Sunday, November 1, 2020
ලංකාවේ ආර්ථික මලගම අත ලඟද ....
ලංකාවේ ආර්ථික මලගම අත ලඟද ....
රට ආර්ථික වශයෙන් ස්ථාවරද? රට ආර්ථික වශයෙන් පොහොසත් ද ? කොවිඩ් වලේන් බැටකෑ රට මේ
යන ගමනේ ආර්ථික අගාධයකට ඇද වැටේවිද ? රටේ දේශපාලනය ආර්ථික අගාධයකට රට දක්කනවා ද ?
මේ තත්වයට වගකිව යුත්තෝ කවුද ? මෙහෙම ප්‍රශ්න ටිකක් සමාජයේ සාකච්චා වෙමින් පවතින
යුගයක් අප පසු කරමින සිටිනනේමු.කෙසේ වෙතත් මේ ලිපිය ලියනා මා මහා ආර්ථික විද්‍යා
දැනුමක් ඇත්තෙකු නොවේ.එහෙත් මේ තත්වයට ඔබ මෙන් මාත් ඇද වැටි ඇති තත්වයක මෙසේ වුයේ
ඇයි දැයි සොයා බැලිම වටිනා නිසා මා මේ ලිපිය ලියන්නට කරුනු එක්රැස් කලෙමු.එය මාගේ
දැනුම වර්ධනය වගේම ඔබේ දැනීමේ පරිධිය වැඩිකිරීම සඳහාත් මා මේ ලිපිය ලියන්නට සිතුවේ
මා තනිවම පමනක් මේ තත්වයෙන් ගොඩ එන්නට යත්න දැරීම වැඩකට නැති නිසාය. රටක් ලෙස එකා
වන්ව මේ තත්වයෙන් ගොඩ ආ යුතුය.නැතිනම් වන්නේ රට ආර්ථික වශයෙන් පරිහානි තත්වයකට
යෑමය. ඇත්තෙන්ම රට ණය උගුලක වැටි අවසානය.එය මොන පක්ෂයකට මුක්කු ගැසුවෙකු වුවද
පිලිගත යුතුය.එය පිලි නොගන්නා තාක් ගැටලුව හදුනා ගැනීමටත් පිලිතුර සොයා ගැනීමටත්
නොහැකි වනු ඇත. එක් එක් දේශපාලන පක්ශ වලට බැන අඬ ගසමින් ශේප් විම මෙහිදී මා
නොකරන්නේ මේ තත්වයට රිජු ධායකත්වයක් ඔබ හෝ මා යන දෙදෙනාම දී ඇති නිසාය.රට කරවන පක්ශ
දෙකක් ඇත.මොන පාට මොන ලකුණු තිබුනත් නිදහසින් පසු මේ රට පාලනය කරේ පක්ශ දෙකක් බව
ඔබට මා අමුතුවෙන් කිව යුතු නැත.සුලු පක්ෂ කලේ හැමකාලයේම පවතින රජයට මුක්කු ගසා
ඔවුන්ගේ හිතලු ජය ගැනීමට කතීකා කිරීම පමනි.දේශානුරාගී පක්ෂ ලෙස හංවඩු ගසා ජත් භේ
සුලෝ පක්ෂ කලේද මහ පක්ෂ දෙකේ එල්ලී බලි බැලීමය. රටේ මහ උන්ගේ මූනත්තහඩු මාරු වුවද
රටට වූ සෙතක් නැත.රටේ මහජනතාව මෙතෙක් කල් දෙපිලකට බෙදී තමාගේ බඩ වඩා ගැනීමේ සහ
තමාගේ මනදොල සැපීරීම වෙනුවෙන් පොලිමේ සිට කතිරය ගසා එක් එක් අය පත් කර
ගත්තෙමු.චන්දයෙන් පසු ඔවුන් මේ රටේ සාරය උරා බිවු බව ඔබත් මාත් පෙර ලෙස කෑ
ගසන්නෙමු.නමුත් අප අපගේ හිතලු ජයග්‍රහනය සඳහා අපගේ රට ලන්සු තබන්නට වක්‍රාකාරව
ධායකත්වය සපයා ඇත්තෙමු.එයින් අපට ගැලවිය නොහැක.අද අප අභිමුව තබනා ආර්ථික අගාධයේ
හවුල් කරුවන් අපි මිස වෙනකෙකු නොවේ. දෙදහස් විසි එක වන විට ආර්ථික විද්‍යාඥයෝ
පෙන්වා දෙන පරිදි රට ආර්ථික වශයෙන් කඩා වැටීමට නියමිත බවට කැට තබන භොහොතක් අප පසු
