Thursday, July 21, 2022
ගෙත්තම් කෙරු වියමනක්... මිනිස් කම පැටලෙන ......
පළමු වියමන ..... මනස පැටලෙන ......
පෙළක් දේවල් තේරුම් ගන්න අපි උත්සහ කරන්නේ නැහැ.පෙළක් වෙලාවට උත්සහ ගන්න ඕන කමකුත් නැහැ.එත් අපි අතරේ සිටින අතලොස්සක් දෙනා ඒවා තේරුම් ගන්නවා.කොටියකගෙන් එකෙක් එහෙමත් ඉන්නේ.එත් ඒ ඇත්ත තම හිස තුලම තබා ගන්න ඒ අය පරිස්සම් වෙනවා.ඒ අයට පෙන්නන්න ශාක්ෂි නොමැති කම නිසා ඒ අයට තමන් හිතන දේ දන්න බැ සමාජය ඉදිරියේ තම මතය විහිළුවක් වෙනවා කියලා ඔවූන් දන්නවා.අනික ඔය මනස්ගාත අහන්න කාටද වෙලාව තියෙන්නේ කියල හිතල ඒ මිනිස්සු ඒවා ඔලු ඇතුලෙම මරල දානවා.එකට කියන්නේ තමන්ගේ මතය තමන්ගේ හිස තුලම මරනවා කියල.
පෙළක් මිනිස්සු තමන්ට හිතුනු දේ පසු පස යනවා හරියට ගොදුරක් සොයන දිවියෙක් වගේ.වෙලාවකට ඔවූන් හිස තුල ඉපදිච්චි හැගීම පස්සේ ගිහින් සත්‍ය සොයා ගන්නවා.තමන් දැක්ක සත්‍ය සමාජ ගත කරන්නට යාමෙන් ඒ මිනිස්සුම ගොදුරක් වෙනවා ඕනවට වඩා දේවල් දෑන ගැනීමත් එක්තරා කොටසකට වදයක් වගේම තම ජිවිකාවට තර්ජනයක් කියල අපිට වැඩිය ඉහලින් ඉන්න කෙනා දන්නවා. දැන් ඔබට හිතෙනවා ඇති මන් මේ කියන්නේ දෙවියෝ ගැන කියල.ඔබ ඔහුට දෙවියන් කියන්න මොකද ඔබ ඉදිරියේ ඔවුන් රග පාන්නේ දෙවියන් වගේ තමයි.මනසක් නැති මිනිසුන්ට ඔවුන් දෙවියන් ලෙස පේනවා කියල මන් දන්නවා.ඔබට දෙවියෝ උනාට මට ....... ඔබ කැමති වචනයක් හිස්තැනට දාගන්න.ඉල්ලීමක් කරනවා දැන්ම හිස්තැනට දාන වචනය ගැන හිතන්න එපා. ලිපි පෙළ අවසානයේ ඔබ මෙතැනට වචනයක් දා ගන්න.
නැවත කතාවට එන්නම්.ඔබ දන්නවද ඔබටත් නොදනී ඔබ හසුරුවන අය මේ ලෝකේ ඉන්නවා අපි වගේම අපේම ලග.පිෂචයන්තත් වඩා භයානක.ඔවුන්ගේ වැරදි වහ ගන්න ඔවුන්ට මිල මුදල් තියනවා.වෙලාවකට ඔවුන් ඔබව මිලට ගන්නවා ඔබතත් නොදෑනි.සාදාරන අය වෙනුවෙන් සිටින නිතිය ඔවුන්ගේ බලය ඉදිරියේ නැවෙනවා.ඒ වගේම ඔවුන් රකින්නත් නීතියේ දෙවගන සැදී පැහැදී ඉන්නවා සාදාරන ය වෙනුවෙන් නැගී සිටිය යුතු නිතිය ඔවුන් ඉදිරියේ නිරුවත් වෙනවා අපි නීතියේ පිහිට යදින අය වුවාට නිතිය ඔවුන් ඉදිරියේ පිහිට පතනවා.එක තමා මේ ලෝකේ විදිය.
