ආත්මාර්ථය......
ගොඩාක් මිනිස්සු ඉන්නව තමන් ගැන විතරක් හිතන.පෙලක් වෙලාවට කියයි මං එහෙම කිවුවහම මේ කර්කශ කරප්ටඩ් සමාජයේ එහෙම නොවි බෑ කියල.ඔවු වෙන්න පුලුවන්.ඔයාල ඒ කියපු දේ උනත් වැරැද්දක් දකින්නෙ නෑ මං.මෙහෙම කියන්න හේතු මොනවද කියල මං කිවුවොත් ඒ කරුනු මොලගෙඩි ඇතුලට දාගෙන කරකෝලම බලන්නකො මං කියන දේ ඇත්තද කියල.මුලින්ම බලමු පොදු දේපල සම්භන්ධ කාරනා.බස් එක අපි උදේ හවස යන ලංගම බස් එක.පිටිපස්සෙම තියන දිග ශිට් එක.පහකට යන්න පුලුවන් විදිහට හදල තිබ්බට මිනිස්සු හතර දෙනයි යන්නෙ වෙලාවකට.මොකද හේතුව අනික් උන් අඩු දඩු දිග ඇරගෙන හතරගාතෙත් උඩට අරන් තප්පලං ගහං.පස්වෙනියට ඉඳගන්න බෑ ඉඩ නෑ.කටක් ඇරල කියල තියනවද ඒ මහත්තය පොඩ්බක් එහාට වෙලා ඉඳගන්න කියල.නෑ නේද ? වෙලාවකට දෙන්න දාන ශිට් එකේ මහත්තයෙක් ජැන්ඩියට ඇඳගෙන තප්ප දෝරුව වගේ ඉඳගෙන ඉන්නව පිරිමියෙක් නැග්ගම කකුල් ඇත් කරල තවත් ඉඩ අල්ල ගන්නව.මොකද ඒ...හැබැයි ඔතනට ගෑනු කෙනෙක් ඉඳගන්න ඇහුව නම් අඩු අකුලගෙන පැත්තකට වෙනව.පස්සෙනෙ ගෑනු කෙනාට දෙන සැප තීරනය කරන්නෙ මහත්තය. වල් කමද ? නොහොබිනා කමද ? වෙනස් මහ සමාජෙ හරි වෙනස්.ජැක්සන්ල බස් එකේ හිරවෙනකොට ඉන්නව මයි.ඒ අය ජක් එක ගහනකොට කවුද ඒ කාන්තා හින්සනේ ගැන කතා කරේ මේ වෙනකං.ඔක තමා අවුල.එලියට ඇදල කන රත් කරන්නෙ නැතුව කර බාගෙන ඉන්න සමාජ ක්‍රමයක් අපේ රටේ තියෙනනෙ.උදේටත් බන අහන හවසටත් බන අහන.ජාතිය හරි වෙනස්.සිංහ ලේ කියල ඇගේ පතේ පුකේ ගැහුවට ඔය හත්තිලවු එක්ක වෙනස් වෙලා නෑ සිංහලයගෙ.වලත්තු ගති වලින් පිරිච්ච කැලෑ වැදිච්ච ලේ තමා හැමෝගෙම දුවනනෙ.ටොපිය කාල කොලේ දාල කුණු ගඳ ගහන පාරවල් වල බැන බැන යන ජාතියක් මේක.නහය හකුලං.හැදෙන එකෙක් හැදෙන්නෑ අම්භල අප්පල නොකිව නම්.පාසලෙන්ම ඒ හොඳ ගති උගන්නන්න බෑ.හිතල බලලම කියන්නකො මං කිවුව මුල්ම කාරනේ දැන් හරිද කියල.ආත්මාර්ථය පෙරදැරි කරගත් පට්ට සිංහල සමාජෙ...
......දුකා.....
Saturday, March 23, 2019
Thursday, November 29, 2018
තරුණ කලා හයිය......
48 වන ජාතික යෞවන කලා සම්මාන උළෙලේදී අපූරු දෙයක් සිදු වුනා.දැනට රජයේ වැඩ බලන ඇමතිවරු පිරිසකුත් මේ උලෙලේ ආරාධිතයන් හැටියට පැමින සිටියේ තරුණ කලා කරුවන්ට සම්මාන ප්‍රධානය කිරීම සඳහායි.නමුත් එහිදී සම්මානලාභී පිරිසක් එම ඇමතිවරුන් අතින් සම්මාන ගැනීම ප්‍රතිශේප කරා.මෙය අහබු සිදුවීමක් බව හුවා දැක්වීමට පෙලක් අයවලුන් යත්න දැරුවද එය සත්‍ය වශයෙන්ම අහබු සිදුවීමක් නොවන බව රූප රාමු පරිශීලනයේදී පෙනෙන්නට තිබුනු කරුනක්.ඔවුන් කියා සිටියේ ජාති වාදය අවුස්සා හෝ රට අරාජික කරනා ඇමති වරුන් අතින් සම්මාන ගැනීම ඔවුන් නොකරන බවයි.කලාවට දේශපාලන හදිසි හස්ත අවශය නැත යන්න බොහෝ දෙනා පවසන කරුනක්. නිර්මානය බිහිවන්නෙ පරිකල්පනය හෝ යම් සිද්ධියක් මත රජයක වැරැද්දක් හෝ යම් කෙනෙකුගේ වැරැද්දක් සමාජ ප්‍රගමනයට රුකුලක් කලා වහරක් තුලින් සිදුවිය හැකීයි. සමහර විට පවතින ගතික ස්වභාව දෝශ දර්ශනයට ලක් වීමක් ද සිදුවිය හැකියි. හුදී ජන මනස පුබුදුවාලන මෙවන් නිර්මාණ ඇගයිමකට ලක් කරනා මෙවන් කලා සම්මාන උලෙලවල් වලට රට ගැන තැකීමක් නොකරන ඔවුන්ගේ බඩ වඩා ගන්නා දේශපාලන බල අධිකාරියෙන් වැඩක් නොවන බවත් ඔවුන්ගෙන් සම්මාන ලැබීමට තරම් තම කලා නිර්මානය හෝ තම පරිකල්පනය හීන නැති බවත් තරුන කලා කරුවන් පෙන්වීමට ගත් වැයම ඉතා අගනා බව පෙන්වා දිය යුතුය.
