Saturday, July 23, 2022
අරගලයෙන් උපන් වියමනක සන්නාලියෝ.......
රෝසා :- බලපන් බං .....අපේ ලේ වලින් පන ගහල අපු හමුදාවේ උන් අපිටම කෙලිනවා බං.අර බලපන් ජාත්‍යන්තර මාද්‍ය සෙට් එකටත් ගහල.... උබල අහගෙනද ඉන්නේ....
සේනා :- අනේ හුකේ ....අපේ අම්මල ගමේ පන්සලේ බෝධි පුජා පවා තිබ්බ බං ඒ කලේ...අපේම කුලකේ උන් නේද කියල හිතල.රෙද්ද.....මන් දැක්ක ගහන හැටි 12 නිවූස් වල ඒ විදිහ නම් තුච්චයි බං....උන් අරගල කරේ අපි වෙනුවෙන් අන්න එක තේරෙන්නේ නෑ මුන්ට.....හිතන්නේ තුවක්කුවක් ගත්තහම උන් තමා ලොක්කෝ කියල.
රෝසා :- ලොක්කන්ගේ දන්කුඩ කන උන් බං ඔය.....දේශපාලකයෝ බේර ගන්න හදනවා. ඒ දුකා උබට මොකෝ බං වෙලා තියෙන්නේ...උබට දුක නැද්ද බං අපි වෙනුවෙන් අරුන් ගුටි කන එකට .....යකෝ උන් අපිට රටක් ඕනේ නිසා බං අර ගුටි කන්නේ....ඇස් ඇරලා බලපන්කො....
බෝඩිමේ උන් කියන විදිහට මම අද වෙන තුරු ඇස වසාගෙන සිටියේ නැති බව මා දනිමි.එසේම මේ සියලු ප්‍රශ්න දෙසම මා බලනා කෝණය වෙනස් බව උන්ට වඩා ඔබ දන්නා බව මා දනිමි.සමාජයෙන් කොන් වේ යැයි බයේ මා මුහුණු පොතේද ඉන්නා බව ඇත්තය.නමුත් මා මුහුණු පොත් වාසින් මෙන් අරගලයට ඍජු ලෙස දායකත්වය දක්වා නැත.අදද මා අරගල කලයුතු යැයි සිතන්නේ තම තම මනෝභාවය තුල බව මා විශ්වාස කරමි. පුද්ගලිකව මා මා සමග අරගල කොට පසුව මා සොයා ගත දෙය ලියා තබමි.මා අනුගාමිකයන් නිමවන්නෙකු නොවේ.තම තම නැන පමණින් තමා තුල අරගල කොට සමාජයේ තවත් අයෙකුට එය ප්‍රේරණය කර හැකි නම් ඒ අරගලය ලෙසා මා දකිමි.වෙනත් රටවල් වෙනස් වුයේ තම අතුලන්තයෙන්ම අරගල කොට තමාට හැකි දේ සමාජයට කොට පමණක් බව මා දනිමි.සාමුහික අරගලයක ශක්තිමත් බව රැදෙන්නේ අතුලන්තයෙන්ම අරගල කෙරු මිනිසුන් නිසා බව මා දනිමි.එසේම අරගලයකට හැගීම් පමනක් නොව දැනීම් සේම මොලයක් තිබිය යුතු යැයි මා විශ්වාස කරමි.එසේම ඉවසීම සේම ඉල්ලක්ක ගත සැලසුමක් අරගලයට තිබිය යුතු යැයි මා විශ්වාස කරමි.
ලංකාවේ අරගලය මුහුණු පොතේ අරගලයක් වී සබුද්දික සාමාජිකයන්ගේ සහ බුද්දීමතුන්ගේ එකමුතුවකින් කිසිදු පක්ෂයක් හෝ පාටක් නැති නිර්පාක්ෂික අරගලයක් ලෙස උද්දීපනය වී අවද පසුව ඒ සුවන්ජතවාදය කෙලෙසීමක් පෙනෙන බව නොරහසක් බව සිතමි.අවිහිංසාවෙන් දයාබරිත හදවත් තුල වෛරයේ විස පැල කලේද දේශපාලන පක්ෂ මිස වෙන කෙනෙකු නොවන බව දිනක ඔබට වැටහෙනු ඇත.පෙරැට්ටෝ හෝ ජෙප්පෝ අතීතයේ සියල්ලන්ටම සහෝදරයෝ ලෙස පෙන්වා දෙමින් ධනවාදී කදවුරු කඩා බිද දැමීමේ සරදියල් ගෙමක මුල් හිමිකරුවන් බව මෙහිදී නොකියාම බැරිය.ඔවුන්ගේ මානසික තත්වය තුල මා සමාජයේ ඔවුන් හා එකට සිටින විට දැක්කේ තමාට ලගා විය නොහැකි තත්වයන් තුල සිටිනා සියල්ලන්ටම ඔවුන් හිත ඇතුලෙන් වෛර කරා විනා වෙන දෙයක් නොවේ.ලංකාවේ සමාජ වාදය නැවත ඔසවන්නට කොතරම් උත්සහ කලද ඒ සමාජවාදී මතවාදය බිමේ පැල කිරීමට නොහැකි බව මා සේම ජෙප්පෝ මෙන්ම පෙරට්ටෝද දන්නා බව මා දනිමි.
