Friday, August 30, 2019

මනාපේ....

මනාපේ....

"මම හිතන විදියට" කියල මුලින්ම මේ කතාව පටන් ගන්න එක ඇඟට ගුණයි කියල හිතෙනව. මොකද මේ කාලෙ අපි වගේ උන්ට ඒ තරම් හොඳ කාලයක් නෙවෙන නිසා.මේ ලිපිය ටිකක් කියවනකොට හිතෙන්න පුලුවන් මූ මොකක් හරි පක්ෂයකට කඩේ යනව කියලත්.ඒත් ඉතින් කියන්න ඔනේ මට පක්ෂයක් නෑ.මොකද පාට පාට කන්නාඩි දාල ලෝකෙ බලන වහල් මානසිකත්වය මට නෑ.
ඔන්න මං පටන් ගන්නම් "මට හිතෙන විදිහ" කියන්න. හිතන විදිහ ඔයාලට වැඩක් නැති වෙන්න පුලුවන් ඒත් ඒක තමා මට හිතෙන විදිහ.
ඇත්තටම ඔයාල හිතනවද දේශපාලන නායකයො පත්වෙන්නෙ ඔයාලගෙ අපේ මහ ලොකු චන්දයෙන් කියල.වැරදි සම්පූර්නයෙන්ම වැරදියි.දැන් ඉතින් බනී යකෝ අපි ගාව තමා තියෙන්නෙ බලය කියල.සර්වජන චන්දෙ ගැනත් කියයි.හරි හරි ඔයාලට එක දවසකට ඔය සර්වජන චන්ද බලය හම්බු වෙනව තමයි.එක දවසකට නෙවෙයි පැය කිහිපයකට.ඔය පැය කිහිපය තමයි රටේ අනාගතේ තීරනය කරන මහ පොදු සාධකය හදන්නෙ.හරිද මං කිවුව.ඔයා ගහන කතිරෙ ඔයා පෝලිමේ ඉඳල වියදම් කරල ගහල එනව මොකටද ? කාගෙවත් පවුලක් නඩත්තු කරගන්න උන්ගෙ ආතල් ජිවිතේට.ඔයා දෙන චන්දෙ දුන්නෙ හරිම කෙනාටද කියල ඔයාට තිරෙනකොට සර්වජන චන්ද බලය කියන මහ නිදහස ඔයාට නැතිවෙලාම ගිහින් ආයෙ අවුරුදු ගානක් බලන් ඉන්න ඕනෙ සර්වජන චන්දෙ පාවිච්චි කරන්න.මං හරිනෙ.අපි ඔය සර්වජන චන්දෙ හම්බු වෙලා මේ වෙනකම්ම එක එක පාට වල එක එක අය පත් කරා.හාමුල, පොරවල්, විරයො ඔය හැමෝම චන්දෙන් පත් කර ගත්ත උන්ගෙන් රටට උන සේවය ගැන හිතුවොත් මහ දෙයක් වෙලා නෑ ආපහු බැලුවහම.බැංකු පොතක් වත් නැති එකා බැංකුවල සල්ලි මලු පුරෝගන්න ගියේ සතියයි දෙකයි මහ පුටුවලට නැගල.ඇත්තටම කිවුවොත් ලක්ශයක් දෙකක්වත් පඩිය ගන්නෙ නැති උන් මිලියන ගානක් හම්බු කරනව.එහෙම හම්බුකරේ අපේට ඒ කාලෙ ඉඳලම පරම්පරාගත භූදලයක් තිබුනු නිසා කියල ප්‍රශ්න කරන්න ගිහාම කියනව.ඒත් ඉතින් දන්න එකා දන්නව අත්ත, මුත්ත, කිරිකිත්ත කාලෙ ඉඳල අල්ලට සිඟා තමා උන්නෙ කියල මේ මහා පරම්පරාව.පෙලක් උන් මහ පුටු වලට ආවහම ගේ වලවුව වගේ හදල ඉතිහාසෙ තමන්ගේ පරම්පරාව රජුගේ ලඟම හිටිය විර වරයො කියල තමන්ම ලියපු පොත්වල ලියා ගන්නව.ඔය රටේ රාල කම් උනත් ගන්න පුලුවන්නෙ සල්ලි තියනවනම්.ආචාර්ය පට්ටම් උනත් ගිය ආන්ඩු සමයෙ අට පහ නොදත් ඇමති වරුන්ට දුන්නෙ සල්ලි වලට ඒ වගේ තමා.
