Sunday, January 12, 2025
ජෙපි තරුණ අසහනය
අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්නට ප්‍රධාන කරුණ වන්නේ ඒ ඒ රටවල් වල තිබෙනා දේශපාලන සමාජීය සංස්කෘතික හර පද්දතීන් තුලින් ජනතාව තුල පවත්නා විශ්වාස භංගත්වය බව පෙනෙන්නට තිබේ.ලංකාව අශ්‍රිතව පවත්නා දේශපාලනික අර්බුද එන්න එන්නම නරක අතට පත් විමක තත්වයක් නැවත උද්ගත වන බව පෙනෙන්නට තිබෙන කරුණක්.
රැකියා නොමැති කමත් ගන්නා සොච්චම් මුදලින් තරුණ තරුණියන්ට ලබාගත හැකි බක්කක් නොමැති වීමත් තරුණ තරුණියන්ගේ විශ්වාස භංගත්වයට හේතු වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණක් වී තිබේ.උදාහරණයක් ලෙස දක්වතොත් ඊයේ දින මා හට විදින්නට වූ අවාසනාවන්ත තත්වයක් දක්වන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.එසේම මේ තත්වය එක් ආයතනයකට එක ප්‍රජාවකට එක් ජන සමාජයකට වූ විපතක් නොවන අතර මුළු මහත් ශ්‍රී ලංකික ප්‍රජාවම අකමැත්තෙන් වුවද ඇද වැටුණු ගැටළුවක් බව නොකියාම බැරිය.
ඉරිදා දින වූ ඊයේ දින මා සහ මාගේ බිරිද නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය ගැනිම සදහා ලංකාවේ තිබෙනා කාර්ගිල්ස් ෆූඩ් සිටිය වෙත ගොඩ වැදුනේ ඉදිරි සතියට අවශ්‍ය නිවසට අවශ්‍ය අහාර පාන ලබා ගැනීමේ අටියෙන්.මෙහිදී ලංකාවේ ආර්ථිකය කොතරම් හැකිලී ඇද්ද යන්න දැක බලා ගත හැකි වූ අතර ෆූඩ් සිටියේ රාක්ක තුල පලතුරු වේලි වේලි පවතින ස්වාහවයක් දක්නට ලැබුණි.ලංකාව තුල පලතුරු ආහාරයට ගැනීමේ සංස්කෘතියක් නොමැති බව කෙනෙකු තර්කයක් ලෙස කියනු ඇති අතර නමුත් ආර්ථිකය සවිමත් වූවානම් රාක්ක තුල වේලෙමින් පලතුරු නොතිබෙන බව මා දනිමි.අත්‍යවශ්‍ය අහාර රාක්ක හිස්ව තිබු අතර පලතුරු සහ මාළු මස් ඇති තරමට පිරි තිබුණු බව නිරීක්ෂණය විය. පවත්නා ආර්ථික තත්ත්ව හමුවේ රතු මස් හෝ මාළු පලතුරු කෑ හැක්කේ සුල්තන්ලාට මිස ලංකේය මහජනයාට නොවන බව ඔබ දන්නවා ඇතැයි සිතමි.රාක්ක පිරෙන්නට බඩු තිබුනාට ඒ බඩුත් සමග බදුත් තිබෙනා බව දත් මහජනතවෝ අතලොස්සක් සිටින බවද මෙහිදී සදහන් කරමි.එසේම උලා කන්නට තරම් මාසික වේතනයක් ලැබෙන බහුතර ජනයා සිටින රටක රතු මස් හෝ මාළු කෑම හීනයක් පමණක් බවත් කෑ යුතු නම් පිටරට චිත්‍රපටයක් දෙස හෝ කුකරි ප්‍රෝග්‍රෑම් එකක් දෙස බලා සම්බෝලයි බතුයි අනා රුපවාහිනියේ උයනා මස් කැල්ලක් ගෙන මානසික රංගනයක යෙදී හිත සැනසා ගත හැකි බව නම් මෙහිදී ප්‍රකාශ කල යුතුය.
බොහෝ පෝෂණ වේදීන්ගේ අදහසට අනුව පලතුරු සේම මස් මලුත් ලබා ගැනීම සමබල ආහාර වේලක පැවතිය යුතු අතර එය ලබා ගැනීමට ලංකාව තුල හැකියාවක් නොමැති බව නිරීක්ෂණය විය.ජනයා එදා වෙලා සොයා ගැනීමේ අභිප්‍රාය මුදුන් පත් කර ගැනීමේ අටියෙන් ඔබ මොබ සැරිසැරූ අතර යම් භාණ්ඩයක් අතට ගෙන අනිමිස ලෝචනයෙන් ඒ දෙස බලා සිට නැවත රාක්ක තිළ සුරක්ෂිතව තබා යන බව නිරීක්ෂණය විය.පලතුරු අතගාමින් සුවද බලමින් සිතින් අනුභව කොට ස්වයං වින්දනයක් ගෙන නැවත රාක්ක තුලම තැම්පත් කරමින් මානසික වින්දනයක් ලබා ගත් ගෙදර යන ගමන් වැසියෝ අසීමිත සතුටක් බුක්ති විදි බව නිරීක්ෂණය විය.
