Monday, October 15, 2018
රස වින්දනේ....
භාෂාව රටක ජීවනාලිය. දෙවන ලෝකෙ රටවල් වල වෙච්චි තුන්වන ලෝකෙ රටවල් වෙච්චි කන්න බොන්න නැති රටවල් වෙච්චි ඒ රටවලත් භාෂාවක් තියනව ඒ වගේම සාහිත්‍යයකුත් තියනව.ඒ තමා රටක උරුමය.රටක භාෂාව රටක ජීවනාලිය කියන්නෙ ඒකයි.හැබැයි පුතාල අපේ රටේ භාෂාව වෙලාවකට හිතෙනව රටේ උන් වලඳනව කියල.ඒ මදිවට පහරනව භාෂාව උඩ.තේරුමක් නෑ බොලං අපේ රටේ උන්ට. ඒ තරං අපේ රටේ භාෂාව වලඳනව. මේ කතාව මට කියන්න නිධාන කතාව උනේ අද උදේ වෙච්චි දෙයක්.ඔන්න ඒ කතාවත් කියන්නම්කො නැත්තම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති වේවි.
නිධාන කතා වස්තුව මෙන්න මෙහෙම පටං ගන්නම්.
උදෑ නැක්කෙම බස් එකට නැගල හරි බැරි ගැහිල ඉඳගෙන ඇහැ පියා ගන්න එක මට දැන් හරි සැප වැඩක්.මොකද බස් එක වෙලාවකට අපි වගේ අයට තොටිල්ලක සුව දෙන තැනක්.සැප නින්දට වඩා කැඩි කැඩි තමා නින්ද යන්නෙ ඉතින් ගල් මුල් වලින් මහ වලවල් උඩින් බස් එක යන කොට ඔලු ගෙඩිය ඩිග් ගාල වැදෙනකොට ඇහැරෙනව තමා හයිලෙවල් පාර කියල නභ තිබ්බට ඒකෙ ඒ කාලෙ තිබ්බ ලෙවල් එක අද නෑ.මොනව උනත් බැරි බැරි ගාතෙ වකුටු වෙලා නිදා ගන්න එකේ සැප අපි වගේ අයට මහ මෙරක් පොඩ්ඩක් හරි.
කට්ට කුමන්ජල් අල්ලල සුක්කානම අල්ලල වැඳල දෙවියො වැඳල හෝන් එක තුන් පාරක් ගහල බස් එක පාරට දානව මතකයි රියදුරු උන්නැහැ මං නිදි...ඔන්න ටිකක් දුර යනකොට සල්ලි ගත්තනං කියල කන ගාව කෑ මොර දෙන කොන්දොස්තර උන්නැහැ හින්ද අතේ ගුලි කරන් හිටපු පාවෙන රුපියල් සිය දික් කරල ටිකට් එක සාක්කුවේ තැන්පත් කොරල ආයෙ හරි බැරි ගැහිල නිදයන එක තමා මගෙ රාජකාරිය ඉතින්.නුගේගොඩ බහින්න කියනකං මං කුකුලු නින්දෙ.