  තැබිලි කපපු එකා චන්දෙ ඉල්ලල මහ මැදුරක් ගහල.කසිප්පු කාරය බාර් ලයිශන් තුන හතරක් අරන් සැප බාර් එකක් දාල. නැත්තම් ගිනි පොලි කාරය බැංකුවක්ම අරන්.නැතිම එකා උනත් හැදුන.කාගෙ චන්දෙන්ද අපේ චන්දෙන්.ඉතින් ඒ අතින් අපි අමා පිනක් කරන් තියෙන්නෙ.තවුතිසාවට යන පිනක්.ආයි අප්පෙ මොකවත් නැති එකා ලොකු පොසතෙක් කරල දන කුවේරයෙක් කරල.
ඔන්න සති මාස ගනං ගිහින් උන් හැදෙනව රට කනව විකුණනව උන් හැදෙනව චන්දෙ දිපු අපි හිගා නොකා හිගා කනව.දිපු පොරොන්දු මලු ගනං හමස් පෙට්ටියට දාල වහනව. වෙලාව ආවම හමස් පෙට්ටිය ඇරල  මස් කට්ට දෙනව අපිට ලෙවකන්න අපි හැදුනද ?රට හැදුනද ? නෑ අපි කරේ ලෙව කෑම.
හරි එකා කියල අපි හිතල කතිරෙ ගැහුවෙම වැරදි උන්ට. පොරවල් හොයපු අපි මනුස්ස කම තියන මිනිස්සු පරාදකරා.උගත් බුද්ධිමත් මිනිස්සුන්ට අපේ කතිරෙ අපි ගහන්න බය උනා.ජාතියේ අවුල නෙවෙයි පොරක් හොයපු එක උනේ.පොර වගේ හිටපු උන්ව අපි පාරිලිමේන්තු යැවුව.උන් පොර පාට් එතනදි මැර පාට් වෙලා අන්තිමට බලු පාට් එකටම ඇදගෙන වැටුන.අපි කම්මුලේ අත තියාන අනේ අපොයි අපිට වෙච්ච දේ කියල මුලදි හිතල පස්සෙ රටට වෙච්ච විනාශයක් කියල බලාගත්තු අත බලාන උන්න.ඔන්න ඊලඟ චන්දෙ ආව ආයෙ අපි වෙනස් උනා කියල රටට අඬබෙර ගහල පොරක් හොයල පොරකට චන්දෙ දුන්න.ඉස්සෙල්ල හිටපු පොර ටිකක් අවුල් ඒත් ටිකක් හොඳයි.දැන් දීපු උන්දැ අපෙ අප්පේ රට කරනව කෙසේ වෙතත් ඌට කොර ගන්නවත් බැරි හාදයෙක්.පොලො තලේ සුවඳ හදුනන කෙතේ කමතේ දුව පැනපු මේ පොර රට කොරන්න පටන් ගත්තම තමා තේරුනේ රට කරනව තියා සකලයන් හඹාලවත් නෑ කියල ආයිබොවන්.
තව පොරවල් මේ රටේ එක එක කාලෙට පහල උනා.ජාතියේ පිනටද මන්ද උන්ගෙ පිනටද මන්ද ? කුරහන් තලපෙ කාල නව වදුලු වල කරක් ගහපු උඩු රුවුල් කාරයෝ උනත් රට කරා. අනුන්ට කෙසේ වෙතත් තමන්ට නම් කර ගත්ත.වපුරපු බිජ අස්වැන්න තමාම කපාලා පාගලා තම අටුකොටු පුරෝ ගත්ත මේ හදය මුලු පවුල් සනුහරේම ගොඩ ගත්තු ජාතික විරයෙක් කියල නම් කියන්න ඕනෙ.නව නලු රස උපරිම තිබ්බ මේ හාදය රැගුමට හපනා.වෙලාවකට ලමයි ඉඹිනව ගෑනුනගෙ අත අල්ලනව ජාතියේ පියතුමා වෙලා උන්න.ඊට පස්සෙ තමන්ගෙම පැත්තෙ එකෙක් පනපිටින් ඒ උත්තමයව වැලලුව අප්පච්චි මලා කියල.
