Sunday, January 12, 2025

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්නට ප්‍රධාන කරුණ වන්නේ ඒ ඒ රටවල් වල තිබෙනා දේශපාලන සමාජීය සංස්කෘතික හර පද්දතීන් තුලින් ජනතාව තුල පවත්නා විශ්වාස භංගත්වය බව පෙනෙන්නට තිබේ.ලංකාව අශ්‍රිතව පවත්නා දේශපාලනික අර්බුද එන්න එන්නම නරක අතට පත් විමක තත්වයක් නැවත උද්ගත වන බව පෙනෙන්නට තිබෙන කරුණක්. රැකියා නොමැති කමත් ගන්නා සොච්චම් මුදලින් තරුණ තරුණියන්ට ලබාගත හැකි බක්කක් නොමැති වීමත් තරුණ තරුණියන්ගේ විශ්වාස භංගත්වයට හේතු වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණක් වී තිබේ.උදාහරණයක් ලෙස දක්වතොත් ඊයේ දින මා හට විදින්නට වූ අවාසනාවන්ත තත්වයක් දක්වන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.එසේම මේ තත්වය එක් ආයතනයකට එක ප්‍රජාවකට එක් ජන සමාජයකට වූ විපතක් නොවන අතර මුළු මහත් ශ්‍රී ලංකික ප්‍රජාවම අකමැත්තෙන් වුවද ඇද වැටුණු ගැටළුවක් බව නොකියාම බැරිය. ඉරිදා දින වූ ඊයේ දින මා සහ මාගේ බිරිද නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය ගැනිම සදහා ලංකාවේ තිබෙනා කාර්ගිල්ස් ෆූඩ් සිටිය වෙත ගොඩ වැදුනේ ඉදිරි සතියට අවශ්‍ය නිවසට අවශ්‍ය අහාර පාන ලබා ගැනීමේ අටියෙන්.මෙහිදී ලංකාවේ ආර්ථිකය කොතරම් හැකිලී ඇද්ද යන්න දැක බලා ගත හැකි වූ අතර ෆූඩ් සිටියේ රාක්ක තුල පලතුරු වේලි වේලි පවතින ස්වාහවයක් දක්නට ලැබුණි.ලංකාව තුල පලතුරු ආහාරයට ගැනීමේ සංස්කෘතියක් නොමැති බව කෙනෙකු තර්කයක් ලෙස කියනු ඇති අතර නමුත් ආර්ථිකය සවිමත් වූවානම් රාක්ක තුල වේලෙමින් පලතුරු නොතිබෙන බව මා දනිමි.අත්‍යවශ්‍ය අහාර රාක්ක හිස්ව තිබු අතර පලතුරු සහ මාළු මස් ඇති තරමට පිරි තිබුණු බව නිරීක්ෂණය විය. පවත්නා ආර්ථික තත්ත්ව හමුවේ රතු මස් හෝ මාළු පලතුරු කෑ හැක්කේ සුල්තන්ලාට මිස ලංකේය මහජනයාට නොවන බව ඔබ දන්නවා ඇතැයි සිතමි.රාක්ක පිරෙන්නට බඩු තිබුනාට ඒ බඩුත් සමග බදුත් තිබෙනා බව දත් මහජනතවෝ අතලොස්සක් සිටින බවද මෙහිදී සදහන් කරමි.එසේම උලා කන්නට තරම් මාසික වේතනයක් ලැබෙන බහුතර ජනයා සිටින රටක රතු මස් හෝ මාළු කෑම හීනයක් පමණක් බවත් කෑ යුතු නම් පිටරට චිත්‍රපටයක් දෙස හෝ කුකරි ප්‍රෝග්‍රෑම් එකක් දෙස බලා සම්බෝලයි බතුයි අනා රුපවාහිනියේ උයනා මස් කැල්ලක් ගෙන මානසික රංගනයක යෙදී හිත සැනසා ගත හැකි බව නම් මෙහිදී ප්‍රකාශ කල යුතුය. බොහෝ පෝෂණ වේදීන්ගේ අදහසට අනුව පලතුරු සේම මස් මලුත් ලබා ගැනීම සමබල ආහාර වේලක පැවතිය යුතු අතර එය ලබා ගැනීමට ලංකාව තුල හැකියාවක් නොමැති බව නිරීක්ෂණය විය.ජනයා එදා වෙලා සොයා ගැනීමේ අභිප්‍රාය මුදුන් පත් කර ගැනීමේ අටියෙන් ඔබ මොබ සැරිසැරූ අතර යම් භාණ්ඩයක් අතට ගෙන අනිමිස ලෝචනයෙන් ඒ දෙස බලා සිට නැවත රාක්ක තිළ සුරක්ෂිතව තබා යන බව නිරීක්ෂණය විය.පලතුරු අතගාමින් සුවද බලමින් සිතින් අනුභව කොට ස්වයං වින්දනයක් ගෙන නැවත රාක්ක තුලම තැම්පත් කරමින් මානසික වින්දනයක් ලබා ගත් ගෙදර යන ගමන් වැසියෝ අසීමිත සතුටක් බුක්ති විදි බව නිරීක්ෂණය විය. එසේම හාල් ඇති බේසම් අසල දෙමල සහෝදරයන් මුහුණ පුළුටු කර ගනිමින් රට හාල් නහයට ලංකර පුළුටු වූ මුහුණින් රතු හාල් නැද්දැයි ෆුඩ් සිටි සේවකයන්ගෙන් අසන අයුරු මා නිරීක්ෂණය කලෙමි.තයිපොංගල් වලට නැති රතු සහල් ගහගනින් පුකේ කියමින් ජනතාව කාටදෝ බැන අඩගසන අයුරුද නිරීක්ෂණය විය.අම්බිකාලා නොදන්නා තෛපොංගල් මහජනයා බුක්ති විදින්නේ එසේය.එසේම ෆූඩ් සිටියේ මදු හල තුල වෙනදාට නැති ශාන්ත භාවයක් ඉසිලීම විශ්වාස කර නොහැකි තරමේ විය.රහමෙර තොල ගා නලාගිරිලා ලෙස ගෙදර ගිය ජනයා ඊස්ට් පදමට සිනි දැමු කසිප්පු නම් රජය ලබා දුන් සලාක පානය බිමේ අටියෙන් කැලෑ පීරන නිසා ගෙදර යන ගමන් පෝලිමේ නොසිට දුවන මහා ජනයා නිරීක්ෂණය විය.රජයේ බදු ප්‍රතිපත්තියට අනුව ඉහල දැමු මදුවිත බෝතල් දෙස බලමින් රස විදිනා ජනතාවද නිරීක්ෂණය වූ බව නොකියම බැරිය. මා පලතුරු ස්වල්පයක් ගත්තේ තුන්වෙලෙන් එක වේලක් අපි පලතුරු අනුභව කරන නිසාය.එසේ මා සහ මගේ බිරිද කරන්නේ අනාගතයේ ඇති වන මුදල් අපගේ ලෙඩ වලට වියදම් වීම අවම කිරීමේ ආයෝජනයක් ලෙස බව ඔබට මතක් කිරිමට මෙය අවස්ථාවක් කර ගනිමි.නැතිනම් වැරදි දෙයක් සමාජ ගත වී මගෙන් සහ බිරිදගෙන් පලතුරු කෑම නිසා බදු අය කරනු ඇත.මුන් හොදට කනවා යන්න රජය දැන ගත්තොත් අනිවාර්යෙන්ම පෝෂණ බද්ද ලෙස නව බදු ක්‍රමයක් උතුරට හැරී ඇති ආණ්ඩුව දමනු නොඅනුමානය.එසේම අප වැන්නවුන්ට පෝෂණ බද්දකුත් ගසනු ඇත. රට අනුරට කියා රට අදුරට දැමීමට චන්දය ප්‍රකාශ කල තරුණ දුපුතුන්ගේ තරුණ අසහනයේ තරමද ෆුඩ් සිටි ගමනින් මා තේරුම් ගත්තෙමි.ගෙදර යන ගමන් අද වන විට හැම නගරයකම වියපත් වී ඇති අතර ඒ සදහා ගන්නා සේවකයන්ද ඉස්සර ඉතාමත් අවදානයෙන් බදවා ගත බව මා දන්නා කරුණකි.කස්ටමර් කෙයාර් දැන් ෆුඩ් සිටියේ නැත.නවමු තරුණ සේවකයෝ පාරිභෝගිකයන් දෙස බලන්නේ ජෙප්පෝ හොරු දෙස බලනා ආකාරයටය.යම් මුදලක් අත ඇති අය සුළුවෙන් හෝ කුමක් හෝ ලබා ගැනීමට යාමේදී ෆුඩ් සිටි සේවකයන් එම ජනතාවට උදව් කල අතර අද වන විට ඒ තත්වය සම්පුර්නයෙන්ම වෙනස් වී ඇති බව නිරීක්ෂණය විය.මා පලතුරු කිරීමට යාමේදී තරාදිය අසල සිටි යුවතිය මල කරදර කාරයෙක් ලෙස මාගේ පලතුරු මල්ල උදුරා දඩස් ගා තරාදියට ගසා කිරා දුන්නේ අද වන විට කස්ටමර් කෙයාර් පිලිබදව නවමු අද්දැකීමක් මාවෙත ලබා දීමෙනි.එසේම තැලුණු පලතුරු වල ප්‍රේෂ් ගතිය එලෙසම රැදී තිබුනේ මා උගුරැස්ස නම් පලතුර ගත නිසාය.එසැනින්ම මා ෆුඩ් සිටි ගැන ලිපියක් ලියමි යැයි මටම සපත කොට පැමිණියෙමි.කුමක් වුවද ලංකාවේ දේශීය යෝජකයෙකුගේ අභිමානවත් වෙළද ජාලයක් වන ෆුඩ් සිටිය ලංකාවේ සමුපකරයකටත් වඩා පහත වැටි ඇති අයුරු දැක මා කම්පනයට පත් වූ බව මෙහිදී නොකියා බැරිය.මා ඊයේ නැවත ෆුඩ් සිටිය වෙත නොයන බව මාගේ බිරිදට පැවසුවේ සල්ලි දීලා පාරිබෝගික තෘප්තිය නැති කර ගැනීමේ අවශ්‍යතාව මට නොමැති නිසා බව මා මෙහිදී පෙන්වා දෙමි.පාරිබෝගික තෘප්තිය කෙසේ වුවද මගේ ඉවසීමේ ගුණය ගැන මම අධික සතුටට පත් වෙමි. බොහෝ ෆුඩ් සිටි තුල තරුණ තරුණයන් සේවය කරන අතර ඒ තුල විශ්වාස බංගත්වය පත් තරුණ මුහුණු පවතින බව නොකියම බැරිය.මේ රටේ වෙනසක් ප්‍රර්ථනා කරමින් තමාගේ කුලුදුල් චන්දය ප්‍රකාශ කරනු ලැබුවේ තරුණ ප්‍රජාව බව නොකියා බැරිය.නමුත් අද වී ඇති තත්වය මුලු අටම ගැටළු සහගත තතවයකට ඇද දැමීමට හේතු වී ඇති බව කිව යුතුමය.ඒ රැකියාව හොද නෑ කියා වෙන රැකියාවක් ලබා ගැනීමට ලංකේය මහජනයාට බැරිය.තියනා ලබ්බේ එල්ලීම තරම් වෙන බක්කක් කරන්නටත් බැරිය.එනිසා මහජනයා සේම තරුණ ප්‍රජාවත් ඉන්නේ වලේ බව නොකියාම බැරිය.ඒ බව මුහුණු වලින් පෙනෙනා අතර කල කම් පලදීමේ ගැටලුවට චන්ද දායකය පත්ව ඇති බව පෙනේ. මහජනතාවෝ නගාසිටුවීමට පැමිණි ආණ්ඩුව නැවත රට අනාත නාත කරනා බව සමාජය දෙස බැලීමේදී පෙනෙන්නේ ඒ නිසා බව නොකියාම බැරිය.කුමන හෝ රැකියාවක් කර කා බී නිවසක් තනා වහනයක් ගෙන වැවුරු කන්නල යන්නට සිටි තරුණ ප්‍රජාව විල්බරෝවක් ගන්නට බැරි තැනට වට්ටන්නට ජෙප්පෝ දරන මහා විරිය දැක උඩ බිම නැතුව සමාජය තුල සිටිනා ජනතාවට පුස් පාට් දමන්නේ අප උන්ගේ අනාගතය විනාශ කරා යයි සිතමින් මෙනි.බොරුව සමාජ ගත කරමින් බොරුව තුල ජිවත් වෙන ජනතාවක් නිර්මාණය කරමින් ක්ලින් කරන්නට දේවල් සොයමින් පරිපාලනය වෙනුවට බොරුවෙන් පරිණාමනය වන ජනතාවක් බිහි කරන්නට ජෙප්පන් ගන්නා වෙහෙස දෙස අප බලා සිටිමු.රෝගාතුර වූ අච්චි පවා උස්සගෙන ගොස් අපිට අනාගතයක් හදපියවූ කියා චන්දය ගැස්සවූ තරුණ ප්‍රජාවම කටමැත දොඩවන ජෙප්පන් ඉදිරියේ හෙළුවැලි වී ඇති අන්දම අපි අද දකින්නෙමු.දුන් උන් වලේ වැටි සමස්ත ජන සමාජයම වලට ඇද දැමීමේ පව තරුණ ප්‍රජාව මානසික පීඩනය කොට තමන්ගේ මෙන්ම අනුන්ගේ හින පවා බොද කරන්නට දුන් චන්දයේ අනුභාවයෙන් බුක්ති විදින බව සමාජය දෙස සහ ජනයා දෙස බැලීමේදී පසක් වනු ඇත. කටින් බැටින් වැඩ ටින් ටින් නාටකයේ ඉදිරි දවසක හමුවෙමු.... දුකා.................... 2025.01.13

