Thursday, December 5, 2019

අතීත සැමරුම් සහ අනාගතය

අතිත සැමරුම් සහ අනාගතය......

කාවන්තිස්ස යුගය ඔබ කියවා ඇතැයි සිතමි.ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුන යුගයක් ලෙස පසුව දුටුගැමුණු යුගය පටන් ගැනෙන්නේ මේ කාල වකවානුවෙන් පසුවය.

අප අසා ඇති ලෙස දුටුගැමුණුගේ ක්‍රියා  කලාපය ලෙස සලකා බැලුමේදි කට කතා පිලිබඳව ද සාහිත්‍ය කතා පිලිබඳව ද අප හොදින් අසා ඇති බවද දනිමි.දුටුගැමුණු තම පියා වූ කාවන්තිස්ස රජුට ගැහැනු ආභරන පිලි යවා තම පියා ගැහැනියක්ය කිසි එඩිතර භාවයක් නැතැයි යන්න පෙලක් කට කතා හා සාහිත්‍ය කතා වල අප දැක ඇත්තෙමු.එය අතින් දෑමූ අසත්‍ය වන්නට ඇති බවද විටෙක සිතේ.

නමුත් කාවන්තිස්ස චරිතය දේශපාලනික ලෙස ඉතා ප්‍රභලම චරිතයක් බව පසක් වන්නේ ඒ පිලිබඳව පුරාවිද්‍යාව හා ඉතිහාසය යන විශය යන විශයන් දෙකම එක් කොට බැලීමෙන් බව පෙනී යයි.

මෙහිදී ඉතිහාස කතාව අප හට වටින්නෙ දේශපාලනික ලෙස අද දවස කියවීම සඳහාද ඉතා වැදගත් කමක් උසුලන නිසා වන්නට ඇත.මේ ලිපිය කියවන විට අද පවතිනා දේශපාලන ප්රවාහයේ මූලාරම්භය සඳහා ඉගියක් ඒ මතින් ගොඩ නැගෙන බව ඔබට පෙනී යනු ඇත.ඉතිහාසය ඉතිහාසයක්ම නොව එමගින් වර්ථමාන තත්වයත් නිර්නය කල හැකි බව මේ ලිපිය කියවන ඔබට පෙනෙනු ඇත.

එලාර නම් දමිල පාලකයා අවුරුදු ගනනාවක් පාලනය කල බව අප අසා ඇත.එලාර පරාද කරේ දුටුගැමුනු බවද මහා වංශය ශාක්ශි දරයි.නමුත් ඔහුට එම යුද්ධයෙන් ජය ගන්නට අත දුන්නේ කවුද යන්න සොයා බැලුමේදී විහාරමහාදේවී චරිතය කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමින ඇති බව පෙනේ. වීර කාන්තාවකගේ භූමිකාව ඈ වෙතින් නිරුපනය වන බව නොරහසකි.නමුත් මා මේ පවසන්නේ ඊටත් වඩා හත්පසින්ම වෙනස් බල අරගලයේ මුලාරම්භයයි.

මේ කාලය වන විට කාවන්තිස්ස රජුට තිබුනේ ඉතා සීමිත බිම් කඩක පිහිටි රාජධානියක් බව ඒ පැරනි සීමා නිර්නයන් දෙස බැලීමෙන් පෙනී යයි.එලාරට විශාල භූමියක් පැවතුනේය.මහවැලි ගංගාව මේ රටවල් දෙකේ දේශසීමාවන් වන්නට ඇත.තවත් ප්රාදේශීය රාජය ගනනාවකුත් මේ සිහල දීපයේ තිබු බව සඳහන්ය.එහිද රජවරුන් සිට ඇත.ඔවුන්ට අපි ප්රාදේශීය පාලකයන් බව කියන්නෙමු.කැලණිතිස්ස රජු කැලණිය රජකම් කලා නම් මුහුද ගොඩ ගලා  විහාර මහදේවිය බිලි දුන්නා නම් කැලණියත් මෙසේ එකල් හි රජයයක් විය හැකිය. භූමිය ගැන දැන් ඔබට යම් වැටහීමක් ඇති බව දනිමු.

නමුත් මා මේ කතා කරනා කාවන්තිස්ස රජුගේ කතාව මෙතැන් සිට මා පටන් ගන්නේ මෙය මීට පෙර කිවු ආකාරයට එලාර විනාශ කිරීමේ මූලාරම්භය ලෙස ඔබට පෙනෙනු ඇත.කාවන්තිස්ස රජු ආගමානුකූල දිවියක් ගත කල බව ඔබට ගෙන එන ශාක්ෂිය වන්නේ කාවන්තිස්ස රජු හා විහාරමහාදේවියගේ මගුල කෙරූ බිම මගුල් මහා විහාරය වූ නිසාය.පානම්පත්තුව බිම් කඩේ පිහිටි මේ මගුල් මහා විහාරය තුල කාවන්තිස්ස හා විහාරමහාදේවිය අතිනත ගත් මගුල් පොරුව අදටත් දක්නට ඇත.එසේනම් එකල් හි රජුගේ ආගම් භක්තිය කෙසේ විද යන්න ඔබට වැටහෙනු ඇතැයි සිතමි.

