Friday, March 17, 2023

ලෝක පොලිටික් සහ අපේ පොලිටික්

ලෝක දේශපාලන බල තුලනය සදහා ලෝක බලවතුන් සිතල යුද්දයක යෙදෙන්නේ අද ඊයේ සිට නොවේ.එසේම පලවන සහ දෙවන ලෝක යුද්ද ඇති වුයේද බල තුලනය සහ තම රටේ තැන නිර්මාණය කිරීම සදහා බව ගැටළු අද්යනයේද පෙනෙන්නට තිබෙන කරුණකි. රුසියානු යුක්රේන යුද්දය ලෝකයේ සියලු රටවල්ම ආර්ථික සාමාජික සංස්කෘතික ලෙස උඩු යටිකුරු කරනා කාරණාවක් වුවද එයට එහා ගිය යටගිය සැලැස්මක් ඇති බව පෙනෙන්නට තිබේ.රුසියාව සහ පුටින් සම්බන්දව ලෝකයේ අවදානය දිනාගෙන සිටින අතර නේටෝ සංවිදානය රුසියාවට සම්බාදක දමමින් සිටි.
යුද්දය කොතරම් කුරිරුද යන්න සමාජයේ කතිකාවක් වුවද ඊට එහා ගිය දේශපාලන බල අරගලයක් පවතින බව පෙනෙන්නට තිබේ . චීනය ආර්ථික වශයෙන් ලෝකයේ පළමු තැන ගන්නට නොයෙක් අයුරින් ක්‍රියා කරන බව පෙනෙන්නට තිබේ.දැනට ලෝක බලවතුන් ලෙස සිටින ඇමරිකාව සමග චීනය සිතල යුද්දයක පැටලී සිටින බව දක්නට ලැබෙන කරුණක් වී තිබේ. 2020 වසර වන විට ලෝකය වෙලා ගත කොවිඩ් අර්භුදය සමග ලෝක ආර්ථිකය සෘණ අගයක් ගත අතර ලෝක බලවතුන්ගේ ලැයිස්තුව උච්චාවචනය වෙනු ඇති බව බොහෝ ආර්ථික විද්‍යාර්ථයන් මත පල කරන ලදී.ඇමරිකාව ප්‍රමුක යුරෝපය චීනය වෙත ඇගිල්ල දික් කලේ මේ කොවිඩ් අර්බුදය චීනය අනෙක් රටවල් වලට ප්‍රහාර එල්ල කරන්නට යෙදු ජීව ප්‍රහාරයක් ලෙස බව පෙන්වා දේ. කොවිඩ් යනු ලෝක බලවතුන් වෙන්නට චීනය ගත් වෑයමක කුටප්ප්‍රප්තියද යන්න තවමත් නොවිසිදුනු ගැටළුවක් වී හමාරය.කෙසේ වූවද කොවිඩ් අර්බුදය නිසා බොහෝ දනවාදී රටවල ආර්ථික වර්ධනය පහල බසින්නට හේතු වූ අතර ඇමරිකාව සම්පුර්ණයෙන් වසා දැමීමට පවා සිදු විය .එසේම යුරෝපා රටවල් ගණනාවක් ආර්ථික ලෙස කඩා වැටීමට හේතු විය.එසේම වැඩ කල හැකි ජනතාවක් නිකරුනේ විනාශ වී ගිය අතර රටවල් වල අනාගත සංවර්දනයට උර දිය හැකි ජනතාවක් විනාහ වූ අතර කොවිඩ් සදහා එන්නත් කරණය සදහා අනාගත සංවර්දනයට ධායක කර ගත හැකි විශාල මුදලක් විඅනාශ වී ගියේය.ඇමරිකාව එංගලන්තය තම රටවලම එන්නත් නිර්මාණය කර ගන්නට වෙහෙසුනේ චීන එන්නත ගැනීමට යොදවන ඩොලර් රටින් පිටට යාම වැලක් වීමට වන්නට ඇත.චීනය කොවිඩ් සදහා ඉක්මනින් එන්නතක් නිර්මාණය කරේ ඒ එන්නත විකුණා තම රටේ ඩොලර් සංචිත තර කර ගැනීමටද වන්නට පුළුවන. ඒ කෙසේ වුවත් මේ සියලු ආකාරයකින්ම තැලෙන්නේ ජනතාව බව නොකියාම බැරිය.එසේම ආර්ථිකව ස්ථාවරත්වයක් කරා ගමන් කරනා දෙවන ලෝකයේ රටවල් සේම තුන්වන ලෝකයේ රටවල් ආර්ථික වශයෙන් අස්ථාවර වූ බව පෙනෙන්නට තිබේ. කලින් කලට මේ සිදු වන්නේ ලෝක බලවතුන්ගේ බල තුලනය කර ගැනීමේ ගැටුමදැයි විටෙක සැක උපදී.