රටේ උන්නතියට නිර්මානය වු කලා නිර්මාන කිලිටි දේශපාලන බල හස්තයෙන් කිලිටි කර ගැනීමට ඇගයිමට ලක් කිරීම ඔවුන් නොකරන්නට ගත් වෑයම කශේරුකා නැති අයට යස පාඩමක් බවනම් පෙන්වා දිය හැකියි.කලා කරුවා කාගේ හෝ දේශපාලන අත කොලුවක් නොවිය යුතුය.කාගේ හෝ කොට්ටය මතට ඔඩොක්කුවට නොවැටිය යුතුය ඔවුන් තම නිර්මානයෙන් රටක් තනන්නට වැයම් කරන්නෙද එය දේශපාලන හෝ වේවා සමාජ හෝ වේවා සංස්කෘතික හෝ වේවා වැරැද්දක් පෙන්වා දෙන්නෙ නම් අප ඔවුන්ගේ එම ප්‍රතිපත්තිය ගරු කල යුතුය. තරුණ කලා කරුවනි ඔබට රටක් තනන්නට තරම් කශේරුකාවක් ආති බව ඔබ ලොවට පසක් කර ඇත.දේශපාලණය නම් විනය හැම විශයකටම රින්ගූ මෙවන් අවදියක කලාවට දේශපාලනය අවැසි නැති බව පෙන්වීමට ගත් උත්සාහය දුකාගේ කොලමින් මෙසේ පසැසුම් ලබන්නේය....
........දුකා ..........

Monday, October 15, 2018
රස වින්දනේ....
භාෂාව රටක ජීවනාලිය. දෙවන ලෝකෙ රටවල් වල වෙච්චි තුන්වන ලෝකෙ රටවල් වෙච්චි කන්න බොන්න නැති රටවල් වෙච්චි ඒ රටවලත් භාෂාවක් තියනව ඒ වගේම සාහිත්‍යයකුත් තියනව.ඒ තමා රටක උරුමය.රටක භාෂාව රටක ජීවනාලිය කියන්නෙ ඒකයි.හැබැයි පුතාල අපේ රටේ භාෂාව වෙලාවකට හිතෙනව රටේ උන් වලඳනව කියල.ඒ මදිවට පහරනව භාෂාව උඩ.තේරුමක් නෑ බොලං අපේ රටේ උන්ට. ඒ තරං අපේ රටේ භාෂාව වලඳනව. මේ කතාව මට කියන්න නිධාන කතාව උනේ අද උදේ වෙච්චි දෙයක්.ඔන්න ඒ කතාවත් කියන්නම්කො නැත්තම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති වේවි.
නිධාන කතා වස්තුව මෙන්න මෙහෙම පටං ගන්නම්.
උදෑ නැක්කෙම බස් එකට නැගල හරි බැරි ගැහිල ඉඳගෙන ඇහැ පියා ගන්න එක මට දැන් හරි සැප වැඩක්.මොකද බස් එක වෙලාවකට අපි වගේ අයට තොටිල්ලක සුව දෙන තැනක්.සැප නින්දට වඩා කැඩි කැඩි තමා නින්ද යන්නෙ ඉතින් ගල් මුල් වලින් මහ වලවල් උඩින් බස් එක යන කොට ඔලු ගෙඩිය ඩිග් ගාල වැදෙනකොට ඇහැරෙනව තමා හයිලෙවල් පාර කියල නභ තිබ්බට ඒකෙ ඒ කාලෙ තිබ්බ ලෙවල් එක අද නෑ.මොනව උනත් බැරි බැරි ගාතෙ වකුටු වෙලා නිදා ගන්න එකේ සැප අපි වගේ අයට මහ මෙරක් පොඩ්ඩක් හරි.
කට්ට කුමන්ජල් අල්ලල සුක්කානම අල්ලල වැඳල දෙවියො වැඳල හෝන් එක තුන් පාරක් ගහල බස් එක පාරට දානව මතකයි රියදුරු උන්නැහැ මං නිදි...ඔන්න ටිකක් දුර යනකොට සල්ලි ගත්තනං කියල කන ගාව කෑ මොර දෙන කොන්දොස්තර උන්නැහැ හින්ද අතේ ගුලි කරන් හිටපු පාවෙන රුපියල් සිය දික් කරල ටිකට් එක සාක්කුවේ තැන්පත් කොරල ආයෙ හරි බැරි ගැහිල නිදයන එක තමා මගෙ රාජකාරිය ඉතින්.නුගේගොඩ බහින්න කියනකං මං කුකුලු නින්දෙ.
ඔය දැන් තියන බස් වල තියන දේවල් ගුවන් යානා වලත් තියනව ඒ තරම් අපේ පාරෙ බස් සැපට හදල තියෙන්නෙ රූපවාහිනි යන්තරයක් මහ සද්දෙට හඬ තලන වෑර්ලස් එකක් දුරකතන ආරෝපනය කරන්න තැන් උනත් දැන් අපේ පැත්තෙ බස් වල තියනව.මේ බස් එකෙත් එහෙම සැප තියනව.මොකද ගිතයක් මහ හයියෙන් දාල භාගෙට නටන හොටු පෙරන් නටන බඩ ගෙඩි කල ගෙඩි වගේ වනන ඕපන් ශෝ ඩාන්සින් ටීම් ඩී.වි.ඩි පටයක් දාන එක දැන් බස් වල යන අයට වින්දනේ ගේනව.හැබැයි ඉතින් බස කන හොටු පෙරන් එයා මාව දාල ගියා ඇයි රත්තරන් මාව දාල ගියේ කියන ගිත සාහිත්‍යයක් තමා බස් වල ලවක් දෙවක් නැතිව ඇහෙන්නෙ.පට්ට මහාචාර්ය කෙනෙක් නම් කියයි ඔය අරුත් සුන් ගීත කියල.නැත්තම් යන්නෙ මලෙන් පටන් අරන් අසන්නන්ට මල පාත් වෙන සින්දු.වෙනම බස් කල්ට් එකක් තියෙන්නෙ.ගීතයෙත් එහෙමයි බස් රස්සාවත් එහෙමයි ඔකට මං කියන්නෙ උප සංස්කෘතිය කියල.බස් උප සංස්කෘතිය.