කරමින් සිටින්නේ මේ නිසාය.පවතින ආන්ඩුවට පවා මේ සම්බන්ධව කරන්නට දෙයක් නැත.වියත්
මගේ පට්ට පොරවල් වලටත් මේ සම්බන්ධව කල යුතු දේ පැහැදිලි නැත.අංක ගණිතය යොදා මේ
තත්වය යට ගසන්නට හැදුවද එයින් ඔවුන් ඇඟ බේරා ගන්නට යත්න දැරුවද ඒක පුද්ගල ආදායම
රිසි සේ කඩා වැටීම නවත්වන්නට නොහැකි බව පෙනෙන්නට තිබෙන බව ඔවුන්ටද පෙන්වා දිය
යුතුය.අංක ගණිතය හෝ ලොවම ආර්ථික අගාධයකට වැටි ඇත යන තර්කය ගොඩට ඇද එය තෙපලා මහා
සාකච්චා වල පොත් පෙරලා මේ තත්වය මඩේ එබීමෙන් සිදු වන්නේ තවත් රට අගාධයට යාම විනා
වෙනත් දෙයක් නැත.මහ බැංකු වාර්ථා පරක්කු කිරිම හෝ ජන සංඛ්‍යාලේඛනයේ ඒක පුද්ගල
ආදායම, නිෂ්පාධන ආදායම ඒම පරක්කු කිරීමෙන් වෙන්නේ රට ඒවත් අගාධයකට යාම විනා එයින්
ලැබෙනා හොඳක් නැති බව පෙනෙන්නට තිිබේ.
රටේ අයිතිකාරයා පාලකයා නොවේ.රටේ සැබෑ අයිතිකරුවෝ ඉපදුන ඉපදෙන පුරවැසියෝය.ඔවුන්
වෙනුවෙන් පාලකයෝ වැඩ කල යුතුය.දත්ත වාර්ථා මඩේ ඔබනවාට වඩා නිවැරදි දත්ත ගෙන හැර පෑම
රජයක් විසින් කල යුතුය.නැතිනම් රට තවත් අගාධයකට ඇදගෙන යනු ඇත. නිවැරදි දත්ත සමාජ ගත
නොකිරීමේ විපාක ලැබෙනු ඇත. දත්ත වටින්නේ බුද්ධිමතුන්ටය ඔවුන් වියදම් කල යුතු
ප්‍රමානය පෙන්වා දෙනු ඇත.එය පොදු සමාජය පිලිගෙන තම මුදල් භාවිතය සරේලන ලෙස සකස් කර
ගැනීමට වත් රජය නිවැරදි දත්ත ජනතාවට සම්ප්‍රේෂණය ඛල යුතුය.එය හරි හැටි නොවන බව
පැහැදිලිය.එයට හේතුව ලෙස පෙනෙන්න්නේ රජයේ නොහැකියාව දත්ත මත පදනම් වේ යැයි සිතනා
මරි මොඩයන් රජයේ සිටින නිසා වන්නට ඇත.නමුත් විය යුත්තේ රට ඇදවැටි ඇති සත්‍ය තත්වය
රට හමුවේ තැබීමට කටයුතු කිරිමයි.එසේ නොකලහොත් ජනතාව අධි පරිභෝජනය කොට තවත් රට
අගාධයකට ඇද දමනු ඇත. අපටත් වඩා අන්ත දුප්පත් රටවල් ආර්ථික වශයෙන් යම් පසුබෑමක් මේ
කොවිඩ් අර්බුධය නිසා පෙන්වා තිබුනද ඔවුන්ගේ රාජයේ ආර්ථික තත්වය කඩා වැටීමකට ලක්ව
නොමැති බව ඔබට පෙනෙනු ඇත.හොඳම උදාහරනය ආසිත්තික රටකින්ම ගතහොත් වියට්නාමය එයට හොඳම
උදාහරනයක් ලෙස දක්වා ලිය හැක.ඔවුනුත් අප ලෙසම තිබු රටකි.යුද්ධය, ගොවිතැන මතින් ගොඩ
නැගුනු ආර්ථිකය මේ සියල්ලම අප රට සේම වියට්නාමයටත් එක සේ තිබුනේය.නමුත් පවතින
අර්බුධ හමුවේ වියට්නාමය ආරීථික ලෙස මේ කොවිඩ් අර්බුධය හමුවේ වුවද ආර්ථික ස්ථායිතාවක
පවතින බව ඔබට පෙනෙනු ඇත.ඒ සම්බන්ධව අප පසුව කතා කරමු.
