Wednesday, July 13, 2022

නව වෙනිදා ලියමි........... මේ වන විටත් අරගල කරුවන් ලංකාවේ හැඩය වෙනස් කරමින් පවතින බව පෙනෙන්නට තිබේ. තුනෙන් දෙක ලබා ගත් ආණ්ඩුව තම පුටු දෙයතින්ම බදාගෙන යන්නට බැරි බව කියමින් කෑමොර දෙමින් සිටිනු පෙනේ.අරගලය රටේ සියලු ජනතාවගේ එකම පැතුම නම් දේශපාලකයන් තම පුටු වලින් සියලු ජනතාවට කන් දෙමින් බැස යා යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන් සිටි නම් තීරණය කල යුතුය.නමුත් මෙසේ වීමෙන් සිදුවන ගැටළු කිහිපයක් ඇති විය හැකි බවත් එය රටක් ලෙස නැවතත් පසු පසට ඇදීමේ හැකියාවක් ඇති බවත් සියල්ලෝම තේරුම් ගත යුතුය.පක්ෂ තම අරමුණු වෙනුවෙන් අරගල කරුවන් සමග අත්වැල් බද ගෙන ඇත්තේ තම දේශපාලන අනාගතය වර්ණවත් කර ගන්නට වන්නට ඇත. මේ සියලුම පක්ෂ රටට හෝ සිහලුන්ට සෙනෙහයක් දක්වන බව පෙනෙන්නට තිබුනද ඇත්තෙන්ම ඒ පක්ෂ ක්‍රියා කරන්නේ ජනතාවගේ සුභ සිද්ධිය සදහාදැයි සොයා බැලිය යුතුය. අතීතය ඒ සදහා පිළිතුරු සොයා දෙනු ඇත. අරගලයේ මුලට යමු....... රාජපක්ෂ රෙජීමයේ සහ එවකට පවතී ආණ්ඩුවේ වැරදි මුල්‍ය ප්‍රති පතති නිසාත් ලංකාවේ ස්ව්රි භාවය කෙලෙසීමට ගත් තීරණත් නොයෙක් නොයෙක් පාලන කණ්ඩායම් ගත තීරණ නිසාත් ජනතාව විසින්ම ගෝටා ගෝ ගම බිහි කර ගෙන සාමකාමී අරගල භූමියක් නිර්මාණය කළේය.කපුටෝ හෝ මයිනෝ ලෙස කෑ ගසමින් අරගල කල අරගල කරුවෝ සත්‍ය ලෙසම නිවැරදි දිශාවකට රට ගෙන යාමේ වැඩ පිලිවලකට උර දෙමින් ක්‍රියා කරනු ලැබිය.බුද්ධිමත් ජනතාවෝ චින්තකයෝ දර්ශනිකයෝ මේ පසු පස රට වෙනුවෙන් තම දැනුම බෙදා දීමට මෙන්ම සාමකාමිව ආදරේ අරගලය ක්‍රියාත්මක කරනු ලැබිය. අරගල භුමිය යම් කිසි ජාත්‍යන්තර ප්‍රමිතියකින් නිර්මාණය කිරීමට ඔවූන්ට හැකි විය.ජාත්‍යන්තරය පවා අරගලයේ ගුණාත්මක පරිපාලනය මෙන්ම ගුණාත්මක භාවය පිලිබදව කතා කළේය.ජාත්‍යන්තර මාද්‍ය පවා ලංකාවේ අරගලයේ ගුණාත්මක භාවය ගැන කතා කළේය. නමුත් ආණ්ඩු පක්ෂයේම යම් යම් ක්‍රියා කලාප නිසා මේ සාමකාමී ආදරයේ අරගලය වෙනත් මාවතකට ඇදගෙන යන්නට මුල පිරු බව පෙනෙන්නට තිබුණි.පාලක පක්ෂයේ පක්ෂ සාමාජිකයන් අරගල භූමියට කඩා වැදී ප්‍රජාතන්ත්‍ර වැඩි ආණ්ඩුවක් කල යුතු විරුද්ද මත දරන්නන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපතිය වෙනස් කරමින් මර්දනකාරී මාරි මෝඩ තීරණය ක්‍රියාත්මක කරමින් ආදරයේ අරගලය දියාරු කිරීමේ ප්‍රති පත්හියක් ක්‍රියාත්මක කරනු ලැබිය. මහින්ද රාජපක්ෂ වසර ගණනාවක දේශපාලන පරිචයක් හිමි පාලකයෙකු වුවද මේ කරණයේ දී රාජපක්ෂ ක්‍රියා කලේ පුහුදුන් දේශපාලකයෙකුගේ ක්‍රියා කලාපයක් ලෙස නොවේ යැයි බොහෝ දේශපාලන චින්තකයන් ප්‍රකශ කලද මහින්දලා ක්‍රියා කලේ යම් යටි අරමුණක් ක්‍රියාවට නැංවීම සදහා බව පෙනේ. ගෝටා ගෝ ගම ලංකාවේ දුක් විදින ජනතාවගේ කැකෑරෙන දුක ප්‍රකාශ කරන මද්යස්ථානයක් ලෙස නිර්මාණය කිරීමට ඉහත බුද්දිමත් සන්විධායකයන් ක්‍රියාත්මක කලද ඒ තත්වය එවකට රාජපක්ෂ පාලනය තේරුම් ගත්තේ තම පවූලට සිදු වූ බලපෑමක් ලෙසය.