Friday, April 26, 2019

අහෝ..කෙරුමෝ....

අහෝ....කෙරුමෝ....

රටම භීතියෙන් ඇලලී යන්නේ නැවත යුධ ගිනිදැල් රටේ ජන මනස් දවා  අවුලවාලමිනි.දුවා දරුවන්ට ඉගනගන්නට පාසලකට ගොඩවීමට නොහැකිය.රටේ ජනතාවට තම දෛනික කටයුතු කර ගැනීමට අවශය වටපිටාවක් නොමැත.රජයේ හෝ පෞද්ගලික ආයතනවල දෛනික රාජකාරි අඩපන වී ඇත. මීට ලස වසරකට පෙරාතුව උතුරුකරයට පමනක් සීමා වූ යුධ බියගම් නියම්ගම් පොහේ ඇවිලී ඇති අයුරක් පෙනේ.තම ආගම ඇදහීමට පවා නිදහසක් නැත.මෙවන් වකවානුවක රජය එයට විසදුමක් හොයමින් මහ සටනක යෙදෙන බවද නොකියාම බැරිය.  එයට අස්වැසිල්ලක් සැපයිමේ ඒකායන අරමුන පෙරදැරි කර ගනමින් රටේ රාජ සභාව දින දෙකකට පෙර නැවත රැස් වන්නේ ඒ ගිනි දැල් නිවීමේ මාර්ගය පසක් කර ගැනීමේ ඒකායන අරමුන පෙරදැරි කරගෙනය.මුලින්ම ඔවුන් එකිනෙකා ඇනකොටා ගනී.එකිනෙකාට බැන ගනී.ඇගිලි දික්කරයි.වරද එකිනෙකාට පටවයි.රටේ ජනයා ඒ සියල්ල විද්‍යුත් මාධය ඔස්සේ සේම මුද්‍රිත මාධය ඔස්සේද බලා සැනඇවිලීඅදෝ මැයි ලොව වෙනත් රට වල ජනයා නිකටේ අත් රුවාගෙන බලා සිටි."කාගෙයි වැරැද්ද" නාටකය පටන් ගනී.කෙස් පැලෙන තර්ක කොස් කොටන කඩු රාජ සභාවේ එකම ජංජාලයක් කරලීමට සමත් විම රටට විහිලු සපයන එකම ආයතනය මගින් ලෝ සිත් සතන් පහන් සංවේගයට පත් කරලීමට සමත් වේ.
නොයෙක් සමාජ කොටස් එක එක දෑ කියයි කටට එන දේ වමාරයි.හිතට එන දේ පවසයි.ඒ සියල්ල අඩුපාඩුවක් නොමැතිව විද්‍යුත් හා මුද්‍රිත මාධය ඔස්සේ ප්‍රචාරය කරවයි.තම මාධය වටා ජනයා රොද බැඳ ගැනිමේ ඒකායන අරමුන ඔවුන් නිසි ලෙස රිසි ලෙස මාධය කරනයේ යෙදෙයි.
ආගමික නායකයන් කරබාගෙන සිට පසුව වෛරය මිටක් දමා රට සනසන්නට උත්සාහ කරයි.රට කොටස් වලට බෙදා වෙන් කොට පේරු දානය රැක ගැනිමට ඔවුන් වෙහෙසෙයි.එක එක මත කිසිදු අපුලක් නොමැතිව මාධය හරහා ප්‍රචාරය වේ.ඔවුන් තම නිදහස් මාධය ප්‍රවනතා හැකි සෑම මොහොතකම පෙන්වන්නට වෙහෙසෙයි.
තරුන ප්‍රජාවට ඇත්තේ වෙනත් අවුලකි.ඔවුන් සමාජ ජාල නොමැතිව මැලවී සිටියි.ඔවුන් වි.පි.එන් යොදා මේ මොහොතේ සමාජ මාධය ඔස්සේ තම වීර කම් ප්‍රදර්ශනය කිරිමට මන් මාවත් විවක කරන්නට මාන බලයි.තමාට අසන්නට ලැබෙන කුමක් හෝ කතාවකට තටු තරුන ප්‍රජාව තම සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරයි.ඔවුන්ට ස්වයං වාරනය පිලිබඳ අංශුවක තරම් දැනීමක් නොමැත.තව උන් ඒවා බලා තවත් බර කොට සමාජ මාධය හරහා ප්‍රචාරය කරයි.පරන තොරතුරුත් නැවත කරලියට පැමිනේ.ලේ රත් වු තාරුණ්‍යය වැඩ පටන් ගන්නේ එසේය.ඔවුන් හරි මගට ගෙන එන්නට එකදු බලධරයකු නැත.ආගමික නායකයන් නිද්‍රාවට පත්ව ඇති සේය.කා බි බඩ පුරවාගෙන මාධය ඉස්සරහ තම මතය වමාරා සැතපෙන ඔවුන් නැවත නැගිටින්නෙ සුදා ගින්දර ඇතිවූ විටය.
