Tuesday, April 30, 2019

රජුන් තනන්නෝ.........

රජුන් තනන්නෝ.........

ඔයාල දන්නවද ලෝකෙ ඉන්නව රජුන් තනන්නෝ කියල කට්ටියක්.
මතක තියා ගන්න මේක කියවන ඔයාලට මේක විහිලුවක් වගේ වෙන්න පුලුවන්..ඒත් අවසානෙ වෙනකං බැලුවොත් ඔයාලට තේරෙයි හිතට ගන්න මොකක් හරි හත්තිලවුවක් තියනව කියල....සාමාන්‍යයෙන් අපි හිතන්නෙ රජුන් තනනව කියන්නෙ අම්ම නෙ.අර ගීතයකුත් තියනව නේද ?කවුද කියන්නෙ මට මතක නෑනෙ......හිතමු බලන්න....රජුන් තනන්නා රජුන් තනන්නා ....මතක ගබඩාව අරින්න වෙනව මගෙ...හරි ඇන්ජලීන් මහත්මියගෙ ගීතයක් නෙ ඒක...
අම්මලා දුක් ගන්නෙ පුතුන් හදන්නයි...පුතුන් රජුන් කරන්නයි...ඔන්න ඉතින් වැරදියට වටහා ගන්න එපා මේ අම්මල දරුවො හදන හැටි නෙවෙයි..එහෙම වැරදි වැටහීමකට ඇවිත් දුකාට පිස්සු කියල.දුකාගෙ කොලම බලන එක නවත්තන්නත් එපා...හරි අපි කතාවට එමුකො.මේ කියන රජුන් තනන කෙනා ඉතිහාසෙත් හිටිය මේ කාලෙත් ඉන්නව.එහෙම කිවුවට තේරෙන එකක් නෑනෙ නේ.හරි ඉතිහාසයේ ඉඳලම පටං ගන්නම් එහෙනං.

දන්නවද දන්නෙ නෑ "ක්ලියෝ පැට්රා"....
ඔබ දන්නෙ මොනවද මං කිවුවොත් එයා  king maker කෙනෙක් කියල ඔයා පිලි ගන්නවද? රෝමය....ක්‍රිස්තු පුර්ව 48දි මේ ක්ලියෝ පැට්ර හින්ද මැරෙන්න ගිය රජ කෙනෙක් ලු ජුලියට් සීසර්.පස්සෙ මාක් ඇන්තනී.නයෙක් කවාගෙන මැරුන කියලත් කියනව ක්ලියෝ පැට්ර පස්සෙ ඔන්න කිවුව ඒක නොවිසඳුනු මිනී මැරිමක් කියල.ඒ ගැන නෙවෙයි කතා කරන්නෙ මේ ලඳ මාර ලස්සනයලු දුටුවන් ඇඳ බැඳ තබා ගන්න ලස්සනක්ලු තිබ්බෙ.ඒ ලස්සන කියන්න බෑ කියලයි කියන්නෙ.හිතනවද ඈ ලස්සනයි කියල.ඈ රජුන් තනන්නියක් රජෝ.පට්ට මොලයක්.රජවරුන් ඒ පට්ට මොලේ තමයි මෙච්චර වර්ණනා කරල තියෙන්නෙ.පට්ට රූප ස්වභාව කියල.රෝම කාසි අරන් බලන්න ඈ ඒ තරම් ලස්සන නෑ.පටු නලල් තලයක් දිගැටි නහයක්...විස්වාස කරනවද ජුලියට් සිසර් මේ ගෑනි ලං කර ගත්තෙ ලස්සනට කියල නෑ බුද්ධිමත් භාවය නිසා.භාශා නවයක් කතා කරන්න පුලුවන් කියලයි කියන්නෙ ක්ලියෝ පැට්රට. තීක්ශන බුද්ධියක් තියෙන්න ඕනෙ රටක් පාලනය කරන්න ඒක ජුලියට් සිසර්ට වත් මාක්ට වත් තිබ්බ කියල හිතනවද ඒ ඔක්කොම රජ පුටුවෙ තියන් ඉන්න මාස්ටර් ප්ලෑන් එක ඇන්දෙ ක්ලියෝ පැට්ර...ඒ බුද්ධිය රජ වරු පාවිච්චි කරා හරියටම.රැජින කර ගත්ත.බුද්ධියට වටිනා කමක් දුන්න.ඉතිහාසය ගොඩ නගන විද්වතුන් පවසන්නෙ ඒ තරම් ලස්සන කෙනෙක් නෙවෙයි කියල ක්ලියෝ පැට්ර....ඒ මිම්මෙන් මැනල වෙන්න බෑ ක්ලියෝ පැට්ර අග මෙහෙසිය උනේ.බුද්ධිය තික්ශන නුවන.රජුන් කරන නුවන.රජුන් හදන නුවන.දැන් තේරෙන්න පටන් ගන්න ඇති ඔයාලට රජුන් තැනීම ගැන.
දන්නවද දන්නෙ නෑ "ක්ලියෝ පැට්රා"....
ඔබ දන්නෙ මොනවද මං කිවුවොත් එයා  king maker කෙනෙක් කියල ඔයා පිලි ගන්නවද? රෝමය....ක්‍රිස්තු පුර්ව 48දි මේ ක්ලියෝ පැට්ර හින්ද මැරෙන්න ගිය රජ කෙනෙක් ලු ජුලියට් සීසර්.පස්සෙ මාක් ඇන්තනී.නයෙක් කවාගෙන මැරුන කියලත් කියනව ක්ලියෝ පැට්ර පස්සෙ ඔන්න කිවුව ඒක නොවිසඳුනු මිනී මැරිමක් කියල.ඒ ගැන නෙවෙයි කතා කරන්නෙ මේ ලඳ මාර ලස්සනයලු දුටුවන් ඇඳ බැඳ තබා ගන්න ලස්සනක්ලු තිබ්බෙ.ඒ ලස්සන කියන්න බෑ කියලයි කියන්නෙ.හිතනවද ඈ ලස්සනයි කියල.ඈ රජුන් තනන්නියක් රජෝ.පට්ට මොලයක්.රජවරුන් ඒ පට්ට මොලේ තමයි මෙච්චර වර්ණනා කරල තියෙන්නෙ.පට්ට රූප ස්වභාව කියල.රෝම කාසි අරන් බලන්න ඈ ඒ තරම් ලස්සන නෑ.පටු නලල් තලයක් දිගැටි නහයක්...විස්වාස කරනවද ජුලියට් සිසර් මේ ගෑනි ලං කර ගත්තෙ ලස්සනට කියල නෑ බුද්ධිමත් භාවය නිසා.භාශා නවයක් කතා කරන්න පුලුවන් කියලයි කියන්නෙ ක්ලියෝ පැට්රට. තීක්ශන බුද්ධියක් තියෙන්න ඕනෙ රටක් පාලනය කරන්න ඒක ජුලියට් සිසර්ට වත් මාක්ට වත් තිබ්බ කියල හිතනවද ඒ ඔක්කොම රජ පුටුවෙ තියන් ඉන්න මාස්ටර් ප්ලෑන් එක ඇන්දෙ ක්ලියෝ පැට්ර...ඒ බුද්ධිය රජ වරු පාවිච්චි කරා හරියටම.රැජින කර ගත්ත.බුද්ධියට වටිනා කමක් දුන්න.ඉතිහාසය ගොඩ නගන විද්වතුන් පවසන්නෙ ඒ තරම් ලස්සන කෙනෙක් නෙවෙයි කියල ක්ලියෝ පැට්ර....ඒ මිම්මෙන් මැනල වෙන්න බෑ ක්ලියෝ පැට්ර අග මෙහෙසිය උනේ.බුද්ධිය තික්ශන නුවන.රජුන් කරන නුවන.රජුන් හදන නුවන.දැන් තේරෙන්න පටන් ගන්න ඇති ඔයාලට රජුන් තැනීම ගැන..
ඔන්න බලා ගන්නත් එක්කල ඉස්සර කාසියක තිබ්බ ක්ලියෝ පැට්රගෙ මුනත් තහඩුවත් දැම්ම.

