Saturday, July 23, 2022
අරගලයෙන් උපන් වියමනක සන්නාලියෝ.......
රෝසා :- බලපන් බං .....අපේ ලේ වලින් පන ගහල අපු හමුදාවේ උන් අපිටම කෙලිනවා බං.අර බලපන් ජාත්‍යන්තර මාද්‍ය සෙට් එකටත් ගහල.... උබල අහගෙනද ඉන්නේ....
සේනා :- අනේ හුකේ ....අපේ අම්මල ගමේ පන්සලේ බෝධි පුජා පවා තිබ්බ බං ඒ කලේ...අපේම කුලකේ උන් නේද කියල හිතල.රෙද්ද.....මන් දැක්ක ගහන හැටි 12 නිවූස් වල ඒ විදිහ නම් තුච්චයි බං....උන් අරගල කරේ අපි වෙනුවෙන් අන්න එක තේරෙන්නේ නෑ මුන්ට.....හිතන්නේ තුවක්කුවක් ගත්තහම උන් තමා ලොක්කෝ කියල.
රෝසා :- ලොක්කන්ගේ දන්කුඩ කන උන් බං ඔය.....දේශපාලකයෝ බේර ගන්න හදනවා. ඒ දුකා උබට මොකෝ බං වෙලා තියෙන්නේ...උබට දුක නැද්ද බං අපි වෙනුවෙන් අරුන් ගුටි කන එකට .....යකෝ උන් අපිට රටක් ඕනේ නිසා බං අර ගුටි කන්නේ....ඇස් ඇරලා බලපන්කො....
බෝඩිමේ උන් කියන විදිහට මම අද වෙන තුරු ඇස වසාගෙන සිටියේ නැති බව මා දනිමි.එසේම මේ සියලු ප්‍රශ්න දෙසම මා බලනා කෝණය වෙනස් බව උන්ට වඩා ඔබ දන්නා බව මා දනිමි.සමාජයෙන් කොන් වේ යැයි බයේ මා මුහුණු පොතේද ඉන්නා බව ඇත්තය.නමුත් මා මුහුණු පොත් වාසින් මෙන් අරගලයට ඍජු ලෙස දායකත්වය දක්වා නැත.අදද මා අරගල කලයුතු යැයි සිතන්නේ තම තම මනෝභාවය තුල බව මා විශ්වාස කරමි. පුද්ගලිකව මා මා සමග අරගල කොට පසුව මා සොයා ගත දෙය ලියා තබමි.මා අනුගාමිකයන් නිමවන්නෙකු නොවේ.තම තම නැන පමණින් තමා තුල අරගල කොට සමාජයේ තවත් අයෙකුට එය ප්‍රේරණය කර හැකි නම් ඒ අරගලය ලෙසා මා දකිමි.වෙනත් රටවල් වෙනස් වුයේ තම අතුලන්තයෙන්ම අරගල කොට තමාට හැකි දේ සමාජයට කොට පමණක් බව මා දනිමි.සාමුහික අරගලයක ශක්තිමත් බව රැදෙන්නේ අතුලන්තයෙන්ම අරගල කෙරු මිනිසුන් නිසා බව මා දනිමි.එසේම අරගලයකට හැගීම් පමනක් නොව දැනීම් සේම මොලයක් තිබිය යුතු යැයි මා විශ්වාස කරමි.එසේම ඉවසීම සේම ඉල්ලක්ක ගත සැලසුමක් අරගලයට තිබිය යුතු යැයි මා විශ්වාස කරමි.
ලංකාවේ අරගලය මුහුණු පොතේ අරගලයක් වී සබුද්දික සාමාජිකයන්ගේ සහ බුද්දීමතුන්ගේ එකමුතුවකින් කිසිදු පක්ෂයක් හෝ පාටක් නැති නිර්පාක්ෂික අරගලයක් ලෙස උද්දීපනය වී අවද පසුව ඒ සුවන්ජතවාදය කෙලෙසීමක් පෙනෙන බව නොරහසක් බව සිතමි.අවිහිංසාවෙන් දයාබරිත හදවත් තුල වෛරයේ විස පැල කලේද දේශපාලන පක්ෂ මිස වෙන කෙනෙකු නොවන බව දිනක ඔබට වැටහෙනු ඇත.පෙරැට්ටෝ හෝ ජෙප්පෝ අතීතයේ සියල්ලන්ටම සහෝදරයෝ ලෙස පෙන්වා දෙමින් ධනවාදී කදවුරු කඩා බිද දැමීමේ සරදියල් ගෙමක මුල් හිමිකරුවන් බව මෙහිදී නොකියාම බැරිය.ඔවුන්ගේ මානසික තත්වය තුල මා සමාජයේ ඔවුන් හා එකට සිටින විට දැක්කේ තමාට ලගා විය නොහැකි තත්වයන් තුල සිටිනා සියල්ලන්ටම ඔවුන් හිත ඇතුලෙන් වෛර කරා විනා වෙන දෙයක් නොවේ.ලංකාවේ සමාජ වාදය නැවත ඔසවන්නට කොතරම් උත්සහ කලද ඒ සමාජවාදී මතවාදය බිමේ පැල කිරීමට නොහැකි බව මා සේම ජෙප්පෝ මෙන්ම පෙරට්ටෝද දන්නා බව මා දනිමි.
සැමදා ඔවුන්ට අවැසි වුයේ කොරහේ කිබුලන් ඇතිබව සමාජ ගත කිරීමට බව මා දනිමි.එසේ නොමැති නම් ඔවුන්ගේ දේශපලනය එතැනින්ම ජනතාවන්ට අමතක වී යනු ඇති බව මා දනිමි.කිසිදු ගැටළුවක් නොමැති සමාජයක් නිමවුනොත් ජෙප්පෝ සේම පෙරට්ටෝ වැනසී ගොස් රතු දත්ත පොතෙනුත් වියකි යනු ඇත. ජෙප්පන්ට සහ පෙරට්ටන්ට ජිවත් වන්නට සමාජ විකුර්තියක් අවශ්‍යය.කුණු මස තුල නලියන ඉහද පනුවන් මෙන් ජෙප්පෝ මෙන්ම පෙරට්ටෝද ඒ කුණු වූ මස තුල ජිවත් වෙති.කුණු මස් නොමැති තැන ජෙප්පෝ සහ පෙරට්ටෝ වියකි යනු ඇත.මේ සරල තර්කය තේරුම් නොගත හොත් අරගලයේ සුජාත භාවය වියකි යනු ඇත.
