්ම කියා දෙන්න.



සිවුවන ලිපියෙන් මූන ගැසෙමු.විජය ගෙන් පැවත එනවාද මාගේ සිවුවන ලිපිය වනු ඇත.සිහලදීපයට ජය.
(රූප අනුග්‍රහය ගූගල්)


....ඉශාන් වත්තේගම ( දුකා) ...    
2019/09/16
achinthaishanwaththegama@gmail.com


Wednesday, September 11, 2019

සුදුසුකම්.......දෙවන දිගහැරුම

දෙවන දිගහැරුම

සුදුසුකම්.......



මුලින්ම කියන්න ඕනෙ මං සිහල රටේ පුරවැසියෙක්.මට හිමි වගකිම තමා මං මේ ඉටු කරන්නෙ.මං වගේ තව බොහො දෙනෙක් ඉන්නව.නොදන්න දේ හොයන කියන.ඒ අයගෙන් මං එක් අයෙක් පමනයි.මට තිබ්බ උනක්.දරුනුවට වැලදුනු උනක්.ඉතිහාසය පිලිබඳව.අපේ ඉතිහාසය පිලිබඳව හදාරන්න උනක්.අපේ අක්මුල් හොයාගෙන යන්න තියෙන උනක්.ඔයාලටත් තියන නිසා තමා මං ගැන මේ ඉස්සෙල්ල කියපු කරුනු ගැන ඔයාල හොයන්න මහන්සි උනේ.මෙතනදි තව දෙයක් කියන්න ඕනෙ අපි හැමෝටම තියනව අතීතය ගැන හොයන්න උනක්.පෙලක් අය තාප්පෙට කන තියාන එහා ගෙදර වෙන්නෙ මොනවද කියල හොයනව වගේ රබර් ඇහැ දානව වගේ ඔයාලටත් තියනව හොයන්න උනක්.ඒ අපේ හැටි.මොකද අපි ඒ කාලෙ ඉඳන්ම හොයන උන් නැත්තම් තාම අපි කැලේ.ගල්ලෙන් වල.ගල්ලෙනෙන් එලියට ඇවිත් මේ තරම් දියුනු සමාජයක් බිහි කර ගත්තෙත් වැඩ ලේසි කර ගන්න එක එක උපකරන සොයා ගත්තෙත් අපිට තියන වෙනස් විමේ ආශාව වගේම අධික හෙවිල්ල නිසාම තමා.ඒ වගේ තමා මටත් පොඩි කාලෙ තිබ්බ හොයන්න අතීතය.දැන් කියාවි ඉතිහාසය කන්නද කියල.ඔවු ඉතිහාසය කන්නත් පුලුවන්.කාල හොඳට දිරව ගත්ත නම් ඔයාල හැදිල මේ වෙනකොට.පිට රටවල් වල ඉතිහාසය කීයන විශය පිලිබඳව ලොකු තැනක් දීල තියනව රජයන් වලින්. ඒකට හේතුවක් තියනව රටේ ජනතාවට ඉන්න හිතෙන රටක් හදන්නෙ මේ ඉතිහාසයෙන්.ඒ වගේම පොඩි මොරාල් එකක් එනව අතීත මුතුන් මිත්තන් කරපු වැඩ ගැන හිතුවම ඇහුවහම. ඕන කෙනෙක්ට.අනික තමා ආත්ම අභිමානය.ඒක නැතුව රටට ආදරේ කරන පුරවැසියො හදන්න බෑ.අතිතය තමා වර්තමනය හැඩ කරන්නෙ කියල කතාවක් තියනව.එහෙම කියන්නෙ අතීතයේ කරපු සමහරක් වැරදි අනාගතේ නොවෙන්න වග බලා ගන්නව කියන කරනාව තමා එයින් කියවෙන්නෙ.
උදාහරනයක් ගත්තොත් සුනාමිය ආව දහස් ගනනක් බිලි උනා මුහුදු රකුසාට. ඒ සුනාමිය දැන් ආවොත් අපි දන්නව කරන්න ඕන දේ.ආරක්ෂන පද්දතියක් සකසල තියනව ජනතාවට දැනුම් දෙන්න.අතීතයෙන් තමා ඒ දැනුම ආවෙ.විහාර මහදේවි කතා පුවත ඔබ අහල ඇති මුහුද ගොඩ ගැලීම අපි හිතුවෙ නෑ ඒක කතාවක් පමනයි කියල පැත්තකට දාල තිබ්බ. ඒත් ඒක උනා.විහාර මහදේවිය මුහුදට බිලි කිරිම කියල දෙයක් අපි දැනගන හිටියෙ ඒත් කැලණිතිස්ස රජතුමා තම දුවනියට අපමන ආදරය කල නිසා ගොඩබිමේ නොතියා නැවු නංවා දියඹට පිටත් කරා කියන එක හිතන්න බැරිද..අනේ දැන් ඉතින් කියාවි සත් සිතින් කල දේට මූ වෙනම අර්ථකතනයක් දෙන්න දඟලනව කියල.හිතේ උපදින දේ ලියල තියන එක තමා මගෙ වැඩේ.මොකද කවද හරි සෙල්ලිපියක් මතු උනොත් මහ පොලොවෙන්."කැලණිතිස්ස රජතෙම තම දෝනිය ඌ විහාරමහදේවියට ඇති අධික ආදරය නිසා මුහුද ගොඩ ගැලීම නිසා විනාශය දැක දෝනියවූ ඈ මහ මුහුදට පිටත් කල බව...."ගොඩබිමට වඩා ආරක්ශිතයිලු සුනාමි එනකොට මුහුද ඒක නොදැන සිටියා කියල හිතන්න පුලුවන්ද අතීත මුතුන් මිත්තන්.


