Wednesday, September 11, 2019

සුදුසුකම්.......දෙවන දිගහැරුම

දෙවන දිගහැරුම

සුදුසුකම්.......



මුලින්ම කියන්න ඕනෙ මං සිහල රටේ පුරවැසියෙක්.මට හිමි වගකිම තමා මං මේ ඉටු කරන්නෙ.මං වගේ තව බොහො දෙනෙක් ඉන්නව.නොදන්න දේ හොයන කියන.ඒ අයගෙන් මං එක් අයෙක් පමනයි.මට තිබ්බ උනක්.දරුනුවට වැලදුනු උනක්.ඉතිහාසය පිලිබඳව.අපේ ඉතිහාසය පිලිබඳව හදාරන්න උනක්.අපේ අක්මුල් හොයාගෙන යන්න තියෙන උනක්.ඔයාලටත් තියන නිසා තමා මං ගැන මේ ඉස්සෙල්ල කියපු කරුනු ගැන ඔයාල හොයන්න මහන්සි උනේ.මෙතනදි තව දෙයක් කියන්න ඕනෙ අපි හැමෝටම තියනව අතීතය ගැන හොයන්න උනක්.පෙලක් අය තාප්පෙට කන තියාන එහා ගෙදර වෙන්නෙ මොනවද කියල හොයනව වගේ රබර් ඇහැ දානව වගේ ඔයාලටත් තියනව හොයන්න උනක්.ඒ අපේ හැටි.මොකද අපි ඒ කාලෙ ඉඳන්ම හොයන උන් නැත්තම් තාම අපි කැලේ.ගල්ලෙන් වල.ගල්ලෙනෙන් එලියට ඇවිත් මේ තරම් දියුනු සමාජයක් බිහි කර ගත්තෙත් වැඩ ලේසි කර ගන්න එක එක උපකරන සොයා ගත්තෙත් අපිට තියන වෙනස් විමේ ආශාව වගේම අධික හෙවිල්ල නිසාම තමා.ඒ වගේ තමා මටත් පොඩි කාලෙ තිබ්බ හොයන්න අතීතය.දැන් කියාවි ඉතිහාසය කන්නද කියල.ඔවු ඉතිහාසය කන්නත් පුලුවන්.කාල හොඳට දිරව ගත්ත නම් ඔයාල හැදිල මේ වෙනකොට.පිට රටවල් වල ඉතිහාසය කීයන විශය පිලිබඳව ලොකු තැනක් දීල තියනව රජයන් වලින්. ඒකට හේතුවක් තියනව රටේ ජනතාවට ඉන්න හිතෙන රටක් හදන්නෙ මේ ඉතිහාසයෙන්.ඒ වගේම පොඩි මොරාල් එකක් එනව අතීත මුතුන් මිත්තන් කරපු වැඩ ගැන හිතුවම ඇහුවහම. ඕන කෙනෙක්ට.අනික තමා ආත්ම අභිමානය.ඒක නැතුව රටට ආදරේ කරන පුරවැසියො හදන්න බෑ.අතිතය තමා වර්තමනය හැඩ කරන්නෙ කියල කතාවක් තියනව.එහෙම කියන්නෙ අතීතයේ කරපු සමහරක් වැරදි අනාගතේ නොවෙන්න වග බලා ගන්නව කියන කරනාව තමා එයින් කියවෙන්නෙ.
උදාහරනයක් ගත්තොත් සුනාමිය ආව දහස් ගනනක් බිලි උනා මුහුදු රකුසාට. ඒ සුනාමිය දැන් ආවොත් අපි දන්නව කරන්න ඕන දේ.ආරක්ෂන පද්දතියක් සකසල තියනව ජනතාවට දැනුම් දෙන්න.අතීතයෙන් තමා ඒ දැනුම ආවෙ.විහාර මහදේවි කතා පුවත ඔබ අහල ඇති මුහුද ගොඩ ගැලීම අපි හිතුවෙ නෑ ඒක කතාවක් පමනයි කියල පැත්තකට දාල තිබ්බ. ඒත් ඒක උනා.විහාර මහදේවිය මුහුදට බිලි කිරිම කියල දෙයක් අපි දැනගන හිටියෙ ඒත් කැලණිතිස්ස රජතුමා තම දුවනියට අපමන ආදරය කල නිසා ගොඩබිමේ නොතියා නැවු නංවා දියඹට පිටත් කරා කියන එක හිතන්න බැරිද..අනේ දැන් ඉතින් කියාවි සත් සිතින් කල දේට මූ වෙනම අර්ථකතනයක් දෙන්න දඟලනව කියල.හිතේ උපදින දේ ලියල තියන එක තමා මගෙ වැඩේ.මොකද කවද හරි සෙල්ලිපියක් මතු උනොත් මහ පොලොවෙන්."කැලණිතිස්ස රජතෙම තම දෝනිය ඌ විහාරමහදේවියට ඇති අධික ආදරය නිසා මුහුද ගොඩ ගැලීම නිසා විනාශය දැක දෝනියවූ ඈ මහ මුහුදට පිටත් කල බව...."ගොඩබිමට වඩා ආරක්ශිතයිලු සුනාමි එනකොට මුහුද ඒක නොදැන සිටියා කියල හිතන්න පුලුවන්ද අතීත මුතුන් මිත්තන්.