Saturday, October 12, 2024

වෙනස් මානයක්............

ලාංකිකයාගේ වර්තමාන කතාව.............. මම ලාංකිකයෙක්.මම බ්ලොග් එක පටන් ගත්තෙම මම සමාජයේ රටෙ දේශපාලනයෙ දැකපු වැරදි සමාජ ගත් කරන්න වගෙම වැරදි විවෙචනය කරන්න.මට අද හිතුනා අපිම නේද අපෙ රට ලොකය ඉදිරියෙ හෑල්ලු කරන්නෙ කියලා. ඒ නිසා මම හිතුව මා තුලින් වෙනසක් ඇති කර ගන්න. මාධ්‍ය වෙදියෙකු ලෙස මා ආ ගමන මම වෙනස් විදියට හිතන මාධ්‍ය කරුවෙකු ලෙස වෙනස් වෙන්න මා අද සිට තීරණය කරා...මම හිතනවා මම රට වෙනුවෙන් කරන්න ඔනෙ ඒක කියලා.මම වෙනස් වෙනවා...සමහර විට රට වෙනස් වෙයි. ඇත්ත ඇති සැටියෙන් දකින එක වගෙම විවේචන පසෙක දාල අමුතු විදියට හිතන්න වගෙම බ්ලොග් අඩවියෙ අකුරු කරන්නත් මම හිතා ගත්තා.ඉතින් පාඨකයනි අපි වෙනස රස විදිමු.... පවත්නා දෙශපාලනය පිලිබඳ හැදින්වීමක්.... ගොඩාක් අය හිතන් විදියට සමාජවාදී රාජ්‍යක් අපෙ රටේ ඇති වෙලා තියනවා කියල කිවුවට ඇත්තටම මට ගැටලුවක් තියනවා පවත්නා රජය සමාජවාදීන්මද කියලා.ජනාධිපති තම ජාතිය ඇමතීමෙ කතාවෙ සමාජවාදි රාජ්‍යක් කියල කියපු නැති එක අවුලක් දො කියලත් වෙලාවකට හිතෙනවා.මෙතනදි අනරල සමාජවාදී මත තිබුණු කට්ටිය නමුත් රට රටවල් වලට යෑමත් සමග අනුර ගෙ දෙශපාලනය පරිනාමය වෙලාද කියන එකත් මොන කදවුරක් ද එතුමාගෙ පැතම කියලත් ඔහු කිව යුතුව තිබුනා.පෙඩරල්ද නව ලිබරල්වාදී ද සමාජවාදිද ඔහුට කියන්න තිබ්බා.මෙහෙම කියන එක වැදගත් වෙන්නෙ රටට එන ආයොජකයන්ට මොකද ඔවුන් මෙ රට වෙනුවෙන් ඈයොජනය කරන්නෙ ඔවුන්ගෙ වගෙම තවත් ඔහු පිලිබඳ ව විස්වාසය කරන ශෙයා හොල්ඩර්ස්ලගෙ සල්ලි.ආයොජකයා බැසිල් ඉන්නවා ශෙයා හොල්ඩර්ස්ලා සංතර්පනය කරන්න.අන්න එතනදි අපෙ රට පිලිගත් මගක යනවා කියන දෙය ප්‍රකාශ කරන්න ඔනෙ.ඒක කියන්න ඔනෙ අනුර සහොදරයම තමයි. අනුර කූමාර තමයි ඉතින් අපි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ජනාධිපතිවරයා. ඒ නිසා රටක් විදියට එහි පුරවැසියො විදියට අපි පවත්නා රජයට සෙවිය කල යුතුයි.ඒ වගෙම මෙක අපි කාගෙත් රට.මම හිතනවා එහෙම වෙන්න ඔනෙ කියලා.ඇයි මම එහෙම කියන්නෙ ඔහුට තියෙන්නෙ සුලු බහුතරයක් කියලා කෙනෙක් තර්ක කරාවි නමුත් සහොදරයා සුළුතර උනත් ඔහු තමා මෙ මොහොතෙ ජනාධිපති.ඔවු මම පිළිගත්තා ඔහු ජනාධිපතිවරයා.ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදි ජනරජයේ ජනාධිපති අනුර මම ඔහු පිලි ගත්තා. අනුර ප්‍රමුඛ පිරිස පිං ජනාධිපති ගෙදර යැවුවා...පෙලක් අය පිං ජනාධිපතිට නොසෑහෙන දොස් කිවුවත් මම හිතනවා ඔහු වැල් පාලමෙ ලංකික නම් දරුවා නිරුපද්‍රිතව රැගෙන ආවා.දැන් අයිති අනුර සහොදරයාගෙ සුරතට.මතවාදී ලෙස වෙනස් කම් ඇති.ඔහු සමහර විට හොරු යැයි පෙන්වා දුන් අයවලුන් ආරක්ෂා කරන්න ඇති ඒ නිසා ජනතාව ඔහු ප්‍රතික්ෂේප කරල තියනවා.දැන් කාටත්පකියන්න බැ නිතිය හමුවට ගෙනියන්න බෑ කියලා මොකද සුවහසක් ජනතාව බලපාන ඉන්නවා වෙනස් කම් කරනකම් නව ආණ්ඩුව.. අනුර ආ ගමන් මගෙ අමුත්ත... ඇත්තටම පාරම්පරික දෙශපාලනය මතය ජනතාවට පොඩ්ඩක් නුරුසුසන ගතියක් ඇති වෙලා තිබුනෙ..දෙසිය විසි පහම එපා කියන මතයක් තමයි ජනතාවගෙ වෙනසටත් හෙතුව.හරි වෙනස් වෙන්න ඔනෙ කාලයක් මුල් බැසගෙන තිබු ලංකෙය දෙශපාලනය වෙනුවට ජනතාව මෙ සැරෙ වමට බලය දුන්නා.ඇත්තටම කියුවොත් අනුර ජනාධිපති විම ඉක්මන් වෙන්න හෙතුව මූලික වශයෙන්ම ඉහත ඇති තත්වය කියල මට හිතෙනවා. අනික් තමයි සිටි දෙශපාලකයො දැනෙන වැඩක් නොකිරිම...නැත්තම් කලා මාර්කටින් කරන්න බැරි වීම. සමහර විට මාධ්‍ය ඒ දෙශපාලන පක්ෂයට පුද්ගල චරිතයට කැමති නොවීම.නැතිනම් ජනතාවගෙ දෙශපාලනික පරිකල්පනය අවම වීම.මෙ මොනදෙ උනත් වෙන්න පුලූවන් දෙවල්..මෙ අකමැත්ත සමහර විට වෙනත් රටකින් වෙන්නත් පුලුවන් සමහර විට අසල් වැසි සමහර විට බලවත්.නමුත් මෙ එපා කිරිල්ල උන්ට දැනුනු බය නිසා වෙන්නත් පුලුවන්.උන්ට වැඩිය අපි උඩ ගියොත් එහෙම. සීයා ආපු මග.... සීයා ඉක්මන් උනාදො කියලත් හිතෙනවා.රට පොඩ්ඩ පොඩ්ඩ නොදැනී ගොඩ ගත්තනම් එක අර ඉහත රටවල් වලට නොදැනෙන්න තිබ්බා.ඔය එක එක්කෙනා කියන විදියට ප්ලාන්ට් කරපු අයියල ජනාධිපතිවරනයට ඉල්ලන්න දාලා උන්ට වැඩිය අපෙ ජාතිය බලවත් කියන්න හදන නාඩගමක ප්‍රතිපලයක් විදියට සීයාට ගෙදර යාම ඉක්මන් කරා වගෙ දො කියලත් හිතෙනවා.මොනව උනත් ඉසෙඩ් ජෙන් එකත් රට පොඩ්ඩක් හරවන්න කටයුතු කලාය කියලත් හිතෙනවා.මුලින් අරගලය නිර්මානය කරන්ඩත් ඔය බලවත් රටක සල්ලි මලු හෙලවුනා කියලත් කියනවානෙ. මොනව උනත් මෙ අරගලෙට වගෙම සුළුතර බලයක් සහිත වීරයෙක් හදන්නත් සමාජ මාධ්‍ය කල මෙහෙවරත් අපූරු වැඩක් උනා.මොකද අරගලෙයි සුලුතරෙයි වැඩ කලෙ සමාජ මාධ්‍ය උපයොගී කර ගනිමින්.සමහර විට හිතලු වෙන්නත් පුලුවන්.ඒත සිතීමෙ නිදහස අකුරු කිරීමක් විතරයි මෙතන වෙන්නෙ.ඇත්තටම ලොක භාවිතාව පිළිබඳව සොයා බැලිමෙදී සමාජ මාධ්‍ය රටක් වට්ටන්න වගෙම රටක් නැගිට්ටුවන්නත් භාවිතා කරන අපූරු ටූල් එකක් වෙලා. ජෙප්පෝ සහ අනුගාමිකයො.... සාමාන්‍යයෙන් බලය පවතින හො බලවත් වීම් කියන්නෙම අනුගිමිකයන් නිර්මානය කිරිම.අපි කැපුවත් කොල අපි කැපවත් නිල් අපි කැපුවත් රතු කියන මානසිකත්වය නම් තියෙන්නෙ ජනතාවගෙ මම හිතන්නෙ එක ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන්නෙ නෑ.මුලිකව රට ගැන අනාගතය ගැන හිතලා තාර්කිකව හිතලා කටයුතු කරන සමාජයක් තමයි ඕන වෙන්නෙ. නමුත් පැවතුන ක්‍රමය වෙනස් කිරීම තමයි වෙනස් උනෙ.පුද්ගල ප්‍රතිරූපය පදනම් වු කාරනා වලින් ඔබ්බට කොන්ක්‍රීට් කරපු රටට හිතකර ප්‍රතිපත්ති මත රට තියන තැන මෙතන රට ගමන් කල යුතුතේ මෙතනට කියන පොදු ඉලක්කයකට තමයි පක්ශ ප්‍රතිපත්ති තමයි නිර්මානය කල යුත්තේ.මෙතනදි ජනතාව වගෙම පකිශ ක්‍රයාකාරින් පවා එක මිටකට එන්න ඕනෙ.අන්න එතකොට තමයි රටක් උනත් දිශානතියකට ගෙන යන්න පුළුවන්. රට විරුවෝ සහ රට හැදීමෙ ඇම්ම... ගොඩක් පොඩ්ඩො වැඩ්ඩො අරගලයෙන් පස්සෙ රට හැරදා ගියා.ඉන්න හිතෙන් රටක් හදන්න ආපු අය ඉන්න බැරි වෙනකම්ම හපයක් කරාට පස්සෙ මේ රටෙ මොන යකෙකුටවත් ඉන්න බෑ කියන මතය ඇති කරපු සමාජයම ගොඩාකං රට විරුවො කරල රට පටවන්න උදවු කරා.මෙ රටෙ හිටියොත් අනාගතයක් නෑ කියන මතය තමයි සමාජයෙ මෙන්න මෙ හැරවුම් ලක්ෂ්‍යයට හෙතුව සාධක උනෙ. මෙන්න මෙ ගිය පොරවල් ඒ රටවල් දෙස බලා මෙ රටවල් හැදෙන්න ඔනෙ විදිය ගැන සමාජ මාධ්‍ය හරහා ලොරි ටොක් දෙනකොට අපෙ පෙලක් උන් එහෙම වෙනස මෙහෙ ඇති කරන්න උත්සහ කරා. එතනදි යම් යම් ගැටීම් නොතිබුණාම නෙවෙයි. තවත් රට විරුවො සෙට් එකක් ලංකාවෙ උන්ට තිබ්බ තැන ඒ ඒ රටවල් වලට නැති වෙනකොට උන්ට සංක්‍රමණික ලෙබලය වදිනකොට උන් හිතින් වැටිලා හිටියා.මෙන්න මෙ සෙට් එක මුහුණු පොතෙ රට හදන හැටි පන්ති කරෙ ඒ ඒ රටවල් වලට වඩා වෙගෙන් මෙ රට වෙනස් වෙන අපූරුව ඉවසන්න බැරිම තැන.උන්ට හිටපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ කියන මානසිකත්වය ගිහින් තිබ්බෙ...මෙවා තිත්ත ඇත්ත පොඩ්ඩක් හිතල මං බලන්න. මාලිමා අතීතය සහ වර්තමානය.... මේ රට වෙනස් වෙන්න ඔනෙ දිශානතිය පෙන්නපු උන්දැල හැමදාම මයික් පලලා මිනිස්සු පාරට බස්සල දුප්පතා ගෙ හිතවතා වෙලා දුද අහල ලොරි ටොන් දුන්න පිරිසක් කියල සමාජයෙ කවුරු හරි කිවුවෙ නම් ඔන්න දැන් ඔවුන්ට බලය ගිහින් තියනවා රට වෙනත් දිශානතියකට වෙනස් කරන්න.ආර්ථික ඔස්තාර්ල දෙශපාලන ඔස්තාර්ලා මෙ ඔක්කොටම වැටිලා ඇඹරිලා තියන රට හරි ආකාරයෙන් වෙනස් කරන්න බලය ලැබීමම ප්‍රජාතන්ත්‍රවාදී හොද තත්වටක්.උගුර ලේ රහ වෙනකං මිනිසුන් ඉදිරියෙ රට අපිට දීපියො රට අපි හදලා පෙන්නනො කියල ඔවුන්ට පුලුවන් දෙ ඔවුන් කිවුවාට වගෙම කරන්න කාලෙත් දැන් ඔවුන්ට ඇවිත් කරලම පෙන්නන එක දිහා හුදී ජනයා බලන් ඉන්නවා...ණය නොවිය රට කරන අපූරුව වගෙම රට සුරපුරයක් කිරිමෙ වගකීමත් ඔවුන් මත පැටවිලා තියනවා.ඉදිරි පැය විසි හතර තුල කරනවා කියපු වෙනස් කම් නම් ඔවුන් මෙ වෙනකොට කරමින් යනවා. අපිට එක දැනෙමින් පවතිනවා.බිත්තරෙ ගැනවත් මුද්දරෙ ගැනවත් නෙවෙයි අපි හොයන්න ඕනෙ ඒව සීල්ලර වැඩ ඊට වඩා ටොන් දුන්න සහොදරයො මෙ රට ඒ විදියට හදාවි කියන විශ්වාසය තාම තඹ දොයිතුවකට වත් වෙනස් වෙලා නෑ. බුරන බල්ලන් හීලෑ කර ගැනීම... මාධ්‍ය තුලින් හෝ වෙවා කතිකාවක් තුලින් හෝ වෙවා අතීතයෙ පීඩිත පන්තියෙ ජනතාවගෙ මතවාද තමයි ඉහල පුටු වලට ගෙනිච්චෙ නමුත් දැන් වන විට සමාජ මාධ්‍ය තුලින් ඒ මත ඉතා වෙගයෙන් අවශ්‍ය තැන් වලට ජනතා මතවාද වෙනස් විය යුතු තැන් පිලිබඳව ගමන් කරන වටපිටාවක් ඇති වෙලා තියනවා. නමුත් අපෙ රටෙ ඒ මාධ්‍ය සදාචාරය කෙලෙසී යන ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවකි මෙහි කිව යුතුමයි. හැමොම තමන්ගෙ ගැටලු ප්‍රකාශ කිරිමට පොදු මාධ්‍යක් ලෙස සමාජ මාධ්‍යවල ඉඩකඩ තිබුනත් දෙශපාලන බත් බැලයන්ගෙ උඩු බිරිම නිසා ඒ මත යටපත් වී යනවා. පවත්නා රජය යන ගමන් මග විවෙචනය කිරිම ඒ ගමන්මගක් සාධනීය හැරවුමක් ඇති කිරිමට ගන්නා වෙහෙස එක තැන ලොප් වීම දෙශපාලන බත් බැලයන් අතින් සිදුවෙනන බලවත් වැරැද්දක්.සමහර විට රට වෙනස් කරන්න ඕන තැන් පිලිබදව අදහස් පවත්නා ගැටලු වලට විසදුම් මෙ සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා.නමුත් වෙන්නෙ රජය අපහසුතාවට පත් කරන හරි මොඩයෙකු තත්වයට අර මම ඉහත කියු දෙශපාලන බත් බැලයන් ගෙ ලෙබල් කිරිම් වලට ඒ අය ගොදුරු වන එක.මෙතනසි වෙන්නෙ තිබිරි ගෙය තුලම අදහස මරමුවට පත් වීම.එතනදි දෙශපාලන පක්ෂ තම අනුගාමික ප්‍රජාව ජනතා මතයට රු කරනා දෙශපාලන ජිවින් කොටසක් ලෙස බල ගැන්වීම තමයි කල යුත්තෙ නමුත් ලංකාවෙ තත්වය එයට වෙනස් මාර්ගයක තමයි ගමන් කරන්නෙ.එය මොන ආන්ඩුවක් උනත් ගමන කෙටි කිරිමෙ අවියක් ලෙසම එන්නත් පුලුවන්..... 2024.10.12 දුකා....