එලාර විනාශ කිරීමට කාවන්තිස්ස රජුට දැඩි උවමනාවක් තිබු බව පෙනෙන්නෙ ඔහු දසමහ යෝදයන් එක්කාසු කෙරූ ආකාරය දෑකීමෙනි. එක් එක් පලාත් වල විසිරී පැතිරී සිටි විශේෂ හැකියා ඇත්තවුන් රජු වෙත ගියේ මොහුගේ කුමන කාරනාවක් නිසාද යන්න සොයා බැලිය යුතු කරුනකි.
ඔහු යුද්ධයට පෙර අටුකොටු පිරෙවුවා පමනක් නොව මහා සංඝරත්නය සමග එක්ව දිගුකලක් යුද්ධයට අවැසි දේ පවා එක් එක් කාලවල කල බව මේ කතාව අවසන් වන විට පසක් වනු ඇත. ධර්ම ප්‍රචාරය සඳහා යන පැවදී උතුමන් ඔහු මේ සඳහා යොදා ගත් බව පෙනෙන්නට තිබේ.රටක යුද්ධයක් කිරිමට නම් තමා වටා තිබෙනා ප්‍රාදේශිය රාජ්‍යයන් එකකාසු කල යුතු බවත් ඔහු දැන සිටියේය.නැතිනම් යුද්ධයට අවැසි අවි, සේනාව සොයා ගැනීමට අපහසු වි යුද්ධය අතර මග ඇනහිටින බව ඔහු දැන සිටියේය.ඒ සඳහා තමා වෙතට ප්‍රාදේශිය රාජ්‍යයන් අවනත කර ගැනීමේ උවමනාව ඔහුට අවශය විය.මේ සඳහා ඔහු යොදා ගත්තේ අපුරු සැලැස්මකි.මේ සැලැස්ම අද ඔබ පසු කර යන සැලැස්ම ආකාරයේම එකක් බව මා මෙහිදී සඳහන් කල යුතුය.හොදින් සාවධානව මෙය කියවා සිතා බලන ලෙස මා මි සමඟම ඔබට ආයාචනා කරමි.එසේම මේ සංඝරත්නය සමඟ සිටිම ජාති වාදය නොව ආගම්වාදය නොව හුදු රට එක කොඩියක් සෙවනට ගෙන ට දරන වෙහෙසෙහි ප්‍රතිපලයක් ලෙස මා හුවා දැක්විය යුතුමය.බල අරගලයක් එහි තිබුනේ නැත.නමුත් ඔහු උපක්‍රමික ලෙස මේ සටන දියත් කල ආකාරය විශ්මය දනවන සුලු ලෙස අපේ හදවත් තුල බැදී පවතී.අද දවස ඒ උපක්‍රමයම වෙන ආකාරයකින් වෙනස් ස්වරූපයකින් පැමින ඇති බව ඔබට පෙනෙනු ඇත.    

කාවන්තිස්ස රජුගේ උපායේ දුතයන් වූයේ ධර්ම යාත්‍රාවේ තැන තැන වඩින රාජය වලට ඇතුල් විය හැකි පැවදි උතුමන්ය.ඔවුන් ධර්ම දේශනාවේදී පවසන්නේ මෙසේය...බුදුන්ගේ ලලාට ධාතුව ගෙන පැමිනෙන රජෙකු ස්තූපයක් සාදනා බවත් ඔහු රට එක්සේසත් කරන බව ඔවුන් තම දේශනා වලදී ප්‍රචාරය කලේය.මේසේ ගමින් ගමට නගරයෙන් නගරයට දනවුවෙන් දනවුවට රාජ්‍යයෙන් රාජ්‍යයට පැවදි උතුමන් මේ කතාව පැතිරවුයේය.එය බොරුවක් ලෙස කෙනෙකුට පෙනුනත් එය එසේ නොවන බව ඔබට පෙනෙනු ඇත.ඒ සියල්ල කරේ රට එක කොඩියක සෙවනට ගැනීමේ ඒකායන බලාපොරොත්තුවෙන් බව ඔබට පෙනී යනු ඇත.මේසේ ධර්මය ප්‍රචාරය කොට මාස ගනනක් ගිය තැන කාවන් තිස්ස රජු තම වැඩ කටයුත්ත පටන් ගත්තේය.