කලා උපාධියට මං හැදෑරුවෙ පුරාවිද්‍යාව, සමාජ විදයාව හා ජනසන්නිවේදනය.වැඩිදුර පුරාවිදයා උරුමය පිලිබඳව ඩිප්ලෝමාවකුත් හැදෑරුව. මගේ මූලික විශය වන්නෙ පුරා විදයාව අනෙකුත් විශයන් ඒකට සමගාමිව යන විශයන් කිහිපයක්. මොකද සමාජ විද්‍යාව තමා විද්‍යාවන්ගේ රජු.ඒ කියන්නෙ යාන්ත්‍ර විද්‍යාවත් ඒකට යටත්.මිනිසා වෙනුවෙන් තමා මේ විද්‍යා සියල්ල බිහි වෙලා තියෙන්නෙ.සමාජය පිලිබඳව හැදෑරිම තමා සමාජ විද්‍යාවෙන් කරන්නෙ.අතීත සමාජය කෙසේ විද වර්තමාන සමාජය කෙසේ විද අනාගත සමාජය කෙසේ වෙයිද යන්න තමා සමාජ විද්‍යාවෙන් නිර්ණය කරන්නෙ.මේ විශය හදාරන අය පිලිබඳව රටේ තැනක් නෑ.මොකද හුදු විශයක් විදිහට තමා සමාජ විදයාව හදුන්වන්නෙ ඒත් ඒකෙන් වෙන සේවය ඉතා විශාලයි.ඔය ප්රතිපත්ති තීරන ගන්න පාර්ලිමේන්තුව වගේ ආයතන වල ඇත්තටම සමාජ විදයාව ඉගනගත් පිරිසක් ඉන්න ඕනෙ කියන එකයි මගෙ මතය.අවුලක් ආවම නීති හදන්න දඟලන ඒ ආයතන අවුලට මුක්කුව කියල නිති හදන්නෙ ඒත් සමාජ විදයාව හදාරන කෙනා අතිතයේ මෙසේ විද වර්ථමානයේ මෙසේ වුයේ ඇයි අනාගතේ මේ අවුල කොතෙක් දුරට වෙනස් ස්වරූපයකින් පෙනෙයිද කියල බලල වාර්ථාවක් දුන්නෙත් අනාගතයටත් සරිලන නිතියක් කෙටුම්පතක් හදාගන්න පුලුවන් වේවි කියන අදහස මට තියනව.සමාජයේ වෙනස් කම තමයි ෂමාජ විදයාව විශයෙන් පිලිබිබු කරන්නෙ.ඉතින් පුරා විද්‍යාව සමාජයේ අතීතය සොයන විශයක් ඒක ලිඛිත ශාක්ෂි මත,අලිඛිත ශාක්ෂි මත ඒ කියන්නෙ කට කතා ජන කතා වගේ දේවල් වගේම ද්‍රව්‍යය මය සාක්ෂි මත පදනම් වු විශයක්.ඒ කියන්නෙ නානක විද්‍යාව ඒ කියන්නෙ කාසි විද්‍යාව මත සෙල්ලිපි ශාක්ෂි මත හා මිනිසා නිර්මානය කෙරු දේ මත වගේම ශාක විද්‍යාව මත වගේම නොයෙක් නූතන විද්‍යාවන් මත පදනම් වු විශයක්. ඒ කියන්නෙ විද්‍යාවන් ගනනාවක් පුරා විද්‍යාව සමග සම්බන්ධයි කියන්න පුලුවන්.පුරා විදයාව කියන්නෙ විදයාවන්ගෙ එකතුවක්.ඉතින් ඒ වගේම මං ආස කරා ජන සන්නිවේදනයට.පුරා විද්‍යාව මගේ මූලික විශය නම් ඒව මිනිස්සුන්ට ගෙන යාමේ වාහකය තමා ජන සන්නිවේදනය ඒව අපි ලඟ පමනක් තිබුනාට වැඩක් නෑ.