මේ රට පවතින තත්වය හමුවේ සියලු පක්ශ වලට ඇගිල්ල දික් කිරීමට මා හට සිදු වනු ඇත.ඒ
මක්නිසාද යත් මේ කුමන පක්ශයකට වුවද කුමන පුද්ගලයෙකුට වුවද බලය ලබාගැනීමේ කෑදර කම
විනා රට ගැන කැක්කුමක් තිබුනේ නැත.ඔවුන් කලේ තම ආන්ඩු කාලයේ ජනතා සේවය ලෙස ඊ ලඟ
චන්දයෙන් දිනීමට ගම් දනවු වල වැඩ කිරීම පමනි.ඔවුන්ට රටේ ආර්ථිකය ගැන වගක්
නොතිබින.ඔවුන් තම චන්ද බල ප්‍රදේශය සුඛිත මුධිත කරන්නට වෙහෙසුනි. ක්‍රිඩා පිටි
සෑදුවේය.බෝල බැට් ලබා දුන්නේය.පෙලක් අය පාරවල් සෑදුවේය.නැතිනම් නුසුදුසු තම
හෙන්චයියන්ට රැකියා ලබා දුන්නේය.එමගින් ඔවුන් එන වර එතෙර වීමට චන්දය එක් කලේය.එහෙත්
ඔවුන්ට රටේ ආර්ථිකය නගා සිටුවීමට එකදු ප්‍රතිපත්තියක් නොතිබුණේය.ඒ තත්වය නිසා අද අප
මේ තත්වය අති විදිමූ.තම චන්ද බල පෙදෙස් වල කුඩා පරිමාන වියාපාරිකයන් බල ගැන්වීම
ඔවුන් කර ගියේ නැත.ස්වයං රැකියා සඳහා බල ගැන්වූයේ නැත.
