Friday, March 17, 2023
ලෝක පොලිටික් සහ අපේ පොලිටික්
ලෝක දේශපාලන බල තුලනය සදහා ලෝක බලවතුන් සිතල යුද්දයක යෙදෙන්නේ අද ඊයේ සිට නොවේ.එසේම පලවන සහ දෙවන ලෝක යුද්ද ඇති වුයේද බල තුලනය සහ තම රටේ තැන නිර්මාණය කිරීම සදහා බව ගැටළු අද්යනයේද පෙනෙන්නට තිබෙන කරුණකි.
රුසියානු යුක්රේන යුද්දය ලෝකයේ සියලු රටවල්ම ආර්ථික සාමාජික සංස්කෘතික ලෙස උඩු යටිකුරු කරනා කාරණාවක් වුවද එයට එහා ගිය යටගිය සැලැස්මක් ඇති බව පෙනෙන්නට තිබේ.රුසියාව සහ පුටින් සම්බන්දව ලෝකයේ අවදානය දිනාගෙන සිටින අතර නේටෝ සංවිදානය රුසියාවට සම්බාදක දමමින් සිටි.
යුද්දය කොතරම් කුරිරුද යන්න සමාජයේ කතිකාවක් වුවද ඊට එහා ගිය දේශපාලන බල අරගලයක් පවතින බව පෙනෙන්නට තිබේ .
චීනය ආර්ථික වශයෙන් ලෝකයේ පළමු තැන ගන්නට නොයෙක් අයුරින් ක්‍රියා කරන බව පෙනෙන්නට තිබේ.දැනට ලෝක බලවතුන් ලෙස සිටින ඇමරිකාව සමග චීනය සිතල යුද්දයක පැටලී සිටින බව දක්නට ලැබෙන කරුණක් වී තිබේ.
2020 වසර වන විට ලෝකය වෙලා ගත කොවිඩ් අර්භුදය සමග ලෝක ආර්ථිකය සෘණ අගයක් ගත අතර ලෝක බලවතුන්ගේ ලැයිස්තුව උච්චාවචනය වෙනු ඇති බව බොහෝ ආර්ථික විද්‍යාර්ථයන් මත පල කරන ලදී.ඇමරිකාව ප්‍රමුක යුරෝපය චීනය වෙත ඇගිල්ල දික් කලේ මේ කොවිඩ් අර්බුදය චීනය අනෙක් රටවල් වලට ප්‍රහාර එල්ල කරන්නට යෙදු ජීව ප්‍රහාරයක් ලෙස බව පෙන්වා දේ.
කොවිඩ් යනු ලෝක බලවතුන් වෙන්නට චීනය ගත් වෑයමක කුටප්ප්‍රප්තියද යන්න තවමත් නොවිසිදුනු ගැටළුවක් වී හමාරය.කෙසේ වූවද කොවිඩ් අර්බුදය නිසා බොහෝ දනවාදී රටවල ආර්ථික වර්ධනය පහල බසින්නට හේතු වූ අතර ඇමරිකාව සම්පුර්ණයෙන් වසා දැමීමට පවා සිදු විය .එසේම යුරෝපා රටවල් ගණනාවක් ආර්ථික ලෙස කඩා වැටීමට හේතු විය.එසේම වැඩ කල හැකි ජනතාවක් නිකරුනේ විනාශ වී ගිය අතර රටවල් වල අනාගත සංවර්දනයට උර දිය හැකි ජනතාවක් විනාහ වූ අතර කොවිඩ් සදහා එන්නත් කරණය සදහා අනාගත සංවර්දනයට ධායක කර ගත හැකි විශාල මුදලක් විඅනාශ වී ගියේය.ඇමරිකාව එංගලන්තය තම රටවලම එන්නත් නිර්මාණය කර ගන්නට වෙහෙසුනේ චීන එන්නත ගැනීමට යොදවන ඩොලර් රටින් පිටට යාම වැලක් වීමට වන්නට ඇත.චීනය කොවිඩ් සදහා ඉක්මනින් එන්නතක් නිර්මාණය කරේ ඒ එන්නත විකුණා තම රටේ ඩොලර් සංචිත තර කර ගැනීමටද වන්නට පුළුවන. ඒ කෙසේ වුවත් මේ සියලු ආකාරයකින්ම තැලෙන්නේ ජනතාව බව නොකියාම බැරිය.එසේම ආර්ථිකව ස්ථාවරත්වයක් කරා ගමන් කරනා දෙවන ලෝකයේ රටවල් සේම තුන්වන ලෝකයේ රටවල් ආර්ථික වශයෙන් අස්ථාවර වූ බව පෙනෙන්නට තිබේ.
