Saturday, September 29, 2018

මුදල් පාලනේ........

මුදල් පාලනේ .......


සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං කට්ට අවුවෙ වැඩ කරල හොයපු සොච්චම මාසෙ අන්තිම වෙනකොට බහිරවය ගිල්ල වගේ වාශ්ප වෙනව නම් එක්කො දුක් විදින තරම් පඩියක් නෑ නැත්තම් උඹල වැඩ චරල නෑ පඩියක් ගන්න තරම්.නැත්තම් හම්බු කරන ඒවට වඩා උඹල වියදම් කරනව.හා නැද්ද.ශොප්න් කයන්න ඕනෙ ලස්සනට අදින්න ඕනෙ නැත්තම් හිඟන්න වගේ පේයි කියල උඹල බයයි නේ.රැවුල කපන්න ඕනෙ කෙල්ලෙක් නම් පේශල් එකක් කරල සැලෝන් එකට ගිහින් කොන්ඩෙ හදා ගන්න ඕනෙ ඩයි පාරක් දාන්න ඕනෙ.නැත්තම් ඇඟ කට් කර ගන්න කියල දහසින් බැදි පියලි පුදන්න ඕනෙ අතිරේක ආහාර වලට නැත්තම් විටම්න් වලට.මාසෙකට සැරයක් වත් හෙම්බිරිස්සාවක් උනක් ඉතින් හැදෙනවමයි.ඩොකා නොදැක්කොත් මාසයක් කෑවෙ නෑ වගේ සීන් එකක් නේ තියෙන්නෙ.ඒක තමයි මන් දන්නව.පොත් කියෝන මාසෙ හින්ද සොසයිටි එකට පේන්න බී.එම්.අයි.සී.එච් පැත්තෙ බඩ ගාන්න ඕනෙ.මල පොතේ අකුරක් නොදන්න එකත් පොත් ස්ටේටස් එකට පරිහරනය කරන බුවාලත් රිංගනවනෙ නිකං හරි.පෙලක් උන් මැගී එකක් කාල පොත් බලල එන්න යන උනුත් ඉන්නව   බී.එම්.අයි.සී.එච් යන.ඒක දැන් ට්රෙන්ඩ් එක.
රුපියල් විසිපන්දාහක මාසික වාටුප තියන එකත් මාසෙට ඇදුම් දෙකක් නැත්තම් තුනක් ඉතින් ගන්නවම තමා.ඒකත් ලාබ තැනින් නෙවෙයි පමුනුවෙන් උස්සගෙන එන ඒවත් බෝනික්කන්ට අන්දල තියන ලොකු ලොක්කො යන සීතල පැශන් පැලස් වලට රින්ගල ගන්නෙ නැත්තම් ගතියක් නෑ.සොසයිටි එකෙන් කොන්වෙයි කියල බයයි.පැශන් පැලස් එක ඇතුලට ගිහින් බුකිය පිරෙන්න පොටෝ අප්ලෝඩ් කරන එකත් දැන් පැශන් එකක්.ඒ විතරක් මදි.ඇදුම් අරන් එනකොට ඩිනර් අවුට් එකකට නොගියොත් ඒකත් අවුල්.කූල් එකක් හරි තොල ගාන ගමන් සෙල්පියක් ගහල බුකි ගත කරන්න ඕනෙ නැත්තම් පජාතයි නෙ.දැන් උන්ගෙ මොල හැදිල තියෙන්න එම.මාත් ඇතුලුව.නුවරු එහෙම නම් අපිත් කොන් වෙනව ඒම නොවුනොත් ඈ.ඒත් ඉතින් වැඩේ කියන්නෙ මාසෙ අන්තමා අත මාරු ඉල්ලන උන් වැඩි වීම.යකෝ ඇගිල්ලෙ තරමට ඉදිමියල්ලකො බොල කියල කියන්න හිතෙන්නෙ එතකොට තමා.මොනව හරි කරදරයක් ඇති උනොත් ඌ ගාව පිච්චිය නෑ.ඒත් ඉතින් ආතල් ගන්න ඕනෙ ඉදිරිය ගැනත් පොඩ්ඩක් හිතල. කීය කිය හරි දාපල්ල තියන පොතක දෙකක.මොකද මොන ගිනි ගෙඩි පාත් වෙයිද කියල කවුද බොල දන්නෙ.