කලා උපාධියට මං හැදෑරුවෙ පුරාවිද්‍යාව, සමාජ විදයාව හා ජනසන්නිවේදනය.වැඩිදුර පුරාවිදයා උරුමය පිලිබඳව ඩිප්ලෝමාවකුත් හැදෑරුව. මගේ මූලික විශය වන්නෙ පුරා විදයාව අනෙකුත් විශයන් ඒකට සමගාමිව යන විශයන් කිහිපයක්. මොකද සමාජ විද්‍යාව තමා විද්‍යාවන්ගේ රජු.ඒ කියන්නෙ යාන්ත්‍ර විද්‍යාවත් ඒකට යටත්.මිනිසා වෙනුවෙන් තමා මේ විද්‍යා සියල්ල බිහි වෙලා තියෙන්නෙ.සමාජය පිලිබඳව හැදෑරිම තමා සමාජ විද්‍යාවෙන් කරන්නෙ.අතීත සමාජය කෙසේ විද වර්තමාන සමාජය කෙසේ විද අනාගත සමාජය කෙසේ වෙයිද යන්න තමා සමාජ විද්‍යාවෙන් නිර්ණය කරන්නෙ.මේ විශය හදාරන අය පිලිබඳව රටේ තැනක් නෑ.මොකද හුදු විශයක් විදිහට තමා සමාජ විදයාව හදුන්වන්නෙ ඒත් ඒකෙන් වෙන සේවය ඉතා විශාලයි.ඔය ප්රතිපත්ති තීරන ගන්න පාර්ලිමේන්තුව වගේ ආයතන වල ඇත්තටම සමාජ විදයාව ඉගනගත් පිරිසක් ඉන්න ඕනෙ කියන එකයි මගෙ මතය.අවුලක් ආවම නීති හදන්න දඟලන ඒ ආයතන අවුලට මුක්කුව කියල නිති හදන්නෙ ඒත් සමාජ විදයාව හදාරන කෙනා අතිතයේ මෙසේ විද වර්ථමානයේ මෙසේ වුයේ ඇයි අනාගතේ මේ අවුල කොතෙක් දුරට වෙනස් ස්වරූපයකින් පෙනෙයිද කියල බලල වාර්ථාවක් දුන්නෙත් අනාගතයටත් සරිලන නිතියක් කෙටුම්පතක් හදාගන්න පුලුවන් වේවි කියන අදහස මට තියනව.සමාජයේ වෙනස් කම තමයි ෂමාජ විදයාව විශයෙන් පිලිබිබු කරන්නෙ.ඉතින් පුරා විද්‍යාව සමාජයේ අතීතය සොයන විශයක් ඒක ලිඛිත ශාක්ෂි මත,අලිඛිත ශාක්ෂි මත ඒ කියන්නෙ කට කතා ජන කතා වගේ දේවල් වගේම ද්‍රව්‍යය මය සාක්ෂි මත පදනම් වු විශයක්.ඒ කියන්නෙ නානක විද්‍යාව ඒ කියන්නෙ කාසි විද්‍යාව මත සෙල්ලිපි ශාක්ෂි මත හා මිනිසා නිර්මානය කෙරු දේ මත වගේම ශාක විද්‍යාව මත වගේම නොයෙක් නූතන විද්‍යාවන් මත පදනම් වු විශයක්. ඒ කියන්නෙ විද්‍යාවන් ගනනාවක් පුරා විද්‍යාව සමග සම්බන්ධයි කියන්න පුලුවන්.පුරා විදයාව කියන්නෙ විදයාවන්ගෙ එකතුවක්.ඉතින් ඒ වගේම මං ආස කරා ජන සන්නිවේදනයට.පුරා විද්‍යාව මගේ මූලික විශය නම් ඒව මිනිස්සුන්ට ගෙන යාමේ වාහකය තමා ජන සන්නිවේදනය ඒව අපි ලඟ පමනක් තිබුනාට වැඩක් නෑ.