මොනව උනත් දාපු ගිත ටික හින්ද නින්ද අහලකට එන්නෙ නෑ වගේ මොකද හරි බැරි ගැහිල මං ඉඳගෙන තියෙන්නෙ බපල් කටක් මුල.කන් පිරෙන සද්දෙ.බීරි අලියෙක් වත් නිදා ගන්න එකක් නෑ ඒ සද්දෙට මයෙ හිතේ.පින් ලිඳවල් වගේ බුරි පෙන්න පෙන්න නටන ලියන්ගෙ අනඟ රැගුම් තමා රූප පෙට්ටියෙ දුවන්නෙ.ඔන්න වැටෙයි මෙන්න වැටෙයි කියල හිතෙන ඇදුම් ඇඳන් නටන්නෙ වයසක උන්දැල කට ඇරන් බලන්නෙ අවිස්වාස ඇදුම් කැඩුම් දිහා.මාත් බලන් ඉතින් ඒව නින්ද නැති නිසා...
පිලි ගන්න වේදිකාවේ සේනානායක වෙරලියැද්ද...අත්පොලසන් එක්ක හූ...
දඩං බඩං ඩොන් තප්පුව....වෙරලියැද්ද මහත්තයගෙ බර හඬ...පෙරුම් පුරාගෙන ආ සංසාරේ....කොල්ලො කුරුට්ටො නැටුම් තෙල් තොල ගා ගත්ත උන් සුරුට්ටු උරපු උන් හෝසෙට නැටිල්ල..ඈ යකෝ ඒ ගිතෙටත් උන් නටනව.කොච්චියේ හැප්පිච්ච එකක් නේද මේ කියන්නෙ.ගීතයක් තේරුම් ගන්න බැරි රසවින්දනයක් නැති උන්ද රටේ ඉන්නෙ.මට එහෙම හිතෙනව.
පෙරුම් පුරාගෙන ආ සංසාරේ ...
පැතුමද සුනු විසුනුව වැටුනේ....
ඒකිට ඒකිකො ඌට මොන තරම් පැතුම් තිබෙන්නට ඇද්ද ආදරෙන් තුරුලු කරගත් ආදර වන්තියො ආදර වන්තයො කොතරම් පැතුම් පතනවද පෙලක් උන් රොකට් නැතුව හඳට යන්නත් පැතුම් පතන කාලයක්නෙ මේක.ඒ හිනද මේ සුන් වෙලා යන්නෙ...ඔකනෙ මේ ගිතයේ මේ පද මාලාවෙන් කියන්නෙ.මගෙ පුංචි මොලේට හිතුනෙ ඒක....
කාටද රිදුනේ කවුරුද හැඬවේ
දුම්රිය මොහොතක් නතර උනේ....
අනේ අපොයි කියල හිත හදා ගන්න රටේ දදුම්රයට පනින උන් එමට පැන්සලක තුඩ කැඩුනත් දුම්රියට පනින සමාජයකනෙ තියෙනනෙ.ඒක දැන් සාමාන්‍යයි.ඒ නිසාද ගීත රචකය මේක ලිවුවෙ. නෑ කාටද රිදුනේ කවුරුද හැඬුවේ. කොච්චියට රිදුනෙත් නෑ යන උන්ට රිදුනෙත් නෑ.ඒත් රිදෙන්න ඇති අම්මට තාත්තට ඒකිගෙ හරි උගෙ හරි.නැත්තම් තමන් එක්ක දහසක් හින දැකපු ප්‍රේම වන්තයට හරි ප්‍රේම වන්තියට හරි රිදෙන්න ඇති.ඒකයි කියන්නෙ...මට තිරෙන විදිහට.ඒත් ඉතින් අරුන් තාම නටනව.
මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමන වේ
දොලක් වගේ දිය දෝත වගේ..
ජීවිතයම අම සිසිල දැනේ...
ගිත රචකයා කියන්න දඟලන්නෙ මොකක්ද මලක් වගේ ජීවිතේ මුකුලිත වෙනව පර වෙනව අනිත්‍ය ගැන කියන්නෙ.නමුත් ජීවිතේ කියන එකේ සුවය ලබන්න පුලුවන් වීර්ය තියෙන්නෙත් අපටමයි කියන එකයි කියන්නෙ.දොලක ගලා යන වතුර අපි අරගෙන ටිකක් වෙලා ගිහින් දොලෙන් ආපහු වතුය ගන්නකොට ඒ වතුරම නෙවෙයි තියෙන්නෙ වෙනස් වෙනව.ඒ වගේ ජීවිතේ දුකත් එනව සැපත් එනව කාලෙන් කාලෙට.සිසිලත් දැනෙනව රස්නෙත් දැනෙනව.ඒ ජිවිතේ හැටි කියන එකයි ගීත රචකය කියන්න දඟලන්නෙ.... ඒක නොතේරෙන උන් පන කඩං නටනව...
වරක් නෙතඟ කඳුලක් පිරීනාදෝ..
සිතට දරාගනු බැරි දුක් වීදෝ..
කඳුලැලි එනව දුකේදි..සිතට දරා ගන්න බැරි දුකේදි ඇත්තටම ඔබ කෝච්චියට පැන්නෙ එහෙම දුකක් වත් ඇවිල්ලද ප්‍රශ්නයක් ඒක.මොකද අහන්නද මල මිනී වලට කතා කරන්න බෑනෙ ඒක ගැනයි කියන්නෙ...ඒත් ජවුසම් පාලියට නටනව කට්ටිය...කොන්ඩෙ කඩාගෙන බෙල්ල කඩාගෙන..
දිවිය මොනතරම් සුන්දරදෝ...
දුකම කොයි තරම් සතුටක් දෝ..