කොවිඩ් චීනයේ නිර්මාණයක් නම් සේම එමගින් යුරෝපය ප්‍රමුක රටවල් වලට සැර ප්‍රහාරයක් වුවා නම් එම රටවල් අනිවාර්යෙන් චීනයට ප්‍රතිප්‍රහාර දෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය විය.එය කුමන ආකාරයකින් සිදු වේද යන්න ගැටළුවක් සේම කුහුල දනවන කාරනාවක් විය. වර්තමානය වන විට ඒ කුමන අකරයින්ද යන්න පැහැදිලි වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. යුක්රේන සහ රුසියා යුද්දයේ අරම්භ ගිනි පුපුරා නිර්මාණය කළෝ කවූරුන්ද යන්න මේ වන විට සන්නිවේදන ආයතන මත පල කොට ඇත.
යුක්රේනය සහ රුසියාවේ අළු යට ගිනි පුපුරු උඩට ඇද්දේ කවූරුන්ද යන්න සොයා බැලීමේදී බලවත් රටවල් තම යටතේ අන් රටවල් තබා ගැනීමට වෙහෙසේ.අතීත 2004 වසරේ යුක්රේන මහ මැතිවරණයේ වික්ටර්ට එරෙහිව වික්ටර් ගැටලුව නිමවුවේ යුරෝපයයි.එහිදී එක්‌ වික්ටර් කෙනෙකු යුරෝපයට පක්ෂපාති වූ අතර අනෙක් වික්ටර් රුසියාවට ඇති විය.මෙහිදී දේශපාලනික ලෙස යුරෝපා මතවාදය සහ රුසියානු මතවාදය ජන ගත කිරීමට දේශපාලන පිබුරුපත් යුරෝපය යුක්රේන භුමියේ මුල් වරට පල කරන ලදී.එමගින් රටේ ජන කොටස් මතවාදී ලෙස වෙනස් වීම දක්නට ලැබිණි එසේම 2008 වසරේදී යුක්රේනය සහ ජෝර්ජියාවට නේටෝ රාජයන් ලෙස නම් කරන බව නේටෝව විසින් ජන ගත කරන ලදී.එම තොරතුරත් සමග රුසියාව ගිනි ගත්තේය.එයට මුලික හේතුව වන්නේ ඇමරිකාව සහ රුසියාව අතර අතීතයේ සිට පවතී ගැටුමයි.නේටෝ රාජ්‍යයක් ලෙස යුක්රේනය සහ ජෝර්ජියාව නම් වුවොත් රුසියාව ඇමරිකානු රාජ්‍යයන්ගෙන් වට වන්නේය .මෙය රුසියාවට රාජතන්තරික ලෙස සම්බාදක පැනවීමක් වන්නේය .එය රුසියාවේ ස්වෛරීත්වයට ගැටළුවක් වන්නේය.
2010 වසරේ යුක්රේනය සහ රුසියාව අතර ගෑස් පිලිබදව ගිවිසුමක් ඇති විය.එමෙන්ම කළු මුහුද අවට ගෑස් නල ආරක්ෂාවට රුසියානු සිල් බට කණ්ඩායම් රදවා තබා ගැනීම සම්බන්දව කතිකාවක් ඇති වූ බව කියවේ. 2013 වසරේ යුක්රේන ජනාධිපති රුසියානු ගති පුද්ගලයකු බව ප්‍රකාශ කරමි ජනතාව විදි බැස උද්ගෝෂණ සිදු කරයි. 2014 වසරේ යුක්රේන ජනපතිට විරුද්දව ජනතාව කැරලි ගසනු ලබයි.මෙහිදී විධායක බලතල ඇති ජනාධිපති කැරලි මර්ධනය කිරීම සදහා පොලිසිය කැදවනු ලබයි.මෙහිදී ජීව අවි මගින් කැරලි කරුවන්ට ප්‍රහාර එල්ල කරයි.ජනතාව කුපිත වී කිවි නගරය කේන්ද්‍ර කොට ගෙන කැරැල්ලක් ආරම්භ වේ.මෙම කැරැල්ල සමග එවකට යුක්රේනයේ ජනාධිපති රුසියාවට පලා යයි. මේ සියල්ලත් සමග G 8 සමුළුවෙන් රුසියාව ඉවත් කෙරේ . 2014 අප්‍රේල් මස යුක්රේනයේ දොන්බාස් ප්‍රදේශයේ බලය රුසියානු හිතවාදී කැරලි කරුවන් අතට පත් වේ.