අවම වශයෙන් වගා කිරීමට හැකි
ඉඩම් පිලිබඳ වාර්ථාවක් වත් ගත්තේ නැත.ඔවුන් සිදු කලේ රෙද්දක් පන්දාහක් දී තම චන්දය
රැක ගැනීමට ජනතාවට කැරට් කැවීම පමනකි. රටේ ආර්ථිකයට කිසිදු මුදලක් එක් කිරීමට රටේ
දේශපාලකයා කටයුතු කලේ නැත.ඔවුන් සුභසාධනය පෙර දැරි කොට තම ආර්ථික ප්‍රතිපත්ති සකස්
කලේය. ලංකාව සේවා ආරිථිකය පසු පස ගොස් ඇන ගන්නා බව ලෝකයා කිවද රටේ බුද්ධිමතුන් පවා
ඇස කන නාසා වසාගෙන මුනිවත රැක්කෝය. දේශපාලකයන්ගේ උපදේශකයෝ වුයේ මරි මෝඩයන්ය.නැතිනම්
උපදේශකයා වුයේ ඇමතිගේ නොනා හෝ මෝඩ පුතාලාය.නැතිනම් හඳ තරු කොට්ටයට තබා නිදිය ගන්නා
කට්ටඬියෝය.නැතිනම් හොර හඳහන් කාරයෝය.රටේ බුද්ධිමතුන් ඔවුන් සේවයට පත් කර ගත්තේ
නැත.ඔවුන් මේ රටේ තම දැනුමට තැනක් නැති බව සිතා කට වහ ගත්තෝය.නැතිනම් වෙන රටක්
ඔවුන් ගැන දැනගෙන ඔවුන් රතු පලස මතින් ඔවුන්ගේ රටට කැන්දාගෙන ගියෝය.උදාහරණයක් ලෙස
මැලේශියාව අද ඉන්නා තත්වයට ආර්ථික වර්ධනයට මුලික වූයේ කවුදැයි සොයන්න.මේ රටේ සිටිය
නොහැකි වු බොහෝ බුද්ධිමතුන් ඔවුන්ගේ දැනුම ගෙන ගියේ මැලේශියාවටය.අද වන විට
මැලේශියාවේ ආර්ථිකයේ ප්‍රධාන කුලුනු දරාගෙන සිටින්නේ ලංකා භූමියෙන් අප පන්නා දැමු
බුද්ධිමතුන් නිසාය.ඔවුන් මෙරටට වැදගත් වූයේ නැත ඔවුන්ගේ දැනුම අප රටේ දේශපාලකයාට
යල් පැන ගිය දැනුම වුයේය.
අපේ රටේ මහ ජනයාට ඔවුන් කියනා දේ හිනා වෙන්නට නිමිත්තක්
විය.එනිසා ඔවුන්ගේ දැනුමට නිසි වටිනා කමක් දෙන තැනකට ඔවුන් විතැන් විය.මැලේශියාවේ
ආර්ථික විශේෂඥයන් බොහෝ දෙනා ලංකාවේ බුද්ධිමතුන්ය.එසේම විස්ථා සම්පාධන ආයතන වල මහ
පුටුවේ සිටින්නේද ලංකාවේ බුද්ධිමතෙකු බව ඔබ සොයන්නෙක් නම් බලන්නෙක් නම් කරුනු
එක්රැස් කරන්නෙක් නම් වැටහෙනු ඇත. පාලකයා උගතෙකු නොවුනාට කම් නැත.එහෙත් පාලකයා තමාට
හැකි දේ නොහැකි දේ පිලිබඳව දැනගෙන සිටිය යුතුය.ඔහුට හෝ ඇයට බැරි දේ පිලිබඳව කියාඒ
සම්බන්ධව උගත් බුද්ධිමත් අයගෙන් ඔවුන් උදවු ඉල්ලිමට මැලි නොවිය යුතුය.තමාගේ උපදේශක
මන්ඩලය ලෙස තෝරා ගත යුත්තේ නොනලා පුතාලා හෝ කට්ටඩියෝ නොවේ රට තුල සිටිනා
බුද්ධිමතුන්ය.වියත් මගේ පොරවල් වලට චන්දය දී ඒ මඩ ගොහෝරෝවටම හෙලා අප ඔවුන් කරනා දේ
බලා සිටිමු.එහෙත් සිදුවී තිබෙන බව පැහැදිලිය.මරි මොඩයන් සමඟ වියතුන් සභා මැද පිස්සු
කෙලින්නේ ඔවුනුත් මරි මොඩයන්ගේ ලනු කා කට වසා ගෙන පැත්තකට වී සිටිම නිසා බව
පෙනෙන්නට තිබේ.අනෙක් අය විසින් වියතුන්ගේ අත් බැඳ ඇත.වදින්න ගිය දේවාලය ඉහේ කඩා
වැටිම වැනි දේකට වියතුන් වැටි ඇති බවද පෙනෙන්නේ ඒ නිසාය. දෙදාස් විසි එක ගැන කතා
කරන්නට කලින් ආරීථික වශයෙන් රට කොතරම් ආගාධයකට වැටී ඇති දැයි සොයා බැලීම වටී.එයට මා
ගණිතය යොදා නොගන්නේ ලංකාවේ මේ අංක දවසින් දවස එහෙ මෙහෙ වන නිසාය.මහ බැංකු වාර්ථාවේ
එකකුත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවේ තව අංකයකුත් තිබෙනා නිසාත් මා ආර්ථික
විද්‍යාඥයෙකු නොවන නිසාත් මා අංක ගණිත තර්ක ගේන්නට යන්නේ නැත.එහෙත් ඔබට තේරුම් කර
දිය යුතු නිසා උදාහරණ කිහිපයක් මා ගෙන එන්නට වැයම් කරන්නෙමි.