Saturday, October 5, 2024

මයික් කන්නන්ගේ රටේ මොළ බද්ධ කිරීම

ලංකාවේ ජනතාවගේ දේශපාලන කියවීම පිලිබදව නැවත නැවතත් කියවිය යුතු වෙනස් වන සුළු එකක් බව මේ මොහොතේදී නොකියම බැරිය.නව වැඩ පිළිවෙලවල් ගණනාවක් ගැන ජනාදිපති පොර පිටියේ බොහෝ පාක්ෂිකයන් ජනතාවට ප්‍රකාශ කල ද ලංකේය ජනතාව ඒ කතා බහ පයිසේකට වත් මායිම් නොකල බව චන්ද ප්‍රතිපල වලින් පැහැදිලි වන කරුණක් වී තිබේ.මිට වසර කිහිපයකට පෙර රට බේරා ගැනීමේ අවසන් සටන මතින් ජාතික ආරක්ෂාව යන තේමාව යටතේ තරග කල ගොටාභය රාජපක්ෂ මහතාට බලය ලබා දුන් බොහෝ ජනයා මෙවර මැතිවරණය තුල හොරුන්ට එරෙහිව ජනතා මතය පෙළ ගස්වන්නට තීරණය කල බව පෙනෙන්නට තිබේ. එහිදී 225 ම එපා සහ දුෂිත හොරුන් පන්නමු දේශපාලන වියාපාරය වන මාලිමාව තම බලය තහවුරු කර ගන්නට හැකි වූ අතර ජනතාව දේශපාලන ඇරියස් එකක් කවර් කල බව පෙනෙන්නට තිබුණි. නමුත් පිටින් සිට සංයමයකින් ලංකාවේ දේශපාලනය පිලිබදව බලන්නෙකුට රටට කෙලවූනත් කමක් නැත අපිට හරියනවනම් යන මතය ලංකාවේ සමාජය තුල පෙනෙන්නට තිබු අතර මයික් කන්නන් අතරට බලය විතැන්වීමක් දක්නට ලැබුණු බව පෙනෙන්නට තිබුණි.රජයේ සේවකයන්ගේ බහුතර ඇරියස් කවර කිරීමක්ද දේශපාලන පොර පිටිය තුල පැහැදිලි වෙනසක් සිදු කිරීමට මෙම මැතිවරණය උදාහරණයක් ලෙසද දක්වා ලිය හැකි බව ලියා තබමි. එසේම මේ ජයක් ග්‍රහණයට එතෙර විරුවෝ ඒරොප්පෙ සිට සමාජ මාද්‍ය තුල කරනම් ගැසූ අතර මොලය පරදවා කයිවාරු දේශපාලනය කරලියට ගෙන ඒමට ඔවුන් ක්‍රියා කල බව පෙනෙන්නට තිබුණි.බල පෙරළියෙන් පසුව නිලදාරීන් භාවිතා කල වාහන ගෙනවිත් සංදර්ශන ඉදිරිපත් කිරීම මහ ගෙදර කෑම සම්බන්දව පාලකයාගේ මානුෂිය ගුණාංග පොලොවේ පය ගැසීම පිලිබදව ගුණ වර්ණා සිදු කිරීම පැරණි යටත් විජිත දේශපාලන ගුණාංග මේ කාලයේ ප්‍රචලිත වූ අතර හොරු ඇල්ලීම මහා බැංකු බැදුම් කර හොර පිලිබදව කතිකාවක් පමණක් වූ අතර තුනෙන් දෙකක ජනතා බලය ලබා ගෙන මේ සියල්ල කල යුතු බව පවතින ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ලෙස වෙනස් වීමක් දැකිය හැකි විය. නමුත් රනිල් වික්‍රම සිංහ නම් පරිනත දේශපාලකයට මේ කිසිවක් නොතිබූ අවදියේ ඔහු රට ගොඩ ගත් හැටි මෙන්ම ජනතාවට යම් සහනයක් මෙන්ම පඩි වැඩි කිරීම් පවා ලබා දුන් හැටි මෙහිදී අතීත දේශපාලනය ඉගෙන ගන්නා ජනතාව වෙනුවෙන් ලිය තබන්නට මෙහිදී මා තීරණය කලෙමි.රනිල් නැවත දේශපාලනයට නොවෙන්නට ගත තීරණය පිලිබදව දුකක් ඇති මුත් පුද්ගලිකව ඔහුගේ තීරණය පිලිබදව මා සතුටු වන්නේ මහින්ද මහතාගේ දේශපාලනය ඔහු නොකරන නිසා බව පමණක් ලියා තබමි. ලංකේය ජනතාව අදට වැඩා හෙටක් සොයා යාම අතීතයේ සිට කල දෙයක් නිසා ලංකේය සමාජය සැමදා දෙවන ලෝකයේ රටක් ලෙස පැවතීමට හේත් සදක වූ බව පෙනේ.දේශපාලනික ලෙස ගොබ්බයෝ ලෙස ලංකේය ජනතාව හංවඩු ගැසී ඇති අවදියක ජපානය තම රට ඔසවා තැබීමට අද ගත් වෙහෙස මත ඔවුන්ගේ හෙට දවස සාර්ථක වීම ලෝක දේශපාලනය තුල කියවිය යුතු බව නිර්දේශ කරමි.මොන දේශපාලනය ආවද ජපනා වැඩ කලේ අදට වඩා හෙට හොද කර ගන්නටය.වෙනත් රටවල් ගැන සොයා බලනවට වඩා ථෙරවාදී රටක ජනයා තම සියල්ල හෙට ජනතාව වෙනුවෙන් කැප කලේ අද අප දකිනා ජපන් සමාජය දැකීමට බව මෙහිදී ලිය තබමි. මයික් කන්නන්ගේ රටේ මොළ බද්ද කිරීම ජපනගෙන් ඉගන ගත යුතු බව පමණක් මෙහිදී නිර්දේශ කරන්නේ එබැවිනි.වෙනසට ජය.

