හිට්ලර් හැදුවෙ කවුද කියල ඇහුවොත් ඔබ දෙන උත්තරේ මොකක්ද ?ඒ ලේ පිපාසිත දරදඩු පාලකය හැදුවෙ උන්ගෙ අම්මයි තාත්තයි එකතු වෙලා කියල ඔබ කියාවි මට ඔච්චමට වගේ නේ.හරි ඒක ඇත්ත ඒත් ඔහුව මේ තත්වෙට පත් කලේ කවුද කියල ඇහුවොත් ඔබ දූන උත්තරේ මොකක්ද ?පොඩ්ඩක් මොලේ රිදෙනව නේ.හරි හරි බය වෙන්න එපා කියවන් යනකොට උත්තරේ දැනගනී.පොත පත බලල හොයා ගත්ත කරුනු ඉතින් මේව.හිට්ලර් ගැන කතා ඔබ ඕන තරම් අහල ඇති පොත පත කියෝල ඇති. චිත්‍රපට බලල ඇති.ඒත් මේ කියන්න යන දේ ටිකක් වෙනස්.
ඇඩොල්ප් හිට්ලර් කියන පොත ඔහුව මේ තත්වෙට හදපු හැටි ගැන පොඩි පරිච්චේද කිහිපයකින් පෙනනල දීල තියනව.ලෝකෙ හිටපු බුද්ධිමතුන් පිරිසක් එකතු වෙලා හදපු දීර්ඝකාලීන සැලැස්මක ප්‍රතිපලයක් තමා ඔය හිට්ලර් කියල කියන්නෙ.මෙතනදි රජුන් තනන එක විතරක් නෙවෙයි යුදධ තත්වයක් ඇති කරල අනෙක් රටවල් වල සකලවිද ධනය හොරකං කරන්න ගහපු මාස්ටර් ප්ලැන් එකක් තමා තියෙන්නෙ.ඇමරිකාව මහා බලවතා මේ ගේම අස්සෙ ඉන්නව කිවුවොත් ඔබ පුදුම වේවි.ඔවුන්ට ඕන ලෝක බලවතුන්ගේ රේට් එක එහෙමම තියා ගන්න. අනික් රටවල් ඒ අයට වැඩක් නෑ.තවත් රටවල් තුනක් මේ සීන් එකේ ඉන්නව.ඒ අයත් ඉතින් බලවත්තු තමා.මේ අය අතරෙ තියෙන්නෙ යුද්ධයක්. බලය පිලිබඳ යුද්ධයක්.මෙහිදී කියන්නම ඔන කාරනයක් තියනව මේ බලවත් රටවල් අනෙක් රටවල් වලට හැදෙන්න දෙන්නෙ නෑ.පොඩ්ඩක් නැගිටිනකොට මර්ධනය කරනව මොන දහං ගැට දාල හරි. මත්ස්‍යය නියාය දන්නවද ?
"ලොකු මාලු විසින් පොඩි මාලු ගිල දැමීම" අන්න ඒ විදියට තමා රටවල් එයාලගෙ කීම් බහට නතු කරගන්නෙ.දේශපාලන බල අධිකාරිය ගොඩ නැගීමත් තම රට ඉහලින් තබා ගැනීමටත් ඔවුන් ක්‍රියා කරන්නෙ එහෙම.
හරි දැන් හිට්ලර්ට නම් පාලකයාගේ තැනීම වෙත යමු.
