Monday, March 6, 2023
දේශපාලනය ලියා අවසානය....... ඔබ එහි නළුවෙක් පමණි
පාස්කු ප්‍රහාරය,කොවිඩ් අර්බුදය, අරගලය මෙන්ම නිදහසින් පසු බිහිවූ පක්ෂ දේශපලයන නිසා රටේ ජනතාවට යන එනමන් නැතිවී ඇති බව පෙනෙන්නට තිබේ.
කුසට අහරක් සොයමින් අනාගත බලා පොරොත්තු කිසිවක් නොමැති ජනතාවෝ ඔබ මොබ හිස් අහස දෙස බලා සිටිමින් හුල්ලනු පෙනේ.ඇත්තෝ සහ නැත්තෝ යන දෙකොටස නැතිවී සියල් ජනතාවෝ නැත්තෝ තත්වයට පත්ව ඇති බව පෙනේ.
කෙසේ උවත් මේ අද පවතිර තත්වයට වග කිව යුත්තෝ පක්ෂ දේශපාලනය බව නොරහසක් බව පෙනේ.ඒ පක්ෂ දේශපාලනය හෙම්බත් වූ ජනතාව එක්ව අරගල කොට නැවත තමා ලබා දුන් බලය තමා සන්තකයට ගෙන ජනතාවාදී රජයක් බිහි කිරීම සදහා අරගලයට සහයෝගය දැක්වුවන්ගේ ඒකායන පරමාර්ථය විය.එසේ එක් වූ සුජාත ජනතාව අරගලයක් කොට සමාජ වෙනසක් ඉල්ලු ජනතාව අරගලය සමග එක් තැන් කර ගන්නට මහත් වෑයමක නියලුන් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිණි.
බොහෝ ජනතාවක් එල්ලුවේ ඒ වෙනසයි.බොහෝ දෙනෙකු බලා පොරොත්තු වුයේ එවන් ලංකාවක් නිර්මාණය වනු දැකීමටයි.ජනතාවගේ හදවත් තුල කකරෙන රාජ්‍ය එය විය.දේශපාලකයන් සැමදා පාරම්බාන බාපු පොරොන්දු දේශය එය විය.බල මහලු සියල්ල බලාපොරොත්තු වූ මොඩලය ගෝල්පේස් අරගල බිමේ නිර්මාණය විය.වේදකා නාට්‍ය,අද්යාපන කේන්ද්‍ර මුලික සමාජය,සුදුස්සාට සුදුසු තැන,සිනාව,තරුණ අසහනයට නිමාව,පුස්තකාල පහසුකම්,එකී මෙකි නොකී සැම ජන මනසක් ඉල්ලන සමාජ ක්‍රමය ගෝල්පේස් අරගල බිමේ දක්නට ලැබිණි.සංවර්දනය වූ රටක සමාජ ක්‍රමයක් ඒ අරගල භුමියේ නිර්මාණය විය.එමගින් ජනතාවගේ ආකර්ෂණය අරගලය සදහා මෙන්ම පවත්නා ආණ්ඩුව පන්නා දමනා ප්‍රධාන අවිය විය.
අදටත් මා මෙය සුජාත අරගල භූමියක් බව කියන්නට වෑයම් නොකරමි.මේ කවූරුන් හෝ නිමවා තම දේශපාලන අරමුණු සපල කර ගැනීමේ සුක්ෂම උපායක් බව පමණක් මා දනිමි.රට රටවල් වල වියාපාර වලින් මුදල් පොම්ප කිරීම මෙන්ම අරගලය මතින් තම හින කරා පිය මැනීම සදහා සුක්ෂම උපායක සුලමුල දැන් දැන් එලියට පැමිනෙන බව පෙනෙන්නට තිබේ.චීනය සහ ඉන්දියාව කලාපයේ අනෙක් රටවලට කල බලපෑම ගැන කතා කරනා දේශපාලන විචාරකයන් තම දේශපාලන පරිචය තවත් පුළුල් කර ගත යුතු බව පෙනේ.ඒ මක් නිසාද යත් බොහෝ යුරෝපානු රටවල් ලංකාව දෙස බලා සිට ඇති බව මේ අරගලය නිසා පෙනෙන්නට තිබු කරුණක් වී තිබේ.නොයෙක් සංවිධාන මෙහිදී අරගලයක් වනවාට උදවූ කල බව අද්යන තුලින් පෙනෙන්නට තිබෙන කාරණාවක් වී තිබේ.
මෙහිදී ලංකාවේ එක් දේශපාලන පවුලකට අයත් ලංකාවේ කිරීටයට හිමිකම් කියූ ගැහැනියක් සහ අගමැති හීනයට එහා නොගිය තැනැත්තෙක් ගෝටා ගෝ ගම අරගල භුමිය පිටුපස විශාල රාජතාන්ත්‍රික කාර්යක නියැලී ඇති බව මත පල කරන්නෝ පෙන්වා දෙන මතයක් වී තිබේ.අද වන විට මේ තත්වය සැබෑවක් බව පෙනෙන්නට තිබෙනා කරුණක් වී තිබේ.ජනාදිපති සිහිනය ඔහුට තවත් සිහිනයක් නොවූ බව අනාගතය දෙස බැලීමේදී දක්නට ලැබෙන බව නොරහසක් නොවන බව මෙය කියවන ඔබ නොදන්නවා නොවේ.
