Tuesday, April 30, 2019

රජුන් තනන්නෝ.........

රජුන් තනන්නෝ.........

ඔයාල දන්නවද ලෝකෙ ඉන්නව රජුන් තනන්නෝ කියල කට්ටියක්.
මතක තියා ගන්න මේක කියවන ඔයාලට මේක විහිලුවක් වගේ වෙන්න පුලුවන්..ඒත් අවසානෙ වෙනකං බැලුවොත් ඔයාලට තේරෙයි හිතට ගන්න මොකක් හරි හත්තිලවුවක් තියනව කියල....සාමාන්‍යයෙන් අපි හිතන්නෙ රජුන් තනනව කියන්නෙ අම්ම නෙ.අර ගීතයකුත් තියනව නේද ?කවුද කියන්නෙ මට මතක නෑනෙ......හිතමු බලන්න....රජුන් තනන්නා රජුන් තනන්නා ....මතක ගබඩාව අරින්න වෙනව මගෙ...හරි ඇන්ජලීන් මහත්මියගෙ ගීතයක් නෙ ඒක...
අම්මලා දුක් ගන්නෙ පුතුන් හදන්නයි...පුතුන් රජුන් කරන්නයි...ඔන්න ඉතින් වැරදියට වටහා ගන්න එපා මේ අම්මල දරුවො හදන හැටි නෙවෙයි..එහෙම වැරදි වැටහීමකට ඇවිත් දුකාට පිස්සු කියල.දුකාගෙ කොලම බලන එක නවත්තන්නත් එපා...හරි අපි කතාවට එමුකො.මේ කියන රජුන් තනන කෙනා ඉතිහාසෙත් හිටිය මේ කාලෙත් ඉන්නව.එහෙම කිවුවට තේරෙන එකක් නෑනෙ නේ.හරි ඉතිහාසයේ ඉඳලම පටං ගන්නම් එහෙනං.