ඔය දැන් තියන බස් වල තියන දේවල් ගුවන් යානා වලත් තියනව ඒ තරම් අපේ පාරෙ බස් සැපට හදල තියෙන්නෙ රූපවාහිනි යන්තරයක් මහ සද්දෙට හඬ තලන වෑර්ලස් එකක් දුරකතන ආරෝපනය කරන්න තැන් උනත් දැන් අපේ පැත්තෙ බස් වල තියනව.මේ බස් එකෙත් එහෙම සැප තියනව.මොකද ගිතයක් මහ හයියෙන් දාල භාගෙට නටන හොටු පෙරන් නටන බඩ ගෙඩි කල ගෙඩි වගේ වනන ඕපන් ශෝ ඩාන්සින් ටීම් ඩී.වි.ඩි පටයක් දාන එක දැන් බස් වල යන අයට වින්දනේ ගේනව.හැබැයි ඉතින් බස කන හොටු පෙරන් එයා මාව දාල ගියා ඇයි රත්තරන් මාව දාල ගියේ කියන ගිත සාහිත්‍යයක් තමා බස් වල ලවක් දෙවක් නැතිව ඇහෙන්නෙ.පට්ට මහාචාර්ය කෙනෙක් නම් කියයි ඔය අරුත් සුන් ගීත කියල.නැත්තම් යන්නෙ මලෙන් පටන් අරන් අසන්නන්ට මල පාත් වෙන සින්දු.වෙනම බස් කල්ට් එකක් තියෙන්නෙ.ගීතයෙත් එහෙමයි බස් රස්සාවත් එහෙමයි ඔකට මං කියන්නෙ උප සංස්කෘතිය කියල.බස් උප සංස්කෘතිය.
මොනව උනත් දාපු ගිත ටික හින්ද නින්ද අහලකට එන්නෙ නෑ වගේ මොකද හරි බැරි ගැහිල මං ඉඳගෙන තියෙන්නෙ බපල් කටක් මුල.කන් පිරෙන සද්දෙ.බීරි අලියෙක් වත් නිදා ගන්න එකක් නෑ ඒ සද්දෙට මයෙ හිතේ.පින් ලිඳවල් වගේ බුරි පෙන්න පෙන්න නටන ලියන්ගෙ අනඟ රැගුම් තමා රූප පෙට්ටියෙ දුවන්නෙ.ඔන්න වැටෙයි මෙන්න වැටෙයි කියල හිතෙන ඇදුම් ඇඳන් නටන්නෙ වයසක උන්දැල කට ඇරන් බලන්නෙ අවිස්වාස ඇදුම් කැඩුම් දිහා.මාත් බලන් ඉතින් ඒව නින්ද නැති නිසා...
පිලි ගන්න වේදිකාවේ සේනානායක වෙරලියැද්ද...අත්පොලසන් එක්ක හූ...
දඩං බඩං ඩොන් තප්පුව....වෙරලියැද්ද මහත්තයගෙ බර හඬ...පෙරුම් පුරාගෙන ආ සංසාරේ....කොල්ලො කුරුට්ටො නැටුම් තෙල් තොල ගා ගත්ත උන් සුරුට්ටු උරපු උන් හෝසෙට නැටිල්ල..ඈ යකෝ ඒ ගිතෙටත් උන් නටනව.කොච්චියේ හැප්පිච්ච එකක් නේද මේ කියන්නෙ.ගීතයක් තේරුම් ගන්න බැරි රසවින්දනයක් නැති උන්ද රටේ ඉන්නෙ.මට එහෙම හිතෙනව.
පෙරුම් පුරාගෙන ආ සංසාරේ ...
පැතුමද සුනු විසුනුව වැටුනේ....
ඒකිට ඒකිකො ඌට මොන තරම් පැතුම් තිබෙන්නට ඇද්ද ආදරෙන් තුරුලු කරගත් ආදර වන්තියො ආදර වන්තයො කොතරම් පැතුම් පතනවද පෙලක් උන් රොකට් නැතුව හඳට යන්නත් පැතුම් පතන කාලයක්නෙ මේක.ඒ හිනද මේ සුන් වෙලා යන්නෙ...ඔකනෙ මේ ගිතයේ මේ පද මාලාවෙන් කියන්නෙ.මගෙ පුංචි මොලේට හිතුනෙ ඒක....
කාටද රිදුනේ කවුරුද හැඬවේ
දුම්රිය මොහොතක් නතර උනේ....
