පලවන කොටස
සීහල දීප.....
"සීහල දීප" කියන නම ගැන කතා කරලම වැඩේ පටන් ගන්න හිතුව.ඇත්තටම සීහලදීප කියන්නෙ "සිලෝන්" කියන නමම තමා.ලංකාවේ ඇත්තටම ඉස්සර පාවිචිචි කරේ සිහල දීප.ඒක තමා සුද්ද "සිලෝන්" කියල කිවුවෙ.උන්ට කියවන්න බෑ දීප ඒ නිසා "සිලෝන්" කියන්න ඇති.සීහල රට්ට,සිංහලීස්, සේලාන්, සෙරන්ඩිප් ඔය නම් ඔක්කොම ඒ ඈයොන් කියවන්න ශබ්ධ කරන්න බැරි නිසා ඒගොල්ලො හදා ගත්තු නම්නඇත්තටම රට රටවල් වල මිනිස්සු ශබ්ද කරන විදිය වෙනස්.මොනව උනත් ඒ සිහල දීප කියන වචනෙ මේ කතාවට මාත්රුකාව කර ගත්ත.මොකද ඒක තමා අපට හිමි නම.ඉස්සර ඉඳන්ම පැවත ආ නම.ඇත්තටම මේ පිලිබඳව විදේශ පැරනි ග්‍රන්ත පරිශීලනය කරන කොටත් සෙල්ලිපි පරිශිලනයේදිත් තියන කරුනක්.ඇත්තටම කිවුවොත් මෙරට පමනක් නෙවෙයි ඉන්දියාවෙත් "සීහල රට්ට" කියල තමා අපේ රට හැදින්වුවෙ ඒ පිලිබඳව පුරාවිද්‍යාත්මක ශාක්ෂි මං පසුවට පවසන්න තියන්නම්.මොකද මේ ටික මම කිවුවෙ කාරනා කාරනා කියල ඒ පිලිබඳව තවත් අදහස් ලබා ගන්න මං කැමතියි.මොනව උනත් මෙතැන් පටන් මේ හැම කරුණක්ම සාකච්චාවට බදුන් වෙන්න ඕන කාරනා.
මම මේ ලිපි සමුදාය ලියන්නෙ රට ගැන කතා කරන්න වගේම මිනිස්සු ගැනත් කතා කරන්න.ඇත්තටම කිවුවොත් මේක ලිපි මාලාවක මුල් කොටස කිවුවොත් නිවැරදී.සමහර කරුනු ඔබලා අසා බලා ඇති නොදන්න කරුනුත් ඇති.ඒත් රට ගැන ජාතිය ගැන සීහලයා ගැන කතාකරන්න කලින් දේවල් ටිකක් තියනව කියන්න.හිමිට හිමිට එකින් එක සාකච්චා කරමු.ඇත්තටම කිවුවොත් රට ගැන ඔබලාට තියන හැගීම මොකක්ද ? රට බල්ලට ගිහිනද ?අපි මොක්කුන්ගෙන්ද පැවත එන්නෙ ? රට ගම දාල යන්න හිතෙනවද ? දෙදාස් පන්සිය ගනනාවක ඉතිහාසය බල බලා ඇවිදිනවද ? රටින් එනකං බලන් ඉන්නවද ? රස්සාව හරියට කරනවද ? රට ගැන දුකද ? දේශපාලනේ ගැන අවුලෙන්ද ? වර්ගවාදීද ? ජාති වාදිද ? ආගම් වාදීද ? පිට රට උන්ට අපේ ඉතිහාසය විකුනනවද ? ජාන හොරකමේ යෙදෙනවද ? පිට රට වල් වල උන් පොරවල්ද ? නිතිය බල්ලට ගිහින්ද මේ එකි මෙකී නොකි කාරනා අපි කතා කරමු කතිකාවක් ගොඩ නගමු.