දන්නවද දන්නෙ නෑ "ක්ලියෝ පැට්රා"....
ඔබ දන්නෙ මොනවද මං කිවුවොත් එයා  king maker කෙනෙක් කියල ඔයා පිලි ගන්නවද? රෝමය....ක්‍රිස්තු පුර්ව 48දි මේ ක්ලියෝ පැට්ර හින්ද මැරෙන්න ගිය රජ කෙනෙක් ලු ජුලියට් සීසර්.පස්සෙ මාක් ඇන්තනී.නයෙක් කවාගෙන මැරුන කියලත් කියනව ක්ලියෝ පැට්ර පස්සෙ ඔන්න කිවුව ඒක නොවිසඳුනු මිනී මැරිමක් කියල.ඒ ගැන නෙවෙයි කතා කරන්නෙ මේ ලඳ මාර ලස්සනයලු දුටුවන් ඇඳ බැඳ තබා ගන්න ලස්සනක්ලු තිබ්බෙ.ඒ ලස්සන කියන්න බෑ කියලයි කියන්නෙ.හිතනවද ඈ ලස්සනයි කියල.ඈ රජුන් තනන්නියක් රජෝ.පට්ට මොලයක්.රජවරුන් ඒ පට්ට මොලේ තමයි මෙච්චර වර්ණනා කරල තියෙන්නෙ.පට්ට රූප ස්වභාව කියල.රෝම කාසි අරන් බලන්න ඈ ඒ තරම් ලස්සන නෑ.පටු නලල් තලයක් දිගැටි නහයක්...විස්වාස කරනවද ජුලියට් සිසර් මේ ගෑනි ලං කර ගත්තෙ ලස්සනට කියල නෑ බුද්ධිමත් භාවය නිසා.භාශා නවයක් කතා කරන්න පුලුවන් කියලයි කියන්නෙ ක්ලියෝ පැට්රට. තීක්ශන බුද්ධියක් තියෙන්න ඕනෙ රටක් පාලනය කරන්න ඒක ජුලියට් සිසර්ට වත් මාක්ට වත් තිබ්බ කියල හිතනවද ඒ ඔක්කොම රජ පුටුවෙ තියන් ඉන්න මාස්ටර් ප්ලෑන් එක ඇන්දෙ ක්ලියෝ පැට්ර...ඒ බුද්ධිය රජ වරු පාවිච්චි කරා හරියටම.රැජින කර ගත්ත.බුද්ධියට වටිනා කමක් දුන්න.ඉතිහාසය ගොඩ නගන විද්වතුන් පවසන්නෙ ඒ තරම් ලස්සන කෙනෙක් නෙවෙයි කියල ක්ලියෝ පැට්ර....ඒ මිම්මෙන් මැනල වෙන්න බෑ ක්ලියෝ පැට්ර අග මෙහෙසිය උනේ.බුද්ධිය තික්ශන නුවන.රජුන් කරන නුවන.රජුන් හදන නුවන.දැන් තේරෙන්න පටන් ගන්න ඇති ඔයාලට රජුන් තැනීම ගැන.
දන්නවද දන්නෙ නෑ "ක්ලියෝ පැට්රා"....
ඔබ දන්නෙ මොනවද මං කිවුවොත් එයා  king maker කෙනෙක් කියල ඔයා පිලි ගන්නවද? රෝමය....ක්‍රිස්තු පුර්ව 48දි මේ ක්ලියෝ පැට්ර හින්ද මැරෙන්න ගිය රජ කෙනෙක් ලු ජුලියට් සීසර්.පස්සෙ මාක් ඇන්තනී.නයෙක් කවාගෙන මැරුන කියලත් කියනව ක්ලියෝ පැට්ර පස්සෙ ඔන්න කිවුව ඒක නොවිසඳුනු මිනී මැරිමක් කියල.ඒ ගැන නෙවෙයි කතා කරන්නෙ මේ ලඳ මාර ලස්සනයලු දුටුවන් ඇඳ බැඳ තබා ගන්න ලස්සනක්ලු තිබ්බෙ.ඒ ලස්සන කියන්න බෑ කියලයි කියන්නෙ.හිතනවද ඈ ලස්සනයි කියල.ඈ රජුන් තනන්නියක් රජෝ.පට්ට මොලයක්.රජවරුන් ඒ පට්ට මොලේ තමයි මෙච්චර වර්ණනා කරල තියෙන්නෙ.පට්ට රූප ස්වභාව කියල.රෝම කාසි අරන් බලන්න ඈ ඒ තරම් ලස්සන නෑ.පටු නලල් තලයක් දිගැටි නහයක්...විස්වාස කරනවද ජුලියට් සිසර් මේ ගෑනි ලං කර ගත්තෙ ලස්සනට කියල නෑ බුද්ධිමත් භාවය නිසා.භාශා නවයක් කතා කරන්න පුලුවන් කියලයි කියන්නෙ ක්ලියෝ පැට්රට. තීක්ශන බුද්ධියක් තියෙන්න ඕනෙ රටක් පාලනය කරන්න ඒක ජුලියට් සිසර්ට වත් මාක්ට වත් තිබ්බ කියල හිතනවද ඒ ඔක්කොම රජ පුටුවෙ තියන් ඉන්න මාස්ටර් ප්ලෑන් එක ඇන්දෙ ක්ලියෝ පැට්ර...ඒ බුද්ධිය රජ වරු පාවිච්චි කරා හරියටම.රැජින කර ගත්ත.බුද්ධියට වටිනා කමක් දුන්න.ඉතිහාසය ගොඩ නගන විද්වතුන් පවසන්නෙ ඒ තරම් ලස්සන කෙනෙක් නෙවෙයි කියල ක්ලියෝ පැට්ර....ඒ මිම්මෙන් මැනල වෙන්න බෑ ක්ලියෝ පැට්ර අග මෙහෙසිය උනේ.බුද්ධිය තික්ශන නුවන.රජුන් කරන නුවන.රජුන් හදන නුවන.දැන් තේරෙන්න පටන් ගන්න ඇති ඔයාලට රජුන් තැනීම ගැන..
ඔන්න බලා ගන්නත් එක්කල ඉස්සර කාසියක තිබ්බ ක්ලියෝ පැට්රගෙ මුනත් තහඩුවත් දැම්ම.