Friday, August 30, 2024

පාලනය

ලංකාවෙ දේශපාලන වටපිටාව එන්න එන්න උනූසූම් මුහුනුවරක් ගන්නවා.පෙලක් අය රැල්ල ඇති පැත්ත හොයනවා.තවත් කට්ටියක් මිනිසුන් වැඩි පැත්තට හෙත්තු වෙනවා.තවත් අය රස වෑහෙන කතා කියනවා.පක්ශ තම තමන්ගෙ රට හදන ක්‍රම සම්බන්දව ප්‍රතිපත්ති ප්‍රකාශන එලි දක්වනවා. නමුත් ඇත්ත දෙශපාලන ප්‍රවාහය ඔයිට වඩා වෙනස් බව තමයි දුකාට නම් පෙන්නෙ.මීට වසර ගනනාවකට පෙර මම දුකාගෙ කොලමෙ හිස නැති කවන්දයක් කියලා ලිපියක් ලිවුවා මතක ඇති.අරගලය හිසක් නැති බලවෙගයක් උනා ඒ අරගලය රට එවකට තිබුනු දෙශපාලන මතවාද පරාද කරලා රට වෙනත් මාවතකට ගෙනිච්චා.මෙක එවකට තිබ්බ ලොක ප්‍රවාහයක ප්‍රතිපලයක් විසියට තමයි පෙනෙනන්නට තියෙන්නෙ. facebook revolution නැතිනම් සමාජ මාධ්‍ය නැගිටිම තුල ඇතිවු සීතල යුද්ධයක ප්‍රතිපලයක් ලෙස තමයි ලංකාවෙත් අරගලය පටන් ගත්තෙ.ඊජිප්තුව,අරාබි ලීගය,ඉන්දියාව ලංකාව වර්තමානයේ බංග්ලාදේශය තුල ඇවිලෙන්නෙ මෙ අරාබි වසන්තයෙ දෙශපාලන ලක්ශන.මෙ කන්සෙප්ට් එක ඒ ඒ රටවල් වල ආර්ථිකය වසර ගනනාවක් ආපස්සට ගෙනියන්න තරම් ශක්තිමත් වූ දෙශපාලන බල පෙරලි කියල නම් කියන්න පුලුවන්.
නමුත් මෙ අරගල තුල සංවිධානය අතින් මුලින් ජනතා ප්‍රසාදය තිබුනත් පසුව මෙම අරගලයෙ කූඩාරමට රින්ගන දෙශපාලන ප්‍රවාහන විසින් මෙ සමාජ අරගල තම දෙශපාලන තුරුම්බු බවට පත් කර ගත්තා.
මෙ අරගල තුල ගත නැති කවන්ද ස්වරූපයක් තමයි තිබුනෙ.ඒ කියන්නෙ එක් නායකයෙකු හො කන්ඩායමක් මෙ අරගල වලට නායකත්වය දුන්නෙ නෑ. මෙන්න මෙ කවන්ද ස්වරූපය තමයි පවතින දෙශපාලන ප්‍රවාහ තම බලල් අත කරගත්තෙ.මෙ දරුවට උප්පැන්නෙ දෙන්න හැම දෙශපාලන පක්ශයක්ම පොරකන කොට අරලයට උර දුන්නු දර දිය ඇදපු මිනිස්සු එකිනෙකා ගැලවිලා ගිහින් ඉවරයි.අරගලෙ කුල්ල කුජිත වෙන්න පටන් ගත්තෙ ඔන්න ඔහොම.මෙතනදි දිශාවක් නොමැති අසරන අරගල කරුවො දෙශපාලන අනාතයො වෙන එක නවත්ත ගන්න එවකට තමන්ගෙ හද ගැස්මට දැනෙන පක්ශයකට හෙත්තු විම තමයි අරගලෙ අවසානය වෙන්නෙ. ලංකාවෙ මෙ තත්වයෙන් බඩ වඩා ගත්තෙ වාමවාදි පක්ශ ඇත්තටම කිවුවොත් අරගලෙකින් රටෙ බලය ලබා ගන්න දගලපු පෙරටුගාමී සමාජවාදීන් ජෙවීපී වගෙ පක්ෂ වල නැගිටිම වෙනදාටත් වඩා වර්ධනය වෙන්නෙ මෙන්න මෙ තත්වය මත තමයි.මොකද ඇරගලයට දර දිය ඇදපු මිනිසූන්ට එල්ලෙන්න වැලක් තිබ්බෙ නෑ.
අද වන විට ආර්ථිකය හසුරවන්න වගෙම රටෙ ආර්ථික අගාධයෙන් රට ගොඩ ගන්න සුරංගනා කතා කියන්නෙ ඔන්න ඔය පක්ශම තමා.නමුත් සමාජවාදී කියන්නෙම අද පවත්නා ලොක ස්වභාව ආර්ථික ධනවාදි රාමුවෙන් පරිබාහිර බලවෙගයක්.ආර්තීකව වැටුනු රටක් ගොඩ ගන්න සමාජවාදය ලංකීය දෙශපාලනයට එන්නත් කිරීම මම දකින විදියට මරි මොඩ වැඩක් විසියට තමයි මම නම දකින්නෙ.ලොක දෙශපාලනික අතීතය වගෙම දෙශපාලන ශාක්‍යතාවක් තියන බොහො දෙනා දත යුතු දෙයක් තමයි සමාජවාදී ආර්ථික ක්‍රමයක් තුල පවත්නා ආර්ථික ගැටලුවට විසදුම් සෙවීමට නොහැකි බව.රුසියාව චීනට වියට්නාමය වගෙ රටවල් ඉදිරියට එන්නෙ මෙ සමාජවාදී ආර්ථික ක්‍රමයෙන් පිටමන්ව රැඩිකල් ධනවාදී ක්‍රමයකට රට දිශාගත කිරීමෙන් පමනක් බව පෙනෙන්නට තිබෙන කරුනක්. ඇයි මම මෙහෙම කියන්නෙ සමාජවාදී බල කදවුරු කියන්නෙ ලොක ආර්ථික ප්‍රවාහය තුලට රටෙ ආර්ථිකය විවෘත කිරීම නොවෙ රට තුලම තමන්ට අවැසි දෙ නිර්මානය කිරිම කියන කන්සෙප්ට් එක."අපි හම්බ කරොත් අපි කනවා" කියල මිනිස්සු කෘයන්න පුරුදු වෙලානෙ දැන් අන්න ඒ කන්සෙප්ට් එකට මෙන්න මෙ සමාජවාදී ක්‍රමය ගැලපෙනවා.මෙ වනවිටත් රටෙ ආර්ථික හැකිලිලා ඉවරයි. සමාජවාදය ආවොත් රටෙ මිනිස්සුන්ට රට තුල තමන්ට අවැසි දෙ නිර්මානය කර ගන්න පුලුවන් එහෙම උනොත් සමහර විට අතිරික්තයක් නිපදවීමට හැකියාව ලැබෙයි.ගොවියො ගොවිතැන් කරයි සන්නාලියො මහයි.මාලු අල්ලන මහත්තුරු මාලු අල්ලයි.අලපමිරිස් වවන උදවිය අල මිරිස් වවයි.අතිරික්තයක් නිර්මාණය වෙයි.මින්ස්සුන්ට සුරංගනා ලොක නෑ.ඒ රටෙ විදියට අපිත් හැදෙන්න ඔනෙ අර රටෙ ජනතාව විදියට අපි ඉන්න ඔනෙ ඒවා සුරංගනා කතා වල නිම්ත්තක් පමනක්ම වෙයි. ආර්ථික ලෙස කඩා වැටුනු රටක සමාජවාදී ආර්ථික කියන්නෙම පටි තද කරගන්නට කියන දෙශපාලන ප්‍රවාහයක් බව ජනතාව තෙරුමු ගත යුතුයි.මෙනින මෙ නිසා තමයි සමාජවාදය දිරවගන්න ජනතාවට අමාරු වෙන්නෙ.ආශාවන්ගෙනි බරිතවූ මිනිසුන් සිටින සමාජ ක්‍රමයක ඔන්න ඔය සමාජ වාදි ඇටය පැල කිරිම ඉතා අමාරු දෙයක් බව තමයි කියන්න වෙන්නෙ.මෙ වන විට රැල්ල ජවිපෙට බර විදියට තමයි ලංකෙය දෙශපාලනය හැසිරෙන්නෙ.නමුත් දෙශපාලනික ලෙස බරයි කියන්නෙ ඔවුන්ගෙ කැම්පෙන් එක තුල සිටින හිස් ගෙඩි ගනන මත බව මෙහිදී කිව යුතුයි. බොහො විට චන්දය දිනය වන වීට ජනතාව තම මොල ගෙඩි භාවිත කරාවි.මෙන්න මෙතනදි ලංකෙය දෙශපාලන පරිකල්පනය වැඩ කරාවි.දෙශපාලන පරිචයන් භාවිතා කරාවි.බොහොවිට ඉව අනුව යාවි.සමාජවාදි මතය නව ලිබරල් සමාජවාදි වූ මාලිමාව ඩැහැගැනිමට මාන බැලිම බොහො විට දක්නට ලැබෙන්නෙ සමාජ මාධ්‍ය තුල වුවද එය ගමට ගෙනයාම එතරම් ආකර්ෂණීය නොවන බව මෙහිදී දකින්නට ලැබෙන්නක්.ඔවුනෆගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල ඔහෙ වැනීමක් පෙනෙන්නට තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නෙ. නමුත් මා පෙර කියු ලෙස ආර්ථිකය රටෙ නිර්මානය කිරිමට නම් රට වසා සිටිමට වඩා විය යුත්තෙ රට ලෙකයට විවෘත කිරිම සමග බව මාගෙ මතය ලෙස මෙහිදි ප්‍රකාශ කරමි. ආන්ඩුව සමාජ වාදී වුවහොත් ආයොජකයන්ගෙ අඩු විමක් දකින්නට ලැබෙනු ඇත.එසෙම පාඩු ලබන ආයතන තුලට ආයොජකයන්ගෙ අත පෙවිම නවතිනු ඇත.මෙසෙ වන්නෙ ලාභ අපෙක්ශාවෙන් කරනා ආයොජන සමාජ වාදී ප්‍රවාහයක් තුල පහල පන්තියට ප්‍ර්රනය විම වෙ.මෙමගින් ලාභ ඉපයිම උගහට වනු ඇත.මීයක්පකඩන්නෙ අත ලෙව කන්නට නොවෙ එසෙම ආයොජකයාද සිතනු නොවනුමානය. රට හිගපතට වැටිම වලක්වන්නට රනිල් ගත් වෙහෙස දෑන් ජනතාවට නොපෙනෙන ඇත.ඔහු ඒකාධිපති පාලනයක් කිසි විටහගක ගෙන ගියෙ නැත.ඔහ ගත් පියවරයන් ළතුල මා දකිනුනෙ නොදැනෙන්නට කරන විප්ලවිය අරගලයක මහුනුවරක් එහි ගැබ්ව තිබෙන බවය. ඔහුගෙ දෙශපාලනික ගමනෙ ඔහු එය ක්‍රියාවෙන් ඔප්පු කර ඇත.88 -89 අරගලය ආවෙ තරුණ නැගිටීමක් ලෙස බව පෙනෙ තරුණයාට රැකියා නැත තැනක් නැත.එයින් උපන් විශ්වාස භංගත්වය අරගලයකින් 88-89 එලියට ආවෙ විප්ලවයක් ලෙසය.රනිල් එයට නිසි උත්තරය දුනුනෙය.වෙලද කලාප නිර්මානය විය අවිස්වාසයෙන් සිටි තරුනයාට අභිමානය ගෙනාවෙය.දැනුමින් පොශනය නොවුනු තැනැත්තාට තරුනසෙවා සභාව ආරම්භ කොට රැකියා සදහා පුහුනුව ලබා දුන්නෙය.කර්මික විදයාල ඇතිභවිය එකල්හි තිබෙන රැකියා වෙළද පොල උදෙසා තරුනයා නිර්මානය වුවෙ එලෙසය.නමුත් අද වන විට ඒ පිලිබඳව ජනතාවගෙ අප්‍රසාදය වර්ධනය වන බව පෙනෙ.එයට හෙතුව රනිල්ගෙ ක්‍රයා කලාපය නොවෙ එක් එක් දෙශපාලන බල පෙරලි තුල ඒ ආයතන දොලනය වීමයි.පවත්නා වෙළද පොලට වෙනසට කාර්මික විද්‍යාලය ආනගත නොවිම එම ආයතන වල පල්ලට යැවිමට හෙතු විය.දර්ශනය එක් අයෙකුගෙ වූ අතර එය අකන්ඩව ක්‍රියාත්මක නොවිම මෙම ගැටලුවට රට සග තරුනයා මැදිවිමට හෙතු විය. කෙසෙ වුවද මෙම මැතිවරනය තුල ජනතාවගෙ දෆශපාලන ශාක්ෂරතාවය උරගා මනිනු ඇත.වමද දකුනද ඔබගෙ කතිරය තීරනය කරනු ඇත.ඒකිය රටෙ හිරකුරුවන් බදු ආර්ථික ප්‍රතිපත්තියද ලොකය සමග එක්ව යන ආර්ථික ප්‍රතිපත්තියද යන්න ඔබම තීරනය කරනු ඇත.
රටෙ පැවැත්මට හො රටෙ අරාජිකත්වයට ඔබගෙ මනාපය මනසින් සිතා ලකුනු කරනු ඇති බව පමනක් මා විශ්වාස කරමි. දුකා 2024/08/31