ලිපි මාලාව හිමිට කියවන්න වෙලා තියෙන කොට පොඩ්ඩ පොඩ්ඩරථටට ආදරේ කරන්න පුරුදු කරන්න හදන්නෙ.ඔබ නොදන්න කරුනු කියල දීල.ඇත්තද කියන්නෙ කියල හිතල බලන්න.මුලින්ම මේ ටිකත් කියන්න ඕනෙ.මං මේ ලියන්නෙ දේශපාලන පක්ශයකට හේත්තු වෙලා එහෙම නෙවෙයි.මට ඔයාල බැලුවත් නොබැලුවත් එකයි.අනික මේව ලිවුව කියල මට දෙයක් ලැබෙන්නෙ නෑ.මට ලයික් වැසි ඕනෙත් නෑ.ඉගන ගත් දේ කියල දිල මගේ යුතුකම ඉටු කිරිල්ලක් තමා මෙතන තියෙන්නෙ.හැදෙන උන් හැදේවි.බොදු බල සේනා,රාවනා බලේ අර බලේ මේ බලේට කඩේ යන්නෙත් නෑ.සිහල දීපයේ රටේ ජනතා මුදලින් ඉගන ගත් දැනුම මහ ජනයාට කියන එක යුතුකම කියල හිතුන නිසයි මේ දේ මම කරන්නෙ.නැතුව දේශන තිය තියා පොරක් වෙන්න සල්ලි වලට ටිකක් ගහ ගහ විකුනන්න පොත් පත් ලියල පල කරන්න මගේ අදහකරන්නෙඅනික මට ඒකට ඒ තරම් ධනයකුත් නෑ..හැමදේම මුදලට යට උන කාලෙ මගේ දැනුම ඒ තරම් හැල්ලුට ලක් නොකර මගේ යුතුකම කිරිල්ල පමනයි මෙතන වෙන්නෙ.අත පය හතර තියනව හම්බු කරන් කන්න.වැරදි වැටහිමෙන් බලන්න එපා මූ මොකටද එන්නෙ කියල.බලල තීරනය කරල හැදෙන්නයි ඕනෙ.මං දන්න දේ මෙතන ඉඳන් කියනව.බලන එකෙක් බලාපල්ලා කියල හිතල.අනික වෙලාවක් කලාවක් නෑ ලිපි දාන මට හිතුන වෙලාවට නිදහස් වෙලාවට දානව.මගේ යුතුකම කරනව ඔයාලට දැනුන නම් තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.ඒක ලොකු උදවුවක් වේවි තව කෙනෙක්ටටතව දෙයක් කියන්න ඕනෙ මගේ වැරදි තියනවනම් හදාගන්න මම කැමතීයි.කරුනු කාරනා පහල ඊමේල් එකට එවන්න පුලුවන්.එතකොට මගෙත් දැනුම් පරාසය පුලුල් වේවි.ඔබ මට වඩා දැනුම ඇත්තවුන් වන්නට පුලුවන් ඒක නිසා ඒව එවන්න.හරි වැරැද්ද පෙන්නන ගමන් ගමනක් යමු.සිහල රටට ආදරය කරන මිනිසුන් හදමු.
ඇත්තටම මේ ලිපි ටික ලියන්න හේතු භූත වූ කාරනා මොනවාද ?