ඔහු හේවිසි හොර නෑ අලි ඇත් ප්‍රමුක පෙර හැරකින් ලලාට දාතුව සහ විහාර මහදේවිය ආන්පත් කෙරූ කේශ ධාතු තැන්පත් කෙරූ බුද්ධ ප්‍රතිමාව   රැගෙන දනවුවෙන් දනවුවට ප්‍රාදේශිය රාජ්‍යයෙන් රාජයට ගමන් කරන්නට පිට වුවේය.ඒ පෙරහැර පසු පස ප්‍රාදේශිය රාජ්‍යයට ඇතුල් වන්නට නොහැකි වුවහොත් බලෙන් ඇතුල් විමට කඩු තෝමර අලි අස් ප්‍රමුඛ හේවායන්ද යොදවා තිබිනි.ධර්මයෙන් නැතිනම් අධර්මයෙන් මේ කාවන්තිස්ස රජ  දක්වා කේශ ධාතු සහ ලලාට ධාතුන් තැන්පත් කෙරූ බුද්ධ ප්‍රතිමාව  ගෙන ගියේය.එවිට ප්‍රාදේශීය රජවරුන් පවා රට එක්සේසත් කරනා කාවන්තිස්ස රජුට අවනත වූ බව කියවේ.තවද මහ ජනයා පවා මේ පුවත හිස් මුදුනෙන්ම පිලි ගන්නට ඇත. යුද්ධයට සහය දීමට ඔවුන්ද මේ කතාව ඇසීමෙන් හා දැකීමෙන් රජු හා එක්වන්නට ඇත.එය රටේ අභිවෘද්ධියට විශාල ලෙස බලපෑමක් ඇති කල කාරනාවක් විතැමේ හෙයින් රජුට ඇති භක්තිය වැඩි වන්නට ඇත.දසමහ යෝදයෝ පවා රජුහා සමඟ එක් වුයේ මේ නිසා වන්නට ඇත.මේ ලලට ධාතුව සහ චේශ ධාතු තැන්පත් කෙරූ। බුද්ධ ප්‍රතිමාව සේරු නුවර මංගල මහා සෑය තැනවු බව කියවේ.
මෙසේ නොවුයේ නම් දුටු ගැමුනු රජුට එලාර පැරදවීමේ සටන කරගත නොහැකි වනු ඇත.නොයෙක් කතා මේ සම්බන්ධව ආරුඬ කොට ඇති අතර නමුත් පැරනි පෙරහැර ගමන් ගත් ගමන් මාර්ගය සලකා බැලීමේදි එසේ වුවේය යන්නට නිදසුන් සපයන බව පෙනෙන්නට තිබේ.

ඒ සඳහා විශාල කාර්යභාරයක් එකල් හී කලේද බෞද්ධ හිමිවරුන්ය.ඔවුන් එක්ව රට එලාරගෙන් මුදවා ගත්තේ මෙසේය.ඒ කුලුපග භාවය නිසාම දුටුගැමුනු රජු හිමිවරුන්ට දන් පිලි නොගන්වා නොකෑ බව අලිඛිත ශාක්ෂි පෙන්වා දෙයි.මිරිස් මාලුවක් තනියම කෑ නිසා එම පව මකා ගැනීමට මිරසවැටි දාගැබ නිර්මානය කෙරු බව කටකතාවක් ලෙස තුඩ තුඩ රැවු දෙන්නෙ ඒ නිසා වන්නට ඇත.

කුමක් වුවද එකල් හි පවා ආගම මුල් කොට ගෙන රාජය පාලනය කල බව මෙයින් පෙනී යයි.

නමුත් එය දේශපාලන මුහුනුවරක් නොගත්තේය.එසේම තවත් ජන කොටසක් අමාරුවේ දා හෝ සමූල ගාතනය කරන්නට ආගම එදා භාවිතා නොකල බව පෙනී යයි.ඔවුන් එකල් හි ධර්මානුකූල පාලණයක් ගෙන ගිය බව පෙනෙන්නට තිබේ.

නමුත් ඒ නියායම මෙකලත් එසේම දේශපාලන බලය ලබා ගැනීමට භාවිතා කල බව පෙනෙන්නට තිබේ.පන්සල මූලික කරගෙන ඇති කරගත් දේශපාලනය විටෙක ආගමට වඩා මුල් තැනක් ගත් බව පෙනෙන්නට තිබේ.ආගමෙ ඇති සාරධර්ම පසෙක දමා විටෙක මොවුන් රඟ දක්වන නාටකය එතරම් සිහල රටට සුභ ධායක නොවන බව පෙනෙන්නට තිබේ.එපමනක් නොව අවුරුදු තිස් දෙකක කාල පරිච්චේදයක් පැවති යුද්ධය අවසන් වී පැරනි තුවාල හොඳ වන මොහොතේ මෙලෙස ආගම් හෝ ජාති අතර බෙදීමක් හට ගැනීම රටක් වශයෙන් ඉදිරියට යන විට එතරම් සුභ නොවන බව කිව යුතුය.