මේ අතිතය.ඒ මදි වගේ රජුන් තනන්නෙ ලංකාවෙත් ඉඳල තියනව.ඉතිහාසය ඒකට ශාක්ෂි දරනව.එක්කෙනෙක් කියන්නද වලගම්බා රජ්ජුරුවන්ගෙ දේවිය.කතාව අහල ඇති රජු පලා යනකොට කරත්තෙ බර වැඩි වෙලා රජුව බේර ගන්න ඔනෙ කියල කරත්තෙන් බහින එඩිතර දේවිය.ඒ සෝමා දේවිය තමා බහින්නෙ පලමු බිරිඳ අනුලාදේවි ඉන්නව.දෙවනි බිරිඳ සෝමා දේවි සිය කැමැත්තෙන් බහිනව.ඇත්තටම එහෙම කරේ ඇයි රජුන් තනන්න යාලු රජුන් තනන්න.එඩිතර බිසවක්...බුද්ධිමත් බිසවක් එයා දැනගෙන හිටිය වලගම්බා රජුගෙන් තමන්ට පුතෙක් ඉපදුනත් කිරීටයට උරුම කම් නොකියන බව.අනුලා දේවිය ගැනත් දැනන් හිටිය.ඈ නිසා රජුට වෙන්නෙ අකර තැබ්බයක් කියලත් දැනන් හිටිය.දුර දක්නා නුවන පාවිච්චි කරන්න ඇති.මෙතන හිටියොත් වෙන්නෙ මැරුම් කන්න නිකං ඊට වඩා හොඳයි වෙන දෙයක් බලාගන්න කියල හිතුවද කියලත් සෝමා දේවි හිතන්න ඇති.ඒ රජාව එපා වෙලා හිටියද කියලත් කවුද දන්නෙ.ඉන්දියාවට ගෙනිච්චලුනෙ සෝමා දේවි යුධ නායකයෙක් පස්සෙ.
හරි හරි ඉතිහාසෙ නෙවෙයි රජුන් තැනිල්ල ටික ටික තේරෙයි දැන් ඔයාලට මං කියන්න ගිය දේ.
මෑත කාලෙට ආවහම රජුන් තැනිල්ල ගැන මට අහන්නට ලැබෙනව මහා ආන්දෝලනාත්මක කතාවක්.ලෝක බලවතෙක්ගෙ බිරිඳක් ගැන ඈත් හොඳ රජුන් තනන කතක් කියලයි ඔන්න මට හිතෙනෙ. ඒ කවුරුත් නෙවෙයි.බැරැක් ඔබාම මහත්තයගෙ බිරින්දෑ.මිචෙල් ඔබාමා.ඔබාමා මහත්තයව රජෙක් කලේ මිචෙල් ඔබාම කියල කිව්වොත් ඔබ පිලි ගන්නවද? බැරැක් මහත්තයගෙන් ඇහුවොත් උනත් ඔවු කියාවි.
ඔන්න දවසක් මට අහන්න ලැබෙනව කතාවක්.දවසක් ජනාදිපති වෙලා ඉන්නකොට බැරැක් මහත්තය සහ මිචෙල් මහත්මිය ගියාලු හෝටලේකට.ඒ හොටෙල් එකේ හිටපු වේටර් කෙනෙක් මිචෙල් මහත්මියත් එක්ක කතා කරන්න ඇහුවලු.ඉතින් ආරක්ශකයො ඒකට ඉඩ දුන්නලු.ඉතින් අර වේටර් මිචෙල් මහත්මිය එක්ක ටිකවෙලාවක් කතා කරල ගියාලු යන්න.බැරැක් මහත්තය ඇහුවලු ඔබ අදුනනවද ඒ වේටර්ව කියල.මිචෙල් මහත්මිය කිවුවලු ඔවු මගෙ පරන පෙම් වතෙක් කියල.එතකොට බැරැක් මහත්තය ඇහුවලු එයාව කසාද බැන්ද නම් ඔබ වේටර් කෙනෙක්ගෙ බිරිඳක් අද වෙනකොට නේද කියල.මිචෙල් මහත්මිය දුන්න උත්තරේ මොකක්ද දන්නවද ? නෑ එහෙනම් ඒ වේටර් අද ඇමරිකාවෙ ජනාධිපති කිවුවලු.ගන්න තියන දේ මේ කතාවට කොතරම් වැදගත්ද ? රජුන් තනනවා නැත්තම් king maker මං හරිනෙ.ඔය විදිහට අතීතය දෙස හොදින් බලනකොට ඕන තරම් අය දකින්න පුලුවන්..නිදසුන් ඕන තරම් තියනව.
දැන් ඉතින් මේ මිහිරි අතීතයත් එක්ක අපි පොඩ්ඩක් වර්තමානයට එමු.
වර්තමානයේ රජුන් තනන්නන් විටෙක රජයක් වෙනස් කරන්නත් මිනිසුන්ගේ මතය වෙනතකට හරවන්නත් යොදා ගත්තා කිවුවොත් ඔබ විශ්වාස කරයිද ? පෙර කලත් මෙසේ තිබෙන්නට ඇති.මෙදා දවසේත් හෙට දවසේත් ඔවුන් සිටිවි.පෙලක් වුන් සද් භාවයෙන් කටයුතු කරාවි විටෙක ඉතාමත් දරුනු ලෙස එය කරාවි.සමාජ සාදාරනත්වය සදාචාරය විටෙක ඔවුන් කෙලෙසාවි.මෙයට හොඳම උදාහරනය වික්ටර් අයිවන් ලියු පොතක් වූ චෝර රැජින පොතේ සඳහන් වන බව මට මතකය.ඒ සම්භන්ධව මා වැඩි දුර කතා කිරිමට නොයන්නෙ එය සාධාරන නොවන නිසාය.ධනය ලබා ගැනීමටත් බලය ලබා ගැනීමටත් විටෙක ඔවුන් වෘත්තීය රජුන් තනන්නන් යොදා ගන්නා බව පෙනෙන්නට තිබේ.මොන රටක වූවත් මෙසේ රජුන් තනන්නවුන් සිටිනු ඇත.විටෙක ඔවුන් කුමක් හෝ පබ්ලිසිටියක් ගත හැකි සිද්ධියක් නිර්මානය කරයි එය කරන්නෙ රජුන් තනන්නෝය.
කපටි කම,බුද්ධිමත් බව , නොයෙක් විශයන් හමුවේ ඇති දැනුම මේ රජුන් තනන්නවුන් යොදා ගනී.ඔවුන් ඉතාමත් බුද්ධිමත්ය.සැලසුමකට වැඩ කිරීම තුලින් ඔවුන් තම සේවා දායකයාගේ අවශ්‍යතාව සලසනු ලබයි.සමාජ මාධය හරහා මුද්‍රිත හෝ විද්‍යුත් මාධය හරහා මොවුන් විටක ක්රියාත්මක වන අතර පොදු ජනතාවකගේ ආකල්ප වෙනස් කිරීමක්, මතය වෙනස් කිරීමක්,තම සේවා දායකයා වෙනුවෙන් පොදු කුලකය වෙනස් කිරීමක් කල හැකි ලෙස රජුන් තනන්නවුන් ක්‍රියා කරයි. උදාහරනයක් ලෙස පවසතොත් ජන්ද කාලයේදී රජුන් තනන්නවුන් තම සේවා දායකයාට චන්ද ගොඩ වැඩි කරන ලෙස ක්‍රියාත්මක වන බව සිතමු.ඔවුන් තම සේවාදායකයා කූට ක්‍රම භාවිතා කොට හයිලයිට් කිරීම උලුප්පා දැක්වීමට නොයෙක් ක්‍රම ඔස්සේ ක්‍රියා කරයි.
උදාහරනයක් ලෙස නොයෙක් ප්‍රවෘත්ති ඔවුන් නිර්මානය කරයි.එය සමාජය වැලඳ ගන්නා තැන දක්වා කටයුතු කිරීමට ඔවුන් පොලොබවයි.විටෙක ආයතන උලුප්පා පෙන්වීමටත් වෙලඳපොල තරඟය අවම කිරිමටත් මෙම රජුන් තනන්නවුන් කටයුතු කරයි.විටෙක කූට ක්‍රම භාවිතා කොටත් විටෙක බුද්ධි මෙහෙයවාත් මොවුන් තම සේවාව සිදු කරනු ලබයි.  
ප්‍රතිරූප ගොඩ නැන්වීම සඳහාත් මෙම රජුන් තනන්නවුන් ක්‍රියා කරයි.මෙම රජුන් තනන්නවුන් කොතෙක් දුරට ප්‍රායෝගික දැයි හෝ සමාජය කෙරේ වටින්නේ දැයි නොදන්න මුත් ඒ හරහා ප්‍රතිරූප නිර්මානය හා පොදු මතය වෙනස් කිරීමේ හැකියාවක් පවතින බවනම් නොකියාම බැරිය. 
සමාජයට හොඳ හෝ නරක වපුරා රජුන් තනන්නට දත කන කූට උපක්‍රමද මෙහිදි දක්නට ලැබෙන බව නම් නොකියාම බැරිය.ඔවුන්ගේ ක්‍රියා කලාප නිසා විටෙක ඔබ රිජු ධායකත්වයක් දෙනු ඇත.නැතිනම් වක්‍රව දායකත්වය සපයනු ඇත.කෙසේ හෝ මහ සමාජයේ මතය එයින් වෙනස් වනු ඇත.
ඔවුන්ගේ උගුල් වලට ඔබ හසුවනු ඇත.විටෙක ඔවුන් සත්‍යය වසන්කොට බොරුව උලුප්පනු ඇත.කෙනෙකුගේ වැරදි වසා පොදු සමාජයේ මතය වෙනස් කිරිමට මේ රජුන් තනන්නන් කටයුතු කරනු ඇත.එයට ඔවුන් විශාල මුදලක් ලබා ගනූ ඇත.දේශපාලනය කරන වුන් මේ රජුන් තනන අය දන්නවා යැයි මා සිතන්නෙමු.රජුන් තැනීම අතීතයේ සද් භාවයෙන් කලද අද එය රැකිය්වක් වෙමින් ලොව පුරා වියාප්තව තිබෙනා කාරනාවක් ලෙසද දක්නට ලැබෙන බව පෙනෙන්නට තිබේ.විටෙක යුද්ධ ඇති කරන්නෙද මේ රජුන් තනන්නන්ම වන්නට ඇත ඒ කෙනෙකුගේ හෝ කණ්ඩායමකගේ මනලොල පිනවීමේ අරමුනෙන් වන්නටද පුලුවන.

