Saturday, October 12, 2024
වෙනස් මානයක්............
ලාංකිකයාගේ වර්තමාන කතාව..............
මම ලාංකිකයෙක්.මම බ්ලොග් එක පටන් ගත්තෙම මම සමාජයේ රටෙ දේශපාලනයෙ දැකපු වැරදි සමාජ ගත් කරන්න වගෙම වැරදි විවෙචනය කරන්න.මට අද හිතුනා අපිම නේද අපෙ රට ලොකය ඉදිරියෙ හෑල්ලු කරන්නෙ කියලා. ඒ නිසා මම හිතුව මා තුලින් වෙනසක් ඇති කර ගන්න.
මාධ්‍ය වෙදියෙකු ලෙස මා ආ ගමන මම වෙනස් විදියට හිතන මාධ්‍ය කරුවෙකු ලෙස වෙනස් වෙන්න මා අද සිට තීරණය කරා...මම හිතනවා මම රට වෙනුවෙන් කරන්න ඔනෙ ඒක කියලා.මම වෙනස් වෙනවා...සමහර විට රට වෙනස් වෙයි. ඇත්ත ඇති සැටියෙන් දකින එක වගෙම විවේචන පසෙක දාල අමුතු විදියට හිතන්න වගෙම බ්ලොග් අඩවියෙ අකුරු කරන්නත් මම හිතා ගත්තා.ඉතින් පාඨකයනි අපි වෙනස රස විදිමු....
පවත්නා දෙශපාලනය පිලිබඳ හැදින්වීමක්....
ගොඩාක් අය හිතන් විදියට සමාජවාදී රාජ්‍යක් අපෙ රටේ ඇති වෙලා තියනවා කියල කිවුවට ඇත්තටම මට ගැටලුවක් තියනවා පවත්නා රජය සමාජවාදීන්මද කියලා.ජනාධිපති තම ජාතිය ඇමතීමෙ කතාවෙ සමාජවාදි රාජ්‍යක් කියල කියපු නැති එක අවුලක් දො කියලත් වෙලාවකට හිතෙනවා.මෙතනදි අනරල සමාජවාදී මත තිබුණු කට්ටිය නමුත් රට රටවල් වලට යෑමත් සමග අනුර ගෙ දෙශපාලනය පරිනාමය වෙලාද කියන එකත් මොන කදවුරක් ද එතුමාගෙ පැතම කියලත් ඔහු කිව යුතුව තිබුනා.පෙඩරල්ද නව ලිබරල්වාදී ද සමාජවාදිද ඔහුට කියන්න තිබ්බා.මෙහෙම කියන එක වැදගත් වෙන්නෙ රටට එන ආයොජකයන්ට මොකද ඔවුන් මෙ රට වෙනුවෙන් ඈයොජනය කරන්නෙ ඔවුන්ගෙ වගෙම තවත් ඔහු පිලිබඳ ව විස්වාසය කරන ශෙයා හොල්ඩර්ස්ලගෙ සල්ලි.ආයොජකයා බැසිල් ඉන්නවා ශෙයා හොල්ඩර්ස්ලා සංතර්පනය කරන්න.අන්න එතනදි අපෙ රට පිලිගත් මගක යනවා කියන දෙය ප්‍රකාශ කරන්න ඔනෙ.ඒක කියන්න ඔනෙ අනුර සහොදරයම තමයි.
අනුර කූමාර තමයි ඉතින් අපි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ජනාධිපතිවරයා. ඒ නිසා රටක් විදියට එහි පුරවැසියො විදියට අපි පවත්නා රජයට සෙවිය කල යුතුයි.ඒ වගෙම මෙක අපි කාගෙත් රට.මම හිතනවා එහෙම වෙන්න ඔනෙ කියලා.ඇයි මම එහෙම කියන්නෙ ඔහුට තියෙන්නෙ සුලු බහුතරයක් කියලා කෙනෙක් තර්ක කරාවි නමුත් සහොදරයා සුළුතර උනත් ඔහු තමා මෙ මොහොතෙ ජනාධිපති.ඔවු මම පිළිගත්තා ඔහු ජනාධිපතිවරයා.ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදි ජනරජයේ ජනාධිපති අනුර මම ඔහු පිලි ගත්තා.