දේශපාලනය යන ගේම් එක ජනතා මතය නොමැතිව කරගෙන යා හැකි බව තවත් කලක් යන විට ජනතාවත තේරුම් යනු ඇත.මහ මොළ කරුවන් ශ්‍රී ලංකික ජනතාව තම හස්තයට ගොදුරු කරගෙන අවසාන බව පමණක් මෙහිදී මතක් කර දෙමි.ඔබට ඇත්තේ ඔවුන් නිමවන ලද හීනයේ ගිලෙමින් රග පෑම පමණක් බව ඔබට වැටහෙන විට ඔබ පරක්කු වන්නට පුළුවන් බව පමණක් මෙහිදී මතක් කරමි.
කිසිදු පාර්ලිමේන්තු බලයක් නැති පක්ෂයක ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු මෙරට ඉහල පුටුවට යාම මා වීර කමක් ලෙස දකිමි.ඒ ගමනට මෙන්ම ඉලක්ක ගත ගමනට මෙන්ම ලංකාවේ බහුතර ජනයා වෙනුවෙන් තම දේශපාලන අනාගතය උගසට තිබු නායකත්වයක ලකුණු මා ඒ චරිතය මතින් දකිමි.ඒ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා මාතාව වැටි තිබු තැනින් නැගිටීම වෙනත් නායකයන් පසු බැස පලා ගිය අවස්ථාවක ඒ වගකීම ගැනීම බොහෝ දෙනෙකු සේම මා වැදගත් කොට සලකමි.
සමගිය ලොක්කෝ වාසනාව දොර අරගෙන බලනවා දුටිමි.ජෙප්පෝ බන්දේසියක තබා රට තම අතට දෙනු ඇති බව සිතා එකල්හි කටයුතු කල බව දනිමි.වියවස්තව මෙන්ම රට ගැන ඔව්න් සිතන්නේ නම් රට එවිට ථිබුඉ තත්වය ගැන සිතා එක්වීම සිදු විය යුත්තක් උවද එය මේ කිසිදු දේශාභිමානයෙන් මොර දෙන පක්ෂයකට නොතිබූ බව දක්නට ලැබුණි.නායකත්ව ලක්ෂණ ජෙප්පෝ සජ්ජෝ ලග නොතිබූ බව දකිමි.එසේම අරගලය විය යුත්තේ කෙසේද යන්න පවා අරගල වල කෙල පැමිණි ජෙප්පෝ පවා නොදන්නේ මන් දැයි ගැටළුවක් මතුවන්නේ ගෝල්පේස් අරගලය දියාරු වී ගිය අයුරු දැකීමෙන් බව කිව යුතුය.
වැස්සත් පාලකයාට බනිනා රටක,මේ රට මගේ රට මා ඉපදුනු රට කියනා බොරු දේශ ප්රෙමින්ටත්,සිංහ ලේ තිබෙනා පුතුන් රටට කෙළවෙන මොහොතේදී රට හැර යන අවස්ථාවාදී ජනතාව සිටිනා රටක පම්පෝරි මිස වෙන දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව පෙනෙන්නට තිබේ.රජයේ කාර්යාල ,බැංකු සේවකයන් අත්තන ඇට කෑව මෙන් සිටිනා රටක මහා බ්‍රක්මයා ජනපති වුවත් බැස්මක් මිස නැග්මක් නැති බව නම් කිව යුතුය.
අරගලය විය යුත්තේ තම හදවතේ විනා පාරේදී නොවන බව පැහැදිලිය.රනිල් ඉල්ලුවේ ජනතාව බව දන්මි.ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සුදුසුම නායකයා රනිල් බව සියල්ලෝම කිවා මතකය.එසේනම් ඔබ රනිල් ඒ තැන තබා ඇත.එක්කෝ එකම බලාපොරොත්තුව රනිල් බව ඔබට ඒත්තු ගන්වන්නට කුමන හෝ බලවේගයක් ක්‍රියා කොට ඇත.සන්නිවේදනය සමාජ ජාල වෙනත් ක්‍රම ඔබ තම මතය යට කොට වෙනත් මතයක් ඔස්සේ ක්‍රියා කිරීමට උත්සහා දරනවා වන්නට පුළුවන.ඔබ ඔබම දැයි මදක් සිතන්න මේ කාලය නොවේද ?
අනාගත දේශපාලනය ලියා අවසානය....... ඔබ එහි නළුවෙක් පමණි.....මා ඒ දෙස බලා සිටිමි....මොකා මොක කිවත් මතය යට කොට පුද්ගලික මතයක් අනුව රටත් ජනතාවත් සුදානම් කොට අවසානය......
2023.03.06
දුකා...............
Subscribe to:
Post Comments (Atom)
ජෙපි තරුණ අසහනය
අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...
-
මුදල් පාලනේ ....... සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං ...
-
අතිත සැමරුම් සහ අනාගතය...... කාවන්තිස්ස යුගය ඔබ කියවා ඇතැයි සිතමි.ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුන යුගයක් ලෙස පසුව දුටුගැමුණු යුගය පටන් ගැනෙන...
-
පලවන කොටස සීහල දීප..... " සී හල දීප " කියන නම ගැන කතා කරලම වැඩේ පටන් ගන්න හිතුව.ඇත්තටම සීහලදීප කියන්නෙ "සිලෝන්"...





No comments:
Post a Comment