උදාහරනයක ලෙස පවසතොත් ඔබ සොයා බලන්න හික්ලර් නම් පාලකයා සැදුවේ කවුරුන්ද කියා.ඔහු යුද්ධයක් ඇති කලේය. මිනිස් සංහාරයක් කරා ලොව ගෙන ගියේය.එසේ වුවේ ඇයි.......සොයා බලා තීරනය කරන්න.ඔබ දකිනු ඇත.රජුන් තනන්නවුන් පිරිසක් මිනී මතින් රට අරාජික කොට තම රටවල් වලට වාසි ලබා ගන්නට සැරසෙන.     

Friday, April 26, 2019

රට කරවීම....

රෙද්ද.....මේ පැත්තෙන් බෝම්බ පිපිරෙනව අනික් පැත්තෙන් බෙංගාල බොක්කෙ අව පීඩන කලාපයක්ද මොකක්ද සින් එකක්.හවසට මිලිමිටර් හෙන ගානක වැස්සක් වැටෙන්න නියමිතයිලු.ඒ මදිවට රෑ පානෙ ඇදිරි නීතිය දානවනෙ.මහ පුටුවල උන් සැපට බුදි ඇති. ඒත් ඉතින් එදා වේල සරි කරගන්න එකාට වෙන්නෙ අනේ අපොයි කරුමේ කරුමේ කියන්න තමා.බෙදපියකො එක හැන්දෙන් හැමෝටම. ඇයි එකෙක්ට ඒම තව එකෙක්ට අරහෙම.ආත්තම්ම නම් කිවුවෙ පින පොඩි එකෝ පින කියල.උන්දැ දන්න රෙද්ද ?
දවල් තිස්සෙ අට ගහල බුදිය ගන්න පූසා රෑට සිවිලිම අස්සෙ රින්ගනව ඒ අහුමුලු අස්සෙ මොකෙක් හරි එලා ගන්න.නොදකින් ඒ පූස් කුනත් මං ඇහැ පියවනකොටම දඩ දඩ ගාල සිවිලිම උඩ දුවනව.උන්ට නම් සෙල්ලම්.රස්සාවට ගිහින් බයේ බයේ මුවා වෙවී බෝම්බ වලට දඩි බිඩියෙ වැඩ ටික කරල සුරුස් ගාල ගෙදර එන්නෙ මොන අල ගෝනියක් ඔලුවට වැටෙයිද නොදන්න නිසා.ඒ තරම් කාලෙ හොඳ නෑ.තනිකර සෙනසුරු අපලෙ.රටටම.මට විතරක් නෙවෙයි ඉතින් ඒක.හැමෝටම පොදුයි.
රටේ මර බිය එනකොට සල්ලි කාරයෙන්ගෙ පවුල් පිටින් පිට රටවලට ගියාලු.මර බියට.මොනව නැතත් ඉතින් හැමෝටම රට අතහැරල යන්න තරම් වත්කොමක් නෑ නොවැ.ඇමති උන්නාන්සෙලගෙ ඇබෑනියොයි දරු පැට්ටොයි රට පනින්න ඇති හින් සීරුවේ.උන්ට මොකෝ අපි දෙනවනෙ හරි හම්බු කරල උන්ට සැප විදින්න.කරන කෙජ්ජකුත් නෑ.ඒත් ජාති ණය අපි දෙන්න එපෑ.මර බිය කාටත් පොදුයි ආයිබොවන්ඩ.
ඔය ධනපති වාදෙ කියන උන්දැලගෙත් දරු පවුල් ඉන්නෙ රට.උන්ගෙ පුත්තු එහෙ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නවලු.ලෝකෙට පර කාසෙ ගෙදරට මර ගාතෙ කියන්නෙ ඔන්න ඔය උන්දැලට තමා.රට ගිහින් එක විදියක් මෙරට තව විදියක් කටින් එකයි අනික් පැත්තෙන් තව එකක්.
මේ උන ඇබැද්දි නම් ඉතින් අද ඊයෙ ගොඩ නැගිච්ච නෙවෙයි කියල තමා බලන කොට හිතෙන්නෙ.ඒ ආන්ඩුවෙත් වැරදි නැතුවාම නෙවෙයි ආයිබොවන්ඩ.ඒ අයත් ජාති වාදෙ අවුස්සල චන්ද ගුන්ඩු ගහන්න ගියා ඒත් ඉතින් රටේ මිනිස්සුන්ට ඒ වැඩේ ඉව වැටිල කාරිය සුටුස් ගාල ඒ ආන්ඩුවේ පියුස් එක ගැලෙවුව.නැද්ද මං අහන්නෙ.කාගෙ කාගෙත් වැරදි නැතුවාම නෙවෙයි ඒ පැත්තෙන් මේ පැත්තට වරද පටෝල ශේප් නියාය දාන්න ගියාට.
පෙලක් වෙලාවට ඔය රජයේ සේවකයන්ට ඇමති මහත්තුරු බැන්නට ඒ රජයේ සේවකයො නැත්තම් අමාත්‍යාංශ වල වැඩ කර ගන්ත් බැරි වෙන සීන් එකක් තියෙන්නෙ.විශය දන්නෙ ඔය රජයේ සේවකයො.නැතුව අවුරුද්දක් දෙකක් ඉඳල මාරු වෙලා වෙන අමාත්‍යාංශයකට යන ඔය ඇමතිල නෙවෙයිනෙ.මොකද ඉතින් හිතන්නකො වරාය හා ගුවන් තොටුපල අයිති ඇමති දානව වෙන අමාත්‍යාංශයකට අපි හිතමුකෝ පොල් සංවර්ධන ඇමති හැටියට කියල.අප්පේ යන්තං විශය ඉගෙනගෙන එනකොටම වෙන එකකට ඇමති මාරු කරල ඒ අයටත් වඩා උඩින් ඉන්න ලොකු පුටුවක්.අනේ ඉතින් ඒ ඇමති නැවු එන කාල සටහන පාඩම් කර ගත්ත විතරයි මෙන්න පොල් සම්බන්ධව දාල මක්ක කරන්නද පොල් මුරේ කඩන්න කාල සටහන පාඩම් කරන්න වෙනවනෙ ඒ අයට.ඔන්න වැඩේ.හිතන්නකො මේ සිස්ටම් එකේ අවුලක් තියනවද නැද්ද ? පැහැදිලිව තියනව මයෙ හිතේ..
පෙලක් අයියල මලෝ හත් මාලුවක් දන්නෙ නැතුව අමාත්‍යාංශ දෙකක තුනක වැඩ බලනව හරි හත්තිලවුවක්නෙ අටත් පාස් නැති ඒ උත්තමයො අමාත්‍යාංශ දෙකක් තුනක්පාලනය කරනව කිවුවහම සුලු පටු දෙයක් යෑ.රට ඉස්සරහට යනවට වඩා යන්නෙ පස්සෙ කියන එක අහන්න දෙයක්ද නේ...
විශයට අමතරව රස්සා දෙන්නත් ඕනෙ නැත්තම් චන්දෙ නෑ නෙ අනක් පාර හද හදා දෙනව.මහජනයනෙ ඒ කරුම වලටත් කර ගහන්න ඕනෙ.ඉතින් ඔහේ වෙනදෙයක් බලාන දෙන දෙයක් කාල උන්දැල ඉන්නව.නැත්තම් ඔය ඇමති වරු මක්ක කරන්නද නේ ?සිස්ටම් අවුල මචං..
ඉස්සර කාලෙ වෙනස් බ්රෝ..ඒ කාලෙ ස්ත්‍රි දුශන කිහිපයක් කරපු කෙනාට වනිතා කටයුතු දුන්න කාලයක් නෙ තිබබෙ.අද ටිකක් හොදා.මව කියන්නෙ ඉතින් සිස්ටම් අවුල වගේම රට කොරන හැටි ඉගන්නිල්ලත් අපි කරන්න ඕනෙ දෙයක් නිසා මිසක් කිරි පනු අමාරුවට නෙවෙයි ඔං...
වෙනස් වෙන්න ඕනෙ නැද්ද මේක...හිතලම බලන්නකෝ....මොන මොන ආන්ඩු ආවත් ඒක වෙනස් වෙන්නෑ...අපිම තමා හඬ නගන්න ඕනෙ නැත්තම් සිස්ටම් එක මීට වඩා කලවං මාලුවක් වේවි නේ...