සුජාත අරගලය නමැති කුඩාරමට ජෙප්පෝ සහ පෙරට්ටෝ යන ඔටුවන්ගේ පැමිණීම අරගලයේ සුජාත භාවය දියකර හරිනා බව පැහැදිලිය.සිටින්නේ තරුණයෝය ලේ රත් වූ දරුවන්ය.මිලේනියම් නලාගිරිලාය.මේ මොහොත වන විට ඒ මිලේනියම් නලාගිරිලාට ජෙප්පෝ සහ පෙරට්ටෝ රා පොවනා බව පැහැදිලිය.අරගලයේ පෙර තිබු හිස මේ දේශපාලනය කුරුවල් කරනා බව පැහැදිලිය.ලංකික සමාජ පීඩනය මත බිහි වූ අරගලය දේශපාලන ගණිකාවන්ගේ අරගලයක් වී ඇති බව පෙනෙන්නේ ඒ නිසා බව මා කියන්නේ ඒ නිසාය.
රටේ ආර්ථික තත්වය අඩියට වැටි ඇති බව කියනා මහා බැංකුව දේශපාලන ස්ථාවරයක් නොමැති රටකට ජාත්‍යන්තර ආධර නොදෙන බව පුල පුලා කීවද ඒ ස්ථාවරත්වය ඇති කිරීමට ඉඩ නොදෙන වර්තමාන අරගල කරුවන්ට සංයමයක් හෝ ඉවසීමක් නොමැති බව පෙනෙන්නට තිබේ.මේ තත්වයට වඩා තවත් රටේ ආර්ථිකය කඩා වැටුනොත් දුප්පත්ම මිනිසාගේ ඉරණම බාල්කයක හෝ කනේරු අලයකින් විසදෙනු ඇත.අරමුණකට යාමේදී අරගල කරුවන්ට සංයමයක් නැත.වසර තිහක යුද්දය කල අට පාස් සොල්දාදුවාට අවි දරා සිටියද සංයමයක් සහ විනයක් තිබු බව කිව යුතුය.සරසවියට ගිය පමණින් සකල කළා වල්ලභලා වෙන්නෙයැයි සිතනා පොරවල් සිටිනා අරගලයේ සමහර බුවාලා සකල කලා කෙසේ වෙතත් වල්ලභයෝ බව නම් කිව යුතුය .
රටේ හමුදාව පෙන්වා අරගලයේ මුල අරගලය මාකට් කල අරගල කරුවන් කාපු බතේ පහරන අමනයන් ලෙස සමාජ මාද්‍ය හරහා රණවිරුවන්ටම ගරහන අපුරුව දකින විට පෙනෙන්නේ අක්මුල් සිද ගත් දෙල් කොල ගොඩේ දුවනා මීහරක් ලෙස බව කීමට මා මාලි නොවෙමි.අරගල කරුවන්ගේ “අරගලේ go home” යැයි කියනා දින වැඩි අතක නොවන බව කිව යුතුය.
සෑමැ දෙයක්ම අරගලයෙන් විසදිය නොහැක සංමුතියද අරගල කරුවන් රැකියා යුතුය.එසේම අරගල කරුවන් ඔතරම් මහත්මා නම් රටේ පොදු නීතියට මෙන්ම වීවස්ථවටද ගරු කල යුතුය.ත්‍රිවිද හනුදවෝ නිතිය හා සාමය මෙන්ම මහජන මුදලින් නඩත්තු කරනා වත්කම්ද රකින බව සපත කර දියුරුම් දී ඇති අට පාස් උන්ය.කොටින්ට රටේ එක බිම් අගලක් නොදී දියුරුම රැකි උන්ය.අරගල කොට මහා දෙයක් ලෙස කුණු අතුගෑමෙන් හොද හිත දිනා ගැනීමට වඩා අරගල කරුවන් තම පපු කුහර වල අරගලය ඇති කර ගත යුතුය.චීනයේ රතු හමුදාව සේ අරගල කරුවා අරගල බිමේ ද ගමේ ද තම නිවසේද ප්‍රතිපත්ති රැකියා යුතු උන් විය යුතුය.ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ප්‍රතිපත්ති අරගල කරුවෙකුගෙන් සමාජයට ඇති වැඩක් නොමැති බව කිව යුතුය.
සමාජ සරදර්ම පිළිබද කතා කරන්නවුන් මවු කෑවාදැයි නොසොයන්නේ නම් ,රාජකාරිය නිසි ලෙස නොකොට වගකීම නොකොට ඓතිවාසිකම් වෙනුවෙන් අරගලය කරන්නේ නම් ඒ අරගල කරුවගෙන් ඇති වැඩය කුමක්දැයි කෙනෙකු ප්‍රශ්න කරනු ඇත.වුර්තිය සමිති වියාපාරය කරනා සමහර අරගල කරුවන් තම වගකීම නොකොට ඉල්ලීම් ඉල්ලන්නට අරගල කරයි නම් ඒ රටේ අනාගතය ගැන කතිකාව එතනිම්ම ලොප් වනු ඇත.වගකීම් යුතුකම් කොට ඉල්ලීම් ලබා ගැනීමට සියල්ලන්ටම අයිතියක් ඇත.එහෙත් මුල නොකොට අග පමණක් ලබා ගැනීමට අරගල කිරීම පෞත්ගලික යුද්දයක් මිස සාමුහික අරගලයක් නොවනු ඇත. දැනට පවතින අරගලේ අරගල කරුවන් වන්නේ එක්කෝ එක දිනක් දරුවන්ගේ නෙත් පාදන්නට දායක නොවූ මහල්ලන්ය,කොරහේ කිබුලන් දකිනා රටේ අනාගතය ගැන නොසොයනා නරියන්ය.දේශපාලන බඩගෝස්තරවාදී මි හරකුන්ය,ගෙදරට මෙන්ම වැඩ කරනා තැනට බරක් වූ බරවා කාරයන්ය.