මේ අතිතය.ඒ මදි වගේ රජුන් තනන්නෙ ලංකාවෙත් ඉඳල තියනව.ඉතිහාසය ඒකට ශාක්ෂි දරනව.එක්කෙනෙක් කියන්නද වලගම්බා රජ්ජුරුවන්ගෙ දේවිය.කතාව අහල ඇති රජු පලා යනකොට කරත්තෙ බර වැඩි වෙලා රජුව බේර ගන්න ඔනෙ කියල කරත්තෙන් බහින එඩිතර දේවිය.ඒ සෝමා දේවිය තමා බහින්නෙ පලමු බිරිඳ අනුලාදේවි ඉන්නව.දෙවනි බිරිඳ සෝමා දේවි සිය කැමැත්තෙන් බහිනව.ඇත්තටම එහෙම කරේ ඇයි රජුන් තනන්න යාලු රජුන් තනන්න.එඩිතර බිසවක්...බුද්ධිමත් බිසවක් එයා දැනගෙන හිටිය වලගම්බා රජුගෙන් තමන්ට පුතෙක් ඉපදුනත් කිරීටයට උරුම කම් නොකියන බව.අනුලා දේවිය ගැනත් දැනන් හිටිය.ඈ නිසා රජුට වෙන්නෙ අකර තැබ්බයක් කියලත් දැනන් හිටිය.දුර දක්නා නුවන පාවිච්චි කරන්න ඇති.මෙතන හිටියොත් වෙන්නෙ මැරුම් කන්න නිකං ඊට වඩා හොඳයි වෙන දෙයක් බලාගන්න කියල හිතුවද කියලත් සෝමා දේවි හිතන්න ඇති.ඒ රජාව එපා වෙලා හිටියද කියලත් කවුද දන්නෙ.ඉන්දියාවට ගෙනිච්චලුනෙ සෝමා දේවි යුධ නායකයෙක් පස්සෙ.
හරි හරි ඉතිහාසෙ නෙවෙයි රජුන් තැනිල්ල ටික ටික තේරෙයි දැන් ඔයාලට මං කියන්න ගිය දේ.
මෑත කාලෙට ආවහම රජුන් තැනිල්ල ගැන මට අහන්නට ලැබෙනව මහා ආන්දෝලනාත්මක කතාවක්.ලෝක බලවතෙක්ගෙ බිරිඳක් ගැන ඈත් හොඳ රජුන් තනන කතක් කියලයි ඔන්න මට හිතෙනෙ. ඒ කවුරුත් නෙවෙයි.බැරැක් ඔබාම මහත්තයගෙ බිරින්දෑ.මිචෙල් ඔබාමා.ඔබාමා මහත්තයව රජෙක් කලේ මිචෙල් ඔබාම කියල කිව්වොත් ඔබ පිලි ගන්නවද? බැරැක් මහත්තයගෙන් ඇහුවොත් උනත් ඔවු කියාවි.
ඔන්න දවසක් මට අහන්න ලැබෙනව කතාවක්.දවසක් ජනාදිපති වෙලා ඉන්නකොට බැරැක් මහත්තය සහ මිචෙල් මහත්මිය ගියාලු හෝටලේකට.ඒ හොටෙල් එකේ හිටපු වේටර් කෙනෙක් මිචෙල් මහත්මියත් එක්ක කතා කරන්න ඇහුවලු.ඉතින් ආරක්ශකයො ඒකට ඉඩ දුන්නලු.ඉතින් අර වේටර් මිචෙල් මහත්මිය එක්ක ටිකවෙලාවක් කතා කරල ගියාලු යන්න.බැරැක් මහත්තය ඇහුවලු ඔබ අදුනනවද ඒ වේටර්ව කියල.මිචෙල් මහත්මිය කිවුවලු ඔවු මගෙ පරන පෙම් වතෙක් කියල.එතකොට බැරැක් මහත්තය ඇහුවලු එයාව කසාද බැන්ද නම් ඔබ වේටර් කෙනෙක්ගෙ බිරිඳක් අද වෙනකොට නේද කියල.