ජන ගත කරන්න ඕනෙ.නවමු දැනුම සම්පාදනය වගේම ඒව සාමාන්‍ය මිනිසාත් දැනගත යුතුයි.එතකොට තමා ශක්තිමත් හා බුද්ධිමත් ජනතාවක් ගොඩ නගන්න පුලුවන්.රටට ආදරය කරන දරු පරපුරක් හදන්න පුලුවන්.එතකොටයි අනාගතය ලස්සන කරන්න පුලුවන්. මේ කර කර ඉන්නෙත් ඒ වැඩේ.ඇත්තටම මං රැකියාව විදිහට ජනමාධ්‍යය හා සම්බන්ධයි.ඒත් අද පවතින ජනමාධ්‍යය භාවිතය ගැන සලකතොත් ඉතිහාසය පුරා විද්‍යා විශයේ සොයාගත් නව දැනුම ජනමාධ්‍යය ආයතන වලට එතරම් වැඩක් නෑ.ඔවුන්ට තියනව රට කොටවන වැඩ දේශපාලන පොර පිටි පෞද්ගලික ඕනෑ එපාකම්.රටට හෙන ගැහුවත් ඔවුන්ගේ මඩි පිරවෙනවා නම් එතනින් එහාට ඔවුන්ගේ කාර්යභාරය එච්චරයි.ඒත් මා ඉගන ගත් ජනමාධ්‍යය එසේ නොවුනත් මා හට තර්ක කල නොහැකියි.මා මුල් කාලයේ කොතරම් අතීතය පිලිබඳ යම් වැඩසටහනක් කරමු යැයි ඇවිටිලි කරත් ඒව ගඟට දැමූ ඉනි වලටත් වඩා වේගයෙන් ගඟ පහලට ගසා ගියේ රට ජනයා ඔවුන්ට එතරම් වැඩක් නැති නිසා වන්නට ඇති.ඒත් මා ඉගෙනගත් දෙය ජනයාට පෙන්විමට දැනුවත් කිරිමට මේ ක්රමය සොයා ගැනීම මාගේ හිතේ පවතින ජාතික වගකීම ඉටුකොට රටට ආදරය කරනා පුර වැසියෙක් ලෙස සිහලරට මහ පොලොවට පස් විමට මා හට රුකුලක් වනු ඇති.මා දුප්පත් මිනිසුන්ගේ බදු මුදලින් ඉගන ගත් නිසා මා ඔවුන්ට කල යුතු කාර්යභාරයක් ඇති බව තදින්ම විශ්වාස කරමි.තවද මා ඉගනගත් දේවලින් පිට රට ගොස් දැනුම ඔවුන්ට විකුනනවාට වඩා මා වෙනුවෙන් දහඩිය කදුලු වැපිරු සිහලරට පුරවැසියාට මා උකහා ගත් දැනුම දෙන්නෙමු. මා පොත පත කියවා විටෙක පුස්තකාල වල පැය ගනන් වෙහෙස වී සොයා ගත් දැනුම මහාචාර්ය වරුන්ගේ නොයෙක් දේශකයන්ගේ කතිකා අසා දැනගත් දැනුමත් විටෙක අන්තර්ජාලය ඔස්සේ හොයා ගත් දැනුමත් එක්කොට යම් කතිකාවතක් ගොඩ නැගිය හැකිනම් එය මා ලැබු ජයග්‍රහනයක් වනු ඇත.එය ජාතික වගකිමක් ලෙස මා සිතන්නෙ නොදානුවත් පිරිස දැනුමෙන් පරිපුරනත්වයට පත් කල හොත් මේ සියල්ලට විසදුම විනය ජාතික හැගිම ඔස්සේ රට ඉදිරියට යයි යන්න මා දැඩිලෙස එල්බගත් කරුනක් නිසාය.