කලින් කලට මේ සිදු වන්නේ ලෝක බලවතුන්ගේ බල තුලනය කර ගැනීමේ ගැටුමදැයි විටෙක සැක උපදී.
කොවිඩ් චීනයේ නිර්මාණයක් නම් සේම එමගින් යුරෝපය ප්‍රමුක රටවල් වලට සැර ප්‍රහාරයක් වුවා නම් එම රටවල් අනිවාර්යෙන් චීනයට ප්‍රතිප්‍රහාර දෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය විය.එය කුමන ආකාරයකින් සිදු වේද යන්න ගැටළුවක් සේම කුහුල දනවන කාරනාවක් විය.
වර්තමානය වන විට ඒ කුමන අකරයින්ද යන්න පැහැදිලි වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. යුක්රේන සහ රුසියා යුද්දයේ අරම්භ ගිනි පුපුරා නිර්මාණය කළෝ කවූරුන්ද යන්න මේ වන විට සන්නිවේදන ආයතන මත පල කොට ඇත.
යුක්රේනය සහ රුසියාවේ අළු යට ගිනි පුපුරු උඩට ඇද්දේ කවූරුන්ද යන්න සොයා බැලීමේදී බලවත් රටවල් තම යටතේ අන් රටවල් තබා ගැනීමට වෙහෙසේ.අතීත 2004 වසරේ යුක්රේන මහ මැතිවරණයේ වික්ටර්ට එරෙහිව වික්ටර් ගැටලුව නිමවුවේ යුරෝපයයි.එහිදී එක් වික්ටර් කෙනෙකු යුරෝපයට පක්ෂපාති වූ අතර අනෙක් වික්ටර් රුසියාවට ඇති විය.මෙහිදී දේශපාලනික ලෙස යුරෝපා මතවාදය සහ රුසියානු මතවාදය ජන ගත කිරීමට දේශපාලන පිබුරුපත් යුරෝපය යුක්රේන භුමියේ මුල් වරට පල කරන ලදී.එමගින් රටේ ජන කොටස් මතවාදී ලෙස වෙනස් වීම දක්නට ලැබිණි
එසේම 2008 වසරේදී යුක්රේනය සහ ජෝර්ජියාවට නේටෝ රාජයන් ලෙස නම් කරන බව නේටෝව විසින් ජන ගත කරන ලදී.එම තොරතුරත් සමග රුසියාව ගිනි ගත්තේය.එයට මුලික හේතුව වන්නේ ඇමරිකාව සහ රුසියාව අතර අතීතයේ සිට පවතී ගැටුමයි.නේටෝ රාජ්‍යයක් ලෙස යුක්රේනය සහ ජෝර්ජියාව නම් වුවොත් රුසියාව ඇමරිකානු රාජ්‍යයන්ගෙන් වට වන්නේය .මෙය රුසියාවට රාජතන්තරික ලෙස සම්බාදක පැනවීමක් වන්නේය .එය රුසියාවේ ස්වෛරීත්වයට ගැටළුවක් වන්නේය.
2010 වසරේ යුක්රේනය සහ රුසියාව අතර ගෑස් පිලිබදව ගිවිසුමක් ඇති විය.එමෙන්ම කළු මුහුද අවට ගෑස් නල ආරක්ෂාවට රුසියානු සිල් බට කණ්ඩායම් රදවා තබා ගැනීම සම්බන්දව කතිකාවක් ඇති වූ බව කියවේ.
2013 වසරේ යුක්රේන ජනාධිපති රුසියානු ගති පුද්ගලයකු බව ප්‍රකාශ කරමි ජනතාව විදි බැස උද්ගෝෂණ සිදු කරයි.
2014 වසරේ යුක්රේන ජනපතිට විරුද්දව ජනතාව කැරලි ගසනු ලබයි.මෙහිදී විධායක බලතල ඇති ජනාධිපති කැරලි මර්ධනය කිරීම සදහා පොලිසිය කැදවනු ලබයි.මෙහිදී ජීව අවි මගින් කැරලි කරුවන්ට ප්‍රහාර එල්ල කරයි.ජනතාව කුපිත වී කිවි නගරය කේන්ද්‍ර කොට ගෙන කැරැල්ලක් ආරම්භ වේ.මෙම කැරැල්ල සමග එවකට යුක්රේනයේ ජනාධිපති රුසියාවට පලා යයි.
මේ සියල්ලත් සමග G 8 සමුළුවෙන් රුසියාව ඉවත් කෙරේ .