Friday, March 17, 2023

ලෝක පොලිටික් සහ අපේ පොලිටික්

ලෝක දේශපාලන බල තුලනය සදහා ලෝක බලවතුන් සිතල යුද්දයක යෙදෙන්නේ අද ඊයේ සිට නොවේ.එසේම පලවන සහ දෙවන ලෝක යුද්ද ඇති වුයේද බල තුලනය සහ තම රටේ තැන නිර්මාණය කිරීම සදහා බව ගැටළු අද්යනයේද පෙනෙන්නට තිබෙන කරුණකි. රුසියානු යුක්රේන යුද්දය ලෝකයේ සියලු රටවල්ම ආර්ථික සාමාජික සංස්කෘතික ලෙස උඩු යටිකුරු කරනා කාරණාවක් වුවද එයට එහා ගිය යටගිය සැලැස්මක් ඇති බව පෙනෙන්නට තිබේ.රුසියාව සහ පුටින් සම්බන්දව ලෝකයේ අවදානය දිනාගෙන සිටින අතර නේටෝ සංවිදානය රුසියාවට සම්බාදක දමමින් සිටි.
යුද්දය කොතරම් කුරිරුද යන්න සමාජයේ කතිකාවක් වුවද ඊට එහා ගිය දේශපාලන බල අරගලයක් පවතින බව පෙනෙන්නට තිබේ . චීනය ආර්ථික වශයෙන් ලෝකයේ පළමු තැන ගන්නට නොයෙක් අයුරින් ක්‍රියා කරන බව පෙනෙන්නට තිබේ.දැනට ලෝක බලවතුන් ලෙස සිටින ඇමරිකාව සමග චීනය සිතල යුද්දයක පැටලී සිටින බව දක්නට ලැබෙන කරුණක් වී තිබේ. 2020 වසර වන විට ලෝකය වෙලා ගත කොවිඩ් අර්භුදය සමග ලෝක ආර්ථිකය සෘණ අගයක් ගත අතර ලෝක බලවතුන්ගේ ලැයිස්තුව උච්චාවචනය වෙනු ඇති බව බොහෝ ආර්ථික විද්‍යාර්ථයන් මත පල කරන ලදී.ඇමරිකාව ප්‍රමුක යුරෝපය චීනය වෙත ඇගිල්ල දික් කලේ මේ කොවිඩ් අර්බුදය චීනය අනෙක් රටවල් වලට ප්‍රහාර එල්ල කරන්නට යෙදු ජීව ප්‍රහාරයක් ලෙස බව පෙන්වා දේ. කොවිඩ් යනු ලෝක බලවතුන් වෙන්නට චීනය ගත් වෑයමක කුටප්ප්‍රප්තියද යන්න තවමත් නොවිසිදුනු ගැටළුවක් වී හමාරය.කෙසේ වූවද කොවිඩ් අර්බුදය නිසා බොහෝ දනවාදී රටවල ආර්ථික වර්ධනය පහල බසින්නට හේතු වූ අතර ඇමරිකාව සම්පුර්ණයෙන් වසා දැමීමට පවා සිදු විය .එසේම යුරෝපා රටවල් ගණනාවක් ආර්ථික ලෙස කඩා වැටීමට හේතු විය.එසේම වැඩ කල හැකි ජනතාවක් නිකරුනේ විනාශ වී ගිය අතර රටවල් වල අනාගත සංවර්දනයට උර දිය හැකි ජනතාවක් විනාහ වූ අතර කොවිඩ් සදහා එන්නත් කරණය සදහා අනාගත සංවර්දනයට ධායක කර ගත හැකි විශාල මුදලක් විඅනාශ වී ගියේය.ඇමරිකාව එංගලන්තය තම රටවලම එන්නත් නිර්මාණය කර ගන්නට වෙහෙසුනේ චීන එන්නත ගැනීමට යොදවන ඩොලර් රටින් පිටට යාම වැලක් වීමට වන්නට ඇත.චීනය කොවිඩ් සදහා ඉක්මනින් එන්නතක් නිර්මාණය කරේ ඒ එන්නත විකුණා තම රටේ ඩොලර් සංචිත තර කර ගැනීමටද වන්නට පුළුවන. ඒ කෙසේ වුවත් මේ සියලු ආකාරයකින්ම තැලෙන්නේ ජනතාව බව නොකියාම බැරිය.එසේම ආර්ථිකව ස්ථාවරත්වයක් කරා ගමන් කරනා දෙවන ලෝකයේ රටවල් සේම තුන්වන ලෝකයේ රටවල් ආර්ථික වශයෙන් අස්ථාවර වූ බව පෙනෙන්නට තිබේ. කලින් කලට මේ සිදු වන්නේ ලෝක බලවතුන්ගේ බල තුලනය කර ගැනීමේ ගැටුමදැයි විටෙක සැක උපදී.
කොවිඩ් චීනයේ නිර්මාණයක් නම් සේම එමගින් යුරෝපය ප්‍රමුක රටවල් වලට සැර ප්‍රහාරයක් වුවා නම් එම රටවල් අනිවාර්යෙන් චීනයට ප්‍රතිප්‍රහාර දෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය විය.එය කුමන ආකාරයකින් සිදු වේද යන්න ගැටළුවක් සේම කුහුල දනවන කාරනාවක් විය. වර්තමානය වන විට ඒ කුමන අකරයින්ද යන්න පැහැදිලි වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. යුක්රේන සහ රුසියා යුද්දයේ අරම්භ ගිනි පුපුරා නිර්මාණය කළෝ කවූරුන්ද යන්න මේ වන විට සන්නිවේදන ආයතන මත පල කොට ඇත.
යුක්රේනය සහ රුසියාවේ අළු යට ගිනි පුපුරු උඩට ඇද්දේ කවූරුන්ද යන්න සොයා බැලීමේදී බලවත් රටවල් තම යටතේ අන් රටවල් තබා ගැනීමට වෙහෙසේ.අතීත 2004 වසරේ යුක්රේන මහ මැතිවරණයේ වික්ටර්ට එරෙහිව වික්ටර් ගැටලුව නිමවුවේ යුරෝපයයි.එහිදී එක්‌ වික්ටර් කෙනෙකු යුරෝපයට පක්ෂපාති වූ අතර අනෙක් වික්ටර් රුසියාවට ඇති විය.මෙහිදී දේශපාලනික ලෙස යුරෝපා මතවාදය සහ රුසියානු මතවාදය ජන ගත කිරීමට දේශපාලන පිබුරුපත් යුරෝපය යුක්රේන භුමියේ මුල් වරට පල කරන ලදී.එමගින් රටේ ජන කොටස් මතවාදී ලෙස වෙනස් වීම දක්නට ලැබිණි එසේම 2008 වසරේදී යුක්රේනය සහ ජෝර්ජියාවට නේටෝ රාජයන් ලෙස නම් කරන බව නේටෝව විසින් ජන ගත කරන ලදී.එම තොරතුරත් සමග රුසියාව ගිනි ගත්තේය.එයට මුලික හේතුව වන්නේ ඇමරිකාව සහ රුසියාව අතර අතීතයේ සිට පවතී ගැටුමයි.නේටෝ රාජ්‍යයක් ලෙස යුක්රේනය සහ ජෝර්ජියාව නම් වුවොත් රුසියාව ඇමරිකානු රාජ්‍යයන්ගෙන් වට වන්නේය .මෙය රුසියාවට රාජතන්තරික ලෙස සම්බාදක පැනවීමක් වන්නේය .එය රුසියාවේ ස්වෛරීත්වයට ගැටළුවක් වන්නේය.
2010 වසරේ යුක්රේනය සහ රුසියාව අතර ගෑස් පිලිබදව ගිවිසුමක් ඇති විය.එමෙන්ම කළු මුහුද අවට ගෑස් නල ආරක්ෂාවට රුසියානු සිල් බට කණ්ඩායම් රදවා තබා ගැනීම සම්බන්දව කතිකාවක් ඇති වූ බව කියවේ. 2013 වසරේ යුක්රේන ජනාධිපති රුසියානු ගති පුද්ගලයකු බව ප්‍රකාශ කරමි ජනතාව විදි බැස උද්ගෝෂණ සිදු කරයි. 2014 වසරේ යුක්රේන ජනපතිට විරුද්දව ජනතාව කැරලි ගසනු ලබයි.මෙහිදී විධායක බලතල ඇති ජනාධිපති කැරලි මර්ධනය කිරීම සදහා පොලිසිය කැදවනු ලබයි.මෙහිදී ජීව අවි මගින් කැරලි කරුවන්ට ප්‍රහාර එල්ල කරයි.ජනතාව කුපිත වී කිවි නගරය කේන්ද්‍ර කොට ගෙන කැරැල්ලක් ආරම්භ වේ.මෙම කැරැල්ල සමග එවකට යුක්රේනයේ ජනාධිපති රුසියාවට පලා යයි. මේ සියල්ලත් සමග G 8 සමුළුවෙන් රුසියාව ඉවත් කෙරේ . 2014 අප්‍රේල් මස යුක්රේනයේ දොන්බාස් ප්‍රදේශයේ බලය රුසියානු හිතවාදී කැරලි කරුවන් අතට පත් වේ.