පෙලක් ඉතිහාසගත කරුනු අප ඉගෙනගත් පොත පත තුල තියනව.තවත් දේවල් තියනව අපි ඉගනගන්නා ආගම මත ඒ වගේම කට කතා ජන කතා ගත තොරතුරුත් තියනව.අපි කොහොමද මේ තොරතුරුත් සමඟ ශාක්ෂිගත ඉතිහාසයක් සකසන්නෙ ඒ ඉතිහස ගත තොරතුරු වල නිවැරදි තාව සකසන්නෙ ඒක තමා මේ කරන්නෙ. අන්න එතනදි තමා පුරාවිද්‍යා විශය අවශ්‍ය වෙන්නෙ.නිවැරදි අතීතයක් ගොඩ නැගීම.ලොවක් පිලිගත් ශාක්ෂි ගත ඉතිහාසයක් ගොඩ නැගීම තමා මුලික පරමාර්ථ වෙන්නෙ.ඒකයි මේ කරන්න හදන්නෙ.

විටෙක පැරනි ඉතිහාසය පුරා විද්‍යාත්මක ශාක්ෂි මාන සමාජය තුල සමාජ විද්‍යාව ඔස්සේ තිබේද යන්න සොයා බලමින් මා කල පරේක්ශන මෙහිදි වැදගත් වන බවත් එය ලියා තබන බවත් මෙහිදි සඳහන් කල යුතුය. නොයෙක් නොයෙක් සමාජ ක්‍රම තුල ජනයා තුල අදද පෙලක් සිහල රටේ සිරිත් විරිත් යාතු කර්ම පිලිබඳ තොරතුරු මෙහිදි ශාක්ශි වශයෙන් මා ලිපි මාලාව තුල ඇතුලත් කරන්නට පුලුවන්.එයට උදාහරනයක් දෙන්නම්


