රට කරවීම....
රෙද්ද.....මේ පැත්තෙන් බෝම්බ පිපිරෙනව අනික් පැත්තෙන් බෙංගාල බොක්කෙ අව පීඩන කලාපයක්ද මොකක්ද සින් එකක්.හවසට මිලිමිටර් හෙන ගානක වැස්සක් වැටෙන්න නියමිතයිලු.ඒ මදිවට රෑ පානෙ ඇදිරි නීතිය දානවනෙ.මහ පුටුවල උන් සැපට බුදි ඇති. ඒත් ඉතින් එදා වේල සරි කරගන්න එකාට වෙන්නෙ අනේ අපොයි කරුමේ කරුමේ කියන්න තමා.බෙදපියකො එක හැන්දෙන් හැමෝටම. ඇයි එකෙක්ට ඒම තව එකෙක්ට අරහෙම.ආත්තම්ම නම් කිවුවෙ පින පොඩි එකෝ පින කියල.උන්දැ දන්න රෙද්ද ?
දවල් තිස්සෙ අට ගහල බුදිය ගන්න පූසා රෑට සිවිලිම අස්සෙ රින්ගනව ඒ අහුමුලු අස්සෙ මොකෙක් හරි එලා ගන්න.නොදකින් ඒ පූස් කුනත් මං ඇහැ පියවනකොටම දඩ දඩ ගාල සිවිලිම උඩ දුවනව.උන්ට නම් සෙල්ලම්.රස්සාවට ගිහින් බයේ බයේ මුවා වෙවී බෝම්බ වලට දඩි බිඩියෙ වැඩ ටික කරල සුරුස් ගාල ගෙදර එන්නෙ මොන අල ගෝනියක් ඔලුවට වැටෙයිද නොදන්න නිසා.ඒ තරම් කාලෙ හොඳ නෑ.තනිකර සෙනසුරු අපලෙ.රටටම.මට විතරක් නෙවෙයි ඉතින් ඒක.හැමෝටම පොදුයි.
රටේ මර බිය එනකොට සල්ලි කාරයෙන්ගෙ පවුල් පිටින් පිට රටවලට ගියාලු.මර බියට.මොනව නැතත් ඉතින් හැමෝටම රට අතහැරල යන්න තරම් වත්කොමක් නෑ නොවැ.ඇමති උන්නාන්සෙලගෙ ඇබෑනියොයි දරු පැට්ටොයි රට පනින්න ඇති හින් සීරුවේ.උන්ට මොකෝ අපි දෙනවනෙ හරි හම්බු කරල උන්ට සැප විදින්න.කරන කෙජ්ජකුත් නෑ.ඒත් ජාති ණය අපි දෙන්න එපෑ.මර බිය කාටත් පොදුයි ආයිබොවන්ඩ.
ඔය ධනපති වාදෙ කියන උන්දැලගෙත් දරු පවුල් ඉන්නෙ රට.උන්ගෙ පුත්තු එහෙ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නවලු.ලෝකෙට පර කාසෙ ගෙදරට මර ගාතෙ කියන්නෙ ඔන්න ඔය උන්දැලට තමා.රට ගිහින් එක විදියක් මෙරට තව විදියක් කටින් එකයි අනික් පැත්තෙන් තව එකක්.
මේ උන ඇබැද්දි නම් ඉතින් අද ඊයෙ ගොඩ නැගිච්ච නෙවෙයි කියල තමා බලන කොට හිතෙන්නෙ.ඒ ආන්ඩුවෙත් වැරදි නැතුවාම නෙවෙයි ආයිබොවන්ඩ.ඒ අයත් ජාති වාදෙ අවුස්සල චන්ද ගුන්ඩු ගහන්න ගියා ඒත් ඉතින් රටේ මිනිස්සුන්ට ඒ වැඩේ ඉව වැටිල කාරිය සුටුස් ගාල ඒ ආන්ඩුවේ පියුස් එක ගැලෙවුව.නැද්ද මං අහන්නෙ.කාගෙ කාගෙත් වැරදි නැතුවාම නෙවෙයි ඒ පැත්තෙන් මේ පැත්තට වරද පටෝල ශේප් නියාය දාන්න ගියාට.