යුරෝපය මත ගොඩ නැගුනු ජර්මන් යුධ ශක්තිය බටහිර ජාතින්ගේ තිබ්බ බිය නිසා මොවුන් මෑන් හැටන් ගිවිසුම ගැහුවේය.ඇමරිකාව කැනඩාව මහා බ්‍රිතාන්‍ය මේ ගිවිසුම හා සම්භන්ධ වුනා.මෙහි මහා මොලකරුවන් වුයේ ලෝක ප්‍රකට රසායනික විදයානයයෙක්.ඔහු නමින් "රොබට් ඕපන් හයිමර්" .දෙවැන්නා ජෙනරාල් වරයෙකු වුයේය.ඔහු නමින් ලෙස්ලි හෝම්ස් විය.මෙහිදී යුදෙවුවන්ද සිටියේය එයින් එක් අයෙකු වූයේ ඔබ කවුරුත් දන්නා ඇල්බට් අයින්ස්ටයින්ය.රිජුව හෝ වක්‍රව තවත් දහස් ගනනක් මේ ගිවිසුම හා සම්භන්ධ අය සිටියේය.බිලියන තුනක මුදලක් මේ සඳහා වියදම් කර තිබු බවද කියවෙයි.මෙම ගිවිසුම තුලින් නැගී එන නාසි වියාපාරය විනාශ කිරීම මුලික අරමුන කර ගත්තේමකතවද ආසියාවේ බල අධිකාරය තමන් කෙරේ නතු කරගත් ජපානයටත් වැඩක් දීම මෑන් හැටන් ගිවිසුමේ එක් අංගයක් ලෙස සලකන ලදී.ඇමරිකාවේ ජනාධිපති වු fරැක්ලින් ඩී රුස්වේල්ට් මෑන් හැටන් ගිවිසුමේ මහා මොලකරු වුයේය.1942 දිත් මෙම සංගමය සක්‍රියව තිබු බව කිය වේ.කිසිදු ජන මාධ්‍යයක් මේ රහසිගත වියාපාරය නොදැන සිටියේය.ජපානය,ජර්මනිය,ඉතාලිය සතුරු රාජ්‍යය ලෙස ඔවුන් සැලකුයේය.සාමාජිකයන්ට ඔවුන්ගේ භාර්යාවන්ට පවා මේ මෑන් හැටන් පිලිබදව නොකියන ලෙස තරයේ අවවාද කොට තිබු බවද පසුව දැනගන්නට ලැබේ.මොවුන් ආසියාවේ බලය පොලොවට සමතලා කරන්නට සිතා සහ ඔවුන්ගේ රටවල් වලට බලයේ වියරුව ලබා ගැනීම සඳහා ජපානය සමඟ යුද්දයක් ඇති කර ගත්තේය.පරමානු බෝම්බය නිර්මානයත් හිරෝශිමා නාගසාකි පොලවට සමතලා කිරීමේ අරමුනෙන් පරමානු බෝම්භය සෑදුවේද මේ මෑන් හැටන් මුදල් යොදාය.මෙසේ ආසියාව සමග යුද්ධ කිරීම ඇමරිකානු ගැති රටවල් හා ඇමරිකාව ආර්ථික වශයෙන් කඩා වැටිමකට ලක් කර තිබුනි. මෙහිදි ජර්මනියේ දේශපාලන සිතියම හිට්ලර් අධිරාජ්‍යයෙකු කර තිබුනේය.බලවත්ව රුසියාව නැගි සිටියි.එය අනෙක් බලවත් යුරේපා රට වලට විශාල හිස රදයක් ගෙන දුන්නේය.අනෙක් කාරනය නම් රුසියාව නිධානයක් ලෙසද පෙනෙන්නට තිබිනි.ඇමරිකාව ජපානය සමග යුද්ද කොට ඔවුන්ගේ ධනය හීන වෙමින් පැවතියේය.එය ඔවුන් කෙසේ හෝ පිරිමසා ගත යුතුය.ඇමරිකාව ආර්ථිකව වැටිලාය.රැකියා නැත.වෝල් ස්ට්රීට් පිපිරවීම යනුවෙන් හදුන් වන්නේ එයයි.
"වෝල් ස්ට්රිට් පිපිරවිම" නිසා ඇමරිකාව ආර්ථිකව ඇද වැටි තිබුනි.රැකියාවලින් ඇමරිකා රජය මිනිසුන් ඉවතට ඇද දැම්මේය.රට ආර්ථික ලෙස පහලටම ඇද වැටුනි.