 බුලත් විට අතීතයේ සිට පැවතගෙන එන කෑමක්.රජ දවස බුලත් සපයන්න පවා කට්ටිය ඉඳල තියනව බුලත් යෝධයාගේ කතාව හොයල බලන්න.අද වන විට තරුන අයත් කනව.මුලදි හුනු දුංකල මේ විට සඳහා නැති දෙයක්.බුලත් පුවක් සාදික්කා වසාවාසි ඉගුරුපියලි කොත්තමල්ලි සූදුරු කරාබු නැටි  තමා විට භාවිතා කරල තියෙන්නෙ.ඇත්තටම විට කෑවෙ ඇයි.දැන් උන් චුයින්ගම් කන්නෙ ඇයි.ඔය වැඩ කරන අය සහ ක්‍රිඩකයන් තමා විශාල වශයෙන් ඕව කන්නෙ.ඔවුන් කරන වැඩ වලට අවශ්‍යය ඔක්සිජන් වැඩි ප්‍රමානයක් ලබා ගැනිම තමා චුයින්ගම් හැපීමෙන් කරන්නෙ ඒ වගේ තමා විටත්.හෙළයා මේ විටෙකත් කන්නෙ ගොවිතැනේදී අධික ලෙස ඔක්සිජන් අවශ්‍යය නිසා. තව කාරනාවක් තිබ්බ ඔවුන්ගේ කට ගොරෝසු කර ගන්නත් විට භාවිතා කරා සකලයන් හැඹිම ඒ කියන්නෙ ගොවි තැනකදි එන කුරුල්ලන් එලවන්න වන සතුන් එලවන්න ඔවුන්ට කෑ ගසන්න ඕන උනා මේ විට වලින් කට හඬ ගොරෝසු කරන ශබ්දය පිට කරන ගතියක් වර්ධනය කරන්න පුලුවන් උනා.මෙහෙම හිතේ පවතින දේකුත් විට සම්බන්ධව තියනව.ඒකත් කියන්නම් ඉස්සර මිනිසා උනත් පොතු කොල කාල තියනව සභහර විට මේ පොතු කොල කන්නට ඇති රෝග සඳහා තවත් විටක මේ කොල පොතු කන්නට ඇති භාශනයේ පහසුව සඳහා.ස්වරාලය සමනය කිරිම සඳහා.සූකිරි,ඉගුරු, මි පැනි පිලේබඳව සලකල බලතොත් ඒකම තමා මිනිස්සු කන්නෙ.ඔය විට හාමුදුරු වරු කනව සියල්ල දාල ශබ්ධය හදා ගන්න පාලි ගාථා නිසි ඝන පේහිටවා උච්චාරනයට තමා ඒව කන්නෙ.ඉංග්රිසි කියන්න බැරි වෙයි විට කෑවොත් අපේ පැරැන්නො කියපු කතාවක්.දියාරු ශබ්ධය සහ ලෙහෙසි භාශාවක් ඉංග්රිසි හැමෝටම අල්ලගන්න පුලුවන්. ඒත් සිහල බස එහෙම නෑ ඉතින් විට කාල හදා ගත්තු කටට සිහල බස මුමුනන්න පුලුවන් උනා ඒත් වෙනස හොඳටම තේරුනා වන්නට පුලුවන් ඉංග්රිසි බස හසුරනකොට.ඒ වගේම කට තමා බලපාන්නෙ ශරීර සෞඛ්‍ය හරි මගට ගන්න.අපි අදත් කන දේ තමා පරහට හිටින්නේ ගොඩක් රෝග වලට මේ කුළුබඩු දාල කනකොට කට තුල තියන විෂබීජ හරණය කරන හැකියාවක් තිබ්බ.අනික ඔය අපි දැන් පාවිචිචි කරන දත් බෙහෙත් වල තියනව නේද කැල්සියම් ඇවිත් දතේ කුහර පුරවනවා කියල පෙන්නන රූප.ඇත්තටම ඒක වෙනවද කියල හොයල බලන්න එක තමා ඔයා මුලින්ම කරන්න ඕනෙ.එලියෙන් එන කැල්සියම් වලින් දත් වලි හිල් පිරෙන්නට නෑ කියල තමා ඉතින් කියන්න තියෙන්නෙ.දත් වල කුහර පිරෙන්නට ඇඟ ඇතුලෙන් කැල්සියම් එන්න ඕනෙ.හැබැයි මේ විට වලදි කුහර හැදිල තියනවනම් කහට නිසා කටේ කුහර වලට පැලැස්තරයක් දානව.මෙතනදි ඉස්සර පොඩි කාලෙදි තුවාල කර ගත්තම අච්චි අම්ම කියනව කොපි දලුයි අමු කහයි තලල තිබ්බනම් හරි කියල.කහ හොඳ විශබීජ නාශකයක් ඒ වගේම කෝපි දල්ලෙ කහට අධිකයි.මෙතනදි වෙන්නෙ කහ වලින් තුවාල තුල ඇති විශබීජ හරනය කරන එක ඒ වගේම කෝපි දල්ල කහට පිපිල පැලැස්තරයක් දානව.දැන් ඈයො බයයි ඕව කරන්න.ඒත් අතීතයේ මිනිස්සු අත් බෙහෙත් දැනන් හිටිය.ඒව කටින් කට ආපු දේවල්.අපි එක පාරම ඒව අපෙන් ඈත් කරා.ඒ වගේ දෙයක් විට කහට වලින් වෙනව ඇති.

