Saturday, September 29, 2018

මුදල් පාලනේ........

මුදල් පාලනේ .......


සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං කට්ට අවුවෙ වැඩ කරල හොයපු සොච්චම මාසෙ අන්තිම වෙනකොට බහිරවය ගිල්ල වගේ වාශ්ප වෙනව නම් එක්කො දුක් විදින තරම් පඩියක් නෑ නැත්තම් උඹල වැඩ චරල නෑ පඩියක් ගන්න තරම්.නැත්තම් හම්බු කරන ඒවට වඩා උඹල වියදම් කරනව.හා නැද්ද.ශොප්න් කයන්න ඕනෙ ලස්සනට අදින්න ඕනෙ නැත්තම් හිඟන්න වගේ පේයි කියල උඹල බයයි නේ.රැවුල කපන්න ඕනෙ කෙල්ලෙක් නම් පේශල් එකක් කරල සැලෝන් එකට ගිහින් කොන්ඩෙ හදා ගන්න ඕනෙ ඩයි පාරක් දාන්න ඕනෙ.නැත්තම් ඇඟ කට් කර ගන්න කියල දහසින් බැදි පියලි පුදන්න ඕනෙ අතිරේක ආහාර වලට නැත්තම් විටම්න් වලට.මාසෙකට සැරයක් වත් හෙම්බිරිස්සාවක් උනක් ඉතින් හැදෙනවමයි.ඩොකා නොදැක්කොත් මාසයක් කෑවෙ නෑ වගේ සීන් එකක් නේ තියෙන්නෙ.ඒක තමයි මන් දන්නව.පොත් කියෝන මාසෙ හින්ද සොසයිටි එකට පේන්න බී.එම්.අයි.සී.එච් පැත්තෙ බඩ ගාන්න ඕනෙ.මල පොතේ අකුරක් නොදන්න එකත් පොත් ස්ටේටස් එකට පරිහරනය කරන බුවාලත් රිංගනවනෙ නිකං හරි.පෙලක් උන් මැගී එකක් කාල පොත් බලල එන්න යන උනුත් ඉන්නව   බී.එම්.අයි.සී.එච් යන.ඒක දැන් ට්රෙන්ඩ් එක.
රුපියල් විසිපන්දාහක මාසික වාටුප තියන එකත් මාසෙට ඇදුම් දෙකක් නැත්තම් තුනක් ඉතින් ගන්නවම තමා.ඒකත් ලාබ තැනින් නෙවෙයි පමුනුවෙන් උස්සගෙන එන ඒවත් බෝනික්කන්ට අන්දල තියන ලොකු ලොක්කො යන සීතල පැශන් පැලස් වලට රින්ගල ගන්නෙ නැත්තම් ගතියක් නෑ.සොසයිටි එකෙන් කොන්වෙයි කියල බයයි.පැශන් පැලස් එක ඇතුලට ගිහින් බුකිය පිරෙන්න පොටෝ අප්ලෝඩ් කරන එකත් දැන් පැශන් එකක්.ඒ විතරක් මදි.ඇදුම් අරන් එනකොට ඩිනර් අවුට් එකකට නොගියොත් ඒකත් අවුල්.කූල් එකක් හරි තොල ගාන ගමන් සෙල්පියක් ගහල බුකි ගත කරන්න ඕනෙ නැත්තම් පජාතයි නෙ.දැන් උන්ගෙ මොල හැදිල තියෙන්න එම.මාත් ඇතුලුව.නුවරු එහෙම නම් අපිත් කොන් වෙනව ඒම නොවුනොත් ඈ.ඒත් ඉතින් වැඩේ කියන්නෙ මාසෙ අන්තමා අත මාරු ඉල්ලන උන් වැඩි වීම.යකෝ ඇගිල්ලෙ තරමට ඉදිමියල්ලකො බොල කියල කියන්න හිතෙන්නෙ එතකොට තමා.මොනව හරි කරදරයක් ඇති උනොත් ඌ ගාව පිච්චිය නෑ.ඒත් ඉතින් ආතල් ගන්න ඕනෙ ඉදිරිය ගැනත් පොඩ්ඩක් හිතල. කීය කිය හරි දාපල්ල තියන පොතක දෙකක.මොකද මොන ගිනි ගෙඩි පාත් වෙයිද කියල කවුද බොල දන්නෙ.