මේ ඉහත කාරනාව ගැන ඔබලාට කුකුසක් ඇති ඒ ගැන තමා මේ කියන්නෙ. ඉස්සෙල්ල අපි දන්න නොදන්න දේවල් වලින්ම කතාව පටන් ගමු.සීහලදීපය ඉනදියානු සාගරයෙන් වටවු භූමි භාගයක්.දූපත වර්ග සැතපුම්....... ගනනාවක හිමි රටක්.ඇත්තටම කිවුවොත් කාටත් යට නොවුනු රටක්.භූ විශමතාව පිලිබඳව සලකා බලනකොට රට අභන්තරයෙන් ගලන ගංගා සමුදායක් මේ පුංචි දිවයිනට හිමියි.ඇත්තෙන්ම කිවුවොත් ලෝකයේ පිරිසිදුම බිමට හැකි ජලය තියන රටවලින් එකක් විදිහම තමා ගනන් ගැනෙන්නෙ දැන් වෙනකොට.ඒක නිසා අපේ රට වතුර විකුණලා උනත් විදේශ විනිමය උත්පාදනය කල රටක්.ඒක ඉතිහාසයෙත් එසේමයි දැනුත් එසේමයි.මොකද ඕන තරම් ශාක්ෂි තියනව ඉතිහාසයේ අපේ රටට සේද මාවතේ විශේෂ තැනක් හිමි උනා කියල කියන.ඒ එකක් තමා නැවු වලට අවශ්‍යයය ජල පහසුකම ලබා ගැනීමට ලංකාවට ගොඩ බැස්ස කියන කාරනාව.අදත් එහෙමයි.බීමට අවශය ජලය ලබා ගැනීමට නැවු එනව කියල තමා කියන්න තියෙන්නෙ.ඕන කෙනෙකුගෙන් ඇහුවොත් ඒ කාරනාව කියයි.එතකොට ජලය විකුනා ධනය උපයාගන්නා රටවල් වලින් එකක් තමා මේ මුහුදෙන් වට වූ ගොඩබිම. වරායන් කිහිපයක් අපේ රටට හිමි ඒ වගේම දූපත් කිහිපයකුත් අපේ රටට හිමි.මේ වරායන් ගැන කියන කොට පලවන ලෝකයේ රටවල් ඇස ගහගෙන සිටින්නෙ ත්‍රිකුණාමල වරායට. ඒක ස්වභාවික වරායක් ඕනම මට්ටමේ යුධ නැවක් පිවිසීමේ හැකියාවත් ස්වාභාවිකව සෑදුනු ගැබුරු ජල පරිමාවකුත් ඒ වගේම ස්වාභාවික දිය කඩනයකුත් මේ ත්‍රිකුණාමල වරායට හිමියි. තවත් කාරනාවක් තියනව වැඩිය කවුරුත් නොදන්න.ඒ තමා ඕනෑම රොකට් එකක් සියලුම රටවල් වලට එල්ල කරන්න පුලුවන් පිහිටීමක තමා ත්‍රිකුණාමල වරාය පිහිටල තියෙන්නෙ.ශාක්ෂි අවශය නෑ ඔබ ගෙදර තියන ලෝක සිතියම අරගෙන බලන්න.කොහොමද කියල.වෙන කිසිම රටකට නැති ගුණයක් තමා ත්‍රිකුණාමල නැවු තටාකාන්ගනේ තියෙන්නෙ.ඒක ගොඩක් ප්‍රසිද්ධ නොකරන කාරනයක් උනාට ඒක ඇමරිකාව, චිනය වගේ රටවල් දන්නව.ලෝකයක් පාලනය කිරිමේ හැකියාව මේ වරාය සතුයි කියල තමා කියන්නෙ.අපිට කැරට් අල දීල ඒ අය දත කන්නෙ ත්‍රිකුණාමල වරාය අත්පත් කර ගන්න.ඊලාම් දේශය කොටින්ගෙ ඔය වරායත් එකතු කරල තමා ඇඳල තිබ්බෙ.දුන්නනම් කොහොමද කියල හිතල බලන්න.
අපේ ජනයාට මේක කිවුවට අවුලක් නැති වේවි.මොකද මේ ලිපි වලින් හදන්න දඟලන්නෙ රටට ආදරය කරන මිනිසුන් හදන්න නිසා.ඇත්ටම කිවුවොත් අපේ රට ගැන යම්කිසි ආඩම්බරයක් දැනටත් ඔබට ඇති.ඒ අඩම්බරේ තමා රටට ආදරේ කරන මිනිසුන් බිහි කරන්නෙ.
අපේ ජනයාට මේක කිවුවට අවුලක් නැති වේවි.මොකද මේ ලිපි වලින් හදන්න දඟලන්නෙ රටට ආදරය කරන මිනිසුන් හදන්න නිසා.ඇත්ටම කිවුවොත් අපේ රට ගැන යම්කිසි ආඩම්බරයක් දැනටත් ඔබට ඇති.ඒ අඩම්බරේ තමා රටට ආදරේ කරන මිනිසුන් බිහි කරන්නෙ.