අරගලය සැරසෙන්නේ වගකීම් ඉටුකොට යුතුකම් ඉටුකොට අත්ලේ කර ගැට ඇත්තවුන් මෙන්ම හදවත් වල තෙත් හිත් ඇත්ත්වුන් නිසා බව දිනක ඔබට වැටහෙනු ඇත.එවන් දිනක එවන්නුන් සමග අරගලය රටක් සේම සමාජයක් වෙනස් කරනු ඇත.එවන් අරගලයක් රටේ දිශානතිය වෙනස් කරනු ඇත.එවන් අරගලයක් සදා නොමියෙන සමාජ අරගලයක් වනු ඇත.
එසේම මේ අරගලයට පහර දීම ඔබ සිතනා ලෙස අරගල කරුවන් ගැන තිබෙනා පිළිකුල නිසා දේශපාලකයන්ගේ පළිගැනීමේ චේතනාවේ ප්‍රතිපලයක් නිසා සිදු වුවක් ලෙස මා නොදකිමි.එය දේශපාලන වාසි තකා කල පහර දීමක් ලෙස සිතේ.මේ ප්‍රහාරයේ මාස්ටර් පැලෑන ඔබ නොදකින අනන්තයකට ගෙන යන බව නම් දනිමු. රනිල් නම් වූ ඔහු මේ අරගලයෙන් පැමිණි නායකයෙකු ලෙසත් මේ අරගලය ඔහුගේ ඉදිරි අනාගතය රට වෙනත් මාවතකට ගෙන යනු ඇති බව සිතමි. අරගලය තිබිය යුතු බව පමණක් දනිමි.ඔහුටත් මටත් අරගලය තිබිය යුත්තේ මගේ ගේම මෙන් ඔහුගේ ගේමේ පරිධිය අරගලය වටා බැදී තිබෙනා නිසා පමණක් බව ලියා තබමි. නුවනැත්තො වටහා ගනිත්වා ..............යැයි මගේ පැතුමයි................
දුකා
2022.07.23
Friday, July 22, 2022
වියමනක පැටලුනු මිනිස් කම.......
චන්න :- මචන් ඊයේ ජනාදිපති දිඋරුම් දෙනකොට විදුලිය විසන්දිවෙලාලු live එකට කෙලවුනේ උබලාට අරන්චිද සින් එක බෙල්ටා.
රෝසා:- මතක් කරන්න එපා ජනාදිපති ගැන මේ චමරියේ.යකෝ අපේ වුන් දුක් විදිනවා අරෙහෙ අරගල කර කර යකෝ උන් රට කනවා බන්.
බෙල්ටා :- යකෝ උබල දෙන්න මරා ගන්න එපා බන් සමහර විට ඔය live එකට කෙලවිච්චි එක අරගලේට පට්ට ලවූ මාද්‍ය සෙට් එක කරාද දන්නේ න බං කවූද දන්නේ..... එක අතකට බලපුවහම එකත් ජයක් බං අරගලේ ...නැද්ද මන් අහන්නේ ... අරගලේ ලේ වලටම කිදා බැහැල බං ...අන්න ඒ ගැන හිතල සතුටු වෙයන් උබලා.
සත්‍යා :- ඒ දැන් අප්ඩේට් එක අවේ අන්න අරගලේ උන්ට හමුදාවේ උන් ගහනවලු යකෝ.ජනාදිපති කාර්යාලය ගාව මරා ගන්නවලු.මේ බලපන් fb ලීවේ එකක් ගහනවා අපේ එකෙක්.
රෝසා :- මං හිතුවා එහෙම දෙයක් වෙයි කියල මචන් ලොක්ක තනිකර ලේ පිපාසෙන් හිටපු එකෙක්.තුක් ජරා සත්තු...කෝ පෙන්නපන් ඔය ෆෝන් එක පොඩ්ඩක්.බලපන් රාජ්‍ය ත්‍රස්තවාදය වැඩ පටන් අරන් මචන්....යකෝ මෙච්චර දෙයක් වෙනවා රටේ අර බලපන් දුකා ඔලුවේ ඉදන් පෙරෝගෙන බුදියන් ඉන්න හැටි.මේ උගේ රට නෙවෙද බං...නැගිටපන් දුකා අරගලේ උන්ට ගහනවලු.
ඔන්න ඔහොම රෝසා ක ගහනකොට තමා මට ඇහැරුනේ...අරගලේ ගුටි කෙලි, ජනාදිපති පත්වෙනකොට විදුලිය විසන්දි විම,ඇමති මණ්ඩලය පත් කිරිම.
මට හිතෙනවා මේ ඔක්කොම එකම ගෙමක එකම දම්වැලක පුරුක් කියල.මන් වැරදි ඇති.එත් මේ මට හිතෙන දෙ.මගේ අවකාශේ මන් ලියනවා. මට හිතෙන දෙ කියල හිතල මන් උදේ දෙකට ලැප් එක ඕපන් කරගත්තා.
මට හිතෙන දෙ පැටලුනු නුල් බෝලය මං හිමිට හිත ඇතුලෙන් ලෙහන්න පටන් ගත්තා.
අරගලය දේශපාලුවන්ට මහා විනාශයක් ගෙනාපු එකක් උනා. පාලක පක්ෂයේ ඇමති වරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා.පෙළක් ඇමති වරුන්ගේ ජිවිත අහිමි උනා.කවූද ඒ ඇමති මට නම මතක නැ.....මොකක්ද නම......මතක නෑ.ඔහුගේ නම මතක ඔහුගේ පවූලේ උදවියට විතරක් වෙන්න ඇති.ඔහුගේ නම පාක්ෂිකයන්ට මෙන්ම ඔහුගේ දේශපාලන සගයන්ටද අමතක ඇති. පවූලක් වටා ඇති වූ පිළිකුලෙ ගිනි දැල් ඔහුගේ මරණයට පාර කපන්නට ඇති.පවුල ගැන තිබු පිළිකුල සහ තරහව ඇමති කෙනෙකුගේ දිවියට වඩා මිනිස් දිවියක් ලෙස බැලුවද ජිවත් වීමේ අයිතිය නැති කිරීම අපරාදයකි.අරගලය මිනිස් කම් නැති කරන්නක් ලෙස පෙනුනද වැරදි නැති බව මා හට සිතේ.එහෙත් චමරියේ උන්ට මගේ මතය කිවුවොත් උන් මා මේ මොහොතේ රටට ආදරේ නැති පාප තරයකු කරනවා නොවනුමාන බව මන් දනිමි.