මේ කැරලි කරුවන්ට සෘජු ආධාර ලබා දීම රුසියානුවන් විසින් සිදු කරනු ලබන බව චෝදනා එල්ල කරයි.එය රුසියාව තරයේ ප්‍රතිෂේප කරනු ලබයි. 2014 දෙසැම්බර් මස වන විට රුසියාවට විරුද්දව සම්බාදක පැනවීම පිලිබදව කතිකාවක් ඇති වේ.මෙහි ප්‍රතිපලයක් ලෙස සහ එකට එක කිරීමක් ලෙස කැනේඩියානු නීතිවේදීන්ට රුසියාවට ඇතුල් වීමට නොහැකි ලෙස සම්භාදක පනවනු ලබයි. 2015 වසරේ සිට යුක්රේනයට ආධාර ලෙස කැනේඩියානු හමුදා භටයන් 200 ක් මස 06 කට වරක් යැවීමට කැනේඩියානු රජය තීරණය කරනු ලබයි. 2016 සිට 2021 දක්වා රුසියාව ට සම්බාදක පැනවීමට කැනඩාව තිරණය කරනු ලබයි.එසේම කැනඩාව යුක්රේනය සමග නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් තබයි. 2021 වසරේ රුසියාව යුක්රේන දේශසීමාවේ තම බට කණ්ඩායම් ස්ථාන ගත කරන දර්ශන චන්ද්‍රික ආදරයෙන් ලබා ගෙන ජන ගත කරයි.එසේම යුක්රේනයද තම දේශ සිමා සදහා අමතර බට කණ්ඩායම් රදවලයි. 2022 වසරේ මුල් භාගයේ යුක්රේන ජනාධිපති සමග ජෝ බයිඩන් ජනාධිපති වරයා දුරකථන සංවාදයක යෙදෙමින් රුසියාව ආක්‍රමණය සිදු වුවහොත් ඇමරිකානු රජය යුක්රේනයට ආධාර සපයන බව පවසයි. 2022 වසරේම කැනඩාව යුක්රේනයට ඩොලර් මිලියන 120 ක ආධාර ලබා දෙයි. ඇමරිකාව යුක්රේනය අවට රටවල් වලට ඇමරිකානු හමුදා බටයන් රදාවාලයි. 2022. වසරේම මුල් භාගයේ ලෝක නායකයන් එක්ව යුක්රේන අර්බුදය පිලිබදව කතිකා කරයි.එසේම කැනඩාව යුක්රේනයේ සිටින සියලු කැනේඩියානු ජනයාට රටින් ඉවත්වෙන ලෙස එන කරයි.එසේම රුසියාව යුක්රේන දේශ සිමාවේ යුද හමුදා අබ්යසයක යෙදෙන බව ප්‍රකාශ කරයි. 2022.02.21 රුසියානු ජනාධිපති ජාතිය අමතමින් ජාතික ආරක්ෂාව සදහා යුක්රේනයට විරුද්දව යුද සෙබළු මෙහෙයවන බව ප්‍රකාශ කරයි.එසේම ඇමරිකාව කැනඩාව ඇතුළු රටවල් රැසකට රුසියාව විසින් සම්භාදක පනවනු ලැබේ.එසේම යුක්රේන පාර්ලිමේන්තුව හදිසියේ කැදවා හදිසි අවස්ථාව වැඩි චන්දයෙන් සම්මත කර ගනී. 2022 පෙබරවාරි 22 වන දින රුසියාව යුක්රේනය ආක්‍රමණය කරයි. මේ යුද්දයේ ඇතුල් පැත්ත කෙසේදැයි දැන් ඔබට වැටහෙනු ඇත ඇමරිකාව ප්‍රමුක යුරෝපා රටවලට අවශ්‍ය වුනේ රුසියාව සදහා සම්බාදක පනවා නැගී සිටිමට වෙහෙසෙන චීනය අකර්මන්‍ය කිරීමට බව පෙනේ.රුසියාව අකර්මන්‍ය වුවහොත් ආසියාතික කලාප ආර්ථිකය තවත් පහලට යනු ඇති බව පෙනෙන්නට තිබේ.ගල් අගුරු සහ බොර තෙල් චීනයට සම්පාදනය කරන්නේ රුසියාවයි.මේ යුද්දය නිසා ඒ ඇනවුම් පවා අකර්මන්‍ය කිරීමට යුරෝපය ගැසූ ගැටය යුක්රේන රුසියානු යුද්දයයි.එසේම ඇමරිකාව සහ එංගලන්තය යුද අවි සම්පාදනය කොට යුක්රේන ආර්ථිකය බින්දුවට බස්සනු ඇත.එයින් පසු යුක්රේන භුමිය යුරෝපයට අයිති වනු ඇත.ණය බරින් මිරිකී සිටිනා යුක්රේනය ඇමරකානු රූකඩයක් වීම නොබෝ කලකින් දැකිය හැකි වනු ඇත. රටක රජතාන්ත්‍රික සේවා අතිශය භුද්දීමත්ව කටයුතු කල යුතුය.බලවත් රටවල් සාමාන්‍ය රටවල් ගිල ගන්නේ විනාඩියෙන් දෙකෙන් නොවන බව මතක තබා ගත යුතුය.ලෝකයේ සැම රටක්ම මානසික වශයෙන් ආක්‍රමණය කිරීමට බලවත් රටවල් කෙටුම් පත් සකසා අවසානය. චීනය සහ ඉන්න්දියාවත් යුරෝපා රටවලුත් ලංකාව පිලිබදව සිතන්නේ මෙසේ විය හැකිය.වසර 32 යුද්දයේදී LTTE සන්විදනයට සහ ලංකාවේ රජයට අවි ලබා දුන්නේ යුද්දය පවතී නම් යුරෝපා රටවල අවි වෙළදාම සරු වන නිසාය.යුද්දය ඒ සියල්ලන්ටම වෙළදාමක් පමණි.ඒ තත්ව මතක තබා දෙන රජතාන්ත්‍රික ලෙස තම ප්‍රතිපත්ති සම්පාදනය කර ගත යුතුය.IMF හරහාද සිදු වන්නේ ආර්ථිකය නගාසිටුවීමට යම් රුකුලක් වීම පමණි.එමගින් ලංකාවේ රිණ අගයක පවතින විදේශ සංචිත සදහා imf හරහා ඩොලර් යොදවනු ඇත.එමගින් ලංකාවේ සංචිත තරවී විදේශ රටවල් ලංකාව පිලිබදව තිබෙනා ප්‍රතිරූපය වර්ධනය වනු ඇත.එමගින් ලංකාවට වෙනත් රටවලින් ලැබෙනා ණය පහසුකම් සදහා imf ශ්‍රී ලංකා රජයට පිරිනමන සහතිකයක් පමණක් වනු ඇත.
බොහෝ දෙනෙකු සිතන්නේ imf හරහා ලැබෙන ඩොලර් සෘජුවම ජනතාවගේ පරිහරණය වෙනුවෙන් ලැබෙන මුදලක් ලෙස වුවද එසේ නොවන බව ජනතාව තේරුම් ගත යුතුය.එසේම පෙර පැවසු කරුණට අදාලව වෙනත් රටවලින් ආධාර හෝ නය ලබා ගැනීමට නම් imf හා සමගාමිව රාජතාන්ත්‍රික ලෙස සම්භන්ද වීමට විශේෂ වැඩපිළිවෙලක් නිර්මාණය කල යුතුය.එසේ නොකළහොත් ආර්ථික වශයෙන් ලංකාව තවත් පහලට ඇද වැටෙනු ඇත. රාජ්‍ය ආරක්ෂාව සදහාද මීට වඩා ආසියා කලාපිය රටක් ලෙස ශ්‍රී ලංකාව තම රටේ ශක්‍යතාව මෙහෙයවා කටයුතු කල යුතුය.ආසියාතික කලාපයේ ලෝක යුද්දයක ආරම්භය පිලිබදව කතිකාව අවේ අද ඊයේ නොවේ.චීනය සහ යුරෝපය අතර මත ගැටුම් පැවතියේ අද ඊයේ සිට නොවේ.මෙය සිතල යුද්දයක් ලෙස අදටත් පවතී.අළු යට ගින්දර කොයි වෙලේ හෝ ඇවිලෙනු ඇත.ලොකු සත්තු මරා ගන්නා විට අප වන් කුහුබු රාජ්‍යටද ඒ රස්නය දැනෙනු ඇත.වහ වහා ඒ සදහා ලංකාවේ රාජතාන්ත්‍රික මෙන්ම ජාතික ආරක්ෂාව සදහා ලංකාවේ ප්‍රතිපත්ති වෙනස් විය යුතුය.එසේම සැමට එක නිතියක් ක්‍රියාත්මක විය යුතුය.අනාගතයේ සිදු විය හැකි බලපෑම් මෙන්ම ආර්ථික කඩා වැටීම් පිලිබදව අද්‍යනය කොට ජනතාව ඒ සදහා අද්යත්මිකව ඒ සදහා සුදානම් කිරීමේ වගකීමද රජයක් ලෙස එකට එකතු වී ගැටළු වලට මුහුණ දීමට විශාල රුකුලක් වනු ඇත.එසේ නොවුවහොත් රට මෙයට වඩා ගැටළු වලට මුහුණ දෙනු ඇත. දුකා............ 2023.03.17

