Friday, August 30, 2024
පාලනය
ලංකාවෙ දේශපාලන වටපිටාව එන්න එන්න උනූසූම් මුහුනුවරක් ගන්නවා.පෙලක් අය රැල්ල ඇති පැත්ත හොයනවා.තවත් කට්ටියක් මිනිසුන් වැඩි පැත්තට හෙත්තු වෙනවා.තවත් අය රස වෑහෙන කතා කියනවා.පක්ශ තම තමන්ගෙ රට හදන ක්‍රම සම්බන්දව ප්‍රතිපත්ති ප්‍රකාශන එලි දක්වනවා.
නමුත් ඇත්ත දෙශපාලන ප්‍රවාහය ඔයිට වඩා වෙනස් බව තමයි දුකාට නම් පෙන්නෙ.මීට වසර ගනනාවකට පෙර මම දුකාගෙ කොලමෙ හිස නැති කවන්දයක් කියලා ලිපියක් ලිවුවා මතක ඇති.අරගලය හිසක් නැති බලවෙගයක් උනා ඒ අරගලය රට එවකට තිබුනු දෙශපාලන මතවාද පරාද කරලා රට වෙනත් මාවතකට ගෙනිච්චා.මෙක එවකට තිබ්බ ලොක ප්‍රවාහයක ප්‍රතිපලයක් විසියට තමයි පෙනෙනන්නට තියෙන්නෙ.
facebook revolution නැතිනම් සමාජ මාධ්‍ය නැගිටිම තුල ඇතිවු සීතල යුද්ධයක ප්‍රතිපලයක් ලෙස තමයි ලංකාවෙත් අරගලය පටන් ගත්තෙ.ඊජිප්තුව,අරාබි ලීගය,ඉන්දියාව ලංකාව වර්තමානයේ බංග්ලාදේශය තුල ඇවිලෙන්නෙ මෙ අරාබි වසන්තයෙ දෙශපාලන ලක්ශන.මෙ කන්සෙප්ට් එක ඒ ඒ රටවල් වල ආර්ථිකය වසර ගනනාවක් ආපස්සට ගෙනියන්න තරම් ශක්තිමත් වූ දෙශපාලන බල පෙරලි කියල නම් කියන්න පුලුවන්.
නමුත් මෙ අරගල තුල සංවිධානය අතින් මුලින් ජනතා ප්‍රසාදය තිබුනත් පසුව මෙම අරගලයෙ කූඩාරමට රින්ගන දෙශපාලන ප්‍රවාහන විසින් මෙ සමාජ අරගල තම දෙශපාලන තුරුම්බු බවට පත් කර ගත්තා.
මෙ අරගල තුල ගත නැති කවන්ද ස්වරූපයක් තමයි තිබුනෙ.ඒ කියන්නෙ එක් නායකයෙකු හො කන්ඩායමක් මෙ අරගල වලට නායකත්වය දුන්නෙ නෑ.
මෙන්න මෙ කවන්ද ස්වරූපය තමයි පවතින දෙශපාලන ප්‍රවාහ තම බලල් අත කරගත්තෙ.මෙ දරුවට උප්පැන්නෙ දෙන්න හැම දෙශපාලන පක්ශයක්ම පොරකන කොට අරලයට උර දුන්නු දර දිය ඇදපු මිනිස්සු එකිනෙකා ගැලවිලා ගිහින් ඉවරයි.අරගලෙ කුල්ල කුජිත වෙන්න පටන් ගත්තෙ ඔන්න ඔහොම.මෙතනදි දිශාවක් නොමැති අසරන අරගල කරුවො දෙශපාලන අනාතයො වෙන එක නවත්ත ගන්න එවකට තමන්ගෙ හද ගැස්මට දැනෙන පක්ශයකට හෙත්තු විම තමයි අරගලෙ අවසානය වෙන්නෙ.
ලංකාවෙ මෙ තත්වයෙන් බඩ වඩා ගත්තෙ වාමවාදි පක්ශ ඇත්තටම කිවුවොත් අරගලෙකින් රටෙ බලය ලබා ගන්න දගලපු පෙරටුගාමී සමාජවාදීන් ජෙවීපී වගෙ පක්ෂ වල නැගිටිම වෙනදාටත් වඩා වර්ධනය වෙන්නෙ මෙන්න මෙ තත්වය මත තමයි.මොකද ඇරගලයට දර දිය ඇදපු මිනිසූන්ට එල්ලෙන්න වැලක් තිබ්බෙ නෑ.