ජන ගත කරන්න ඕනෙ.නවමු දැනුම සම්පාදනය වගේම ඒව සාමාන්‍ය මිනිසාත් දැනගත යුතුයි.එතකොට තමා ශක්තිමත් හා බුද්ධිමත් ජනතාවක් ගොඩ නගන්න පුලුවන්.රටට ආදරය කරන දරු පරපුරක් හදන්න පුලුවන්.එතකොටයි අනාගතය ලස්සන කරන්න පුලුවන්. මේ කර කර ඉන්නෙත් ඒ වැඩේ.ඇත්තටම මං රැකියාව විදිහට ජනමාධ්‍යය හා සම්බන්ධයි.ඒත් අද පවතින ජනමාධ්‍යය භාවිතය ගැන සලකතොත් ඉතිහාසය පුරා විද්‍යා විශයේ සොයාගත් නව දැනුම ජනමාධ්‍යය ආයතන වලට එතරම් වැඩක් නෑ.ඔවුන්ට තියනව රට කොටවන වැඩ දේශපාලන පොර පිටි පෞද්ගලික ඕනෑ එපාකම්.රටට හෙන ගැහුවත් ඔවුන්ගේ මඩි පිරවෙනවා නම් එතනින් එහාට ඔවුන්ගේ කාර්යභාරය එච්චරයි.ඒත් මා ඉගන ගත් ජනමාධ්‍යය එසේ නොවුනත් මා හට තර්ක කල නොහැකියි.මා මුල් කාලයේ කොතරම් අතීතය පිලිබඳ යම් වැඩසටහනක් කරමු යැයි ඇවිටිලි කරත් ඒව ගඟට දැමූ ඉනි වලටත් වඩා වේගයෙන් ගඟ පහලට ගසා ගියේ රට ජනයා ඔවුන්ට එතරම් වැඩක් නැති නිසා වන්නට ඇති.ඒත් මා ඉගෙනගත් දෙය ජනයාට පෙන්විමට දැනුවත් කිරිමට මේ ක්රමය සොයා ගැනීම මාගේ හිතේ පවතින ජාතික වගකීම ඉටුකොට රටට ආදරය කරනා පුර වැසියෙක් ලෙස සිහලරට මහ පොලොවට පස් විමට මා හට රුකුලක් වනු ඇති.මා දුප්පත් මිනිසුන්ගේ බදු මුදලින් ඉගන ගත් නිසා මා ඔවුන්ට කල යුතු කාර්යභාරයක් ඇති බව තදින්ම විශ්වාස කරමි.තවද මා ඉගනගත් දේවලින් පිට රට ගොස් දැනුම ඔවුන්ට විකුනනවාට වඩා මා වෙනුවෙන් දහඩිය කදුලු වැපිරු සිහලරට පුරවැසියාට මා උකහා ගත් දැනුම දෙන්නෙමු. මා පොත පත කියවා විටෙක පුස්තකාල වල පැය ගනන් වෙහෙස වී සොයා ගත් දැනුම මහාචාර්ය වරුන්ගේ නොයෙක් දේශකයන්ගේ කතිකා අසා දැනගත් දැනුමත් විටෙක අන්තර්ජාලය ඔස්සේ හොයා ගත් දැනුමත් එක්කොට යම් කතිකාවතක් ගොඩ නැගිය හැකිනම් එය මා ලැබු ජයග්‍රහනයක් වනු ඇත.එය ජාතික වගකිමක් ලෙස මා සිතන්නෙ නොදානුවත් පිරිස දැනුමෙන් පරිපුරනත්වයට පත් කල හොත් මේ සියල්ලට විසදුම විනය ජාතික හැගිම ඔස්සේ රට ඉදිරියට යයි යන්න මා දැඩිලෙස එල්බගත් කරුනක් නිසාය.