තෙල් පෝලිමේ සිට මිය ගිය සහෝදරයාද මිනිසෙකි.වෙඩි කා මියැදුණු ඇමති ද මිනිසෙකි.අරගලයේ ගුටි කන්නෝද මිනිසුන්ය.සියල්ලන්ටම ජිවත් වීමේ අයිතිය ඇත්තේය. වෙඩි කා මැරුණු අමති නරුමයෙකු වී ඇති සමාජයක තෙල් පෝලිමේ මිය යන්නා ගැන කව් පද ලියන සමාජයක අරගලේ පා පහර කන්නෝ වීරයෝ කියන සමාජයක මම හා උබ ජිවිතේ යදීති.ජිවත් වීමේ අයිතිය සීයල්ලොම හිස් මුදුනින් පිළිගන්නා ජනතාවෝ සිටින රටක මා එන ආත්මයේවත් ඉපදෙන්නට ප්‍රර්ථනා කරමි.
මිනි මැරීම පසසන සමාජයක විටෙක තවත් මරණයක් පසසන ජනතවෝම දුක් වෙන සමාජයක අරගලය ඇතිවිය යුත්තේ තම තම හදවත් තුලම බව මා දනිමි.එහෙව් සමාජයක ඔව්නොවුන් එක්වී ලොවට පෙන්නන්නට දරන අරගලය තුලින් රටේ විලි සිදෙන බව දන්නේ අතලොස්සක් පමණි.
මුහුණු පොතේ අරගල කරුවන්ට පහර දුන් හමුදාවන්ගේ හෙළුව පෙන්නන්න දගලන මහා ජනතවොම එක්තරා සමයක යුද විරුවන් ලෙස මලින් සරසා පුජසනේ හමුදාවෝ තැබුවා මතකය.ඒ හමුදාවොම දැන් වහ කදුරු වූ ලක්මාතාවේ පුතුන් නෙක නෙක කතා මුහුණු පොතේ වපුරත්.......
ඒ වියමන ....දිනක කොදුරමු.....
දුකා
2022.07.22
Thursday, July 21, 2022
ගෙත්තම් කෙරු වියමනක්... මිනිස් කම පැටලෙන ......
පළමු වියමන ..... මනස පැටලෙන ......
පෙළක් දේවල් තේරුම් ගන්න අපි උත්සහ කරන්නේ නැහැ.පෙළක් වෙලාවට උත්සහ ගන්න ඕන කමකුත් නැහැ.එත් අපි අතරේ සිටින අතලොස්සක් දෙනා ඒවා තේරුම් ගන්නවා.කොටියකගෙන් එකෙක් එහෙමත් ඉන්නේ.එත් ඒ ඇත්ත තම හිස තුලම තබා ගන්න ඒ අය පරිස්සම් වෙනවා.ඒ අයට පෙන්නන්න ශාක්ෂි නොමැති කම නිසා ඒ අයට තමන් හිතන දේ දන්න බැ සමාජය ඉදිරියේ තම මතය විහිළුවක් වෙනවා කියලා ඔවූන් දන්නවා.අනික ඔය මනස්ගාත අහන්න කාටද වෙලාව තියෙන්නේ කියල හිතල ඒ මිනිස්සු ඒවා ඔලු ඇතුලෙම මරල දානවා.එකට කියන්නේ තමන්ගේ මතය තමන්ගේ හිස තුලම මරනවා කියල.
පෙළක් මිනිස්සු තමන්ට හිතුනු දේ පසු පස යනවා හරියට ගොදුරක් සොයන දිවියෙක් වගේ.වෙලාවකට ඔවූන් හිස තුල ඉපදිච්චි හැගීම පස්සේ ගිහින් සත්‍ය සොයා ගන්නවා.තමන් දැක්ක සත්‍ය සමාජ ගත කරන්නට යාමෙන් ඒ මිනිස්සුම ගොදුරක් වෙනවා ඕනවට වඩා දේවල් දෑන ගැනීමත් එක්තරා කොටසකට වදයක් වගේම තම ජිවිකාවට තර්ජනයක් කියල අපිට වැඩිය ඉහලින් ඉන්න කෙනා දන්නවා. දැන් ඔබට හිතෙනවා ඇති මන් මේ කියන්නේ දෙවියෝ ගැන කියල.ඔබ ඔහුට දෙවියන් කියන්න මොකද ඔබ ඉදිරියේ ඔවුන් රග පාන්නේ දෙවියන් වගේ තමයි.මනසක් නැති මිනිසුන්ට ඔවුන් දෙවියන් ලෙස පේනවා කියල මන් දන්නවා.ඔබට දෙවියෝ උනාට මට ....... ඔබ කැමති වචනයක් හිස්තැනට දාගන්න.ඉල්ලීමක් කරනවා දැන්ම හිස්තැනට දාන වචනය ගැන හිතන්න එපා. ලිපි පෙළ අවසානයේ ඔබ මෙතැනට වචනයක් දා ගන්න.
නැවත කතාවට එන්නම්.ඔබ දන්නවද ඔබටත් නොදනී ඔබ හසුරුවන අය මේ ලෝකේ ඉන්නවා අපි වගේම අපේම ලග.පිෂචයන්තත් වඩා භයානක.ඔවුන්ගේ වැරදි වහ ගන්න ඔවුන්ට මිල මුදල් තියනවා.වෙලාවකට ඔවුන් ඔබව මිලට ගන්නවා ඔබතත් නොදෑනි.සාදාරන අය වෙනුවෙන් සිටින නිතිය ඔවුන්ගේ බලය ඉදිරියේ නැවෙනවා.ඒ වගේම ඔවුන් රකින්නත් නීතියේ දෙවගන සැදී පැහැදී ඉන්නවා සාදාරන ය වෙනුවෙන් නැගී සිටිය යුතු නිතිය ඔවුන් ඉදිරියේ නිරුවත් වෙනවා අපි නීතියේ පිහිට යදින අය වුවාට නිතිය ඔවුන් ඉදිරියේ පිහිට පතනවා.එක තමා මේ ලෝකේ විදිය.
