Saturday, October 5, 2024

මයික් කන්නන්ගේ රටේ මොළ බද්ධ කිරීම

ලංකාවේ ජනතාවගේ දේශපාලන කියවීම පිලිබදව නැවත නැවතත් කියවිය යුතු වෙනස් වන සුළු එකක් බව මේ මොහොතේදී නොකියම බැරිය.නව වැඩ පිළිවෙලවල් ගණනාවක් ගැන ජනාදිපති පොර පිටියේ බොහෝ පාක්ෂිකයන් ජනතාවට ප්‍රකාශ කල ද ලංකේය ජනතාව ඒ කතා බහ පයිසේකට වත් මායිම් නොකල බව චන්ද ප්‍රතිපල වලින් පැහැදිලි වන කරුණක් වී තිබේ.මිට වසර කිහිපයකට පෙර රට බේරා ගැනීමේ අවසන් සටන මතින් ජාතික ආරක්ෂාව යන තේමාව යටතේ තරග කල ගොටාභය රාජපක්ෂ මහතාට බලය ලබා දුන් බොහෝ ජනයා මෙවර මැතිවරණය තුල හොරුන්ට එරෙහිව ජනතා මතය පෙළ ගස්වන්නට තීරණය කල බව පෙනෙන්නට තිබේ. එහිදී 225 ම එපා සහ දුෂිත හොරුන් පන්නමු දේශපාලන වියාපාරය වන මාලිමාව තම බලය තහවුරු කර ගන්නට හැකි වූ අතර ජනතාව දේශපාලන ඇරියස් එකක් කවර් කල බව පෙනෙන්නට තිබුණි. නමුත් පිටින් සිට සංයමයකින් ලංකාවේ දේශපාලනය පිලිබදව බලන්නෙකුට රටට කෙලවූනත් කමක් නැත අපිට හරියනවනම් යන මතය ලංකාවේ සමාජය තුල පෙනෙන්නට තිබු අතර මයික් කන්නන් අතරට බලය විතැන්වීමක් දක්නට ලැබුණු බව පෙනෙන්නට තිබුණි.රජයේ සේවකයන්ගේ බහුතර ඇරියස් කවර කිරීමක්ද දේශපාලන පොර පිටිය තුල පැහැදිලි වෙනසක් සිදු කිරීමට මෙම මැතිවරණය උදාහරණයක් ලෙසද දක්වා ලිය හැකි බව ලියා තබමි. එසේම මේ ජයක් ග්‍රහණයට එතෙර විරුවෝ ඒරොප්පෙ සිට සමාජ මාද්‍ය තුල කරනම් ගැසූ අතර මොලය පරදවා කයිවාරු දේශපාලනය කරලියට ගෙන ඒමට ඔවුන් ක්‍රියා කල බව පෙනෙන්නට තිබුණි.බල පෙරළියෙන් පසුව නිලදාරීන් භාවිතා කල වාහන ගෙනවිත් සංදර්ශන ඉදිරිපත් කිරීම මහ ගෙදර කෑම සම්බන්දව පාලකයාගේ මානුෂිය ගුණාංග පොලොවේ පය ගැසීම පිලිබදව ගුණ වර්ණා සිදු කිරීම පැරණි යටත් විජිත දේශපාලන ගුණාංග මේ කාලයේ ප්‍රචලිත වූ අතර හොරු ඇල්ලීම මහා බැංකු බැදුම් කර හොර පිලිබදව කතිකාවක් පමණක් වූ අතර තුනෙන් දෙකක ජනතා බලය ලබා ගෙන මේ සියල්ල කල යුතු බව පවතින ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ලෙස වෙනස් වීමක් දැකිය හැකි විය. නමුත් රනිල් වික්‍රම සිංහ නම් පරිනත දේශපාලකයට මේ කිසිවක් නොතිබූ අවදියේ ඔහු රට ගොඩ ගත් හැටි මෙන්ම ජනතාවට යම් සහනයක් මෙන්ම පඩි වැඩි කිරීම් පවා ලබා දුන් හැටි මෙහිදී අතීත දේශපාලනය ඉගෙන ගන්නා ජනතාව වෙනුවෙන් ලිය තබන්නට මෙහිදී මා තීරණය කලෙමි.රනිල් නැවත දේශපාලනයට නොවෙන්නට ගත තීරණය පිලිබදව දුකක් ඇති මුත් පුද්ගලිකව ඔහුගේ තීරණය පිලිබදව මා සතුටු වන්නේ මහින්ද මහතාගේ දේශපාලනය ඔහු නොකරන නිසා බව පමණක් ලියා තබමි. ලංකේය ජනතාව අදට වැඩා හෙටක් සොයා යාම අතීතයේ සිට කල දෙයක් නිසා ලංකේය සමාජය සැමදා දෙවන ලෝකයේ රටක් ලෙස පැවතීමට හේත් සදක වූ බව පෙනේ.දේශපාලනික ලෙස ගොබ්බයෝ ලෙස ලංකේය ජනතාව හංවඩු ගැසී ඇති අවදියක ජපානය තම රට ඔසවා තැබීමට අද ගත් වෙහෙස මත ඔවුන්ගේ හෙට දවස සාර්ථක වීම ලෝක දේශපාලනය තුල කියවිය යුතු බව නිර්දේශ කරමි.මොන දේශපාලනය ආවද ජපනා වැඩ කලේ අදට වඩා හෙට හොද කර ගන්නටය.වෙනත් රටවල් ගැන සොයා බලනවට වඩා ථෙරවාදී රටක ජනයා තම සියල්ල හෙට ජනතාව වෙනුවෙන් කැප කලේ අද අප දකිනා ජපන් සමාජය දැකීමට බව මෙහිදී ලිය තබමි. මයික් කන්නන්ගේ රටේ මොළ බද්ද කිරීම ජපනගෙන් ඉගන ගත යුතු බව පමණක් මෙහිදී නිර්දේශ කරන්නේ එබැවිනි.වෙනසට ජය.

No comments:

Post a Comment

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...