පෙලක් ඉතිහාසගත කරුනු අප ඉගෙනගත් පොත පත තුල තියනව.තවත් දේවල් තියනව අපි ඉගනගන්නා ආගම මත ඒ වගේම කට කතා ජන කතා ගත තොරතුරුත් තියනව.අපි කොහොමද මේ තොරතුරුත් සමඟ ශාක්ෂිගත ඉතිහාසයක් සකසන්නෙ ඒ ඉතිහස ගත තොරතුරු වල නිවැරදි තාව සකසන්නෙ ඒක තමා මේ කරන්නෙ. අන්න එතනදි තමා පුරාවිද්‍යා විශය අවශ්‍ය වෙන්නෙ.නිවැරදි අතීතයක් ගොඩ නැගීම.ලොවක් පිලිගත් ශාක්ෂි ගත ඉතිහාසයක් ගොඩ නැගීම තමා මුලික පරමාර්ථ වෙන්නෙ.ඒකයි මේ කරන්න හදන්නෙ.

විටෙක පැරනි ඉතිහාසය පුරා විද්‍යාත්මක ශාක්ෂි මාන සමාජය තුල සමාජ විද්‍යාව ඔස්සේ තිබේද යන්න සොයා බලමින් මා කල පරේක්ශන මෙහිදි වැදගත් වන බවත් එය ලියා තබන බවත් මෙහිදි සඳහන් කල යුතුය. නොයෙක් නොයෙක් සමාජ ක්‍රම තුල ජනයා තුල අදද පෙලක් සිහල රටේ සිරිත් විරිත් යාතු කර්ම පිලිබඳ තොරතුරු මෙහිදි ශාක්ශි වශයෙන් මා ලිපි මාලාව තුල ඇතුලත් කරන්නට පුලුවන්.එයට උදාහරනයක් දෙන්නම්


