Friday, July 22, 2022

වියමනක පැටලුනු මිනිස් කම.......

චන්න :- මචන් ඊයේ ජනාදිපති දිඋරුම් දෙනකොට විදුලිය විසන්දිවෙලාලු live එකට කෙලවුනේ උබලාට අරන්චිද සින් එක බෙල්ටා. රෝසා:- මතක් කරන්න එපා ජනාදිපති ගැන මේ චමරියේ.යකෝ අපේ වුන් දුක් විදිනවා අරෙහෙ අරගල කර කර යකෝ උන් රට කනවා බන්. බෙල්ටා :- යකෝ උබල දෙන්න මරා ගන්න එපා බන් සමහර විට ඔය live එකට කෙලවිච්චි එක අරගලේට පට්ට ලවූ මාද්‍ය සෙට් එක කරාද දන්නේ න බං කවූද දන්නේ..... එක අතකට බලපුවහම එකත් ජයක් බං අරගලේ ...නැද්ද මන් අහන්නේ ... අරගලේ ලේ වලටම කිදා බැහැල බං ...අන්න ඒ ගැන හිතල සතුටු වෙයන් උබලා. සත්‍යා :- ඒ දැන් අප්ඩේට් එක අවේ අන්න අරගලේ උන්ට හමුදාවේ උන් ගහනවලු යකෝ.ජනාදිපති කාර්යාලය ගාව මරා ගන්නවලු.මේ බලපන් fb ලීවේ එකක් ගහනවා අපේ එකෙක්. රෝසා :- මං හිතුවා එහෙම දෙයක් වෙයි කියල මචන් ලොක්ක තනිකර ලේ පිපාසෙන් හිටපු එකෙක්.තුක් ජරා සත්තු...කෝ පෙන්නපන් ඔය ෆෝන් එක පොඩ්ඩක්.බලපන් රාජ්‍ය ත්රස්තවාදය වැඩ පටන් අරන් මචන්....යකෝ මෙච්චර දෙයක් වෙනවා රටේ අර බලපන් දුකා ඔලුවේ ඉදන් පෙරෝගෙන බුදියන් ඉන්න හැටි.මේ උගේ රට නෙවෙද බං...නැගිටපන් දුකා අරගලේ උන්ට ගහනවලු. ඔන්න ඔහොම රෝසා ක ගහනකොට තමා මට ඇහැරුනේ...අරගලේ ගුටි කෙලි, ජනාදිපති පත්වෙනකොට විදුලිය විසන්දි විම,ඇමති මණ්ඩලය පත් කිරිම. මට හිතෙනවා මේ ඔක්කොම එකම ගෙමක එකම දම්වැලක පුරුක් කියල.මන් වැරදි ඇති.එත් මේ මට හිතෙන දෙ.මගේ අවකාශේ මන් ලියනවා. මට හිතෙන දෙ කියල හිතල මන් උදේ දෙකට ලැප් එක ඕපන් කරගත්තා. මට හිතෙන දෙ පැටලුනු නුල් බෝලය මං හිමිට හිත ඇතුලෙන් ලෙහන්න පටන් ගත්තා. අරගලය දේශපාලුවන්ට මහා විනාශයක් ගෙනාපු එකක් උනා. පාලක පක්ෂයේ ඇමති වරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා.පෙළක් ඇමති වරුන්ගේ ජිවිත අහිමි උනා.කවූද ඒ ඇමති මට නම මතක නැ.....මොකක්ද නම......මතක නෑ.ඔහුගේ නම මතක ඔහුගේ පවූලේ උදවියට විතරක් වෙන්න ඇති.ඔහුගේ නම පාක්ෂිකයන්ට මෙන්ම ඔහුගේ දේශපාලන සගයන්ටද අමතක ඇති. පවූලක් වටා ඇති වූ පිළිකුලෙ ගිනි දැල් ඔහුගේ මරණයට පාර කපන්නට ඇති.පවුල ගැන තිබු පිළිකුල සහ තරහව ඇමති කෙනෙකුගේ දිවියට වඩා මිනිස් දිවියක් ලෙස බැලුවද ජිවත් වීමේ අයිතිය නැති කිරීම අපරාදයකි.අරගලය මිනිස් කම් නැති කරන්නක් ලෙස පෙනුනද වැරදි නැති බව මා හට සිතේ.එහෙත් චමරියේ උන්ට මගේ මතය කිවුවොත් උන් මා මේ මොහොතේ රටට ආදරේ නැති පාප තරයකු කරනවා නොවනුමාන බව මන් දනිමි.
තෙල් පෝලිමේ සිට මිය ගිය සහෝදරයාද මිනිසෙකි.වෙඩි කා මියැදුණු ඇමති ද මිනිසෙකි.අරගලයේ ගුටි කන්නෝද මිනිසුන්ය.සියල්ලන්ටම ජිවත් වීමේ අයිතිය ඇත්තේය. වෙඩි කා මැරුණු අමති නරුමයෙකු වී ඇති සමාජයක තෙල් පෝලිමේ මිය යන්නා ගැන කව් පද ලියන සමාජයක අරගලේ පා පහර කන්නෝ වීරයෝ කියන සමාජයක මම හා උබ ජිවිතේ යදීති.ජිවත් වීමේ අයිතිය සීයල්ලොම හිස් මුදුනින් පිළිගන්නා ජනතාවෝ සිටින රටක මා එන ආත්මයේවත් ඉපදෙන්නට ප්‍රර්ථනා කරමි. මිනි මැරීම පසසන සමාජයක විටෙක තවත් මරණයක් පසසන ජනතවෝම දුක් වෙන සමාජයක අරගලය ඇතිවිය යුත්තේ තම තම හදවත් තුලම බව මා දනිමි.එහෙව් සමාජයක ඔව්නොවුන් එක්වී ලොවට පෙන්නන්නට දරන අරගලය තුලින් රටේ විලි සිදෙන බව දන්නේ අතලොස්සක් පමණි. මුහුණු පොතේ අරගල කරුවන්ට පහර දුන් හමුදාවන්ගේ හෙළුව පෙන්නන්න දගලන මහා ජනතවොම එක්තරා සමයක යුද විරුවන් ලෙස මලින් සරසා පුජසනේ හමුදාවෝ තැබුවා මතකය.ඒ හමුදාවොම දැන් වහ කදුරු වූ ලක්මාතාවේ පුතුන් නෙක නෙක කතා මුහුණු පොතේ වපුරත්....... ඒ වියමන ....දිනක කොදුරමු..... දුකා 2022.07.22

No comments:

Post a Comment

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...