අනුර ප්‍රමුඛ පිරිස පිං ජනාධිපති ගෙදර යැවුවා...පෙලක් අය පිං ජනාධිපතිට නොසෑහෙන දොස් කිවුවත් මම හිතනවා ඔහු වැල් පාලමෙ ලංකික නම් දරුවා නිරුපද්‍රිතව රැගෙන ආවා.දැන් අයිති අනුර සහොදරයාගෙ සුරතට.මතවාදී ලෙස වෙනස් කම් ඇති.ඔහු සමහර විට හොරු යැයි පෙන්වා දුන් අයවලුන් ආරක්ෂා කරන්න ඇති ඒ නිසා ජනතාව ඔහු ප්‍රතික්ෂේප කරල තියනවා.දැන් කාටත්පකියන්න බැ නිතිය හමුවට ගෙනියන්න බෑ කියලා මොකද සුවහසක් ජනතාව බලපාන ඉන්නවා වෙනස් කම් කරනකම් නව ආණ්ඩුව..
අනුර ආ ගමන් මගෙ අමුත්ත...
ඇත්තටම පාරම්පරික දෙශපාලනය මතය ජනතාවට පොඩ්ඩක් නුරුසුසන ගතියක් ඇති වෙලා තිබුනෙ..දෙසිය විසි පහම එපා කියන මතයක් තමයි ජනතාවගෙ වෙනසටත් හෙතුව.හරි වෙනස් වෙන්න ඔනෙ කාලයක් මුල් බැසගෙන තිබු ලංකෙය දෙශපාලනය වෙනුවට ජනතාව මෙ සැරෙ වමට බලය දුන්නා.ඇත්තටම කියුවොත් අනුර ජනාධිපති විම ඉක්මන් වෙන්න හෙතුව මූලික වශයෙන්ම ඉහත ඇති තත්වය කියල මට හිතෙනවා. අනික් තමයි සිටි දෙශපාලකයො දැනෙන වැඩක් නොකිරිම...නැත්තම් කලා මාර්කටින් කරන්න බැරි වීම. සමහර විට මාධ්‍ය ඒ දෙශපාලන පක්ෂයට පුද්ගල චරිතයට කැමති නොවීම.නැතිනම් ජනතාවගෙ දෙශපාලනික පරිකල්පනය අවම වීම.මෙ මොනදෙ උනත් වෙන්න පුලූවන් දෙවල්..මෙ අකමැත්ත සමහර විට වෙනත් රටකින් වෙන්නත් පුලුවන් සමහර විට අසල් වැසි සමහර විට බලවත්.නමුත් මෙ එපා කිරිල්ල උන්ට දැනුනු බය නිසා වෙන්නත් පුලුවන්.උන්ට වැඩිය අපි උඩ ගියොත් එහෙම.
සීයා ආපු මග....
සීයා ඉක්මන් උනාදො කියලත් හිතෙනවා.රට පොඩ්ඩ පොඩ්ඩ නොදැනී ගොඩ ගත්තනම් එක අර ඉහත රටවල් වලට නොදැනෙන්න තිබ්බා.ඔය එක එක්කෙනා කියන විදියට ප්ලාන්ට් කරපු අයියල ජනාධිපතිවරනයට ඉල්ලන්න දාලා උන්ට වැඩිය අපෙ ජාතිය බලවත් කියන්න හදන නාඩගමක ප්‍රතිපලයක් විදියට සීයාට ගෙදර යාම ඉක්මන් කරා වගෙ දො කියලත් හිතෙනවා.මොනව උනත් ඉසෙඩ් ජෙන් එකත් රට පොඩ්ඩක් හරවන්න කටයුතු කලාය කියලත් හිතෙනවා.මුලින් අරගලය නිර්මානය කරන්ඩත් ඔය බලවත් රටක සල්ලි මලු හෙලවුනා කියලත් කියනවානෙ. මොනව උනත් මෙ අරගලෙට වගෙම සුළුතර බලයක් සහිත වීරයෙක් හදන්නත් සමාජ මාධ්‍ය කල මෙහෙවරත් අපූරු වැඩක් උනා.මොකද අරගලෙයි සුලුතරෙයි වැඩ කලෙ සමාජ මාධ්‍ය උපයොගී කර ගනිමින්.සමහර විට හිතලු වෙන්නත් පුලුවන්.ඒත සිතීමෙ නිදහස අකුරු කිරීමක් විතරයි මෙතන වෙන්නෙ.ඇත්තටම ලොක භාවිතාව පිළිබඳව සොයා බැලිමෙදී සමාජ මාධ්‍ය රටක් වට්ටන්න වගෙම රටක් නැගිට්ටුවන්නත් භාවිතා කරන අපූරු ටූල් එකක් වෙලා.