සැමදා ඔවුන්ට අවැසි වුයේ කොරහේ කිබුලන් ඇතිබව සමාජ ගත කිරීමට බව මා දනිමි.එසේ නොමැති නම් ඔවුන්ගේ දේශපලනය එතැනින්ම ජනතාවන්ට අමතක වී යනු ඇති බව මා දනිමි.කිසිදු ගැටළුවක් නොමැති සමාජයක් නිමවුනොත් ජෙප්පෝ සේම පෙරට්ටෝ වැනසී ගොස් රතු දත්ත පොතෙනුත් වියකි යනු ඇත. ජෙප්පන්ට සහ පෙරට්ටන්ට ජිවත් වන්නට සමාජ විකුර්තියක් අවශ්‍යය.කුණු මස තුල නලියන ඉහද පනුවන් මෙන් ජෙප්පෝ මෙන්ම පෙරට්ටෝද ඒ කුණු වූ මස තුල ජිවත් වෙති.කුණු මස් නොමැති තැන ජෙප්පෝ සහ පෙරට්ටෝ වියකි යනු ඇත.මේ සරල තර්කය තේරුම් නොගත හොත් අරගලයේ සුජාත භාවය වියකි යනු ඇත.
සුජාත අරගලය නමැති කුඩාරමට ජෙප්පෝ සහ පෙරට්ටෝ යන ඔටුවන්ගේ පැමිණීම අරගලයේ සුජාත භාවය දියකර හරිනා බව පැහැදිලිය.සිටින්නේ තරුණයෝය ලේ රත් වූ දරුවන්ය.මිලේනියම් නලාගිරිලාය.මේ මොහොත වන විට ඒ මිලේනියම් නලාගිරිලාට ජෙප්පෝ සහ පෙරට්ටෝ රා පොවනා බව පැහැදිලිය.අරගලයේ පෙර තිබු හිස මේ දේශපාලනය කුරුවල් කරනා බව පැහැදිලිය.ලංකික සමාජ පීඩනය මත බිහි වූ අරගලය දේශපාලන ගණිකාවන්ගේ අරගලයක් වී ඇති බව පෙනෙන්නේ ඒ නිසා බව මා කියන්නේ ඒ නිසාය.
රටේ ආර්ථික තත්වය අඩියට වැටි ඇති බව කියනා මහා බැංකුව දේශපාලන ස්ථාවරයක් නොමැති රටකට ජාත්‍යන්තර ආධර නොදෙන බව පුල පුලා කීවද ඒ ස්ථාවරත්වය ඇති කිරීමට ඉඩ නොදෙන වර්තමාන අරගල කරුවන්ට සංයමයක් හෝ ඉවසීමක් නොමැති බව පෙනෙන්නට තිබේ.මේ තත්වයට වඩා තවත් රටේ ආර්ථිකය කඩා වැටුනොත් දුප්පත්ම මිනිසාගේ ඉරණම බාල්කයක හෝ කනේරු අලයකින් විසදෙනු ඇත.අරමුණකට යාමේදී අරගල කරුවන්ට සංයමයක් නැත.වසර තිහක යුද්දය කල අට පාස් සොල්දාදුවාට අවි දරා සිටියද සංයමයක් සහ විනයක් තිබු බව කිව යුතුය.සරසවියට ගිය පමණින් සකල කළා වල්ලභලා වෙන්නෙයැයි සිතනා පොරවල් සිටිනා අරගලයේ සමහර බුවාලා සකල කලා කෙසේ වෙතත් වල්ලභයෝ බව නම් කිව යුතුය .
රටේ හමුදාව පෙන්වා අරගලයේ මුල අරගලය මාකට් කල අරගල කරුවන් කාපු බතේ පහරන අමනයන් ලෙස සමාජ මාද්‍ය හරහා රණවිරුවන්ටම ගරහන අපුරුව දකින විට පෙනෙන්නේ අක්මුල් සිද ගත් දෙල් කොල ගොඩේ දුවනා මීහරක් ලෙස බව කීමට මා මාලි නොවෙමි.අරගල කරුවන්ගේ “අරගලේ go home” යැයි කියනා දින වැඩි අතක නොවන බව කිව යුතුය.