අනේ අපොයි කියල හිත හදා ගන්න රටේ දදුම්රයට පනින උන් එමට පැන්සලක තුඩ කැඩුනත් දුම්රියට පනින සමාජයකනෙ තියෙනනෙ.ඒක දැන් සාමාන්‍යයි.ඒ නිසාද ගීත රචකය මේක ලිවුවෙ. නෑ කාටද රිදුනේ කවුරුද හැඬුවේ. කොච්චියට රිදුනෙත් නෑ යන උන්ට රිදුනෙත් නෑ.ඒත් රිදෙන්න ඇති අම්මට තාත්තට ඒකිගෙ හරි උගෙ හරි.නැත්තම් තමන් එක්ක දහසක් හින දැකපු ප්‍රේම වන්තයට හරි ප්‍රේම වන්තියට හරි රිදෙන්න ඇති.ඒකයි කියන්නෙ...මට තිරෙන විදිහට.ඒත් ඉතින් අරුන් තාම නටනව.
මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමන වේ
දොලක් වගේ දිය දෝත වගේ..
ජීවිතයම අම සිසිල දැනේ...
ගිත රචකයා කියන්න දඟලන්නෙ මොකක්ද මලක් වගේ ජීවිතේ මුකුලිත වෙනව පර වෙනව අනිත්‍ය ගැන කියන්නෙ.නමුත් ජීවිතේ කියන එකේ සුවය ලබන්න පුලුවන් වීර්ය තියෙන්නෙත් අපටමයි කියන එකයි කියන්නෙ.දොලක ගලා යන වතුර අපි අරගෙන ටිකක් වෙලා ගිහින් දොලෙන් ආපහු වතුය ගන්නකොට ඒ වතුරම නෙවෙයි තියෙන්නෙ වෙනස් වෙනව.ඒ වගේ ජීවිතේ දුකත් එනව සැපත් එනව කාලෙන් කාලෙට.සිසිලත් දැනෙනව රස්නෙත් දැනෙනව.ඒ ජිවිතේ හැටි කියන එකයි ගීත රචකය කියන්න දඟලන්නෙ.... ඒක නොතේරෙන උන් පන කඩං නටනව...
වරක් නෙතඟ කඳුලක් පිරීනාදෝ..
සිතට දරාගනු බැරි දුක් වීදෝ..
කඳුලැලි එනව දුකේදි..සිතට දරා ගන්න බැරි දුකේදි ඇත්තටම ඔබ කෝච්චියට පැන්නෙ එහෙම දුකක් වත් ඇවිල්ලද ප්‍රශ්නයක් ඒක.මොකද අහන්නද මල මිනී වලට කතා කරන්න බෑනෙ ඒක ගැනයි කියන්නෙ...ඒත් ජවුසම් පාලියට නටනව කට්ටිය...කොන්ඩෙ කඩාගෙන බෙල්ල කඩාගෙන..
දිවිය මොනතරම් සුන්දරදෝ...
දුකම කොයි තරම් සතුටක් දෝ..
ඔයා දන්නෙ නෑ මෙහෙම අකල් මරනයක් කර ගන්න නෙවෙයි ජීවිතේ තියෙන්නෙ ඒක මාර සුන්දරයි.දුක විඳපු එකා දවසක තැනකට ආවහම පාරම් බානව ආපස්ස හැරිල බලල තමන් ආපු ගමන ගැන. ඒ දුක දැන් දුකක් ඒත් පස්සෙ සතුටක් වෙනව කියන එකයි කියන්නෙ.ඒත් ඉතින් දෙයියනේ ඒක දන්න උඹ මොන රෙද්ද්දටද කොච්චියට පැන්නෙ කියන එක අහනව ගීත රචකය.
ඒ නිසා තමයි කියන්නෙ අපේ රටේ භාෂාව තේරුම් ගන්න කියල හැම ඉලවුවටම නටන එක නවත්තල තේරුම දැනගෙන වැඩ කරන්න ඕනෙ.නැත්තම් ගීත සාහිත්‍යයත් රටේ භාෂාවත් ලඟදිම කෝච්චියට පනීවි.
රසවින්දනය උදෙසා ඒ ගිතය මං දාන්නම්.එතකොටවත් උසස් රසවින්දනයක් ඔබට ඇති වේවි.