2014 අප්‍රේල් මස යුක්රේනයේ දොන්බාස් ප්‍රදේශයේ බලය රුසියානු හිතවාදී කැරලි කරුවන් අතට පත් වේ.මේ කැරලි කරුවන්ට සෘජු ආධාර ලබා දීම රුසියානුවන් විසින් සිදු කරනු ලබන බව චෝදනා එල්ල කරයි.එය රුසියාව තරයේ ප්‍රතිෂේප කරනු ලබයි.
2014 දෙසැම්බර් මස වන විට රුසියාවට විරුද්දව සම්බාදක පැනවීම පිලිබදව කතිකාවක් ඇති වේ.මෙහි ප්‍රතිපලයක් ලෙස සහ එකට එක කිරීමක් ලෙස කැනේඩියානු නීතිවේදීන්ට රුසියාවට ඇතුල් වීමට නොහැකි ලෙස සම්භාදක පනවනු ලබයි.
2015 වසරේ සිට යුක්රේනයට ආධාර ලෙස කැනේඩියානු හමුදා භටයන් 200 ක් මස 06 කට වරක් යැවීමට කැනේඩියානු රජය තීරණය කරනු ලබයි.
2016 සිට 2021 දක්වා රුසියාව ට සම්බාදක පැනවීමට කැනඩාව තිරණය කරනු ලබයි.එසේම කැනඩාව යුක්රේනය සමග නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් තබයි.
2021 වසරේ රුසියාව යුක්රේන දේශසීමාවේ තම බට කණ්ඩායම් ස්ථාන ගත කරන දර්ශන චන්ද්‍රික ආදරයෙන් ලබා ගෙන ජන ගත කරයි.එසේම යුක්රේනයද තම දේශ සිමා සදහා අමතර බට කණ්ඩායම් රදවලයි.
2022 වසරේ මුල් භාගයේ යුක්රේන ජනාධිපති සමග ජෝ බයිඩන් ජනාධිපති වරයා දුරකථන සංවාදයක යෙදෙමින් රුසියාව ආක්‍රමණය සිදු වුවහොත් ඇමරිකානු රජය යුක්රේනයට ආධාර සපයන බව පවසයි.
2022 වසරේම කැනඩාව යුක්රේනයට ඩොලර් මිලියන 120 ක ආධාර ලබා දෙයි.
ඇමරිකාව යුක්රේනය අවට රටවල් වලට ඇමරිකානු හමුදා බටයන් රදාවාලයි.
2022. වසරේම මුල් භාගයේ ලෝක නායකයන් එක්ව යුක්රේන අර්බුදය පිලිබදව කතිකා කරයි.එසේම කැනඩාව යුක්රේනයේ සිටින සියලු කැනේඩියානු ජනයාට රටින් ඉවත්වෙන ලෙස එන කරයි.එසේම රුසියාව යුක්රේන දේශ සිමාවේ යුද හමුදා අබ්යසයක යෙදෙන බව ප්‍රකාශ කරයි.
2022.02.21 රුසියානු ජනාධිපති ජාතිය අමතමින් ජාතික ආරක්ෂාව සදහා යුක්රේනයට විරුද්දව යුද සෙබළු මෙහෙයවන බව ප්‍රකාශ කරයි.එසේම ඇමරිකාව කැනඩාව ඇතුළු රටවල් රැසකට රුසියාව විසින් සම්භාදක පනවනු ලැබේ.එසේම යුක්රේන පාර්ලිමේන්තුව හදිසියේ කැදවා හදිසි අවස්ථාව වැඩි චන්දයෙන් සම්මත කර ගනී.
2022 පෙබරවාරි 22 වන දින රුසියාව යුක්රේනය ආක්‍රමණය කරයි.
මේ යුද්දයේ ඇතුල් පැත්ත කෙසේදැයි දැන් ඔබට වැටහෙනු ඇත ඇමරිකාව ප්‍රමුක යුරෝපා රටවලට අවශ්‍ය වුනේ රුසියාව සදහා සම්බාදක පනවා නැගී සිටිමට වෙහෙසෙන චීනය අකර්මන්‍ය කිරීමට බව පෙනේ.රුසියාව අකර්මන්‍ය වුවහොත් ආසියාතික කලාප ආර්ථිකය තවත් පහලට යනු ඇති බව පෙනෙන්නට තිබේ.ගල් අගුරු සහ බොර තෙල් චීනයට සම්පාදනය කරන්නේ රුසියාවයි.මේ යුද්දය නිසා ඒ ඇනවුම් පවා අකර්මන්‍ය කිරීමට යුරෝපය ගැසූ ගැටය යුක්රේන රුසියානු යුද්දයයි.එසේම ඇමරිකාව සහ එංගලන්තය යුද අවි සම්පාදනය කොට යුක්රේන ආර්ථිකය බින්දුවට බස්සනු ඇත.එයින් පසු යුක්රේන භුමිය යුරෝපයට අයිති වනු ඇත.ණය බරින් මිරිකී සිටිනා යුක්රේනය ඇමරකානු රූකඩයක් වීම නොබෝ කලකින් දැකිය හැකි වනු ඇත.