එසේම හාල් ඇති බේසම් අසල දෙමල සහෝදරයන් මුහුණ පුළුටු කර ගනිමින් රට හාල් නහයට ලංකර පුළුටු වූ මුහුණින් රතු හාල් නැද්දැයි ෆුඩ් සිටි සේවකයන්ගෙන් අසන අයුරු මා නිරීක්ෂණය කලෙමි.තයිපොංගල් වලට නැති රතු සහල් ගහගනින් පුකේ කියමින් ජනතාව කාටදෝ බැන අඩගසන අයුරුද නිරීක්ෂණය විය.අම්බිකාලා නොදන්නා තෛපොංගල් මහජනයා බුක්ති විදින්නේ එසේය.එසේම ෆූඩ් සිටියේ මදු හල තුල වෙනදාට නැති ශාන්ත භාවයක් ඉසිලීම විශ්වාස කර නොහැකි තරමේ විය.රහමෙර තොල ගා නලාගිරිලා ලෙස ගෙදර ගිය ජනයා ඊස්ට් පදමට සිනි දැමු කසිප්පු නම් රජය ලබා දුන් සලාක පානය බිමේ අටියෙන් කැලෑ පීරන නිසා ගෙදර යන ගමන් පෝලිමේ නොසිට දුවන මහා ජනයා නිරීක්ෂණය විය.රජයේ බදු ප්‍රතිපත්තියට අනුව ඉහල දැමු මදුවිත බෝතල් දෙස බලමින් රස විදිනා ජනතාවද නිරීක්ෂණය වූ බව නොකියම බැරිය.
මා පලතුරු ස්වල්පයක් ගත්තේ තුන්වෙලෙන් එක වේලක් අපි පලතුරු අනුභව කරන නිසාය.එසේ මා සහ මගේ බිරිද කරන්නේ අනාගතයේ ඇති වන මුදල් අපගේ ලෙඩ වලට වියදම් වීම අවම කිරීමේ ආයෝජනයක් ලෙස බව ඔබට මතක් කිරිමට මෙය අවස්ථාවක් කර ගනිමි.නැතිනම් වැරදි දෙයක් සමාජ ගත වී මගෙන් සහ බිරිදගෙන් පලතුරු කෑම නිසා බදු අය කරනු ඇත.මුන් හොදට කනවා යන්න රජය දැන ගත්තොත් අනිවාර්යෙන්ම පෝෂණ බද්ද ලෙස නව බදු ක්‍රමයක් උතුරට හැරී ඇති ආණ්ඩුව දමනු නොඅනුමානය.එසේම අප වැන්නවුන්ට පෝෂණ බද්දකුත් ගසනු ඇත.
රට අනුරට කියා රට අදුරට දැමීමට චන්දය ප්‍රකාශ කල තරුණ දුපුතුන්ගේ තරුණ අසහනයේ තරමද ෆුඩ් සිටි ගමනින් මා තේරුම් ගත්තෙමි.ගෙදර යන ගමන් අද වන විට හැම නගරයකම වියපත් වී ඇති අතර ඒ සදහා ගන්නා සේවකයන්ද ඉස්සර ඉතාමත් අවදානයෙන් බදවා ගත බව මා දන්නා කරුණකි.කස්ටමර් කෙයාර් දැන් ෆුඩ් සිටියේ නැත.නවමු තරුණ සේවකයෝ පාරිභෝගිකයන් දෙස බලන්නේ ජෙප්පෝ හොරු දෙස බලනා ආකාරයටය.යම් මුදලක් අත ඇති අය සුළුවෙන් හෝ කුමක් හෝ ලබා ගැනීමට යාමේදී ෆුඩ් සිටි සේවකයන් එම ජනතාවට උදව් කල අතර අද වන විට ඒ තත්වය සම්පුර්නයෙන්ම වෙනස් වී ඇති බව නිරීක්ෂණය විය.මා පලතුරු කිරීමට යාමේදී තරාදිය අසල සිටි යුවතිය මල කරදර කාරයෙක් ලෙස මාගේ පලතුරු මල්ල උදුරා දඩස් ගා තරාදියට ගසා කිරා දුන්නේ අද වන විට කස්ටමර් කෙයාර් පිලිබදව නවමු අද්දැකීමක් මාවෙත ලබා දීමෙනි.එසේම තැලුණු පලතුරු වල ප්‍රේෂ් ගතිය එලෙසම රැදී තිබුනේ මා උගුරැස්ස නම් පලතුර ගත නිසාය.එසැනින්ම මා ෆුඩ් සිටි ගැන ලිපියක් ලියමි යැයි මටම සපත කොට පැමිණියෙමි.කුමක් වුවද ලංකාවේ දේශීය යෝජකයෙකුගේ අභිමානවත් වෙළද ජාලයක් වන ෆුඩ් සිටිය ලංකාවේ සමුපකරයකටත් වඩා පහත වැටි ඇති අයුරු දැක මා කම්පනයට පත් වූ බව මෙහිදී නොකියා බැරිය.මා ඊයේ නැවත ෆුඩ් සිටිය වෙත නොයන බව මාගේ බිරිදට පැවසුවේ සල්ලි දීලා පාරිබෝගික තෘප්තිය නැති කර ගැනීමේ අවශ්‍යතාව මට නොමැති නිසා බව මා මෙහිදී පෙන්වා දෙමි.පාරිබෝගික තෘප්තිය කෙසේ වුවද මගේ ඉවසීමේ ගුණය ගැන මම අධික සතුටට පත් වෙමි.