මේ කැරලි කරුවන්ට සෘජු ආධාර ලබා දීම රුසියානුවන් විසින් සිදු කරනු ලබන බව චෝදනා එල්ල කරයි.එය රුසියාව තරයේ ප්‍රතිෂේප කරනු ලබයි. 2014 දෙසැම්බර් මස වන විට රුසියාවට විරුද්දව සම්බාදක පැනවීම පිලිබදව කතිකාවක් ඇති වේ.මෙහි ප්‍රතිපලයක් ලෙස සහ එකට එක කිරීමක් ලෙස කැනේඩියානු නීතිවේදීන්ට රුසියාවට ඇතුල් වීමට නොහැකි ලෙස සම්භාදක පනවනු ලබයි. 2015 වසරේ සිට යුක්රේනයට ආධාර ලෙස කැනේඩියානු හමුදා භටයන් 200 ක් මස 06 කට වරක් යැවීමට කැනේඩියානු රජය තීරණය කරනු ලබයි. 2016 සිට 2021 දක්වා රුසියාව ට සම්බාදක පැනවීමට කැනඩාව තිරණය කරනු ලබයි.එසේම කැනඩාව යුක්රේනය සමග නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් තබයි. 2021 වසරේ රුසියාව යුක්රේන දේශසීමාවේ තම බට කණ්ඩායම් ස්ථාන ගත කරන දර්ශන චන්ද්‍රික ආදරයෙන් ලබා ගෙන ජන ගත කරයි.එසේම යුක්රේනයද තම දේශ සිමා සදහා අමතර බට කණ්ඩායම් රදවලයි. 2022 වසරේ මුල් භාගයේ යුක්රේන ජනාධිපති සමග ජෝ බයිඩන් ජනාධිපති වරයා දුරකථන සංවාදයක යෙදෙමින් රුසියාව ආක්‍රමණය සිදු වුවහොත් ඇමරිකානු රජය යුක්රේනයට ආධාර සපයන බව පවසයි. 2022 වසරේම කැනඩාව යුක්රේනයට ඩොලර් මිලියන 120 ක ආධාර ලබා දෙයි. ඇමරිකාව යුක්රේනය අවට රටවල් වලට ඇමරිකානු හමුදා බටයන් රදාවාලයි. 2022. වසරේම මුල් භාගයේ ලෝක නායකයන් එක්ව යුක්රේන අර්බුදය පිලිබදව කතිකා කරයි.එසේම කැනඩාව යුක්රේනයේ සිටින සියලු කැනේඩියානු ජනයාට රටින් ඉවත්වෙන ලෙස එන කරයි.එසේම රුසියාව යුක්රේන දේශ සිමාවේ යුද හමුදා අබ්යසයක යෙදෙන බව ප්‍රකාශ කරයි. 2022.02.21 රුසියානු ජනාධිපති ජාතිය අමතමින් ජාතික ආරක්ෂාව සදහා යුක්රේනයට විරුද්දව යුද සෙබළු මෙහෙයවන බව ප්‍රකාශ කරයි.එසේම ඇමරිකාව කැනඩාව ඇතුළු රටවල් රැසකට රුසියාව විසින් සම්භාදක පනවනු ලැබේ.එසේම යුක්රේන පාර්ලිමේන්තුව හදිසියේ කැදවා හදිසි අවස්ථාව වැඩි චන්දයෙන් සම්මත කර ගනී. 2022 පෙබරවාරි 22 වන දින රුසියාව යුක්රේනය ආක්‍රමණය කරයි. මේ යුද්දයේ ඇතුල් පැත්ත කෙසේදැයි දැන් ඔබට වැටහෙනු ඇත ඇමරිකාව ප්‍රමුක යුරෝපා රටවලට අවශ්‍ය වුනේ රුසියාව සදහා සම්බාදක පනවා නැගී සිටිමට වෙහෙසෙන චීනය අකර්මන්‍ය කිරීමට බව පෙනේ.රුසියාව අකර්මන්‍ය වුවහොත් ආසියාතික කලාප ආර්ථිකය තවත් පහලට යනු ඇති බව පෙනෙන්නට තිබේ.ගල් අගුරු සහ බොර තෙල් චීනයට සම්පාදනය කරන්නේ රුසියාවයි.මේ යුද්දය නිසා ඒ ඇනවුම් පවා අකර්මන්‍ය කිරීමට යුරෝපය ගැසූ ගැටය යුක්රේන රුසියානු යුද්දයයි.එසේම ඇමරිකාව සහ එංගලන්තය යුද අවි සම්පාදනය කොට යුක්රේන ආර්ථිකය බින්දුවට බස්සනු ඇත.එයින් පසු යුක්රේන භුමිය යුරෝපයට අයිති වනු ඇත.