ජෙප්පෝ සහ අනුගාමිකයො....
සාමාන්‍යයෙන් බලය පවතින හො බලවත් වීම් කියන්නෙම අනුගිමිකයන් නිර්මානය කිරිම.අපි කැපුවත් කොල අපි කැපවත් නිල් අපි කැපුවත් රතු කියන මානසිකත්වය නම් තියෙන්නෙ ජනතාවගෙ මම හිතන්නෙ එක ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන්නෙ නෑ.මුලිකව රට ගැන අනාගතය ගැන හිතලා තාර්කිකව හිතලා කටයුතු කරන සමාජයක් තමයි ඕන වෙන්නෙ. නමුත් පැවතුන ක්‍රමය වෙනස් කිරීම තමයි වෙනස් උනෙ.පුද්ගල ප්‍රතිරූපය පදනම් වු කාරනා වලින් ඔබ්බට කොන්ක්‍රීට් කරපු රටට හිතකර ප්‍රතිපත්ති මත රට තියන තැන මෙතන රට ගමන් කල යුතුතේ මෙතනට කියන පොදු ඉලක්කයකට තමයි පක්ශ ප්‍රතිපත්ති තමයි නිර්මානය කල යුත්තේ.මෙතනදි ජනතාව වගෙම පකිශ ක්‍රයාකාරින් පවා එක මිටකට එන්න ඕනෙ.අන්න එතකොට තමයි රටක් උනත් දිශානතියකට ගෙන යන්න පුළුවන්.
රට විරුවෝ සහ රට හැදීමෙ ඇම්ම...
ගොඩක් පොඩ්ඩො වැඩ්ඩො අරගලයෙන් පස්සෙ රට හැරදා ගියා.ඉන්න හිතෙන් රටක් හදන්න ආපු අය ඉන්න බැරි වෙනකම්ම හපයක් කරාට පස්සෙ මේ රටෙ මොන යකෙකුටවත් ඉන්න බෑ කියන මතය ඇති කරපු සමාජයම ගොඩාකං රට විරුවො කරල රට පටවන්න උදවු කරා.මෙ රටෙ හිටියොත් අනාගතයක් නෑ කියන මතය තමයි සමාජයෙ මෙන්න මෙ හැරවුම් ලක්ෂ්‍යයට හෙතුව සාධක උනෙ.
මෙන්න මෙ ගිය පොරවල් ඒ රටවල් දෙස බලා මෙ රටවල් හැදෙන්න ඔනෙ විදිය ගැන සමාජ මාධ්‍ය හරහා ලොරි ටොක් දෙනකොට අපෙ පෙලක් උන් එහෙම වෙනස මෙහෙ ඇති කරන්න උත්සහ කරා. එතනදි යම් යම් ගැටීම් නොතිබුණාම නෙවෙයි.