මිචෙල් මහත්මිය දුන්න උත්තරේ මොකක්ද දන්නවද ? නෑ එහෙනම් ඒ වේටර් අද ඇමරිකාවෙ ජනාධිපති කිවුවලු.ගන්න තියන දේ මේ කතාවට කොතරම් වැදගත්ද ? රජුන් තනනවා නැත්තම් king maker මං හරිනෙ.ඔය විදිහට අතීතය දෙස හොදින් බලනකොට ඕන තරම් අය දකින්න පුලුවන්..නිදසුන් ඕන තරම් තියනව.
දැන් ඉතින් මේ මිහිරි අතීතයත් එක්ක අපි පොඩ්ඩක් වර්තමානයට එමු.
වර්තමානයේ රජුන් තනන්නන් විටෙක රජයක් වෙනස් කරන්නත් මිනිසුන්ගේ මතය වෙනතකට හරවන්නත් යොදා ගත්තා කිවුවොත් ඔබ විශ්වාස කරයිද ? පෙර කලත් මෙසේ තිබෙන්නට ඇති.මෙදා දවසේත් හෙට දවසේත් ඔවුන් සිටිවි.පෙලක් වුන් සද් භාවයෙන් කටයුතු කරාවි විටෙක ඉතාමත් දරුනු ලෙස එය කරාවි.සමාජ සාදාරනත්වය සදාචාරය විටෙක ඔවුන් කෙලෙසාවි.මෙයට හොඳම උදාහරනය වික්ටර් අයිවන් ලියු පොතක් වූ චෝර රැජින පොතේ සඳහන් වන බව මට මතකය.ඒ සම්භන්ධව මා වැඩි දුර කතා කිරිමට නොයන්නෙ එය සාධාරන නොවන නිසාය.ධනය ලබා ගැනීමටත් බලය ලබා ගැනීමටත් විටෙක ඔවුන් වෘත්තීය රජුන් තනන්නන් යොදා ගන්නා බව පෙනෙන්නට තිබේ.මොන රටක වූවත් මෙසේ රජුන් තනන්නවුන් සිටිනු ඇත.විටෙක ඔවුන් කුමක් හෝ පබ්ලිසිටියක් ගත හැකි සිද්ධියක් නිර්මානය කරයි එය කරන්නෙ රජුන් තනන්නෝය.
කපටි කම,බුද්ධිමත් බව , නොයෙක් විශයන් හමුවේ ඇති දැනුම මේ රජුන් තනන්නවුන් යොදා ගනී.ඔවුන් ඉතාමත් බුද්ධිමත්ය.සැලසුමකට වැඩ කිරීම තුලින් ඔවුන් තම සේවා දායකයාගේ අවශ්‍යතාව සලසනු ලබයි.සමාජ මාධය හරහා මුද්‍රිත හෝ විද්‍යුත් මාධය හරහා මොවුන් විටක ක්රියාත්මක වන අතර පොදු ජනතාවකගේ ආකල්ප වෙනස් කිරීමක්, මතය වෙනස් කිරීමක්,තම සේවා දායකයා වෙනුවෙන් පොදු කුලකය වෙනස් කිරීමක් කල හැකි ලෙස රජුන් තනන්නවුන් ක්‍රියා කරයි. උදාහරනයක් ලෙස පවසතොත් ජන්ද කාලයේදී රජුන් තනන්නවුන් තම සේවා දායකයාට චන්ද ගොඩ වැඩි කරන ලෙස ක්‍රියාත්මක වන බව සිතමු.ඔවුන් තම සේවාදායකයා කූට ක්‍රම භාවිතා කොට හයිලයිට් කිරීම උලුප්පා දැක්වීමට නොයෙක් ක්‍රම ඔස්සේ ක්‍රියා කරයි.