පොලට ගිහින් පොරි පැකට් එකක් රුපියල් විස්සක් දිල කන එකා film එකක් බලන්න ගිහින් කන්නෙ පොප් කෝන් කියල ජාතියක් ඒක ගාන වැඩි.ඒත් ඉතින් මොලේ තියන එකා පාර අයිනෙන් පොප් කොන් එකක් අරන් යනව film එක බලන්න යනකොට.කෑල්ල අවුල් ගනී කියල හිතනව ඇති එහෙම කරොත්.නෑ බං බැඳලත් ඉන්න ඕනෙ උඹල දෙන්නනෙ කතා කරල විසඳගනිං ඒව.නැත්තම් බැඳල ගෙනාවට පස්සෙ හඳ ඉල්ලුවත් බැදල ඒකත් හදල දෙන්න වෙයි උඹලට.ලීස් කරල ගත්ත වාහනේ ලීස් එක ගෙවන්න බැරුව හිඟා කර බුවෙක් දැක්ක මේ ලඟදි කොච්චියේ.මාර  වැඩේ කියන්නෙ ඌ වාහනේ ගත්තෙ අපිට නැගල යන්න වගේ සල්ලි එකතු කරන්නෙ.දරුවට කිරි පිටි පැකට් එකක් ගන්න ඕනෙ කියල දැලි රැවුල වත් නැති තාත්තෙක් දවසක හිඟා කනව භං වැඩ ඇරිල එනකොට.අපි දරුවො හදල තියෙන්නෙ ඒකනෙ අපි දෙන්න ඕනෙ කිරි පිටි ගන්න සල්ලි.ඔන්න වැඩේ බ්රෝ.ඒ ඔක්කොටම අපි පලි.සොසයිටි එක කයප්ටඩ් බ්රෝ ඒකයි.වැල යන අතට මැස්ස ගහන ගොඩක් උන්ට කෙලවෙන්නෙ ඕක තමා.ඉපදුන වැරැද්ද.තව කල් යනකොට ටෙලිපෝන් බිල ඉන්ටනෙට් බිල ගෙවා ගන්න බෑ කියල හිඟා කන හිඟන පැටවු පාරෙ ඉදී.ඒ තමයි රටක් දියුනු වෙනව කියල කියන්න පුලුවන් ම්නුම් දඬු.
    ඩැඩාගෙ පඩිය තිස් දාහයි පුතාගෙ සපත්තු විසිදාහයි ගෙදර උන් හතර දෙනයි දහ දාහෙන් මාසෙම යැපෙන්න ඕනෙ ඉතින් ඕකයි අවුල.මුදල පරිහරනය කරන්න දන්නෙ නෑ.සල්ලි දෙයියන්ගෙ මල්ලිලු.එහෙම කියන්නෙ ඇයි දන්නවද කවදාවත් දෙයියෙක් දැකල නෑ පියවි ඇහැට ඒකයි මුදලුත් පියවි ඇහැට හරියට බලන්න අමාරුයි භේ තියනව මේ නෑ.
       පරිනාමනේ මලේ.ගෙදර උන් හතර දෙනාම වැඩ කරලත් මදි නයක් ගන්නම වෙනව මාසෙ අන්තිමට.මොකද පරිහරනය කරන්න දන්නෙ නෑ.හැමෝටම තමන්ගෙම හීන තියනව ඉතින්.ඒව ඇත්ත කරගන්න පට්ට වියදමක් යන්නෙ.අදින්න ඕනෙ කන්න ඕනෙ ආතල් ගන්න ඕනෙ ඒත් ඉතින් තභ තමන්ගෙ හැටියට කරනවනම් තමා මරු ප්ලෑනක් එක්ක එහෙම තමා විය පැහැදම් කරන්න ඕනෙ නැත්තම් වෙන්නෙ ඉතින් ගෙල වැලලා ගන්න.
   මේ ලඟදි අපේ එහා ගෙදර ඇන්ටි තකහනියක් දුවනව හැල්මේ.මොකටද කරදරයි ලු එයාලට මුදල් අතින් වෙලාව බලා ගන්න දුවනව.මං නිකමට වගේ ඇහුව කීයක් ගන්නවද කියල වෙලාවක් බලන්න එක්කෙනෙක්ගෙන් දෙදාහයි සත දහයයි ලු.ඔප්පු මිටිය වගේ විලා පත්කඩ හතරක්ද කොහෙද තිබ්බ ඒ ඇන්ටි අතේ.අටදාහක් පුදන්න යනව වෙලාව බලන එකාට.සල්ලි හිටින් නැහැල්ලු ඒත් වෙලාව බලවන්න අට දාහක් දෙන්න පුලුවන්.ඉතින් බන් සල්ලි නැද්ද ඈ.මුදල වියදම් කරන්න හරිහැටි දැනගන්න පන්ති නෑ ඒක දැන ගන්න ඕනෙ තමන්ම තමා.ඕක නොදන්න එවුන්ට තමා කියන්නෙ කාල කන්නි කියල.......

... දුකා ......

No comments:

Post a Comment

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...