Wednesday, July 13, 2022
ගත පමණි ........ හිස නොමැති
පැවති අරගලයට ඉලක්කයක් තිබුනේ අරගලයේ මුලික අවධියේ බව පෙනෙන්නට තිබේ.ලංකේය සියල් ජනතාවගේ හදවත් වලට කතා කරමින් අරගලය පැවති අදුරදර්ශී පාලනයට විරුද්ධව සාමුහික හඩ ඉදිරිපත් කරනු ලැබිය.පසුව ඒ තත්වය දේශපාලනික මුහුණුවරක් දක්වා වර්ධනය වීම පෙනෙන්නට ලැබුණි.ආගමික නායකයන්ගෙන් පටන් ගත් මේ දේශපාලන අරගලය පසුව සෞන්දර්ය රජයන හදවතට කතිකා කරන අරගලයක් විය.මහින්ද මහතාගේ බලය අත් හැරීමේ කටයුත්තේදී කුපිත වූ පාක්ෂිකයන්ගේ හැසිරීම නිසා ආදරයේ අරගලයේ නිරමික ජනතාවන්ට ප්‍රහාරයක් එල්ල වීමත් සමග අරගලයේ දිශානතිය වෙනස් වූ බව නිරීක්ෂණය විය.
ඒ ප්‍රහාරයෙන් පසුව අරගලයට දේශපාලන බලයක් ආරූඩ වීමක් දක්නට ලැබෙන බව පෙනේ. අන්තරය ,සහ පෙරටුගමින් ද 43 සේනාංකයද තවත් දේශපාලන අදුරු බලවේගත් මේ අරගලය තම දේශපාලන අතකොළුවක් බවට පත් කර ගැනීමට අරගල කරුවන් සමග එක්වීම කපිපෙනෙන බව පෙනෙන්නට තිබේ.මේ සදහා නීති සහය නීති සංගම් ලබා දීම දක්නට ලැබිණි.
රට යන අත හරි මගට ගැන්මට උර දෙන්නාවූ අරගලය දැන් ගමන් කරනා දිශානතිය අවෙගකාරී කුපිත ජන පෙරලියක් ලෙස තරුණ තරුණියන්ගේ ලේ කකියවන අරගලයක් ලෙස දැන් දැන් පෙනෙන්නට තිබේ.රාජ්‍ය දේපල තමන් සතු කර ගනිමින් ඒ සම්පත් විනාශ කරමින් ජන ජීවිතය කඩා ඉහරවන්නට තරම් මේ ජන බලය යැයි කියා ගන්නා අරගලය නොපෙනේන බලවේගයක උවමනාවට නැටවෙන රූකඩයක් දැයි ප්‍රශ්නයක් මතු කිරීමට තරම් සැඩ වී ඇති අයුරක් දක්නට ලැබේ.පවත්නා ආණ්ඩුක්‍රම විවස්තාව පවා නොතකමින් මේ අරගලය හිස නොමැති අරගලයක් වී හමාරය.එක්කෝ රට තවත් අගාදයකට ගෙන යාමට මේ අරගලයට හැකිවනු ඇත,නැතිනම් මේ අරගලය ඔස්සේ රට සශ්‍රික වනු ඇත.නමුත් මේ අරගලය නොපෙනෙන බලවේගයක අතකොළුවක් වී ඇතිද යන්න සැකයක් සැමැ හදවත් තුලම තිබෙනා බවට පෙනෙන්නට තිබේ.
වෙනත් රටක ඕනා එපා කම් නිසා රට අස්ථාවර කිරීමක් මේ අරගලය පසු පස ඇත් නම් හෝ දේශපාලන බල අධිකාරියකට අරගලය නතු වී තිබේ නම් අරගලයේ සුජාත භාවය සම්බන්ද ඍජු ගැටළුවක් මේ ඔස්සේ පෙනෙන්නට තිබේ.ගොටාභය රටේ ජනාධිපති ලෙස 69 ලක්ෂයකගේ ජනවරමින් තෝරා පත් කරගෙන ඇත එසේම තුනෙන් දෙකක බලයක් තම ආණ්ඩුවට ලබා දී ඇත.ඔහුට තම ජනතාව වෙනුවෙන් කිරීමට රාජකාරියක් ඇත.එය ඔහු ඉටුකිරීමට ඔහු බැදී තිබෙන බව දනිමු.ප්‍රශ්නයක් පැමිණියත් ඒ ප්‍රශ්නය වෙනුවෙන් ඔහු ගත යුතු කුමක්ද යන්න මුලින්ම ඔහු වැටහ ගත යුතුය .එම නිසා ඔහු ඒ ප්‍රශ්න වලට උත්තර ලබා දිය යුතුය.එයින් ඔහුට ගැලවී යා නොහැකිය.එසේම අරගල කරුවන්ද නම්‍ය ශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කල යුතුය.සමාජ මාද්‍ය හරහා සියල්ලට උත්තර සෙවිය හැකි යැයි සිතෙන සමාජයක් නිමවීම මේ ප්‍රශ්නයට මුලික අඩිතාලම දැම්මද යන්න සැකයට තුඩු දෙන්නක් වූවද නම්‍ය ශීලි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම නුවනට හුරු හොදම විසදුම බව පෙනේ.