ඔබ ගන්නා වේතනය මාසයක්
ජිවත් වන්නට ප්‍රමාණවත්ද ?
ඔබ කන්නේ සමබල ආහාර වේලක්ද ?
ඔබ වියදමට අමතරව යම් මුදලක්
හදිස්සියට ගන්නට තබා තිබෙනවාද ?
ඔබ යම් මුදල් කොටසක් ආයෝජනය කරනවාද ?
ඔබ යම් මුදල්
කොටසක් තැම්පත් කරනවාද ?
ඔබ ආර්ථික වශයෙන් ස්ථාවරද ?
මේ ප්‍රශ්න වලට සිතට එකඟව
උත්තර සිතන්න.ඔබට වැටහෙනු ඇති මේ ආර්ථික කඩා වැටිමේ අවුල නිසා ඔබ දැන් වැටී ඇති
තත්වය.මෙයට විසදුම් ඔබ මා සෙවිය යුතු කාලය එලඹ ඇත යන්න මා කියන්නේ නැත.ඒ මක්නිසාද
යත් අප මේ ගැන සිතන්නට පරක්කු වැඩිය.වියත් මග හෝ දැනට පවතින රජය හෝ මේ තත්වයට
විසදුම් සොයන්නට ගොස් ඔබට වසරක් පටි තද කර ගන්න කිවොත් මේ ආර්ථික අගාධයෙන් ගොඩ එන්න
ඔබ ඒක කරනවාද ? නෑ ඔබ දැඩි ලෙස දෝශාරෝපනය කරනු ඇති.
නැත්තම් පවතින රජයම එය අකුලා
ගනීවි.එයට හේතුව ජනතාවට එය කීවොත් ඔබ ඔවුන් ජඩයන් ලෙස සිතාවි.නැතිනම් ඔබ බැන බැන
පාරට බසීවි.නැති නම් ඔබ එන චන්දයේදී ඔවුන්ට පාඩමක් උගන්වාවි.එහෙයින් මේ රජයත් එසේ
පටි තද කරගන්න යැයි නොකියනු ඇති. එහෙත් රටේ අනාගතය ගැන සිතා කවුරුන් හෝ මේ
ප්‍රතිපත්තිය ගතහොත් බිය නොවි රටේ අනාගතය බබලාවි.ඔබේ දුවා දරුවන් අප විදි දුක
නොවිදීවි.එසේ තමා රට වෙනුවෙන් සිතා අප පටි තද කරගන්නේය යැයි නොකියන්නේ රට ගැන හෝ
අනාගතය ගැන කැක්කුමක් නොමැති නිසා බව දනිමි.චන්දය දුන්නා දැන් කරලා පෙන්නපල්ලා යැයි
කියා පාලකයන් කරනා තුරු ජනතාව උඩ බලා සිටී.තමාටත් වගකීමක් ඇත කියා මහජනතාව නොසිතනා
තාක් රට මේ තත්වයේම පවතීවි.