සක්‍රීය දායකත්වය තරුන ප්‍රජාව මේ මොහොතේ ලබා දුන්නේ එසේය.
තවත් අය බොරදියේ මාලු බෑවේය.තම නති වු චන්ද නැවත ලබා ගැනීමේ අරමුනෙන් අපි ඔයාල එක්ක කියා ලොවටම හඬගා කියා පැත්තකට වුනේය.ඔවුන් කල කෙජ්ජක් නැත.අනෙක් වුන් ඒ කෙරේ බලාපොරුත්තුවක් තියා ගත්තේද නැත.
පෙලක් අය මේ දේ දැනගෙන සිටි බව කියන්නට දත කෑවේය.හිනෙන් කි බවත් කීවේය.ඒත් ඔවුන් මේ තරම් දෙයක් වෙනතුරුත් තම වගකීම් කොටස හරි හැටි නොකල බව නම් ලොවක් දන්නා කරුනකි.   
දෙවියන්ට භාර ඔප්පු කිරිමට ගිය සමහරක් සියල්ල වූවාට පසුව පැමින කමිටුවක් පත් කොට පොතක් ප්‍රකාෂ කිරිමට කල් ලබා ගත්තේ ඔහුගේ දැනුම ලොවට හඬගා කිමේ අරමුන ඇතිවය. මුද්‍රිත මාධය පමනක් අතගානා ඔහු රට ගැන සියල්ලම දැන ගනීමේ කවුලුව ලෙස සලකන්නේ පත්තර විම රටේ සාක්ෂරතාව ඉහල මට්ටමක පවතින බව පෙන්විමට හොඳම නිදර්ශනයක් බව පෙන්වා දිය යුතුය.ටිකක් පිලුනු වු තොරතුරු ඔහු කියවන විට ජනයා දැන් ලැබුනු පුවතක් විද්‍යුත් මාධය ඔස්සේ නරඹද්දී කල යුතු දෑ ටිකක් හෝ පමා විම අහන්නත් දෙයක් නොවන බව හුදී ජන පහන් සන්වේගය උදෙසා මෙහි ප්‍රකාශ කල යුතුමය.
හෑට පැන ඇට පනින නාකි නැගිටිනකොට ටිකක් කල් යන බව දන්නෝ දනිති.එවන් නිද්‍රාශීලී රජයේ ඇතැම් කෙරුමන් පරන හනමිටි තුරුල් කරගෙන පොතේ විදිහට මුද්දර ගසමින් ලියුම් ලියමින් ටයිප් රයිටරයට කොටමින් රාජය ප්‍රතිපත්ති ක්‍රියාවට නැන්විමට දත කමින් සිටින මොහොතක ඔවුන්ගේ ඉබි ගමන දෙස බලා සිටීම හැර වෙනත් දෙයක් මහජනයාට කරන්නට නොහැකි බව පසක් කරගත් ජනතාවක් රට තුල සිටීම සතුටට කරුනකි.ඉන්දියාවේ ආමරිකාවේ නැතිනම් වෙනත් රටක වූවා නම් ඔවුන් මේ වන විටත් යටියන්තොට ගිහින් ඇතුවා සේම තම වැඩ කොටස හරියට නොකෙරු බව ජාතියට කියා සමාව ගෙන ගෙදර ගිය උන් පිරිසකුත් දකින්නට ලැබෙනු ඇත.නමුත් මේ දේශයේ එසේ කරන්නවුන් නැත.සතියක හෝ දෙකක ශෝට් ටයිම් මෙමරියක් ලාංකික ජනතාවට තිබිම මෙවන් පොරවල් වලට ලැබුනු සහනයක් ලෙස මෙහිදී පෙන්වා දිය යුතුය.