එහිදී රුසියාවට වැඩේ දීම තම රටේ සෞභාග්‍ය නැවත ගෙන එන මහා උල්පතක් විය.රටට පැන රටේ සියලු සම්පත් කොල්ල කෑම ඔවුන්ගේ ඒකායන අරමුන වීම මෙහිදී පෙන්වා දිය හැකිය.ඇමරිකාව සහ එංගලන්තය කැනඩාව වැනි රටවල් හිටියේ ලෝක යුද්ධයෙන් හෙම්බත් වී ආර්ථිකය පහල මට්ටමකය. මොනව උනත් ඉතින් මේ සෙල්ලමෙන් කෙල උනේ ආමරිකාව සහ අනෙක් රටවල් වලටම තමා.තමාම කිරි පොවල හදපු නයි පැටිය කිරි පෝපු උන්ටම පෙනේ පුප්පනකොට ටිකක් රිදෙනවනෙ කොහොමත් ඒ වගේ තමා හිට්ලර් උන්නැහැත් වැඩේ දුන්න ඇමරිකාවට. ආර්යය අනාර්යය අවුල තමා ඇමරිකාව විසින් වපුරපු විසබීජය හිට්ලර්ගෙ ඔලුවෙ.රුසියන් බලවත් කොටසක් යුදෙවුවන් ජේසු තුමන් පාවාදුන් කුරුසයේ ඇන ගැසු ජන කොටසක් ලෙසට හන්වඩු ගැසිනි. ඔවුන් ඒ විසබීජය ඔලුවට දාල බලන් හිටිය වෙලාව එනකං.යුදෙවුවා සහ රුසියන් අතර යුද්ධය තමා ඇති කරේ.හිට්ලර් කියන්නෙ පරම්පරාවෙන් ධනවතෙක් නොවෙයි.එහෙම එකෙක් කොහොමද රටේ රජු උනේ.හොයල බලන්න වටින කාරනාවක් නේ.ඒකට මං උඩින් පෙන්නල දීපු රටවල් උදවු කරා ඔයාල විස්වාස කරනවද මන්ද? අධ්‍යාපනය, මිල මුදල් දුන්නෙ කවුද දැනුම ලැබුනෙ කොහෙන්ද කියල බලනකොට ඒක ටික ටික තේරෙයි. ආයුධ පවා දුන්න.මේ සැලසුම් අද හදල හෙට ක්‍රියාත්මක වෙන දේවල් නෙවෙයි.කල් යනව.ඇමරිකාව කැනඩාව එංගලන්තය වගේ රටවලට ඒව පුරුදුයි.ඔවුන්ට තියනව බැකප් ප්ලෑන් ඇති වෙන්න.ඔවුන්ගේ රාජතාන්තත්රිකයෝ බුද්ධිමත්තු අනාගත ඇමරිකාවේ පුරවැසියන්ටත් සැපවත්ව ඉන්න රට නොවැටෙන්න ප්ලෑන් හදල තියෙන්නෙ.දැන් තේරෙනවද ඇමරිකාවෙ නිරීමානයක් කියල හිට්ලර්... ඔවුන්ගේ නායකයන් මේ අගාධයෙන් ගොඩ ඒමට නිසි කල නිසි වෙලාවට පලෑන් සකස් කර තිබුනා.හිට්ලර් ලොව හමුවේ නිරාවරණය කලේද ඇමරිකාවයි.
කුරිරු පාලක හිට්ලර්,අමානුශික ඝාතකයා ඔවුන් කරලියට ගෙනාවා.සියලු ලෝ වැස්සන්ගේ හිත සුව තකා ඇමරිකානු එංගලන්ත කැනඩා ව රුසියාව බේරා ගැනීමේ දෙවන ලෝක යුද්ධය ආරම්භ කලේය.ඒ සියල්ල අප දකින අතරේ මුලු රුසියාවේ ධනයම ඒ රටවල් අත යටින් ඇද ගත්තා.
බලය තමා සන්තක කර ගැනීම සඳහා බලවත් රටවල් එකතුව අනෙක් රටවල් වල ධනය තමා සන්තක කර ගැනීමට ඔවුන් එසේ නොනැවතුනු බව කිව යුතුයි.