..... දුකා .......

අහෝ..කෙරුමෝ....

අහෝ....කෙරුමෝ....

රටම භීතියෙන් ඇලලී යන්නේ නැවත යුධ ගිනිදැල් රටේ ජන මනස් දවා  අවුලවාලමිනි.දුවා දරුවන්ට ඉගනගන්නට පාසලකට ගොඩවීමට නොහැකිය.රටේ ජනතාවට තම දෛනික කටයුතු කර ගැනීමට අවශය වටපිටාවක් නොමැත.රජයේ හෝ පෞද්ගලික ආයතනවල දෛනික රාජකාරි අඩපන වී ඇත. මීට ලස වසරකට පෙරාතුව උතුරුකරයට පමනක් සීමා වූ යුධ බියගම් නියම්ගම් පොහේ ඇවිලී ඇති අයුරක් පෙනේ.තම ආගම ඇදහීමට පවා නිදහසක් නැත.මෙවන් වකවානුවක රජය එයට විසදුමක් හොයමින් මහ සටනක යෙදෙන බවද නොකියාම බැරිය.  එයට අස්වැසිල්ලක් සැපයිමේ ඒකායන අරමුන පෙරදැරි කර ගනමින් රටේ රාජ සභාව දින දෙකකට පෙර නැවත රැස් වන්නේ ඒ ගිනි දැල් නිවීමේ මාර්ගය පසක් කර ගැනීමේ ඒකායන අරමුන පෙරදැරි කරගෙනය.මුලින්ම ඔවුන් එකිනෙකා ඇනකොටා ගනී.එකිනෙකාට බැන ගනී.ඇගිලි දික්කරයි.වරද එකිනෙකාට පටවයි.රටේ ජනයා ඒ සියල්ල විද්‍යුත් මාධය ඔස්සේ සේම මුද්‍රිත මාධය ඔස්සේද බලා සැනඇවිලීඅදෝ මැයි ලොව වෙනත් රට වල ජනයා නිකටේ අත් රුවාගෙන බලා සිටි."කාගෙයි වැරැද්ද" නාටකය පටන් ගනී.කෙස් පැලෙන තර්ක කොස් කොටන කඩු රාජ සභාවේ එකම ජංජාලයක් කරලීමට සමත් විම රටට විහිලු සපයන එකම ආයතනය මගින් ලෝ සිත් සතන් පහන් සංවේගයට පත් කරලීමට සමත් වේ.
නොයෙක් සමාජ කොටස් එක එක දෑ කියයි කටට එන දේ වමාරයි.හිතට එන දේ පවසයි.ඒ සියල්ල අඩුපාඩුවක් නොමැතිව විද්‍යුත් හා මුද්‍රිත මාධය ඔස්සේ ප්‍රචාරය කරවයි.තම මාධය වටා ජනයා රොද බැඳ ගැනිමේ ඒකායන අරමුන ඔවුන් නිසි ලෙස රිසි ලෙස මාධය කරනයේ යෙදෙයි.
ආගමික නායකයන් කරබාගෙන සිට පසුව වෛරය මිටක් දමා රට සනසන්නට උත්සාහ කරයි.රට කොටස් වලට බෙදා වෙන් කොට පේරු දානය රැක ගැනිමට ඔවුන් වෙහෙසෙයි.එක එක මත කිසිදු අපුලක් නොමැතිව මාධය හරහා ප්‍රචාරය වේ.ඔවුන් තම නිදහස් මාධය ප්‍රවනතා හැකි සෑම මොහොතකම පෙන්වන්නට වෙහෙසෙයි.
තරුන ප්‍රජාවට ඇත්තේ වෙනත් අවුලකි.ඔවුන් සමාජ ජාල නොමැතිව මැලවී සිටියි.ඔවුන් වි.පි.එන් යොදා මේ මොහොතේ සමාජ මාධය ඔස්සේ තම වීර කම් ප්‍රදර්ශනය කිරිමට මන් මාවත් විවක කරන්නට මාන බලයි.තමාට අසන්නට ලැබෙන කුමක් හෝ කතාවකට තටු තරුන ප්‍රජාව තම සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරයි.ඔවුන්ට ස්වයං වාරනය පිලිබඳ අංශුවක තරම් දැනීමක් නොමැත.තව උන් ඒවා බලා තවත් බර කොට සමාජ මාධය හරහා ප්‍රචාරය කරයි.පරන තොරතුරුත් නැවත කරලියට පැමිනේ.ලේ රත් වු තාරුණ්‍යය වැඩ පටන් ගන්නේ එසේය.ඔවුන් හරි මගට ගෙන එන්නට එකදු බලධරයකු නැත.ආගමික නායකයන් නිද්‍රාවට පත්ව ඇති සේය.කා බි බඩ පුරවාගෙන මාධය ඉස්සරහ තම මතය වමාරා සැතපෙන ඔවුන් නැවත නැගිටින්නෙ සුදා ගින්දර ඇතිවූ විටය.
සක්‍රීය දායකත්වය තරුන ප්‍රජාව මේ මොහොතේ ලබා දුන්නේ එසේය.
තවත් අය බොරදියේ මාලු බෑවේය.තම නති වු චන්ද නැවත ලබා ගැනීමේ අරමුනෙන් අපි ඔයාල එක්ක කියා ලොවටම හඬගා කියා පැත්තකට වුනේය.ඔවුන් කල කෙජ්ජක් නැත.අනෙක් වුන් ඒ කෙරේ බලාපොරුත්තුවක් තියා ගත්තේද නැත.
පෙලක් අය මේ දේ දැනගෙන සිටි බව කියන්නට දත කෑවේය.හිනෙන් කි බවත් කීවේය.ඒත් ඔවුන් මේ තරම් දෙයක් වෙනතුරුත් තම වගකීම් කොටස හරි හැටි නොකල බව නම් ලොවක් දන්නා කරුනකි.   
දෙවියන්ට භාර ඔප්පු කිරිමට ගිය සමහරක් සියල්ල වූවාට පසුව පැමින කමිටුවක් පත් කොට පොතක් ප්‍රකාෂ කිරිමට කල් ලබා ගත්තේ ඔහුගේ දැනුම ලොවට හඬගා කිමේ අරමුන ඇතිවය. මුද්‍රිත මාධය පමනක් අතගානා ඔහු රට ගැන සියල්ලම දැන ගනීමේ කවුලුව ලෙස සලකන්නේ පත්තර විම රටේ සාක්ෂරතාව ඉහල මට්ටමක පවතින බව පෙන්විමට හොඳම නිදර්ශනයක් බව පෙන්වා දිය යුතුය.ටිකක් පිලුනු වු තොරතුරු ඔහු කියවන විට ජනයා දැන් ලැබුනු පුවතක් විද්‍යුත් මාධය ඔස්සේ නරඹද්දී කල යුතු දෑ ටිකක් හෝ පමා විම අහන්නත් දෙයක් නොවන බව හුදී ජන පහන් සන්වේගය උදෙසා මෙහි ප්‍රකාශ කල යුතුමය.