දැන් මම මාත්රුකාවට බහින්නම් මේ රටට දෙදාස් පන්සිය පනහක අතීතයක් තියනව ලිඛිත අතිතයක්.ඒ කියන්නෙ මහ වංදඟලන්නෙ, බෝධි වංශය, ථූප වංශය ,මහා වංශය කියන පොත් පත් වල වගේම විදේශියවත් ලංකාව ගැන ලියවුනු දීර්ඝ ඉතිහාසයක් අපට තියනව.එහෙම දැනට හිතමුකො පස්සෙ වෙනස් වෙන්නත් පුලුවන් ඒක.ඒ ගැන දැන්ම කතා කරන්න යන්නෙ නෑ මං.
තෙත් කලාපිය වනාන්තර , සත්ව ප්‍රජාවක්,කටු පදුරු සහිත ලදු කැලෑ,පතන බිම් ඇදී නොයක් දේ අපි රටට හිමියි.ඒ වගේම ස්වාභාවික සම්පත් වගේම මැනික් මුතු ආදියටත් ලංකාව ප්‍රසිද්ධයි.පස්සෙ කාලෙක තේ, රබර්, කෝපි, කුරුදු වලට විතරනෙ ලංකාව ප්‍රසිද්ධ උනේ.අද දරුවන්ගෙන් ඇහුවත් ඒක කියයි.සුද්දෙක්ගෙන් ඇහුවත් ඔය ටිකම කියයි.ඒ ටික විතරයි ලංකාවෙ අදට අපිට ඉතිරි වෙලා තියෙන්නෙ.
ආගම් ගත්තොත් බුද්ධාගම, හින්දු ආගම, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී ආගම් පවතින ලංකාවෙ ජාති විදිහට සිංහල, දෙමල, මුස්ලිම් බරීගර් මැලේ විදිහට ජාති බෙදල දිල තියනව.ඒකත් ඉතින් බෙදිල තියෙන්නෙ අදහන ආගමට අනුව.ඒක ඉතින් කරේ රටේ මිනිස්සු කොටවන්න කියලත් හිතෙනව.සිහල රටේ සිටි මිනිසුන් කුලල් කා ගත්තහම ඒකෙ වාසිය ගන්න පුලුවන් ඉතින් පිට රටවල උන්ට.වන්නි මෙහෙයුම ඉවර කරන්න හදනකොට ඉන්දියාවෙන් මිට වසර ගනනාවකට කලින් උඩින් වියලි ආධාර දැම්ම කොටි පාලන ප්රදේශ වලට.ඉන්දියාව අනතුරු ඇඟවිමක් කලේ යුද්දෙ කරොත් අපි දානව මේ විදිහට බෝම්බ කියනව වගේ.එහෙම ස්වයිරී රටක දේශ සිමාවක් තරනය කරන්න පුලුවන් හයියක් තියනවද කියන අවුල එදා තිබ්බ.පලවන ලෝකයේ රටවල් යුද්ධයට කැමතීයි.ඒ උන්ගෙ අවි දෙපැත්තටම විකුනන්න පුලුවන් නිසා යුද්ධෙ උන්ට වෙලඳපොලක් නිර්මානය කරා අපේ රට ඇතුලෙ.ඒ නිසා තමයි යුද්ධෙට උන් කැමති.ඒක තමා උන් එදා ඉඳලම කරේ.ඒත් මොන දේශපාලන පක්ශයක් වත් සංවිධානයක් වත් ඒ පිලිබඳව කතා කරේ නෑ.මොකද බෙදිල්ල පෞද්ගලිකව උන්ට හොඳ නිසා.දේශපාලනේ බෙදිල්ල තියනකං චන්දය හම්බු වෙනව.තරහට චන්දෙ දානව ඌ එන්න හොඳ නෑ ඌ දෙමල ඒ නිසා සිංහලයට දෙනව කියල දෙනව ඌ හොඳ උනත් නැති උනත්.ජාතියේ චන්ද ටික උන්ට කොහොමත් තියනව කුලල් කා ගැනීමෙන්.