 බුලත් විට අතීතයේ සිට පැවතගෙන එන කෑමක්.රජ දවස බුලත් සපයන්න පවා කට්ටිය ඉඳල තියනව බුලත් යෝධයාගේ කතාව හොයල බලන්න.අද වන විට තරුන අයත් කනව.මුලදි හුනු දුංකල මේ විට සඳහා නැති දෙයක්.බුලත් පුවක් සාදික්කා වසාවාසි ඉගුරුපියලි කොත්තමල්ලි සූදුරු කරාබු නැටි  තමා විට භාවිතා කරල තියෙන්නෙ.ඇත්තටම විට කෑවෙ ඇයි.දැන් උන් චුයින්ගම් කන්නෙ ඇයි.ඔය වැඩ කරන අය සහ ක්‍රිඩකයන් තමා විශාල වශයෙන් ඕව කන්නෙ.ඔවුන් කරන වැඩ වලට අවශ්‍යය ඔක්සිජන් වැඩි ප්‍රමානයක් ලබා ගැනිම තමා චුයින්ගම් හැපීමෙන් කරන්නෙ ඒ වගේ තමා විටත්.හෙළයා මේ විටෙකත් කන්නෙ ගොවිතැනේදී අධික ලෙස ඔක්සිජන් අවශ්‍යය නිසා. තව කාරනාවක් තිබ්බ ඔවුන්ගේ කට ගොරෝසු කර ගන්නත් විට භාවිතා කරා සකලයන් හැඹිම ඒ කියන්නෙ ගොවි තැනකදි එන කුරුල්ලන් එලවන්න වන සතුන් එලවන්න ඔවුන්ට කෑ ගසන්න ඕන උනා මේ විට වලින් කට හඬ ගොරෝසු කරන ශබ්දය පිට කරන ගතියක් වර්ධනය කරන්න පුලුවන් උනා.මෙහෙම හිතේ පවතින දේකුත් විට සම්බන්ධව තියනව.ඒකත් කියන්නම් ඉස්සර මිනිසා උනත් පොතු කොල කාල තියනව සභහර විට මේ පොතු කොල කන්නට ඇති රෝග සඳහා තවත් විටක මේ කොල පොතු කන්නට ඇති භාශනයේ පහසුව සඳහා.ස්වරාලය සමනය කිරිම සඳහා.සූකිරි,ඉගුරු, මි පැනි පිලේබඳව සලකල බලතොත් ඒකම තමා මිනිස්සු කන්නෙ.ඔය විට හාමුදුරු වරු කනව සියල්ල දාල ශබ්ධය හදා ගන්න පාලි ගාථා නිසි ඝන පේහිටවා උච්චාරනයට තමා ඒව කන්නෙ.ඉංග්රිසි කියන්න බැරි වෙයි විට කෑවොත් අපේ පැරැන්නො කියපු කතාවක්.දියාරු ශබ්ධය සහ ලෙහෙසි භාශාවක් ඉංග්රිසි හැමෝටම අල්ලගන්න පුලුවන්. ඒත් සිහල බස එහෙම නෑ ඉතින් විට කාල හදා ගත්තු කටට සිහල බස මුමුනන්න පුලුවන් උනා ඒත් වෙනස හොඳටම තේරුනා වන්නට පුලුවන් ඉංග්රිසි බස හසුරනකොට.ඒ වගේම කට තමා බලපාන්නෙ ශරීර සෞඛ්‍ය හරි මගට ගන්න.අපි අදත් කන දේ තමා පරහට හිටින්නේ ගොඩක් රෝග වලට මේ කුළුබඩු දාල කනකොට කට තුල තියන විෂබීජ හරණය කරන හැකියාවක් තිබ්බ.අනික ඔය අපි දැන් පාවිචිචි කරන දත් බෙහෙත් වල තියනව නේද කැල්සියම් ඇවිත් දතේ කුහර පුරවනවා කියල පෙන්නන රූප.ඇත්තටම ඒක වෙනවද කියල හොයල බලන්න එක තමා ඔයා මුලින්ම කරන්න ඕනෙ.එලියෙන් එන කැල්සියම් වලින් දත් වලි හිල් පිරෙන්නට නෑ කියල තමා ඉතින් කියන්න තියෙන්නෙ.දත් වල කුහර පිරෙන්නට ඇඟ ඇතුලෙන් කැල්සියම් එන්න ඕනෙ.හැබැයි මේ විට වලදි කුහර හැදිල තියනවනම් කහට නිසා කටේ කුහර වලට පැලැස්තරයක් දානව.මෙතනදි ඉස්සර පොඩි කාලෙදි තුවාල කර ගත්තම අච්චි අම්ම කියනව කොපි දලුයි අමු කහයි තලල තිබ්බනම් හරි කියල.කහ හොඳ විශබීජ නාශකයක් ඒ වගේම කෝපි දල්ලෙ කහට අධිකයි.මෙතනදි වෙන්නෙ කහ වලින් තුවාල තුල ඇති විශබීජ හරනය කරන එක ඒ වගේම කෝපි දල්ල කහට පිපිල පැලැස්තරයක් දානව.දැන් ඈයො බයයි ඕව කරන්න.ඒත් අතීතයේ මිනිස්සු අත් බෙහෙත් දැනන් හිටිය.ඒව කටින් කට ආපු දේවල්.අපි එක පාරම ඒව අපෙන් ඈත් කරා.ඒ වගේ දෙයක් විට කහට වලින් වෙනව ඇති.