තවත් රට විරුවො සෙට් එකක් ලංකාවෙ උන්ට තිබ්බ තැන ඒ ඒ රටවල් වලට නැති වෙනකොට උන්ට සංක්‍රමණික ලෙබලය වදිනකොට උන් හිතින් වැටිලා හිටියා.මෙන්න මෙ සෙට් එක මුහුණු පොතෙ රට හදන හැටි පන්ති කරෙ ඒ ඒ රටවල් වලට වඩා වෙගෙන් මෙ රට වෙනස් වෙන අපූරුව ඉවසන්න බැරිම තැන.උන්ට හිටපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ කියන මානසිකත්වය ගිහින් තිබ්බෙ...මෙවා තිත්ත ඇත්ත පොඩ්ඩක් හිතල මං බලන්න.
මාලිමා අතීතය සහ වර්තමානය....
මේ රට වෙනස් වෙන්න ඔනෙ දිශානතිය පෙන්නපු උන්දැල හැමදාම මයික් පලලා මිනිස්සු පාරට බස්සල දුප්පතා ගෙ හිතවතා වෙලා දුද අහල ලොරි ටොන් දුන්න පිරිසක් කියල සමාජයෙ කවුරු හරි කිවුවෙ නම් ඔන්න දැන් ඔවුන්ට බලය ගිහින් තියනවා රට වෙනත් දිශානතියකට වෙනස් කරන්න.ආර්ථික ඔස්තාර්ල දෙශපාලන ඔස්තාර්ලා මෙ ඔක්කොටම වැටිලා ඇඹරිලා තියන රට හරි ආකාරයෙන් වෙනස් කරන්න බලය ලැබීමම ප්‍රජාතන්ත්‍රවාදී හොද තත්වටක්.උගුර ලේ රහ වෙනකං මිනිසුන් ඉදිරියෙ රට අපිට දීපියො රට අපි හදලා පෙන්නනො කියල ඔවුන්ට පුලුවන් දෙ ඔවුන් කිවුවාට වගෙම කරන්න කාලෙත් දැන් ඔවුන්ට ඇවිත් කරලම පෙන්නන එක දිහා හුදී ජනයා බලන් ඉන්නවා...ණය නොවිය රට කරන අපූරුව වගෙම රට සුරපුරයක් කිරිමෙ වගකීමත් ඔවුන් මත පැටවිලා තියනවා.ඉදිරි පැය විසි හතර තුල කරනවා කියපු වෙනස් කම් නම් ඔවුන් මෙ වෙනකොට කරමින් යනවා. අපිට එක දැනෙමින් පවතිනවා.බිත්තරෙ ගැනවත් මුද්දරෙ ගැනවත් නෙවෙයි අපි හොයන්න ඕනෙ ඒව සීල්ලර වැඩ ඊට වඩා ටොන් දුන්න සහොදරයො මෙ රට ඒ විදියට හදාවි කියන විශ්වාසය තාම තඹ දොයිතුවකට වත් වෙනස් වෙලා නෑ.
බුරන බල්ලන් හීලෑ කර ගැනීම...
මාධ්‍ය තුලින් හෝ වෙවා කතිකාවක් තුලින් හෝ වෙවා අතීතයෙ පීඩිත පන්තියෙ ජනතාවගෙ මතවාද තමයි ඉහල පුටු වලට ගෙනිච්චෙ නමුත් දැන් වන විට සමාජ මාධ්‍ය තුලින් ඒ මත ඉතා වෙගයෙන් අවශ්‍ය තැන් වලට ජනතා මතවාද වෙනස් විය යුතු තැන් පිලිබඳව ගමන් කරන වටපිටාවක් ඇති වෙලා තියනවා. නමුත් අපෙ රටෙ ඒ මාධ්‍ය සදාචාරය කෙලෙසී යන ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවකි මෙහි කිව යුතුමයි. හැමොම තමන්ගෙ ගැටලු ප්‍රකාශ කිරිමට පොදු මාධ්‍යක් ලෙස සමාජ මාධ්‍යවල ඉඩකඩ තිබුනත් දෙශපාලන බත් බැලයන්ගෙ උඩු බිරිම නිසා ඒ මත යටපත් වී යනවා.