පොලට ගිහින් පොරි පැකට් එකක් රුපියල් විස්සක් දිල කන එකා film එකක් බලන්න ගිහින් කන්නෙ පොප් කෝන් කියල ජාතියක් ඒක ගාන වැඩි.ඒත් ඉතින් මොලේ තියන එකා පාර අයිනෙන් පොප් කොන් එකක් අරන් යනව film එක බලන්න යනකොට.කෑල්ල අවුල් ගනී කියල හිතනව ඇති එහෙම කරොත්.නෑ බං බැඳලත් ඉන්න ඕනෙ උඹල දෙන්නනෙ කතා කරල විසඳගනිං ඒව.නැත්තම් බැඳල ගෙනාවට පස්සෙ හඳ ඉල්ලුවත් බැදල ඒකත් හදල දෙන්න වෙයි උඹලට.ලීස් කරල ගත්ත වාහනේ ලීස් එක ගෙවන්න බැරුව හිඟා කර බුවෙක් දැක්ක මේ ලඟදි කොච්චියේ.මාර  වැඩේ කියන්නෙ ඌ වාහනේ ගත්තෙ අපිට නැගල යන්න වගේ සල්ලි එකතු කරන්නෙ.දරුවට කිරි පිටි පැකට් එකක් ගන්න ඕනෙ කියල දැලි රැවුල වත් නැති තාත්තෙක් දවසක හිඟා කනව භං වැඩ ඇරිල එනකොට.අපි දරුවො හදල තියෙන්නෙ ඒකනෙ අපි දෙන්න ඕනෙ කිරි පිටි ගන්න සල්ලි.ඔන්න වැඩේ බ්රෝ.ඒ ඔක්කොටම අපි පලි.සොසයිටි එක කයප්ටඩ් බ්රෝ ඒකයි.වැල යන අතට මැස්ස ගහන ගොඩක් උන්ට කෙලවෙන්නෙ ඕක තමා.ඉපදුන වැරැද්ද.තව කල් යනකොට ටෙලිපෝන් බිල ඉන්ටනෙට් බිල ගෙවා ගන්න බෑ කියල හිඟා කන හිඟන පැටවු පාරෙ ඉදී.ඒ තමයි රටක් දියුනු වෙනව කියල කියන්න පුලුවන් ම්නුම් දඬු.
    ඩැඩාගෙ පඩිය තිස් දාහයි පුතාගෙ සපත්තු විසිදාහයි ගෙදර උන් හතර දෙනයි දහ දාහෙන් මාසෙම යැපෙන්න ඕනෙ ඉතින් ඕකයි අවුල.මුදල පරිහරනය කරන්න දන්නෙ නෑ.සල්ලි දෙයියන්ගෙ මල්ලිලු.එහෙම කියන්නෙ ඇයි දන්නවද කවදාවත් දෙයියෙක් දැකල නෑ පියවි ඇහැට ඒකයි මුදලුත් පියවි ඇහැට හරියට බලන්න අමාරුයි භේ තියනව මේ නෑ.
       පරිනාමනේ මලේ.ගෙදර උන් හතර දෙනාම වැඩ කරලත් මදි නයක් ගන්නම වෙනව මාසෙ අන්තිමට.මොකද පරිහරනය කරන්න දන්නෙ නෑ.හැමෝටම තමන්ගෙම හීන තියනව ඉතින්.ඒව ඇත්ත කරගන්න පට්ට වියදමක් යන්නෙ.අදින්න ඕනෙ කන්න ඕනෙ ආතල් ගන්න ඕනෙ ඒත් ඉතින් තභ තමන්ගෙ හැටියට කරනවනම් තමා මරු ප්ලෑනක් එක්ක එහෙම තමා විය පැහැදම් කරන්න ඕනෙ නැත්තම් වෙන්නෙ ඉතින් ගෙල වැලලා ගන්න.
   මේ ලඟදි අපේ එහා ගෙදර ඇන්ටි තකහනියක් දුවනව හැල්මේ.මොකටද කරදරයි ලු එයාලට මුදල් අතින් වෙලාව බලා ගන්න දුවනව.මං නිකමට වගේ ඇහුව කීයක් ගන්නවද කියල වෙලාවක් බලන්න එක්කෙනෙක්ගෙන් දෙදාහයි සත දහයයි ලු.ඔප්පු මිටිය වගේ විලා පත්කඩ හතරක්ද කොහෙද තිබ්බ ඒ ඇන්ටි අතේ.අටදාහක් පුදන්න යනව වෙලාව බලන එකාට.සල්ලි හිටින් නැහැල්ලු ඒත් වෙලාව බලවන්න අට දාහක් දෙන්න පුලුවන්.ඉතින් බන් සල්ලි නැද්ද ඈ.මුදල වියදම් කරන්න හරිහැටි දැනගන්න පන්ති නෑ ඒක දැන ගන්න ඕනෙ තමන්ම තමා.ඕක නොදන්න එවුන්ට තමා කියන්නෙ කාල කන්නි කියල.......