ඇඩල්ප් හිට්ලර් පවා ජාතිවාදය පෙරටු කොට පැමිනි නායකයෙක් බව පෙනෙන්නට තිබේ. යුදෙවු සංහාරය ඔහු කරන්නේද මෙසේ ජාතිවාදය පදනම් කොටගෙන බව පෙනෙන්නට තිබේ.යුදෙවුවා ජේසුස් වහන්සේට ඇන ගසා මරනයට පත් කලේය යන සටන් පාථය ගෙන ඇවිද ආ හිට්ලර් තම ජාතියේ වෛරයට යුදෙව්වන් පත් කොට බලයට පැමින මහා යුදෙවු සංහාරයක් කල බව අතීත ශාක්ෂි දරයි.
මෙම කාලයට පැමිනෙන විට ට්රම්ප් ජනාධිපති වරයා ජාතිවාදි සටන් පාට ඔස්සේ බලයට පැමිනි නායකයෙක් බව ලෝක ලේශපාලන තතු දන්නෝද පවසති.ඔහු මුස්ලිම් විරෝධී මත ඉදිරිපත් කලේය.බලයට පැමිනි පසු මුස්ලිම් රාජයන්ට සහය නොදැක්වීමත් ඒ හා සමගාමීව මුස්ලිම් ජනයාට වීසා ප්‍රධානය නොකිරීමටත් ඔහු කටයුතු කලේය.
එසේම රුසියාවේ අගමැති වන පූටින් පවා ජන මනසට ජාතිකත්වය වපුරා බලයට පැමිනි කෙනෙක් ලෙස පෙනෙන්නට තිබේ.ඔහුද පාර්ලිමේන්තු කතාවේදී ප්‍රකාශ කලේ රුසියානුවන් මහ ජාතිය බවත් එම රටේ තිබෙන්නෙ රුසියානු නිතිය බවත් එය පිලි ගැනීමට නොහැකි නම් සුලුජාතිය තමන්ගේ රටකට යන ලෙසත් පෙන්වා දුන්නේය.මෙය වැරදි නැත.රටකට තිබිය යුතු වන්නේ එක පොදු නීතියක් පමනි.ඔවුන් ඒ දේශපාලන පරිදිය දන්නා නිසා එතරම් භිශනයක් නොවු බව පෙනෙන්නට තිබේ.

තවද ඉන්දියාවේ මෝදි මහතා පවා හින්දු ජාතිය පිලිබඳව කතිකා කොට බලයට පැමිනි කෙනෙකු ලෙස පෙනෙන්නට තිබේ.එයද එතරම් දරුණුවට නො ආවේ ඉන්දියාවේ මේ ජාතිවාදී ආගම් වාදි සටන් පාටය ජනයා අතර මුල් බැසගන ඇති නිසා වන්නට ඇත.ඉනදු පකිස්ථාන් යුද්ධය හා රට දෙකඩවීමට මුලික වුයේද මේ තත්වය බව ඔවුන් අත්විඳ ඇති නිසා ඔවුන් ඒ තත්වයහි බරපතල කම නොදන්නවා නොවේ.එකල් හි සිටම ඔවුන් ඒ ආගම් වාදයට ජාති වාදයට නිති මගින් කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබේ.එසේ හෙයින් රට තල බෙදුම් වාදයක් ඇති උවද නිතියේ ස්වාධිපත්‍යය එය මර්ධනය කිරිමට සමත් වි ඇති බව පෙනෙන්නට තිබේ.
මෙහිදි ඒ නියායම අපේ රටට ගැලපේද යන්න පිලිබඳව ප්‍රශ්නයක් මතුවෙමින් ඇත.සිහල බෞද්ධ ආකල්ප වලට පටහැනි වීමක් මේ තුල ඇත්තේද යන්න සොයා බැලිය යුතු කාරනාවක් ලෙස මෙහිදී පෙනෙන්නට ඇත්තේ ඒ නිසාය. අපට ජතිවාදය හා ආගම්වාදය දේශපාලනික පොර පිටියට පැමිනිම සහ විනාශයේ බීජය ජන මනස් වල රෝපනය කිරිම පිලිගත නොහැකි වන්නේ ඒ නිසාය.අපගේ නිතිය මේ තත්ව වලට අවැසේ නිති සම්පාදනය කර නැත.එනිසා මේ තත්වය එතරම් සුභ නොවන බව පෙනෙන්නට තිබේ.