ඒ වගේම සැපිම නිසා දත් විදුරු මස හයි වෙනව. මෙතනදි ආදි මානව දත් වලත් කහට ගස් කෑව කියල ඛතාවක් තියනව මුඛ සෞඛය සඳහා.පිකින් මානව උදාහරනයක් විදිහට ගන්න පුලුවන්.එතනදි තවත් ලොකු වෙන්නෙ නෑ කුහර විෂබීජ නසන ගුණයක් සහ කට සුවඳ කරන ගුණයක් තියනව එනසාල් කරාබු නැටි වල.මෙතනදි කියන්න දෙයක් තියනව තවත් ඕනවට වඩා ඕනම දෙයක් ඕනෙ නෑ කියල.මොකද විට ගොඩක් කනව නම් ඒකෙන් පිලිකා වගේ දේවල් එන්න පුලුවන් කියන අදහසත් මෙහිදී පෙන්වා දෙන්න ඕනෙ.මොකද ඒක නවින වෙදකමේ තියනව.ඒ ගැනත් සැලකිලිමත් වන්න.

බුලත් වල වටිනාකම .......



උපුටා ගැනීමක් මේ ........(පහල කොටස )

(බුලත් කොළවල ඇස්පාටික් අම්ලය, ලයිසීන්, ග්ලූටමික් අම්ලය, ප්‍රෝලින්, වේලින්, ලියුසීන්, අයිසො ලියුසීන් මෙතියොනින්, ත්‍රියෝනින් යන ඇමයිනෝ අම්ල ද පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, මැංගනීස්, කොපර්, සින්ක් සහ යකඩ ද අඩංගුය. එසේම බුලත්වල අඩංගු ඉයුජිනෝල්, චවි බිටෝල්, පීනෝල් නිසා බුලත් කොළවල ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති වේ. මේවා බුලත් කොළවල ඇති ප්‍රධාන ක්‍රියාකාරී රසායනික සංයෝග වේ.

ඒ නිසා ශරීරයේ නිපදවෙන ඔක්සිකාරක මුක්ත ඛණ්ඩ ඉවත් කර ශරීරය නිරෝගී කිරීමේ හැකියාව බුලත් කොළවල ඇත. ඒ නිසා පිළිකා වැළැක්වීම, දියවැඩියාව වැළැක්වීම, හෘද වස්තුව ආරක්ෂා කිරීම, අක්මාව සහ ආහාර මාර්ග පද්ධතිය ආරක්ෂා කිරීම, මුත්‍රා ආබාධ සුව කිරීම, විෂබීජ නාශනය, ප්‍රතිප්‍රදාහ ගුණය සහ කැස්ස සමනය කිරීම වැනි ඖෂධීය ගුණාංග රාශියක් බුලත් කොළවල අඩංගු වේ.

ඉහත රසායනික සංයුතිය සැලකූ විට පෙනී යන ප්‍රධාන කාරණය වන්නේ බුලත් කොළවල පිළිකා කාරක කිසිවක් අඩංගු වී නැති බවය. බුලත්වල අඩංගු වන්නේ පිළිකා නාශකය‍. නමුත් දුම්කොළවල රසායනික සංයුතිය සැලකීමේදී පෙනී යන්නේ එහි පිළිකා කාරක අඩංගු වන බවයි.( මේ දුම්කොල සහ හුනු ආවෙ සුද්දගෙ කාලෙ කියලයි කියන්න තියෙන්නෙ )

දුම්කොළවල පිළිකා කාරක නයිට්‍රෝ සංයෝග බොහෝමයක් අඩංගුය. එනම් නයිට්‍රෝයෝ පිපෙරතීන්, නයිට්‍රෝසෝ නිකොටීන්, නයිට්‍රෝසෝ ප්‍රෝලීන්, නයිට්‍රෝසෝ ඩයිඑතැනොනලැමීන් යන නයිට්‍රෝ සංයෝග දුම්කොළවල අන්තර්ගත ය. මේවා පූර්ව පිළිකා සංයෝග වේ.

බුලත්වල අඩංගු Piper betol, Piperol A, Piperol B වැනි සංයෝග රුධිර පට්ටිකාවල Platelet aggregation නම් ක්‍රියාවලිය නිෂේධනය කරයි. එයින් රුධිර කැටි ඇති වීම වළක්වයි. ඒ නිසා හෘදයාබාධ ඇති වීම වළක්වයි. බුලත්වල ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ හැකියාව ඇත.