Tuesday, March 7, 2023

IMF සහ ලංකාවේ අනාගතය.........................

ප්‍රියමාලිලාගේ ගේම ගැන ඉස්සර කතා උනාට දැන් වැඩි කතාවක් නැ. ඊ නිවුසියේ පොලිටිකල් අනලයිස් මාරු බඩුවක් ලොකු අනාවරණයක් කරලා තිබ්බ මේ කෙස් එක ගැන යුටියුබ් එකේ.වැඩේ කියන්නේ පක්ෂ විපක්ෂ හැමෝම ගැහැණියෙක්ගේ උගුලට හසු වීම.මේක මෙහෙයවපු සෙට් එක අත්ලේ ඉන්නේ ගැහැණු දෙන්නෙක් කියන එක නම් ඒ තරම් මම විශ්වාස කරන්නේ නෑ.එකට ඔය ගැහැනියකගේ ලේ නෑකම තියන දේශපාලනය සම්බන්දද කියලත් වෙලාවකට හිතෙනවා මේ ගේම් එක පිටි පස්සේ.මේ හිතෙන දෙයක් කිවූවේ.
මොකද ඔය පක්සේට එහෙම අතිතයකුත් නැතුවම නෙවයි මොකද ගම් ගොඩේ ඔය පන්ති පහට ගිහින් රැට රැට හොරකමේ ගියපු උදවියත් කැරැල්ල අකා මකා ගිහාම ආයි ගම රට ඇවිත් දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනල හම්බු කරගත්තු සල්ලි අත දිග ඇරලා වියදම් කරලා පක්ෂෙට පින්සිද්ද වෙන්න අපේ ගැ වලත් තුන්වේල කාල අදාල පොසත්තු බලවත්තු වගේ දැන් ඉන්නවා.
සහෝදරයා කියල හැමෝටම ඇමතුව මේ සහෝදරවරු ඇත්තටම සහෝදරයෝද කියල හිතෙන තරමට ඒ අයගේ දේශපාලනයත් දැන් දනවාදය පෙරෝගෙන විත්තිය ඔය ය කරන කතා වලින් පෙන්වා.මලිමාවේ සෙට් එක ආර්ථික මොඩලය දනවාදී කර ගන්න දගලනකොට මහා පක්ෂේ මහා සහෝදරයා සමාජ වාදය වැදගත් බව කියනවා.කටින් එකයි පුකින් එකයි කියල එතකොට නම් ලියුම් කරුට හිතෙනවා.එහෙම හිතෙන එක සාදාරනයි සහෝදර වරුනි ඔන්න. ඔයාලම කියන ඒවා තමයි අපිත් අහුලගන්නේ.මට හිතෙන විදිහට මහා පක්ෂ දෙක පොහොට්ටුව ප්‍රමුක අලියෝ සහ පියාණන්ගේ පක්ෂ දෙක සමාජ වදයට බය වෙලා වගේ හැගීමකුත් එනවා.මොකද ගම වල තියන චන්ද ගොඩක් දැන් මහා පක්ෂ දෙකෙන් ගැලවිලා ගිහින් කියල තමයි පෙන්න තියෙන්නේ.ජෙප්පෝ චන්දයක් ඕනෙමයි කියල ක ගහනකොට පියානෝ පක්ෂය කෝන් වෙයි කියල හිතල පොඩි සද්දයක් දානවා අලි නම් හ්ම් නෑ.මොකද මහා පක්ෂ දෙක කැමති චන්දයක් දැන් දැන් නොතියන එකට මයේ හිතේ.ජනතාව තරුණ තරුණියන්ගේ මතයට එක් වෙලා.88 සහ 89 වසර වල අතීතය ඒ මහත්ම මහත්මීන් දන්නේ නැ.එක සාදාරනයි.අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවයක් නෑ කියනවනේ.සමහර විට ඒ පක්ෂයත් හිතනවා ඇති සමාජවාදය යල් පන ගිය මතයක් කියල.
හැබැයි මොන පක්සේ අවත් උන් උන් යාලුවෝ කියන එක මතක තිය ගන්නම ඕනේ කාරණාවක්.චන්දය කටු ගානවා කියල හිතාගෙන ඉන්න උදවියත් මොකක් හෝ පක්ෂයකට කතිරය ගහල එවි.මොකද ඒ ඒ වනකොට රේටින් තියන අප් වෙලා තියන පක්ෂයකට කතිරේ ගණහ එකත් ට්‍රාන්ඩ් එකක් වෙලා රටට ජාතියට හෙන ගැහුවත් ජයක්ග්‍රාහී මනසිකත්වය තමයි දැන් මිනිහට ඕනේ.පරාජිත මානසිකත්වය සහ ජය පැරදුම එකයි කියල මිනිස්සු හිතැන්නේ ක්‍රීඩාවේ විතරයි.ඇත්ත ජිවිතේ රටේ අනාගතය පිලිබදව කාරණාවේදී මිනිස්සු හරි වෙනස් මහත්තයෝ.
IMF ගෙමත් ගැහුවා කියල තමා ආරංචිය තියෙන්නේ.ජෙප්පෝ,සමගියේ උන්ට මේ චන්දයත් හීනයක් වෙන ලකුණු තමා එහෙමනම්.අන්තරේ කොලබට බැහැලා ජෙප්පොන්ට කත් අදිනවා මෙහෙම ගියොත්.සාමකාමී රැල්ල වෙනුවට ජෙප්පෝ තරුණ ලේ රත් කරවල මේ වෙලාවේ බොරදියේ මලු බානවා ෂුවර්.මොකද මේ වෙලාවේ චන්දෙ තිබ්බොත් තමයි ජෙප්පොන්ට හොද ඒ නිසා මේ පාලනය අවුල් කියල කියන්න උන් මාන බලනවා සත්තයි.
මේ වෙලාවේ IMF ගෙමත් ගහපු නිසා රනිල් චන්දෙට තව කල ගනීවි.මොකද වද වෙලා ගත්තු IMF අවසරය මේ මොහොතේ රනිල් වෙනත් පක්ෂයකට නොදේවි.චීනාටත් ඔන්න ඔහේ IMF දීපන් කියන ටත්වයටම අවා එක රටක් විදිහට අපි ලබපු ජයක් කියලත් වෙලාවකට හිතෙනවා.නැත්තම් ගොටල කරපු විදිහට කරා නම් චීන කොලනියක් වෙනවා මේ රට.ඇමරිකන් ප්‍රමුක යුරෝපා හවුලක් වෙච්චි IMF අරමුදල රට වැටිච්චි තත්වයෙන් ගොඩ එන්න සප් එකක් දෙනවා කියන්නේ මේ වෙලාවේ ලොකු දෙයක්.චීනා හැදුවේ හුස්ම ගන්න බැරි වෙනකන් ඉදල සත්ව කරුණාව පාල රටෙන් තව කුට්ටියකට වැඩේ දෙන්න.එහෙම යාලු කම් වැඩක් නෑ අප්පා. ලස්සනට රනිල්ලා මහ බැංකුව ඒ අතින් රට හරිමගට ගෙන්වා.එක වටිනවා.දැන්වත් මහා බැංකු අදිපති තුමා කියපු වහනය හෙළ වෙත ගමන් කිරීම නතර වේවිනෙ.අන්න එක මොන දෙ උනත් රට දාල නොයන දේශ හිතයිශි බුවාලට වැදගත් වේවි... අපි බලමු .....රනිල්ලා රට ගොඩ දාල දෙයි ද කියල .... දුකා........... 2023/03/07