ඔබ නොහිතා ගත්ත තීරණ නිසා ඔවුන් බිහිවෙනවා සේම ඔවුන් ඔබගේ සියලු සම්පත් මෙන්ම අනාගතයත් ඔවුන්ගේ දෙපතුල අසලට ගන්නවා.මේ සත්‍ය ඔබට වැටහෙන විට ඔබ බිය වේවි.ඔබේ අදරනියන් ගැන බිය වේවි.ඔබේ අනාගතය ගැන ඔබ බිය වේවි.නමුත් මතක තිය ගනිල්ලා එකෙකු මේ සත්‍ය මතින් නැගිට්ටෝත් ඔවුන්ව විනාශ කරන්නත් ඔවුන් පසුබට නොවන විත්තිය.මොකද උන් ඔබටත් මටත් වඩා බලවත්.ඒ බලය දුන්නේ අපිම බව ඇත්ත වුවාට ඔබ දැන් පරක්කු වැඩි.දහස් ගණනක් නගිට්ටත් ඔවුන් අපට වඩා බලවත්.අන්න එක මතක තියා ගනිල්ලා.
සමාජවාදය
ප්රජාතන්ත්ර වාදය
මාක්ස් වාදය
ලිබරල් වාදය
පැසිස්ට් වාදය
කියන ලේබල් ගහ ගත්තු පක්ෂ පාට ඔබ සහ මම කුලියට අරගෙන ඉවරයි ඔබ ගහපු කතිරේම ඔබව වහලෙක් කොට ඉවරයි. උබව බෙදපු උබව මිරිකපු උබව හප කරපු ක්‍රමය උබම හදා ගත්තු දෙයක් විනා වෙන අයෙක් කරපු දෙයක් නොවෙන බව ලිපියෙන් ලිපිය කියෝනකොට ඔබට තේරේවි. දන හෝ නොදැන ඔබ ඇදගත්තු හැටි කපල මහලම ඔබට තේරේවි.
දිනයක් වෙලාවක් කියන්න මම දන්නේ නැ.කොටසින් කොටස කිනම් හෝ වෙලාවක මම අඩවියේ පල කරාවී.එතෙක් ඉවසන්න වේවි.නමුත් මේ ඔබේ කතාව වේවි.නැවතත් ඔබ දුක් වේවි.ලජ්ජාවට පත් වේවි.නමුත් මේ ඔබේ කතාව වේවි.
අවසාන එක් දෙයක් මතක් කරන්නම් සියල්ලෝම දිනක එකා මෙන් සිතා ඔබගේ චන්දය වලංගු චාන්දයක් කළහොත් ඔබ දිනවී.ඔවුන් පරදීවි...ඔබ එදිනට නිදහස් වේවි.එතෙක් ඔබ ......තවත් එකෙකුගේ වහලෙකුම වේවි.
ඔබ නොදුටු ඔවුන්ගේ ලෝකය මෝඩ කම් මතින් ලෙයින් පිරුණු පොලොව මතීන් මිනි විසිරුණු වලවල් මතින් සුරලොවක් ලෙස ඔබ දකිනා මිරිගුවේ නාස් පුඩු හකුලවාගෙන ඇවිදින්න ඇහැකි නම් ගෙනියන්නම් මා දකින ඇත්තේ ගැබුරට.
ඊලග වියමනෙන් හමුවෙමු........
දුකා
2022/07/22
Subscribe to:
Post Comments (Atom)
ජෙපි තරුණ අසහනය
අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...
-
මුදල් පාලනේ ....... සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං ...
-
අතිත සැමරුම් සහ අනාගතය...... කාවන්තිස්ස යුගය ඔබ කියවා ඇතැයි සිතමි.ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුන යුගයක් ලෙස පසුව දුටුගැමුණු යුගය පටන් ගැනෙන...
-
පලවන කොටස සීහල දීප..... " සී හල දීප " කියන නම ගැන කතා කරලම වැඩේ පටන් ගන්න හිතුව.ඇත්තටම සීහලදීප කියන්නෙ "සිලෝන්"...


No comments:
Post a Comment