ඒ වගේම සැපිම නිසා දත් විදුරු මස හයි වෙනව. මෙතනදි ආදි මානව දත් වලත් කහට ගස් කෑව කියල ඛතාවක් තියනව මුඛ සෞඛය සඳහා.පිකින් මානව උදාහරනයක් විදිහට ගන්න පුලුවන්.එතනදි තවත් ලොකු වෙන්නෙ නෑ කුහර විෂබීජ නසන ගුණයක් සහ කට සුවඳ කරන ගුණයක් තියනව එනසාල් කරාබු නැටි වල.මෙතනදි කියන්න දෙයක් තියනව තවත් ඕනවට වඩා ඕනම දෙයක් ඕනෙ නෑ කියල.මොකද විට ගොඩක් කනව නම් ඒකෙන් පිලිකා වගේ දේවල් එන්න පුලුවන් කියන අදහසත් මෙහිදී පෙන්වා දෙන්න ඕනෙ.මොකද ඒක නවින වෙදකමේ තියනව.ඒ ගැනත් සැලකිලිමත් වන්න.

බුලත් වල වටිනාකම .......



උපුටා ගැනීමක් මේ ........(පහල කොටස )

(බුලත් කොළවල ඇස්පාටික් අම්ලය, ලයිසීන්, ග්ලූටමික් අම්ලය, ප්‍රෝලින්, වේලින්, ලියුසීන්, අයිසො ලියුසීන් මෙතියොනින්, ත්‍රියෝනින් යන ඇමයිනෝ අම්ල ද පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, මැංගනීස්, කොපර්, සින්ක් සහ යකඩ ද අඩංගුය. එසේම බුලත්වල අඩංගු ඉයුජිනෝල්, චවි බිටෝල්, පීනෝල් නිසා බුලත් කොළවල ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති වේ. මේවා බුලත් කොළවල ඇති ප්‍රධාන ක්‍රියාකාරී රසායනික සංයෝග වේ.

ඒ නිසා ශරීරයේ නිපදවෙන ඔක්සිකාරක මුක්ත ඛණ්ඩ ඉවත් කර ශරීරය නිරෝගී කිරීමේ හැකියාව බුලත් කොළවල ඇත. ඒ නිසා පිළිකා වැළැක්වීම, දියවැඩියාව වැළැක්වීම, හෘද වස්තුව ආරක්ෂා කිරීම, අක්මාව සහ ආහාර මාර්ග පද්ධතිය ආරක්ෂා කිරීම, මුත්‍රා ආබාධ සුව කිරීම, විෂබීජ නාශනය, ප්‍රතිප්‍රදාහ ගුණය සහ කැස්ස සමනය කිරීම වැනි ඖෂධීය ගුණාංග රාශියක් බුලත් කොළවල අඩංගු වේ.

ඉහත රසායනික සංයුතිය සැලකූ විට පෙනී යන ප්‍රධාන කාරණය වන්නේ බුලත් කොළවල පිළිකා කාරක කිසිවක් අඩංගු වී නැති බවය. බුලත්වල අඩංගු වන්නේ පිළිකා නාශකය‍. නමුත් දුම්කොළවල රසායනික සංයුතිය සැලකීමේදී පෙනී යන්නේ එහි පිළිකා කාරක අඩංගු වන බවයි.( මේ දුම්කොල සහ හුනු ආවෙ සුද්දගෙ කාලෙ කියලයි කියන්න තියෙන්නෙ )

දුම්කොළවල පිළිකා කාරක නයිට්‍රෝ සංයෝග බොහෝමයක් අඩංගුය. එනම් නයිට්‍රෝයෝ පිපෙරතීන්, නයිට්‍රෝසෝ නිකොටීන්, නයිට්‍රෝසෝ ප්‍රෝලීන්, නයිට්‍රෝසෝ ඩයිඑතැනොනලැමීන් යන නයිට්‍රෝ සංයෝග දුම්කොළවල අන්තර්ගත ය. මේවා පූර්ව පිළිකා සංයෝග වේ.

බුලත්වල අඩංගු Piper betol, Piperol A, Piperol B වැනි සංයෝග රුධිර පට්ටිකාවල Platelet aggregation නම් ක්‍රියාවලිය නිෂේධනය කරයි. එයින් රුධිර කැටි ඇති වීම වළක්වයි. ඒ නිසා හෘදයාබාධ ඇති වීම වළක්වයි. බුලත්වල ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ හැකියාව ඇත.