දැන්වත් හැම හත්තිලවුවටම නටන එක නවත්තපල්ල.
...... ඉෂාන් නොහොත් දුකා .......
Saturday, October 6, 2018
ප්‍රශ්න......
විටක අපිට ඔලුව උස්ස ගන්න බැරි තරම් ප්‍රශ්න.එකක් යනකොට එකක් පෝලිමට ප්‍රශ්න. රස්සාවෙ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න.වෙලාවකට වැස්සොත් ප්‍රශ්න වෙලාවකට පෑවුවොත් ප්‍රශ්න.කරත් ප්‍රශ්න නොකරත් ප්‍රශ්න.හෙම්බත්වෙලා මිරිකිලා ඇකිලිලා ප්‍රශ්න වලින්.වෙලාවකට දිනුවත් ප්‍රශ්න පැරදුනත් ප්‍රශ්න.ගොඩ යන්න නම් මේ ප්‍රශ්න ඇති ලොකෙට මුන දෙන්නම වෙනව.සතුටින් ඉන්නකොටත් කොහෙන් හරි සතුට නැති කරන ප්‍රශ්නයක් එනවමයි.
ලොක්කො වෙච්ච උනුත් පට්ට චූන් එකේ ඉන්නවනෙ උන්ට නැද්ද ප්‍රශ්න.වෙලාවකට එහෙම හිතෙනව අපිට.නැත්තම් නාන්න සල්ලි තියන උන්ට නැද්ද ප්‍රශ්න.ඒවත් ඉතින් අපිට ප්‍රශ්න තමා.මචං දැනගනිල්ල අපිට සල්ලි නැති ප්‍රශ්නය විතරයි තියෙන්නෙ උන්ට ඊට වඩා ප්‍රශ්න බං.වියදම් කරන්නෙ මොකටද ප්‍රශ්න.සල්ලි රැක ගන්නෙ කොහොමද ප්‍රශ්න මචං උන්ට.හොර හතුරො එයිද ප්‍රශ්න මචං.
ලොක්කන්ට තියන ප්‍රශ්න තමා ලොකු ඉවෙන්ට් එකක් තියනව කට්ටිය නැතිවෙයිද ප්‍රශ්න.හරියට කර ගන්න බැරි වෙයිද ප්‍රශ්න මචං.උනුත් මිරිකිලා ඉන්නෙ ඒත් ඉතින් අපිට පේන්නෙ උන්ට එහෙම අවුලක් නෑ කියල.සැපට ඉන්නවනෙ.අපි ඒකත් ප්‍රශ්නයක් කරගෙන.
මචංල මේ දවස් වල මං ඔය මට තියන ප්‍රශ්න ගැන වැඩිය හිතන්න යන්නෙ නෑ.රස්සාව නැති උනත් වැඩිය හිතන්න යන්නෙ නෑ.ලොක්ක බැන්නත් හිතන්න යන්නෙ නෑ.බීරි අලිය වගේ ඉන්නව.එතකොට ලොක්කො වීනාව වයල වයල හති වැටිල අත හරිනව ඌට කියල වැඩක් නෑ කියල.මචං උන් බනින්නෙ උන්ටත් ලොක්කො බනින නිසා මචං.මොකද උන්ට අපිට වඩා ප්‍රශ්න.