ඒක තේරුම් ගන්න බැරි උන් අදටත් වැරදි තීරන ගන්නව.රට අරාජික වෙනව.රට උගස් කරන්න අනුබල දෙනව.ඒක නිසාම තමා සිහල රට කියන එක ඉදිරියට දාන්න ඕනෙ.රටක් විදියට එකා වගේ.මොනව නැතත් මොන ආගම තිබුනත් අපේ ජාතිය කුමක් උවත් අපි වැටිල ඉන්නං පොලවට පස් වෙන්නෙ සිහලරට කියන අපේ නිවසෙ.අපිට වෙන රටකට ගිහෑකි ඒත් ඒක උන්ගෙ රට.මෙරට ඉපදුනා නම් ඒක අපේ මවු රට සිහල රට.මේ රට තුල තමා හැමදේම වෙන්න ඕනෙ.රට තමා හැමෝටම වඩා උතුම්.ඒ නිසා තමයි මේ ලිපි ටික ටිකක් දීර්ග වන්නෙ.මොකද ලිපියකින් දෙකකින් මේ පිලිබඳව කතා කරල වැඩක් නෑ.ගොඩාක් දේවල් තියනව කතා කරන්න.මේ දෙන දැනුම තමා මේ රටේ අරාජිකත්වය මුලිනුපුටා දාන්නෙ. ඉගනුම ශික්ෂණයක් හදනව විනය හදනව.ඒක තමා ඕනෙ.මට කරන්න ඕනෙ ඒක.ශික්ෂණයක් හිමි මිනිසුන් බිහි කරන්න තමා මේ සියල්ල එලියට එන්නෙ කෙමෙන් කෙමෙන්.
ආර්ථිකය ගැන කතා කරොත් ඉස්සර තේ, පොල්, රබර් පිටරට යවල විදේශ විනිමය උපයගත්ත අපේ රට.ඊටත් කලින් ඉතින් රට යැවුවලු අතිරික්ත වි.මහා පරාක්‍රමබාහු රජතුමන්ගෙ කාලෙ.විදේශියො මෙරටට ආව කියන්නෙ කුරමෙට, කරාබු නැටි, සාදික්ක වගේ කුලුබඩු ගන්නලු.
පස්සෙ මුතු මැනික් ඇත් දලත් ගෙන ගියා කියල තමා පොත පතේ සඳහන් වෙන්නෙ.ඔබ නොදන්න කාරනාවකුත් කියන්න අවසර දෙන්න.සමහර විට මේ දේවල් දන්නව වෙන්නත් පුලුවන්. ඔය ඊජිප්තුවේ ගිසා පිරමිඩ් වල තිබුනලු ලංකාවෙන් ගෙනිච්ච කරාබු නැටිවලින් නිස්සාරනය කෙරූ තෙල්.ඇත්තටම කිවුවොත් "මාස්ටර් බාද්" කියල තමා ඒවට කියන්නෙ මල මිනි කල් තබා ගැනීමට නැතිනම් එම්බාම් කරන්න සිහල රටේ වැවුනු කුලුබඩු පාවිච්චි කරල තියනව.ඔය මාසිටර් බා වල ඇඟ ඇතුලෙ තියන අවයව ගලෝල ඒවට ලංකාවේන් ගෙන ගිය කුලුබඩු පිරෙවුව කියල තමා කියන්නෙ.මමි කරනය කරනකොට එහෙම තමා.ඔන දයක් කල් තබා ගන්න කුලුබඩු ටිකක් වැඩිපුර දානව ඒක අම්මලගෙන් අහල දැන ගන්න පුලුවන්. ඒ කාලෙ එතකොට වසර ගනනාවක් පැරනි ඊජිප්තුවට කුලුබඩු ගෙන ගියේ සිහල රටෙන් නම් ඒ කාලෙත් සිහල රට ප්‍රසිද්ධ වන්නට ඇති ලෝකෙම.දෙවනි ශිශ්ඨාචාරය තමා ඊජිපතුව.දැන් නම් ඊජිප්තු වැසියෝ නෑ.ඒක වෙම කතාවක්.පොඩියට සතුටක් එනව නේද හිතට අපි කුලුබඩු සම්භන්ධව මුල් තැන හිටපු එක.