ඔයා දන්නෙ නෑ මෙහෙම අකල් මරනයක් කර ගන්න නෙවෙයි ජීවිතේ තියෙන්නෙ ඒක මාර සුන්දරයි.දුක විඳපු එකා දවසක තැනකට ආවහම පාරම් බානව ආපස්ස හැරිල බලල තමන් ආපු ගමන ගැන. ඒ දුක දැන් දුකක් ඒත් පස්සෙ සතුටක් වෙනව කියන එකයි කියන්නෙ.ඒත් ඉතින් දෙයියනේ ඒක දන්න උඹ මොන රෙද්ද්දටද කොච්චියට පැන්නෙ කියන එක අහනව ගීත රචකය.
ඒ නිසා තමයි කියන්නෙ අපේ රටේ භාෂාව තේරුම් ගන්න කියල හැම ඉලවුවටම නටන එක නවත්තල තේරුම දැනගෙන වැඩ කරන්න ඕනෙ.නැත්තම් ගීත සාහිත්‍යයත් රටේ භාෂාවත් ලඟදිම කෝච්චියට පනීවි.
රසවින්දනය උදෙසා ඒ ගිතය මං දාන්නම්.එතකොටවත් උසස් රසවින්දනයක් ඔබට ඇති වේවි.
දැන්වත් හැම හත්තිලවුවටම නටන එක නවත්තපල්ල.
...... ඉෂාන් නොහොත් දුකා .......
Saturday, October 6, 2018
ප්‍රශ්න......
විටක අපිට ඔලුව උස්ස ගන්න බැරි තරම් ප්‍රශ්න.එකක් යනකොට එකක් පෝලිමට ප්‍රශ්න. රස්සාවෙ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න.වෙලාවකට වැස්සොත් ප්‍රශ්න වෙලාවකට පෑවුවොත් ප්‍රශ්න.කරත් ප්‍රශ්න නොකරත් ප්‍රශ්න.හෙම්බත්වෙලා මිරිකිලා ඇකිලිලා ප්‍රශ්න වලින්.වෙලාවකට දිනුවත් ප්‍රශ්න පැරදුනත් ප්‍රශ්න.ගොඩ යන්න නම් මේ ප්‍රශ්න ඇති ලොකෙට මුන දෙන්නම වෙනව.සතුටින් ඉන්නකොටත් කොහෙන් හරි සතුට නැති කරන ප්‍රශ්නයක් එනවමයි.
ලොක්කො වෙච්ච උනුත් පට්ට චූන් එකේ ඉන්නවනෙ උන්ට නැද්ද ප්‍රශ්න.වෙලාවකට එහෙම හිතෙනව අපිට.නැත්තම් නාන්න සල්ලි තියන උන්ට නැද්ද ප්‍රශ්න.ඒවත් ඉතින් අපිට ප්‍රශ්න තමා.මචං දැනගනිල්ල අපිට සල්ලි නැති ප්‍රශ්නය විතරයි තියෙන්නෙ උන්ට ඊට වඩා ප්‍රශ්න බං.වියදම් කරන්නෙ මොකටද ප්‍රශ්න.සල්ලි රැක ගන්නෙ කොහොමද ප්‍රශ්න මචං උන්ට.හොර හතුරො එයිද ප්‍රශ්න මචං.
ලොක්කන්ට තියන ප්‍රශ්න තමා ලොකු ඉවෙන්ට් එකක් තියනව කට්ටිය නැතිවෙයිද ප්‍රශ්න.හරියට කර ගන්න බැරි වෙයිද ප්‍රශ්න මචං.උනුත් මිරිකිලා ඉන්නෙ ඒත් ඉතින් අපිට පේන්නෙ උන්ට එහෙම අවුලක් නෑ කියල.සැපට ඉන්නවනෙ.අපි ඒකත් ප්‍රශ්නයක් කරගෙන.
මචංල මේ දවස් වල මං ඔය මට තියන ප්‍රශ්න ගැන වැඩිය හිතන්න යන්නෙ නෑ.රස්සාව නැති උනත් වැඩිය හිතන්න යන්නෙ නෑ.ලොක්ක බැන්නත් හිතන්න යන්නෙ නෑ.බීරි අලිය වගේ ඉන්නව.එතකොට ලොක්කො වීනාව වයල වයල හති වැටිල අත හරිනව ඌට කියල වැඩක් නෑ කියල.මචං උන් බනින්නෙ උන්ටත් ලොක්කො බනින නිසා මචං.මොකද උන්ට අපිට වඩා ප්‍රශ්න.
නොන්ඩි වෙනව උන් අපිට වඩා උනගෙ ලොක්කො ඉස්සරහ.කරන්න බැරි දේ දිගට හරහට කියල කියල පොර වෙන්න දඟලල අන්තිමට හොට බිම ඇනගත්තහම උන් අපිට බනිනව කරපං කියල.අපි කොහොම හරි චරහම උන් ලකුණු දා ගන්නව අපි කරපු වැඩේ උන්ගෙ ලොක්කන්ට පෙන්නල.ඉතින් ලොක්කො උන්ගෙ ඊලඟ පාර උන්ට දෙනව කරන්නම බැරි වැඩක් අපිත් කරනව.ඒත් මචංල එහෙම අනුන්ගෙ ප්‍රශ්න අපේ ඔලුවලට දාගෙන අපි ඒ වැඩේ කරන එකෙන් ඇති වැඩක් නෑ.මොකද අපිට හම්බුවෙන මල ඉලවුවක් නෑ.අපි හැමදාම උන් ඉස්සරහ මැරෙනව.ඔකයි මචංල රට ඉස්සරහට යන්නෙ නැත්තෙ.එක තැන.
අලුත් අදහස් තියන උන් තේ ගහේ දලු කඩනව වගේ සතියට සැරයක් කඩනව.උන්ට ඕන විදිහට ගහ හදාගන්නව වගේ ටිකෙන් ටික අපි හදන්න බලනව.මොකවත් කර ගන්න බැරි පින්ගුත්තරයො ඒ විදිහට හැදෙනව ඒත් මචංල එහෙම ඕනෙ නැති උන් අනේ ලොක්කො පස්ස නම් උස්සන්නෑ කියල කට උල් කරල කියල උන්ගෙ විදිහට ඉන්නව.