රටක රජතාන්ත්‍රික සේවා අතිශය භුද්දීමත්ව කටයුතු කල යුතුය.බලවත් රටවල් සාමාන්‍ය රටවල් ගිල ගන්නේ විනාඩියෙන් දෙකෙන් නොවන බව මතක තබා ගත යුතුය.ලෝකයේ සැම රටක්ම මානසික වශයෙන් ආක්‍රමණය කිරීමට බලවත් රටවල් කෙටුම් පත් සකසා අවසානය.
චීනය සහ ඉන්න්දියාවත් යුරෝපා රටවලුත් ලංකාව පිලිබදව සිතන්නේ මෙසේ විය හැකිය.වසර 32 යුද්දයේදී LTTE සන්විදනයට සහ ලංකාවේ රජයට අවි ලබා දුන්නේ යුද්දය පවතී නම් යුරෝපා රටවල අවි වෙළදාම සරු වන නිසාය.යුද්දය ඒ සියල්ලන්ටම වෙළදාමක් පමණි.ඒ තත්ව මතක තබා දෙන රජතාන්ත්‍රික ලෙස තම ප්‍රතිපත්ති සම්පාදනය කර ගත යුතුය.IMF හරහාද සිදු වන්නේ ආර්ථිකය නගාසිටුවීමට යම් රුකුලක් වීම පමණි.එමගින් ලංකාවේ රිණ අගයක පවතින විදේශ සංචිත සදහා imf හරහා ඩොලර් යොදවනු ඇත.එමගින් ලංකාවේ සංචිත තරවී විදේශ රටවල් ලංකාව පිලිබදව තිබෙනා ප්‍රතිරූපය වර්ධනය වනු ඇත.එමගින් ලංකාවට වෙනත් රටවලින් ලැබෙනා ණය පහසුකම් සදහා imf ශ්‍රී ලංකා රජයට පිරිනමන සහතිකයක් පමණක් වනු ඇත.
බොහෝ දෙනෙකු සිතන්නේ imf හරහා ලැබෙන ඩොලර් සෘජුවම ජනතාවගේ පරිහරණය වෙනුවෙන් ලැබෙන මුදලක් ලෙස වුවද එසේ නොවන බව ජනතාව තේරුම් ගත යුතුය.එසේම පෙර පැවසු කරුණට අදාලව වෙනත් රටවලින් ආධාර හෝ නය ලබා ගැනීමට නම් imf හා සමගාමිව රාජතාන්ත්‍රික ලෙස සම්භන්ද වීමට විශේෂ වැඩපිළිවෙලක් නිර්මාණය කල යුතුය.එසේ නොකළහොත් ආර්ථික වශයෙන් ලංකාව තවත් පහලට ඇද වැටෙනු ඇත.
රාජ්‍ය ආරක්ෂාව සදහාද මීට වඩා ආසියා කලාපිය රටක් ලෙස ශ්‍රී ලංකාව තම රටේ ශක්‍යතාව මෙහෙයවා කටයුතු කල යුතුය.ආසියාතික කලාපයේ ලෝක යුද්දයක ආරම්භය පිලිබදව කතිකාව අවේ අද ඊයේ නොවේ.චීනය සහ යුරෝපය අතර මත ගැටුම් පැවතියේ අද ඊයේ සිට නොවේ.මෙය සිතල යුද්දයක් ලෙස අදටත් පවතී.අළු යට ගින්දර කොයි වෙලේ හෝ ඇවිලෙනු ඇත.ලොකු සත්තු මරා ගන්නා විට අප වන් කුහුබු රාජ්‍යටද ඒ රස්නය දැනෙනු ඇත.වහ වහා ඒ සදහා ලංකාවේ රාජතාන්ත්‍රික මෙන්ම ජාතික ආරක්ෂාව සදහා ලංකාවේ ප්‍රතිපත්ති වෙනස් විය යුතුය.එසේම සැමට එක නිතියක් ක්‍රියාත්මක විය යුතුය.අනාගතයේ සිදු විය හැකි බලපෑම් මෙන්ම ආර්ථික කඩා වැටීම් පිලිබදව අද්‍යනය කොට ජනතාව ඒ සදහා අද්යත්මිකව ඒ සදහා සුදානම් කිරීමේ වගකීමද රජයක් ලෙස එකට එකතු වී ගැටළු වලට මුහුණ දීමට විශාල රුකුලක් වනු ඇත.එසේ නොවුවහොත් රට මෙයට වඩා ගැටළු වලට මුහුණ දෙනු ඇත.