ජනතාව ඉල්ලීම් ඉල්ලති නමුතී වගකීම නොකරති.පෙලක් රටවල
ඉල්ලීම් ඉල්ලන්නේ තම වගකීම් කරමින්ය.එහෙත් අපේ රටේ කිසිත් නොකර ඉල්ලීම් ඉල්ලති.එම
මනෝභාවය ඇති කලේ එක්කො මාධයයි නැතිනම් පාලකයායි.එම නිසා මේ මොහොතේ ආර්ථික වශයෙන් අප
මෙතැනට වැටීමට එවන් සමාජ කාරනාත් බලපා තිබෙන බව කිව යුතුය.සිංහලයා වලියේදි
සිංහයෝය.වැඩ කිරීමේදී අලසයෝය.එය වෙනස් නොකර ගන්නා තාක් රට එක තැන පල් වනු ඇත.
මෛත්‍රීපාල ජනාධිපති තුමා කොතරම් හෑල්ලුවට ලක් වුවද ඔහු කියු දේ කල නායකයෙක් ලෙස
හදවත් තුල සිටිනු ඇත.එහෙත් ඔබගේ හෝ මාගේ හදවත එය පිලි නොගන්නා බවද මා දනිමි.නමුත්
ඇත්ත එයයි.තම අසිමිත බලය නම් වූ ඒකාධිපති බලය ඔහුම අත් හැරියේය.ඔහු එසේ කලේය.තමාට
හිමි බලය තමා විසින්ම නැති කර ගත් එකම නායකයා ඔහුය.එය අපේ රටේ ජනතාව මොඩකමක් ලෙස
දැක්කේය.ඔහුට පරිභව කලේය.අපේ රටේ ජනයාට අවැසී වුයේ යල් පැන ගිය දේශපාලන
නියායයන්ය.තම චන්ද පොරොන්දුව ඔහු රැක්කේය.එය මතක් කරන්නේ අපගේ කුහක මොල හරස් කඩක්
පෙන්වීමට පමනි.ඔහු කල සියලු දේ හරි කියන්නේ නැත. රජුන්ගේ බැල මෙහෙවර කල අප අදටත්
යටත් වැසියෝ ලෙස ඉන්නට සිත සදා ගනිති.අපගේ කොදු කොතරම් කෙලින් කරන්නට හැදුවත් අප
සියල්ලන්ගේම කොදු නැවිලාය.
වෙනත් රටවල් කැලෑවෙන් එලියට පැමින දියුනුව කරා යන්නට
කෙලින් ගමනක් යන විට අප හෝමෝ සේපියන් ලෙස සිට ලුසි මානවයා දක්වා ආපසු ගමනක් යන බව
පෙනෙන්නට තිබේ.අප රටේ ජනයා නැවත කැලෑ වදින්නට සුදානම්ය.වහලා හා වහල් හිමියා තත්වයේ
දැන් සිටින තත්වය බව මා මේ මොහොතේ සඳහක් කල යුතුය. දෙදාස් විසි එක වන විට ආර්ථික
කඩා වැටිමත් සමඟ අප නැවත කැලෑ වැදෙනු නොඅනුමානය. සුපර් මාකට් වලට ගිය අප කර කොල
සොයනු ඇත.කෑම සොයමින් සිමිත කැලෑ වල ඔහේ ඇවිදීනු ඇත.එය අත ලඟය. සේවා ආර්ථිකය තිබෙනා
තාක් මේ රටේ තත්වය එසේ වනු ඇත.පුජකයා සහ දේශපාලකයා නොනැසී පවතිනු ඇත.එහෙත් ජනයා
නැසෙනු ඇත. අප පරිබෝජන ආර්ථිකය මත යැපෙන නිසා මෙවන් තත්වයක් උද්ගත වූ බව පෙනෙන්නට
තිබේ. ලංකාවේ ජනතාව අධික පරිබෝජනය කරනා ජනතාවකි.ඔවුන් තමාට අවැසි දේ සාදා ගන්නේ
නැත.ඔවුන් අහසට දත නියවමින් උඩින් වැටෙන තුරු බලා සිටින ජාතියක් වී හමාරය. උදාහරණ
ලෙස මගේ විශය තුලින්ම මා උදාහරණ ගන්නේ මා ඒ විශය පථය හදාරා ඇති නිසා පමනක් නොවේ එය
ඔබටත් පැහැදිලි කිරීමට තරම් හොඳ උදාහරණයක් වන නිසා බව මට සිතේ. පරිබෝජන ආර්ථිකය
නැතිනම් සේවා ආර්ථිකය පිලිබද කතාවේදි දක්වා ලිය හැකි හොඳම උදාහරණය වන්නේ වෙලඳ
දැන්විම්ය. මෙහිදී පරිභෝජනය අධික කිරීමට රිජු ලෙස දායකත්වය දක්වන්නේ ජනමාධ්‍යය
යි.එය ජන මනසට කතා කරන්නට පටන් ගත් දා සිට අධික පරිබෝජනයක් පෙන්වන්නට පටන් ගත්තේය.