සිහල අපට ඇත්තේ මේ සිහල දීපය යනු ඇත්තක් බව කිව යුතුය.නමුත් අපගේ ආගමෙන් ජාතිවාදයට හෝ ආගම්වාදය යන දේ මුලිනුපුටා දමා ඇති බව ඔබට පෙනෙනු ඇත.ලේ හෙල්ලිම විනා හිත රිදවිම පවා ආගමේ ධර්මය නොවේ.වෛරයන් වෛරය නොසන්සිදේ යන්න මුල් කරගත් ධර්මතාවක් ලෙස බුද්ධ ධර්මය තිබෙන්නේ ඒ නිසාය.

සෑම කල්හිම බුද්ධ රාජය දේශපාලනයෙන් උසවූ තැනක පිහිටියේය.තවද චිවරධාරියා රජුජේ වැරදි නිවැරදි කරන්නට දෙසනවා විනා දේශපාලකයාගේ මතයට ගරු කරන්නකු නොවන ලෙස බුද්ධ රාජය ගොඩ නැගුවේ ඒ නිසා බව පෙනෙන්නට තිබේ.විනය පවත්වා ගැනිමට බෞද්ධ භික්ෂුවට විනය නිතී මාලාවක් පනවා ඇත්තේ ඒ නිසාය.

සමාජ විද්‍යාත්මක මිනිතයකින් මේ අවුල පිලිබඳව සලකා බලන කල මේ දේශපාලන බෙදුම්වාදය රටට එතරම් හිතකර නොවන බව කිව යුතු බව පෙනි යයි.වෛරය වැපිරීම සහ මිනිස් සිත් සතන් වලට එය පහර දීම මත මේ අවුල පිලිබඳව මීටත් වඩා ගැබුරින් කල්පනා කර බැලිය යුතු කාරනාවක් බව පෙනෙන්නට තිබේ.

නියදි පරික්ශා කිරීමේදි සහරාන් පිපිරු බෝම්බ වලින් ඔහු ඉලක්ක කොට ගත්තේ පාස්කු දිනයේ කතෝලික ජනතාවය.එහිදි පෙලක් නියදි පලකලේ ජාතිවාදි අදහස් බව පෙනෙන්නට තිබේ.බෞද්ධයන් මැරිල නෑනෙ.කතෝලික උඩ පනිනව වැඩි.උන් මැරුවට අපිට මොකෝ වැනි මත පවා විටක මුමුනන්නේ ඒ නිසා විම මේ බෙදුම්වාදය හා අවුල පිලිබඳ සාක්ශි සපයයි.මෙහිදි නැවත බෝම්බ පිපිරේ යන්න සහ මරන බය ගෙනෙන්නට හැකි වන්නේ සිහල බෞද්ධ මනස් වල පමනක් නොවේ.එය මුලුමහත් ජාතියක්ම අඩපන කරන්නට හැකිවු මාරකයක් වුයේ ඒ නිසාය.රට තුල නැති අවුලක් මවා පා බයලට පත්වීම දේශපාලනික මෙවලමක වූ එකම රට ලංකාව නොවන බව ලෝක දේශපාලනික ඉතිහාසය තුල දක්නට ඇති නියදි පරික්ශාවෙන් පෙනී යයි.ඒ පිලිබඳව නිදර්ශක ලතින් රිකානු රාජය තුලද දක්නට ඇත.සොයා බලන්න.

මෙහිදී එක් විශේෂ කරුනක් පෙන්නට තිබෙන බව සමාජ විශ්ලේෂණයේදී පෙනෙන්නට තිබේ.එය නම් ආගමික නායකයන් දේශපාලනය කරන්නට යෑමයි.ජන මනස අවුලවාලනු වෙනුවට ඔවුන්ට කරන්නට තිබුනේ මනසට ආගමානුකුලව ප්‍රතිකර්ම සැපයිමයි.නමුත් ඔවුන් එසේ නොකල බව පෙනෙන්නට තිබේ.කතෝලික ආගමේ කාදිනල් තුමා පවා එකල්හි දැරු මතය සමාජයක් විවේචනය කලේ ඒ නිසා බව පෙනෙන්නට තිබේ.ඔහු කෙරූ පෙලක් අදහස් බහුතර වූ සිහල ජනයා වැලඳගත්තේ ඉතා වෙනස් ලෙස බව පෙනෙන්නට තිබේ.පාස්කු ප්‍රහාරයේ කිතුනු බැතිමතුන්ට වූ හානිය පිලිබඳව ඔහු කතා කලා විනා රටක් ලෙස කොතරම් දරුනු කේදවාචකයකට තල්ලු වූවේද යන්න එතුමා සලකා බලා නැති බව පෙනෙන්නට තිබේ.  