සෑමැ දෙයක්ම අරගලයෙන් විසදිය නොහැක සංමුතියද අරගල කරුවන් රැකියා යුතුය.එසේම අරගල කරුවන් ඔතරම් මහත්මා නම් රටේ පොදු නීතියට මෙන්ම වීවස්ථවටද ගරු කල යුතුය.ත්‍රිවිද හනුදවෝ නිතිය හා සාමය මෙන්ම මහජන මුදලින් නඩත්තු කරනා වත්කම්ද රකින බව සපත කර දියුරුම් දී ඇති අට පාස් උන්ය.කොටින්ට රටේ එක බිම් අගලක් නොදී දියුරුම රැකි උන්ය.අරගල කොට මහා දෙයක් ලෙස කුණු අතුගෑමෙන් හොද හිත දිනා ගැනීමට වඩා අරගල කරුවන් තම පපු කුහර වල අරගලය ඇති කර ගත යුතුය.චීනයේ රතු හමුදාව සේ අරගල කරුවා අරගල බිමේ ද ගමේ ද තම නිවසේද ප්‍රතිපත්ති රැකියා යුතු උන් විය යුතුය.ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ප්‍රතිපත්ති අරගල කරුවෙකුගෙන් සමාජයට ඇති වැඩක් නොමැති බව කිව යුතුය.
සමාජ සරදර්ම පිළිබද කතා කරන්නවුන් මවු කෑවාදැයි නොසොයන්නේ නම් ,රාජකාරිය නිසි ලෙස නොකොට වගකීම නොකොට ඓතිවාසිකම් වෙනුවෙන් අරගලය කරන්නේ නම් ඒ අරගල කරුවගෙන් ඇති වැඩය කුමක්දැයි කෙනෙකු ප්‍රශ්න කරනු ඇත.වුර්තිය සමිති වියාපාරය කරනා සමහර අරගල කරුවන් තම වගකීම නොකොට ඉල්ලීම් ඉල්ලන්නට අරගල කරයි නම් ඒ රටේ අනාගතය ගැන කතිකාව එතනිම්ම ලොප් වනු ඇත.වගකීම් යුතුකම් කොට ඉල්ලීම් ලබා ගැනීමට සියල්ලන්ටම අයිතියක් ඇත.එහෙත් මුල නොකොට අග පමණක් ලබා ගැනීමට අරගල කිරීම පෞත්ගලික යුද්දයක් මිස සාමුහික අරගලයක් නොවනු ඇත. දැනට පවතින අරගලේ අරගල කරුවන් වන්නේ එක්කෝ එක දිනක් දරුවන්ගේ නෙත් පාදන්නට දායක නොවූ මහල්ලන්ය,කොරහේ කිබුලන් දකිනා රටේ අනාගතය ගැන නොසොයනා නරියන්ය.දේශපාලන බඩගෝස්තරවාදී මි හරකුන්ය,ගෙදරට මෙන්ම වැඩ කරනා තැනට බරක් වූ බරවා කාරයන්ය.
අරගලය සැරසෙන්නේ වගකීම් ඉටුකොට යුතුකම් ඉටුකොට අත්ලේ කර ගැට ඇත්තවුන් මෙන්ම හදවත් වල තෙත් හිත් ඇත්ත්වුන් නිසා බව දිනක ඔබට වැටහෙනු ඇත.එවන් දිනක එවන්නුන් සමග අරගලය රටක් සේම සමාජයක් වෙනස් කරනු ඇත.එවන් අරගලයක් රටේ දිශානතිය වෙනස් කරනු ඇත.එවන් අරගලයක් සදා නොමියෙන සමාජ අරගලයක් වනු ඇත.
එසේම මේ අරගලයට පහර දීම ඔබ සිතනා ලෙස අරගල කරුවන් ගැන තිබෙනා පිළිකුල නිසා දේශපාලකයන්ගේ පළිගැනීමේ චේතනාවේ ප්‍රතිපලයක් නිසා සිදු වුවක් ලෙස මා නොදකිමි.එය දේශපාලන වාසි තකා කල පහර දීමක් ලෙස සිතේ.මේ ප්‍රහාරයේ මාස්ටර් පැලෑන ඔබ නොදකින අනන්තයකට ගෙන යන බව නම් දනිමු. රනිල් නම් වූ ඔහු මේ අරගලයෙන් පැමිණි නායකයෙකු ලෙසත් මේ අරගලය ඔහුගේ ඉදිරි අනාගතය රට වෙනත් මාවතකට ගෙන යනු ඇති බව සිතමි. අරගලය තිබිය යුතු බව පමණක් දනිමි.ඔහුටත් මටත් අරගලය තිබිය යුත්තේ මගේ ගේම මෙන් ඔහුගේ ගේමේ පරිධිය අරගලය වටා බැදී තිබෙනා නිසා පමණක් බව ලියා තබමි. නුවනැත්තො වටහා ගනිත්වා ..............යැයි මගේ පැතුමයි................
දුකා
2022.07.23
Subscribe to:
Post Comments (Atom)
ජෙපි තරුණ අසහනය
අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...
-
මුදල් පාලනේ ....... සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං ...
-
අතිත සැමරුම් සහ අනාගතය...... කාවන්තිස්ස යුගය ඔබ කියවා ඇතැයි සිතමි.ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුන යුගයක් ලෙස පසුව දුටුගැමුණු යුගය පටන් ගැනෙන...
-
පලවන කොටස සීහල දීප..... " සී හල දීප " කියන නම ගැන කතා කරලම වැඩේ පටන් ගන්න හිතුව.ඇත්තටම සීහලදීප කියන්නෙ "සිලෝන්"...




No comments:
Post a Comment