ඔබ දකින වෙලඳ දැන්වීම් ඔබගේ අවශ්‍යතාවයට වඩා කතා කරන්නේ ආශාව වැඩි කිරිමට නොවේද ?
සිතා බලන්න.
ඔබ පොදු වෙලඳ සැලකට සුපිරි වෙලඳසැලකට ගියහොත් ගන්නේ ඔබට අවශ්‍යය දේද
නැතිනම් අනවශ්‍යය දේද ?
ඔබ ආශාවෙන් අවුලවන්නේ කුමක්කද ?
ඔන්ලයින් බිස්නස් සමාජ මාධය
තුල ප්‍රචලිත වන්නේ ඇයි ?
එයත් අප වන් රටවල් වල වෙලඳපොල තුලටම රින්ගන්නට මාන බලන්නේ
ඇයි.සිතා බලන්න සොයා බලන්න. විවෘත ආර්ථිකයට බැන බැන අප අවුරුදු ගනනාවක් කලය
කෑවෙමු.පෙලක් රටවල් විවෘත ආර්ථිකය නිසා ගොඩ ගියේය.ආර්ථිකය ඉහල ගියේය.ඒක පුද්ගල
ආදායම ඉහල නැන්වුයේය.එයට හේතුව ලෙස පෙනෙන්නට තිබෙන්නේ රටේ විවත ආර්ථිකය හැසියවිමට
සමත් බුද්ධිමතුන් සහ නිති සම්පාධනය වෙනුවෙන් එම රාජය කටයුතු කිරිමය.මෙරට තත්වය
විවෘත ආර්ථිකය නිසා අපාගත වූ බව පවසන ඇතමුන් ඇතැම් ආන්ඩු ඔවුන්ගේ නොහැකියාව වසා
ගැන්මට විවෘත ආර්ථිකය නම් හමස්කඩයට තඩි බානා බව පෙනෙන්නට තිබේ. දැන් වත් මේ
තත්වයෙන් රට මුදවා ගැනීමට රජයකට අවැසි නම් කල යුත්තේ විවෘත ආර්ථිකයට යම් යම්
සම්භාධක දැමීම නොවේද ? අප රට වෙනත් රටවල් වලට වෙලඳ පොලකි.ඉනදියාව චිනය වගේ රටවල්
අපේ රට වෙනුවෙන් පොර කන්නේ මේ නිසාය.ඒවාට උඩගෙඩි දෙන්නේ ජනමාධ්‍යය යි.එය යම් කලුකඩ
ස්වභාවක් ගන්නා බව සියුම්ව කල්පනා කරනා විට පෙනෙන්නට තිබේ.දෙදාස් විසි එක වන විට
සුභසාධනය පිලිබඳ අදහස අතුගා යනු ඇත.එසේ වන්නේ සුභ සාධනය වෙනුවෙන් වත් රජයට මුදල්
නොමැති කමය.එය සමතයකට පත් කරන්නට රජය නැවත නැවතත් නය ලබාගැන්මට යාමෙන් තව තවතී රට
ණය උගුලකට හිරවනු නොඅනුමානය. එන්ගල්ස් මාක්ස් කි ලෙස අප අවශයතාව උවමනාව අතර
ගැටලුවකට මැදිවී ඇති බව පෙනෙන්නට තිබේ. ලංකාව මේ ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට නම් මේ
අවුල මුලිකව ලිහා ගත යුතුය.පරිභෝජන ආර්ථිකය අමතක කල යුතුය.ආනයන පරිබෝජන රටාව නතර කල
යුතුය.නිශ්පාධන ප්‍රමුඛ ආර්ථිකයකට යා යුතුය.එය ඉත් ඉක්මනින විය යුතු කාලය එලඹ
ඇත.