බුද්ධ කාලයේ සුනීත සෝපාක කතා මදකට නැවත බැලීමේ කාලය නැවත නැවතත් පැමින ඇති බවද මෙහිදී සඳහන් කල යුතුය.පෙලක් භික්ෂූන් පවා යුද්ධයෙන් පසු කල කී දෑ පිලිබඳව සොයා බැලීමේදී මේ බව පෙනෙන්නට තිබේ.පෙරකල සිටම භික්ෂුන්ට පැවරී තිබු කාරනයෙන් මදකට වෙනස් වූ කාරනා දැන් දැන් පවතින බව පෙනෙන්නට තිබේ.විටෙක මේ විවේචනය කෙරේ මා හට පොදු මහජනතාව දෝස සහිත බව පවසා බනිනු ඇත.නමුත් මා සිතනා ආකාරයට බුද්ධ ධර්මයේ පලමු රීතිය ලෙස ආගම තුල පක්ෂ පාට කුලමල ජාති බේද තිබිය නොහැකි බව දක්වාලිය යුතුය.ගිහියා දමනය කිරිම බෞද්ධ භික්ශූවකගේ කාර්ය විනා දැඩි ආගම් මතධාරී විදි නොතිබිය යුතු බව පෞද්ගලිකව මාගේ මයය වී තිබේ.ධර්ම සංගායනාවක් පවත්වා නැවත ධර්මය මෙය බව පෙන්වා දිය යුතු කාලය එලඹ ඇති බව පෙනෙන්නට තිබේ.
මෙයට හොඳම උදාහරනය ලෙස සැලකිය හැක්කේ බෞද්ධ යැයි පිලි ගැනීමක් නොමැති එන්.ජී.ඕ කාරනා මේ බෞද්ධ දහම තුල පැල පදියම් කිරිමට ඇතමුන් උත්සාහ කිරීම බව පෙනෙන්නට තිබේ. අසපු තනා බුදුන් වන්දනාවට ආමිසය පමනක් ඉදිරියට තබා ක්‍රියා කිරිම කොතරම් යුක්ති සහගතද යන්න තව දුරටත් සොයා බැලිය යුතුය.මහා පලතුරු පූජා මල් පූජා කොට බුදුන් දෙවියන් යැයි සිතා කටයුතු කිරීමට යැම බුද්ධ ධර්මයේ පාදමට විශාල හානියක් බව පෙනෙන්නට තිබේ. ප්‍රතිපත්ති පූජාවට මුල් තැනක් දුන් ආගම් අතර දර්ශනයක් වූ බුදු දහමේ පෙලක් දේවල් වෙනස් කොට පවත්වාගෙන යාම මේ තත්වය උදාවිමට මුලපුරා ඇති බව පෙනෙන්නට තිබේ.විටෙක පන්සිල් පද පහෙන් එකක් හෝ කඩ කිරිමට මාන බලනා අයද මෙසේ සිටින බව පෙනෙන්නට තිබේ.බෞද්ධයෙකු වූ විට පංචශීල ප්‍රතිපදාව රැකිය යුතු විනා එයින් එකක් හෝ බිඳ හෙලා කටයුතු කිරිම කොතරම් යුක්ති සහගතද යන්න ඔබ මනසින්ම ඇසිය යුතු ප්‍රශ්නයක් බව මතක් කරන්නේ මේ නිසාය.

පර පන නැසීම බෞද්ධ දහමේ නොකියනා දෙයක් බවද මෙහිදී සඳහන් කල යුතුය.එසේම තම පන නසා ගන්නටද වරම් බෞද්ධ ආගමේ නැති බව පෙන්වා දිය යුතුය.එසේ නම් දිවි තොර කරගන්නා සත්‍යයක් ග්‍රහ පවා අකැප බව පෙනෙන්න තිබේ. මෙහිදී බෞද්ධ භික්ෂුවක් උපසම්පදා විනය කර්මය කරන විට එහි ඇති පෙලක් ධර්මතා මේ ඔස්සේ බිඳ හෙලන්නට කටයුතු කොට ඇති බවද පෙනෙන්නට තිබේ.ගසක කොලයක් කැඩිම පවා නොකල යුතුය යන්න එහි කියවේ.නමුත් එසේ සිටියානම් රටක් ඉතිරි නොවන බව කෙනෙක් කියනු ඇත.නමුත් පටු වාසි තකා යහ මග පෙන්වීම මදකට වෙනස් කොට ආගම භාවිතා කිරිම හා ආගමේ යම් යම් ධර්මතා වෙනස් කිරීම නොකල යුතු බව කිව යුතුය.සිහල දීපයේ මුලික පාදම වන්නේ බුදුදහම බව කිව යුතුය.එයට යම් යම් වෙනස් කම් කලොත් එය විශාල වශතෙන් අනිසි ප්‍රතිපල ගෙනෙනු ඇති බව කිව යුතුය.අද නොවුවත් අනාගතයේදී මේ වෙනස ඔබට දැනෙනු ඇත.