ණය බරින් මිරිකී සිටිනා යුක්රේනය ඇමරකානු රූකඩයක් වීම නොබෝ කලකින් දැකිය හැකි වනු ඇත. රටක රජතාන්ත්‍රික සේවා අතිශය භුද්දීමත්ව කටයුතු කල යුතුය.බලවත් රටවල් සාමාන්‍ය රටවල් ගිල ගන්නේ විනාඩියෙන් දෙකෙන් නොවන බව මතක තබා ගත යුතුය.ලෝකයේ සැම රටක්ම මානසික වශයෙන් ආක්‍රමණය කිරීමට බලවත් රටවල් කෙටුම් පත් සකසා අවසානය. චීනය සහ ඉන්න්දියාවත් යුරෝපා රටවලුත් ලංකාව පිලිබදව සිතන්නේ මෙසේ විය හැකිය.වසර 32 යුද්දයේදී LTTE සන්විදනයට සහ ලංකාවේ රජයට අවි ලබා දුන්නේ යුද්දය පවතී නම් යුරෝපා රටවල අවි වෙළදාම සරු වන නිසාය.යුද්දය ඒ සියල්ලන්ටම වෙළදාමක් පමණි.ඒ තත්ව මතක තබා දෙන රජතාන්ත්‍රික ලෙස තම ප්‍රතිපත්ති සම්පාදනය කර ගත යුතුය.IMF හරහාද සිදු වන්නේ ආර්ථිකය නගාසිටුවීමට යම් රුකුලක් වීම පමණි.එමගින් ලංකාවේ රිණ අගයක පවතින විදේශ සංචිත සදහා imf හරහා ඩොලර් යොදවනු ඇත.එමගින් ලංකාවේ සංචිත තරවී විදේශ රටවල් ලංකාව පිලිබදව තිබෙනා ප්‍රතිරූපය වර්ධනය වනු ඇත.එමගින් ලංකාවට වෙනත් රටවලින් ලැබෙනා ණය පහසුකම් සදහා imf ශ්‍රී ලංකා රජයට පිරිනමන සහතිකයක් පමණක් වනු ඇත.
බොහෝ දෙනෙකු සිතන්නේ imf හරහා ලැබෙන ඩොලර් සෘජුවම ජනතාවගේ පරිහරණය වෙනුවෙන් ලැබෙන මුදලක් ලෙස වුවද එසේ නොවන බව ජනතාව තේරුම් ගත යුතුය.එසේම පෙර පැවසු කරුණට අදාලව වෙනත් රටවලින් ආධාර හෝ නය ලබා ගැනීමට නම් imf හා සමගාමිව රාජතාන්ත්‍රික ලෙස සම්භන්ද වීමට විශේෂ වැඩපිළිවෙලක් නිර්මාණය කල යුතුය.එසේ නොකළහොත් ආර්ථික වශයෙන් ලංකාව තවත් පහලට ඇද වැටෙනු ඇත. රාජ්‍ය ආරක්ෂාව සදහාද මීට වඩා ආසියා කලාපිය රටක් ලෙස ශ්‍රී ලංකාව තම රටේ ශක්‍යතාව මෙහෙයවා කටයුතු කල යුතුය.ආසියාතික කලාපයේ ලෝක යුද්දයක ආරම්භය පිලිබදව කතිකාව අවේ අද ඊයේ නොවේ.චීනය සහ යුරෝපය අතර මත ගැටුම් පැවතියේ අද ඊයේ සිට නොවේ.මෙය සිතල යුද්දයක් ලෙස අදටත් පවතී.අළු යට ගින්දර කොයි වෙලේ හෝ ඇවිලෙනු ඇත.ලොකු සත්තු මරා ගන්නා විට අප වන් කුහුබු රාජ්‍යටද ඒ රස්නය දැනෙනු ඇත.වහ වහා ඒ සදහා ලංකාවේ රාජතාන්ත්‍රික මෙන්ම ජාතික ආරක්ෂාව සදහා ලංකාවේ ප්‍රතිපත්ති වෙනස් විය යුතුය.එසේම සැමට එක නිතියක් ක්‍රියාත්මක විය යුතුය.අනාගතයේ සිදු විය හැකි බලපෑම් මෙන්ම ආර්ථික කඩා වැටීම් පිලිබදව අද්‍යනය කොට ජනතාව ඒ සදහා අද්යත්මිකව ඒ සදහා සුදානම් කිරීමේ වගකීමද රජයක් ලෙස එකට එකතු වී ගැටළු වලට මුහුණ දීමට විශාල රුකුලක් වනු ඇත.එසේ නොවුවහොත් රට මෙයට වඩා ගැටළු වලට මුහුණ දෙනු ඇත. දුකා............ 2023.03.17

No comments:

Post a Comment

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...