බොහෝ ෆුඩ් සිටි තුල තරුණ තරුණයන් සේවය කරන අතර ඒ තුල විශ්වාස බංගත්වය පත් තරුණ මුහුණු පවතින බව නොකියම බැරිය.මේ රටේ වෙනසක් ප්‍රර්ථනා කරමින් තමාගේ කුලුදුල් චන්දය ප්‍රකාශ කරනු ලැබුවේ තරුණ ප්‍රජාව බව නොකියා බැරිය.නමුත් අද වී ඇති තත්වය මුලු අටම ගැටළු සහගත තතවයකට ඇද දැමීමට හේතු වී ඇති බව කිව යුතුමය.ඒ රැකියාව හොද නෑ කියා වෙන රැකියාවක් ලබා ගැනීමට ලංකේය මහජනයාට බැරිය.තියනා ලබ්බේ එල්ලීම තරම් වෙන බක්කක් කරන්නටත් බැරිය.එනිසා මහජනයා සේම තරුණ ප්‍රජාවත් ඉන්නේ වලේ බව නොකියාම බැරිය.ඒ බව මුහුණු වලින් පෙනෙනා අතර කල කම් පලදීමේ ගැටලුවට චන්ද දායකය පත්ව ඇති බව පෙනේ.
මහජනතාවෝ නගාසිටුවීමට පැමිණි ආණ්ඩුව නැවත රට අනාත නාත කරනා බව සමාජය දෙස බැලීමේදී පෙනෙන්නේ ඒ නිසා බව නොකියාම බැරිය.කුමන හෝ රැකියාවක් කර කා බී නිවසක් තනා වහනයක් ගෙන වැවුරු කන්නල යන්නට සිටි තරුණ ප්‍රජාව විල්බරෝවක් ගන්නට බැරි තැනට වට්ටන්නට ජෙප්පෝ දරන මහා විරිය දැක උඩ බිම නැතුව සමාජය තුල සිටිනා ජනතාවට පුස් පාට් දමන්නේ අප උන්ගේ අනාගතය විනාශ කරා යයි සිතමින් මෙනි.බොරුව සමාජ ගත කරමින් බොරුව තුල ජිවත් වෙන ජනතාවක් නිර්මාණය කරමින් ක්ලින් කරන්නට දේවල් සොයමින් පරිපාලනය වෙනුවට බොරුවෙන් පරිණාමනය වන ජනතාවක් බිහි කරන්නට ජෙප්පන් ගන්නා වෙහෙස දෙස අප බලා සිටිමු.රෝගාතුර වූ අච්චි පවා උස්සගෙන ගොස් අපිට අනාගතයක් හදපියවූ කියා චන්දය ගැස්සවූ තරුණ ප්‍රජාවම කටමැත දොඩවන ජෙප්පන් ඉදිරියේ හෙළුවැලි වී ඇති අන්දම අපි අද දකින්නෙමු.දුන් උන් වලේ වැටි සමස්ත ජන සමාජයම වලට ඇද දැමීමේ පව තරුණ ප්‍රජාව මානසික පීඩනය කොට තමන්ගේ මෙන්ම අනුන්ගේ හින පවා බොද කරන්නට දුන් චන්දයේ අනුභාවයෙන් බුක්ති විදින බව සමාජය දෙස සහ ජනයා දෙස බැලීමේදී පසක් වනු ඇත.
කටින් බැටින් වැඩ ටින් ටින් නාටකයේ ඉදිරි දවසක හමුවෙමු....
දුකා....................
2025.01.13
Subscribe to:
Comments (Atom)
ජෙපි තරුණ අසහනය
අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...
-
මුදල් පාලනේ ....... සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං ...
-
අතිත සැමරුම් සහ අනාගතය...... කාවන්තිස්ස යුගය ඔබ කියවා ඇතැයි සිතමි.ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුන යුගයක් ලෙස පසුව දුටුගැමුණු යුගය පටන් ගැනෙන...
-
පලවන කොටස සීහල දීප..... " සී හල දීප " කියන නම ගැන කතා කරලම වැඩේ පටන් ගන්න හිතුව.ඇත්තටම සීහලදීප කියන්නෙ "සිලෝන්"...