පෙලක් වෙලාවට ඔය රජයේ සේවකයන්ට ඇමති මහත්තුරු බැන්නට ඒ රජයේ සේවකයො නැත්තම් අමාත්‍යාංශ වල වැඩ කර ගන්ත් බැරි වෙන සීන් එකක් තියෙන්නෙ.විශය දන්නෙ ඔය රජයේ සේවකයො.නැතුව අවුරුද්දක් දෙකක් ඉඳල මාරු වෙලා වෙන අමාත්‍යාංශයකට යන ඔය ඇමතිල නෙවෙයිනෙ.මොකද ඉතින් හිතන්නකො වරාය හා ගුවන් තොටුපල අයිති ඇමති දානව වෙන අමාත්‍යාංශයකට අපි හිතමුකෝ පොල් සංවර්ධන ඇමති හැටියට කියල.අප්පේ යන්තං විශය ඉගෙනගෙන එනකොටම වෙන එකකට ඇමති මාරු කරල ඒ අයටත් වඩා උඩින් ඉන්න ලොකු පුටුවක්.අනේ ඉතින් ඒ ඇමති නැවු එන කාල සටහන පාඩම් කර ගත්ත විතරයි මෙන්න පොල් සම්බන්ධව දාල මක්ක කරන්නද පොල් මුරේ කඩන්න කාල සටහන පාඩම් කරන්න වෙනවනෙ ඒ අයට.ඔන්න වැඩේ.හිතන්නකො මේ සිස්ටම් එකේ අවුලක් තියනවද නැද්ද ? පැහැදිලිව තියනව මයෙ හිතේ..
පෙලක් අයියල මලෝ හත් මාලුවක් දන්නෙ නැතුව අමාත්‍යාංශ දෙකක තුනක වැඩ බලනව හරි හත්තිලවුවක්නෙ අටත් පාස් නැති ඒ උත්තමයො අමාත්‍යාංශ දෙකක් තුනක්පාලනය කරනව කිවුවහම සුලු පටු දෙයක් යෑ.රට ඉස්සරහට යනවට වඩා යන්නෙ පස්සෙ කියන එක අහන්න දෙයක්ද නේ...
විශයට අමතරව රස්සා දෙන්නත් ඕනෙ නැත්තම් චන්දෙ නෑ නෙ අනක් පාර හද හදා දෙනව.මහජනයනෙ ඒ කරුම වලටත් කර ගහන්න ඕනෙ.ඉතින් ඔහේ වෙනදෙයක් බලාන දෙන දෙයක් කාල උන්දැල ඉන්නව.නැත්තම් ඔය ඇමති වරු මක්ක කරන්නද නේ ?සිස්ටම් අවුල මචං..
ඉස්සර කාලෙ වෙනස් බ්රෝ..ඒ කාලෙ ස්ත්‍රි දුශන කිහිපයක් කරපු කෙනාට වනිතා කටයුතු දුන්න කාලයක් නෙ තිබබෙ.අද ටිකක් හොදා.මව කියන්නෙ ඉතින් සිස්ටම් අවුල වගේම රට කොරන හැටි ඉගන්නිල්ලත් අපි කරන්න ඕනෙ දෙයක් නිසා මිසක් කිරි පනු අමාරුවට නෙවෙයි ඔං...
වෙනස් වෙන්න ඕනෙ නැද්ද මේක...හිතලම බලන්නකෝ....මොන මොන ආන්ඩු ආවත් ඒක වෙනස් වෙන්නෑ...අපිම තමා හඬ නගන්න ඕනෙ නැත්තම් සිස්ටම් එක මීට වඩා කලවං මාලුවක් වේවි නේ...
..... දුකා .......
Friday, April 26, 2019
Subscribe to:
Post Comments (Atom)
ජෙපි තරුණ අසහනය
අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...
-
අතිත සැමරුම් සහ අනාගතය...... කාවන්තිස්ස යුගය ඔබ කියවා ඇතැයි සිතමි.ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුන යුගයක් ලෙස පසුව දුටුගැමුණු යුගය පටන් ගැනෙන...
-
මුදල් පාලනේ ....... සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං ...
-
ලාංකිකයාගේ වර්තමාන කතාව.............. මම ලාංකිකයෙක්.මම බ්ලොග් එක පටන් ගත්තෙම මම සමාජයේ රටෙ දේශපාලනයෙ දැකපු වැරදි සමාජ ගත් කරන්න වගෙම වැරද...

No comments:
Post a Comment