ඔබ නොහිතා ගත්ත තීරණ නිසා ඔවුන් බිහිවෙනවා සේම ඔවුන් ඔබගේ සියලු සම්පත් මෙන්ම අනාගතයත් ඔවුන්ගේ දෙපතුල අසලට ගන්නවා.මේ සත්‍ය ඔබට වැටහෙන විට ඔබ බිය වේවි.ඔබේ අදරනියන් ගැන බිය වේවි.ඔබේ අනාගතය ගැන ඔබ බිය වේවි.නමුත් මතක තිය ගනිල්ලා එකෙකු මේ සත්‍ය මතින් නැගිට්ටෝත් ඔවුන්ව විනාශ කරන්නත් ඔවුන් පසුබට නොවන විත්තිය.මොකද උන් ඔබටත් මටත් වඩා බලවත්.ඒ බලය දුන්නේ අපිම බව ඇත්ත වුවාට ඔබ දැන් පරක්කු වැඩි.දහස් ගණනක් නගිට්ටත් ඔවුන් අපට වඩා බලවත්.අන්න එක මතක තියා ගනිල්ලා.
සමාජවාදය
ප්රජාතන්ත්ර වාදය
මාක්ස් වාදය
ලිබරල් වාදය
පැසිස්ට් වාදය
කියන ලේබල් ගහ ගත්තු පක්ෂ පාට ඔබ සහ මම කුලියට අරගෙන ඉවරයි ඔබ ගහපු කතිරේම ඔබව වහලෙක් කොට ඉවරයි. උබව බෙදපු උබව මිරිකපු උබව හප කරපු ක්‍රමය උබම හදා ගත්තු දෙයක් විනා වෙන අයෙක් කරපු දෙයක් නොවෙන බව ලිපියෙන් ලිපිය කියෝනකොට ඔබට තේරේවි. දන හෝ නොදැන ඔබ ඇදගත්තු හැටි කපල මහලම ඔබට තේරේවි.
දිනයක් වෙලාවක් කියන්න මම දන්නේ නැ.කොටසින් කොටස කිනම් හෝ වෙලාවක මම අඩවියේ පල කරාවී.එතෙක් ඉවසන්න වේවි.නමුත් මේ ඔබේ කතාව වේවි.නැවතත් ඔබ දුක් වේවි.ලජ්ජාවට පත් වේවි.නමුත් මේ ඔබේ කතාව වේවි.
අවසාන එක් දෙයක් මතක් කරන්නම් සියල්ලෝම දිනක එකා මෙන් සිතා ඔබගේ චන්දය වලංගු චාන්දයක් කළහොත් ඔබ දිනවී.ඔවුන් පරදීවි...ඔබ එදිනට නිදහස් වේවි.එතෙක් ඔබ ......තවත් එකෙකුගේ වහලෙකුම වේවි.
ඔබ නොදුටු ඔවුන්ගේ ලෝකය මෝඩ කම් මතින් ලෙයින් පිරුණු පොලොව මතීන් මිනි විසිරුණු වලවල් මතින් සුරලොවක් ලෙස ඔබ දකිනා මිරිගුවේ නාස් පුඩු හකුලවාගෙන ඇවිදින්න ඇහැකි නම් ගෙනියන්නම් මා දකින ඇත්තේ ගැබුරට.
ඊලග වියමනෙන් හමුවෙමු........
දුකා
2022/07/22
Wednesday, July 13, 2022
ගත පමණි ........ හිස නොමැති
පැවති අරගලයට ඉලක්කයක් තිබුනේ අරගලයේ මුලික අවධියේ බව පෙනෙන්නට තිබේ.ලංකේය සියල් ජනතාවගේ හදවත් වලට කතා කරමින් අරගලය පැවති අදුරදර්ශී පාලනයට විරුද්ධව සාමුහික හඩ ඉදිරිපත් කරනු ලැබිය.පසුව ඒ තත්වය දේශපාලනික මුහුණුවරක් දක්වා වර්ධනය වීම පෙනෙන්නට ලැබුණි.ආගමික නායකයන්ගෙන් පටන් ගත් මේ දේශපාලන අරගලය පසුව සෞන්දර්ය රජයන හදවතට කතිකා කරන අරගලයක් විය.මහින්ද මහතාගේ බලය අත් හැරීමේ කටයුත්තේදී කුපිත වූ පාක්ෂිකයන්ගේ හැසිරීම නිසා ආදරයේ අරගලයේ නිරමික ජනතාවන්ට ප්‍රහාරයක් එල්ල වීමත් සමග අරගලයේ දිශානතිය වෙනස් වූ බව නිරීක්ෂණය විය.
ඒ ප්‍රහාරයෙන් පසුව අරගලයට දේශපාලන බලයක් ආරූඩ වීමක් දක්නට ලැබෙන බව පෙනේ. අන්තරය ,සහ පෙරටුගමින් ද 43 සේනාංකයද තවත් දේශපාලන අදුරු බලවේගත් මේ අරගලය තම දේශපාලන අතකොළුවක් බවට පත් කර ගැනීමට අරගල කරුවන් සමග එක්වීම කපිපෙනෙන බව පෙනෙන්නට තිබේ.මේ සදහා නීති සහය නීති සංගම් ලබා දීම දක්නට ලැබිණි.
රට යන අත හරි මගට ගැන්මට උර දෙන්නාවූ අරගලය දැන් ගමන් කරනා දිශානතිය අවෙගකාරී කුපිත ජන පෙරලියක් ලෙස තරුණ තරුණියන්ගේ ලේ කකියවන අරගලයක් ලෙස දැන් දැන් පෙනෙන්නට තිබේ.රාජ්‍ය දේපල තමන් සතු කර ගනිමින් ඒ සම්පත් විනාශ කරමින් ජන ජීවිතය කඩා ඉහරවන්නට තරම් මේ ජන බලය යැයි කියා ගන්නා අරගලය නොපෙනේන බලවේගයක උවමනාවට නැටවෙන රූකඩයක් දැයි ප්‍රශ්නයක් මතු කිරීමට තරම් සැඩ වී ඇති අයුරක් දක්නට ලැබේ.පවත්නා ආණ්ඩුක්‍රම විවස්තාව පවා නොතකමින් මේ අරගලය හිස නොමැති අරගලයක් වී හමාරය.එක්කෝ රට තවත් අගාදයකට ගෙන යාමට මේ අරගලයට හැකිවනු ඇත,නැතිනම් මේ අරගලය ඔස්සේ රට සශ්‍රික වනු ඇත.නමුත් මේ අරගලය නොපෙනෙන බලවේගයක අතකොළුවක් වී ඇතිද යන්න සැකයක් සැමැ හදවත් තුලම තිබෙනා බවට පෙනෙන්නට තිබේ.