හෑට පැන ඇට පනින නාකි නැගිටිනකොට ටිකක් කල් යන බව දන්නෝ දනිති.එවන් නිද්‍රාශීලී රජයේ ඇතැම් කෙරුමන් පරන හනමිටි තුරුල් කරගෙන පොතේ විදිහට මුද්දර ගසමින් ලියුම් ලියමින් ටයිප් රයිටරයට කොටමින් රාජය ප්‍රතිපත්ති ක්‍රියාවට නැන්විමට දත කමින් සිටින මොහොතක ඔවුන්ගේ ඉබි ගමන දෙස බලා සිටීම හැර වෙනත් දෙයක් මහජනයාට කරන්නට නොහැකි බව පසක් කරගත් ජනතාවක් රට තුල සිටීම සතුටට කරුනකි.ඉන්දියාවේ ආමරිකාවේ නැතිනම් වෙනත් රටක වූවා නම් ඔවුන් මේ වන විටත් යටියන්තොට ගිහින් ඇතුවා සේම තම වැඩ කොටස හරියට නොකෙරු බව ජාතියට කියා සමාව ගෙන ගෙදර ගිය උන් පිරිසකුත් දකින්නට ලැබෙනු ඇත.නමුත් මේ දේශයේ එසේ කරන්නවුන් නැත.සතියක හෝ දෙකක ශෝට් ටයිම් මෙමරියක් ලාංකික ජනතාවට තිබිම මෙවන් පොරවල් වලට ලැබුනු සහනයක් ලෙස මෙහිදී පෙන්වා දිය යුතුය.
දවසක් දෙකක් සතියක් ගහ මරාගෙන පුටු කඩාගෙන ලේ රහ වැටෙන තුරු කෑ කොස්සන් ගසාගෙන ප්‍රතිපත්ති නිති සම්පාදනය කොට එය ක්‍රියාවට නන්වද්දී  මේ අවුලෙන් දිවි පිදු අයගේ දෙවර්ශ පුර්න සිහි කිරිමේ උත්සවයට ලක ලැහැස්ති වීමේ ප්‍රවනතාවක් පවතින බව නම් මෙහිදී කිව යුතුමය.එසේ විමට හේතු වන්නේ රජයේ සේවයේ කාර්යක්ෂම බවම වන්නට පුලුවන.එය ලාංකික ජනතාවට මහා අස්වැසිල්ලක් බව අප සියල්ලන්ම දනී.පාට පක්ෂ  ආගම් සංස්කෘතිය භාෂාව සතුරු මිතුරු ප්‍රතිපත්ති තව දුරටත් රට අරාජික කරමින් පවතී.ඒ අවුල නැති කීරීමට යත්න දරනවා වෙනුවට රටේ මහ තැන් ඒ ගිනනෙන් ගිනි තපිනා බවද පෙනෙන්නට තිබේ.චන්දය දී ඒ තැන් වලට පත් කල මහ ජනයා කට ඇරගෙන ඒ උන් නටන නරි නාටක බලමින් සිටී.වෙනත් රටක වුවා නම් ප්‍රතිපත්ති නිර්ණායක පැයක් යන්නට මත්තෙන් ජාතික අවශය තාවක් ලෙස සලකා ක්‍රියාවට නන්වනු ඇත.එහෙත් අඹයක හැඩය ගත් මේ පුංචි දුපතේ දේශපාලනය බඩ වඩා ගන්නා අදෝ වාතයක් වී හමාරය.රටේ තත්වය එසේය.
මෙයට අප කුමක් කල යුතුද යන්න සොයා බැලීමේදී පුලු පුලුවන් අය එක්කෝ තිරුපති දෙවොලට ගොස් යාග හෝම කල යුතුය.නැතිනම් අපට හිමි චන්දය චන්දයක් පැමිනිය හොත් කටුගා දැමිය යුතුය.අප හැමදාම පාලකයාගේ බිලී කොක්කට පනින මාලුන් නොවන බව ඔවුන්ට පසක් කල යුතුය.නැතිනම් පොදු වැසිකිලි වලකට බැස ඒ වලේ ඇති හොඳම කොටස ඉටි කවර වලට රුවාගෙන චන්ද හිඟමනේ යෙදෙන්නවුන්ට දමා ගැසීමට අද අදම ක්‍රියා කල යුතුය.මැජර දේශපාලනය නොමැතිව අප අපවම පාලනය කරගත හොත් දේශපාලනය අවැසි නැත.වැරැද්දක් වුවහොත් එයට නිසි දඩුවම අප විසින්ම දිය යුතු කාලය එලබ ඇත.   
අපගේ මුදලින් බඩ කට පුරෝ ගන්නා දේශපාලකයන්ගේ බඩ අප තවත් තද කරන්නෙ ඇයි.එය එසේ නොවිය යුතුය.හරියට වැඩ නොකරනා දේශපාලකයන් පාලකයන් ගෙදර යවා රටට සැබෑ ලෙසම ආදරය කරනා පාලන පැලැන්තියක් අප නිර්මානය කර ගත යුතුමය.නැතිනම් අපගේ රටේ අභාග්‍ය අපම ලං කර ගත්තා ලෙස අපගේ දුවා දරුවන් අපව හංවඩු ගසනු ඇත.
කෑකෝ පප්පෝ රෙවිලා මෙන් කෑ කොස්සන් දෙන්නෙ උන්ට බඩ වඩා ගැනීමට මිස අමා දුක් පෙරදැරි කොරගෙන නොවන බව අප වටහා ගත යුතුය.අපේ චන්දයෙන් මහ පුටු වලට ගොඩ වන නිකම්මුන්ගේ ඇඟට වැලි කැටයක් වත් වැටුනේ නැත.ඔවුන් ඒ තැනට ගෙන ආ බර ගනනක් මේ වියසනයෙන් මරු තුරුලට ගියේය.ඔවුන්ට මැස්සෙක් වහන්නට කලින් බේරෙන්නට පුලුවන.නමුත් ඒ තැනට ගෙන ආ අපට කගේවත් පිලිසරනක් නැත්තේය...එය එසේ වී නම් අප කුමක් කරමුද ???

....දුකා.......

Saturday, March 23, 2019

ආත්මාර්ථය......