අක්මාව ආරක්ෂා කිරීමේ හැකියාව ඇත. ශරීර උෂ්ණත්වය පාලනය කරයි. බුලත්වල නිර්වින්දන ගුණ ඇත. බුලත් නිසා මානසික පීඩනය අඩු කෙරේ. මේ අනුව බුලත් යනු මහඟු ඖෂධයකි.

( මෙහෙම තිබ්බ එක්තරා ලිපියක සොයා බලා තීරනය කරන්න.උපුටා ගැනීම අවසානයි)

අදත් කරාබු නැටි දත් බෙහෙත් වලට දාන්නෙ ඒකයි.අපේ උන්ට වටීන්නෙ රටින් එන ලොකු ලොකු නම්නෙ.ක්ලෝරයීඩ් තියන ඒව කියල කියායි නැති ඒව කියයි.ඔය දත් බෙහෙත් කනවනම් ඔය කැල්සියම් ක්ලෝරයිඩ් උරා ගනී.නැතුව ඒවයෙන් දත් මැද්දට වැඩක් වෙයි කියල නම් ඉතින් කියන්න දන්නෙ නෑ මං.අනේක ආසාධනය හරණය කරනව මේ ස්වභාවිකව බෙහෙත් නිසා.කට පරිස්සං කර ගන්න තමා අතීතයේ මිනිස්සු බලුවෙ.මොකද හොඳටත් කට නරකටත් කට කියල ඔවුන් දැනගෙන හිටිය. ඔයාල දැන් දත්ත මදින දත් බෙහෙත් කෑවොත් නම් කැල්සියම් උරාගෙන දත්ත කුහරය සනීප වෙයි.අනික තමා බුලත් තියන චර්ම රෝග නසන ගුණය.මෙහිදි කැලේ කොලේ ඇවිදින අතිත හෙළයා වෙලාවකට කටු පදුරු වලට කපා ගත්ත විසබීජ හරනය කරන ගුනයක් බුලත් වල ඇති නිසා සහ චර්ම රෝග වලට හොඳ නිසා ඒ චර්ම ප්‍රකුර්ති කරන්න එය උදවු උනා.මෙතනදි කොටල වන දද කුශ්ඨ වලට ගාන්නට ඇති බුලත්.අද වන විට අපිට බුලත් අගය නැති උනත් පිට රටවල් වලින් එන චර්මය සඳහා ආලේපන වල බුලත් යුශ අන්තර් ගත වෙලා තියනව කියල ඔබ නොදන්නවා ඇති.අපිට නැති උන දේ ඕව.අපේ දේ අපි පිට රටට දුන්න.



අපි උන්ගෙන් සල්ලි වලට ගත්ත අපේම දේ.මේ තත්වය නැති කරන්න තමා මේ ලිපි ලියන්නෙ.

විටෙක ජන සන්නිවේදන ගත තොරතුරුත් ප්‍රාදේශිය භාශාවෙහි නොනැසි පවතින පැරනි ජන වහරද මෙහිදි පෙන්වා දෙන්නනෙ සිහල රට සිහලුන් එක ජාතියක එක රටක අයවලුන් යැයි පෙන්නීමටයි.