ඒත් ඉතින් එහෙම ඉන්නෙ අතලොස්සයි ඈ.අද මෙහෙම වෙනව හැම තැනම හැම ආයතනයකම.මානව සම්පත් කලමනාකරනය කරන උන් හිතනව උන් තමා පොරවල් කියල.ඒත් මචංල උන් කරන්නෙ ලොක්කගෙ ගෙදර වල් ගලෝන එක නැත්තම් කාර් හොදන එක.නැත්තම් මල් වලට වතුර දාන එක.හැබැයි සිංහ සෙයියාව තමා අපිට පෙන්නන්නෙ.මචංල අපේ ඔපීසියේ එච්.ආර් මැනෙජර පට්ටම තියන එකා ගාමන්ට් කෙල්ලන්ගෙ කුඩ පාරවල් කාල තමා ආවෙ.ඌ ඒ කියන්නෙ මානවයා සැපටම හසුරවන ඩයල් එකක්.ඒකනෙ මානවයා සැපක් දීලම පන්නල තියෙන්නෙ.
මොන රෙද්ද උනත් ඇඳි වත ගිලිහි නොයන්න වැඩ කරනව නම් කිසි ගින්නක් නෑ.බෑ කියන්න ඕනෙ වගේම නෑ කියන්නත් ඕනෙ.නැතුව වසන්න බෑ.ඔන පුකක් ප්‍රිති වෙසක් කියල හිටියොත් වෙන වැඩේ පට්ට අවුල් එහෙම ඉන්න බෑ.රස්සාවල් ඕන තරම් තියනව කරන්න හොයා ගන්නත් තියනව.එහෙම නෑ කියන්නෙත් අපේම ලොකු පුටු වල උන්ම තමා.මේක නැත්තම් ඒක වැඩ පුලුවන් එකාට.ඒත් පන්දම අල්ලල පස්ස උස්සල ඉන්න උන්ට එහෙම බෑ.උන් ටිකට තුන් ලෝකෙම රස්සා හිඟයි.
...... දුකා ......

Saturday, September 29, 2018
මුදල් පාලනේ........
මුදල් පාලනේ .......
සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං කට්ට අවුවෙ වැඩ කරල හොයපු සොච්චම මාසෙ අන්තිම වෙනකොට බහිරවය ගිල්ල වගේ වාශ්ප වෙනව නම් එක්කො දුක් විදින තරම් පඩියක් නෑ නැත්තම් උඹල වැඩ චරල නෑ පඩියක් ගන්න තරම්.නැත්තම් හම්බු කරන ඒවට වඩා උඹල වියදම් කරනව.හා නැද්ද.ශොප්න් කයන්න ඕනෙ ලස්සනට අදින්න ඕනෙ නැත්තම් හිඟන්න වගේ පේයි කියල උඹල බයයි නේ.රැවුල කපන්න ඕනෙ කෙල්ලෙක් නම් පේශල් එකක් කරල සැලෝන් එකට ගිහින් කොන්ඩෙ හදා ගන්න ඕනෙ ඩයි පාරක් දාන්න ඕනෙ.නැත්තම් ඇඟ කට් කර ගන්න කියල දහසින් බැදි පියලි පුදන්න ඕනෙ අතිරේක ආහාර වලට නැත්තම් විටම්න් වලට.මාසෙකට සැරයක් වත් හෙම්බිරිස්සාවක් උනක් ඉතින් හැදෙනවමයි.ඩොකා නොදැක්කොත් මාසයක් කෑවෙ නෑ වගේ සීන් එකක් නේ තියෙන්නෙ.ඒක තමයි මන් දන්නව.පොත් කියෝන මාසෙ හින්ද සොසයිටි එකට පේන්න බී.එම්.අයි.සී.එච් පැත්තෙ බඩ ගාන්න ඕනෙ.මල පොතේ අකුරක් නොදන්න එකත් පොත් ස්ටේටස් එකට පරිහරනය කරන බුවාලත් රිංගනවනෙ නිකං හරි.පෙලක් උන් මැගී එකක් කාල පොත් බලල එන්න යන උනුත් ඉන්නව බී.එම්.අයි.සී.එච් යන.ඒක දැන් ට්රෙන්ඩ් එක.
රුපියල් විසිපන්දාහක මාසික වාටුප තියන එකත් මාසෙට ඇදුම් දෙකක් නැත්තම් තුනක් ඉතින් ගන්නවම තමා.ඒකත් ලාබ තැනින් නෙවෙයි පමුනුවෙන් උස්සගෙන එන ඒවත් බෝනික්කන්ට අන්දල තියන ලොකු ලොක්කො යන සීතල පැශන් පැලස් වලට රින්ගල ගන්නෙ නැත්තම් ගතියක් නෑ.සොසයිටි එකෙන් කොන්වෙයි කියල බයයි.පැශන් පැලස් එක ඇතුලට ගිහින් බුකිය පිරෙන්න පොටෝ අප්ලෝඩ් කරන එකත් දැන් පැශන් එකක්.ඒ විතරක් මදි.ඇදුම් අරන් එනකොට ඩිනර් අවුට් එකකට නොගියොත් ඒකත් අවුල්.කූල් එකක් හරි තොල ගාන ගමන් සෙල්පියක් ගහල බුකි ගත කරන්න ඕනෙ නැත්තම් පජාතයි නෙ.දැන් උන්ගෙ මොල හැදිල තියෙන්න එම.මාත් ඇතුලුව.නුවරු එහෙම නම් අපිත් කොන් වෙනව ඒම නොවුනොත් ඈ.ඒත් ඉතින් වැඩේ කියන්නෙ මාසෙ අන්තමා අත මාරු ඉල්ලන උන් වැඩි වීම.යකෝ ඇගිල්ලෙ තරමට ඉදිමියල්ලකො බොල කියල කියන්න හිතෙන්නෙ එතකොට තමා.මොනව හරි කරදරයක් ඇති උනොත් ඌ ගාව පිච්චිය නෑ.ඒත් ඉතින් ආතල් ගන්න ඕනෙ ඉදිරිය ගැනත් පොඩ්ඩක් හිතල. කීය කිය හරි දාපල්ල තියන පොතක දෙකක.මොකද මොන ගිනි ගෙඩි පාත් වෙයිද කියල කවුද බොල දන්නෙ.