... දුකා ......

Friday, September 28, 2018

ඔන්න මලේ වැඩේ.....

ගොඩක් උන්ට තියන අවුලක් තමා තමන් සාර්ථක නෑ කියල හිතෙන එක.ඌට තියනව මට නෑ.මොකක්ද මේ ජීවිතේ.සතුටක් නෑ බ්රෝ..සල්ලි නෑ මචං.ගෙදර උන්ට මාව තඹේකට වටින් නෑ නෙ.යාලුවො ඉස්සරහ මං කිච පච වෙනව විතරයි.ඒක මට එපා වෙලා.දුවනව විතරයි බං කිසි ගතියක් නෑ මේ ජීවිතේ.මං මොකෙක්ද බං වෙලාවකට රෑ වැඩ වෙලාවකට දවල් වැඩ කොච්චර කරත් ඕන වෙලාවක සල්ලිත් නෑ සතුටකුත් නෑ ඔන්න මේ ලෝකෙ ගොඩක් කට්ටිය හිතන විදිහ.මේ තත්වෙ මටත් තිබ්බ මචංල.මාත් උඹල වගේම පිච්චිය අතේ නැතිව කාලෙ කාපු කාලයක් තිබ්බ.මටත් උඹලට වගේ අවුල් කෝටියක් තිබ්බ. ගැටලු  එමට තිබ්බ.ඒත් මචංල මට තේරුම් ගියා ටික ටික.මං ඒ ඉලවු  කර තියන් දුක් විදිනව විතරයි කියල.මට තිබ්බ බෑ කියන්න බැරි අවුලක්.ලෝක්කො වැඩ දෙනව මං ඕන ඉලවුවක් කියල හා කියනව.පෙලක් උන් අයිස් ගහනව පෙලක් උන් මැරෙනව හැමදාම උනේ ඕක.ලොක්කො කපටි බ්රෝ...උන්ට බැරි දේත් අපිටම පටෝනව.මුලින්ම මං ඉගෙනගත්ත බෑ කියන්න නෑ කියන්න.පෙලක් උන් කියයි එහෙම කිවුවොත් ඒක රස්සාවට හොඓ නෑ කියල.නෑ බං රස්සාව කරන්න ඕනෙ තමා ඒත් මචං තමන්ගෙ පෞද්ගලික නිදහසත් ඕනෙ නේ.හිතන්න උනත් නිදහසක් ඕනෙ නේ.අන්න ඒක නැතිවෙනකොට තමා එපා වෙන්නෙ රැකියාව.මං දැන් නෑ බෑ කියනව.මොකද උන්ට මාව ඕනෙ නම් ඒ නිදහස උන්ට දෙන්නභ වෙනව.නැතුවම බැරි බුවෙක් වෙලා එහෙම ගේම ඉල්ලන්න පුරුදු වෙයන් නැත්තම් උන් උඹට කාසි නොදීම ගෙදර යවයි.
දෙවනි කාරනාව තමා මාසෙකට සැරයක් හරි තමන් කැමති දේ කරපං.කෑල්ලත් එක්ක කොහේ හරි පලයන් එක්කො...පන්සලකට උනත් කමක් නෑ බ්රෝ...නැත්තං තනියම හරි ගිහින් film එකක් බලපං.නැත්තම් dvd එකක් හරි ගෙනත් බලපං.ඒකට වෙලාව හදා ගනිං.හොඳ පොතක් බලපං සතියකට සැරයක් හරි.මොලේට කන්න දිපං තොපිව අනික් උන්ට කන්න දෙන්නෙ නැතිව.විඳවන්නෙ නැතුව විඳපං ජීවිතේ.කරලම බලපං.