තවත් කරුනක් නම් කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වරුන් වන මාලිංග අමරසේකර, උදාහෙට්ටිගේ මහාචාර්ය තුමියත් ප්‍රිශාන්ත ගුනවර්ධන මහාචාර්ය තුමාත්, මහාචාර්ය අමරසේකර මහතාත්   පශ්චාත් උපාධි අංශයේ රාජ් සෝමදේව මහාචාර්ය තුමාත් මෙහිදි මගේ ඇස් පෑදූ බව සඳහන් කල යුතුයි.තවද ඔවුන් අදත් තම ජාතික කර්තව්‍යය කෑලෑ කොලේ ඇවිදිමින් පස පෙරලමින් කරනු ලබන්නේ වැලලුනු ඉතිහාසයේ නිම් වලලු පුලුල් කිරිමේ අදහසිනි.එසේම සිහලරට ප්‍රෞඩ උරුමයක් අපහට දායාද කිරිමේ අදහසිනි.තවද මා හට නියත විවරන දුන් පොඩ් සර් සහ ලොකු සර් මා ආදරයෙන් මතක් කරන්නේය.ඔවුන්ගේ නම ලොකු සර් සහ පොඩි සර්ය.තවත් මට ලොකු සර් ලා හමුවෙනු ඇත පොඩි සර්ලාද හමුවනු ඇත.ඔබද මා නොදන්නා කරුනු කියනු ඇත ඔබත් ලොකු හෝ පොඩි සර්ලාය.ඔවුන් මාගේ ඇස් නොපෑදුවා නම් මටත් රට ජාතිය ගැන කැක්කුමක් නොතිබෙන්නට තිබිනි.අවසන් වශයෙන් මා හා සැමදා එකට සිටි මගේ පුරාවිද්‍යා සනුහරය වු වලන් කට්ටන්ද මෙහිදි මතක් කල යුතුය.වල බහින විට මා හට නෝට් දුන්නේ ඔවුන්ය.මා වැටෙන විට අත දුන්නේ ඔවුන්ය.මා මාගේ ජාතික වගකිම හා මගේ වගකීම ඉටුකල යුතුය.සදොස් තැන් නිවාරදි කරන්නටත් නව දැනුම් පිපාසාවෙන් සිටින මා හට නවමු දැනුම ඔබ දත් දැනුම දෙන්නටත් මෙහිදි මම ඔබට ආරාධනා කරමි.තවද මා වැරදි නම් සෑදීමටත් යුතුකමක් ඔබට ඇත.ඒ ඔබ මහ සමාජය වන නිසාය.මම දන්නා දේට වඩා නොදන්නා දේ ඇති බව මා දනිමි.කතිකාවක් නිර්මානය කොට සමාජය දැනුමෙන් පෝෂනය වූ කල විනය සැදෙනු ඇත.සිහල රටේ අප සියල්ලෝම එකා වන්ව සිහල රටට ආදරය කල යුතු කාලය එලඹ ඇත.මෙහිදි මා වැරදි නම් නිවැරදි කිරිමටත් නව දැනුම ඇත්නම් මා දැනුවත් කරන්නටත් ඔබට හැකිය.
තවත් දෙයක් කීමට තිබේ මා කිසිදු සංගමයක නැත සේනා සංවිධාන මට අවශය නැත ආගමික සංවිධාන මට අවශ්‍යයය නැත.දේශපාලන පක්ශ අවශ්‍යයය නැත.ලේ යැයි කියාගත් සංවිධාන වලට මම නැත.පොත් පිලියල කොට විකුනන්නේද නැත.මා ඉගෙනගත් දෙය රැකියාවකට සුදුසුකමක් ලෙසම පමනක් මා සිතන්නේ නැත.මම තවත් අයෙකුගේ ඇස පෑදිය යුතුය.එය මගේ වගකීමද වනු ඇත.සිහල රට පුරවැසියෙක් ලෙස මාගේ යුතුකම පමනක් මා කරනු ඇත.

   achinthaishanwaththegama@gmail.com යන විද්‍යුත් ලිපිනයට ඔබගේ අදහස් දක්වන්නේ නම් එය අගය කොට සලකන අතරම.මාගේ දුකාගේ අඩවිය https://dukagekolama.blogspot.com/?m=1බ්ලෝග් ලිපිනයට මෙන්ම ishan wattagama මුහුනු පොතටත් තම අදහස් උදහස් පල කර හැකිය.තවද මේ ලිපි සියල්ල තවත් අයෙකු දානුමෙන් පෝශනය කරීම උදෙසා බෙදා හරින්නේ නම් එය ඔබ කරනා ජාතික වගකිමක් ලෙසත් ඔබගේ යුතුකම ලෙසත් මා සලකන්නේය. සිහල රටේ අප ජාති බේද ආගම් බේද නොමැති සිහලරට තනමු.අතිත සිහල රට නැවත නිර්මානය කොට අපගේ වගකීම අපි නිසි ලෙස ඉටු කරමු.උප නුපන් ජනයාට මෙය උපහාරයක්ම වේවා.


සිහල රටේ අපිට අතීත දැනුම අහිමි කලේ කවුද ඒ ගැන තෙවනි ලිපිය පසුවට කතා කරමු.

......දුකා.....
2019.09.11



No comments:

Post a Comment

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...