Monday, March 6, 2023

දේශපාලනය ලියා අවසානය....... ඔබ එහි නළුවෙක් පමණි

පාස්කු ප්‍රහාරය,කොවිඩ් අර්බුදය, අරගලය මෙන්ම නිදහසින් පසු බිහිවූ පක්ෂ දේශපලයන නිසා රටේ ජනතාවට යන එනමන් නැතිවී ඇති බව පෙනෙන්නට තිබේ. කුසට අහරක් සොයමින් අනාගත බලා පොරොත්තු කිසිවක් නොමැති ජනතාවෝ ඔබ මොබ හිස් අහස දෙස බලා සිටිමින් හුල්ලනු පෙනේ.ඇත්තෝ සහ නැත්තෝ යන දෙකොටස නැතිවී සියල් ජනතාවෝ නැත්තෝ තත්වයට පත්ව ඇති බව පෙනේ.
කෙසේ උවත් මේ අද පවතිර තත්වයට වග කිව යුත්තෝ පක්ෂ දේශපාලනය බව නොරහසක් බව පෙනේ.ඒ පක්ෂ දේශපාලනය හෙම්බත් වූ ජනතාව එක්ව අරගල කොට නැවත තමා ලබා දුන් බලය තමා සන්තකයට ගෙන ජනතාවාදී රජයක් බිහි කිරීම සදහා අරගලයට සහයෝගය දැක්වුවන්ගේ ඒකායන පරමාර්ථය විය.එසේ එක් වූ සුජාත ජනතාව අරගලයක් කොට සමාජ වෙනසක් ඉල්ලු ජනතාව අරගලය සමග එක් තැන් කර ගන්නට මහත් වෑයමක නියලුන් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිණි.
බොහෝ ජනතාවක් එල්ලුවේ ඒ වෙනසයි.බොහෝ දෙනෙකු බලා පොරොත්තු වුයේ එවන් ලංකාවක් නිර්මාණය වනු දැකීමටයි.ජනතාවගේ හදවත් තුල කකරෙන රාජ්‍ය එය විය.දේශපාලකයන් සැමදා පාරම්බාන බාපු පොරොන්දු දේශය එය විය.බල මහලු සියල්ල බලාපොරොත්තු වූ මොඩලය ගෝල්පේස් අරගල බිමේ නිර්මාණය විය.වේදකා නාට්‍ය,අද්යාපන කේන්ද්‍ර මුලික සමාජය,සුදුස්සාට සුදුසු තැන,සිනාව,තරුණ අසහනයට නිමාව,පුස්තකාල පහසුකම්,එකී මෙකි නොකී සැම ජන මනසක් ඉල්ලන සමාජ ක්‍රමය ගෝල්පේස් අරගල බිමේ දක්නට ලැබිණි.සංවර්දනය වූ රටක සමාජ ක්‍රමයක් ඒ අරගල භුමියේ නිර්මාණය විය.එමගින් ජනතාවගේ ආකර්ෂණය අරගලය සදහා මෙන්ම පවත්නා ආණ්ඩුව පන්නා දමනා ප්‍රධාන අවිය විය. අදටත් මා මෙය සුජාත අරගල භූමියක් බව කියන්නට වෑයම් නොකරමි.මේ කවූරුන් හෝ නිමවා තම දේශපාලන අරමුණු සපල කර ගැනීමේ සුක්ෂම උපායක් බව පමණක් මා දනිමි.රට රටවල් වල වියාපාර වලින් මුදල් පොම්ප කිරීම මෙන්ම අරගලය මතින් තම හින කරා පිය මැනීම සදහා සුක්ෂම උපායක සුලමුල දැන් දැන් එලියට පැමිනෙන බව පෙනෙන්නට තිබේ.චීනය සහ ඉන්දියාව කලාපයේ අනෙක් රටවලට කල බලපෑම ගැන කතා කරනා දේශපාලන විචාරකයන් තම දේශපාලන පරිචය තවත් පුළුල් කර ගත යුතු බව පෙනේ.ඒ මක් නිසාද යත් බොහෝ යුරෝපානු රටවල් ලංකාව දෙස බලා සිට ඇති බව මේ අරගලය නිසා පෙනෙන්නට තිබු කරුණක් වී තිබේ.නොයෙක් සංවිධාන මෙහිදී අරගලයක් වනවාට උදවූ කල බව අද්යන තුලින් පෙනෙන්නට තිබෙන කාරණාවක් වී තිබේ. මෙහිදී ලංකාවේ එක් දේශපාලන පවුලකට අයත් ලංකාවේ කිරීටයට හිමිකම් කියූ ගැහැනියක් සහ අගමැති හීනයට එහා නොගිය තැනැත්තෙක් ගෝටා ගෝ ගම අරගල භුමිය පිටුපස විශාල රාජතාන්ත්‍රික කාර්යක නියැලී ඇති බව මත පල කරන්නෝ පෙන්වා දෙන මතයක් වී තිබේ.අද වන විට මේ තත්වය සැබෑවක් බව පෙනෙන්නට තිබෙනා කරුණක් වී තිබේ.ජනාදිපති සිහිනය ඔහුට තවත් සිහිනයක් නොවූ බව අනාගතය දෙස බැලීමේදී දක්නට ලැබෙන බව නොරහසක් නොවන බව මෙය කියවන ඔබ නොදන්නවා නොවේ.
දේශපාලනය යන ගේම් එක ජනතා මතය නොමැතිව කරගෙන යා හැකි බව තවත් කලක් යන විට ජනතාවත තේරුම් යනු ඇත.මහ මොළ කරුවන් ශ්‍රී ලංකික ජනතාව තම හස්තයට ගොදුරු කරගෙන අවසාන බව පමණක් මෙහිදී මතක් කර දෙමි.ඔබට ඇත්තේ ඔවුන් නිමවන ලද හීනයේ ගිලෙමින් රග පෑම පමණක් බව ඔබට වැටහෙන විට ඔබ පරක්කු වන්නට පුළුවන් බව පමණක් මෙහිදී මතක් කරමි. කිසිදු පාර්ලිමේන්තු බලයක් නැති පක්ෂයක ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු මෙරට ඉහල පුටුවට යාම මා වීර කමක් ලෙස දකිමි.ඒ ගමනට මෙන්ම ඉලක්ක ගත ගමනට මෙන්ම ලංකාවේ බහුතර ජනයා වෙනුවෙන් තම දේශපාලන අනාගතය උගසට තිබු නායකත්වයක ලකුණු මා ඒ චරිතය මතින් දකිමි.ඒ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා මාතාව වැටි තිබු තැනින් නැගිටීම වෙනත් නායකයන් පසු බැස පලා ගිය අවස්ථාවක ඒ වගකීම ගැනීම බොහෝ දෙනෙකු සේම මා වැදගත් කොට සලකමි. සමගිය ලොක්කෝ වාසනාව දොර අරගෙන බලනවා දුටිමි.ජෙප්පෝ බන්දේසියක තබා රට තම අතට දෙනු ඇති බව සිතා එකල්හි කටයුතු කල බව දනිමි.වියවස්තව මෙන්ම රට ගැන ඔව්න් සිතන්නේ නම් රට එවිට ථිබුඉ තත්වය ගැන සිතා එක්වීම සිදු විය යුත්තක් උවද එය මේ කිසිදු දේශාභිමානයෙන් මොර දෙන පක්ෂයකට නොතිබූ බව දක්නට ලැබුණි.නායකත්ව ලක්ෂණ ජෙප්පෝ සජ්ජෝ ලග නොතිබූ බව දකිමි.එසේම අරගලය විය යුත්තේ කෙසේද යන්න පවා අරගල වල කෙල පැමිණි ජෙප්පෝ පවා නොදන්නේ මන් දැයි ගැටළුවක් මතුවන්නේ ගෝල්පේස් අරගලය දියාරු වී ගිය අයුරු දැකීමෙන් බව කිව යුතුය. වැස්සත් පාලකයාට බනිනා රටක,මේ රට මගේ රට මා ඉපදුනු රට කියනා බොරු දේශ ප්රෙමින්ටත්,සිංහ ලේ තිබෙනා පුතුන් රටට කෙළවෙන මොහොතේදී රට හැර යන අවස්ථාවාදී ජනතාව සිටිනා රටක පම්පෝරි මිස වෙන දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව පෙනෙන්නට තිබේ.රජයේ කාර්යාල ,බැංකු සේවකයන් අත්තන ඇට කෑව මෙන් සිටිනා රටක මහා බ්‍රක්මයා ජනපති වුවත් බැස්මක් මිස නැග්මක් නැති බව නම් කිව යුතුය.
අරගලය විය යුත්තේ තම හදවතේ විනා පාරේදී නොවන බව පැහැදිලිය.රනිල් ඉල්ලුවේ ජනතාව බව දන්මි.ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සුදුසුම නායකයා රනිල් බව සියල්ලෝම කිවා මතකය.එසේනම් ඔබ රනිල් ඒ තැන තබා ඇත.එක්කෝ එකම බලාපොරොත්තුව රනිල් බව ඔබට ඒත්තු ගන්වන්නට කුමන හෝ බලවේගයක් ක්‍රියා කොට ඇත.සන්නිවේදනය සමාජ ජාල වෙනත් ක්‍රම ඔබ තම මතය යට කොට වෙනත් මතයක් ඔස්සේ ක්‍රියා කිරීමට උත්සහා දරනවා වන්නට පුළුවන.ඔබ ඔබම දැයි මදක් සිතන්න මේ කාලය නොවේද ? අනාගත දේශපාලනය ලියා අවසානය....... ඔබ එහි නළුවෙක් පමණි.....මා ඒ දෙස බලා සිටිමි....මොකා මොක කිවත් මතය යට කොට පුද්ගලික මතයක් අනුව රටත් ජනතාවත් සුදානම් කොට අවසානය...... 2023.03.06 දුකා...............

ජෙපි තරුණ අසහනය

අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...