පොලට ගිහින් පොරි පැකට් එකක් රුපියල් විස්සක් දිල කන එකා film එකක් බලන්න ගිහින් කන්නෙ පොප් කෝන් කියල ජාතියක් ඒක ගාන වැඩි.ඒත් ඉතින් මොලේ තියන එකා පාර අයිනෙන් පොප් කොන් එකක් අරන් යනව film එක බලන්න යනකොට.කෑල්ල අවුල් ගනී කියල හිතනව ඇති එහෙම කරොත්.නෑ බං බැඳලත් ඉන්න ඕනෙ උඹල දෙන්නනෙ කතා කරල විසඳගනිං ඒව.නැත්තම් බැඳල ගෙනාවට පස්සෙ හඳ ඉල්ලුවත් බැදල ඒකත් හදල දෙන්න වෙයි උඹලට.ලීස් කරල ගත්ත වාහනේ ලීස් එක ගෙවන්න බැරුව හිඟා කර බුවෙක් දැක්ක මේ ලඟදි කොච්චියේ.මාර වැඩේ කියන්නෙ ඌ වාහනේ ගත්තෙ අපිට නැගල යන්න වගේ සල්ලි එකතු කරන්නෙ.දරුවට කිරි පිටි පැකට් එකක් ගන්න ඕනෙ කියල දැලි රැවුල වත් නැති තාත්තෙක් දවසක හිඟා කනව භං වැඩ ඇරිල එනකොට.අපි දරුවො හදල තියෙන්නෙ ඒකනෙ අපි දෙන්න ඕනෙ කිරි පිටි ගන්න සල්ලි.ඔන්න වැඩේ බ්රෝ.ඒ ඔක්කොටම අපි පලි.සොසයිටි එක කයප්ටඩ් බ්රෝ ඒකයි.වැල යන අතට මැස්ස ගහන ගොඩක් උන්ට කෙලවෙන්නෙ ඕක තමා.ඉපදුන වැරැද්ද.තව කල් යනකොට ටෙලිපෝන් බිල ඉන්ටනෙට් බිල ගෙවා ගන්න බෑ කියල හිඟා කන හිඟන පැටවු පාරෙ ඉදී.ඒ තමයි රටක් දියුනු වෙනව කියල කියන්න පුලුවන් ම්නුම් දඬු.
ඩැඩාගෙ පඩිය තිස් දාහයි පුතාගෙ සපත්තු විසිදාහයි ගෙදර උන් හතර දෙනයි දහ දාහෙන් මාසෙම යැපෙන්න ඕනෙ ඉතින් ඕකයි අවුල.මුදල පරිහරනය කරන්න දන්නෙ නෑ.සල්ලි දෙයියන්ගෙ මල්ලිලු.එහෙම කියන්නෙ ඇයි දන්නවද කවදාවත් දෙයියෙක් දැකල නෑ පියවි ඇහැට ඒකයි මුදලුත් පියවි ඇහැට හරියට බලන්න අමාරුයි භේ තියනව මේ නෑ.
පරිනාමනේ මලේ.ගෙදර උන් හතර දෙනාම වැඩ කරලත් මදි නයක් ගන්නම වෙනව මාසෙ අන්තිමට.මොකද පරිහරනය කරන්න දන්නෙ නෑ.හැමෝටම තමන්ගෙම හීන තියනව ඉතින්.ඒව ඇත්ත කරගන්න පට්ට වියදමක් යන්නෙ.අදින්න ඕනෙ කන්න ඕනෙ ආතල් ගන්න ඕනෙ ඒත් ඉතින් තභ තමන්ගෙ හැටියට කරනවනම් තමා මරු ප්ලෑනක් එක්ක එහෙම තමා විය පැහැදම් කරන්න ඕනෙ නැත්තම් වෙන්නෙ ඉතින් ගෙල වැලලා ගන්න.
මේ ලඟදි අපේ එහා ගෙදර ඇන්ටි තකහනියක් දුවනව හැල්මේ.මොකටද කරදරයි ලු එයාලට මුදල් අතින් වෙලාව බලා ගන්න දුවනව.මං නිකමට වගේ ඇහුව කීයක් ගන්නවද කියල වෙලාවක් බලන්න එක්කෙනෙක්ගෙන් දෙදාහයි සත දහයයි ලු.ඔප්පු මිටිය වගේ විලා පත්කඩ හතරක්ද කොහෙද තිබ්බ ඒ ඇන්ටි අතේ.අටදාහක් පුදන්න යනව වෙලාව බලන එකාට.සල්ලි හිටින් නැහැල්ලු ඒත් වෙලාව බලවන්න අට දාහක් දෙන්න පුලුවන්.ඉතින් බන් සල්ලි නැද්ද ඈ.මුදල වියදම් කරන්න හරිහැටි දැනගන්න පන්ති නෑ ඒක දැන ගන්න ඕනෙ තමන්ම තමා.ඕක නොදන්න එවුන්ට තමා කියන්නෙ කාල කන්නි කියල.......
... දුකා ......

Friday, September 28, 2018
ඔන්න මලේ වැඩේ.....