නොන්ඩි වෙනව උන් අපිට වඩා උනගෙ ලොක්කො ඉස්සරහ.කරන්න බැරි දේ දිගට හරහට කියල කියල පොර වෙන්න දඟලල අන්තිමට හොට බිම ඇනගත්තහම උන් අපිට බනිනව කරපං කියල.අපි කොහොම හරි චරහම උන් ලකුණු දා ගන්නව අපි කරපු වැඩේ උන්ගෙ ලොක්කන්ට පෙන්නල.ඉතින් ලොක්කො උන්ගෙ ඊලඟ පාර උන්ට දෙනව කරන්නම බැරි වැඩක් අපිත් කරනව.ඒත් මචංල එහෙම අනුන්ගෙ ප්‍රශ්න අපේ ඔලුවලට දාගෙන අපි ඒ වැඩේ කරන එකෙන් ඇති වැඩක් නෑ.මොකද අපිට හම්බුවෙන මල ඉලවුවක් නෑ.අපි හැමදාම උන් ඉස්සරහ මැරෙනව.ඔකයි මචංල රට ඉස්සරහට යන්නෙ නැත්තෙ.එක තැන.
අලුත් අදහස් තියන උන් තේ ගහේ දලු කඩනව වගේ සතියට සැරයක් කඩනව.උන්ට ඕන විදිහට ගහ හදාගන්නව වගේ ටිකෙන් ටික අපි හදන්න බලනව.මොකවත් කර ගන්න බැරි පින්ගුත්තරයො ඒ විදිහට හැදෙනව ඒත් මචංල එහෙම ඕනෙ නැති උන් අනේ ලොක්කො පස්ස නම් උස්සන්නෑ කියල කට උල් කරල කියල උන්ගෙ විදිහට ඉන්නව.
ඒත් ඉතින් එහෙම ඉන්නෙ අතලොස්සයි ඈ.අද මෙහෙම වෙනව හැම තැනම හැම ආයතනයකම.මානව සම්පත් කලමනාකරනය කරන උන් හිතනව උන් තමා පොරවල් කියල.ඒත් මචංල උන් කරන්නෙ ලොක්කගෙ ගෙදර වල් ගලෝන එක නැත්තම් කාර් හොදන එක.නැත්තම් මල් වලට වතුර දාන එක.හැබැයි සිංහ සෙයියාව තමා අපිට පෙන්නන්නෙ.මචංල අපේ ඔපීසියේ එච්.ආර් මැනෙජර පට්ටම තියන එකා ගාමන්ට් කෙල්ලන්ගෙ කුඩ පාරවල් කාල තමා ආවෙ.ඌ ඒ කියන්නෙ මානවයා සැපටම හසුරවන ඩයල් එකක්.ඒකනෙ මානවයා සැපක් දීලම පන්නල තියෙන්නෙ.
මොන රෙද්ද උනත් ඇඳි වත ගිලිහි නොයන්න වැඩ කරනව නම් කිසි ගින්නක් නෑ.බෑ කියන්න ඕනෙ වගේම නෑ කියන්නත් ඕනෙ.නැතුව වසන්න බෑ.ඔන පුකක් ප්‍රිති වෙසක් කියල හිටියොත් වෙන වැඩේ පට්ට අවුල් එහෙම ඉන්න බෑ.රස්සාවල් ඕන තරම් තියනව කරන්න හොයා ගන්නත් තියනව.එහෙම නෑ කියන්නෙත් අපේම ලොකු පුටු වල උන්ම තමා.මේක නැත්තම් ඒක වැඩ පුලුවන් එකාට.ඒත් පන්දම අල්ලල පස්ස උස්සල ඉන්න උන්ට එහෙම බෑ.උන් ටිකට තුන් ලෝකෙම රස්සා හිඟයි.
...... දුකා ......

Subscribe to:
Comments (Atom)
ජෙපි තරුණ අසහනය
අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...
-
මුදල් පාලනේ ....... සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං ...
-
අතිත සැමරුම් සහ අනාගතය...... කාවන්තිස්ස යුගය ඔබ කියවා ඇතැයි සිතමි.ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුන යුගයක් ලෙස පසුව දුටුගැමුණු යුගය පටන් ගැනෙන...
-
පලවන කොටස සීහල දීප..... " සී හල දීප " කියන නම ගැන කතා කරලම වැඩේ පටන් ගන්න හිතුව.ඇත්තටම සීහලදීප කියන්නෙ "සිලෝන්"...