වියට්නාමය අද වන විට නිශ්පාධන ආර්ථිකය නිසා ලංකාවට වඩා ආර්ථික වර්ධනයක් ලබා ඇති
බව පෙනේ.දැන් දැන්ම එසේ නොකලහොත් සිදු වන්නේ ලංකාව ලෝක සිතියමින් මැකි යාම බව
පෙනෙන්නට තිබේ. මුල් කාලිනව නිශ්පාධන ආර්ථිකයට යැමේ තත්වය ජන සමාජයට විශාල අමාරුකම්
ඇති කරනු ඇත.නමුත් එය ඉක්මනින්ම විය යුතු කාලය එලඹ ඇත.රට ආර්ථික වශයෙන් අනාත වන්නට
වන්නට පෙලක් රටවල් මේ රට ගිල ගන්නට මාන බලනු ඇත.එය දැන් දැන් වෙමින් පවතිනා බවත්
ඔබට පෙනෙනු ඇත.එය ස්වභාවයයි.රටවල් අල්ලා ගැනීම දැන් යුද්ධය ලෙසම පැමිනෙන්නේ
නැත.අශෝක රජු යුද්ධයෙන් බැරි තැන ධර්මයෙන් බුද්ධ රාජය ගොඩ නගා සතුටු වුයේය. එසේම
ආර්ථික වශයෙන් වැටි ඇති රටකට ඔන තරම් ණය දෙන රටවල් ඇත.ඔවුන් ඇති තරම් අප හට නය දෙනු
ඇත.ඔවුන්ට අපසු ගෙවිමේ සම්භාවිතාව අප වගේ රටවලට නැති බව ඔවුන් දන්නේය.ඒ නිසා ඔවුන්
එක් එක් ඉල්ලීම් ලංකාවෙන් ඉල්ලනු ඇත.භුමියෙන් කොටසක් ඔවුන් ඉල්ලනු ඇත.යුද අභ්‍යාස
කර ගෙන යන්නට මුහුදක් ඔවුන් ඉල්ලනු ඇත.එසේ වන්නේ ඔවුන් ආර්ථික වශයෙන් පොහෝසත්
නිසාය.අපේ පාලකයන් හා ජනතාව බුද්ධිමත් විය යුතු කාලය එලඹ ඇත.
එසේ නොකර තව තවත් නය
ගෙන සුභසාධන ආර්ථිකය තර කන්නට යෑමෙන් රට තව තවත් ණය උගුලක පැටලී ආර්ථිකමය ලෙස ආතුගා
යනු ඇත.මහා ඉහලින් වර්ණනා කරනා අපේ රට තව කාගේ හෝ අනසකට යට වනු ඇත.එයින් බේරීමට
නුවනැස පෑදේවා යන්න මගේ පැතුමයි.රටක් වශයෙන් එක් වි වැඩ නොකරන තාක් අපට පුලුවන්
පැතුම් පතන්නට පමනි.....
දුකා..........
Subscribe to:
Comments (Atom)
ජෙපි තරුණ අසහනය
අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...
-
මුදල් පාලනේ ....... සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං ...
-
අතිත සැමරුම් සහ අනාගතය...... කාවන්තිස්ස යුගය ඔබ කියවා ඇතැයි සිතමි.ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුන යුගයක් ලෙස පසුව දුටුගැමුණු යුගය පටන් ගැනෙන...
-
පලවන කොටස සීහල දීප..... " සී හල දීප " කියන නම ගැන කතා කරලම වැඩේ පටන් ගන්න හිතුව.ඇත්තටම සීහලදීප කියන්නෙ "සිලෝන්"...


