Saturday, October 6, 2018

ප්‍රශ්න......

විටක අපිට ඔලුව උස්ස ගන්න බැරි තරම් ප්‍රශ්න.එකක් යනකොට එකක් පෝලිමට  ප්‍රශ්න. රස්සාවෙ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න.වෙලාවකට වැස්සොත්    ප්‍රශ්න වෙලාවකට පෑවුවොත්  ප්‍රශ්න.කරත්  ප්‍රශ්න නොකරත්  ප්‍රශ්න.හෙම්බත්වෙලා මිරිකිලා ඇකිලිලා  ප්‍රශ්න වලින්.වෙලාවකට දිනුවත්  ප්‍රශ්න පැරදුනත්  ප්‍රශ්න.ගොඩ යන්න නම් මේ  ප්‍රශ්න ඇති ලොකෙට මුන දෙන්නම වෙනව.සතුටින් ඉන්නකොටත් කොහෙන් හරි සතුට නැති කරන  ප්‍රශ්නයක් එනවමයි.
   ලොක්කො වෙච්ච උනුත් පට්ට චූන් එකේ ඉන්නවනෙ උන්ට නැද්ද  ප්‍රශ්න.වෙලාවකට එහෙම හිතෙනව අපිට.නැත්තම් නාන්න සල්ලි තියන උන්ට නැද්ද  ප්‍රශ්න.ඒවත් ඉතින් අපිට  ප්‍රශ්න තමා.මචං දැනගනිල්ල අපිට සල්ලි නැති  ප්‍රශ්නය විතරයි තියෙන්නෙ උන්ට ඊට වඩා  ප්‍රශ්න බං.වියදම් කරන්නෙ මොකටද  ප්‍රශ්න.සල්ලි රැක ගන්නෙ කොහොමද  ප්‍රශ්න මචං උන්ට.හොර හතුරො එයිද  ප්‍රශ්න මචං.
   ලොක්කන්ට තියන  ප්‍රශ්න තමා ලොකු ඉවෙන්ට් එකක් තියනව කට්ටිය නැතිවෙයිද  ප්‍රශ්න.හරියට කර ගන්න බැරි වෙයිද  ප්‍රශ්න මචං.උනුත් මිරිකිලා ඉන්නෙ ඒත් ඉතින් අපිට පේන්නෙ උන්ට එහෙම අවුලක් නෑ කියල.සැපට ඉන්නවනෙ.අපි ඒකත්  ප්‍රශ්නයක් කරගෙන.
    මචංල මේ දවස් වල මං ඔය මට තියන  ප්‍රශ්න ගැන වැඩිය හිතන්න යන්නෙ නෑ.රස්සාව නැති උනත් වැඩිය හිතන්න යන්නෙ නෑ.ලොක්ක බැන්නත් හිතන්න යන්නෙ නෑ.බීරි අලිය වගේ ඉන්නව.එතකොට ලොක්කො වීනාව වයල වයල හති වැටිල අත හරිනව ඌට කියල වැඩක් නෑ කියල.මචං උන් බනින්නෙ උන්ටත්  ලොක්කො බනින නිසා මචං.මොකද උන්ට අපිට වඩා ප්‍රශ්න.
     නොන්ඩි වෙනව උන් අපිට වඩා උනගෙ ලොක්කො ඉස්සරහ.කරන්න බැරි දේ  දිගට හරහට කියල කියල පොර වෙන්න දඟලල අන්තිමට හොට බිම ඇනගත්තහම උන් අපිට බනිනව කරපං කියල.අපි කොහොම හරි චරහම උන් ලකුණු දා ගන්නව අපි කරපු වැඩේ උන්ගෙ ලොක්කන්ට පෙන්නල.ඉතින් ලොක්කො උන්ගෙ ඊලඟ පාර උන්ට දෙනව කරන්නම බැරි වැඩක් අපිත් කරනව.ඒත් මචංල එහෙම අනුන්ගෙ  ප්‍රශ්න අපේ ඔලුවලට දාගෙන අපි ඒ වැඩේ කරන එකෙන් ඇති වැඩක් නෑ.මොකද අපිට හම්බුවෙන මල ඉලවුවක් නෑ.අපි හැමදාම උන් ඉස්සරහ මැරෙනව.ඔකයි මචංල රට ඉස්සරහට යන්නෙ නැත්තෙ.එක තැන.
   අලුත් අදහස් තියන උන් තේ ගහේ දලු කඩනව වගේ සතියට සැරයක් කඩනව.උන්ට ඕන විදිහට ගහ හදාගන්නව වගේ ටිකෙන් ටික අපි හදන්න බලනව.මොකවත් කර ගන්න බැරි පින්ගුත්තරයො ඒ විදිහට හැදෙනව ඒත් මචංල එහෙම ඕනෙ නැති උන් අනේ ලොක්කො පස්ස නම් උස්සන්නෑ කියල කට උල් කරල කියල උන්ගෙ විදිහට ඉන්නව.
   ඒත් ඉතින් එහෙම ඉන්නෙ අතලොස්සයි ඈ.අද මෙහෙම වෙනව හැම තැනම හැම ආයතනයකම.මානව සම්පත් කලමනාකරනය කරන උන් හිතනව උන් තමා පොරවල් කියල.ඒත් මචංල උන් කරන්නෙ ලොක්කගෙ ගෙදර වල් ගලෝන එක නැත්තම් කාර් හොදන එක.නැත්තම් මල් වලට වතුර දාන එක.හැබැයි සිංහ සෙයියාව තමා අපිට පෙන්නන්නෙ.මචංල අපේ ඔපීසියේ එච්.ආර් මැනෙජර පට්ටම තියන එකා ගාමන්ට් කෙල්ලන්ගෙ කුඩ පාරවල් කාල තමා ආවෙ.ඌ ඒ කියන්නෙ මානවයා සැපටම හසුරවන ඩයල් එකක්.ඒකනෙ මානවයා සැපක් දීලම පන්නල තියෙන්නෙ.
   මොන රෙද්ද උනත් ඇඳි වත ගිලිහි නොයන්න වැඩ කරනව නම් කිසි ගින්නක් නෑ.බෑ කියන්න ඕනෙ වගේම නෑ කියන්නත් ඕනෙ.නැතුව වසන්න බෑ.ඔන පුකක් ප්‍රිති වෙසක් කියල හිටියොත් වෙන වැඩේ පට්ට අවුල් එහෙම ඉන්න බෑ.රස්සාවල් ඕන තරම් තියනව කරන්න හොයා ගන්නත් තියනව.එහෙම නෑ කියන්නෙත් අපේම ලොකු පුටු වල උන්ම තමා.මේක නැත්තම් ඒක වැඩ පුලුවන් එකාට.ඒත් පන්දම අල්ලල පස්ස උස්සල ඉන්න උන්ට එහෙම බෑ.උන් ටිකට තුන් ලෝකෙම රස්සා හිඟයි.

...... දුකා   ......

No comments:

Post a Comment

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...