වෙනත් රටක ඕනා එපා කම් නිසා රට අස්ථාවර කිරීමක් මේ අරගලය පසු පස ඇත් නම් හෝ දේශපාලන බල අධිකාරියකට අරගලය නතු වී තිබේ නම් අරගලයේ සුජාත භාවය සම්බන්ද ඍජු ගැටළුවක් මේ ඔස්සේ පෙනෙන්නට තිබේ.ගොටාභය රටේ ජනාධිපති ලෙස 69 ලක්ෂයකගේ ජනවරමින් තෝරා පත් කරගෙන ඇත එසේම තුනෙන් දෙකක බලයක් තම ආණ්ඩුවට ලබා දී ඇත.ඔහුට තම ජනතාව වෙනුවෙන් කිරීමට රාජකාරියක් ඇත.එය ඔහු ඉටුකිරීමට ඔහු බැදී තිබෙන බව දනිමු.ප්‍රශ්නයක් පැමිණියත් ඒ ප්රශ්නය වෙනුවෙන් ඔහු ගත යුතු කුමක්ද යන්න මුලින්ම ඔහු වැටහ ගත යුතුය .එම නිසා ඔහු ඒ ප්‍රශ්න වලට උත්තර ලබා දිය යුතුය.එයින් ඔහුට ගැලවී යා නොහැකිය.එසේම අරගල කරුවන්ද නම්ය ශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කල යුතුය.සමාජ මාද්‍ය හරහා සියල්ලට උත්තර සෙවිය හැකි යැයි සිතෙන සමාජයක් නිමවීම මේ ප්‍රශ්නයට මුලික අඩිතාලම දැම්මද යන්න සැකයට තුඩු දෙන්නක් වූවද නම්ය ශීලි ප්රතිපත්තියක පිහිටා කටයුතු කිරීම නුවනට හුරු හොදම විසදුම බව පෙනේ.
සමාජ මාද්‍ය නිසා විනාශ වූ රටවල් අපි අතීතයේ දැක ඇත්තෙමු.අරගලය නිසා විනාශ වූ රටවල්ද අප දැක ඇත්තෙමු.ලංකාව එසේ වූ රටක් ලෙස හංවඩු ගැසීම නොවෙන තැනට අරගලය ගෙන යාම අරගල කරනා ජනතාව සතු බව තරයේ කියන්නට මෙය අවස්ථාවක් ද කර ගනිමි.බොර දියේ මාළු බාන දේශපාලකයෝ තම පුද්ගලික ලාභ තකා අරගලය භාවිතයට ගන්නා බවද අරගල කරුවන්ට කිව යුතුය.අරගලයේ සුජාත භාවය රැකීමට අරගල කරුවන්ද කටයුතු කර යුතුය.නැතිනම් අරගලයේ මුක්ය පරමාර්ථය අරගල කරුවන්ගෙන් ගිලිහි යනු ඇත.
වැටුණු රට නගා සිටුවන්නට අරගල කරුවන් හදවතින්ම ප්‍රර්ථනා කරන්නේ නම් එයට ජාතිය එක් හඩින් එක්වනු ඇත.නැවත වට්ටන්නට අරගලය මෙහෙයවනවා නම් එය අරගලය නම් නාමයටත් කැළලක් බව මෙහිදී කියන්නට මැලි නොවන්නේමු.
පැසිස්ට් වාදය වසර ගණනාවකට පෙර ලොවෙන් අතුගා දැමු දේශපාලන මතවාදයක් ලෙසද අරගල කරුවන්ට ඒත්තු ගැන්විය යුතුය.රාජ්‍ය මාද්‍ය තුලට පැමිණ මෙතැන් පසු අරගලයේ පුවත් පමණක් විකාශය කරන ලෙස මොර ගාද්දී සමබල පුවත් විකාශය සම්බන්දව අරගල කරුවන්ගේ පෙර පැවති මතවාදී ආකල්පය අරගලයෙන් ඇත්වී පැසිස්ට් වුවාද යන්න පිලිබදව ගැටළුවක් පවතී.පළමු ලෝක යුද්දයෙන් පසු ඇතිවූ ආර්ථික බංකොලොත් බවය සමග ඇති වූ අවස්ථාවාදී දේශපාලන ප්‍රවාහයක් වූ පැසිස්ට් වාදය අරගලය තුලද වර්ධනය වීම පෙනෙන්නට තිබෙන බව අරගලය දෙස නෙත් යොමා සිටීමෙන් පෙනෙන්නට තිබේ.
එසේම රනිල් නම් වූ දේශපාලක ජීවියා මේ පවතින තත්වය හමුවේ ගන්නා තීන්දු තීරණ අරගලය දෙකඩ කිරීමටත් පවතින තත්වය සමනය කිරීමට ගන්නා ක්‍රියා කලාපය ගැනත් උඩු ගම් බලා යමකට අර අදින්නේද යන්නත් රටවාසීහු බලා හිදිනු ඇත.පරිනත දේශපාලන දැනුම පවතින ගැටළු වලට විසදුමක් ලෙස ගෙනෙනා පිළිතුර සම්බන්දව රනිල් ගන්නා ක්‍රියාකලාප ලංකා දේශපාලන පරිචය ගෙන යන්නේ කොතනටද යන්න සෙවිල්ලෙන් සිටිය යුතු කාරනාවක් මෙන්ම දේශපාලනය විෂය කරගත් අයවලුන්ටද තම දේශපාලන දැනුම වර්ධනය කරගන්නට අවස්ථාවක් වනු නොඅනුමානය.....
දුකා.....
2022/07/13
නව වෙනිදා ලියමි...........