පවත්නා රජය යන ගමන් මග විවෙචනය කිරිම ඒ ගමන්මගක් සාධනීය හැරවුමක් ඇති කිරිමට ගන්නා වෙහෙස එක තැන ලොප් වීම දෙශපාලන බත් බැලයන් අතින් සිදුවෙනන බලවත් වැරැද්දක්.සමහර විට රට වෙනස් කරන්න ඕන තැන් පිලිබදව අදහස් පවත්නා ගැටලු වලට විසදුම් මෙ සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා.නමුත් වෙන්නෙ රජය අපහසුතාවට පත් කරන හරි මොඩයෙකු තත්වයට අර මම ඉහත කියු දෙශපාලන බත් බැලයන් ගෙ ලෙබල් කිරිම් වලට ඒ අය ගොදුරු වන එක.මෙතනසි වෙන්නෙ තිබිරි ගෙය තුලම අදහස මරමුවට පත් වීම.එතනදි දෙශපාලන පක්ෂ තම අනුගාමික ප්‍රජාව ජනතා මතයට රු කරනා දෙශපාලන ජිවින් කොටසක් ලෙස බල ගැන්වීම තමයි කල යුත්තෙ නමුත් ලංකාවෙ තත්වය එයට වෙනස් මාර්ගයක තමයි ගමන් කරන්නෙ.එය මොන ආන්ඩුවක් උනත් ගමන කෙටි කිරිමෙ අවියක් ලෙසම එන්නත් පුලුවන්.....
2024.10.12
දුකා....
Saturday, October 5, 2024
මයික් කන්නන්ගේ රටේ මොළ බද්ධ කිරීම
ලංකාවේ ජනතාවගේ දේශපාලන කියවීම පිලිබදව නැවත නැවතත් කියවිය යුතු වෙනස් වන සුළු එකක් බව මේ මොහොතේදී නොකියම බැරිය.නව වැඩ පිළිවෙලවල් ගණනාවක් ගැන ජනාදිපති පොර පිටියේ බොහෝ පාක්ෂිකයන් ජනතාවට ප්‍රකාශ කල ද ලංකේය ජනතාව ඒ කතා බහ පයිසේකට වත් මායිම් නොකල බව චන්ද ප්‍රතිපල වලින් පැහැදිලි වන කරුණක් වී තිබේ.මිට වසර කිහිපයකට පෙර රට බේරා ගැනීමේ අවසන් සටන මතින් ජාතික ආරක්ෂාව යන තේමාව යටතේ තරග කල ගොටාභය රාජපක්ෂ මහතාට බලය ලබා දුන් බොහෝ ජනයා මෙවර මැතිවරණය තුල හොරුන්ට එරෙහිව ජනතා මතය පෙළ ගස්වන්නට තීරණය කල බව පෙනෙන්නට තිබේ.
එහිදී 225 ම එපා සහ දුෂිත හොරුන් පන්නමු දේශපාලන වියාපාරය වන මාලිමාව තම බලය තහවුරු කර ගන්නට හැකි වූ අතර ජනතාව දේශපාලන ඇරියස් එකක් කවර් කල බව පෙනෙන්නට තිබුණි.
නමුත් පිටින් සිට සංයමයකින් ලංකාවේ දේශපාලනය පිලිබදව බලන්නෙකුට රටට කෙලවූනත් කමක් නැත අපිට හරියනවනම් යන මතය ලංකාවේ සමාජය තුල පෙනෙන්නට තිබු අතර මයික් කන්නන් අතරට බලය විතැන්වීමක් දක්නට ලැබුණු බව පෙනෙන්නට තිබුණි.රජයේ සේවකයන්ගේ බහුතර ඇරියස් කවර කිරීමක්ද දේශපාලන පොර පිටිය තුල පැහැදිලි වෙනසක් සිදු කිරීමට මෙම මැතිවරණය උදාහරණයක් ලෙසද දක්වා ලිය හැකි බව ලියා තබමි.