අල් කයිඩා සංවිධානයත් එසේ නිර්මානය වු සංවිධානයක් බව නොකියා බැරිය.ආර්ථික සුභ සිද්ධිය සඳහා ඇමරිකාව විසින් කිරි පොවා ලොවට හදුන්වා දුන් නිර්මානයක් ලෙස අල් කයිඩා හා අයි එස් සංවිධාන හදුන්වා දිය හැකිය.එය ඇමරිකාව තෙල් ඉව කරන සමයේ නිර්මානය වු එකක් ලෙස සැලකේ. ඔපෙක් සංවිධානයට අයත් රටවල් වල දේශපාලන ගැටුම් ඇති කර තමාට අවශ්‍යයය දේ ලබා ගැනීමේ ක්‍රියාවලිය මේ ඔස්සේ ඔවුන් සපුරා ගන්නට ඇත.පසුව ඒ නයිත් ආමරිකාවට පෙනේ පුප්පන දශ්ථ කරන අවස්ථාද දක්නට ලැබෙන බව මෙහිදී නොකියාම බැරිය.ලෝක බැංකු ප්‍රහාරය මෙහිදී උදාහරනයක් ලෙස දක්වා ලිය හැකිය.
ඔසාමා බින් ලාඩන් ඇමරිකාවේ පෙර කල ඉගෙන ගත් බව කියවෙන්නෙ එම නිසාය.සමහර විට ඔවුන් ඔසාමා නිර්මානය කරන්නට ඇත. ඔබ සොයා බලන්න ඇමරිකාව හමුවේ කොතරම් බොර තෙල් සංචිතයක් තිබෙනවාද කියා.ඇමරිකානු භූමිය තුල තෙල් ඇතත් ඒව පොලොව මතුපිටට තවමත් ඔවුන් ගෙන නැත.ඔපෙක් රටවල් අල්ලමින් ඔවුන් ඔවුන්ගේ තෙල් සංචිත තර කරන්නේ මේ ත්‍රස්තවාද නිර්මාන හරහාය.
IsIs සංවිධානයත් ඇමරිකානු නිර්මානයක් බව නෙයෙක් අය පෙන්වා දිය දෙයි. දැන් බොරතෙල් මිල උච්චාවචනය කිරීමට හෙට්ටු කිරිමට ඔපෙක් රටවල් වලට බැරිය.ඇමරිකාව සතු නිර්නායක ඔස්සේ ඔවුන් තෙල් මිල උච්චා වචනය කරන්නේ තම බල පරාක්‍රමය ලොවට විදහා පෑමට මෙනි.
උඩගෙඩි දෙන රටවල් අතර ඇමරිකාව අදී යුරෝපා ප්‍රසිකද්ධ වන්නේ ඒ අශීතව අනෙක් රට තුල ගිය හැකි Facebook ආදි සමාජ ජාල වල මුල් බිම හා ඒවායේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාල ඒ බිම් වල ස්ථාන ගත කර තිබීමයි.
"සමාජ ජාල එතරම් දරුනු නැත" යෑයි කෙනෙකු පවසතොත් ඒ හරහා රටක යුද්ධයක් ඇතිවූ අවස්ථාවක් දැක්වෙන බව කිව යුතුමය.ඊජිප්තුව එවන් වියසනයකට උරුම කම් කියු රටක් ලෙස මෙහිදී දැක්විය යුතුමය.ඊජිප්තු ජාතිකයන් හා මුසලිම් ඡාතිකයන් අතර ඇති වු යුද්ධයෙහි ප්‍රධාන වග කිවයුතු අයවලුන් ලෙස සැලකෙන්නෙ ඇමරිකාව ආදී ධනවත් රාජ්‍යයන් බව ඔබ නොදන්නා කරුනක් ලෙස මෙහිදි පෙන්වා දිය යුතුය.සමාජ ජාල හරහා මිනිසුන් කුකුලන් මෙන් කෙටවූයේ ඔවුන් මිස වෙන කවුරුන්ද ? ඊජිප්තුව ඇල්ලීමෙන් ඇති පලය කුමක්ද ? යන්නට හොඳම පිලිතුර වන්නෙ තෙල් සම්පත වන්නට පුලුවන.මෙහිදී තවත් ඊජිපතුවක් නොකර ලංකාව සමාජ ජාල හරි හැටි පරිහරනය නොකල හොත් සිදුවන්නේ දුර්භාගයක් බව මෙහිදී සඳහන් නොකරම බැරිය.