අද වන විට ආර්ථිකය හසුරවන්න වගෙම රටෙ ආර්ථික අගාධයෙන් රට ගොඩ ගන්න සුරංගනා කතා කියන්නෙ ඔන්න ඔය පක්ශම තමා.නමුත් සමාජවාදී කියන්නෙම අද පවත්නා ලොක ස්වභාව ආර්ථික ධනවාදි රාමුවෙන් පරිබාහිර බලවෙගයක්.ආර්තීකව වැටුනු රටක් ගොඩ ගන්න සමාජවාදය ලංකීය දෙශපාලනයට එන්නත් කිරීම මම දකින විදියට මරි මොඩ වැඩක් විසියට තමයි මම නම දකින්නෙ.ලොක දෙශපාලනික අතීතය වගෙම දෙශපාලන ශාක්‍යතාවක් තියන බොහො දෙනා දත යුතු දෙයක් තමයි සමාජවාදී ආර්ථික ක්‍රමයක් තුල පවත්නා ආර්ථික ගැටලුවට විසදුම් සෙවීමට නොහැකි බව.රුසියාව චීනට වියට්නාමය වගෙ රටවල් ඉදිරියට එන්නෙ මෙ සමාජවාදී ආර්ථික ක්‍රමයෙන් පිටමන්ව රැඩිකල් ධනවාදී ක්‍රමයකට රට දිශාගත කිරීමෙන් පමනක් බව පෙනෙන්නට තිබෙන කරුනක්.
ඇයි මම මෙහෙම කියන්නෙ සමාජවාදී බල කදවුරු කියන්නෙ ලොක ආර්ථික ප්‍රවාහය තුලට රටෙ ආර්ථිකය විවෘත කිරීම නොවෙ රට තුලම තමන්ට අවැසි දෙ නිර්මානය කිරිම කියන කන්සෙප්ට් එක."අපි හම්බ කරොත් අපි කනවා" කියල මිනිස්සු කෘයන්න පුරුදු වෙලානෙ දැන් අන්න ඒ කන්සෙප්ට් එකට මෙන්න මෙ සමාජවාදී ක්‍රමය ගැලපෙනවා.මෙ වනවිටත් රටෙ ආර්ථික හැකිලිලා ඉවරයි. සමාජවාදය ආවොත් රටෙ මිනිස්සුන්ට රට තුල තමන්ට අවැසි දෙ නිර්මානය කර ගන්න පුලුවන් එහෙම උනොත් සමහර විට අතිරික්තයක් නිපදවීමට හැකියාව ලැබෙයි.ගොවියො ගොවිතැන් කරයි සන්නාලියො මහයි.මාලු අල්ලන මහත්තුරු මාලු අල්ලයි.අලපමිරිස් වවන උදවිය අල මිරිස් වවයි.අතිරික්තයක් නිර්මාණය වෙයි.මින්ස්සුන්ට සුරංගනා ලොක නෑ.ඒ රටෙ විදියට අපිත් හැදෙන්න ඔනෙ අර රටෙ ජනතාව විදියට අපි ඉන්න ඔනෙ ඒවා සුරංගනා කතා වල නිම්ත්තක් පමනක්ම වෙයි.
ආර්ථික ලෙස කඩා වැටුනු රටක සමාජවාදී ආර්ථික කියන්නෙම පටි තද කරගන්නට කියන දෙශපාලන ප්‍රවාහයක් බව ජනතාව තෙරුමු ගත යුතුයි.මෙනින මෙ නිසා තමයි සමාජවාදය දිරවගන්න ජනතාවට අමාරු වෙන්නෙ.ආශාවන්ගෙනි බරිතවූ මිනිසුන් සිටින සමාජ ක්‍රමයක ඔන්න ඔය සමාජ වාදි ඇටය පැල කිරිම ඉතා අමාරු දෙයක් බව තමයි කියන්න වෙන්නෙ.මෙ වන විට රැල්ල ජවිපෙට බර විදියට තමයි ලංකෙය දෙශපාලනය හැසිරෙන්නෙ.නමුත් දෙශපාලනික ලෙස බරයි කියන්නෙ ඔවුන්ගෙ කැම්පෙන් එක තුල සිටින හිස් ගෙඩි ගනන මත බව මෙහිදී කිව යුතුයි.
බොහො විට චන්දය දිනය වන වීට ජනතාව තම මොල ගෙඩි භාවිත කරාවි.මෙන්න මෙතනදි ලංකෙය දෙශපාලන පරිකල්පනය වැඩ කරාවි.දෙශපාලන පරිචයන් භාවිතා කරාවි.බොහොවිට ඉව අනුව යාවි.සමාජවාදි මතය නව ලිබරල් සමාජවාදි වූ මාලිමාව ඩැහැගැනිමට මාන බැලිම බොහො විට දක්නට ලැබෙන්නෙ සමාජ මාධ්‍ය තුල වුවද එය ගමට ගෙනයාම එතරම් ආකර්ෂණීය නොවන බව මෙහිදී දකින්නට ලැබෙන්නක්.ඔවුනෆගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල ඔහෙ වැනීමක් පෙනෙන්නට තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නෙ.