දුකා............
2023.03.17
Tuesday, March 7, 2023
IMF සහ ලංකාවේ අනාගතය.........................
ප්‍රියමාලිලාගේ ගේම ගැන ඉස්සර කතා උනාට දැන් වැඩි කතාවක් නැ. ඊ නිවුසියේ පොලිටිකල් අනලයිස් මාරු බඩුවක් ලොකු අනාවරණයක් කරලා තිබ්බ මේ කෙස් එක ගැන යුටියුබ් එකේ.වැඩේ කියන්නේ පක්ෂ විපක්ෂ හැමෝම ගැහැණියෙක්ගේ උගුලට හසු වීම.මේක මෙහෙයවපු සෙට් එක අත්ලේ ඉන්නේ ගැහැණු දෙන්නෙක් කියන එක නම් ඒ තරම් මම විශ්වාස කරන්නේ නෑ.එකට ඔය ගැහැනියකගේ ලේ නෑකම තියන දේශපාලනය සම්බන්දද කියලත් වෙලාවකට හිතෙනවා මේ ගේම් එක පිටි පස්සේ.මේ හිතෙන දෙයක් කිවූවේ.
මොකද ඔය පක්සේට එහෙම අතිතයකුත් නැතුවම නෙවයි මොකද ගම් ගොඩේ ඔය පන්ති පහට ගිහින් රැට රැට හොරකමේ ගියපු උදවියත් කැරැල්ල අකා මකා ගිහාම ආයි ගම රට ඇවිත් දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනල හම්බු කරගත්තු සල්ලි අත දිග ඇරලා වියදම් කරලා පක්ෂෙට පින්සිද්ද වෙන්න අපේ ගැ වලත් තුන්වේල කාල අදාල පොසත්තු බලවත්තු වගේ දැන් ඉන්නවා.
සහෝදරයා කියල හැමෝටම ඇමතුව මේ සහෝදරවරු ඇත්තටම සහෝදරයෝද කියල හිතෙන තරමට ඒ අයගේ දේශපාලනයත් දැන් දනවාදය පෙරෝගෙන විත්තිය ඔය ය කරන කතා වලින් පෙන්වා.මලිමාවේ සෙට් එක ආර්ථික මොඩලය දනවාදී කර ගන්න දගලනකොට මහා පක්ෂේ මහා සහෝදරයා සමාජ වාදය වැදගත් බව කියනවා.කටින් එකයි පුකින් එකයි කියල එතකොට නම් ලියුම් කරුට හිතෙනවා.එහෙම හිතෙන එක සාදාරනයි සහෝදර වරුනි ඔන්න.
ඔයාලම කියන ඒවා තමයි අපිත් අහුලගන්නේ.මට හිතෙන විදිහට මහා පක්ෂ දෙක පොහොට්ටුව ප්‍රමුක අලියෝ සහ පියාණන්ගේ පක්ෂ දෙක සමාජ වදයට බය වෙලා වගේ හැගීමකුත් එනවා.මොකද ගම වල තියන චන්ද ගොඩක් දැන් මහා පක්ෂ දෙකෙන් ගැලවිලා ගිහින් කියල තමයි පෙන්න තියෙන්නේ.ජෙප්පෝ චන්දයක් ඕනෙමයි කියල ක ගහනකොට පියානෝ පක්ෂය කෝන් වෙයි කියල හිතල පොඩි සද්දයක් දානවා අලි නම් හ්ම් නෑ.මොකද මහා පක්ෂ දෙක කැමති චන්දයක් දැන් දැන් නොතියන එකට මයේ හිතේ.ජනතාව තරුණ තරුණියන්ගේ මතයට එක් වෙලා.88 සහ 89 වසර වල අතීතය ඒ මහත්ම මහත්මීන් දන්නේ නැ.එක සාදාරනයි.අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවයක් නෑ කියනවනේ.සමහර විට ඒ පක්ෂයත් හිතනවා ඇති සමාජවාදය යල් පන ගිය මතයක් කියල.