පස්සෙ මුතු මැනික් ඇත් දලත් ගෙන ගියා කියල තමා පොත පතේ සඳහන් වෙන්නෙ.ඔබ නොදන්න කාරනාවකුත් කියන්න අවසර දෙන්න.සමහර විට මේ දේවල් දන්නව වෙන්නත් පුලුවන්. ඔය ඊජිප්තුවේ ගිසා පිරමිඩ් වල තිබුනලු ලංකාවෙන් ගෙනිච්ච කරාබු නැටිවලින් නිස්සාරනය කෙරූ තෙල්.ඇත්තටම කිවුවොත් "මාස්ටර් බාද්" කියල තමා ඒවට කියන්නෙ මල මිනි කල් තබා ගැනීමට නැතිනම් එම්බාම් කරන්න සිහල රටේ වැවුනු කුලුබඩු පාවිච්චි කරල තියනව.ඔය මාසිටර් බා වල ඇඟ ඇතුලෙ තියන අවයව ගලෝල ඒවට ලංකාවේන් ගෙන ගිය කුලුබඩු පිරෙවුව කියල තමා කියන්නෙ.මමි කරනය කරනකොට එහෙම තමා.ඔන දයක් කල් තබා ගන්න කුලුබඩු ටිකක් වැඩිපුර දානව ඒක අම්මලගෙන් අහල දැන ගන්න පුලුවන්. ඒ කාලෙ එතකොට වසර ගනනාවක් පැරනි ඊජිප්තුවට කුලුබඩු ගෙන ගියේ සිහල රටෙන් නම් ඒ කාලෙත් සිහල රට ප්‍රසිද්ධ වන්නට ඇති ලෝකෙම.දෙවනි ශිශ්ඨාචාරය තමා ඊජිපතුව.දැන් නම් ඊජිප්තු වැසියෝ නෑ.ඒක වෙම කතාවක්.පොඩියට සතුටක් එනව නේද හිතට අපි කුලුබඩු සම්භන්ධව මුල් තැන හිටපු එක.
ඔන්න ඉතින් දැන් නම් විදේශ විනිමය ගේන්නෙ අපේ රටේ කොල්ලො කෙල්ලො.කට්ටියක් නිමි ඇදුම් කර්මාන්තයේ නියලිලා ඉන්නව ඒකෙන් රටට විශාල විදේශ විනිමයක් රට තුලට ගලා එනව.අනික් කාරනාව තමා සේවක සේවිකාවො.රට ගිහින් වැඩ කරල හම්බු කරල රටට එවන විදේශ විනිමය.ඉස්සර රට තිබ්බ තැන සහ අද රට පවතින තැන.සුද්ධ වැද්ද කාලෙ අපි රෙදි ඇන්ද.ඒ පිලිබඳව ශාක්ෂි තියනව ලිඛිතව.කි.පූ හයවන සියවසේ බුද්ධ පරිනිර්වානයට පසු විජය රජු තම්බපන්නියට ගොඩ බහිනව එතකොට දකිනව කුවේනිය කපු කටිමින් ඉන්නව.කපු කටිනව කියන්නෙ කපු නූලෙන් රෙදි වියනව.අද අපි රටකට ගිය කලක් නේද? දුකද...? තව කාරනා ඉදිරියට තියනව දුක් වන්නට.මේ මොන අපරාධයක්ද කියල ඔබ ඔබටම ගසා ගනිවි.මේ දේශපාලුවො කරපු දෙයක් විතරක්ම නෙවෙයි.අපිත් වගකිව යුතු දෙයක්.කාටවත් ඇගිල්ල දික් කරල අහක බලන්න බෑ.ඔබත් මේ සියල්ලටම හවුල්.විය යුත්තේ එය හදා ගැනීමයි ඒ නිසා තමයි කුලය මිඩංගු කරමින් මේ ලියන්නෙ..
ඔබ හිතාවි මට තියන සුදුසුකම මොකක්ද කියල මේව ඔයාලට කියන්න ඊ ලඟ පරිච්චේදයෙන් මං ගැන කතා කරමු.මට මොනවද මේ ලියන්න තියන සුදුසුකම් කියල.
ඉශාන් වත්තේගම..
2019 - 09 -06
achinthaishanwaththegama@gmail.com





No comments:
Post a Comment