තව දෙයක් මොන රෙද්ද කරන්නත් තමන් සතුටින් ඉන්න ඕනෙ.අනික තමා ශරීර සෞඛය ගැනත් හිතන්න වෙනව.තෙල් තට්ටු තියාගෙන පිටි බෝල වගේ වෙලා මොකටද මචං අඩියක් යන්න බැරුව හති වාටෙනවනම්.ජිම් එකක් හොයා ගනින් යකඩ හරි කන්න.නැත්තම් ඒකට දෙන්න සල්ලිය බාගෙ නැත්තම් වත්ත පිටිය උදලු ගාපන් දාඩිය දාන්න ඇඟට.නැත්තම් ඇලක ගඟක බැහැල පීනපං එහෙට මෙහෙට පොඩ්ඩක්.මොකද ලොක්කො අපේ ලෙඩ ගැන හොයන්නෙ නෑ උන්ට ඕනෙ රීරී මාන්සෙ උරා බොන්න.මට වටිනවනෙ මාව නේ.ඒ නිසා ඒ ගැනත් හිතපං.
අනික තමා ඇදුම මාසෙකට සැරයක් හරි එකක් ගනින්.ජංගියක් ගත්තත් අවුලක් නෑ මොකද පිට ඔපේන් උබේ ගොඩක් දේවල් මනිනව රට්ටු.අනික පොඩි ආත්ම විශ්වාසෙකුත් එනවනෙ ඕන තැනකට බහින්න පුලුවන් කියල පොඩි ආඩම්භරේකුත් එක්ක.ඒක වටිනව ඉතින් ජීවිතේදි.
අනික් කාරනේ තමා බුකියෙම දපන් නැතුව ටිකක්මතමන්ගෙ උන් ගැනත් බලන එක.මහ උන් කෑවද කියලත් බලපං.මොකද ඔය බුකිය අස්සෙ ඇත්ත අම්මයි තාත්තයි ගෑනියි නෑ නෙ.ඒ නිසා සභාජෙ වගේම තමනගෙ වටේ ඉන්න උන් ගැනත් ඇහැ ගහගෙන හිටපං.පෙලක් උන් අහයි මේව කරන්න කෝ වෙලාව කියල.අම්මප පුතා මුලදි මටත් හිතුන උන් කියයි කෝ වෙලාව කියල.ඒත් මං වෙලාව හදා ගත්ත ඒකට ඉතින් පොඩි රැඩිකල් වැඩ ටිකකුත් කරන්න ඕන උනා.පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්නත් ඕන උනා.පොඩ්ඩක් විතර  කපටි වෙන්න වගේම නෑ බෑ කියන්නත් ඕන උනා.ඒත් දැන් වැඩේ ගොඩ පොඩි ප්ලෑන් එකකට දැන් ජීවිතේ ගරනව ඉතින්.....අපි නැවත හමුවෙමුකො චැට් එකක් දැන්න.දැන් මට වෙන වැඩකට යන්න වෙලා.කරල බලල බැනල හරි පොඩි කමන්ට් එකක් දාල පලයල්ල නැත්තම් අවුල් ඉතින්..ජය වේවා...