මනස නම් රෝපණ මාධ්‍යයේ විනාශයේ බිජය වැපිරිය හැකි බව පටු දේශපාලන වාසි වෙනුවෙන් කැපවූ අය දැන සිටියේය.මෙයට හොඳම උදාහරනය ලෙස සැලකිය හැක්කේ හිට්ලර් නම් පාලකයාගේ කතාවයි.ඔහුගේ කතාවේ ජේසුස් වහන්සේට ඇනගැසීම ඉදිරියට පැමින එය අවිය කරගත් මොහු තවත් ජාතියක් සමඟ යුද්ධය ප්රකාශ කල බවත් ඒ මතින් මිනි කදු ගොඩ නැගුනු බවත් මා පෙන්වා දෙන්නේ ඒ නිසා බව කිව යුතුය.තම රටේම තවත් ජාතිතක් වනසමින් ඔහු ගෙන ගිය දේශපාලනය තම ජාතියටම තේරෙන්නට විශාල කාලයක් ගිය බව පෙනෙන්නට තිබේ.යුරෝපය පවා එම ජාතිය ඔවුන්ගේ එලි පත්තට වද්දා ගැනීම පවා ප්‍රතික්ශේප කල බව අතීතය හාරා ඇවිස්සීමේදී පෙනෙන්නට තිබේ.තමාට නොවන තාක් එය ප්‍රශ්නයක් නොවේ යන ධර්මතාව පදනම් කොට ගෙන අපට වූ කල ජාතියක් ලෙස අප මෙයට වඩා කොන් වෙනු ඇති බව පෙනෙනනට තිබේ.එයත් ඔබ මනසින් සිතා කටයුතු කල යුතු කාරනයක් බව පෙනෙන්නට තිබේ.එකල් හි හිට්ලර් මොන දේ කලත් එම ජාතිය උතුම් වූ බව මුල් කාලයේ පෙනෙනනට තිබුනේය.තම නායකයා අතක් එසවූ කල හූදී ජනයාත් එසේ කල බව පෙනෙන්නට තිබුනේය.තම නායකයාගේ රැසෙන් ජනයාද මත් වී නිලංකාර වූ බව එකල් හි පෙනෙනනට තිබුනේය.මේ කරන වැඩේ වැරදීයි යැයි පෙන්වා දීමට හිට්ලර්ට කවුරුන්වත් සිටියේ නැත.එනිසා ඔහු රිසි සේ කටයුතු කරන්නට වන්නේය.පසුව ඔහු නැවතුනේ ඒකාධිපතියෙකු ලෙසය.මෙහිදි අන් ජාතියට මෙන්ම තම ජාතියටද පිලිලයක් වූ බව මෙහිදී පෙනෙන්නට තිබේ.

නැති අර්බුදයක් රෝපන කොට බලයට පැමිනි ඔහු ජාතියක් වනසමින් ගෙන ගිය විනාශය ලෝකය හෙල්ලුම් කෑ සහ කලු අකුරින් ලියවෙන අතීතයක් හිමිකර දුන් බව පෙනෙන්නට තිබේ.ඒ පිලිබඳව ලියවුන පොත පත පරිශීලනය තුලින් ඒ පිලිබඳව යම් අදහසක් ඔබට ගතහැකි වනු ඇත.

අද රටද මේ තත්වය කෙරේ ඇදගෙන යන්නට උදාහරන මේ මොහොත දක්වා අහන දකින තත්ව යටතේ මහ ජනයාට නොතේරෙන බැවු පෙනෙන්නට තිබේ.ඔවුන් බලයෙන් ඇස් නිලංකාර කොට ගෙන හමාර.සියලු රාජය සේවකයන්ට පිට රට යැම තහනම් යන දේ පවා මිනිස් නිදහස වෙනතකට හැරවිමේ මතයක් බව මෙහිදි සඳහන් කල යුතුය.මෙය මූලික අයිතිවාසිකමක් කඩ විමක් බවද පෙන්වා දිය යුතුය.එනමුත් පෙර කල මෙන් ජනයා උදම් අනා එක පයින් කැමැත්ත ප්රකාශ කිරීම මේ තත්වයට උල්පන්දම් දීමක් විය හැක.  