උදාහරනයක් ලෙස නොයෙක් ප්‍රවෘත්ති ඔවුන් නිර්මානය කරයි.එය සමාජය වැලඳ ගන්නා තැන දක්වා කටයුතු කිරීමට ඔවුන් පොලොබවයි.විටෙක ආයතන උලුප්පා පෙන්වීමටත් වෙලඳපොල තරඟය අවම කිරිමටත් මෙම රජුන් තනන්නවුන් කටයුතු කරයි.විටෙක කූට ක්‍රම භාවිතා කොටත් විටෙක බුද්ධි මෙහෙයවාත් මොවුන් තම සේවාව සිදු කරනු ලබයි.  
ප්‍රතිරූප ගොඩ නැන්වීම සඳහාත් මෙම රජුන් තනන්නවුන් ක්‍රියා කරයි.මෙම රජුන් තනන්නවුන් කොතෙක් දුරට ප්‍රායෝගික දැයි හෝ සමාජය කෙරේ වටින්නේ දැයි නොදන්න මුත් ඒ හරහා ප්‍රතිරූප නිර්මානය හා පොදු මතය වෙනස් කිරීමේ හැකියාවක් පවතින බවනම් නොකියාම බැරිය. 
සමාජයට හොඳ හෝ නරක වපුරා රජුන් තනන්නට දත කන කූට උපක්‍රමද මෙහිදි දක්නට ලැබෙන බව නම් නොකියාම බැරිය.ඔවුන්ගේ ක්‍රියා කලාප නිසා විටෙක ඔබ රිජු ධායකත්වයක් දෙනු ඇත.නැතිනම් වක්‍රව දායකත්වය සපයනු ඇත.කෙසේ හෝ මහ සමාජයේ මතය එයින් වෙනස් වනු ඇත.
ඔවුන්ගේ උගුල් වලට ඔබ හසුවනු ඇත.විටෙක ඔවුන් සත්‍යය වසන්කොට බොරුව උලුප්පනු ඇත.කෙනෙකුගේ වැරදි වසා පොදු සමාජයේ මතය වෙනස් කිරිමට මේ රජුන් තනන්නන් කටයුතු කරනු ඇත.එයට ඔවුන් විශාල මුදලක් ලබා ගනූ ඇත.දේශපාලනය කරන වුන් මේ රජුන් තනන අය දන්නවා යැයි මා සිතන්නෙමු.රජුන් තැනීම අතීතයේ සද් භාවයෙන් කලද අද එය රැකිය්වක් වෙමින් ලොව පුරා වියාප්තව තිබෙනා කාරනාවක් ලෙසද දක්නට ලැබෙන බව පෙනෙන්නට තිබේ.විටෙක යුද්ධ ඇති කරන්නෙද මේ රජුන් තනන්නන්ම වන්නට ඇත ඒ කෙනෙකුගේ හෝ කණ්ඩායමකගේ මනලොල පිනවීමේ අරමුනෙන් වන්නටද පුලුවන.

උදාහරනයක ලෙස පවසතොත් ඔබ සොයා බලන්න හික්ලර් නම් පාලකයා සැදුවේ කවුරුන්ද කියා.ඔහු යුද්ධයක් ඇති කලේය. මිනිස් සංහාරයක් කරා ලොව ගෙන ගියේය.එසේ වුවේ ඇයි.......සොයා බලා තීරනය කරන්න.ඔබ දකිනු ඇත.රජුන් තනන්නවුන් පිරිසක් මිනී මතින් රට අරාජික කොට තම රටවල් වලට වාසි ලබා ගන්නට සැරසෙන.     

No comments:

Post a Comment

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...