සමාජ මාද්‍ය නිසා විනාශ වූ රටවල් අපි අතීතයේ දැක ඇත්තෙමු.අරගලය නිසා විනාශ වූ රටවල්ද අප දැක ඇත්තෙමු.ලංකාව එසේ වූ රටක් ලෙස හංවඩු ගැසීම නොවෙන තැනට අරගලය ගෙන යාම අරගල කරනා ජනතාව සතු බව තරයේ කියන්නට මෙය අවස්ථාවක් ද කර ගනිමි.බොර දියේ මාළු බාන දේශපාලකයෝ තම පුද්ගලික ලාභ තකා අරගලය භාවිතයට ගන්නා බවද අරගල කරුවන්ට කිව යුතුය.අරගලයේ සුජාත භාවය රැකීමට අරගල කරුවන්ද කටයුතු කර යුතුය.නැතිනම් අරගලයේ මුක්‍ය පරමාර්ථය අරගල කරුවන්ගෙන් ගිලිහි යනු ඇත.
වැටුණු රට නගා සිටුවන්නට අරගල කරුවන් හදවතින්ම ප්‍රර්ථනා කරන්නේ නම් එයට ජාතිය එක් හඩින් එක්වනු ඇත.නැවත වට්ටන්නට අරගලය මෙහෙයවනවා නම් එය අරගලය නම් නාමයටත් කැළලක් බව මෙහිදී කියන්නට මැලි නොවන්නේමු.
පැසිස්ට් වාදය වසර ගණනාවකට පෙර ලොවෙන් අතුගා දැමු දේශපාලන මතවාදයක් ලෙසද අරගල කරුවන්ට ඒත්තු ගැන්විය යුතුය.රාජ්‍ය මාද්‍ය තුලට පැමිණ මෙතැන් පසු අරගලයේ පුවත් පමණක් විකාශය කරන ලෙස මොර ගාද්දී සමබල පුවත් විකාශය සම්බන්දව අරගල කරුවන්ගේ පෙර පැවති මතවාදී ආකල්පය අරගලයෙන් ඇත්වී පැසිස්ට් වුවාද යන්න පිලිබදව ගැටළුවක් පවතී.පළමු ලෝක යුද්දයෙන් පසු ඇතිවූ ආර්ථික බංකොලොත් බවය සමග ඇති වූ අවස්ථාවාදී දේශපාලන ප්‍රවාහයක් වූ පැසිස්ට් වාදය අරගලය තුලද වර්ධනය වීම පෙනෙන්නට තිබෙන බව අරගලය දෙස නෙත් යොමා සිටීමෙන් පෙනෙන්නට තිබේ.
එසේම රනිල් නම් වූ දේශපාලක ජීවියා මේ පවතින තත්වය හමුවේ ගන්නා තීන්දු තීරණ අරගලය දෙකඩ කිරීමටත් පවතින තත්වය සමනය කිරීමට ගන්නා ක්‍රියා කලාපය ගැනත් උඩු ගම් බලා යමකට අර අදින්නේද යන්නත් රටවාසීහු බලා හිදිනු ඇත.පරිනත දේශපාලන දැනුම පවතින ගැටළු වලට විසදුමක් ලෙස ගෙනෙනා පිළිතුර සම්බන්දව රනිල් ගන්නා ක්‍රියාකලාප ලංකා දේශපාලන පරිචය ගෙන යන්නේ කොතනටද යන්න සෙවිල්ලෙන් සිටිය යුතු කාරනාවක් මෙන්ම දේශපාලනය විෂය කරගත් අයවලුන්ටද තම දේශපාලන දැනුම වර්ධනය කරගන්නට අවස්ථාවක් වනු නොඅනුමානය.....
දුකා.....
2022/07/13
Subscribe to:
Post Comments (Atom)
ජෙපි තරුණ අසහනය
අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...
-
මුදල් පාලනේ ....... සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං ...
-
අතිත සැමරුම් සහ අනාගතය...... කාවන්තිස්ස යුගය ඔබ කියවා ඇතැයි සිතමි.ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුන යුගයක් ලෙස පසුව දුටුගැමුණු යුගය පටන් ගැනෙන...
-
පලවන කොටස සීහල දීප..... " සී හල දීප " කියන නම ගැන කතා කරලම වැඩේ පටන් ගන්න හිතුව.ඇත්තටම සීහලදීප කියන්නෙ "සිලෝන්"...


No comments:
Post a Comment