එසේ වැරදියට වටහා ගත් රාජපක්ෂ වරුන් තම පෞත්ගලික මතය පෙර දැරි කරගෙන ගොල්පෙස් අරගල කරුවන්ට දැඩි ප්‍රහාරයක් එල්ල විය. එසේ වීම තවත් පක්ෂ රැසක් තම මතය ජනතාව සමග බව පෙන්වීමට කටයුතු කරනුද දක්නට ලැබිණි. බොර දියේ මලු බෑම සදහා හඩක් නොමැත ජනතාවට හඩක් වීමට නිමැවූනු මාද්‍ය ආයතනද ගිනිදලු සදහා පිදුරු මාද්‍ය කරණයක නියැලුණු බව පෙනෙන්නට තිබිණි. මේ තත්වය ජනතාව කුපිත කරන අරගලයක් ලෙස නිමවීමට විවිද පක්ෂ ගණනාවක් ජනතාවගේ රත් වූ ලේ කුපිත කිරීමේ කාර්යක නිරත විය.ඒ ටත්වය මදය ඔස්සේද ප්‍රචාරය විය. සබුද්දික බුද්දිමත් ජනතාව තරුම් නොගත් ගැටලුව වනුයේ මේ ගැටලුව දේශපාලන ප්‍රශ්නයකට වඩා තම තම මනස තුලීන් විසදාගත යුතු ගැටළුවක් බවයි.ලංකාවේ දේශපාලන ගැටලුව අද ඊයේ ඇතිවූ ගැටළුවක් නොවන බව තරුම් ගත යුතුය.අප එදා සිට අද දක්වා සිදු කලේ පක්ෂ පාට පුද්ගල චරිත සදහා අපගේ චන්දය ලබා දීමයි. එසේ වූ නිසා අද ලංකාව මෙසේ විනාශ වන්නේ ජනතාවගේ මතවාදී වෙනසක් නොමැති නිසා බව පෙනේ.විය යුත්තේ ප්‍රතිපත්හි මත පිහිටා කටයුතු කරනා පාලකයන් බිහි කිරීමය. අද තත්වය................. තරුණ පිරිස් මේ වන විටත් ගම නියම ගම සිසාරා අග නගරයට පැමිණෙමින් සිටින බව පෙනේ.ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වී ඇත්තේ ජනාදිපති මන්දිරය ඇත පත් කර ගැනීම බව පෙනේ.එසේ මන්දිරයක් ඇත පත් කර ගත පසු රටට ඩොලර් එනවා නම් ලිපිය ලියනා මාද ඒ සදහා දායක වෙන්නේ හදපිරි සතුටින් බව කිව යුතුය .නමුත් මන්දිරයේ ඇති ඩොලරයක් නැති බව මා දනිමි.ජනාදිපති මන්දිරය අරගල කරුවන් අතට පත් වූ පසු පාලනය වෙනස් වන්නේ නැත.ඒ සදහා කුමක් කල යුත්තේද යන්න පක්ෂ නායකයන්ට පවා නිසි චිත්‍රයක් නොමැති බව පෙනේ.රට අරාජිකය.ඒ සදහා අඩු වැඩි වශයෙන් අරගල කරුවන් සේම පක්ෂද වගවිව යුතු බව අනාගතයේ දවසක ජනතාව කියනු ඇති බවනම් දනිමු. රටක් ලෙස එකට නැගිට වැඩ නොකරොත් රට මුදා ගත නොහැකි වනු ඇත.ඒ නිසා වීරයන් සේ ජනාදිපති මන්දිරය අල්ලා ගත අරගල කරුවන් හෙට සිට එක කෙස වැඩ නොකරොත් ලංකා ධරනිතලය මිය යනු ඇත.මානසික චුන් රට තුල කොතෙක් තිබුනද චින්තනයක් නොමැති නම් රටක් අකර්මන්‍ය වනු ඇත. රටේ ගිනි අවූලුවන්නට නොයෙක් නොයෙක් සංවිධාන මාද්‍ය ආයතන පවා තම පෞත්ගලික ලාභය උදෙසා කට යුතු කරන බව පෙනේ.ජනතාව මොලයෙන් සිතා ක්‍රියා කල යුතු වන්නේ මේ තත්ව නිසා බව කිව යුතුය.සාමුහික ලෙස මෙන්ම තම තමන්ම තම මොලයෙන් සිතා කටයුතු කරනා කාලය මෙතැන් සිට අරභන යුගයක් අරම්ඹ නොවුනොත් රටේ අභාග්‍ය අරගලය මුවාවෙන්ම සිදු වනු ඇත. (ලංකාව පෙරට ආ යුත්තේ සාමුහික අරගලයක චින්තන වෙනසකින් බව මා අදද සිතන්නෙමු) ඒ චින්තන වෙනස කරන්නට දුර්වල පාලකයන් ඉවත්විය යුතුය.ජනතාව ප්‍රතිපත්ති වෙනුවෙන් තම චන්දය ලබා දිය යුතුය.පක්ෂ පාට හෝ පුද්ගල ප්‍රතිරූපයට තම චන්දය ප්‍රකාශ නොකරන චින්තන අරගලයක් වන්නේ නම් ඒ අරගලය රටේ අනාගතය මලින් සරසනු ඇත) ඉතිහාසයේ උඩරට ගිවිසුමෙන් පසු ලංකාවේ ඇති වූ දුර්දාන්ත සාමයේ කුන්කුනාවේ හාමුදුරුවන් කියූ කවියක් මතක් වන්නේ අනාගතේ දවසක නැවතත් මෙවන් යුගයක් ඇති වන බව මා හට සිතෙනා නිසාය.එසේ නොමැති අබ්බගාත අනාගතයක් නොමැති රටක් ඇති නොවේ වා යන්න ලියුම් කරුගේ පැතුමයි. අනේ කුබින්නේ ..... තොපටත් රජෙක් ඉන්නේ ... අපට නෑ ඉන්නේ.... ඒ නිසාමයි අපි තැවෙන්නේ ....... දුකා.......................................

No comments:

Post a Comment

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...