මේ චන්ද කාලෙ ආයෙ ඇවිත් පොරවල් බිහිවෙන කාලෙ.කෙතේ කමතේ ඇලේ දොලේ මඩකරි අල්ලපු උන්දැලට ආයෙ දීල වරේගෙ නහ ගන්න නම් ඕන් ආයිබෝවන් මං කැමති නෑ.පොරවල් හදපු හදන පවුලට බෙදන හැදි තමන්ගෙ සාක්කුවේ දාල මේ හිඟා කාගෙන ගෙදරට එන බයිල වෙද්දුන්ට ආයෙ ඔන්න මං නම් චන්දෙ දෙන්නෙ නෑ.
එක එක රජවරුන්ට දාව උපන් යකඩ දෝලි රන්දෝලි දරු මුනුපුරෝ කියල එන පොරවල් වලට නම් මං චන්දෙ දෙන්නෙ නෑ.මොකද උන් රජ්ජුරුවන්ට දාව ඉපදුනාට මහ හොරු නැත්තම් අපිටත් වඩා හිඟන හැත්ත.
රවනාගෙන් පැවතගෙන එන ලන්දේසි ඉන්ග්රීසේ නම් දාගත්තු උන්දැල උනත් දසරාජ ධර්මයෙන් පාලනේ කරනව කියල අඬබෙර පලල පස්සෙ එකාධිපතියටත් එහා ගිය පිස්සු වැඩ කරන කොට හිතෙනව ආපි පත් කර ගත්තු ගන්ධබ්බ ප්‍රානිය උනහපුලුවෙක් කියල.
මොනව නැතත් ඉස්සර ජනාධිපති වෙන්න යම් යම් සුදුසුකම් සපුරන්න ඕන සින් එකක් තිබ්බ.රජ වෙන්නත් ඉස්සර පොඩි පරීක්ශන තිබ්බලු.ඒව දැන් අදාලම නෑ.මොකද නාට්ටාමිල මස් කඩ කාරයො කසිප්පු කාරයො කුඩු කාරයො මහ මොල කරුවො වගේ රඟල රඟල බාල්දුම කරනව ඒ ජනාධිපති කම.
පෙලක් උන්දැල එන්නෙ රට හදන්න.පෙලක් උන්දැල කොල්ලො කුරුට්ටො අන්දල එවනව රට හදන්න.රට පැනල හැංගිලා ඉඳල චන්ද කාලෙට එලි බහින සමහර ජාතික විරයො දියසෙන් මහසෙන් රජවරුන්ගෙත් නම් පාවිච්චි කරල රජ වෙන්න දඟලන අපුරුව මහජන වෙච්ච අපිට හිනා යන කාරනයක් වෙලා ඉතින්.ජනපති කෝලම උනත් අනුන්ගෙ කේලමට රුවටිච්ච තරමටම පහලට බැහැපු එක රටේ අවාසනාවද වාසනාවද කියල හිතල බලන්න ඕන කාරනාවක් වෙලා.චන්ද දායකය ගොනාට අන්දල චන්ද ගන්න දඟලන පෙලක් ඈයො හිතන්නෙ මහජනය අමූ මැට්ටො කියල.අහුවෙනවද අහුවෙලාද කියල ඔය බුකියෙ උන්දැලට කඩේ යන අය තමන්ගෙන්ම අහ ගත්තොත් තමා හොඳ..ඔය පෝස්ට් දාන්න කලින්...මං මොඩය නම් උන් හිතන් ඉන්නව අනික් උනුත් මෝඩයො කියල.උන් චන්දෙ අරන් උන්ට කර ගන්නව අපිට වෙච්ච ලබ්බක් නෑ.ඒ නිසා අපේ වැඩක් බලාගෙන ඉන්න එක තමා හොඳ.මේ සැරේ හරියට හිතල දෙපාරක් තුන්පාරක් නෙවෙයි සියපාරක් කතිරෙ ගැහුවොත් තමා රට ඉස්සරහට යනවද මෙතනම තියනවද පස්සට යනවද කියල තීරනය කරන්න වෙන්නෙ.විර ධීර මාර පුරුශයන් පුම්බන පිම්බිල්ල කොහෙන් කෙලවර වෙයිද දන්නෑ.හැබැයේ ඒ විර ධීර මාර පුරුශයෝ මහ පුටුවට පත් කරන එක නම් හිතල බලල තිරනය කරල හරිම තීරනේ අරන් කරන එක තමා වඩා හොඳ....






......දුකා..........

No comments:

Post a Comment

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...