දවසක් දෙකක් සතියක් ගහ මරාගෙන පුටු කඩාගෙන ලේ රහ වැටෙන තුරු කෑ කොස්සන් ගසාගෙන ප්‍රතිපත්ති නිති සම්පාදනය කොට එය ක්‍රියාවට නන්වද්දී  මේ අවුලෙන් දිවි පිදු අයගේ දෙවර්ශ පුර්න සිහි කිරිමේ උත්සවයට ලක ලැහැස්ති වීමේ ප්‍රවනතාවක් පවතින බව නම් මෙහිදී කිව යුතුමය.එසේ විමට හේතු වන්නේ රජයේ සේවයේ කාර්යක්ෂම බවම වන්නට පුලුවන.එය ලාංකික ජනතාවට මහා අස්වැසිල්ලක් බව අප සියල්ලන්ම දනී.පාට පක්ෂ  ආගම් සංස්කෘතිය භාෂාව සතුරු මිතුරු ප්‍රතිපත්ති තව දුරටත් රට අරාජික කරමින් පවතී.ඒ අවුල නැති කීරීමට යත්න දරනවා වෙනුවට රටේ මහ තැන් ඒ ගිනනෙන් ගිනි තපිනා බවද පෙනෙන්නට තිබේ.චන්දය දී ඒ තැන් වලට පත් කල මහ ජනයා කට ඇරගෙන ඒ උන් නටන නරි නාටක බලමින් සිටී.වෙනත් රටක වුවා නම් ප්‍රතිපත්ති නිර්ණායක පැයක් යන්නට මත්තෙන් ජාතික අවශය තාවක් ලෙස සලකා ක්‍රියාවට නන්වනු ඇත.එහෙත් අඹයක හැඩය ගත් මේ පුංචි දුපතේ දේශපාලනය බඩ වඩා ගන්නා අදෝ වාතයක් වී හමාරය.රටේ තත්වය එසේය.
මෙයට අප කුමක් කල යුතුද යන්න සොයා බැලීමේදී පුලු පුලුවන් අය එක්කෝ තිරුපති දෙවොලට ගොස් යාග හෝම කල යුතුය.නැතිනම් අපට හිමි චන්දය චන්දයක් පැමිනිය හොත් කටුගා දැමිය යුතුය.අප හැමදාම පාලකයාගේ බිලී කොක්කට පනින මාලුන් නොවන බව ඔවුන්ට පසක් කල යුතුය.නැතිනම් පොදු වැසිකිලි වලකට බැස ඒ වලේ ඇති හොඳම කොටස ඉටි කවර වලට රුවාගෙන චන්ද හිඟමනේ යෙදෙන්නවුන්ට දමා ගැසීමට අද අදම ක්‍රියා කල යුතුය.මැජර දේශපාලනය නොමැතිව අප අපවම පාලනය කරගත හොත් දේශපාලනය අවැසි නැත.වැරැද්දක් වුවහොත් එයට නිසි දඩුවම අප විසින්ම දිය යුතු කාලය එලබ ඇත.   
අපගේ මුදලින් බඩ කට පුරෝ ගන්නා දේශපාලකයන්ගේ බඩ අප තවත් තද කරන්නෙ ඇයි.එය එසේ නොවිය යුතුය.හරියට වැඩ නොකරනා දේශපාලකයන් පාලකයන් ගෙදර යවා රටට සැබෑ ලෙසම ආදරය කරනා පාලන පැලැන්තියක් අප නිර්මානය කර ගත යුතුමය.නැතිනම් අපගේ රටේ අභාග්‍ය අපම ලං කර ගත්තා ලෙස අපගේ දුවා දරුවන් අපව හංවඩු ගසනු ඇත.
කෑකෝ පප්පෝ රෙවිලා මෙන් කෑ කොස්සන් දෙන්නෙ උන්ට බඩ වඩා ගැනීමට මිස අමා දුක් පෙරදැරි කොරගෙන නොවන බව අප වටහා ගත යුතුය.අපේ චන්දයෙන් මහ පුටු වලට ගොඩ වන නිකම්මුන්ගේ ඇඟට වැලි කැටයක් වත් වැටුනේ නැත.ඔවුන් ඒ තැනට ගෙන ආ බර ගනනක් මේ වියසනයෙන් මරු තුරුලට ගියේය.ඔවුන්ට මැස්සෙක් වහන්නට කලින් බේරෙන්නට පුලුවන.නමුත් ඒ තැනට ගෙන ආ අපට කගේවත් පිලිසරනක් නැත්තේය...එය එසේ වී නම් අප කුමක් කරමුද ???

....දුකා.......

No comments:

Post a Comment

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...