ගොඩක් උන්ට තියන අවුලක් තමා තමන් සාර්ථක නෑ කියල හිතෙන එක.ඌට තියනව මට නෑ.මොකක්ද මේ ජීවිතේ.සතුටක් නෑ බ්රෝ..සල්ලි නෑ මචං.ගෙදර උන්ට මාව තඹේකට වටින් නෑ නෙ.යාලුවො ඉස්සරහ මං කිච පච වෙනව විතරයි.ඒක මට එපා වෙලා.දුවනව විතරයි බං කිසි ගතියක් නෑ මේ ජීවිතේ.මං මොකෙක්ද බං වෙලාවකට රෑ වැඩ වෙලාවකට දවල් වැඩ කොච්චර කරත් ඕන වෙලාවක සල්ලිත් නෑ සතුටකුත් නෑ ඔන්න මේ ලෝකෙ ගොඩක් කට්ටිය හිතන විදිහ.මේ තත්වෙ මටත් තිබ්බ මචංල.මාත් උඹල වගේම පිච්චිය අතේ නැතිව කාලෙ කාපු කාලයක් තිබ්බ.මටත් උඹලට වගේ අවුල් කෝටියක් තිබ්බ. ගැටලු එමට තිබ්බ.ඒත් මචංල මට තේරුම් ගියා ටික ටික.මං ඒ ඉලවු කර තියන් දුක් විදිනව විතරයි කියල.මට තිබ්බ බෑ කියන්න බැරි අවුලක්.ලෝක්කො වැඩ දෙනව මං ඕන ඉලවුවක් කියල හා කියනව.පෙලක් උන් අයිස් ගහනව පෙලක් උන් මැරෙනව හැමදාම උනේ ඕක.ලොක්කො කපටි බ්රෝ...උන්ට බැරි දේත් අපිටම පටෝනව.මුලින්ම මං ඉගෙනගත්ත බෑ කියන්න නෑ කියන්න.පෙලක් උන් කියයි එහෙම කිවුවොත් ඒක රස්සාවට හොඓ නෑ කියල.නෑ බං රස්සාව කරන්න ඕනෙ තමා ඒත් මචං තමන්ගෙ පෞද්ගලික නිදහසත් ඕනෙ නේ.හිතන්න උනත් නිදහසක් ඕනෙ නේ.අන්න ඒක නැතිවෙනකොට තමා එපා වෙන්නෙ රැකියාව.මං දැන් නෑ බෑ කියනව.මොකද උන්ට මාව ඕනෙ නම් ඒ නිදහස උන්ට දෙන්නභ වෙනව.නැතුවම බැරි බුවෙක් වෙලා එහෙම ගේම ඉල්ලන්න පුරුදු වෙයන් නැත්තම් උන් උඹට කාසි නොදීම ගෙදර යවයි.
දෙවනි කාරනාව තමා මාසෙකට සැරයක් හරි තමන් කැමති දේ කරපං.කෑල්ලත් එක්ක කොහේ හරි පලයන් එක්කො...පන්සලකට උනත් කමක් නෑ බ්රෝ...නැත්තං තනියම හරි ගිහින් film එකක් බලපං.නැත්තම් dvd එකක් හරි ගෙනත් බලපං.ඒකට වෙලාව හදා ගනිං.හොඳ පොතක් බලපං සතියකට සැරයක් හරි.මොලේට කන්න දිපං තොපිව අනික් උන්ට කන්න දෙන්නෙ නැතිව.විඳවන්නෙ නැතුව විඳපං ජීවිතේ.කරලම බලපං.
තව දෙයක් මොන රෙද්ද කරන්නත් තමන් සතුටින් ඉන්න ඕනෙ.අනික තමා ශරීර සෞඛය ගැනත් හිතන්න වෙනව.තෙල් තට්ටු තියාගෙන පිටි බෝල වගේ වෙලා මොකටද මචං අඩියක් යන්න බැරුව හති වාටෙනවනම්.ජිම් එකක් හොයා ගනින් යකඩ හරි කන්න.නැත්තම් ඒකට දෙන්න සල්ලිය බාගෙ නැත්තම් වත්ත පිටිය උදලු ගාපන් දාඩිය දාන්න ඇඟට.නැත්තම් ඇලක ගඟක බැහැල පීනපං එහෙට මෙහෙට පොඩ්ඩක්.මොකද ලොක්කො අපේ ලෙඩ ගැන හොයන්නෙ නෑ උන්ට ඕනෙ රීරී මාන්සෙ උරා බොන්න.මට වටිනවනෙ මාව නේ.ඒ නිසා ඒ ගැනත් හිතපං.
අනික තමා ඇදුම මාසෙකට සැරයක් හරි එකක් ගනින්.ජංගියක් ගත්තත් අවුලක් නෑ මොකද පිට ඔපේන් උබේ ගොඩක් දේවල් මනිනව රට්ටු.අනික පොඩි ආත්ම විශ්වාසෙකුත් එනවනෙ ඕන තැනකට බහින්න පුලුවන් කියල පොඩි ආඩම්භරේකුත් එක්ක.ඒක වටිනව ඉතින් ජීවිතේදි.
අනික් කාරනේ තමා බුකියෙම දපන් නැතුව ටිකක්මතමන්ගෙ උන් ගැනත් බලන එක.මහ උන් කෑවද කියලත් බලපං.මොකද ඔය බුකිය අස්සෙ ඇත්ත අම්මයි තාත්තයි ගෑනියි නෑ නෙ.ඒ නිසා සභාජෙ වගේම තමනගෙ වටේ ඉන්න උන් ගැනත් ඇහැ ගහගෙන හිටපං.පෙලක් උන් අහයි මේව කරන්න කෝ වෙලාව කියල.අම්මප පුතා මුලදි මටත් හිතුන උන් කියයි කෝ වෙලාව කියල.ඒත් මං වෙලාව හදා ගත්ත ඒකට ඉතින් පොඩි රැඩිකල් වැඩ ටිකකුත් කරන්න ඕන උනා.පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්නත් ඕන උනා.පොඩ්ඩක් විතර කපටි වෙන්න වගේම නෑ බෑ කියන්නත් ඕන උනා.ඒත් දැන් වැඩේ ගොඩ පොඩි ප්ලෑන් එකකට දැන් ජීවිතේ ගරනව ඉතින්.....අපි නැවත හමුවෙමුකො චැට් එකක් දැන්න.දැන් මට වෙන වැඩකට යන්න වෙලා.කරල බලල බැනල හරි පොඩි කමන්ට් එකක් දාල පලයල්ල නැත්තම් අවුල් ඉතින්..ජය වේවා...
....... දුකා ..........