එසේම මේ ජයක් ග්‍රහණයට එතෙර විරුවෝ ඒරොප්පෙ සිට සමාජ මාද්‍ය තුල කරනම් ගැසූ අතර මොලය පරදවා කයිවාරු දේශපාලනය කරලියට ගෙන ඒමට ඔවුන් ක්‍රියා කල බව පෙනෙන්නට තිබුණි.බල පෙරළියෙන් පසුව නිලදාරීන් භාවිතා කල වාහන ගෙනවිත් සංදර්ශන ඉදිරිපත් කිරීම මහ ගෙදර කෑම සම්බන්දව පාලකයාගේ මානුෂිය ගුණාංග පොලොවේ පය ගැසීම පිලිබදව ගුණ වර්ණා සිදු කිරීම පැරණි යටත් විජිත දේශපාලන ගුණාංග මේ කාලයේ ප්‍රචලිත වූ අතර හොරු ඇල්ලීම මහා බැංකු බැදුම් කර හොර පිලිබදව කතිකාවක් පමණක් වූ අතර තුනෙන් දෙකක ජනතා බලය ලබා ගෙන මේ සියල්ල කල යුතු බව පවතින ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ලෙස වෙනස් වීමක් දැකිය හැකි විය.
නමුත් රනිල් වික්‍රම සිංහ නම් පරිනත දේශපාලකයට මේ කිසිවක් නොතිබූ අවදියේ ඔහු රට ගොඩ ගත් හැටි මෙන්ම ජනතාවට යම් සහනයක් මෙන්ම පඩි වැඩි කිරීම් පවා ලබා දුන් හැටි මෙහිදී අතීත දේශපාලනය ඉගෙන ගන්නා ජනතාව වෙනුවෙන් ලිය තබන්නට මෙහිදී මා තීරණය කලෙමි.රනිල් නැවත දේශපාලනයට නොවෙන්නට ගත තීරණය පිලිබදව දුකක් ඇති මුත් පුද්ගලිකව ඔහුගේ තීරණය පිලිබදව මා සතුටු වන්නේ මහින්ද මහතාගේ දේශපාලනය ඔහු නොකරන නිසා බව පමණක් ලියා තබමි.
ලංකේය ජනතාව අදට වැඩා හෙටක් සොයා යාම අතීතයේ සිට කල දෙයක් නිසා ලංකේය සමාජය සැමදා දෙවන ලෝකයේ රටක් ලෙස පැවතීමට හේත් සදක වූ බව පෙනේ.දේශපාලනික ලෙස ගොබ්බයෝ ලෙස ලංකේය ජනතාව හංවඩු ගැසී ඇති අවදියක ජපානය තම රට ඔසවා තැබීමට අද ගත් වෙහෙස මත ඔවුන්ගේ හෙට දවස සාර්ථක වීම ලෝක දේශපාලනය තුල කියවිය යුතු බව නිර්දේශ කරමි.මොන දේශපාලනය ආවද ජපනා වැඩ කලේ අදට වඩා හෙට හොද කර ගන්නටය.වෙනත් රටවල් ගැන සොයා බලනවට වඩා ථෙරවාදී රටක ජනයා තම සියල්ල හෙට ජනතාව වෙනුවෙන් කැප කලේ අද අප දකිනා ජපන් සමාජය දැකීමට බව මෙහිදී ලිය තබමි.
මයික් කන්නන්ගේ රටේ මොළ බද්ද කිරීම ජපනගෙන් ඉගන ගත යුතු බව පමණක් මෙහිදී නිර්දේශ කරන්නේ එබැවිනි.වෙනසට ජය.
Subscribe to:
Comments (Atom)
ජෙපි තරුණ අසහනය
අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...
-
මුදල් පාලනේ ....... සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං ...
-
අතිත සැමරුම් සහ අනාගතය...... කාවන්තිස්ස යුගය ඔබ කියවා ඇතැයි සිතමි.ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුන යුගයක් ලෙස පසුව දුටුගැමුණු යුගය පටන් ගැනෙන...
-
පලවන කොටස සීහල දීප..... " සී හල දීප " කියන නම ගැන කතා කරලම වැඩේ පටන් ගන්න හිතුව.ඇත්තටම සීහලදීප කියන්නෙ "සිලෝන්"...