නමුත් මා පෙර කියු ලෙස ආර්ථිකය රටෙ නිර්මානය කිරිමට නම් රට වසා සිටිමට වඩා විය යුත්තෙ රට ලෙකයට විවෘත කිරිම සමග බව මාගෙ මතය ලෙස මෙහිදි ප්‍රකාශ කරමි.
ආන්ඩුව සමාජ වාදී වුවහොත් ආයොජකයන්ගෙ අඩු විමක් දකින්නට ලැබෙනු ඇත.එසෙම පාඩු ලබන ආයතන තුලට ආයොජකයන්ගෙ අත පෙවිම නවතිනු ඇත.මෙසෙ වන්නෙ ලාභ අපෙක්ශාවෙන් කරනා ආයොජන සමාජ වාදී ප්‍රවාහයක් තුල පහල පන්තියට ප්‍ර්රනය විම වෙ.මෙමගින් ලාභ ඉපයිම උගහට වනු ඇත.මීයක්පකඩන්නෙ අත ලෙව කන්නට නොවෙ එසෙම ආයොජකයාද සිතනු නොවනුමානය.
රට හිගපතට වැටිම වලක්වන්නට රනිල් ගත් වෙහෙස දෑන් ජනතාවට නොපෙනෙන ඇත.ඔහු ඒකාධිපති පාලනයක් කිසි විටහගක ගෙන ගියෙ නැත.ඔහ ගත් පියවරයන් ළතුල මා දකිනුනෙ නොදැනෙන්නට කරන විප්ලවිය අරගලයක මහුනුවරක් එහි ගැබ්ව තිබෙන බවය.
ඔහුගෙ දෙශපාලනික ගමනෙ ඔහු එය ක්‍රියාවෙන් ඔප්පු කර ඇත.88 -89 අරගලය ආවෙ තරුණ නැගිටීමක් ලෙස බව පෙනෙ තරුණයාට රැකියා නැත තැනක් නැත.එයින් උපන් විශ්වාස භංගත්වය අරගලයකින් 88-89 එලියට ආවෙ විප්ලවයක් ලෙසය.රනිල් එයට නිසි උත්තරය දුනුනෙය.වෙලද කලාප නිර්මානය විය අවිස්වාසයෙන් සිටි තරුනයාට අභිමානය ගෙනාවෙය.දැනුමින් පොශනය නොවුනු තැනැත්තාට තරුනසෙවා සභාව ආරම්භ කොට රැකියා සදහා පුහුනුව ලබා දුන්නෙය.කර්මික විදයාල ඇතිභවිය එකල්හි තිබෙන රැකියා වෙළද පොල උදෙසා තරුනයා නිර්මානය වුවෙ එලෙසය.නමුත් අද වන විට ඒ පිලිබඳව ජනතාවගෙ අප්‍රසාදය වර්ධනය වන බව පෙනෙ.එයට හෙතුව රනිල්ගෙ ක්‍රයා කලාපය නොවෙ එක් එක් දෙශපාලන බල පෙරලි තුල ඒ ආයතන දොලනය වීමයි.පවත්නා වෙළද පොලට වෙනසට කාර්මික විද්‍යාලය ආනගත නොවිම එම ආයතන වල පල්ලට යැවිමට හෙතු විය.දර්ශනය එක් අයෙකුගෙ වූ අතර එය අකන්ඩව ක්‍රියාත්මක නොවිම මෙම ගැටලුවට රට සග තරුනයා මැදිවිමට හෙතු විය.
කෙසෙ වුවද මෙම මැතිවරනය තුල ජනතාවගෙ දෆශපාලන ශාක්ෂරතාවය උරගා මනිනු ඇත.වමද දකුනද ඔබගෙ කතිරය තීරනය කරනු ඇත.ඒකිය රටෙ හිරකුරුවන් බදු ආර්ථික ප්‍රතිපත්තියද ලොකය සමග එක්ව යන ආර්ථික ප්‍රතිපත්තියද යන්න ඔබම තීරනය කරනු ඇත.
රටෙ පැවැත්මට හො රටෙ අරාජිකත්වයට ඔබගෙ මනාපය මනසින් සිතා ලකුනු කරනු ඇති බව පමනක් මා විශ්වාස කරමි.
දුකා 2024/08/31
Subscribe to:
Post Comments (Atom)
ජෙපි තරුණ අසහනය
අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...
-
මුදල් පාලනේ ....... සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං ...
-
අතිත සැමරුම් සහ අනාගතය...... කාවන්තිස්ස යුගය ඔබ කියවා ඇතැයි සිතමි.ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුන යුගයක් ලෙස පසුව දුටුගැමුණු යුගය පටන් ගැනෙන...
-
පලවන කොටස සීහල දීප..... " සී හල දීප " කියන නම ගැන කතා කරලම වැඩේ පටන් ගන්න හිතුව.ඇත්තටම සීහලදීප කියන්නෙ "සිලෝන්"...




No comments:
Post a Comment