ඔපෙක් රටවල ගිනි ඇවිලවීම ඔවුන්ගේ තෙල් සම්පත ඇදීම මූලික කරගෙන නිර්මානය වු යුද්ධ ඇති කිරීම ඒවා සමතයකට පත් කිරීමට ඔවුන්ම මැදිහත්වීම සාම දූතයන් මෙන් රටට ඇතුල් වීම සමාගම් ඇති කොට ධනවාදී රටට සම්පත් ඇදීම මේ උඩ ගෙඩි සපයන රටවල ප්‍රධාන අරමුන ලෙස සඳහන් කල හැකිය.
තවත් කාරනයක් නම් දෙවන ලෝකයේ රටවලට ණය ආධාර සැපයීමේ ක්‍රමයයි. මේ සම්භන්ධව විකී ලීක්ස් වෙබ් අඩවියේ සඳහන් ලිපි ලේඛන විශාල ප්‍රමානයක් දක්නට ඇත.කුලී ඝාතකයෙකුගේ ඝාපාපොච්චාරනය නම් පොතේද මේ සම්බන්ධ ලිපි ගනනාවක් දක්නට ලැබේ.මෙහිදී දෙවන ලෝකයේ රටවල් කෙරේ බලවත් රටවල් ඇන්ගනා අපුර්ව විස්තර කර තිබේ.මෙහිදී ආර්ථීක විද්‍යාඥයන් ඒ රටවල් වලට රාජ තාන්ත්‍රික සේවයේ යොදවන අතර ඔවුන් එම රට ගැන ඔත්තු බැලීමේ කාර්යයෙහි නියුතු වෙයි.මෙහිදී එම රටේ ආර්ථික තත්වය භාණ්ඩාගාර අරමුදල් සම්බන්ධව පවා සොයයි. ඊට පසු ඔවුන් සුලු පොලී ණයක් ලබා දෙන අතර අවුරුදු ගනනක් නම් කොට ඒ කාලය වන විට ගෙවා නිම කරන ලෙසද මොවුන් රජය සමඟ එකඟතාවකට පැමිනෙයි.නමුත් ආර්ථිකය ඒ කල වන විට ඒ නය වත් ගෙවා ගන්න බැරි බව ඔවුන් දනී.ගෙවා ගැනීමට නොහැකි වුවහොත් ඔවුන් විවිධ යෝජනා එම දෙවන ලෝකයේ රට වෙත එල්ල කරයි.එම භූමියෙන් කොටසක්.ආර්ථික මර්මස්ථානයක්. ධනවත් රටේ නැවූ නැවැත්වීටම නය ගත් රටේ වරායක්.ඔය ආදී ලෙස නය උගුලක රට බැඳ ඔවුන්ගේ රටේ අනාගතය සඳහා ඔවුන් දිගු සැලසුමක් නිර්මානය කර ක්‍රියාවට නැංවීමක් දක්නට ලැබේ.
මේ තත්වය අප රටටද අත්විය හැක.ඔවුන් අප ඔලුව උස්සන්න තතනන මොහොතේ යටි උගුල් අදිනු ඇත.එය දැනගෙන කටයුතු නොකලොත් තවත් ඊජිප්තුවක්,ඉරානයක්, ඉරාකයක් මේ දිවයින වනු ඇත.ඔවුන් දත නියවන්නේ අපේ වරායකට විය හැක.ලංකාව වරාය කේන්ද්‍රස්ථානය වන්නට නැගිටින මොහොතේ ඔවුන් ලංකාව ඇමරිකානු කොලනියක් කර ගතහොත් සියලූම ලාංකික ජනතාව ඔවුන්ගේ වහලුන් වනු ඇත...
....... දුකා ..........