ගොඩාක් මිනිස්සු ඉන්නව තමන් ගැන විතරක් හිතන.පෙලක් වෙලාවට කියයි මං එහෙම කිවුවහම මේ කර්කශ කරප්ටඩ් සමාජයේ එහෙම නොවි බෑ කියල.ඔවු වෙන්න පුලුවන්.ඔයාල ඒ කියපු දේ උනත් වැරැද්දක් දකින්නෙ නෑ මං.මෙහෙම කියන්න හේතු මොනවද කියල මං කිවුවොත් ඒ කරුනු මොලගෙඩි ඇතුලට දාගෙන කරකෝලම බලන්නකො මං කියන දේ ඇත්තද කියල.මුලින්ම බලමු පොදු දේපල සම්භන්ධ කාරනා.බස් එක අපි උදේ හවස යන ලංගම බස් එක.පිටිපස්සෙම තියන දිග ශිට් එක.පහකට යන්න පුලුවන් විදිහට හදල තිබ්බට මිනිස්සු හතර දෙනයි යන්නෙ වෙලාවකට.මොකද හේතුව අනික් උන් අඩු දඩු දිග ඇරගෙන හතරගාතෙත් උඩට අරන් තප්පලං ගහං.පස්වෙනියට ඉඳගන්න බෑ ඉඩ නෑ.කටක් ඇරල කියල තියනවද ඒ මහත්තය පොඩ්බක් එහාට වෙලා ඉඳගන්න කියල.නෑ නේද ? වෙලාවකට දෙන්න දාන ශිට් එකේ මහත්තයෙක් ජැන්ඩියට ඇඳගෙන තප්ප දෝරුව වගේ ඉඳගෙන ඉන්නව පිරිමියෙක් නැග්ගම කකුල් ඇත් කරල තවත් ඉඩ අල්ල ගන්නව.මොකද ඒ...හැබැයි ඔතනට ගෑනු කෙනෙක් ඉඳගන්න ඇහුව නම් අඩු අකුලගෙන පැත්තකට වෙනව.පස්සෙනෙ ගෑනු කෙනාට දෙන සැප තීරනය කරන්නෙ මහත්තය. වල් කමද ? නොහොබිනා කමද ? වෙනස් මහ සමාජෙ හරි වෙනස්.ජැක්සන්ල බස් එකේ හිරවෙනකොට ඉන්නව මයි.ඒ අය ජක් එක ගහනකොට කවුද ඒ කාන්තා හින්සනේ ගැන කතා කරේ මේ වෙනකං.ඔක තමා අවුල.එලියට ඇදල කන රත් කරන්නෙ නැතුව කර බාගෙන ඉන්න සමාජ ක්‍රමයක් අපේ රටේ තියෙනනෙ.උදේටත් බන අහන හවසටත් බන අහන.ජාතිය හරි වෙනස්.සිංහ ලේ කියල ඇගේ පතේ පුකේ ගැහුවට ඔය හත්තිලවු එක්ක වෙනස් වෙලා නෑ සිංහලයගෙ.වලත්තු ගති වලින් පිරිච්ච කැලෑ වැදිච්ච ලේ තමා හැමෝගෙම දුවනනෙ.ටොපිය කාල කොලේ දාල කුණු ගඳ ගහන පාරවල් වල බැන බැන යන ජාතියක් මේක.නහය හකුලං.හැදෙන එකෙක් හැදෙන්නෑ අම්භල අප්පල නොකිව නම්.පාසලෙන්ම ඒ හොඳ ගති උගන්නන්න බෑ.හිතල බලලම කියන්නකො මං කිවුව මුල්ම කාරනේ දැන් හරිද කියල.ආත්මාර්ථය පෙරදැරි කරගත් පට්ට සිංහල සමාජෙ...

......දුකා.....

Thursday, November 29, 2018

තරුණ කලා හයිය......


48 වන ජාතික යෞවන කලා සම්මාන උළෙලේදී අපූරු දෙයක් සිදු වුනා.දැනට රජයේ වැඩ බලන ඇමතිවරු පිරිසකුත් මේ උලෙලේ ආරාධිතයන් හැටියට පැමින සිටියේ තරුණ කලා කරුවන්ට සම්මාන ප්‍රධානය කිරීම සඳහායි.නමුත් එහිදී සම්මානලාභී පිරිසක් එම ඇමතිවරුන් අතින් සම්මාන ගැනීම ප්‍රතිශේප කරා.මෙය අහබු සිදුවීමක් බව හුවා දැක්වීමට පෙලක් අයවලුන් යත්න දැරුවද එය සත්‍ය වශයෙන්ම අහබු සිදුවීමක් නොවන බව රූප රාමු පරිශීලනයේදී පෙනෙන්නට තිබුනු කරුනක්.ඔවුන් කියා සිටියේ ජාති වාදය අවුස්සා හෝ රට අරාජික කරනා ඇමති වරුන් අතින් සම්මාන ගැනීම ඔවුන් නොකරන බවයි.කලාවට දේශපාලන හදිසි හස්ත අවශය නැත යන්න බොහෝ දෙනා පවසන කරුනක්. නිර්මානය බිහිවන්නෙ පරිකල්පනය හෝ යම් සිද්ධියක් මත රජයක වැරැද්දක් හෝ යම් කෙනෙකුගේ වැරැද්දක් සමාජ ප්‍රගමනයට රුකුලක් කලා වහරක් තුලින් සිදුවිය හැකීයි. සමහර විට පවතින ගතික ස්වභාව දෝශ දර්ශනයට ලක් වීමක් ද සිදුවිය හැකියි. හුදී ජන මනස පුබුදුවාලන මෙවන් නිර්මාණ ඇගයිමකට ලක් කරනා මෙවන් කලා සම්මාන උලෙලවල් වලට රට ගැන තැකීමක් නොකරන ඔවුන්ගේ බඩ වඩා ගන්නා දේශපාලන බල අධිකාරියෙන් වැඩක් නොවන බවත් ඔවුන්ගෙන් සම්මාන ලැබීමට තරම් තම කලා නිර්මානය හෝ තම පරිකල්පනය හීන නැති බවත් තරුන කලා කරුවන් පෙන්වීමට ගත් වැයම ඉතා අගනා බව පෙන්වා දිය යුතුය.
රටේ උන්නතියට නිර්මානය වු කලා නිර්මාන කිලිටි දේශපාලන බල හස්තයෙන් කිලිටි කර ගැනීමට ඇගයිමට ලක් කිරීම ඔවුන් නොකරන්නට ගත් වෑයම කශේරුකා නැති අයට යස පාඩමක් බවනම් පෙන්වා දිය හැකියි.කලා කරුවා කාගේ හෝ දේශපාලන අත කොලුවක් නොවිය යුතුය.කාගේ හෝ කොට්ටය මතට ඔඩොක්කුවට නොවැටිය යුතුය ඔවුන් තම නිර්මානයෙන් රටක් තනන්නට වැයම් කරන්නෙද එය දේශපාලන හෝ වේවා සමාජ හෝ වේවා සංස්කෘතික හෝ වේවා වැරැද්දක් පෙන්වා දෙන්නෙ නම් අප ඔවුන්ගේ එම ප්‍රතිපත්තිය ගරු කල යුතුය. තරුණ කලා කරුවනි ඔබට රටක් තනන්නට තරම් කශේරුකාවක් ආති බව ඔබ ලොවට පසක් කර ඇත.දේශපාලණය නම් විනය හැම විශයකටම රින්ගූ මෙවන් අවදියක කලාවට දේශපාලනය අවැසි නැති බව පෙන්වීමට ගත් උත්සාහය දුකාගේ කොලමින් මෙසේ පසැසුම් ලබන්නේය....


........දුකා ..........

Monday, October 15, 2018



රස වින්දනේ....