අක්මාව ආරක්ෂා කිරීමේ හැකියාව ඇත. ශරීර උෂ්ණත්වය පාලනය කරයි. බුලත්වල නිර්වින්දන ගුණ ඇත. බුලත් නිසා මානසික පීඩනය අඩු කෙරේ. මේ අනුව බුලත් යනු මහඟු ඖෂධයකි.

( මෙහෙම තිබ්බ එක්තරා ලිපියක සොයා බලා තීරනය කරන්න.උපුටා ගැනීම අවසානයි)

අදත් කරාබු නැටි දත් බෙහෙත් වලට දාන්නෙ ඒකයි.අපේ උන්ට වටීන්නෙ රටින් එන ලොකු ලොකු නම්නෙ.ක්ලෝරයීඩ් තියන ඒව කියල කියායි නැති ඒව කියයි.ඔය දත් බෙහෙත් කනවනම් ඔය කැල්සියම් ක්ලෝරයිඩ් උරා ගනී.නැතුව ඒවයෙන් දත් මැද්දට වැඩක් වෙයි කියල නම් ඉතින් කියන්න දන්නෙ නෑ මං.අනේක ආසාධනය හරණය කරනව මේ ස්වභාවිකව බෙහෙත් නිසා.කට පරිස්සං කර ගන්න තමා අතීතයේ මිනිස්සු බලුවෙ.මොකද හොඳටත් කට නරකටත් කට කියල ඔවුන් දැනගෙන හිටිය. ඔයාල දැන් දත්ත මදින දත් බෙහෙත් කෑවොත් නම් කැල්සියම් උරාගෙන දත්ත කුහරය සනීප වෙයි.අනික තමා බුලත් තියන චර්ම රෝග නසන ගුණය.මෙහිදි කැලේ කොලේ ඇවිදින අතිත හෙළයා වෙලාවකට කටු පදුරු වලට කපා ගත්ත විසබීජ හරනය කරන ගුනයක් බුලත් වල ඇති නිසා සහ චර්ම රෝග වලට හොඳ නිසා ඒ චර්ම ප්‍රකුර්ති කරන්න එය උදවු උනා.මෙතනදි කොටල වන දද කුශ්ඨ වලට ගාන්නට ඇති බුලත්.අද වන විට අපිට බුලත් අගය නැති උනත් පිට රටවල් වලින් එන චර්මය සඳහා ආලේපන වල බුලත් යුශ අන්තර් ගත වෙලා තියනව කියල ඔබ නොදන්නවා ඇති.අපිට නැති උන දේ ඕව.අපේ දේ අපි පිට රටට දුන්න.



අපි උන්ගෙන් සල්ලි වලට ගත්ත අපේම දේ.මේ තත්වය නැති කරන්න තමා මේ ලිපි ලියන්නෙ.

විටෙක ජන සන්නිවේදන ගත තොරතුරුත් ප්‍රාදේශිය භාශාවෙහි නොනැසි පවතින පැරනි ජන වහරද මෙහිදි පෙන්වා දෙන්නනෙ සිහල රට සිහලුන් එක ජාතියක එක රටක අයවලුන් යැයි පෙන්නීමටයි.