මෙහිදි පොඩ්ඩක් අප වෙනස් විය යුතු කාලය එලෙබෙමින් පවතී.කොටුව තුල සිට ඕනෑම අයෙකුට කෑ ගැසිය හැක එහෙත් ඔබ කොටුව තුල සිටින තාක් ඔබ දකින්නෙ කොටුව ඇතුලේ පමනි නමත් කොටුවෙන් පිට පනින්නා විශ්වය දකිනු ඇත.අප ඉල්ලුවේ මුලින්ම වෙනසය.එය අප ලඟා කර ගත්තෙමු එයින් අපට ලැබුනු නිදහස අප පාවිච්චි කරන්නට නොදත් නිසා එය ඉක්මනින් එපා වුයේ වෙනස නිසා නොවේ. අපේ මනස් පරිදිය පුලුල් නොවන නිසා බව පෙනෙන්නට තිබේ.උදාහරනයක් දක්වතොත් මාධය නිදහස සලකා බැලිය හැකිය.අපට මාධය නිදහස ලැබුනි.නමුත් නිදහස සභ ස්වයං වාරනයක් මාධය කරුවාට තිබෙන බව අප මදකට අමතක කලෙමු.මාධය නිදහස ලැබීමටත් එය පවත්වා ගැනීමටත් අප අපහොසත් වුවේ ඒ නිසාමේමෙයට උදාහරනයක් දෙතොත් සරලම උදාහරනය වන්නේ යුතුකම් හා වගකිම් සහ අයිතිවාසිකම්ය.තම යුතුකම් නොකර අයිතීන් දිනා ගත නොහැක. තම වගකීම් පැහැර හැර අයිතිවාසිකම් දිනා ගත නොහැක.තම රැකියාව හරියට නොකර පඩි වැඩි කරන ලෙස ඉල්ලිම යුක්ති සහගත නැත.අයිතිවාසිකම් රැකෙනුයේ යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු කරන පුත්ගලයාට විනා අයිස් පප්පන්ට නොවේ.මේ ධර්මතාවත් මාධය නිදහසත් අතර අප දිනාගත් මාධය නිදසහ හා භාවිතය පිලිබඳවත් සොයා බලන ලෙස මා ආයාචනා කරමු.ලැබු මාධය නිදහස රකින්නට නම් ස්වයං වාරනයක් තිබිය යුතුය.සිතන සිතන දේ ලිවිම හෝ ඇසෙන බලන දේ ලිවිම කොතරම් යුක්ති සහගතද යන්න තම තමාම මැන බැලිය යුතු කාලය එලඹ ඇත.

මේ පිලිබඳ වෙනත් අදහස් තිබිය හැක.එහෙත් දැනෙන නේ කිවෙමි.චනදයක් හමුවේ මාධය භාවිතා කල ආකරය විටෙක අපුල දනවන කාරනාවක් වුවේ ඒ නිසාය.පක්ශ දෙකකට බෙදී පෞද්ගලික ලාභ ප්‍රයෝජන වලට වහල් වි රටක් මෙහෙයවු ආකාරය අප බලා සිටියෙමු.එය රටකට හොඳ නොවන බව පෙනෙන්නට තිබේ ඔවුන් නිදහස් මාධය භාවිතයෙන් උපරිම ප්රයෝජන ගත්තේ සත්‍ය වසන් කිරීමටය.එයින් පොදු මිනිසා වෙනස් කිරීමට ඔවුන්ට හැකි විය.එය මාධය නිදහස අනිසි ලෙස භාවිතා කිරීමක් බව කිව යුතු නොවන්නේද ? පාට කන්නාඩියකින් බලන කල එසේ නොවන බව ඔබ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනු ඇත. නමුත් ස්වාධිනව සලකා බලන කල වී තිබුනේ එය බවත් වූවේ එසේ බවත් ඔබට පෙනෙනු ඇත.

උදැහරන නම් කොතෙකුත් ඇත.එවා එක ලිපියකට ලඝු කොට දැක්වීම යුක්ති සහගත නැත්තා යැයි සිතේ. නමුත් බුද්ධ කාලයේ කොසොල් රජු දුටු සිහිනය කා හටත් මතක ඇතී බව හැගේ. එයින් අද කතාව ඉවරයක් කරන්නට මා අපේක්ශා කරමු.

කොසෝල් රජු

ස්වාමිනි මේ හිනය අමුතුම ආකාරයේ එකකි. මා දැක්කා සුවඳ හමන සදුන් කොටයක් දුගඳ හමන මොරු කලයකට හුවමාරු කරගන්නවා. ස්වාමිනි ඇයි මට මේ වගේ හිනයක් පෙනුනේ...

බුදුරජානන් වහන්සේ...

රජතුමනි අනාගයයේ මගේ බුද්ධ ශාසනයේ බොහෝ භික්ෂූන් ලාභ සත්කාර  බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස් කම් සැපය උදෙසා සිවුරු දරනවා.මෙසේ සාස්තරුන් වහන්සේලාගේ දහම මුදලට හා ආනෙකුත්
දේවල් වලට පාවා දීම තමා මේ හිනයේ තේරුම

මෙය මාගේ මෙම ලිපියේ අවසානය ලෙස සටහන් කරන්නට කැමතියි.මා සමඟ ඔබ උරන වෙනු ඇත.නමුත් සත්‍ය සත්‍ය ආකාරයෙන්ම මා පැවසිය යුතුය.නැතිනම් උප නූපන් අනාගතය අප වපුරනා විනාශයේ පල නෙලා ගනු ඇත.


.......දුකා.............


                 

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...