භාෂාව රටක ජීවනාලිය. දෙවන ලෝකෙ රටවල් වල වෙච්චි තුන්වන ලෝකෙ රටවල් වෙච්චි කන්න බොන්න නැති රටවල් වෙච්චි ඒ රටවලත් භාෂාවක් තියනව ඒ වගේම සාහිත්‍යයකුත් තියනව.ඒ තමා රටක උරුමය.රටක භාෂාව රටක ජීවනාලිය කියන්නෙ ඒකයි.හැබැයි පුතාල අපේ රටේ භාෂාව වෙලාවකට හිතෙනව රටේ උන් වලඳනව කියල.ඒ මදිවට පහරනව භාෂාව උඩ.තේරුමක් නෑ බොලං අපේ රටේ උන්ට. ඒ තරං අපේ රටේ භාෂාව වලඳනව. මේ කතාව මට කියන්න නිධාන කතාව උනේ අද උදේ වෙච්චි දෙයක්.ඔන්න ඒ කතාවත් කියන්නම්කො නැත්තම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති වේවි.
නිධාන කතා වස්තුව මෙන්න මෙහෙම පටං ගන්නම්.
උදෑ නැක්කෙම බස් එකට නැගල හරි බැරි ගැහිල ඉඳගෙන ඇහැ පියා ගන්න එක මට දැන් හරි සැප වැඩක්.මොකද බස් එක වෙලාවකට අපි වගේ අයට තොටිල්ලක සුව දෙන තැනක්.සැප නින්දට වඩා කැඩි කැඩි තමා නින්ද යන්නෙ ඉතින් ගල් මුල් වලින් මහ වලවල් උඩින් බස් එක යන කොට ඔලු ගෙඩිය ඩිග් ගාල වැදෙනකොට ඇහැරෙනව තමා හයිලෙවල් පාර කියල නභ තිබ්බට ඒකෙ ඒ කාලෙ තිබ්බ ලෙවල් එක අද නෑ.මොනව උනත් බැරි බැරි ගාතෙ වකුටු වෙලා නිදා ගන්න එකේ සැප අපි වගේ අයට මහ මෙරක් පොඩ්ඩක් හරි.
කට්ට කුමන්ජල් අල්ලල සුක්කානම අල්ලල වැඳල දෙවියො වැඳල හෝන් එක තුන් පාරක් ගහල බස් එක පාරට දානව මතකයි රියදුරු උන්නැහැ මං නිදි...ඔන්න ටිකක් දුර යනකොට සල්ලි ගත්තනං කියල කන ගාව කෑ මොර දෙන කොන්දොස්තර උන්නැහැ හින්ද අතේ ගුලි කරන් හිටපු පාවෙන රුපියල් සිය දික් කරල ටිකට් එක සාක්කුවේ තැන්පත් කොරල ආයෙ හරි බැරි ගැහිල නිදයන එක තමා මගෙ රාජකාරිය ඉතින්.නුගේගොඩ බහින්න කියනකං මං කුකුලු නින්දෙ.
ඔය දැන් තියන බස් වල තියන දේවල් ගුවන් යානා වලත් තියනව ඒ තරම් අපේ පාරෙ බස් සැපට හදල තියෙන්නෙ රූපවාහිනි යන්තරයක් මහ සද්දෙට හඬ තලන වෑර්ලස් එකක් දුරකතන ආරෝපනය කරන්න තැන් උනත් දැන් අපේ පැත්තෙ බස් වල තියනව.මේ බස් එකෙත් එහෙම සැප තියනව.මොකද ගිතයක් මහ හයියෙන් දාල භාගෙට නටන හොටු පෙරන් නටන බඩ ගෙඩි කල ගෙඩි වගේ වනන ඕපන් ශෝ ඩාන්සින් ටීම් ඩී.වි.ඩි  පටයක් දාන එක දැන් බස් වල යන අයට වින්දනේ ගේනව.හැබැයි ඉතින් බස කන හොටු පෙරන් එයා මාව දාල ගියා ඇයි රත්තරන් මාව දාල ගියේ කියන ගිත සාහිත්‍යයක් තමා බස් වල ලවක් දෙවක් නැතිව ඇහෙන්නෙ.පට්ට මහාචාර්ය කෙනෙක් නම් කියයි ඔය අරුත් සුන් ගීත කියල.නැත්තම් යන්නෙ මලෙන් පටන් අරන් අසන්නන්ට මල පාත් වෙන සින්දු.වෙනම බස් කල්ට් එකක් තියෙන්නෙ.ගීතයෙත් එහෙමයි බස් රස්සාවත් එහෙමයි ඔකට මං කියන්නෙ උප සංස්කෘතිය කියල.බස් උප සංස්කෘතිය.
මොනව උනත් දාපු ගිත ටික හින්ද නින්ද අහලකට එන්නෙ නෑ වගේ මොකද හරි බැරි ගැහිල මං ඉඳගෙන තියෙන්නෙ බපල් කටක් මුල.කන් පිරෙන සද්දෙ.බීරි අලියෙක් වත් නිදා ගන්න එකක් නෑ ඒ සද්දෙට මයෙ හිතේ.පින් ලිඳවල් වගේ බුරි පෙන්න පෙන්න නටන ලියන්ගෙ අනඟ රැගුම් තමා රූප පෙට්ටියෙ දුවන්නෙ.ඔන්න වැටෙයි මෙන්න වැටෙයි කියල හිතෙන ඇදුම් ඇඳන් නටන්නෙ වයසක උන්දැල කට ඇරන් බලන්නෙ අවිස්වාස ඇදුම් කැඩුම් දිහා.මාත් බලන් ඉතින් ඒව නින්ද නැති නිසා...
පිලි ගන්න වේදිකාවේ සේනානායක වෙරලියැද්ද...අත්පොලසන් එක්ක හූ...
දඩං බඩං ඩොන් තප්පුව....වෙරලියැද්ද මහත්තයගෙ බර හඬ...පෙරුම් පුරාගෙන ආ සංසාරේ....කොල්ලො කුරුට්ටො නැටුම් තෙල් තොල ගා ගත්ත උන් සුරුට්ටු උරපු උන් හෝසෙට නැටිල්ල..ඈ යකෝ ඒ ගිතෙටත් උන් නටනව.කොච්චියේ හැප්පිච්ච එකක් නේද මේ කියන්නෙ.ගීතයක් තේරුම් ගන්න බැරි රසවින්දනයක් නැති උන්ද රටේ ඉන්නෙ.මට එහෙම හිතෙනව.

පෙරුම් පුරාගෙන ආ සංසාරේ ...
පැතුමද සුනු විසුනුව වැටුනේ....

ඒකිට ඒකිකො ඌට මොන තරම් පැතුම් තිබෙන්නට ඇද්ද ආදරෙන් තුරුලු කරගත් ආදර වන්තියො ආදර වන්තයො කොතරම් පැතුම් පතනවද පෙලක් උන් රොකට් නැතුව හඳට යන්නත් පැතුම් පතන කාලයක්නෙ මේක.ඒ හිනද මේ සුන් වෙලා යන්නෙ...ඔකනෙ මේ ගිතයේ මේ පද මාලාවෙන් කියන්නෙ.මගෙ පුංචි මොලේට හිතුනෙ ඒක....

කාටද රිදුනේ කවුරුද හැඬවේ
දුම්රිය මොහොතක් නතර උනේ....

අනේ අපොයි කියල හිත හදා ගන්න රටේ දදුම්රයට පනින උන් එමට පැන්සලක තුඩ කැඩුනත් දුම්රියට පනින සමාජයකනෙ තියෙනනෙ.ඒක දැන් සාමාන්‍යයි.ඒ නිසාද ගීත රචකය මේක ලිවුවෙ. නෑ කාටද රිදුනේ කවුරුද හැඬුවේ. කොච්චියට රිදුනෙත් නෑ යන උන්ට රිදුනෙත් නෑ.ඒත් රිදෙන්න ඇති අම්මට තාත්තට ඒකිගෙ හරි උගෙ හරි.නැත්තම් තමන් එක්ක දහසක් හින දැකපු ප්‍රේම වන්තයට හරි ප්‍රේම වන්තියට හරි රිදෙන්න ඇති.ඒකයි කියන්නෙ...මට තිරෙන විදිහට.ඒත් ඉතින් අරුන් තාම නටනව.

මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමන වේ
දොලක් වගේ දිය දෝත වගේ..
ජීවිතයම අම සිසිල දැනේ...

ගිත රචකයා කියන්න දඟලන්නෙ මොකක්ද මලක් වගේ ජීවිතේ මුකුලිත වෙනව පර වෙනව අනිත්‍ය ගැන කියන්නෙ.නමුත් ජීවිතේ කියන එකේ සුවය ලබන්න පුලුවන් වීර්ය තියෙන්නෙත් අපටමයි කියන එකයි කියන්නෙ.දොලක ගලා යන වතුර අපි අරගෙන ටිකක් වෙලා ගිහින් දොලෙන් ආපහු වතුය ගන්නකොට ඒ වතුරම නෙවෙයි තියෙන්නෙ වෙනස් වෙනව.ඒ වගේ ජීවිතේ දුකත් එනව සැපත් එනව කාලෙන් කාලෙට.සිසිලත් දැනෙනව රස්නෙත් දැනෙනව.ඒ ජිවිතේ හැටි කියන එකයි ගීත රචකය කියන්න දඟලන්නෙ....   ඒක නොතේරෙන උන් පන කඩං නටනව...

වරක් නෙතඟ කඳුලක් පිරීනාදෝ..
සිතට දරාගනු බැරි දුක් වීදෝ..

කඳුලැලි එනව දුකේදි..සිතට දරා ගන්න බැරි දුකේදි ඇත්තටම ඔබ කෝච්චියට පැන්නෙ එහෙම දුකක් වත් ඇවිල්ලද ප්‍රශ්නයක් ඒක.මොකද අහන්නද මල මිනී වලට කතා කරන්න බෑනෙ ඒක ගැනයි කියන්නෙ...ඒත් ජවුසම් පාලියට නටනව කට්ටිය...කොන්ඩෙ කඩාගෙන බෙල්ල කඩාගෙන..

දිවිය මොනතරම් සුන්දරදෝ...
දුකම කොයි තරම් සතුටක් දෝ..