තවත් කරුනක් නම් කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වරුන් වන මාලිංග අමරසේකර, උදාහෙට්ටිගේ මහාචාර්ය තුමියත් ප්‍රිශාන්ත ගුනවර්ධන මහාචාර්ය තුමාත්, මහාචාර්ය අමරසේකර මහතාත්   පශ්චාත් උපාධි අංශයේ රාජ් සෝමදේව මහාචාර්ය තුමාත් මෙහිදි මගේ ඇස් පෑදූ බව සඳහන් කල යුතුයි.තවද ඔවුන් අදත් තම ජාතික කර්තව්‍යය කෑලෑ කොලේ ඇවිදිමින් පස පෙරලමින් කරනු ලබන්නේ වැලලුනු ඉතිහාසයේ නිම් වලලු පුලුල් කිරිමේ අදහසිනි.එසේම සිහලරට ප්‍රෞඩ උරුමයක් අපහට දායාද කිරිමේ අදහසිනි.තවද මා හට නියත විවරන දුන් පොඩ් සර් සහ ලොකු සර් මා ආදරයෙන් මතක් කරන්නේය.ඔවුන්ගේ නම ලොකු සර් සහ පොඩි සර්ය.තවත් මට ලොකු සර් ලා හමුවෙනු ඇත පොඩි සර්ලාද හමුවනු ඇත.ඔබද මා නොදන්නා කරුනු කියනු ඇත ඔබත් ලොකු හෝ පොඩි සර්ලාය.ඔවුන් මාගේ ඇස් නොපෑදුවා නම් මටත් රට ජාතිය ගැන කැක්කුමක් නොතිබෙන්නට තිබිනි.අවසන් වශයෙන් මා හා සැමදා එකට සිටි මගේ පුරාවිද්‍යා සනුහරය වු වලන් කට්ටන්ද මෙහිදි මතක් කල යුතුය.වල බහින විට මා හට නෝට් දුන්නේ ඔවුන්ය.මා වැටෙන විට අත දුන්නේ ඔවුන්ය.මා මාගේ ජාතික වගකිම හා මගේ වගකීම ඉටුකල යුතුය.සදොස් තැන් නිවාරදි කරන්නටත් නව දැනුම් පිපාසාවෙන් සිටින මා හට නවමු දැනුම ඔබ දත් දැනුම දෙන්නටත් මෙහිදි මම ඔබට ආරාධනා කරමි.තවද මා වැරදි නම් සෑදීමටත් යුතුකමක් ඔබට ඇත.ඒ ඔබ මහ සමාජය වන නිසාය.මම දන්නා දේට වඩා නොදන්නා දේ ඇති බව මා දනිමි.කතිකාවක් නිර්මානය කොට සමාජය දැනුමෙන් පෝෂනය වූ කල විනය සැදෙනු ඇත.සිහල රටේ අප සියල්ලෝම එකා වන්ව සිහල රටට ආදරය කල යුතු කාලය එලඹ ඇත.මෙහිදි මා වැරදි නම් නිවැරදි කිරිමටත් නව දැනුම ඇත්නම් මා දැනුවත් කරන්නටත් ඔබට හැකිය.
තවත් දෙයක් කීමට තිබේ මා කිසිදු සංගමයක නැත සේනා සංවිධාන මට අවශය නැත ආගමික සංවිධාන මට අවශ්‍යයය නැත.දේශපාලන පක්ශ අවශ්‍යයය නැත.ලේ යැයි කියාගත් සංවිධාන වලට මම නැත.පොත් පිලියල කොට විකුනන්නේද නැත.මා ඉගෙනගත් දෙය රැකියාවකට සුදුසුකමක් ලෙසම පමනක් මා සිතන්නේ නැත.මම තවත් අයෙකුගේ ඇස පෑදිය යුතුය.එය මගේ වගකීමද වනු ඇත.සිහල රට පුරවැසියෙක් ලෙස මාගේ යුතුකම පමනක් මා කරනු ඇත.

   achinthaishanwaththegama@gmail.com යන විද්‍යුත් ලිපිනයට ඔබගේ අදහස් දක්වන්නේ නම් එය අගය කොට සලකන අතරම.මාගේ දුකාගේ අඩවිය https://dukagekolama.blogspot.com/?m=1බ්ලෝග් ලිපිනයට මෙන්ම ishan wattagama මුහුනු පොතටත් තම අදහස් උදහස් පල කර හැකිය.තවද මේ ලිපි සියල්ල තවත් අයෙකු දානුමෙන් පෝශනය කරීම උදෙසා බෙදා හරින්නේ නම් එය ඔබ කරනා ජාතික වගකිමක් ලෙසත් ඔබගේ යුතුකම ලෙසත් මා සලකන්නේය. සිහල රටේ අප ජාති බේද ආගම් බේද නොමැති සිහලරට තනමු.අතිත සිහල රට නැවත නිර්මානය කොට අපගේ වගකීම අපි නිසි ලෙස ඉටු කරමු.උප නුපන් ජනයාට මෙය උපහාරයක්ම වේවා.


සිහල රටේ අපිට අතීත දැනුම අහිමි කලේ කවුද ඒ ගැන තෙවනි ලිපිය පසුවට කතා කරමු.

......දුකා.....
2019.09.11



ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...