....... දුකා ..........

Wednesday, September 26, 2018

අභිනිෂ්ක්‍රමණය


මම බුකියෙන් අභිනිෂ්ක්‍රමණය විම ගොඩක් උන්ට ප්‍රශ්නයක්.ඒත් මචංල එහෙම වෙන්න හේතු ගොඩක් බලපෑව.ඇත්තටම කිවුවොත් මං ඒ ඉලවුව පරිහරණය කරන්න දන්නෑ.අනික තමා පට්ට විදිහට කාලය නාස්ති වීම.උදේ පාන්දර නැගිටල අත පත ගාල හොයල හොයල දුරබනුව අරන් ඉස්සෙල්ලම කරන්නෙ බුකිය පැත්තෙ රවුමක් යන එක..දන්නෙම නෑ ඇටි කුකුල බුක් ගෑමත් නතර වෙලා රිවි කිරන බර සාරෙට බිමට වැටෙනකොට තමා බුකිය අස්සෙන් ඔලු ගෙඩිය උස්සන්නෙ..ඉතින් වැඩට යන්න පට්ට පරක්කුයි.දත කට බාගෙට මැදගෙන තියන ඉලවුවක් ඇඟ වටේ ඔතාගෙන දුවනව ඔපිස්..ඔන්න ඉතින් ඔපිස් ගියා කියමුකො.ලොක්කන්ගෙ මූනු දෙබරු ඇනල වගේ කියපංකො.දේශපාලුවොන්ගෙ චන්ද පොරොන්දු වගේ මහ බොරු කන්දරාවක් පත බාන්න ඕනෙ ලොක්කො අස්සෙ ඉතින් පමා විමට කාරනාව විදිහට..දැන් කියන්න බොරු නෑ ඒ නිසාත් බුකියෙන් එලි බහින්න ඔන්න එකත් කාරනාවක් උනා.
තව කාරනාවක් තමා අනුන්ගෙ දුක් තමන්ගෙ කරගෙන දුක් විදිල්ල.ඛුකියෙ ඉතින් නානා විදියෙ දුක් ගැනවිලිනෙ තියෙන්නෙ කෙල්ල තරහ වෙලා කොල්ල අත කපාගෙන නැත්තම් යකඩ යකාට බෙල්ල තියන්න ගිහින්.ඕන් නැත්තම් සසර කලකිරිල පිලිකුල් භාවනාව වඩන්න පුලුවන් ඇටකටු පනු ගුලි උදේම බුකියෙ.ඕන් නැත්තම් දේශපාලුවෙක්ගෙ  කියපු කතාවකට කාටුන් එකක් ඇඳපු අත් වැඩ කාමරයක් කරගෙන බුකිය.ඉතින් උදේම අටලෝදහමින් කම්පා වෙලා තමා නැගිටින්නෙ.නැත්තම් හෙලු වැලි කෙල්ලෙක්කගෙ ලොට තන් දෙකක්.සසර කලකිරෙනව භොහොතකට.ඉතින් ඕව ඔලු ගෙඩියෙ පැලපදියම් උනාම කොහොමද කරන්න තියන වැඩක්වත් කොර ගන්නෙ.බුකි ඩිලිට් එකට ඔන්න ඔය සීන් කෝන් එකත් කාරනාවක් උනා.විශේෂම දේ තමා තමන්ගෙ උන් වෙනුවෙන් පාවිච්චි කරන්න තියන වෙලාව මේ ඉලවුව හින්ද නැති වීම. අන්ද මන්ද වෙනව මලේ එහෙම උනාම.අම්මල තාත්තල අහන ප්‍රශ්න වලදි මං කොර වෙනව බං ගෙදර.ඇයි යකෝ මං ලෝකෙ දකින්නෙ ඔය බුකිය අස්සෙන්නෙ.හරියට නොමේරූ ලදරු එකකෙ ඉඳල එලියට බැස්ස වගේ හැගීමක් එන්නෙ.අනික තව තව අවුල් වියවුල් ගොඩයි ඉතින්.පෙලක් වෙලාවට පවුල් ආරවුල් ඇති වෙන්නත් මේ බුකිය බලපාන අවස්ථා තියනව.ලඟ තියන වටිනාම සම්පත් උනත් නැති විමේ ප්‍රවනතාව වැඩී මේ ඉලවුව හින්ද.