ඔයා දන්නෙ නෑ මෙහෙම අකල් මරනයක් කර ගන්න නෙවෙයි ජීවිතේ තියෙන්නෙ ඒක මාර සුන්දරයි.දුක විඳපු එකා දවසක තැනකට ආවහම පාරම් බානව ආපස්ස හැරිල බලල තමන් ආපු ගමන ගැන. ඒ දුක දැන් දුකක් ඒත් පස්සෙ සතුටක් වෙනව කියන එකයි කියන්නෙ.ඒත් ඉතින් දෙයියනේ ඒක දන්න උඹ මොන රෙද්ද්දටද කොච්චියට පැන්නෙ කියන එක අහනව ගීත රචකය.

ඒ නිසා තමයි කියන්නෙ අපේ රටේ භාෂාව තේරුම් ගන්න කියල හැම ඉලවුවටම නටන එක නවත්තල තේරුම දැනගෙන වැඩ කරන්න ඕනෙ.නැත්තම් ගීත සාහිත්‍යයත් රටේ භාෂාවත් ලඟදිම කෝච්චියට පනීවි.
රසවින්දනය උදෙසා ඒ ගිතය මං දාන්නම්.එතකොටවත් උසස් රසවින්දනයක් ඔබට ඇති වේවි.

දැන්වත් හැම හත්තිලවුවටම නටන එක නවත්තපල්ල.





...... ඉෂාන් නොහොත් දුකා .......

Saturday, October 6, 2018

ප්‍රශ්න......

විටක අපිට ඔලුව උස්ස ගන්න බැරි තරම් ප්‍රශ්න.එකක් යනකොට එකක් පෝලිමට  ප්‍රශ්න. රස්සාවෙ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න.වෙලාවකට වැස්සොත්    ප්‍රශ්න වෙලාවකට පෑවුවොත්  ප්‍රශ්න.කරත්  ප්‍රශ්න නොකරත්  ප්‍රශ්න.හෙම්බත්වෙලා මිරිකිලා ඇකිලිලා  ප්‍රශ්න වලින්.වෙලාවකට දිනුවත්  ප්‍රශ්න පැරදුනත්  ප්‍රශ්න.ගොඩ යන්න නම් මේ  ප්‍රශ්න ඇති ලොකෙට මුන දෙන්නම වෙනව.සතුටින් ඉන්නකොටත් කොහෙන් හරි සතුට නැති කරන  ප්‍රශ්නයක් එනවමයි.
   ලොක්කො වෙච්ච උනුත් පට්ට චූන් එකේ ඉන්නවනෙ උන්ට නැද්ද  ප්‍රශ්න.වෙලාවකට එහෙම හිතෙනව අපිට.නැත්තම් නාන්න සල්ලි තියන උන්ට නැද්ද  ප්‍රශ්න.ඒවත් ඉතින් අපිට  ප්‍රශ්න තමා.මචං දැනගනිල්ල අපිට සල්ලි නැති  ප්‍රශ්නය විතරයි තියෙන්නෙ උන්ට ඊට වඩා  ප්‍රශ්න බං.වියදම් කරන්නෙ මොකටද  ප්‍රශ්න.සල්ලි රැක ගන්නෙ කොහොමද  ප්‍රශ්න මචං උන්ට.හොර හතුරො එයිද  ප්‍රශ්න මචං.
   ලොක්කන්ට තියන  ප්‍රශ්න තමා ලොකු ඉවෙන්ට් එකක් තියනව කට්ටිය නැතිවෙයිද  ප්‍රශ්න.හරියට කර ගන්න බැරි වෙයිද  ප්‍රශ්න මචං.උනුත් මිරිකිලා ඉන්නෙ ඒත් ඉතින් අපිට පේන්නෙ උන්ට එහෙම අවුලක් නෑ කියල.සැපට ඉන්නවනෙ.අපි ඒකත්  ප්‍රශ්නයක් කරගෙන.
    මචංල මේ දවස් වල මං ඔය මට තියන  ප්‍රශ්න ගැන වැඩිය හිතන්න යන්නෙ නෑ.රස්සාව නැති උනත් වැඩිය හිතන්න යන්නෙ නෑ.ලොක්ක බැන්නත් හිතන්න යන්නෙ නෑ.බීරි අලිය වගේ ඉන්නව.එතකොට ලොක්කො වීනාව වයල වයල හති වැටිල අත හරිනව ඌට කියල වැඩක් නෑ කියල.මචං උන් බනින්නෙ උන්ටත්  ලොක්කො බනින නිසා මචං.මොකද උන්ට අපිට වඩා ප්‍රශ්න.
     නොන්ඩි වෙනව උන් අපිට වඩා උනගෙ ලොක්කො ඉස්සරහ.කරන්න බැරි දේ  දිගට හරහට කියල කියල පොර වෙන්න දඟලල අන්තිමට හොට බිම ඇනගත්තහම උන් අපිට බනිනව කරපං කියල.අපි කොහොම හරි චරහම උන් ලකුණු දා ගන්නව අපි කරපු වැඩේ උන්ගෙ ලොක්කන්ට පෙන්නල.ඉතින් ලොක්කො උන්ගෙ ඊලඟ පාර උන්ට දෙනව කරන්නම බැරි වැඩක් අපිත් කරනව.ඒත් මචංල එහෙම අනුන්ගෙ  ප්‍රශ්න අපේ ඔලුවලට දාගෙන අපි ඒ වැඩේ කරන එකෙන් ඇති වැඩක් නෑ.මොකද අපිට හම්බුවෙන මල ඉලවුවක් නෑ.අපි හැමදාම උන් ඉස්සරහ මැරෙනව.ඔකයි මචංල රට ඉස්සරහට යන්නෙ නැත්තෙ.එක තැන.
   අලුත් අදහස් තියන උන් තේ ගහේ දලු කඩනව වගේ සතියට සැරයක් කඩනව.උන්ට ඕන විදිහට ගහ හදාගන්නව වගේ ටිකෙන් ටික අපි හදන්න බලනව.මොකවත් කර ගන්න බැරි පින්ගුත්තරයො ඒ විදිහට හැදෙනව ඒත් මචංල එහෙම ඕනෙ නැති උන් අනේ ලොක්කො පස්ස නම් උස්සන්නෑ කියල කට උල් කරල කියල උන්ගෙ විදිහට ඉන්නව.
   ඒත් ඉතින් එහෙම ඉන්නෙ අතලොස්සයි ඈ.අද මෙහෙම වෙනව හැම තැනම හැම ආයතනයකම.මානව සම්පත් කලමනාකරනය කරන උන් හිතනව උන් තමා පොරවල් කියල.ඒත් මචංල උන් කරන්නෙ ලොක්කගෙ ගෙදර වල් ගලෝන එක නැත්තම් කාර් හොදන එක.නැත්තම් මල් වලට වතුර දාන එක.හැබැයි සිංහ සෙයියාව තමා අපිට පෙන්නන්නෙ.මචංල අපේ ඔපීසියේ එච්.ආර් මැනෙජර පට්ටම තියන එකා ගාමන්ට් කෙල්ලන්ගෙ කුඩ පාරවල් කාල තමා ආවෙ.ඌ ඒ කියන්නෙ මානවයා සැපටම හසුරවන ඩයල් එකක්.ඒකනෙ මානවයා සැපක් දීලම පන්නල තියෙන්නෙ.
   මොන රෙද්ද උනත් ඇඳි වත ගිලිහි නොයන්න වැඩ කරනව නම් කිසි ගින්නක් නෑ.බෑ කියන්න ඕනෙ වගේම නෑ කියන්නත් ඕනෙ.නැතුව වසන්න බෑ.ඔන පුකක් ප්‍රිති වෙසක් කියල හිටියොත් වෙන වැඩේ පට්ට අවුල් එහෙම ඉන්න බෑ.රස්සාවල් ඕන තරම් තියනව කරන්න හොයා ගන්නත් තියනව.එහෙම නෑ කියන්නෙත් අපේම ලොකු පුටු වල උන්ම තමා.මේක නැත්තම් ඒක වැඩ පුලුවන් එකාට.ඒත් පන්දම අල්ලල පස්ස උස්සල ඉන්න උන්ට එහෙම බෑ.උන් ටිකට තුන් ලෝකෙම රස්සා හිඟයි.

...... දුකා   ......

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...