Wednesday, September 26, 2018
අභිනිෂ්ක්‍රමණය
මම බුකියෙන් අභිනිෂ්ක්‍රමණය විම ගොඩක් උන්ට ප්‍රශ්නයක්.ඒත් මචංල එහෙම වෙන්න හේතු ගොඩක් බලපෑව.ඇත්තටම කිවුවොත් මං ඒ ඉලවුව පරිහරණය කරන්න දන්නෑ.අනික තමා පට්ට විදිහට කාලය නාස්ති වීම.උදේ පාන්දර නැගිටල අත පත ගාල හොයල හොයල දුරබනුව අරන් ඉස්සෙල්ලම කරන්නෙ බුකිය පැත්තෙ රවුමක් යන එක..දන්නෙම නෑ ඇටි කුකුල බුක් ගෑමත් නතර වෙලා රිවි කිරන බර සාරෙට බිමට වැටෙනකොට තමා බුකිය අස්සෙන් ඔලු ගෙඩිය උස්සන්නෙ..ඉතින් වැඩට යන්න පට්ට පරක්කුයි.දත කට බාගෙට මැදගෙන තියන ඉලවුවක් ඇඟ වටේ ඔතාගෙන දුවනව ඔපිස්..ඔන්න ඉතින් ඔපිස් ගියා කියමුකො.ලොක්කන්ගෙ මූනු දෙබරු ඇනල වගේ කියපංකො.දේශපාලුවොන්ගෙ චන්ද පොරොන්දු වගේ මහ බොරු කන්දරාවක් පත බාන්න ඕනෙ ලොක්කො අස්සෙ ඉතින් පමා විමට කාරනාව විදිහට..දැන් කියන්න බොරු නෑ ඒ නිසාත් බුකියෙන් එලි බහින්න ඔන්න එකත් කාරනාවක් උනා.
තව කාරනාවක් තමා අනුන්ගෙ දුක් තමන්ගෙ කරගෙන දුක් විදිල්ල.ඛුකියෙ ඉතින් නානා විදියෙ දුක් ගැනවිලිනෙ තියෙන්නෙ කෙල්ල තරහ වෙලා කොල්ල අත කපාගෙන නැත්තම් යකඩ යකාට බෙල්ල තියන්න ගිහින්.ඕන් නැත්තම් සසර කලකිරිල පිලිකුල් භාවනාව වඩන්න පුලුවන් ඇටකටු පනු ගුලි උදේම බුකියෙ.ඕන් නැත්තම් දේශපාලුවෙක්ගෙ කියපු කතාවකට කාටුන් එකක් ඇඳපු අත් වැඩ කාමරයක් කරගෙන බුකිය.ඉතින් උදේම අටලෝදහමින් කම්පා වෙලා තමා නැගිටින්නෙ.නැත්තම් හෙලු වැලි කෙල්ලෙක්කගෙ ලොට තන් දෙකක්.සසර කලකිරෙනව භොහොතකට.ඉතින් ඕව ඔලු ගෙඩියෙ පැලපදියම් උනාම කොහොමද කරන්න තියන වැඩක්වත් කොර ගන්නෙ.බුකි ඩිලිට් එකට ඔන්න ඔය සීන් කෝන් එකත් කාරනාවක් උනා.විශේෂම දේ තමා තමන්ගෙ උන් වෙනුවෙන් පාවිච්චි කරන්න තියන වෙලාව මේ ඉලවුව හින්ද නැති වීම. අන්ද මන්ද වෙනව මලේ එහෙම උනාම.අම්මල තාත්තල අහන ප්‍රශ්න වලදි මං කොර වෙනව බං ගෙදර.ඇයි යකෝ මං ලෝකෙ දකින්නෙ ඔය බුකිය අස්සෙන්නෙ.හරියට නොමේරූ ලදරු එකකෙ ඉඳල එලියට බැස්ස වගේ හැගීමක් එන්නෙ.අනික තව තව අවුල් වියවුල් ගොඩයි ඉතින්.පෙලක් වෙලාවට පවුල් ආරවුල් ඇති වෙන්නත් මේ බුකිය බලපාන අවස්ථා තියනව.ලඟ තියන වටිනාම සම්පත් උනත් නැති විමේ ප්‍රවනතාව වැඩී මේ ඉලවුව හින්ද.
ඔය ඇමරිකාව එංගලන්තෙ වගේ පට්ට පලවන ලෝකෙ රටවල්වල ඉන්න මිනිස්සු සමාජය එක්ක කන්ටැකට් එක අඩු නිසා ඇති උනාලු ඒ අයට මානසික ආබාධ ඒ නිසා ඒකට පිලියමක් ලෙසලුනෙ ඔය ඉලවුව හැදුව කියන්නෙ.මේක මං පාවිච්චි කරල උනේ තිබ්බ සම්භන්ධතාවන්ටත් කන කොකා හඬපු එක ඕං.මොකද ලංකාවෙ ඔය පලවන ලෝකෙ රටවල වගේ මානව සම්භන්ධතා ඒ තරම්ම කඩා වැටීමට ලක් වෙලා නෑනෙ.පෙලක් උන් හිතනව බුකියෙ නැත්තම් කොන් වෙනව කියල.නෑ ඒක එහෙම නෙවෙයි මට උනේ.ඒ බුකිය නිසා මං කොන් උනා.අනික සමාජ සම්භන්ධතා වගේම මානව සම්භන්ධතාවත් එන්න එන්න මගෙ අතින් ගිලිහිමයි මේ බුකි කෙරුවාවෙන් උනේ.හරියට අස්ස රේස් දාන බුකියක ඉන්න එකෙක් වගේ මං ඇඩිට් උනා.තව ටික කාලයක් ගියා නම් ඇඩ්මිට් වෙන්නයි වෙන්නෙ...
ඔන්න ඔය ඉලවු සේරම ගැන හිතල මං පුනුරුත්ථාපනය වෙන්න තීරනේ කරා...ඔයාලට මං එක්ක සංවාද කරන්න මෙන්න මේ දුකාගේ විමානෙට ගොඩ වදින්න අවස්ථාව තියනව.අපි කතා කරමු මේ ඉලවුවෙ වල් පල් වලට එහා ගිය මාතෘකා....එහෙනම් ඔයාලට ජය...
.... දුකා ......

Subscribe to:
Posts (Atom)
ජෙපි තරුණ අසහනය
අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...
-
අභිනිෂ්ක්‍රමණය මම බුකියෙන් අභිනිෂ්ක්‍රමණය විම ගොඩක් උන්ට ප්‍රශ්නයක්.ඒත් මචංල එහෙම වෙන්න හේතු ගොඩක් බලපෑව.ඇත්තටම කිවුවොත් මං ඒ ඉලවුව පරිහර...
-
මුදල් පාලනේ ....... සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං ...