Wednesday, July 31, 2019

යල් පැන ගිය දැනුම හා උපාධිධාරියාගේ ඉරණම..

යල් පැන ගිය දැනුම හා උපාධිධාරියාගේ ඉරණම..



පෙලක් බුද්ධිමත් අය ගේන තර්කයක් තමා පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් එන අය හොඳ බුද්ධිමත් ප්‍රජාවක් කියන එක.පෙලක් අය කියනව රටේ රැකියා ඉල්ලුම වෙනස් වෙලා ඒත් උපාධිධාරින්ගේ තත්වය හැටේ දශකයේ උගත් කමක් තියෙන්නෙ කියන එක.ඒ කියන්නෙ යල් පැන ගිය බුද්ධියක් තියෙන්නෙ කියල තමා ඒ අය තර්ක කරන්නෙ.පෙලක් අය කියනව උපාධිධාරිය පාරට බැහැල රස්සා දියවු දියවු කියල රජයේ බෙල්ලෙ එල්ලෙනව කියන එක.ඇත්තටම මේව ඇත්තද වහ වහා හොයා බැලිය යුතු කාරනාවක් වගේම කතිකාවට ලක් විය යුතු මාතෘකා මේව.
ඇත්තටම විශ්ව විද්‍යාල මොකටද ?

ඒ ලෙවල් පාස් වෙන අතලොස්සක් රජයේ විශ්ව විද්‍යාල වලට යන්න වරම් ලබනව හැම අවුරුද්දකම.උසස් අධ්‍යාපන වරම් කියල තමා ඒකට කියන්නෙ.මොන රටක උනත් බුද්ධිය තමා රටක අඩිතාලම වෙන්නෙ.ඒ වගේම රටක් ඉදිරියට යන්නෙත් ඒ බුද්ධියේ බල මහිමය නිසාම තමා.රටකට ඉන්න පුලුවන් කමක් නෑ තනි වෙලා අනෙක් රටවල් සමගත් පොඩි අන්තර් ගනුදෙනුවක් තියෙන්න ඕනෙ නැත්තම් එක තැන.ඒ වගේ තමා අධ්‍යාපනයත් අධ්‍යාපනය ගත් අය නිසා තමා රටවල් ඉදිරියට යන්නෙ නව දැනුම තමා රටක් ඉදිරියට යවන්නෙ.අනික වැස්සටවත් පාසල් නොගිය ඇමතිවරු ඉන්න රටක අධ්‍යාපනයට හිමි තැන පේන්නෙ නෑ.මොකද රටේ තීන්දු තීරන ගන්නෙ අධ්‍යාපනය නැති අය.ඒ වගේම දැනුම ඔවුන්ට අවශය නෑ පාලනය කරන්න.ඔවුන්ට අවශය බලය.දැනුමේ බලය ඔවුන්ට තේරෙන්නෙ නෑ.රූකඩ වගේ මිනිස්සු ඉන්නවනම් දේශපාලන බල අධිකාරියට ඒ අය ඕන වෙලාවක නටවන්න පුලුවන්.ඒත් අධ්‍යාපනය ලද  අකුරක් කියවන්න පුලුවන් කෙනෙක් එහෙම නටවන්න අමාරුයි.මොකද ඔවුන් පොතක් පත්තරයක් කියවනව.රට තොට වෙනත් රටවල දැනුම උකහා ගන්නව.ඒ නිසා ඒ අය තම තමන්ගෙ හිත ඇතුලෙන් නව දැනුමත් එක්ක තර්ක කරල තමා තීන්දු තීරන ගන්නෙ.එහෙම අය මේ වගේ දේශපාලුවන්ට හිසරදයක්. ඒ නිසා ඒ අයගෙ අනාගතයට මේ වගේ අය විශාල බලපෑමක් කරන බව නම් පෙනෙන්නට තියනව.මෙතනදි මං කියන්න අදහස් කරන්නෙ නෑ විශ්ව විද්‍යාලෙ යන්නම ඕනෙ කියල උගතෙක් වෙන්න බුද්ධිමතෙක් වෙන්න වෙනත් ක්‍රමත් තියනව.ඒත් දුප්පතාගේ පාර තමා ඕක.කාටත් මහ ධනයක් නෑනෙ.
 
නව දැනුම විශ්ව විද්‍යාල වල නෑ කියල පෙලක් විද්වත් අය තර්ක කරාට ඒ අය දරන මතයට මං ඒ තරම් හිස නවන් නෑ.මොකද නව දැනුම සම්පාදනය කර ගන්න ඕනෙ අපිමයි.නැතුව වෙන රටක දැනුමක් මේ රටට ඒ ආකාරයෙන්ම දාල හරි යන්නෙ නෑ.නිකමට හිතන්න අපේ තියන නීතිය.වෙනස් වෙන්න ඕන තැන් තියනව එමට.උදාහරනයක් දෙන්නද අතුරු පාරක සිට මහාමාර්ගයට වාහනයක් රිවස් කරනකොට ගොඩාක් අවුල් ඇති වෙනවලු මොකද රියදුරාට පේන්නෙ නෑනෙ මහ මාර්ගයේ එන වාහන.ඒකට දඩය කීයද කියල හොයල බලන්න.පොදු තැනක රහස් අවයව පෙන්නුවොත් දඩයක් පනවන්න පුලුවන් ඒ දඩේ කියද කියල හොයල බලන්න.පොඩි ගානයි ඒත් එහෙම පෙන්නල තමා ලොකු ලොකු අසහන කාරයො බිහි වෙන්නෙ.වෙනස් වෙන්න ඕනෙ නැද්ද මේව.නෑ වෙනස් කරන්නෑ.මොකද නිතියෙ හිල් ලොකු උන්ට රින්ගන්න තරම් විශාලයි.මහ බැංකු අවුල උනත් ඔප්පු කරගන්න බැරුව ඉන්නෙ.මොකද නිති නෑ අපේ රටේ ඒ සම්බන්ධව ක්‍රියා මාර්ග ගන්න.

පිට රට අප හා පරිසරය පෙල පොත ගෙනාව කියල අපේ රටට ඒ දැනුම ගැලපෙනවද ?    අනික ඒ දැනුම ගෙනාව කියල රැකියා නිපදවෙන්නෙ නෑ.ඒකට බලන් ඉන්න සිද්දවේවි ගොඩ කාලයක්.මොකද දැනුම තිබ්බට ඒව පිලිගන්න අය මෙරට නෑ.පොඩි උදාහරනයක් දෙන්නම්.පාර්ලිමේන්තුවේ ගන්න තීන්දු තීරන බිම් මට්ටමේ ක්‍රියාත්මක කරන්න කොච්චර කාලයක් යනවද  කියල හොයල බලන්න.පෙලක් වෙලාවට මාස ගානක් යනව.ඒ ඇයි චක්‍රලේඛනය එනකං බලං ඉන්නව.ඒව ටයිප් කරල ආයතනයෙන් ආයතනයට ඇවිත් සිල් ගහල අතින් අත ඇවිත් රෙජිස්ටර් පෝස්ට් එකේ එනකං බලන් ඉන්නකොට කාලෙ හරි.එතකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.අර අප්‍රේල් මාසෙ මහා බෝම්බ පිපිරීම් වලටත් මුල ඕක.එකිනෙකා අත මාරු වන ලියුම් ගනුදෙනු.දකින්න ඇතිනෙ සිල් ගොඩයි අස්සන් ගොඩයි.මාස ගානක ක්‍රියාකාරකමක්.මහ වෙලාවක් ගිහින්.වෙන්න ඕන දේ වෙලා.ඉන්ටනෙට් පොදු තැන් වල එල්ලුවට වැඩක් නෑ ඒව පිලිබඳ දැනුම රජයේ ආයතන වලටත් දෙන්න ඕනෙ ඒවයෙන් වැඩ කර ගන්න විදිය.ඊමේල් දන්නෙ කියෙන් කි දෙනාද ? ලියුමක් ටයිප් කර ගන්න දන්නෙ කියෙන් කි දෙනෙක්ද ? ඒක දැනුම පිලිබඳ අවුලක් කියල කිවුවට ඒ පිලිබඳව තින්දු තීරන උඩින් ගන්නෙ නැත්තම් කොහොමද පහල හැදෙන්නෙ.එතනයි වෙනස් වෙන්න ඕනෙ. චක්‍රලේඛනය ක්‍රියාත්ම කරන්න පහල සේවකයා බයයි.ඒත් පොදු ජනතාව එහෙම චක්‍රලේඛනයක් තියනව කියල දන්නව.මොකද තීන්දුව ගත්තු හැටියෙම ඒක මාධය හරහා ප්‍රචාරය වෙනව.ඒත් ඒව ක්‍රියාත්මක කරන්න බෑ.රජයේ ප්‍රතිපත්ති තීන්දු තීරන එන යල් පැන ගිය ක්‍රමයක් තියනව.ඉතින් ඒ කොලය එනකං පහල සේවකයා අත් බැඳගෙන බලන් ඉන්නව.බැනුම් අහ අහ.මිනිස්සු කියන්නෙ රාජය සේවය වැඩක් නෑ කියල.ඒත් හැදෙන්න ඕන තැන එහෙමමයි.නව දැනුම හොයන් ආවට වැඩක් නෑ.ඒව පිලි ගන්න කැමති නෑ.උපාධියට එහා ගිහින් නව දැනුම සම්පාදනය කරන මාස්ටර් උපාධියට ලියන පොතේ තියෙන්නෙ නව දැනුම.phd එකට පරීක්ශන කරල නිරීක්ෂනය කරල නිගමන වලට එලඹිලා පොත් පුරෝල තියෙන්නෙ නව දැනුමෙන්.ඒව කවුද බලල හැදුනෙ නව දැනුම උකහා ගත්තෙ.කවුරුත් නෑ.ඒත් ඇඟ බේරගන්න කියනව යල් පැන ගිය අධ්‍යාපනයක් රජයේ විශ්ව විද්‍යාල වල තියෙන්නෙ කියල. එහෙම කියන අය නව දැනුම ගැන දන්නෙ නෑ.ඒ අය ඉන්නෙ තාමත් ගල් යුගේ.මාස්ටර් , phd කරල නව දැනුම ලොවට කියන දුක් විඳගෙන පරීක්ශන කරල නොකා නොබි දුක් විඳල කරන නිබන්ධනය පිලිබඳ ඒ අය දරන මතය මේක නම් නව දැනුම කියල කියන්නෙ රටින් එන කවුරු හරි කියපු දේද කියල මෙතනදි අහන්න ඕනෙ.

වෙනත් රටවලින් එන දැනුම සහ අපේ රටේ ඉපදෙන දැනුම අතර පරතරය දන්නෙ නැතිනම් ඒ පාලකයන්ගෙන් ඇති වටිනාකම කුමක්ද.? අපෙන් වැවු අමුනු හදන හැටි විදේශික රටවල් අහන් ගිය අතීතයක් අපිට තිබ්බ.අපිට තිබ්බ උන් ගල් ගුහා අස්සෙ ඉන්නකොට තට්ටු නිවාස.ලෝවාමහපාය වගේ.අපි අද නව දැනුම කියල අපේ දැනුම් සම්භාරයක් අහක දාල මුහුදට දත නියවගෙන ඉන්නව.නව දැනුම එනකං.

සමාජ විද්‍යා විශය සරසවියෙ උගන්නනව.ඒකෙන් කරන්නෙ සමාජයේ වෙනස් විම මනින එක.අතීතය හා වර්ථමානය අතර වෙනස් විම වගේම අනාගතයේ විය හැකීයි කියල හිතන සමාජ වෙනස් විමත් ගනනය කරනව ඒ විශයෙන්.සමාජ අවුල්, වියවුල් ,විසදුම් ඒ විශයෙදී කතා කරනව.ඒ විශය ලංකාවට අවශ්‍යද? ඔබම සිතා බලන්න.ඒ රටේ මෙහෙම නීතියක් ගෙනත් අපේ රටෙත් එහෙම නීතියක් ගේන්න ඕනෙ පාලකයන් කියනව.සමලිංගික විවාහ පිලිබඳ නිතිය ඒකට හොඳ උදාහරනයක්.ඒත් සමාජ විද්‍යාව හදාරපු කෙනෙක් ගෙන් ඇසුවහොත් ඔවුන් දරන මතය වෙනස් වන්නට පුලුවන්.පිට රට තිබ්බ පලියට මෙරට ඒක එහෙම කරන්න ඕනෙද ? සොයා බලන්න ඒ පිලිබඳව.උදාහරනයක් දෙන්නම්.ඇමරිකානු සොල්දාදුවො ගොඩක් හිටියෙ රටින් පිට ඒ අය යුද්ධ කරා ඉරාකෙ ඉරානෙ.අවුරුදු ගානක් ගෙදර නෑ.ඔවුන්ගේ දරුවො හැදුනෙ මව ලඟ.ඒ දරුවන් තාත්ත දැකල නෑ.ඉතින් දරුවන්ගෙ පෞර්ෂත්වයට ඒක වෙනස්ම විදිහකට බලපෑව.පිරිමි දරුවන් අම්ම වගේ උනා.ගැහැනු ගති වැඩි.ඉතින් මේක පොඩි උදාහරනයක් විතරයි.
සහරාන්ලා ඇති උනේ ඇයි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද ?ඒ පිලිබඳව සමාජ විද්‍යාත්මක මතය වෙනස් විය හැකියි. නැවත එවන් සහරාන් පරපුරක් ඇති නොවන්නට ඔවුන් සමාජ විද්‍යාව හරහා විසදුම් සොයාවි.
මෙයින් මා කියන්නට අදහස් කලේ නව දැනුම රට තුල ඇති බවයි.නමුත් පාලකයන් ඒ නව දැනුම ක්‍රියාත්මක කිරිමට දක්වන මතය වෙනස්.

ඉතිහාසය හා පුරාවිද්‍යා විශය පිලිබඳව සලකා බලමු.ඉතිහාසය නම් විශය නිර්මානය වන්නෙ  ලිඛිත මෙන්ම නොලියු සාක්ශි ප්‍රමාන කරමින්.නමුත් පුරාවිද්‍යාව විද්‍යාත්මක ශාක්ෂි මත පදනම් වුවක්.විටෙක ඉතිහාස ගත කරුනු පුරාවිද්‍යාව ඔස්සේ පරීක්ශන කර බලන විට වෙනස් මතයක් ගන්නට පුලුවන්.කාල නිර්නයන් පවා වෙනස් වන්නට පුලුවන්.එහිදි පාලකයන්ට ඒ පිලිබඳව කිවද ඔවුන් ඉතිහාස පෙල පොත් වෙනස් කරන්නට සූදානම් නැති නම් කුමක් කරන්නද.? පැරනි දැනුම හා නව දැනුම යන අංගය තවත් දීර්ඝ කාලයක් තවත් කතා බහට ලක්වේව්.උදාහරනයක් දෙන්නම්. ක්‍රි.පූ 6 වන සියවසෙ ලංකාවට පැමිනි විජය ඇතුලු පිරිස නිසා ලංකාව ජනවාස උනා.ඔවුන්ගෙ හිස් එක් පැත්තක් මුඩු කොට තිබ්බා.ඒ ඔවුන් ඉන්දියාවෙන් වැරැද්දකට පිටුවහල් කොට තිබිම නිසා.ඒත් අනුරාධපුර ඇතුල් නුවර කැනීමෙන් හමු වෙනව ක්‍රි.පු 6 පෙර විධිමත් ජනාවාස ලක්ශන.ඒ සියල්ල පුරාවිද්‍යාත්මක ශාක්ශි.එහෙම වෙන්නෙ කොහොමද ? එසේ නම් ක්‍රි.පු 6 ට පෙර මෙරට සංවර්ධිත ජනාවාස ක්‍රමයක් පවතින්නට ඇති.මහානාම හිමියන් ලියු මහාවංශය එතෙනදී බොරු වෙනව.ඒ පිලිබඳව දැන දැනත් තවම පෙල පොතේ විජය රජු වැජබෙනව.    
මෙයන් පෙනි යන්නෙ නව දැනුම යන්න රට තුල තිබුනද ඒ පිලිබඳව වෙනත් පාලකයන් දක්වන මතය සමඟ එය සැමදා ගැටෙන බව නොවේද ?
එය එසේ වුවද ඒ පිලිබඳව දක්වන මතය මෙසේ නම් රට කොයිබට යයිද ? ගැටලුව ඇත්තේ එතනයි.

රටේ අධ්‍යාපන මට්ටමේ අවුල නිර්මානය කරන්නෙද මොවුන්මය. ඒ ඔවුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් ඒ අවුලද දඩ මිමා කර ගැනිමට හැකි හෙයිනි.නමුත් මේ පිලිබඳව කොතෙකුත් කතා කලත් තීන්දු තීරන ගන්නාවුන් ඒ තීන්දු තීරන නොගන්නා තාක් අධ්‍යාපනය හා නව දැනුම යන අංශ පාලකයන්ට හිඟන්නාගේ තුවාලය ලෙස   එදා වේල හම්බු කරනා කාරනා කාරනා  බව නම් නොරහසකි.ඔවුන්ට නිදිවැදිමට මේ කාරනා වටින්නේය.ඔවුන්ගේ බලය පෙන්විමට මේ කාරනා දඩමිමා කර ගන්නේය.නැතිව කවදාවත් මේ අධයාපනය සම්බන්ධව නිසි ක්‍රියාමාර්ගයක් ඔවුන් නොගන්නේය.ඒ තරම් පාලකයන් මෝඩය.ඔවුන්ට මේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කිරිමට තරම් මොලයක් නැත. අධ්‍යාපන  ඇමති උසස් අධ්‍යාපන ඇමති මේ කිසිත් දන්නෙ නැත. සුදුස්සාට සුදුසු තැන නොදෙන තාක් මේ අවුල් එසේම තිබෙනු ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාල යන්නවුන් රස්සා ඉල්ලන්නෙ නැත.ඒ ඔවුන්ගේ දැනුම ඉහල තැනක පිහිටන නිසා නොව ඔවුන් ධනවත් නිසාය.යමක් කමක් හිමි උන්ගේ ශුක්‍රාණු නිසාය.ඔවුන් මෙරට දමා පිටරට යද්දි දුප්පත් මවු පියන්ගේ පුතුන් මෙරට සුර පුරයක් කරන්නට වෙහෙසෙන්නෙ තම අධ්‍යාපනය   දහදුක් විදින මිනිසුන්ගෙන් උකහා ගත් බද්දෙන් ණයට ගත් දෙයක් බව දන්නා නිසාය.

මුට්ට කර ගහන ශාන්තයා අප වෙනුවෙන් බදු ගෙවුවේය. ලිලා උගුර ලේ රස වැටෙනකං කෑ ගසා ගත් මුදලින් ඔවුන්ගේ දරුවන්ට නොව අනුන්ගේ දරුවන්ගේ ඇස පෑදීමට තම දායකත්වය සැපයුවේය.මිනා රට වටේ ගොස් පලා කඩාගෙන විත් ඒ කදුලු විකුනා උසස් අධ්‍යාපනය වෙනුවෙන් තම යුතුකම ඉටු කලේය.සෝම්බු නානා රට වටේ කරත්තය තල්ලු කරගෙ යකඩ පත්තර එකතු කර ඒ මුදල් දහක් දූ පුතුන්ගේ ඇස පෑදිමට යෙදෙවුවේය.ඒ මුදලින් ඉගනගත් අප රට අතැර වෙන රටකට ගොස් අප ලැබු දැනුම වෙන රටකට වික්කා නම් මෙරට උන් හෙටත් දෙවන ලෝකෙ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසම පෙල පොත් වල බැබලෙනු ඇත.උගතුන් බුද්ධිමතුන් බිහි වන්නේ  මුදලේ බලයෙන් නොවන බවත් මෙහිදි සඳහන් කර යුතුය.ඉහල ස්තරය වෙනස් විය යුතුය.කසිප්පු කාරයා ගංජා කාරයා ලොකු පුටු වල දපන තාක් ජාතික ප්‍රතිපත්ති හිනයක් වනු ඇත.උපනූපන් පරපුර වෙනුවෙන් අප අනාගතයක් ඉතරි කල යුතුය.මහපොල, නිදහස් අධ්‍යාපනය දුපපත් දුවා දරුවන්ට ඉතිරි කල යුතුය.එයට විටෙක අරගල කල යුතුය.විටෙක පාරට බැසිය යුතුය.විටෙක මැදුරු සඳලුතල වලට ජනෙල් අරින තුරු කෑ ගැසිය යුතුය.එවිට අපි වින්දනය කලාවූ අධ්‍යාපනය මතු පරපුරටත් රැකෙනු ඇත.කටවුට් මාක් දානකොට ඒහා සමගාමිව නවක වදය පැමිණෙන්නේය.සරසවි තේරි පත්වු තරුන තරුණියන් ඒ ඇසූ සැනින් බයෙන් ගැහෙන්නේය.සල්ලි ඇති වුන් නැති වුන් ණය වී හරි පෞද්ගලික විශ්ව විද්‍යාල තෝරා ගන්නේ මේ බය නිසා වන්නටද පුලුවන.ඔවුන්ට ඕනෙද එයයි.මේ සියලු කාරනා එකිනෙක සම්බන්ද දැයි සිතේ.බුද්ධිය මනිනා උසස්පෙල ඉහලින්ම සමත් වන දරුවා රජයේ විශ්වවිද්‍යාල වලට නොගොස් පෞද්ගලික විශ්ව විද්‍යාල තෝරාගත හොත් එයින් ලැබෙන වාසිය අතිමහත් වන්නට පුලුවන.මේ පිලිබඳව කූට ලෙස සිතන උන් මේ විදි ක්‍රම දමන්නේද එසේ බිලි බා ගැනිමේ අදිටනින් වන්නට පුලුවන.සමාජයේ බිල්ලා මවා.රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල දැනුම පරන බව පෙන්නා තම විශ්ව විද්‍යාල වල දැනුම උනු උනුවේ යැයි පවසා  බඩ වඩා ගැනිමේ කුට විදි ක්‍රමත් ඇති බව කියන්නට අපි මැලි නොවන්නෙ ඒ නිසාය.      
අප රටේ අධ්‍යාපනයෙන් බිහිවූ  උගතා බුද්ධිමතා පලවන ලෝකයේ රටවල පාවඩ දමා පිලි ගනිද්දි අප ඉපද හැදි වැඩි අපගේම දිවයිනේ පිලි නොගනනේ නම් එයටත් වඩා තවත් දුකක් නොමැති බව මෙහිදි සඳහන්කල යුත්තේමය.


....දුකා.....

චායාරූපය ලංකාදීප වෙබ් පිටුවෙනි

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...