ඔය ඇමරිකාව එංගලන්තෙ වගේ පට්ට පලවන ලෝකෙ රටවල්වල ඉන්න මිනිස්සු සමාජය එක්ක කන්ටැකට් එක අඩු නිසා ඇති උනාලු ඒ අයට මානසික ආබාධ ඒ නිසා ඒකට පිලියමක් ලෙසලුනෙ ඔය ඉලවුව හැදුව කියන්නෙ.මේක මං පාවිච්චි කරල උනේ තිබ්බ සම්භන්ධතාවන්ටත් කන කොකා හඬපු එක ඕං.මොකද ලංකාවෙ ඔය පලවන ලෝකෙ රටවල වගේ මානව සම්භන්ධතා ඒ තරම්ම කඩා වැටීමට ලක් වෙලා නෑනෙ.පෙලක් උන් හිතනව බුකියෙ නැත්තම් කොන් වෙනව කියල.නෑ ඒක එහෙම නෙවෙයි මට උනේ.ඒ බුකිය නිසා මං කොන් උනා.අනික සමාජ සම්භන්ධතා වගේම මානව සම්භන්ධතාවත් එන්න එන්න මගෙ අතින් ගිලිහිමයි මේ බුකි කෙරුවාවෙන් උනේ.හරියට අස්ස රේස් දාන බුකියක ඉන්න එකෙක් වගේ මං ඇඩිට් උනා.තව ටික කාලයක් ගියා නම් ඇඩ්මිට් වෙන්නයි වෙන්නෙ...
ඔන්න ඔය ඉලවු සේරම ගැන හිතල මං පුනුරුත්ථාපනය වෙන්න තීරනේ කරා...ඔයාලට මං එක්ක සංවාද කරන්න මෙන්න මේ දුකාගේ විමානෙට ගොඩ වදින්න අවස්ථාව තියනව.අපි කතා කරමු මේ ඉලවුවෙ වල් පල් වලට එහා ගිය මාතෘකා....එහෙනම් ඔයාලට ජය...

.... දුකා ......
මේ මගේ විදිය.....

පට්ට සරල විදිහට හිටියොත් උන් කියාවි ඌට පිස්සු කියල.ටිකක් රැඩිකල් විදිහට හිටියොත් උන් කියාවි කැලෑ දේශපාලනේ කියල.ඒක තමා ලංකාවෙ නිදහස් අදහස් දරන උන් හිඟවෙන්න තියන මුලිකම අවුල.පෑනක් අරන් ලිවුවොත් කන්න හදනව. නිදහස් අදහස් පිට කරන්න මේක තෝ තැන්නක් කර ගන්නයි හිතුවෙ බනින උන් බනීවි බලල.මං ලියන දේවල් සම්බනධව ගෙදර උන් පලි නෑ.මටම බැනපල්ල යට තියන කොමන්ඩ් බාර් එකේ ලියන ඒවයෙ අදහස් උදහස් තියනවන නම් කොටා ගෙන පලයල්ල.මං ලියන ඒවට මවු ගුණ කියන්න එපා ඕන් හොදේ...

....දුකා...

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...