හැබැයි මොන පක්සේ අවත් උන් උන් යාලුවෝ කියන එක මතක තිය ගන්නම ඕනේ කාරණාවක්.චන්දය කටු ගානවා කියල හිතාගෙන ඉන්න උදවියත් මොකක් හෝ පක්ෂයකට කතිරය ගහල එවි.මොකද ඒ ඒ වනකොට රේටින් තියන අප් වෙලා තියන පක්ෂයකට කතිරේ ගණහ එකත් ට්‍රාන්ඩ් එකක් වෙලා රටට ජාතියට හෙන ගැහුවත් ජයක්ග්‍රාහී මනසිකත්වය තමයි දැන් මිනිහට ඕනේ.පරාජිත මානසිකත්වය සහ ජය පැරදුම එකයි කියල මිනිස්සු හිතැන්නේ ක්‍රීඩාවේ විතරයි.ඇත්ත ජිවිතේ රටේ අනාගතය පිලිබදව කාරණාවේදී මිනිස්සු හරි වෙනස් මහත්තයෝ.
IMF ගෙමත් ගැහුවා කියල තමා ආරංචිය තියෙන්නේ.ජෙප්පෝ,සමගියේ උන්ට මේ චන්දයත් හීනයක් වෙන ලකුණු තමා එහෙමනම්.අන්තරේ කොලබට බැහැලා ජෙප්පොන්ට කත් අදිනවා මෙහෙම ගියොත්.සාමකාමී රැල්ල වෙනුවට ජෙප්පෝ තරුණ ලේ රත් කරවල මේ වෙලාවේ බොරදියේ මලු බානවා ෂුවර්.මොකද මේ වෙලාවේ චන්දෙ තිබ්බොත් තමයි ජෙප්පොන්ට හොද ඒ නිසා මේ පාලනය අවුල් කියල කියන්න උන් මාන බලනවා සත්තයි.
මේ වෙලාවේ IMF ගෙමත් ගහපු නිසා රනිල් චන්දෙට තව කල ගනීවි.මොකද වද වෙලා ගත්තු IMF අවසරය මේ මොහොතේ රනිල් වෙනත් පක්ෂයකට නොදේවි.චීනාටත් ඔන්න ඔහේ IMF දීපන් කියන ටත්වයටම අවා එක රටක් විදිහට අපි ලබපු ජයක් කියලත් වෙලාවකට හිතෙනවා.නැත්තම් ගොටල කරපු විදිහට කරා නම් චීන කොලනියක් වෙනවා මේ රට.ඇමරිකන් ප්‍රමුක යුරෝපා හවුලක් වෙච්චි IMF අරමුදල රට වැටිච්චි තත්වයෙන් ගොඩ එන්න සප් එකක් දෙනවා කියන්නේ මේ වෙලාවේ ලොකු දෙයක්.චීනා හැදුවේ හුස්ම ගන්න බැරි වෙනකන් ඉදල සත්ව කරුණාව පාල රටෙන් තව කුට්ටියකට වැඩේ දෙන්න.එහෙම යාලු කම් වැඩක් නෑ අප්පා.
ලස්සනට රනිල්ලා මහ බැංකුව ඒ අතින් රට හරිමගට ගෙන්වා.එක වටිනවා.දැන්වත් මහා බැංකු අදිපති තුමා කියපු වහනය හෙළ වෙත ගමන් කිරීම නතර වේවිනෙ.අන්න එක මොන දෙ උනත් රට දාල නොයන දේශ හිතයිශි බුවාලට වැදගත් වේවි...
අපි බලමු .....රනිල්ලා රට ගොඩ දාල දෙයි ද කියල ....
දුකා...........
2023/03/07
Monday, March 6, 2023
දේශපාලනය ලියා අවසානය....... ඔබ එහි නළුවෙක් පමණි
පාස්කු ප්‍රහාරය,කොවිඩ් අර්බුදය, අරගලය මෙන්ම නිදහසින් පසු බිහිවූ පක්ෂ දේශපලයන නිසා රටේ ජනතාවට යන එනමන් නැතිවී ඇති බව පෙනෙන්නට තිබේ.
කුසට අහරක් සොයමින් අනාගත බලා පොරොත්තු කිසිවක් නොමැති ජනතාවෝ ඔබ මොබ හිස් අහස දෙස බලා සිටිමින් හුල්ලනු පෙනේ.ඇත්තෝ සහ නැත්තෝ යන දෙකොටස නැතිවී සියල් ජනතාවෝ නැත්තෝ තත්වයට පත්ව ඇති බව පෙනේ.
කෙසේ උවත් මේ අද පවතිර තත්වයට වග කිව යුත්තෝ පක්ෂ දේශපාලනය බව නොරහසක් බව පෙනේ.ඒ පක්ෂ දේශපාලනය හෙම්බත් වූ ජනතාව එක්ව අරගල කොට නැවත තමා ලබා දුන් බලය තමා සන්තකයට ගෙන ජනතාවාදී රජයක් බිහි කිරීම සදහා අරගලයට සහයෝගය දැක්වුවන්ගේ ඒකායන පරමාර්ථය විය.එසේ එක් වූ සුජාත ජනතාව අරගලයක් කොට සමාජ වෙනසක් ඉල්ලු ජනතාව අරගලය සමග එක් තැන් කර ගන්නට මහත් වෑයමක නියලුන් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිණි.