මේ වන විටත් අරගල කරුවන් ලංකාවේ හැඩය වෙනස් කරමින් පවතින බව පෙනෙන්නට තිබේ. තුනෙන් දෙක ලබා ගත් ආණ්ඩුව තම පුටු දෙයතින්ම බදාගෙන යන්නට බැරි බව කියමින් කෑමොර දෙමින් සිටිනු පෙනේ.අරගලය රටේ සියලු ජනතාවගේ එකම පැතුම නම් දේශපාලකයන් තම පුටු වලින් සියලු ජනතාවට කන් දෙමින් බැස යා යුතු බව ප්රජාතන්ත්රවාදී පාලකයන් සිටි නම් තීරණය කල යුතුය.නමුත් මෙසේ වීමෙන් සිදුවන ගැටළු කිහිපයක් ඇති විය හැකි බවත් එය රටක් ලෙස නැවතත් පසු පසට ඇදීමේ හැකියාවක් ඇති බවත් සියල්ලෝම තේරුම් ගත යුතුය.පක්ෂ තම අරමුණු වෙනුවෙන් අරගල කරුවන් සමග අත්වැල් බද ගෙන ඇත්තේ තම දේශපාලන අනාගතය වර්ණවත් කර ගන්නට වන්නට ඇත. මේ සියලුම පක්ෂ රටට හෝ සිහලුන්ට සෙනෙහයක් දක්වන බව පෙනෙන්නට තිබුනද ඇත්තෙන්ම ඒ පක්ෂ ක්‍රියා කරන්නේ ජනතාවගේ සුභ සිද්ධිය සදහාදැයි සොයා බැලිය යුතුය. අතීතය ඒ සදහා පිළිතුරු සොයා දෙනු ඇත.
අරගලයේ මුලට යමු.......
රාජපක්ෂ රෙජීමයේ සහ එවකට පවතී ආණ්ඩුවේ වැරදි මුල්‍ය ප්‍රති පතති නිසාත් ලංකාවේ ස්ව්රි භාවය කෙලෙසීමට ගත් තීරණත් නොයෙක් නොයෙක් පාලන කණ්ඩායම් ගත තීරණ නිසාත් ජනතාව විසින්ම ගෝටා ගෝ ගම බිහි කර ගෙන සාමකාමී අරගල භූමියක් නිර්මාණය කළේය.කපුටෝ හෝ මයිනෝ ලෙස කෑ ගසමින් අරගල කල අරගල කරුවෝ සත්‍ය ලෙසම නිවැරදි දිශාවකට රට ගෙන යාමේ වැඩ පිලිවලකට උර දෙමින් ක්‍රියා කරනු ලැබිය.බුද්ධිමත් ජනතාවෝ චින්තකයෝ දර්ශනිකයෝ මේ පසු පස රට වෙනුවෙන් තම දැනුම බෙදා දීමට මෙන්ම සාමකාමිව ආදරේ අරගලය ක්‍රියාත්මක කරනු ලැබිය. අරගල භුමිය යම් කිසි ජාත්‍යන්තර ප්‍රමිතියකින් නිර්මාණය කිරීමට ඔවූන්ට හැකි විය.ජාත්‍යන්තරය පවා අරගලයේ ගුණාත්මක පරිපාලනය මෙන්ම ගුණාත්මක භාවය පිලිබදව කතා කළේය.ජාත්‍යන්තර මාද්‍ය පවා ලංකාවේ අරගලයේ ගුණාත්මක භාවය ගැන කතා කළේය.
නමුත් ආණ්ඩු පක්ෂයේම යම් යම් ක්‍රියා කලාප නිසා මේ සාමකාමී ආදරයේ අරගලය වෙනත් මාවතකට ඇදගෙන යන්නට මුල පිරු බව පෙනෙන්නට තිබුණි.පාලක පක්ෂයේ පක්ෂ සාමාජිකයන් අරගල භූමියට කඩා වැදී ප්රජාතන්ත්ර වැඩි ආණ්ඩුවක් කල යුතු විරුද්ද මත දරන්නන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපතිය වෙනස් කරමින් මර්දනකාරී මාරි මෝඩ තීරණය ක්‍රියාත්මක කරමින් ආදරයේ අරගලය දියාරු කිරීමේ ප්‍රති පත්හියක් ක්‍රියාත්මක කරනු ලැබිය.
මහින්ද රාජපක්ෂ වසර ගණනාවක දේශපාලන පරිචයක් හිමි පාලකයෙකු වුවද මේ කරණයේ දී රාජපක්ෂ ක්‍රියා කලේ පුහුදුන් දේශපාලකයෙකුගේ ක්‍රියා කලාපයක් ලෙස නොවේ යැයි බොහෝ දේශපාලන චින්තකයන් ප්‍රකශ කලද මහින්දලා ක්‍රියා කලේ යම් යටි අරමුණක් ක්‍රියාවට නැංවීම සදහා බව පෙනේ. ගෝටා ගෝ ගම ලංකාවේ දුක් විදින ජනතාවගේ කැකෑරෙන දුක ප්‍රකාශ කරන මද්යස්ථානයක් ලෙස නිර්මාණය කිරීමට ඉහත බුද්දිමත් සන්විධායකයන් ක්‍රියාත්මක කලද ඒ තත්වය එවකට රාජපක්ෂ පාලනය තේරුම් ගත්තේ තම පවූලට සිදු වූ බලපෑමක් ලෙසය.එසේ වැරදියට වටහා ගත් රාජපක්ෂ වරුන් තම පෞත්ගලික මතය පෙර දැරි කරගෙන ගොල්පෙස් අරගල කරුවන්ට දැඩි ප්‍රහාරයක් එල්ල විය. එසේ වීම තවත් පක්ෂ රැසක් තම මතය ජනතාව සමග බව පෙන්වීමට කටයුතු කරනුද දක්නට ලැබිණි.
බොර දියේ මලු බෑම සදහා හඩක් නොමැත ජනතාවට හඩක් වීමට නිමැවූනු මාද්‍ය ආයතනද ගිනිදලු සදහා පිදුරු මාද්‍ය කරණයක නියැලුණු බව පෙනෙන්නට තිබිණි. මේ තත්වය ජනතාව කුපිත කරන අරගලයක් ලෙස නිමවීමට විවිද පක්ෂ ගණනාවක් ජනතාවගේ රත් වූ ලේ කුපිත කිරීමේ කාර්යක නිරත විය.ඒ ටත්වය මදය ඔස්සේද ප්‍රචාරය විය.