බොහෝ ජනතාවක් එල්ලුවේ ඒ වෙනසයි.බොහෝ දෙනෙකු බලා පොරොත්තු වුයේ එවන් ලංකාවක් නිර්මාණය වනු දැකීමටයි.ජනතාවගේ හදවත් තුල කකරෙන රාජ්‍ය එය විය.දේශපාලකයන් සැමදා පාරම්බාන බාපු පොරොන්දු දේශය එය විය.බල මහලු සියල්ල බලාපොරොත්තු වූ මොඩලය ගෝල්පේස් අරගල බිමේ නිර්මාණය විය.වේදකා නාට්‍ය,අද්යාපන කේන්ද්‍ර මුලික සමාජය,සුදුස්සාට සුදුසු තැන,සිනාව,තරුණ අසහනයට නිමාව,පුස්තකාල පහසුකම්,එකී මෙකි නොකී සැම ජන මනසක් ඉල්ලන සමාජ ක්‍රමය ගෝල්පේස් අරගල බිමේ දක්නට ලැබිණි.සංවර්දනය වූ රටක සමාජ ක්‍රමයක් ඒ අරගල භුමියේ නිර්මාණය විය.එමගින් ජනතාවගේ ආකර්ෂණය අරගලය සදහා මෙන්ම පවත්නා ආණ්ඩුව පන්නා දමනා ප්‍රධාන අවිය විය.
අදටත් මා මෙය සුජාත අරගල භූමියක් බව කියන්නට වෑයම් නොකරමි.මේ කවූරුන් හෝ නිමවා තම දේශපාලන අරමුණු සපල කර ගැනීමේ සුක්ෂම උපායක් බව පමණක් මා දනිමි.රට රටවල් වල වියාපාර වලින් මුදල් පොම්ප කිරීම මෙන්ම අරගලය මතින් තම හින කරා පිය මැනීම සදහා සුක්ෂම උපායක සුලමුල දැන් දැන් එලියට පැමිනෙන බව පෙනෙන්නට තිබේ.චීනය සහ ඉන්දියාව කලාපයේ අනෙක් රටවලට කල බලපෑම ගැන කතා කරනා දේශපාලන විචාරකයන් තම දේශපාලන පරිචය තවත් පුළුල් කර ගත යුතු බව පෙනේ.ඒ මක් නිසාද යත් බොහෝ යුරෝපානු රටවල් ලංකාව දෙස බලා සිට ඇති බව මේ අරගලය නිසා පෙනෙන්නට තිබු කරුණක් වී තිබේ.නොයෙක් සංවිධාන මෙහිදී අරගලයක් වනවාට උදවූ කල බව අද්යන තුලින් පෙනෙන්නට තිබෙන කාරණාවක් වී තිබේ.
මෙහිදී ලංකාවේ එක් දේශපාලන පවුලකට අයත් ලංකාවේ කිරීටයට හිමිකම් කියූ ගැහැනියක් සහ අගමැති හීනයට එහා නොගිය තැනැත්තෙක් ගෝටා ගෝ ගම අරගල භුමිය පිටුපස විශාල රාජතාන්ත්‍රික කාර්යක නියැලී ඇති බව මත පල කරන්නෝ පෙන්වා දෙන මතයක් වී තිබේ.අද වන විට මේ තත්වය සැබෑවක් බව පෙනෙන්නට තිබෙනා කරුණක් වී තිබේ.ජනාදිපති සිහිනය ඔහුට තවත් සිහිනයක් නොවූ බව අනාගතය දෙස බැලීමේදී දක්නට ලැබෙන බව නොරහසක් නොවන බව මෙය කියවන ඔබ නොදන්නවා නොවේ.
දේශපාලනය යන ගේම් එක ජනතා මතය නොමැතිව කරගෙන යා හැකි බව තවත් කලක් යන විට ජනතාවත තේරුම් යනු ඇත.මහ මොළ කරුවන් ශ්‍රී ලංකික ජනතාව තම හස්තයට ගොදුරු කරගෙන අවසාන බව පමණක් මෙහිදී මතක් කර දෙමි.ඔබට ඇත්තේ ඔවුන් නිමවන ලද හීනයේ ගිලෙමින් රග පෑම පමණක් බව ඔබට වැටහෙන විට ඔබ පරක්කු වන්නට පුළුවන් බව පමණක් මෙහිදී මතක් කරමි.