සබුද්දික බුද්දිමත් ජනතාව තරුම් නොගත් ගැටලුව වනුයේ මේ ගැටලුව දේශපාලන ප්‍රශ්නයකට වඩා තම තම මනස තුලීන් විසදාගත යුතු ගැටළුවක් බවයි.ලංකාවේ දේශපාලන ගැටලුව අද ඊයේ ඇතිවූ ගැටළුවක් නොවන බව තරුම් ගත යුතුය.අප එදා සිට අද දක්වා සිදු කලේ පක්ෂ පාට පුද්ගල චරිත සදහා අපගේ චන්දය ලබා දීමයි. එසේ වූ නිසා අද ලංකාව මෙසේ විනාශ වන්නේ ජනතාවගේ මතවාදී වෙනසක් නොමැති නිසා බව පෙනේ.විය යුත්තේ ප්‍රතිපත්හි මත පිහිටා කටයුතු කරනා පාලකයන් බිහි කිරීමය.
අද තත්වය.................
තරුණ පිරිස් මේ වන විටත් ගම නියම ගම සිසාරා අග නගරයට පැමිණෙමින් සිටින බව පෙනේ.ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වී ඇත්තේ ජනාදිපති මන්දිරය ඇත පත් කර ගැනීම බව පෙනේ.එසේ මන්දිරයක් ඇත පත් කර ගත පසු රටට ඩොලර් එනවා නම් ලිපිය ලියනා මාද ඒ සදහා දායක වෙන්නේ හදපිරි සතුටින් බව කිව යුතුය .නමුත් මන්දිරයේ ඇති ඩොලරයක් නැති බව මා දනිමි.ජනාදිපති මන්දිරය අරගල කරුවන් අතට පත් වූ පසු පාලනය වෙනස් වන්නේ නැත.ඒ සදහා කුමක් කල යුත්තේද යන්න පක්ෂ නායකයන්ට පවා නිසි චිත්‍රයක් නොමැති බව පෙනේ.රට අරාජිකය.ඒ සදහා අඩු වැඩි වශයෙන් අරගල කරුවන් සේම පක්ෂද වගවිව යුතු බව අනාගතයේ දවසක ජනතාව කියනු ඇති බවනම් දනිමු.
රටක් ලෙස එකට නැගිට වැඩ නොකරොත් රට මුදා ගත නොහැකි වනු ඇත.ඒ නිසා වීරයන් සේ ජනාදිපති මන්දිරය අල්ලා ගත අරගල කරුවන් හෙට සිට එක කෙස වැඩ නොකරොත් ලංකා ධරනිතලය මිය යනු ඇත.මානසික චුන් රට තුල කොතෙක් තිබුනද චින්තනයක් නොමැති නම් රටක් අකර්මන්‍ය වනු ඇත.
රටේ ගිනි අවූලුවන්නට නොයෙක් නොයෙක් සංවිධාන මාද්‍ය ආයතන පවා තම පෞත්ගලික ලාභය උදෙසා කට යුතු කරන බව පෙනේ.ජනතාව මොලයෙන් සිතා ක්‍රියා කල යුතු වන්නේ මේ තත්ව නිසා බව කිව යුතුය.සාමුහික ලෙස මෙන්ම තම තමන්ම තම මොලයෙන් සිතා කටයුතු කරනා කාලය මෙතැන් සිට අරභන යුගයක් අරම්ඹ නොවුනොත් රටේ අභාග්‍ය අරගලය මුවාවෙන්ම සිදු වනු ඇත.
(ලංකාව පෙරට ආ යුත්තේ සාමුහික අරගලයක චින්තන වෙනසකින් බව මා අදද සිතන්නෙමු) ඒ චින්තන වෙනස කරන්නට දුර්වල පාලකයන් ඉවත්විය යුතුය.ජනතාව ප්‍රතිපත්ති වෙනුවෙන් තම චන්දය ලබා දිය යුතුය.පක්ෂ පාට හෝ පුද්ගල ප්‍රතිරූපයට තම චන්දය ප්‍රකාශ නොකරන චින්තන අරගලයක් වන්නේ නම් ඒ අරගලය රටේ අනාගතය මලින් සරසනු ඇත)
ඉතිහාසයේ උඩරට ගිවිසුමෙන් පසු ලංකාවේ ඇති වූ දුර්දාන්ත සාමයේ කුන්කුනාවේ හාමුදුරුවන් කියූ කවියක් මතක් වන්නේ අනාගතේ දවසක නැවතත් මෙවන් යුගයක් ඇති වන බව මා හට සිතෙනා නිසාය.එසේ නොමැති අබ්බගාත අනාගතයක් නොමැති රටක් ඇති නොවේ වා යන්න ලියුම් කරුගේ පැතුමයි.
අනේ කුබින්නේ .....
තොපටත් රජෙක් ඉන්නේ ...
අපට නෑ ඉන්නේ....
ඒ නිසාමයි අපි තැවෙන්නේ .......
දුකා.......................................
Subscribe to:
Comments (Atom)
ජෙපි තරුණ අසහනය
අද වන විට ලංකාවේ මෙන්ම බොහෝ රටවල තරුණ කොටස් අතර ඉතාමත් වේගයෙන් ඇවිලී යන මානසික ස්වභාවයක් ලෙස තරුණ අසහනය දක්වන්නට පුළුවන්.මේ තත්වය ඇති වන්න...
-
මුදල් පාලනේ ....... සතියක් පට්ට විදිහට වැඩ කරල කරල රුපියල් සත හොයල හොයල කට දෙපැත්තෙන් සෙම හොටු පෙරනකං කෑ ගහල..දාඩිය ඉහෙන් කනෙන් පෙරනකං ...
-
අතිත සැමරුම් සහ අනාගතය...... කාවන්තිස්ස යුගය ඔබ කියවා ඇතැයි සිතමි.ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුන යුගයක් ලෙස පසුව දුටුගැමුණු යුගය පටන් ගැනෙන...
-
පලවන කොටස සීහල දීප..... " සී හල දීප " කියන නම ගැන කතා කරලම වැඩේ පටන් ගන්න හිතුව.ඇත්තටම සීහලදීප කියන්නෙ "සිලෝන්"...