කිසිදු පාර්ලිමේන්තු බලයක් නැති පක්ෂයක ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු මෙරට ඉහල පුටුවට යාම මා වීර කමක් ලෙස දකිමි.ඒ ගමනට මෙන්ම ඉලක්ක ගත ගමනට මෙන්ම ලංකාවේ බහුතර ජනයා වෙනුවෙන් තම දේශපාලන අනාගතය උගසට තිබු නායකත්වයක ලකුණු මා ඒ චරිතය මතින් දකිමි.ඒ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා මාතාව වැටි තිබු තැනින් නැගිටීම වෙනත් නායකයන් පසු බැස පලා ගිය අවස්ථාවක ඒ වගකීම ගැනීම බොහෝ දෙනෙකු සේම මා වැදගත් කොට සලකමි.
සමගිය ලොක්කෝ වාසනාව දොර අරගෙන බලනවා දුටිමි.ජෙප්පෝ බන්දේසියක තබා රට තම අතට දෙනු ඇති බව සිතා එකල්හි කටයුතු කල බව දනිමි.වියවස්තව මෙන්ම රට ගැන ඔව්න් සිතන්නේ නම් රට එවිට ථිබුඉ තත්වය ගැන සිතා එක්වීම සිදු විය යුත්තක් උවද එය මේ කිසිදු දේශාභිමානයෙන් මොර දෙන පක්ෂයකට නොතිබූ බව දක්නට ලැබුණි.නායකත්ව ලක්ෂණ ජෙප්පෝ සජ්ජෝ ලග නොතිබූ බව දකිමි.එසේම අරගලය විය යුත්තේ කෙසේද යන්න පවා අරගල වල කෙල පැමිණි ජෙප්පෝ පවා නොදන්නේ මන් දැයි ගැටළුවක් මතුවන්නේ ගෝල්පේස් අරගලය දියාරු වී ගිය අයුරු දැකීමෙන් බව කිව යුතුය.
වැස්සත් පාලකයාට බනිනා රටක,මේ රට මගේ රට මා ඉපදුනු රට කියනා බොරු දේශ ප්රෙමින්ටත්,සිංහ ලේ තිබෙනා පුතුන් රටට කෙළවෙන මොහොතේදී රට හැර යන අවස්ථාවාදී ජනතාව සිටිනා රටක පම්පෝරි මිස වෙන දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව පෙනෙන්නට තිබේ.රජයේ කාර්යාල ,බැංකු සේවකයන් අත්තන ඇට කෑව මෙන් සිටිනා රටක මහා බ්‍රක්මයා ජනපති වුවත් බැස්මක් මිස නැග්මක් නැති බව නම් කිව යුතුය.
අරගලය විය යුත්තේ තම හදවතේ විනා පාරේදී නොවන බව පැහැදිලිය.රනිල් ඉල්ලුවේ ජනතාව බව දන්මි.ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සුදුසුම නායකයා රනිල් බව සියල්ලෝම කිවා මතකය.එසේනම් ඔබ රනිල් ඒ තැන තබා ඇත.එක්කෝ එකම බලාපොරොත්තුව රනිල් බව ඔබට ඒත්තු ගන්වන්නට කුමන හෝ බලවේගයක් ක්‍රියා කොට ඇත.සන්නිවේදනය සමාජ ජාල වෙනත් ක්‍රම ඔබ තම මතය යට කොට වෙනත් මතයක් ඔස්සේ ක්‍රියා කිරීමට උත්සහා දරනවා වන්නට පුළුවන.ඔබ ඔබම දැයි මදක් සිතන්න මේ කාලය නොවේද ?
අනාගත දේශපාලනය ලියා අවසානය....... ඔබ එහි නළුවෙක් පමණි.....මා ඒ දෙස බලා සිටිමි....මොකා මොක කිවත් මතය යට කොට පුද්ගලික මතයක් අනුව රටත් ජනතාවත් සුදානම් කොට අවසානය......
2023.03.06
දුකා...............
Subscribe to:
Comments (Atom)
ජෙපි තරුණ අසහනය
අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...
-
මුදල් පාලනේ ....... සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං ...
-
අතිත සැමරුම් සහ අනාගතය...... කාවන්තිස්ස යුගය ඔබ කියවා ඇතැයි සිතමි.ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුන යුගයක් ලෙස පසුව දුටුගැමුණු යුගය පටන් ගැනෙන...
-
පලවන කොටස සීහල දීප..... " සී හල දීප " කියන නම ගැන කතා කරලම වැඩේ පටන් ගන්න හිතුව.ඇත්තටම සීහලදීප කියන්නෙ "සිලෝන්"...















